Thursday, October 4, 2012

අකුරු වෙනුවට ඔබේ හඬින්ම බ්ලොග් ලිවීම හෙවත් Audio Files ලේසියෙන්ම බ්ලොග් පෝස්ට් වලදී ධාවනය කරන්නේ මෙහෙමයි...

ඔබට කවදා හරි ඕනෑවුනාද Audio file එකක් ඔබගේ බ්ලොග් පෝස්ටුවක ධාවනය කරන්න. එහෙමත් නැත්නම් කිසියම් ලිපියක් විවෘත වන විට මිහිරි සංගීතයක් ඇසෙන්නට සලස්වන්න(දැනටමත් ඇ‍හෙනවා ඇතිනේ), එහෙමත් නැන්නම් ඔබ අකුරු වලින් ලියනවාට වඩා ඔබගේ ලස්සන කටහඩින්ම පාඨකයන්ට යමක් කියන්න ආසාවක් ඇතිවුනේ නැත්ද? ඇතිවුනත් ඒක කරන්නේ කොහොමද? කියල ගැටළුවක්වත්ද තිබෙන්නේ. මෙන්න බ්ලොග් ඉඟි යටතේ සරළව ඒ ආසාව ඉටු කරගන්න හැටි.



මුලින්ම කියන්න ඕන හැම Internet browser එකක හැම Audio format එකක් Play කරන්න හැකියාවක් තවම නැහැ. මෙන්න මේ වගුවෙන් පෙන්වා තිබෙනවා ඒ ඒ Browser එක මොන format එකකට හෝ කිහිපකටද Support කරන්නේ කියන එක.

ඒ අනුව ඔබ සතුව යම් Audio file එකක් තිබෙනවා නම් දුක්වෙන්න එපා අනේ මගේ ගාව තිබෙන file format එක එක browser එකක විතරයිනේ play වෙන්නේ කියලා. ඒකට විසදුමක් තිබෙනවා. මෙන්න මේ Free Mp3/Wma/Ogg Converter කියන මෘදුකාංගයෙන් අපි සතුව තියෙන ඕනෑම Audio file එකක් කැමති quality එකකට කැමති format එකකට convert කර ගන්න පුළුවන්.
නොමිලේ ලබා දෙන මේ මෘදුකාංගය Download කර ගැනීම සදහා වූ ගොනුව මෙන්න මේ http://free-mp3-wma-ogg-converter.en.softonic.com/ සබැඳියෙන් ලබා ගන්න පුළුවන්.


දැන් මේ convert කර ගත්තා කියමුකෝ ඒත් ඔබගේ පරිගණකය තුල තිබීමෙන් අන්තර්ජාලයේ නැරඹිය හැකි බ්ලොග් අඩවියකට හෝ වෙබ් අඩවියකට එය ඇතුලත් කිරීමට නම් එය කුමක් හෝ file share කරන අඩවියකට upload කර ගත යුතුයි. ඒ සදහා ගොඩක් අඩවි ති‍බුනත් මම භාවිතා කරන්නේ http://archive.org කියන අඩවියයි. ඔබත් කැමති නම් එම අඩවි‍යේම account එකක් හදාගෙන අවශ්‍ය Audio file ඒකට upload කර ගෙන upload කර ගත් පසුව එම file වලට අදාලව ලැබෙන web page එකට යන්න. එහි මෙන්න මේ ආකාරයට file දිස් වනු ඇති අතර රූපයේ දැක්වෙන ලෙස එම file වලට අදලා link වෙතට ගොස් right click කර copy link location එකින් එක ඒ ඒ file format එකට අදාලව ලබාගන්න.

(ඔබ කැමති නම් උදාහරණයක් ලෙස මෙලෙස ලැබෙන කේතය ඒ ඒ ස්ථානයට ඒ මොහොතේම මෙම link paste කිරීම හෝ notepad වැනි ස්ථානයකට පළමුව මෙම link Paste කර ගන්න. mp3 ‍‍ගොනුවට අදාල කේතය - http://archive.org/download/TeriMeri/Bodyguard-TeriMeri.mp3)


දැන් මෙන්න මේ කේතය ඔබ දැනටමත් ලියා ගෙන යන පෝස්ටුවකට හෝ අළුතින් මේ දැන් ආරම්භ කළ පෝස්ටුවේ HTML mode එකට paste කර ගන්න.


<audio autoplay="autoplay" controls="controls">
<source src="ඔබ ලබා ගත් mp3 ගොනුවට අදාල සබැඳිය" type="audio/mp3" />
<source src="ඔබ ලබා ගත් ogg ගොනුවට අදාල සබැඳිය" type="audio/ogg" />
<source src="ඔබ ලබා ගත් wma ගොනුවට අදාල සබැඳිය" type="audio/wma" />
</audio>

දැන් මෙහි රතු පාටින් දක්වා තිබෙන ඒ ඒ ගොනු සදහා ඔබ ලබා ගත් සබැඳිය කියන ස්ථානයට ඔබ ලබා ගත් සබැඳියන් ඇතුලළු කළ යුතුයි. ඒ අනුව අවසාන කේතය මෙන්න උදාහරණයක් අයුරින් මෙලෙස දිස්විය යුතුයි.


