ඔබට මතක ඇතිනේ දැනට සති තිහිපයකට පෙර ලංකාවේ පැරණි මුදල් නෝට්ටු පිළිබදව ලිපියක් පළ කළා. එය දුටු මිතුරෙකු තවත් ලංකාවේ ටික කලකට පෙර භාවිතා වූ මුදල් නෝට්ටු හා කාසි රැසක පින්තූර එවා තිබෙනවා. මෙන්න ඒවා...
මේ මීට පෙර ලංකාවේ පැරණි මුදල් නෝට්ටු පිළිබදව පළ කළ ලිපියයි - ඔබ ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු දැක තිබේද? මෙන්න දැක නැත්නම් බලන්න...
මෙම සෑම මුදල් නෝට්ටුවක්ම අපේ රටේ දේශියත්වය, අලංකාර පරිසරය, කර්මාන්ත, සංස්කෘතිය ආදිය විදහා පාන තවත් කලා නිර්මාණයක් ලෙස සැලකුවත් වරදක් නැහැ. ඒ තරමටම ඒවා අලංකාරයි.
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!
Wednesday, October 31, 2012
Subscribe to:
Post Comments (Atom)





















මේ වගේ එකක් කියෙව්ව මතකයක් එනවා....හරියටම මතක නැ.
ReplyDeleteහොඳ පෝස්ට් එකක්. ජය වේවා!
ReplyDeleteස්තූතියි දිනේශ්, තවත් හොඳ එකතු කිරීමක්.
ReplyDeleteවැදගත් පෝස්ට් එකක්!!
ReplyDeleteස්තූතියි දිනේෂ්.
ReplyDeleteඅර වන් සයිඩ් නෝට්ටු ටික මෙතන නෑනේ දිනේෂ්.
Deleteඒවා කලින් ලිපියෙත් තිබුනා නේද?
Deleteඑකම ඒවා නෙවෙයි නේද? වටිනාකම් එකිනෙකට වෙනස්.
Deleteමේ සමහර කොල දැක්කම නම් මට මතක් වෙන්නෙ තාත්තගෙ සාක්කුවට බැහැපු හැටි.. :-)
ReplyDeleteඉස්සර සමහර කඩවල්වල කැෂියර්ගේ මේසේ වීදුරුව යට මේ වගේ නෝට්ටු දාලා තිබුනා මතකයි..
ReplyDeleteස්තුතියි දිනේශ්..
aluth ewath methanama damma eka hondai, samahara ewa dakinnath asai ayeth parak
ReplyDeleteමා හිතනවා, පසුගිය ලිපියත් මේ ලිපියත් එකතුවූ විට පරිපුර්ණතාවයක් ඇතිවී තිබෙන බව.ඒ නිසා මේ ලිපිමාලාව මේ විෂයය ගැන තොරතුරු සොයන්නන්ට මහත් රුකුලක් වනු ඇති. මෙහි පෙන්වා ඇති තඹ සතයේ කාසිය මා කුඩා කාලයේ භාවිතයේ තිබුන බව හොඳට මතකයි. විශේෂයෙන්ම යාචයන්ට දුන් නිසා ඒ මතකය තිබෙන්නේ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඔව් රූ.කැෂියර් ගේ වීදුරුව යට මේවා ගොඩක් තියන් හිටියා. හොඳ එකතුවක්.ස්තුතියි දිනේෂ්..
ReplyDelete