Monday, December 31, 2012

දෙවන ලෝක යුද්දයෙන් පසුව ජර්මනියේ තත්ත්වය පිළිබදව දැනගත හැකි The Odessa File

Frederick Forsyth ගේ  The Odessa File නම් කෘතියේ

සිංහල පරිවර්ථනය වන අභය හේවාවසම් මහතා විසින් පරිවර්ථනය කරනා ලද හිට්ලර්ගේ SS හමුදාව කෘතිය පිළිබදව මෙම ලිපියෙන් පවසමි.
http://en.wikipedia.org/wiki/The_Odessa_File


සාමාන්‍යයෙන් අප දෙවන ලෝක යුද්දය ගැන කතා කිරීමේදී එයින් ජර්මනිය පැරදුන බව සදහන් කරුණු වලට පමණක් සීමා කළත් මෙම පොතෙන් එයින් පසුව ජර්මනියේ සිටි මිනීමරු නාසි SS හමුදා‍වට අත් වූ තත්ත්වය දැන ගැනීමටත්, තරුණ ඊශ්‍රායල රාජ්‍යයට තිබූ තර්ජන පිළිබදවත් යනාදී කරුණු පිළිබදව දැන ගැනීමට අවස්ථාව සලසා තිබෙන බව කිව යුතුය.


කෙසේවෙතත් සිංහල පරිවර්ථනය සිදුකිරීමේදී ඇතැම් ‍මාතෘකාවට අදාල නොවන කරුණු සංක්‍ෂිප්ත වූවා නම් හොද යයි සිතෙන්නේ. ප්‍රධාන චරිතයේ ඇතැම් පෞද්ගලික කාරණා ගැන කීමට යාමෙන් කතාවේ හරවත් බවට හානියක් ගෙන දුන්නාදැයි යන සැකයද සමගිනි. උදාහරණයක් විදියට ගතහොත් ප්‍රධාන චරිතය වන පීටර් මිලර් නම් නිදහස් පුවත්පත් වාර්තාකරුගේ පෙම්වතියගේ අවයව පිළිබදව, ඔහුගේ මෝටර් රථය පිළිබදව ඇති අනවශ්‍ය වර්ණනා ආදිය මෙවන් මාතෘකාවකට අවශ්‍ය නොවන්නේද යන පැනයද මතුවන නිසාය.

 මීට පෙර පළ කළ මෙම මාතෘකාවට ආසන්න ලිපියකි හිට්ලර් දෙවන ලෝක යුද්දයෙන් පසුවත් ජීවත් වුනාද? Was Hitler Alive after WWII?


Sunday, December 30, 2012

Sex පිළිබදව ‍ගූගල් සෙවීමෙන් ලංකාව එකට..කාන්තාවන්ට සිදුවන අතරව වලට ප්‍රධාන එක් හේතුවක් නම් ඔවුන්ගේ ඇදුම් පැලදුම්

2012 අවුරුද්දත් ඉතිහාසයට එකතුවෙන්න ඔන්න මෙන්න තබා තිබියදී මේ ලිපිය වෙලාවේ හිතුන දෙයක් තමයි මේ අවුරුද්දේ වෙන මොනවා නැතත් බ්ලොග් එකට මෙයට වඩා ලිපි ලියන්න සිතා සිටියත් ඒ ඉලක්කට යන්න බැරි වුනා නේද? කියන එකත්.  කොහොමවුනත් කරන්න බැරි වුන දේවල් වලට වඩා කරන්න පුළුවන් වුන දේ ගැන සතුටු වෙන එක හොදයි කියල හිතලා මේ දවස් වල ටිකක් සංවාදාත්මක වගේම විවාදාත්මක මාතෘතාවක් ගැන යමක් ලියන්න සිතුවා. මේ සතියේ දැන ගත්ත දෙයක් තමයි ලෝකයේ රටවල් අතරින් Google හරහා sex කියලා සෙවීම් කිරීම අතරින් ලංකාව පළමු ස්ථානයට පත්වී තිබීම. ඒ ලැයිස්තුවේ ඊට පහලින් තිබෙන රටවල් ගැන කෙසේ වෙතත් ලංකාවේ නම් මෙම තත්ත්වය ඇතිවීම එතරම් පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද එහෙම කියන්නේ කියලා කිව්වොත් සාමාන්‍යයෙන් අපි කුතුහලයෙන් සොයා බලන්නේ ‍නොදන්නා හරි දුර්ලභ දේවල් ගැන. ඉතින් දැන් ලංකාවේ ලිංගිකත්වයට තිබෙන වැටකඩොළු සහ එය ඉතා විශාල වැරැද්දක් ලෙස පවා නිල ‍නොවන වශයෙන් සලකන කාලයේ ගූගල් හරහා හරි කාටත් නොදැනෙන්න බලන එක අරුමයක් නොවෙයි. 

