Monday, September 30, 2013

හිට්ලර්ගේ ඉරුණ කලිසම, ටයිටනික් නැවේ අවසාන පින්තූරය සමග තවත් පරණ පින්තූර...

මේ පෙර ලිපියේ පළ කළා වගේම තවත් පරණ පින්තූර කිහිපයක් ඒවාට සම්බන්ධ දේවල් කතාකරන ගමන් ලිපිය ආරම්භ කරන්නම්.

මේ පින්තූරයේ සිටිනා කෙනා ඔබ බටහිර සංගීත ලෝලියෙක් නම් අනිවාර්යයෙන්ම දැන සිටින්න ඕන.

මේ තමයි එල්විස් ප්‍රෙස්ලි. රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු ලෙස පවා විරුදාවලි ලත් මොහුගේ ජීවත කාලය වසර 42කට කෙටිවූවත් ඔහු විසින් අත්පත් කරගත් ප්‍රසිද්ධිය නම් අදටත් වලංගුයි. 1935 ජනවාරි 8 වනදා උපත ලද ප්‍රෙස්ලි මිය ගියේ 1977 අගෝස්තු 16 වනදා. ඒ කියන්නේ ප්‍රෙස්ලි මිය ගිහිල්ලත් දැන් වසර 36 ක්ම ඉක්ම ගිහින්. මෙසේ අඩුවයසින් නම් මියගියේ ඔහුගේම නොසැලකිලිමත් ජීවන රටාව නිසා බවතමයි කියන්න තිබෙන්නේ.

1954 දී සිය සංගීත දිවිය ඇරඹූ මොහු 1956 දී සිනමාවටත් දායක වනවා. මේ පින්තූරයේ සිටින පරිදි හමුදා සේවය සදහා වසර දෙකක් නැඹුරුවන්නේ සිය සංගීත දිවියේ ප්‍රසිද්ධියටත් පත්ව සිටියදී. 1958 සිට 1960 දක්වා ජර්මනියේ හමුදා සේවයේ නිරත වන අතරතුරේදී තමයි පසුව සිය බිරිද කරගන්නා Priscilla Beaulieu නම් තරුණිය හමුවන්නේත් (මේ සේයාරුවත් එකල ගන්නා ලද්දක්). එවකට ඇය කෙතරම් ලාබලද කියනවා වයස 14 ක්. 1959 දී පෙමෙන් බැදෙන මොවුන් දෙදෙනා එයින් වසර 7 ක් ඉක්ම ගිය තැන එනම් 1966 දී විවාහ වූ බවත් පැවසෙනවා. මෙම ව්වාහයෙන් ලැබෙන දියණිය ලීසා මාරි ප්‍රෙස්ලි තමයි පසුකලෙක පොප් සංගීතයේ රජු ලෙස විරුදාවලිය ලත් මයිකල් ජැක්සන් සමග විවාහ වන්නේ. කෙසේවෙතත් ප්‍රෙස්ලිගේ සහ ප්‍රිසිලාගේ විවාහයේ ආයුකාලයත් වසර 6 කට සීමා කරමින් 1972 දී ඔවුන් දෙදෙනාගේ වෙන්වීමත් සිදුවෙනවා.

කොහොමවුනත් ප්‍රෙස්ලිගේ ජීවිතය කෙටිකරන්නට හේතුවන්නේ විවිද මත්ද්‍රව්‍ය/ඖෂධ වලට ඔහුත් ඇබ්බැහිවී සිටීම නිසා බව පැවසෙනවා. මේ නිසා විවිදාකාරයේ අබාධවලට ලක්වූ ඔහු 1977 අගෝස්තු 16 වනදා නානකාමරයේ ප්‍රාණය නිරුද්ධව සිටියදී සොයා ගත් බව පැවසෙනවා. එසේම විශාල ජනසහභාගීත්වයෙන් ඔහුගේ අවසන් කටයුතුද සිදුවූ බව පවැසෙන අතර ඔහුගේ මරණය විශ්වාස නොකළ ඔහුගේ රසිකරසිකාවියන් රාශයක්ම එකල සිටිබවත් පැවසිය යුතුය. තවද ඔහුගේ සිරුරු වැලලූ පවසුවද එය සොරකම් කිරීමටද කිහිපවිටක්ම උත්සහ ගත් බවත් වාර්තාවනවා.

