Thursday, September 15, 2011

Laptop Battery Charge එක වැඩි වේලාවක් තබා ගැනීමට හා Battery Life එක කාලයක් තබා ගැනීමට ඔබටත් මෙම උපක්‍රම වැදගත්දැයි බලන්න...

මේ වගේ ලිපියක් ලියන්න හිතුනේ මීට පෙර ලියපු අපිට අවශ්‍ය ආකාරයට Processor Core භාවිතා කරමු ලිපියේදී Laptop බැටරිය ඉක්මනින් විසර්ජනය වීම වලකා ගැනීමටත් ඒ උපක්‍රමය යොදා ගන්න හැකියාවක් තිබේද? යන ගැටළුව එක් මිතුරෙක් අසා තිබුන නිසයි. කොහොමවුනත් මෙවන් ජංගම පරිගණක භාවිතා කරන බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක් තමයි.

මෙන්න මේ උපක්‍රම ඔබ මේ වන විට අත්හදා බලලා නැත්නම් කරල බැළුවට වරදක් වෙන එකක් නැහැ ඔබේ Laptop පරිගණකයේ batter charge එක වැඩි වේලාවක් තබා ගන්නට.

  • හැකි සෑම විටම පරිගණකයේ දෘඩතැටිය Defrag කර තබාගන්න. දෘඩතැ‍ටියේ දත්ත ගබඩා කරන විට ඒවා එක් ස්ථනයකම නොව තැනින් තැන ගබඩා කරන බව ඔබ දන්නවා ඇති. ඉතින් යම් ගොනුවක් RAM මතකයට ගන්නට පෙර දෘඩ තැටිය කියවන විට මෙසේ තැනින් තැන තිබෙන දත්ත කියවන විට එයට යම් කාලයක් ගතවෙනවා ‍වගේම Process එකක් ලෙස එයට ගතවන කාලයත් වැඩිවේවි. ඉතින් මේ කාර්යයන් සදහා බලය ලබා ගන්නට සිදුවෙන්නේ Laptop පරිගණකයේ විදුලි කෝෂයෙන්ම තමයි. ඒ නිසා ඔබට දැන් වැ‍ටහෙනවා ඇති මේ දේට වැඩි කාලයක් ගතවන විට එයට බලය විදුලි කෝෂවලින් සපයන්න වෙන කාලය වැඩිවෙනවා කියන්නේ එය ඉක්මනින් විසර්ජනය වෙන්න එයත් හේතුවක් වෙනවා කියන එක තමයි‍‍‍. බලය ඉතිරි කර ගැනීමට පමණක් නොවේ Defrag කර තබාගැනීමෙන් පරිගණකය ටිකක් වේගවත් වෙන්නත් එය බලපාන එක තවත් වාසියක්.
    නව දෘඩ තැටියක් භාවිතා කරන්නට සිතා සිටිනවා නම් එය වේගවත් හා කාර්යයක්‍ෂම එකක් වීම බැට්රිය තව ටිකක් වැඩියෙන් ආරෝපිත තත්වයෙන් තබා ගන්නට හේතුවේවි.
  • තිරයේ brightness එක අවශ්‍ය ප්‍රමාණයට අඩු කරගන්න. වැඩි brightness එකක් එහෙමත් නැත්නම් තිරයේ දීප්තිය වැඩියි කියන්නේ එයට තවත් වැඩියෙන් බලය සපයන්න වෙනවාකියන එකමනේ. ඉතින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට හැකි තරම් මෙම දීප්තිය අඩු කරගන්න. ඔබම දැකලා ඇති Laptop පරිගණකය Power pack එකෙන් විදුලි බලයට සම්බන්ධ කරන අවස්ථාවට වඩා එය බැටරියෙන් පමණක් ක්‍රියාත්මක කරන කොට තිරයේ දීප්තිය අඩුවෙලා තියෙන බව. එහෙම කරල තියෙන්නෙත් බැටරිය විසර්ජනය වන වේගය අඩුකරගන්නයි.