<audio autoplay="autoplay" controls="controls">
<source src="http://archive.org/download/TeriMeri/Bodyguard-TeriMeri.mp3" type="audio/mp3" />
<source src="http://archive.org/download/TeriMeri/songs.pkBodyguard-04-TeriMeri.ogg" type="audio/ogg" />
<source src="http://archive.org/download/TeriMeri/songs.pkBodyguard-04-TeriMeri.wma" type="audio/wma" />
</audio>

යම් හෙයකින් ඔබට සිතුනොත් පිටුව විවෘත වන වේලාවේ ඉබේම මේ ශබ්ද ඇසීම කරදරයක්. බලන කෙනාට ඕන වෙලාවට විතරක් Play කරගන්න තිබුනම ඇති කියලා මෙහි <audio autoplay="autoplay" controls="controls"> තුල ඇති autoplay="autoplay" කියන කොටස ඉවත් කරන්න.

‍එපමණයි කරන්න තියෙන්නේ. එහෙනම් අත්හදා බලලම ගැටළුවක් ආවොත් කියන්න... (ඔබගේ අන්තර්ජාල පහසුකමෙහි ඇති විය හැකි යම් යම් බාධාවන් නිසා මෙහි අඩංගු audio file එක ධාවනයේදී සුළු සුළු දෝශ ඇති විය හැකිය).

14 comments:

  1. මරු මරු... මේක නම් මන් හොය හොය හිටිය ලිපියක්... කොහොමත් ඉතින් මම නම් වෙබ් කේස් එකක් නම් මුලින්ම එන්නේ මෙතනට තමා... මම බුක්මාක් කරගෙන තියෙන්නේ...ජය වේවා...

    ReplyDelete
  2. ස්තූතියි මල්ලී. අළුත් දේවල් රැසක් ඉදිරියේදී බලාපොරොත්තුවෙන්න...

    ReplyDelete
  3. මමත් ලිපියකට ඕඩියෝ දානහැටි හොයන්ඩ කියලයි හිටියෙ.. ඔන්න හොයන්නෙ නැතුවම හම්බුනා.. ස්තුතියි!

    ReplyDelete
  4. පට්ට අයිටම් එක ...

    ReplyDelete
  5. මේකෙන් අලුත්දෙයක් කරන්න බලන්නම්. නියමයි.
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි කිව්වට මේ ගැන !

    ReplyDelete
  7. බොහොම ස්තූතියි දිනේෂ් . . . මම කලින් භාවිතා කලේ ඩිව් ශෙයා . . එත් මේක ඊට වඩා සරලයිද වගේ . . .

    ReplyDelete
  8. වැදගත් පොස්ට් එකක්.... ගොඩක් වටිනවා. ස්තුතියි

    ReplyDelete
  9. ඇත්තටම දිනේෂ් අද උදේ යන ගමන් මේ ගැන හිතුවා , මොකද මේ රටවල නම් හැම තැනකම ආබාධිත , දෘෂ්‍යාබාධිත අය වෙනුවෙන් සෑහෙන පහසුකම් තිබෙනවා , නමුත් අපේ රටෙ වගේම , මේ බ්ලොග් පරිශ්‍රය පවා ඔවුන්ට දුරස් ..(මම හිතනවා ලංකාවේ අන්ධ විද්‍යාලය තුලවත් පරිගණක උගැන්වීම වෙනවා ඇති කියල ..නමුත් මෙහේනම් පරිගණක විද්‍යාඥයින් පවා ඉන්නවා දැසම නොපෙනනෙන)මගේ හිතට ඒ වේලාවේ ආ අදහස , අපිට පුළුවන් නම් අපේ බ්ලොග් එක ඕපන් වෙත්දි එහි අන්තර්ගතය ගැනවත් යම් අදහස් මේ විදියට දෙන්න පුළුවන් වුනා නම් , දැස නොපෙනෙන ඔවුන්ටත් යම් සහනයක් වෙන්නට තිබුණා ..
    ලංකාව තුලට නම් මේ කෙතරම් ප්‍රායෝගික වේදැයි පොඩි ගැටළුවක් තිබුණත් , ඉදිරි දිනකද ඒ ගැන අත්හදා බලන්නට හිතේ තිබුණා ...අද හිතට ආ ඒ අදහසට , අද ඔබේ ලිපිය නිසා ලැබුණේ ලොකු තල්ලුවක් ...බොහොම පිං දිනේෂ් ....ඇත්තටම ඔබේ සේවය නම් අගය කළ යුතුමයි ...

    ReplyDelete
  10. හොඳ තොරතුරක්.. අනික මේ පොස්ට් එකේ දාල තියන සින්දුව මම ආසම එකක් :)

    ReplyDelete
  11. Your ideas are very creative. Hoping to try them soon.

    ReplyDelete
  12. ඔන්න හැමෝටම ස්තූතියි කිව්වා ලිපිය බලන්න ආවටත්. ඒවගේම හැම දෙනාටම වගේ වැදගත් වන යෙදවුමක් ගැන තමයි එහෙනම් කියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් blogger විසින් ලබා දෙන පහසුකමක් වුනත් අපිට ඕන විදියට customize කරල භාවිතා කළොත් පහසුව වැඩියි. ඒ එක්කම මහේෂ් මහත්මයා කියලා තියෙනවා වගේම මේ ගැජට් එකත් වෙනස් වූ නවතාවයක් සදහා භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා...

    ReplyDelete
  13. මේක නම් නියමයි.මම සති දෙක තුනක ඉඳන් ඔය වැඩේ හරියටම කරන්නේ කොහොමද කියලා හිත හිත හිටියේ.ලොවෙත් තෑන්ක්ස්.මට සත්සමුදුරට පාර පෙන්නපු පිටසක්වලයාටත් ගොඩක් ස්තූතියි.දැන් ඉතින් දිගටම මේ පැත්තේ එනවා.ජය!!!

    ReplyDelete