Friday, August 10, 2012

ලොකු කතාවක පෙරනිමිත්ත - ලියනාඩෝ ඩාවින්චි විසින් ඇදි ලෝකප්‍රකට අතිවිශිෂ්ඨ සිතුවම් සහ ඔහුගේ සටහන් පොතේ ඇති තාක්‍ෂනික මෙවලම් රැසක පින්තූර

මේ ලිපිය තවත් ලොකු කතාවක පෙරනිමිත්තක්, එහෙමත් නැත්නම් ලොකු වැස්සකට පෙර එන විදුලි කෙටීමක්, තේරෙන්නම කියනවා නම් පෙරහැරකට පෙර එන කසකාරයො ටික. ඩාවින්චි ගැන ලියවෙන සුවිශාල ලිපියකට පෙර මෙම සිතුවම් පළ කරන්නේ එම ලිපියේදී මේවා සියල්ල පළ කරන්නට ගියහොත් එය සාර්ථක ප්‍රයත්නයක් නොවන නිසාම ඔබට රස කෑමක් කන්නට පෙර එය ගැන කෑදරකමක් ඇති කරන්නයි.

පසුගිය ලිපියෙන් අපි කතා කළේ ලියනාඩෝ ඩාවින්චි මීට වසර 500 ක පෙර මිනිස් සිරුර දුටු ආකාරයයි.

මෙම ලිපියේදී මෙහි දැක්වෙන දේවල් ගැන වැඩි විස්තර පළ කරන්නේ නැහැ. එය ඊලග ලිපියේදී ඔබට එපා වෙන තරමට, ඇස් රිදෙන තරමටම පළ කරනවා. හැබැයි මේ පින්තූර දැක්කම ඔබට ඊලග ලිපියේදී කතාකරන්නට යන බොහෝ දේ ගැන ඉගි දැන ගන්නට හැකිවේවි. තවද මේ සිතුවම් ඇදි කාල වකවානුව හා ඔබට අවශ්‍ය නම් ඒ පිළිබදව වැඩිදුරු විස්තර ලබා ගත හැකි විකිපිඩියා ලිපිනයත් දක්වා තිබෙනවා.

මේ රූප කුඩාවට පෙනුනත් සුපුරුදු පරිදි ඒ මත click කිරීමෙන් වඩාත් මේ දුර්ලභ වගේම අතිවිශිෂ්ඨ සිතුවම් වල විශාලනය වූ පැහැදිලි ‍ස්වරූපයෙන් බලා ගැනීමට හැකිවේවි.

ලියනාඩෝ තම ගුරුවරයා වන Andrea del Verrocchio වෙතින් ශිල්ප හදාරන අවධියේදී Verrocchio විසින් ඇදි The Baptism of Christ (1472-1475). සිතුවමේ වම් පසින් සිටින දේවධුතයා ඇන්දේ ලියනාඩෝය. - http://en.wikipedia.org/wiki/The_Baptism_of_Christ_%28Verrocchio%29http://en.wikipedia.org/wiki/The_Baptism_of_Christ_%28Verrocchio%29

The Annunciation - (1472-1475 අතර කාලයේ   ඩාවින්සි විසින් අදිනා ලද තවත් සිතුවමකි.
http://en.wikipedia.org/wiki/Annunciation_%28Leonardo%29


Ginevra de' Benci  ‍ආලේඛ්‍ය සිතුවම - 1474 දී ඩාවින්චි විසින් තෙලිතුඩට හසුකරගන්නා ලදි.
http://en.wikipedia.org/wiki/Ginevra_de%27_Benci


Madonna and Child with a Pomegranate හෙවත් 'Dreyfus Madonna'- (1475-1780 අතර කාලයේ අදිනා ලද තවත් සිතුවමකි). - http://www.aiwaz.net/gallery/madonna-and-child-with-pomegranate/gi74c7


The Madonna of the Carnation, a.k.a. Madonna with vase or Madonna with child - ( 1478-1480 අතර කාලයේදී සිතුවම් කරනා ලද්දකි) - http://en.wikipedia.org/wiki/Madonna_of_the_Carnation


Adoration of the Magi - 1481 දී ඇදි මෙම සිතුවම ඔහු නමක් දිනා ගැනීමට ප්‍රථම සිතුවම් කරන ලද්දකි.http://en.wikipedia.org/wiki/Adoration_of_the_Magi_%28Leonardo_da_Vinci%29