අනෙක තමයි හැමකාලෙම වගේ ඇහෙන කාන්තා අතවර වල එක් හේතුවක් වෙලා තියෙන ඇදුම් පැලදුම් ප්‍රශ්නේ. මේකේ එක් අතකින් ඇත්තක් හා සාවද්‍ය කාරණයකුත් තියෙනවා. සාවද්‍ය කාරණය කියලා කියන්නේ දැන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ර‍ටවල කාන්තාවන්ගේ ඇදුම් අපේ රටේ අදින ඒවාට වඩා බොහොම වෙනස්නේ. ඒත් ඉතින් ඒ රටවලට මේ වගේ ඇදුම් නිසා අතවර වෙනවාය කියලා ඇසෙනවා අඩුයිනේ. එයට බොහෝවිට හේතුව වෙන්න ඇත්තේ ඒ රටවල අනිසි විදියට ලිංගිකත්වයට තහංචි නොදමා තිබීම වගේම කුඩා කාලයේ සිටම එහේ පිරිමි ළමයින් පිහිනුම් තටාක, මුහුදු වෙරළ ආදියේදී ඕනෑතරම් කාන්තාවන් බිකිනියෙන් සැරසිලි සිටින අවස්ථා දැකලා තියෙන නිසා ඔවුන්ට අපේ රටේදී මෙලෙස අඩුවෙන් ඇදුම් හැද සිටීම හැදින්වෙන විදියට මේ අඩනිරුවත සාමාන්‍ය දෙයක් නිසා කාන්තාවන්ගේ ඇදුම් වලින් කොහෝ හරි නිරාවරණය වෙලා තියෙන තැනක් දැක්කොත් හරි අගපසඟ ටිකක් කැපී පෙනෙන විදියට ඇන්දොත් හරි හැගීම් ඇවිස්සෙන්නේ නැතුව ඇති. ඒත් අපේ රටේ‍ පිරිමි ළමයි අතලොස්සකට හැරෙන්න මේවගේ අවස්ථාවක් උදානොවෙන නිසා උන් ලොකු මහත්වෙලා කසදත් බැන්දට පස්සෙත් කොහේ හරි ගෑ‍නියෙක්ගේ ඇදුමේ මොකක් හරි අවුලක් තිබුනොත් මේ කියන විදයට පිස්සු නටන එක අහන්නත් දෙයක්ද? 

මම කියන්නේ නැහැ දැන් අපේ රටේ ග‍මේ ගොඩේ කොල්ලොන්ටත් මේ වගේ බිකිනි ඇදගෙන ඉන්න ගෑනු පොඩිකාලේ ඉදලම පෙන්නලා අඩනිරුවත සාමාන්‍ය දෙයක් කරල ඔවුන්ගේ හැගීම් සමතුලිත කරන්න කියන එක. මෙතන වෙලා තියෙන්නේ ඕනවට ව‍ඩා මිනිසුන් සුචරිතවාදීන් කරන්න ගිහිල්ලා එයින් ඇතිවෙලා තියෙන ප්‍රතිඵලය කාන්තා අතවර හා බාලාපරාධ වැඩිවීමයි. අනෙක තමයි සම්පූර්ණයෙන්ම ඇඟ වසාගෙන සිටියයා කියා අරාබියේ ලිංගක අපරාධ සිදුනොවන්නේද? ඔව් මුස්ලිම් කාන්තාවන් ඇඟවසා ගෙන සිටිනවා තමයි.ඒත් එයින් තමන් සාමාන්‍යයෙන් ඇද සිටින වස්ත්‍ර ඔවුන්ගේ ආගමේ නියමය පරිදි වසාගෙන සිටියයා කියා මුස්ලිම් පිරිමින් සෑමවිටකම චරිතවත් වී තිබෙනවාද? අරාබිකරයේ ඔවුන්ගේ මුස්ලිම් කතුන් ලිංගික හිංසනයට ලක්වෙන්නේ අඩුවෙන්දැයි නම් නොදනිමි. එහෙත් එහිදී අපගේ ර‍ටවලින් යන කාන්තාවන් බොහෝවිට අසන්නට ලැබෙන පරිදි ලිංගික හිංසනයට ලක්වන්නේ ඔවුන් ඔළුවේ සිටි පහළට කළු රෙදි නොපොරවා සිටින හෙයින්ද?