මෙම ලෝක ප්‍රකට ගායකයා විසින් ලෝකයේ සංගීතවේදීන්ට/ගායකයන්ට සම්මාන පිරීනමන ඉහලම සම්මාන උළෙග වන ග්‍රැමී සම්මාන 14 ක් සදහා නිර්දේශ වූ අතර එයින් තුනක් සිය ජීවිත කාලය ඇතුලත ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර වයස 36 දීම එම සම්මාන වලට අමතරව the Grammy Lifetime Achievement Award නම් සම්මානදයද තමන් සතු කරගැනීමට සමත් වූ බව පැවසිය යුතුයි.

පසුවදන : “ඉක්මනට පිපෙන මල් ඉක්මනට පරවේ“ යනුවෙන් කියමනක්ද තිබේ.
 මේ පින්තූරය 1860 වසරට අයත් එකක්. එදා වායු බැළුනයකින් බොස්ටන් නගරය දුටු ආකාරය තමයි මේ.
 මේ ගල් පර්වත ගැන නම් ඔබ දැන සිටින්න ඕන. මොකද කලෙකට ඉස්සර සත් සමුදරේදී මේ තැන ගැන කිව්වා. මේ තමයි රෂොමාර් කන්දේ ජනපතිවරුන්ගේ පිළිරූ නෙලීමට පෙර දිස්වූ ආකාරය.

මෙන්න ඒ ලිපිය - http://sathsamudura.blogspot.com/2011/03/blog-post_13.html

ඇපලෝ 16 කියන්නේ නාසා ආයතනය මගින් 10 වන වතාවට සිදුකළ සඳ ගමනයි. 1972 දී තමයි මේ සංචාරය සිදුවුනේ. එහිදී තමයි ප්‍රථම වරට සඳේ උස්බිම් වෙතත් ගමන් සිදුවුනේ. කඑම සංචාරයට සහභාගී වූ ගගණගාමී චාර්ල්ස් ඩියුක් තම පවුලේ ඡායාරූපයකුත් සද මතුපිට තබා එන්නට අමතක කළේ නැහැ.
නැවක පින්තූරයක් පෙන්නුවොත් ඉතින් ඕනම කෙනෙකුගේ මතකයට මුලින්ම එන්නේ ටයිටනික් නැව ගැන මතකයනේ. මේ ටයිටයනික් නැව තම පළමු සහ අවසාන චාරිකාව ආරම්භ කිරීමට පෙර අවස්ථවේ ගත් සේයාරුවකි.
ටයිටනික් නැව හා සම්බන්ධ තවත් දේවල් මේ ලිපි වලත් කලකට ඉස්සර සටහන් කළා.
http://sathsamudura.blogspot.com/2011/10/blog-post.html
http://sathsamudura.blogspot.com/2012/11/blog-post_13.html

මේ තියෙන්නේ දඩයක්කරුවා ගොදුර බවට පත්වූ අවස්ථාවක්. පැහැදිලිවම කියනවා නම් දෙවන ලෝක යුද්ධය අවසානයේ තමන් දහදුක්විදි සිරකඳවුර මිත්‍ර හමුදා විසින් මුදවා ගත් පසු එතෙක් තමන්ව තලාපෙලා දැමූ එහි රැකවලෙකුට තුවක්කුවක් මානාගෙන සිටිනා සිරකරුවෙක්.
දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ ලිපි ගණනාවක් සත් සමුදුරේ සටහන් කළා. ඔබට විවේකයක් තිබෙන අවස්ථාවක මීට වසර කිහිපයකට පෙර ලිපි පරීක්‍ෂා කළොත් එවැනි ලිපි ගණනාවක් දැක ගැනීමට හැකිවේවි. එසේම තවමත් මේ තේමාව යටතේ සම්පූර්ණ නොකළ ලිපි පෙලකුත් තිබෙන නිසා එයද ලඟදීම සම්පූර්ණ කිරීමට නැවත එම ලිපි පෙළ ඉදිරියට ලියාගෙන යන්නත් අදහස් කරගෙනත් සිටිනවා.