  • අනවශ්‍ය background applications සියල්ල ක්‍රියාවිරහිත කර තබාගන්න. Windows Vista සහ 7 වල තියෙන Sidebar Gadgets, Itunes, Desktop Search සහ තවත් නොයෙකුත් මෘදුකාංග තියෙනවා අපිට හැම මොහොතෙම අවශ්‍ය නොවෙනවා වගේම ඇතැම් විට අපි ඒවා කිසිම විටක භාවිතයට ගන්නෙත් නැහැ. ඉතින් මේ ක්‍රියාත්මක වෙන හැම applications එකක්ම ක්‍රියාකරවන්න පරිගණකයේ CPU එකට වෙහෙසෙන්න සිද්දවෙනවා. ඒකට බලය සපයන්නේ බැටරියෙන් කියන එක නැවත කියන්න ඕනෑ නැහැනේ. ඉතින් ඒවා ඉවත් කිරීමත් අපි මේ කතා කරන දේට සහයක් වගේම අනවශ්‍ය යෙදුම් ක්‍රියාවිරහිත කිරීම නිසා RAM මතකයට ඒවා ගබඩා කර ගැනීමට අවශ්‍ය නොවීමෙන් අපි ප්‍රධාන වශයෙන් ක්‍රියාකරන මෘදුකාංගවලට පහසුවෙන් වගේම නිසියාකාරය ක්‍රියාකිරීමටත් එය වාසියක් වේවි. ඒවගේම අපි කරන වැරැද්දක් තමයි එකම වෙලාවේ අවශ්‍ය අනවශ්‍ය යෙදුම් කිහිපයක් එකවර විවෘත කර තබා ගැනීම. උදාහරණයක් විදියට ගත්තොත් අපි Excel භාවිතා කරන ගමන් Photoshop එහෙමත් නැත්නම් Word හෝ වෙනත් අදාල නොවෙන මෘදුකාංගයක් හෝ ටිකකට කලින් භාවිතා කරල එය අවසන් වූ පසුවත් පසුබිමේ නිකරුනේ එය තබා ගෙන සිටින්නට පුළුවන්. ඉතින් ඔබ දැනට කරන කාර්යයට එය අදාල නොවන්නේ නම් ඒවායෙන් Exit වී පසුව ඔබට අවශ්‍ය මොහොතේදී පමණක් එය විවෘත කර ගැනීම වඩාත් ‍හොද පුරුද්දක්. ඒවගේම Multitasking වලින් හැකි තාක් වැලකී සිටීම හොදයි.
  • Search Index Disable කිරීම. Index එක තිබීමෙන් අපිට පරිගණ‍කයේ ගොනු ඉක්මනින් සොයාගැනීමට එය ඉමහත් ආධාරයක් වෙනවා නම් තමයි. හැබැයි ඒක සිදුකරගන්න සෑහෙන්න බැටරි බලයත් භාවිතා වෙනවා. ඒ නිසා ඔබ ‍බැටරිය ගැන තවත් සැලකිලිමත් වෙනවා නම් Search Index Disable කර තබා ගන්න සිත යොමුකරන එක හොදයි.

  • අනවශ්‍ය Process Windows Task Manager හරහා ක්‍රියාවිරහිත කිරීම. සමහර වැඩසටහන් ක්‍රියාත්මක වෙනවාදැයි බැළු බැල්මට අපිට නොපෙ‍නුනත් Ctrl + Shift + Esc හරහා Windows Task Manager  වෙතට පිවිසීමෙන් පසු එහි Process වලදී දැක ගන්නට පුළුවන්. එතනදී ඔබ මේ පිළිබදව දැනුවත් නම් අනවශ්‍ය Programs, End Process කිරීම සිදුකරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම සමහර වැඩසටහන් අපි දන්නෙත් නැහැ පරිගණකය Boot වෙන අවස්ථාවෙදීම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නා බව. ඒවා මොනවාදැයි දැනගෙන අනවශ්‍ය නම් ක්‍රියාවිරහිත කරන්න පුළුවන් Run වෙතට ගොස් Msconfig යයි type කොට එහිදී ලැබෙන Startup tab  එකේදී ඒවා Uncheck කිරීමෙන්.