The Virgin of the Rocks - 1483 - 1486 අතර කාලයේදී අදිනා ලද සිතුවමකි.http://en.wikipedia.org/wiki/Virgin_of_the_Rocks
 

Vitruvian_Man - මෙම සිතුවමද ඩාවින්චි පිළිබදව කතා කිරීමේදී බොහෝවිට සුලභව දැකගැනීමට ලැබෙන සිතුවමක් වන අතර විශ්වය, ව්‍යවච්ඡේද විද්‍යාව (Anatomy) යනාදී විශයන් ගැබ්ව පවතින සිතුවමකි. http://en.wikipedia.org/wiki/Vitruvian_Man


Portrait of Cecilia Gallerani (The Lady with an Ermine, Mistress of Ludovico Sforza, Duke of Milan) (1489 -1490) - http://en.wikipedia.org/wiki/Lady_with_an_Ermine


La belle Ferroniere - (1490 -1496) - http://en.wikipedia.org/wiki/La_belle_ferronni%C3%A8re

Portrait of a Young Fiancée, also called La Bella Principessa
(මෙම පින්තූරය පිළිබදව තොරතුරු ලබා දුන්නේ -   Kushi, ඔහුට මගේ ස්තූතියි පිරිනමමි...)

ලියනාඩෝ‍ගේ සුවිශේෂම සිතුවමත් වූ ජේසුස් වහන්සේගේ අවසන් භෝජන සංග්‍රහය හෙවත් The Last Supper (1495-1498) - http://en.wikipedia.org/wiki/The_Last_Supper_%28Leonardo_da_Vinci%29


The Virgin and Child with St Anne and St John the Baptist - (1499  -1500 අතර කාලයේදී හෝ 1506 - 1508 අතර කාලයේදී අදිනා ලද සිතුවමකි)
http://en.wikipedia.org/wiki/The_Virgin_and_Child_with_St_Anne_and_St_John_the_Baptist


The Madonna of the Yarnwinder (1499 හෝ 1501 දී සිතුවම ඇදීම අරඹන ලදි) - http://en.wikipedia.org/wiki/Madonna_of_the_Yarnwinder

"The Signature of Leonardo Da Vinci" ලෙස හැදින්විය හැකි එසේත් නැත්නම් ලියනාඩෝ ඩාවින්චිගේ අයිකනය, නැතහොත් සිතුවම් ඉතිහාසයේ මනුශ්‍ය අතකින් ඇදි සුවිශේෂම සිතුවම Mona Lisa (1503) - http://en.wikipedia.org/wiki/Mona_Lisa


The Head of a Woman (also known as La Scapigliata) - අසම්පූර්ණ සිතුවමක් වන මෙය 1508 දී සිතුවම් කරන ලද්දකි. http://en.wikipedia.org/wiki/La_Scapigliata


The Virgin and Child with Saint Anne - 1508 දී අදිනා ලද මෙම සිතුවමද ඩාවින්චිගේ තවත් විවාදාත්මක සිතුවමකි. http://en.wikipedia.org/wiki/The_Virgin_and_Child_with_St._Anne_%28Leonardo_da_Vinci%29


St John in the Wilderness (Bacchus) - 1510 - 1515 අතර කාලයේදී ලියනාඩෝගේ කණ්ඩායම විසින් අදින ලද සිතුවම් ලෙසද පැවසේ.
http://en.wikipedia.org/wiki/Bacchus_%28Leonardo%29


Self-portrait (Leonardo da Vinci) - රතු චෝල්ක් කූරෙන් අදිනා ලද තමන්ගේම රූපය රැගත් මෙම සිතුවම ඔහුට වයස අවුරුදු 60 දී එනම් 1512 දී සිතුවමට නගන ලද්දකි. 

Saint John the Baptist - (1513 - 1516 අතර කාලයේදී සිතුවමට නගනා ලද්දකි).


Leda and the (Swan 1515-1520) - ලියනාඩෝගේ කණ්ඩායම විසින් අදින ලද සිතුවම් ලෙසද පැවසේ.මුල්ම පිටපත විනාශව ගොස් ඇතැයි අනුමාන කරන අතර 1625 න් පසුව මේ පිළිබදව තොරතුරු හෙළි නොවේ. -
http://en.wikipedia.org /wiki/Leda_and_the_Swan_%28Leonardo%29


St. Jermoe - මෙම සිතුවම ඩාවින්සි විසින් බාගෙට සිතුවම් කර අතහරින ලද්දකි.
http://www.leonardo.net/east.html

ඩාවින්චි විසින් නිර්මාණය කරන ලද මූර්ති තිබෙන බව පැවසෙතත් දැන් ඒවා කිසිවක් නිරුපද්‍රිතව නැත.