මේ පින්තූයේ සිටිනවා ලෝකයේ එක් පාර්ශවයකගේ වෛරයටත්. තවත් අන්තගාමී පාර්ශවයක් ඉමහත් ගෞරවාදයටත් ලක්වූ පුද්ගලයෙක්. පින්තූරය ගෙන තිබෙන්නේ 1971 දී ස්වීඩනයේදී. හැකිනම් ඔබම කියන්න ඔහු කවුරුද? පින්තූරයේ කොතනද ඔහු සිට්න්නේ කියා.
කුඩා ළමයින් දෙදෙනාට කතා කියාදෙමින් සිටින්නෙ එසේ මෙසේ සීයා කෙනෙකු නොවේ. ඔහු 19 වන සියවසේදී රුසියාවේ උපත ලබා ලෝකපූජිත ග්‍රන්ථයන් වන යුද්ධය හා සාමය, ඇනා කැරනිනා ලියූ ලියෝ ටොල්ස්ටොයි නම් මහා ගත් කතුවරයාය. ඔහු පිළිබදව මෙවැනි කුඩා ඉඩකින් පමණක් ලිවීම නොසෑහෙන නිසා පසු කළෙක ඔහු ගැන ලියන්නට තබමි.

1939 සිට 1958 දක්වා කතෝලිකයන්ගේ නායකයා වන Pope Pio XII තුමන් සහ ජර්මානු නායක/නාසි නායක හිට්ලර් මුණගැසී කතා බහ කළ අවස්ථාවකි.
මේ පින්තූරයේ සිටින දෙදෙනා මේ පින්තූරය ගත් දිනම ඝාතනයට ලක්විය. ඔවුන්ගේ මරණය කලක් තිස්සේ කැකෑරෙමින් තිබූ ලෝක අර්බුදයන් රැසක් පුපුරා යෑමට හේතුවූවා පමණක් නොව මනුෂ්‍ය ඉතිහාසයේ පළමු අති දැවැන්ත මිනිස් හා දේපළ හානියට හේතුවූවා පමණක් නොව වසර සිය ගණනක් ලෝකය හොල්ලා ගෙන සිටි බලවතුන් භූමිකාවෙන් ඉවත්ව යාමටත්. සමහර බලවතුන්ගේ බලය හීනවීමටත් සමහර බලවතුන් තම බලය තවදුරටත් තහවුරු කරගැනීමට හා එතෙක් නොතිබූ බලවත් කමක් ලබා ගැනීමට මඟ පෑදීය. එසේම සමහර රටවල් ලෝක සිතියමෙන් මැකීයාමටත් අළුත් රටවල් බිහිවීමට හා තවත් සමහර රටවලට නව භූමිසීමා ලැබීමට හා අහිමිවීමටත් හේතුවිය. එසේ විපර්යාස රැසක් ඇති කරලීමට හේතුවූයේ පළමු ලෝක යුද්ධයයි. එසේත් නැතහොත් එතෙක් ලෝකයේ එවැනි මහා පරිමාණයේ යුද වැදීමක්, විනාශයක් නොතිබූ නිසා තවත් වසර විස්සක් පමණ “ගෞරවාදරයට“ ලක්වූ The Great War හෙවත් මහා යුද්ධයයි. එවැනි යුද්ධයකට වෙඩිබෙහෙත් නූලේ ගිණ් පුලිඟුව දැවටූ අවස්ථාව මෙම දෙදෙනාගේ ඝාතනයයි. ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි ආදිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනැන්ඩ් කුමරු සහ එම ආර්යාව මෙම අශ්ව කරත්තයේ සිටින දෙදෙනායි. මෙම යුද්ධය පිළිබදවද මෙසේ කුඩාවට කතාබහ කිරීමට වඩ පසුව සවිස්තරාත්මකව කතා බහ කිරීම නොදන්නා කරුණු රැසක් දැන ගැනීමට මඟ පාදන නිසා දැනට එම කතාබහ නවතමි.
මේ පින්තූයේ සිටින කෙනා අපේ කාලයේ, විශේෂයෙන් අපේ පාසල් කාලයේ නම් ගොඩක් දෙනෙකුට මතක හිටිනා වගේම අමාරුවෙන් උච්චාරණය කළ නමක්. ඔහු තමයි ආර්නෝල්ඩ් ස්වාසනේගර් (අපි මේ නම් කියා ගන්න අමුරුවුනාම ආනෝල්ඩ් සුබසිංහ කියලත් කියා තිබෙනවා) මේ ඔහු ඇමරිකානු පුරවැසිභාවය ලබා ගත් දින ගන්නා ලද සේයාරුවක්.ඔහු උපත ලැබුවේ ඔස්ට්‍රියාවේ. එසේම යුදෙව් සම්භව්‍යක්ද තිබෙන අයෙක් ලෙස සැලකෙන අතර ලෝක අයෝමය පුරුෂයන් අතර එකළ පළමු පෙළේ නමක් දිනා සිටි කෙනෙක්. එසේම ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටි වලදීද ඔහුගේ නම ඉදිරියෙන්ම කියවුනා. 