  • බැටරිය පමණක් භාවිතා කරන්නේ නම් scheduled tasks හැකිතාක් ඉවත් කර තබන්න. ඔබ සමහර විට වෛරස් නාශක මෘදුකාංගය යාවත් කාලීන වීමට එය Schedule කර තබනවා වන්නට පුළුවන්. තව විවිද කාර්යයන් යම් කාලයකට වරක් සිදුකරගන්න එයත්  Schedule කර ඇති. නමුත් එයට සෑහෙන්න බලයක් වැය වන නිසා ඔබ බැට්රිය පමණක් එම මොහොතේ භාවිතා කරන්නේ නම් එය එතරම් නුවනට හුරුනොවේවි. ඒනිසා ඒවා එවන් අවස්ථාවල ක්‍රියාත්මක නොකර සිටිමටත්. ඔබ බැට්රිය මගින් පමණක් බලය ලබා ගන්නා විට අන්තර්ජාලයට සම්බන්ධ නොවේ නම් එතරම් හොද පුරුද්දක් නොවුනත් බැට්රිය පැත්තෙන් සිතා වෛරස් නාශක මෘදුකාංග හා Firewall Disable කර තැබුවාට කමක් නැහැ. 
  • අවශ්‍යවේලාවට පමණක් USB කෙවෙනි හරහා ඔබේ පරිගණකයට සවිකරන උපාංග සවිකර අනවශ්‍ය වේලාවලදී ඒවා ඉවත් කර පරිගණකය භාවිතා කරන්න. External mouse, PC cards, Wi-Fi, external speakers, Bluetooth සහ iPod වැනි උපකරණ මෙසේ අවශ්‍ය නැති වේලාවට පරිගණකයෙන් ගලවා තැබීම සුදුසුයි. බොහෝදෙනෙක් touchpad එක වෙනුවට External mouse එකක් භාවිතා කලත් එයටද අමතර බලයක් සපයන්නට වෙන නිසා වඩාත් හොදයි touchpad එකටම හුරුවෙන එක. ඒවගේම මෙම iPod වැනි උපාංග සවිකර තැබූවිට ඒවායේ බැටරිය ආරෝපණය වීමත් සිදුවන නිසා එයටද ඉතින් බලය සපයා ගන්නේ Laptop බැටරියෙන්මනේ. ඒවගේම mobile phones USB හරහා චාර්ජ් කරගන්න එක වැලකී සිටීමත් හොදයි.
  • භාවිතා නොකරන අවස්ථාවලදී Wireless Internet සහ Bluetooth ක්‍රියා විරහිත කර තබන්න. මේ දෘඩකාංග Disable හෝ Enable සදහා නවීන Laptop වල වෙනමම Switch එකක් පවා තිබෙන අතර එසේ නැති නම් පහත ක්‍රම වලටත් එම දේ සිදුකරගන්න පුළුවන්.