ඔහුගේ සටහන් පොත් වල පිටු සියගණන් පිරී පැවතුනේ විවිදාකාර යාන්ත්‍රික මෙවලම්, නගර සැලැසුම්, හීනෙන් වත් ඒ අවධියේ තැනීමට නොසිතූ අහස් යාත්‍රා, යුද උපකරණ, යුද්ද ටැංකි යනාදියයි. මෙම සටහන් පොත් වල ඇදි බොහෝ දේ ගැන එදා විසූවන් සිතුවේ ඩාවින්චිගේ මනසේ හටත් විකාර අදහස් බවයි. ඒත් පසුගිය සියවසේ ලැබූ දියුණුවත් සමග මෙම සටහන් පොත් වල ඇති දෑ ඒ අයුරින්ම අත්හදා බැලූ විට විශ්මයට පත් කරවන සුළු වූයේය. එයට හේතුව ඒවා ප්‍රායෝගිකවද ක්‍රියාත්මක වීමයි.

මේ රූපයේ පහළින් දිස්වන්නේ ඔහු විසින් නිර්මාණය කරනා ලද වටේට තුවක්කු 16 ක් සවිකරන ලද යුද්ද ටැංකියයි. ඔහුගේ කාලයේ මෙය යථාර්තයක් නොවූවවත් ඔහු මිය ගොස් යාන්තම් වසර 400 ක් පිරෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී එනම් පළමු ලෝක යුද්දයේදී ප්‍රථම වරට යුද්ද ටැංකියක් භාවිතා කරන ලදි.

මේ එය ඒ අයුරින්ම ප්‍රායෝගිකව අත්හදා බැලීමේදී එහි කොටස් පිහිටා ඇති ආකාරයයි.



මල්ටි බැරල් මැෂින් තුවක්කුවක් එකල හමුදාවකට කෙතරම් ප්‍රයෝජනවත් වෙනු ඇත්ත සතුරා සුනුවිසුනු කරන්නට. මේ ඩාවින්චි එදා සැලසුම් කළ එවන් යුද උපකරණ කිහිපයකි. දෙවනුව ඇතතේ එම එක් සැලැස්මක සවිස්තරාත්මක පින්තූරයකි.


 හෙලිකොප්ටරය මුලින්ම සිතේ ඇදුනේ ඩාවින්චිගේ සිතේය. එය සටහන් පොතේ මෙසේ සටහන් වූ අතර පහලින් ඇත්තේ ඔහු විසින් සැලසුම් කරන ලද මිනිසෙකු සිය පාද වලින් බලය ලබා ගෙන අහසේ සැරිසැරිය හැකි ගුවන් යානාවක සටහන්ය.

මේ ‍එම හෙලිකොටප්ටරය කොටස් එකලස් කර අත්හදා බැලීමට උත්සහ කළ අවස්ථාවකි.

මේ ඔහු විසින් සටහන් තබන ලද තවත් යන්ත්‍ර සූත්‍ර කිහිපයක් පිළිබදවයි.










මේ යෝද කැටපෝලයකි - The basic design of the catapult had been in use for hundreds of years before Da Vinci embarked upon improving it. He actually came up with several different models. This particular design uses a double leaf spring to produce an enormous amount of energy in order to propel stone projectiles or incendiary materials over great distances. Loading of the two large leaf springs was accomplished using a hand crank on the side of the catapult.

මේ බලකොටුවල පවුරු ආරක්‍ෂාවට යොදා ගැනීමට සිතූ යාන්ත්‍රණයකි -
Seige Defenses - Rotating poles sweep atackers off the walls. One wonders how effective this would have been. The mechanical workings are essentially the same as that used in a mill of the same period; Leonardo was simply looking for a new application of the device.


 මේ ඔහු විසින් සැලසුම් කළ කොටස් වෙන් කළ හැකි කාලතුවක්කුවකි - Cannons were very heavy and the carriages used to transport them were often unwieldy. Leonardo deigned a structure that could be easily dismantled and transported, thus permitting the cannon to be easily moved about.
මේ බලකොටු බිත්ති බිද දමන්නකි - Da Vinci Siege Weapon
The model proposed by Leonardo represents a machine designed for attacking defensive walls, consisting of a mobile structure with an armoured bridge that rests on the walls of an enemy fortress, while the troops to penetrate the city or castle.