හැටේ දශකයේ අගභාගයේ ඇමරිකාවට සංක්‍රමණය වූ ඔහු 70 දශකයේදී එහි පුරවැසි භාවයද ලබා ගන්නවා. එපමණක් නොවේ 2003 දී කැලෆෝර්නියා ප්‍රාන්තයේ 38 වන ආණ්ඩුකාරධූරයටද පත්වන ඔහු ඉන්පසු දෙවන වරටද එම පදවිය ලබා 2011 දක්වා එම තනතුර හොබවනු ලබනවා.


කෙනඩි පවුලටත් නෑකම් කියන මාරියා ශ්රීවර් සමග වූ කසාද දිවිය ඇමරිකානු සමාජයට එකළ පූර්වාදර්ශයක්ද වූවා. ඔවුන්ගේ විවාහය 1986 දී සිදුව තිබෙන අතර පැණි වරකා ගහටද හෙණ ගහන්නාක් මෙන් එම වසර 25 ක් පැරණි කසාදය 2011 දී කටුගා දමන්නට සිදුවුනේ ආර්නෝල්ගේ තහනම් ගහේ ගෙඩි කෑමක් නවීන තාක්‍ෂනයේ පිහිටෙන් එළිවූ නිසා බව එකළ ප්‍රචලිත කරුණක්. 

කෙසේවෙතත් කායවර්ධන ක්‍රීඩකයකු, නළුවෙකු, දේශපාලනඥයෙකු සේම ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකු ලෙසද ආර්නෝල්ඩ්ව ලැයිස්තුගත කිරීමට හැකිය.

ඉරිච්ච කලිසමක් පෙන්න පෙන්න මේ හාදයා මොනවා කරනවාදැයි ඔබට සිතේවි.

 කලිසමේ හිමිකරුවා ඇඩොල්ෆ් හිට්ලර්. කලිසම ඉරුනේ දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගයේ එනම් 1944 ජූලි 20 වනදා ඔහුව ඝාතනය කිරීම සදහා නැගෙනහිර යුද පෙරමුනේ ජරමානු කඳවුරක් වන පෝලන්තයේ Wolf's Lair නම් කඳවුරේදී ඔහුගේම හමුදා නිලධාරීන් පිරිසක් විසින් ඇටවූ බෝම්බය පුපුරායම හේතුවෙනුයි. කෙසේවෙත්ත මෙයින් හිට්ලර්ගේ ජීවිතයට නම් හානියක් නොවුනත් එයට සම්බන්ධ වූ හමුදාවේ ජනරාල්වරුන්ගේ පටන් පහළම සෝල්දාදුවා දක්වා දහස් ගණනකගේ ජීවිත නම් අහිමිවුනා. ඒ මෙම බෝම්බය පිපිරීමෙන් නොව හිට්ලර්ගේ මිනීමරු හමුදාවන්ගේ ගොදුරු බවට පත්වීමෙන්.
මේ සිදුවීම අලලා නිපැයුන චිත්‍රපටියක් තමයි Valkyrie නම් චිත්‍රපටිය. ඒ පිළිබදව සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ කරුණු පිළිබදව ලියවුන ගිනිමැද සක්මන පොත ගැන තොරතුරු මෙම ලිපියේ තිබෙනවා.

මෙම පින්තූරයත් ටයිටනික් නැවේ. නැව ගිලෙන්නට පෙර ගත් අවසාන සේයාරුව ලෙස සලකන්නේ නම් මෙයයි.

