Wednesday, September 7, 2016

How To SEE And Fix Electrical Shorts

වසරක් පමණ බ්ලොග් ලිවීමෙන් විරාමයක් නොදැනුවත්වම ගැනීමෙන් අනතුරුව මේ ටික වෙලාවකට කලින් දකින්නට ලැබුන සිත් ඇදගත් ඉලෙක්ට්‍රොනික මෙවලමක් පිළිබදව ඔබවද දැනුවත් කිරීමට සිතුවා. මෙය ඇත්තෙන්ම අවශ්‍යවෙන්නේ වාහන විදුලි කාර්මිකයන්ටයි. මෙයින් අපගේ පියවි ඇසින් දකින්න නොහැකි විදුලි දෝශ පිළිබදව දැක ගැනීමේ අවස්ථව ලබාදී තිබෙනවා. මෙන්නට එයට අදාල වීඩියෝව.




(කිසියම් වූ තාක්‍ෂනික ගැටළුවක් හේතුවෙන් බ්ලොග් ලිපිය තුලදී වීඩියෝව ක්‍රියාත්මක නොවන නිසා මෙම Link එක භාවිතයෙන් වීඩියෝව නරඹන ලෙස ඉල්ලමි).

20 comments:

  1. welcome back. we missed your great blog posts for one year. please do continue writing.

    ReplyDelete
  2. දිගටම ලියන්න ඉස්සර වගේම වටිනා ලිපි.
    අපි කියවන්න මග බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොයුර. හේතුවක් ඇතුවත් නැතුව නැතුවනත් නැතුව බ්ලොග් ලිවීම නතර වෙලා තිබුනේ. කොහොම නමුත් හැකි අයුරින් නැවතත් පෙර පරිදි ලිපි ලිවීමට ප්‍රයත්න දරනවා.

      Delete
  3. දැකීම අප්‍රමාණ සතුටක් දිනේෂ්.. දිගටම ‍රැදෙන්න පුළුවන්නම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෘදය.. හසිතට පැවසූ පරිදිම මේ කාර්යය තුලින් වසරකට මදක් වැඩි කාලයක් ඉවත්ව සිටීම සිදුව තිබුනා. අඩුම තරමින්කෙ බ්ලොග් අඩවියට මා ලිවිසුනේවත් නැහැ. ගියසතියේ දිනයක නිකමට හිතුනා මම දන්නා තරමින් මම වෙහෙසට පත්ව මේ දක්වා ගොඩනැගූ බ්ලොග් අඩවියට මොකක් වෙලා තිබෙනවාදැයි බැලීමට. එසේ පැමිණිවිට හිතුනා ඉක්මනින්ම නැවත මෙය ඇරඹුවොත් හොදයි කියා. කෙසේවෙතත් දින කාල වකවානුවක් එයට සලකුණුවුනේ නම් හැහැ. ඒත් පසුගිය කාලවකවානුවේ බොහෝ කරුණු මෘධිත හා විඩියෝ මගින් දැනුවත් වූ වාහන කාර්මික ශිල්පයට සම්බන්ධ කාරණයක් සම්බන්ධයෙන් ඉතා කෙටි ප්‍රවේශයක් සටහන් කිරීමට පෙර කී කරුණද සඵල කරගනිමින් ඉටු කිරීමට හැකිවුනා. ඉදිරියේදිත් ඉඩ ප්‍රස්ථා ලැබනෙ අයුරින් විවිද සන්ධර්භයන් ඔස්සේ ඔබ හමුවට පැමිණීමට බලාපොරොත්තුවෙනවා....

      Delete
  4. දිනේෂ්, මා හිතුවා ඔබ බ්ලොග් ලිවීම අතහැරියද කියලා. ඔබ දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගනිමින් ලිපි පෙළක් ලියනු ඇතැයි මා විශාල බලාපොරොත්තුවක් තබාගෙන හිටියා. දැන් නැවතත් බලාපොරොත්තු දල්වාගන්නම්.

    බොහොම හොඳයි නැවත ලියන්නට පටන් ගැනීම. වීඩියෝව මමනම් ඔබේ ලිපිය තුලින්ම කිසිදු අපහසුවක් නැතුව නැරඹුවා. බොහොම අගෙයි. මේ උපකරණය නුදුරේදීම ලංකාවට එයි කියා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහත්මයාණනි. ඇත්තෙන්ම බ්ලොග් ලිවීම අත හැරියේ නැහැ, අතහැරුනා කියුවොත් නිවැරදියි. අනිවාර්යයෙන්ම මතු දිනයක දෙවන ලෝක යුද්ධය පිළිබදව ලිපි පෙලක් ලියනවා. ඒ එක්කම කියන්න ඕන අවුස්විට්ස් කඳවුර පිළිබදවත් ලිපයක් එයට එකතු කරනවා. මේ පිළිබදව ලිපියක් ලියන්න කියා ආරම්භයේ සිටම මා සමග සිටි උදාර මිතුරාත් කිහිපවිටක්ම ඉල්ලා සිටියත් එය ඉටුකිරීමට හැකිවුනේ නැහැ. බලමු ඉදිරි දිනයක වඩාත් සුදුසු ආකාරයෙන් එය ලියාතබන්නට.

      මා හිතන්නේ මා අන්තර්ජාලයට පිවිසෙන ස්ථානයේ සකස් කර ඇති යම් සීමාවන් නිසා වීඩියෝව මටත් මෙහි සිට නරඹන්නට නොහැකි වෙන්නට ඇති. මේ උපකරණය බොහෝවිට මරදාන ශ්‍රී සංඝරාජ මාවතේ ඇති මෙවලම් අලෙවි කරන ස්ථාන වල දැනටමත් තිබෙනු ඇති. හැකියාවක් ඇතොත් සහ අවශ්‍ය වෙතැයි හැඟෙනවානම් සොයා බලන්න. විශේෂයෙන් එහි ඇති ප්‍රමුඛතම ආයතනයක් වන A.C.PAULS හි මෙය තිබෙනවා වන්නට පුළුවන්. නැත්නම් අන්තර්ජාලයෙන් වුවත් ඇනවුම් කර ගත හැකැවේවි....

      Delete