In addition to new machines, Da Vinci proposes classical systems for use in assaulting enemy city walls. The ladder is fixed to a special support, made up of partially toothed wheel grips into a worm screw. A crank turns the wheel back and forth that lifts and lowers the ladder.

 මේ යෝද දුන්නකි. මෙයට යොදා ගැනීමට සැලසුම් කර ඇත්තේ ඊතල නොව විශාල "බෝලයි".
This rather hilarious contraption is designed to allow four crossbows to be repea tedly fired. Men running on the wheel supply power, while another places the darts in position. It would have been difficult to aim.
 මේ බලකොටුවල පවුරු ආරක්‍ෂාවට යොදාගත් ක්‍රමවේදයකි - Leonardo designed complex and ingenious methods of defence. Here, when the walls are under attack, the soldiers hidden behind the battlements could quickly and easily ward-off enemies and their single movement by using a system of levers. As the enemy used ladders in an attempt to breach the walls, the levers were engaged to move the rails built into the walls that the ladders were leaning on, causing them to become unstable and eventually fall.

‍මේ එම ක්‍රමවේදය අත්හදා බැලීමට උත්සහ දැරූ අවස්ථාවකි.


මෙවන් වූ අතිවිශාල යාන්ත්‍රික නිර්මාන සමූහයක් ඩාවින්චිගේ සටහන් පොත් වල වූහ. මේ පිළිබදව සහ තවත් නොදත් තොරතුරු රැසක් සමග ඊලග ලිපියෙන් හමුවෙමු...


http://www.chinaoilpaintinggallery.com/famous-artists-da-vinci-c-141_142/vitruvian-man-p-7997

23 comments:

  1. මාරයිනෙ..ඒකාලෙ මිනිස්සු කිව්වත් වගේ පිස්සෙක් කියලා හිතන්ඩ ඇති ශුවර් එකටම..

    පෙරහැරක් මග එන බව අසන්ඩ ලැබීමත් සතුටක්..

    ReplyDelete
  2. ඔව් ඩාවින්චිගේ වටිනාකම අද මිල කළ නොහැකිවුනත් එදා ඔහුටත් ජීවන අරගලයක් තිබුනා. බලමු ඊලඟ ලිපියේදී මේ ගැන මොනවද තියෙන්නේ කියලා...

    ReplyDelete
  3. මේවා ගැන වැඩි විස්තර දැනගන්න ලොකු ආශාවක් ඇතිවුනා.. ලියනකම් බලන් ඉන්නවා..

    ReplyDelete
  4. එම ලිපිය 3/4 කටත් වඩා ලියලා ඉවරයි. ඒ ලිපියට මේ පින්තූර ඔක්කොම දාන්න ගියොත් වැඩේ කොට උඩ යයි කියන සැකයත් එක්ක එම ලිපියට පෙර මෙම ලිපිය පළ කළා...

    ReplyDelete
  5. ඔව් සහෝදරය ඔබ හරි. මේ කරුණු ඉතා වැදගත්. පරණ දැණුම බොහෝ වටිනවා. අතීතයේ අළු දූවිලි මතින් තමයි අනාගතය හැඩ වෙන්නේ. කෙනෙක්ට විශ්වාස කල නොහැකි වුවත් අද තිබෙන සියල්ල වර්ථමානිකයාගේ පරිකල්පනාවෙන් බිහි වූ නිර්මාණ නෙමෙයි. ඒ වායේ මුල් බීජය රෝපණය වන්න ඇත්තේ ඈත අතීතයේ අප නොදන්නා මිනිස් මොළයක් තුල. ඒ සියල්ලන්ටත් ඔබටත් පිං!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉදිරි ලිපියෙදිත් හමුවෙමු...

      Delete
  6. ඩාවින්චි සීරිස් එකක් වගේ. ඇත්තෙන්ම මම නම් ඔහුගෙ සිතුවම් ගැනත් ඔහු ගැනත් ටිකක් උනන්දුයි. අනිත් ලිපිය ඉක්මනට ලියන්න.

    ReplyDelete
    Replies
    1. ලිපිය ගොඩක් දුරට අවසන්. ඒත් තවම විවිද මූලාශ්‍ර ලැබෙනවා ඒවාද බලා තව කරුණු එක් කරමින් සිටිනවා..