මේ දැක්වූයේ ටයිටනික් නැවට ඇතුළුවීම සදහා ව අවසර පතක්ය.

මේ පින්තූරය “හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර“ ලිපියේ පළ කළාදැයි මතකම නැහැ. කෝකටත් කියා මෙන්න මම ඒ පින්තූරයත් මෙතනට දැම්වා.
මෙන්න “හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර“ ලිපිය - http://sathsamudura.blogspot.com/2011/09/another-secrets-about-hitler.html

හිට්ලර් මැරනද? නැත්ද? කියලත් සැකයක් ඒකාලේ ලෝකයේ  තිබුන නිසා මේ ලිපියත් බැළුවට වරදක් වෙන එකක් නැහැ.
http://sathsamudura.blogspot.com/2012/02/was-hitler-alive-after-wwii.html

මේ ලණුවලින් ගැටගසා තිබෙන්නේ තුතන්කාමන් රජුගේ සොහොන් ගැබට ඇතුළුමේ දොරටුවයි. එම සොහොන් ගැබට පිවිසීමට පෙර නොකැඩූ මුද්‍රාව මෙයින් දැක්වේ.

පිරමීඩ ගැන ලිපි පෙලක්ම පළ කළානේ. මෙන්න එම ලිපි-
http://sathsamudura.blogspot.com/2011/03/lets-we-talk-about-pyramids.html
http://sathsamudura.blogspot.com/2011/03/all-about-mummies.html
http://sathsamudura.blogspot.com/2011/03/human-libraries.html
http://sathsamudura.blogspot.com/2011/03/howard-carter-discovered-tomb-of.html

34 comments:

  1. දිනේෂ් අර පින්තූරේ කෝකද , මේ පින්තූරේ කෝකද කියලා එක පාරට පැහැදිළි මදි.. ඒ නිසා යම් ඉඩක් තබන්න රූපය සහ ඊට අදාළ විස්තරය සමග ..

    මෙතන තියෙන ලින්ක් සේරම ටික කියවන්න ඕනේ.. විශේෂෙන් අර පිරමීඩ් ගැන පෝස්ට් ටික....

    ReplyDelete
    Replies
    1. ඔව් ටිකක් ව්‍යාකූල බවත් ඇතිවෙනවා තමයි. ඉදිරි ලිපි වලදී එව නිවැරදි කරන්නෙම්. ස්තූතියි!

      Delete
  2. බොහොම ස්තුතියි මේ තොරතුරු වලට. ලෝක ඉතිහාසයේ කෙටි චාරිකාවක් වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! තව පින්තූර රැසක් තිබෙනවා විස්තරත් සමග පළ කිරීමට...

      Delete
  3. මං මේ පැත්තෙ ආවෙ පලමු වතාවටයි. ඇත්තෙන්ම ඉතා වැදගත් ලිපියක්. බොහොම අශාවෙන් කියෙවුවා. පින්තූරත් සමග විස්තරේ රසවත්ව ඉදිරිපත් කර තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබවත් සාදරයෙන් පිළිගන්නවා. තව මේ ලිපි පෙළ අවසන් නැහැ...

      Delete
  4. අඩෝ නියමයි මචන්.... සිරා ... කියල වැඩක් නෑ... දෙයක් ඉගෙන ගත්ත.... ලෙසට ලියල තියෙනව,...

    ReplyDelete
  5. ගොඩක් දේවල් දැනගත්තා ඔබගේ බ්ලොගයෙන්. බොහොම ස්තුතියි ඔබට.

    ReplyDelete
  6. මේ පින්තුර ටික බලනකොට විස්තර වලට අනුව දිනේෂ්ගෙන් තවත් රසවත් ලිපි පෙළක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් තව පින්තූර රැසක් තිබෙනවා...

      Delete
  7. සයිට් එකට එද්දිම හිතුනා ලොකු පෝස්ටුවක් තමයි කියලා...පට්ට විස්තරයක්...ඉතිහාසෙ මෙතන...

    ReplyDelete
  8. මේ පින්තූයේ සිටිනවා ලෝකයේ එක් පාර්ශවයකගේ වෛරයටත්. තවත් අන්තගාමී පාර්ශවයක් ඉමහත් ගෞරවාදයටත් ලක්වූ පුද්ගලයෙක්.