තවත් කාරණයක් තමයි දකුණු පළාත් සභාවේ මන්ත්‍රීතුමෙක් කියපු ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා කියපු එකට ඇතැම් අය පක්‍ෂව වගේම එතුමා කියපු කාරණය මතුපිටින් බලලා නිර්දය ලෙස තර්කානුකූල නොවන ලෙස එතුමා හෙලා දැකපු ආකාරය ගැනත් යමක් කියන්න ඕන. මෙහෙමයි ගණිකා වෘත්තිය දැන් අපේ ‍රටේ තිබෙන ආකල්ප හා සංස්කෘතිකමය සීමා මායිම් ඔස්සේ නීති ගත කරන එක හිතන තරම් ලේසි නැහැ වගේම එයින් සමහර අහිතකර ප්‍රතඵලත් ගෙන දෙන්න පුළුවන්. ඒත් මෙම වෘත්තියට කොතරම් බාදක දැම්මත් මුලිනුපුටා දමන්නටත් පුළුවන්ද? ඒ නිසා අකමැත්ත හෝ කැමැත්ත මොකක් වුවත් සෞඛයමය වශයෙන් මෙම වෘත්තියේ යෙදෙන එය නිසා ඇතිවිය හැකි අහිතකර විපාක ගැනත් සලකාබලා යම් ක්‍රියාමාර්ගයක් ගැනීම වැදගත් බවත් කියන්නට ඕන යයි සිතමි.

මෙම ලිපිය බොහොම කෙටියෙන් ලියා තැබුවත් යම් සංවාදයක් ඇතවුවහොත් තවත් කරුණු එහදී එක් කිරීමට  බලාපොරොත්තුවෙමි....

Friday, December 21, 2012

ඇමරිකානු ඉංග්‍රීසි - පාඩම් අංක 5

කෙලින්ම පාඩමට............
(to be) crazy about - ‍මොකක් හරි දේකට ගොඩාක්ම කැමතිවුනාම පිස්සුවෙන් වගේ ආසයි කියන්නේ.
  • Amy is so crazy about golf, she'd like to play every day.
  • I'm sure Katie will agree to go out on a date with Sam. She's crazy about him!

