ඔබ බටහිර හොලිවුඩ් සිනමා රසිකයෙක් නම්
God Father සිනමා ත්‍රිත්වය බලා ඇති. අඩුම තරමින් මෙම ත්‍රිත්වයේ ජනප්‍රියතම සිනමා නිර්මාණය වන
1972 දි තිරගත වූ God Father පළමු කොටස ඔබෙන් මඟහැරෙන්නට හැකියාවක් නැහැ. මක් නිසාදයත් හොලිවුඩ් සිනමාවේ දැවැන්තම ප්‍රතිරූපයක් තිබෙන නළුවෙකු වූ
Marlon Brando ගේ අද්විතීය රංගනයෙන් ඔප් නැංවුන එම චිත්‍රපටය Marlon Brando ගේ සිනමාලෝලීන් අතර අතිශයින්ම ජනප්‍රියතම වූ නිර්මාණයයි.
වර්තමාන බටහිර සිනමාවේ ඔස්කාර් සම්මානලාභී නළු නිළියන් රැසකගේ මුලාරම්භය සනිටුහන් කළ එම නිර්මාණය අනෙකුත් God Father සිනමා ද්විත්වය අභිබවා රසික සහ විචාරක යන දෙපාර්ශවයේම ඉමහත් ප්‍රසාදයට ලක්වූ නිසාම God Father ගැන කියවෙද්දී මම මෙහි මාතෘකාවෙන්ම මුලින් පැවසූ විශේෂන පද කිහිපය
(“The Greatest Movie of all time” ) නිරායාසයෙන්ම යෙදුනා. කෙසේ වෙතත් අද මම God Father චිත්‍රපටියේ කතාව ගැන ඔබ වෙත අදහස් ඉදිරිපත් කරන්න අපේක්‍ෂා කරන්නේ නැහැ. මොකද මේ වන විටත් මෙම සිනමා කෘතිය රසවිද ඇති. එනිසා එය තවදුරටත් එවැන්නක් කතා කිරීම තේරුමක් නැතිනිසා.
හැබැයි 1972 දී God Father I, 1974 දී God Father II සහ 1990 දී තිරගතවූ God Father III යන චිත්‍රපටි ත්‍රිත්වයයේ තිරයෙන් පිටුපස සිදුවූ සිදුවීම් ගැනනම් බහුතරයක් දෙනාට දකින්නට ලැබී නැහැ කියල මම හිතනවා. මොකද මේවා මීට දශකකට හෝ කිහිපයක් වඩා පෙර සිදුකරන ලද සිනමා නිර්මාණයන්වීම සහ මෙරට සිනමාලොලීන්ට දැක බලා ගැනීමට ලැබෙන DVD වුනත් original ඒවා නොවන නිසා සමස්ත චිත්‍රපටිය හැරෙන්නට අතිරේඛ කාරණා කිසිවක් ඒ තුල අන්තර්ගත කර නොමැතිවීම හේතුවෙන් (original DVD එකක නම් බොහෝවිට චිත්‍රපටියට අතිරේඛව බොහෝවිට ඒ නිර්මාණ සිදුකල ආකාරය, නළු නිළියන්ගේ විත්ති, චිත්‍රපටියට අදාල රසමුසු තැන් ආදියද තිබෙන බව ඔබ දන්නවත් ඇති).
මේ අඩුව පුරවමින් 2008 දී
TASCHEN සඟරාව විසින්
The Godfather Family Album නමින් God Father සිනමා ත්‍රිත්වයයේ නිශ්චල ඡායාරූපශිල්පියා ලෙස කටයුතු කල
Steve Schapiro ගේ කැමරා කාචයේ සටහන් වූ විවිද අවස්ථා රාශියක් සහ ඒ හා සබැදුන විස්තර අඩංගු
Coffee Table Book එකක් (විදේශීය රටවල සුපිරි අවන්හල් වල, ඒවායේ මේස මත තබා ඇති ඡායාරූප හෝ සිතුවම් රැගත් ඝනකම් කවරයකින් යුතු Album එකකි) TASCHEN සඟරාව වෙනුවෙන්
Paul Duncan විසින් සකස් කර තිබෙනවා.
(Paul Duncan යනු TASCHEN සඟරාව වෙනුවෙන් විවිද චිත්‍රපටි, විවිද අවස්ථා හෝ සම්මානණිය පුද්ගලයන් පිළිබදව මෙවැනි ඡායාරූප Album හෝ කෘතීන් සකස් කරන ලද අයෙකි).