      Delete
  7. අම්මෝ මට මගේ Scrap Book එක මතක් උනා ඉස්කෝලෙ යන කාලෙදි හදපු....
    ඒ කාලේ නෙට් තිබුනායෑ.. මේ ෆොටෝ හොයාගන්න කොච්චර මහන්සි උනාද.... හැබැයි ඒ මහන්සිය නිසා තාමත් ඒවා මතකයි.... ඒ දවස්වල මගේ ලොකුම විනෝදාංශේ ඩාවින්චි ගැන හොයන එක...

    ඉතුරු ටික පල කරන කම් ආසාවෙන් බලන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නේ මොකටද අද තමයි මම ඩාවින්චිගේ මේ සිතුවම් බොහෝමයක් දැක්කේ....

      Delete
  8. අර මල්ටි බැරල් එක දකිද්දී මට මතක්වෙන්නේ පියානෝ ගන් එක. 1700 ගණන්වල යුරෝපීයෝ භාවිතා කළා කියලා මට මතකයි ඒක.

    ReplyDelete
    Replies
    1. සමහර විට ඩාවින්චිගේ සැලසුම් එදත් ඔවුන් අත්හදා බලන්නට ඇති...

      Delete
  9. ඩාවින්චි ඇඳපු චිත්‍රයක් තියෙනව "බියන්කා" කියල කුමරියකගේ එ රූපයත් හරිම ලස්සනයි, ඇය අවු 15 වෙදි මියගිහින් (ගර්භාෂයෙන් පිටත දරුවකු පිලසිඳ ගැනිමෙන්) එ කුමරියගේ ඇඳපු රුපයත් ලඟදි එංගලන්තයෙදි හොයාගෙන තියෙනව, එ ගැන පොතක තිබුනා අවාසනාවට මට පොතේ නම මතක් නැහැ,....කැමති අය පුලුවන්නම් එ ගැනත් ටිකක් සොයාබලන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මම හිතන්නේ මට ඔබ කියන පින්තූරයත් හමුවුනා මෙම පින්තූර අතරට එයත් එකතු කරනවා...

      Delete
  10. විශ්මකර්මයෙක්ම තමා :)

    ReplyDelete
  11. ඔව්.ඇත්තටම හිතාගන්නත් අමාරුයි.මොකද මේ වගේ සිද්දියක් මං ඇහුවෙත් අදම නිසා..

    ReplyDelete
  12. ඩා වින්චි ඇඳපු පින්තූරවල, ඒ කාලෙ තිබුණු දේශපාලනයට අදාල යම් යම් රහස් පණිවුඩ ගැබ්ව තිබුණු බව අහලා තියෙනවා.... ඒක ඇත්තක්ද.... ඩා වින්චිගේ දේශපාලනය ගැනත්, ආගමික මතවාද ගැනත් යම් යම් කරුණු අහලා තියෙනවා... වැඩි විස්තර ඉදිරියේදි මේ ලිපි වලින් කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා.... කාලෙකට ඉස්සර මෙහේ ප්‍රදර්ශනයක් තිබ්බා ඔය කියන යන්ත්‍ර සූත්‍ර සම්බන්ධයෙන් (චිත්‍ර ගැන නෙවේ).... ඒක බලන්න යන්න නොලැබුනු එක ගැන අදටත් පසුතැවෙනවා මං.....

    ReplyDelete
    Replies
    1. මේ පින්තූර වල විවිද පණිවිඩ අන්තර්ගතවූ බව පැවසෙනවා. ඒය ඒ ඒ කෙනා විවිද විදියට තර්ක කරනවා. කොහොමවුනත් ඉදිරි ලිපියකදී මේ ගැන කතා කරන්නට බලාපොරොත්තුවෙනවා. ඒ එක්කම ඔබ කියන ප්‍රදර්ශනයේ විඩියෝ එකක් මට හම්බවුනා ඉදිරි ලිපියකදී එයට අදාල සබැදිය දෙන්නම්...

      Delete
    2. ඒකනම් ලොකු දෙයක්.... ගොඩාක් ස්තුතියි....

      Delete
  13. ඩාවින්චි කියන්නෙ අසමසම කලාකරුවෙක්.........
    ලිපියට බොහොම ස්තූතියි දිනේෂ්...

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ ඉදිරි ලිපියක් සත් සමුදුරේ දකිවි පින්තූර නෙවේ එපා වෙන්නම කියවන්න දේවල් තියෙන‍‍‍...

      Delete