cup of tea - යමෙකු හෝ යමක් තමන්ගේ රුචිකත්වයට ගැලපීම සම්බන්ධයෙන් පැවසීමට තමයි මෙලෙස හදුන්වන්නේ. එහෙත් බොහෝවිට මෙය භාවිතා වන්නේ විරුද්ධාර්ථයෙන් එම දේ ගැන පැවසීමටයි  (the type of person or thing that one generally likes - NOTE: This expression is almost always used in the negative. She's not my cup of tea).
  • Hockey isn't Alan's cup of tea. He prefers soccer.
  • I know Joy is nice, but she's simply not my cup of tea.
(to be) down in the dumps - දුකෙන්, පශ්චත්තාපයෙන් පසුවීම ඇඟවීමට යොදාගන්න පුළුවන් (to feel sad; to be depressed)
  • It's not surprising that Lisa is down in the dumps. Paws, the cat she had for 20 years, just died.
  • It's easy to feel down in the dumps when it's raining outside.
(to) drop by - සුළු කාලයක් සදහා යම් ස්ථානය නතරවීමට යොදා ගන්නා අතර බොහෝවිටකලින් දැනුම් දීමකින් තොරව එසේ කරනාවිට යොදා ගන්නකි (to pay a short, often unannounced visit).
  • If we have time before the movie, let's drop by Bill's house.
  • "Hi, I was in the neighborhood so I thought I'd drop by!"
(to) hang around - දීර්ඝ වේලාවක් කල් ගත කරන්නට සිදුවීමට යොදා ගන්නට හැකිය (to spend time idly; to linger)
  • We had to hang around the airport for an extra six hours because our flight was delayed.
  • Nina's boyfriend Boris is coming over soon. She hopes her parents aren't planning on hanging around the house. 
(to) hang out - මොනවත්ම විශේෂ ‍දෙයක් නොකර කාලය කා දැමීම දැක්වීමට යොදා ගන්න පුළුවන් (to spend time (often doing nothing)
  • Ted spent all of last summer hanging out by his friend's pool.
  • Kathy and her friends like to hang out at the mall
(to) have a blast [slang] - මේක සාමන්‍යයෙන් වැදගත් ලෙස කරන කථා බහට යොදා නොගැනෙන බව පැවසෙන අතර යමෙකු දැඩි ලෙස විනෝදවීම දැක්වීම පිණිස යොදා ගන්නවා (to enjoy oneself very much)
  • Last summer, Nicole had a blast backpacking through Europe with some friends.
  • Heather spent her spring break in Fort Lauderdale with millions of other college students. She had a blast!
(to) have a good time - යමෙකු හෝ පිරිසක් ලැබුවාවූ  විනෝදයක් පිළිදව තමයි මෙයිනුත් කියවෙන්නේ (to enjoy oneself)
  • Marcy and Jose had a good time salsa dancing at Babalu, a nightclub in Manhattan.
  • Nora and Jake had a good time on their honeymoon in Maui.
take it easy - ඔළුවට වද ‍ගොඩකින් හිරිහැර සිදුවෙද්දී එයින් සැහැල්ලුවීමට කියන්නේ මෙසේය.
(relax; don't worry)
  • You lost your keys? Take it easy, I'm sure you'll find them.
  • Stop yelling and take it easy. I'm sure there's a good explanation for why Joe borrowed your car without asking first. 
(to) take something the wrong way - ඔන්න මෙහෙම කියුවයි කියල වැරිදි විදියට හිතන්න එපා/තරහ වෙන්න එපා කියන දේට යොදා ගන්න පුළුවන් මෙයට Don't කියන කොටසත් එකතු කරගත්තහම. නැත්නම් වැරදියට හිතුවා/ වැරදියට තේරුම් ගත්තා කියන එකට අර්ථය දෙයි.
  • Don't take this the wrong way, but I liked your hair better before you got it cut.
  • Jessica is offended. I guess she took it the wrong way when I told her she should exercise more.
there's no accounting for taste - මට නම් තේරෙන්නේ නැහැ එයාගේ රුචිඅරුචිකම් මොනවද කියලා වගේ දෙයක් කියන්න යොදා ගන්න හැකියි (it's impossible to explain individual likes and dislikes)
  • Ted likes to put sugar on his spaghetti. I guess there's no accounting for taste.
  • Tiffany has a tattoo of a squirrel on her leg. There's no accounting for taste.
under one's breath - කෙනෙක් සමහර වෙලාවට මුමුනන්නේ තමන්ගේ නුරුස්නාබව හෝ වෙනකෙනෙකුට නොදැනිය යුතු දෙයක් කියන්න (quietly; in a whisper)
  • "Amber is strange," muttered Nicole under her breath, as Ted was leaving the room.
  • Mike agreed to take out the garbage, saying under his breath, "I always do the dirty work around here." 
(to be) up in the air - තාම නිශ්චිතවම තීරණය කර නොමැති දේට (not yet determined; uncertain)
  • It might rain later, so our plans for the picnic are up in the air.
  • Our trip to Russia is up in the air. We aren't sure we'll get our visas in time. 35 
ඊලඟට හයවැනි පාඩම...........