    තව ඉඟියක් ඕන හොයාගන්න.

    ReplyDelete
    Replies
    1. ඒ රහස නම් භාගයකට හෙළි කරලා පල්ලෙහා තිබෙනවා...

      Delete
  9. වෙනදා වගේම සුපිරි පොස්‍ටුවක් දාලා තියෙන්නේ.... ගෝඩාක් ස්තුතියි...

    ReplyDelete
  10. ඔසාමා බින් ලාඩන් නේ ස්වීඩන් පින්තූරේ ඉන්නේ? මට ඒක හුරුයි. ඒත් හරියටම මීටර් වෙන්නේ නෑ. ඒත් සැකේ වාසිය බින් ලාඩන්ටම තමා. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහු තමයි. ඔහු කොතනද ඉන්නේ කියලා හැකිනම් කියන්න...

      Delete
    2. දකුණු අත පැත්තේ ඉදන් දෙවෙනියා. නිල් කලිසමයි කොළ පාට අත් දිග ටීෂර්ට් එක ඇදන් ඉන්නේ. මං හරිද?

      Delete
  11. හැමදාම වගේ දුර්ලභ පින්තූර ටිකක්! ස්තුතියි දිනේෂ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බුද්ධි. නැවත කාලෙකට පසුව ඔබව මෙහිදී හමුවීමත් සතුටක්....

      Delete
  12. මේ පින්තුර හොයාගන්නේ කොහෙන්ද අය්යේ...

    ReplyDelete
    Replies
    1. විද්‍යුත් තැපෑලට ලැබුනු ඒවා.ඊට අමතරව පසුගිය දිනක බ්ලොග් අඩවියට පැමිණෙන මිතුරෙකු තව පින්තූර ඇි තැනක් ගැන කිව්වා. මේ සැම එකක්ම පළ කරනවා...

      Delete
  13. අද නම් ලිපියේ පින්තූර එක්ක සටහන් වල පොඩි අපහැදිළි ගතියක් ආවා කියවද්දී.. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි පින්තූරෙන් පින්තූරෙට අදලා විස්තරේ වෙන්ව තිබුනේ නැති වුන හන්දා.. අමනාප වෙන්න එපා මෙහෙම කිවුවට..

    අර ස්වීඩන් පින්තූරේ ඉන්න කෙනානම් හිතා ගන්න බැරි උනා.. බලමු ඉස්සරහා විස්තරයකදී..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් මමත් ඒ අඩුපාඩුව පිළිගන්නවා. ටිකක් පිළිවෙලට මේ කරුණු සහ පින්තූර පෙල ගැස්සුවා නම් හොදයි තමයි.

      එහෙනම් රහස එළිකරන්නම්. පින්තූරයේ ඉන්නේ බින් ලාඩන්. වයස අවුරුදු 14 දී තමයි අරගෙන තිබෙන්නේ. ඔහු ඉන්නේ කොතනද කියල පුළුවන් නම් තියන්න.

      Delete
  14. ගති ආ ස්තුතියි ඔබට

    ReplyDelete
  15. ගොඩක් දවසකින් මේ පැත්තේ ආවේ ... කවදාවත් නොදැකපු පරණ පින්තුර ටිකකුයි හොඳ ලින්ක් ටිකකුයි.. ස්තුතියි

    ReplyDelete
  16. මේක නම් සුපිරි....

    ReplyDelete
  17. හැමදාම වගේමයි කියන්න දෙයක් නැ.

    ReplyDelete
  18. හැමකෙනාටම ස්තූතියි!

    ReplyDelete
  19. නියමයි ස්තුතියී

    ReplyDelete
  20. 7 වෙනි ෆොටෝ එකේ ඉන්නේ ඔසාමා බින් ලාඩ්න් නේ,කොළ පාට ජෙර්සි එක දාගෙන ඉන්න කෙනාද කොහෙද,එයාලගේ පවුල හැමෝම මුස්ලිම් විදියෙන් බැහැරව හැදුනු අය,බින් ලාඩ්න් ඒ කලේ විට්නි හුස්ටන් ගැනත් ගොඩක් කැමැත්තෙන් හිටියලු,

    ReplyDelete