An Album You Can’t Refuse
The Godfather Family Album, Edited by Paul Duncan
මෙලෙස තමයි මෙම Album එක ගැන TASCHEN සඟරාව හදුන්වා දී තිබුනේ. මෙහි පිටු 444 ක් තිබෙන අතර එයින් පිටු 400 ක්ම වසා ගෙන තිබෙන්නේ Steve Schapiro විසින් සේයාරුවට නංවා ගත් වර්ණ සහ කළුසුදු පින්තූර වලින්. මේවා බෙහෝමයක් මෙම සිනමා නිර්මාණ ත්‍රිත්වයට සම්බන්ධවූවන් හැරෙන්නට අනෙක් අය නොදැකපු බවක් තමයි කියවී තිබෙන්නේ එසේම මෙම ඡායාරූප මුල් සේයා පටලයෙන්ම ගත් බවත් සදහන් වී තිබූ අතරම මුලින් මෙම Album දෙවර්ගයක සීමිත පිටපත් සංඛ්‍යාවක් තමයි ඒ ගැන රුචිකත්වයක් තිබෙන අයට ගන්න ලැබිල තියෙන්නේ.
ඒ Leather bound Hardcover in a clamshell box කියන වර්ගයේ පිටපත් 200 ක් සහ එහි මිල ලෙස දක්වා තිබුනේ US $ 1800 ක් ලෙසටයි. දෙවන වර්ගය වූ Quarter bound Hardcover with Leather spines and moiré clothe in a clamshell box කියන වර්ගයේ පිටපත් 1000 ක් සහ එහි මිල ලෙස දක්වා තිබුනේ US $ 700 ක් ලෙසටයි. මෙම දෙවර්ගයේම Album ඡායාරූපශීල්පී Steve Schapiro ගේ අත්සන වෙන වෙනම, ඔහු විසින් යොදා තිබෙන බවද පැවසෙනවා. කෙසේ වෙතත් මේවායේ අධික මිල සහ සීමිත පිටපත් සංඛ්යාුව වැනි හේතු නිසා බොහෝදෙනෙකුට මේවා ලබා ගැනීම තබා දැක ගැනීමටවත් නොහැකිවීමේ දුෂ්කරතාවය වටහා ගත් TASCHEN සඟරාව US $ 69.99 ක් වූ තෙවන වර්ගයේ Album ක්ද ලබා දීමට කටයුතු කර තිබෙනවා.
ඇත්තෙන්ම දැනටමත් අපි පින්තූර බලන්නේ නැතුව කතා කලා වැඩියි වගේ. ඒක නිසා පින්තූර බලන ගමන්ම කතා කරමු.
Never-before-seen photos of Coppola’s masterpiece
ඔස්කාර් සම්මානලාභී සිනමා අධ්‍යක්‍ෂකවරයෙකුවන
Francis Ford Coppola ගේ අධ්‍යක්‍ෂනය මෙම සිනමා ත්‍රිත්වයටම ලැබුනා. මේ පෙර කී The Godfather Family Album එකේ තිබෙන ආකාරයෙන්ම ලබා ගත් පින්තූර කිහිපයක්
Godfather සිනමා නිර්මාණ බිහිවන්නේ Mario Puzo ගේ නවකතාවක් ආශ‍්‍රයෙන් ඔහුම තමයි Godfather තිර රචනය ලියන්නෙත්. හැබැයි කෙසේ වෙතත් සමහර විචාරනයන් ගේ මතය වන්නේ Godfather කියල ලියවිලා තියෙන්නේ Shakespeare ගේ King Lear කතාවම නූතන කාලයට ගැලපෙන ලෙස කියලයි (it was filmed as a modern version of Shakespeare's King Lear - http://www.filmsite.org/godf.html ).
ඒවගේම Steve Schapiro ප්‍රකාශ කරන ආකාරයට Godfather හොද චිත්‍රපටියක් වෙයිද? නරක චිත්‍රපටියක් වෙයිද? කියන එක කවුරුවත් දැනගෙන ඉදලා නැහැ. ඒ වන විට හතලිස් වැනි වියේ අග භාගය ගත කරමින් සිටිය Marlon Brando ඒ වන විටත් ඔස්කාර් සම්මානලාභියෙක්. ඒ 1954දී තිර ගතවුනු On the Water Front චිත්‍රපටියේ හොදම නළුවා වෙනුවෙන්. ඒවගේම හොලිවුඩ් සිනමා කර්මාන්තය තුලත් ඉන් පිටතත්, ඔහුට තිබුනේ අසාමාන්‍ය ගෞරවයක්.
මීට අමතරව තව පින්තූර සහ ඒහා සබැදුන කතා බොහෝමයක් සිනමා ලෝකයේ පුරාවෘතයක් බදුවූ මෙම සිනමා කාව්‍යතුල ගැබ්වී තිබෙනවා. ඒවා අපි Episode II හිදී බලමු...