Wednesday, December 19, 2012

වැඩවසම් යුගයෙන් ඉක්බිති පැමිණි කාර්මික යුගයේ විශමතාවයන් පිළිබදව කියවෙන යුග පෙරලිය හෙවත් අග්‍රගන්‍ය ලේඛක චාර්ල්ස් ඩිකන්ස්ගේ Hard Times නව කතාව

මෑත කාලයේ නවකතා කියවීම අඩුවූවත් ලෝකයේ සිටි විශිෂ්ඨ ලේඛකයෙකු වූ චාර්ල්ස් ඩිකන්ස්ගේ Hard Times නව කතාව ඇසුරෙන් සිංහලට පරිවර්ථනය වූ යුග පෙරලිය නව කතාව පිළිබදව ඔබට කියන්නේ තවත් අත්දැකීම් රැසක්ද ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙමිනුයි. යුග පෙරලිය ලෙස මෙම නව කතාව පරිවර්ථනය කර ඇත්තේ ප්‍රේමසිරි මාහිංගොඩ මහතා විසිනුයි.

කාර්මික විප්ලවය සමග ප‍්‍රවේණි දාසයන් අඩු මුදලට ශ්‍රමය විකිණෙන කම්කරුවන් වූ හැටි. නව ධනපති පංතියක නැගී සිටීම. පාරම්පරික වංශවතුන් ඔවුන්ගේ අතවැසියන් බවට ක්‍රමයෙන් පත්වීම හා වංශවත් පෙළපත් වල ක්‍රමක ඇද වැටීම. යාන්ත්‍රිකත්වයට හසුවූ මිනිසුන් යනාදිය මෙහි සුමට ලෙස දක්වා තිබෙන්නේ අපගේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරලියද මේ ආකාරයේ සමාජ විපර්යයාසයක් නේද කියන්නේ යන්නද මතක් කරමිනුයි.


මේ මෙම පොතේ පෙරවදනයි.


පොතේ මිල ගැන නම් මා කියවූ පොතෙන් තොරතුරු ලබා ගැනීම උගටහ වූ අතර පසු කවරයේ එහි ISBN අංකය සටහන් කර තිබෙනු ඔබටද දැක ගත හැකිය.

මේ එම පොතේ එක් සිද්ධියකට අදාල පින්තූරයකි.

එසේම මෙහි මුල් ඉංග්‍රීසි පිටපත ඔබට කියවීමට අවශ්‍ය නම් ආකාර කිහිපයකටම තිබෙනා මුද්‍රිත පිටපත් මෙයින් භාගත කර ගත හැකිය.

http://www.gutenberg.org/ebooks/786

තවද ඔබට අළුත් අත්දැකීමක් ලැබීමට නාට්‍යානුසාරයෙන් මෙම කතාව අසා සිටිය හැකි සේ සකස් කළ Audio book ද මෙම අඩවියෙන් භාගත කර ගත හැකිය.

http://www.booksshouldbefree.com/book/hard-times-by-charles-dickens
චාර්ල්ස් ඩිකන්ස්ගේ ලේඛණ පිළිබදව සාරාංශයක් මෙයින් දැන ගත හැකිය.
http://bookstains.wordpress.com/2010/02/18/authors-i-have-read-charles-dickens/

අවසාන වශයෙන් ඉංග්‍රීසියෙන් ලියූ මෙම පොත විවිද කාලවලදී ප්‍රකාශයට පත් කිරීමේදී යොදා ගත් මුල් කවර කිහිපයක් මෙහි තබමි.


Tuesday, December 18, 2012

ඔබගේ දෘඩතැටියේ හෝ ඕනෑම දත්ත සුරැකුම් මාධ්‍යයක දත්ත අස්ථානගතවූයේද? නැතහොත් අනපේක්‍ෂිත අන්දමින් Format වුනාද? මෙන්න නිරුපද්‍රිතව ඒවා නැවත ලබා ගැනීමට සුදුසුම මෘදුකාංගය

පසුගිය දිනයක "ලොකු" අකරතැබ්යක් වුනා. ඒ තමයි පරිගණකයේ තිබෙන එක් hard disk  එකක් active කරන්න යෑමේදී එහි 160 GB ධාරිතාවයෙන් එක් partition එකක් හැරෙන්නට අනෙක් සියල්ලම unallocated තත්ත්යට පත්වීමයි. මෙහෙම දෙයක් වුනාම ඕනෑමෙ කෙනෙක් කලබලයට පත්වන එක ස්වභාවිකයි කියලයි මට හිතෙන්නේ. මටත් එහෙම වුනා. සාමාන්‍යයෙන් නම් Microsoft ආයතනය නම් උදම්අනන්නේ මෙහෙම හානිකර තත්ත්වයන් Windows වල වැඩ කරමින් සිටියදී සිදුනොවන බවයි. ඒත් ඉතින් දැන් වෙලා ඉවරයි. මේ වගේ අවස්ථාවල නැවත data recovery කරන්න පුළුවන් මෘදුකාංග ගැන සෙවුම් කරල ඔන්න එකකින් recover කරන්න බැළුවා. ඒත් අර නැතිවුන හැම partition එකක්ම එයින් පෙන්වන්නේ නැහැ. ඉතින් දැන් තව මෘදුකාංගය කිහිපයක්ම මේ සදහා අත්හදා බැළුවත් ප්‍රතිඵලය එකමයි. තව විශේෂත්වය තමයි මේ මෘදුකාංග බොහෝමයක්ම මුදල් ගෙවා භාවිතා කළ යුතු සහ ඒවා වෙනත් ක්‍රම වලින් පරිපූර්ණ තත්ත්වයට පත්කළත් අදාල කාර්යය නිසි ලෙස නොකිරීම හෝ එම මෘදුකාංග නිෂ්පාදකයන් පවසන ගුණාත්මක තත්ත්වයක් එහි නොමැතිවීම.

කෙසේවෙතත් බලාපොරොත්තුකඩවී ඇති මොහොතක නොමිලේම ලබා ගත හැකි TestDisk මෘදුකාංගය භාවිතා කළ අතර එයින් දත්ත පෙන්වූයේ සහ නැවත ස්ථාපනය කරගතහැකි වූයේ සාමාන්‍ය තත්ත්ව‍යේ පවතින දෘඩතැටියකින් දත්ත ලබා ගන්නා සේ පහසු ලෙසමයි. විශේෂත්වය වන්නේ මෙම මෘදුකාංගය DOS අතුරුමුහුනතක් සහිත වීම සහ ඉතා කුඩා ප්‍රමාණයේ මෘදුකාංගයක්ද වීමයි. මෙන්න එහි ඇති විශේෂතා.

TestDisk can
  • Fix partition table, recover deleted partition
  • Recover FAT32 boot sector from its backup
  • Rebuild FAT12/FAT16/FAT32 boot sector
  • Fix FAT tables
  • Rebuild NTFS boot sector
  • Recover NTFS boot sector from its backup
  • Fix MFT using MFT mirror
  • Locate ext2/ext3/ext4 Backup SuperBlock
  • Undelete files from FAT, exFAT, NTFS and ext2 filesystem
  • Copy files from deleted FAT, exFAT, NTFS and ext2/ext3/ext4 partitions.
ඒ වගේම මේ මේ Operating System වලත් එය භාවිතා කළ හැකි බව දක්වා තිබුනා.

TestDisk can run under
  • DOS (either real or in a Windows 9x DOS-box),
  • Windows (NT4, 2000, XP, 2003, Vista, 2008, Windows 7 (x86 & x64),
  • Linux,
  • FreeBSD, NetBSD, OpenBSD,
  • SunOS and
  • MacOS X
ඉතින් මෙම විස්තර සමග තවත් වැඩිදුර තොරතුරු වගේම මෙතරම් වටිනා  මෘදුකාංගයක් download කර ගන්නත් පුළුවන් http://www.cgsecurity.org/wiki/TestDisk වෙබ් අඩවියට පිවිසුනා නම්.


වර්ණවත් ජීවිතයක හිමිකරුවෝ...

සත්ත්ව ලෝකයේ වර්ණවත් ජීවිතයකට හිමිකරුවන් ලෙස ගෞරවය දිනා ගනු ලබන්නේ අහස්තලයේ ආධිපත්‍යය සතු කර ගෙන ඇති සියොත් කැළ මිස වෙන කවුරුන්ද? ඔබ කුරුල්ලන්ගේ පින්තූර ඕනෑ තරම් දැක ඇති ඒත් තවපාරක් මෙම ඇස් ඇද ගන්නා වර්ණ හිමියන්ගේ පින්තූර බලනවාට ඔබගේ ඇසුත් ප්‍රියකරාවි. කියන්නට දෙයක් නැහැ. මේ අලංකාර ජීවීන් දිහා ඇහින් බලනවා ඇරෙන්නට.