  • RAM මතකය පරිගණකයට නිසි ධාරිතාවයට හැකි නම් වැඩි කරගන්න. ඔබ ඇතැම් විශාල මෘදුකාංග භාවිතා කරන විට එය RAM මතකයට පමණක් ගබඩා කර ගන්න නොහැකි අවස්ථාවලදී දෘඩ තැටියේ තනා ගන්නා Virtual memory කියන මතකය තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ සදහාත් දෘඩතැටියට වඩාත් වෙහෙසෙන්න සිදුවෙනවා කියන්නේ තවත් බලයත් වැඩියෙන් අවශ්‍යයි කියන එක. ඒවගේම නිරතුරුව මෙම ක්‍රියාදාමටත් දෘඩ තැටිය දායක වෙනවා කියන්නේ එහි ආයු කාලයටත් මෙය බලපෑමක් ඇති කරන්නට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අළුතින් Laptop එකක් ගන්න සිතාගෙන ඉන්නවා නම් ටිකක් වැඩියෙන් RAM ධාරිතාවය තිබෙන එකක් ගන්න එක මේ කාරනේ ඉටුකරගන්න වගේම එය අනාගතයටත් ප්‍රයෝජනයක් වේවි. මොකද ඉදිරියට නිපදවන මෘදුකාංග බොහෝමයකට මෙම RAM ධාරිතාවයත් වැඩි වැඩියෙන් අවශ්‍ය වෙන්න ඉඩ ඇති නිසා. හැබැයි ඇතැම් විට පැවසෙනවා RAM වැඩිවෙන්න වැඩිවෙන්න එයටද තව බලයක් සැපයෙන නිසා තමන්ගේ කාර්යයන්ට අවශ්‍ය වන ප්‍රමාණයට හා පරිගණකයට ගැලපෙන පරිදි එය වැඩි කර ගැනීමටත් සිතන්න වේවි.
  • CD/DVD ධාවක භාවිතය අවම කිරීම. මෙවැනි ධාවකවලට ක්‍රියාත්මක තත්වයේදී සෑහෙන්න බලයක් සැපයිය යුතුයි. ඒ නිසා හැකිතාක් දුරට සංයුක්ත තැටි ධාවක යන්ත්‍ර භාවිතයට වඩා එම මෘදුකාංග දෘඩ තැටියට ‍පිටපත් කර භාවිතය හෝ එසේ නොහැකිවන අවස්ථාවල එම තැටි වල ඇති දත්ත iso හෝ වෙනයම් ආකාරයේ image බවට පත්කොට ඒවා දෘඩ තැටිය පිටපත් කර Virtual CloneDrive වැනි මෘදුකාංග ආධාර කරගෙන භාවිතා කරන්න. ඒවගේම භාවතා කර අවසන් වූ පසු සංයුක්ත තැටි නිකරුනේ ධාවකය තුල නොරදවා සිටීමත් සිතට ගැනීම යහපත්.
  • පරිගණක ක්‍රීඩා, ගීතවලට සවන් දීම හා DVD චිත්‍රපටි ආදිය නැරඹීමට Laptop පරිගණක භාවතා කිරීම හැකිතාක් අවම කරන්න. මේ කියන දේට නම් ඔබ මා සමග අමනාප වෙන්නටත් ඉඩ තියෙනවා. මමත් මේ දේවල්වලට කැමතියි තමයි. හැබැයි ඉතින් මේ සියළුම දේවල් සෑහෙන්න බැටරි බලය ලබා ගන්නා ක්‍රියාකාරකම්. ඉතින් ඒවා අවම කිරීම බැටරිය පැත්තෙන් නම් බැළුවහම හොදයි. ඒ එක්කම Screen Saver ක්‍රියා විරහිත කරල තැබීම, අනවශ්‍ය අවස්ථාවල Laptop එකේ Volume එක අවම කර හෝ Mute  කර තබා ගැනීමත් අවශ්‍ය නැති වෙලාවලදී High-Definition off කර තබා ගැනීමත් සෑහෙන්න වෙලාවක් බැටරිය චාර්ජ් එකේ තියා ගන්න උදව්වක් වේවි. ඒවගේම අනවශ්‍ය අවස්ථාවල Video Card Graphic Performance එක අඩුවෙන්  භාවිතයත් ඉතින් භාවිතයට ගත්තට වරදක් නැහැ. ඒ වගේම Aero Glass වගේ අලංකාරවත් ලක්‍ෂන ක්‍රියාත්මක නොකර භාවිතයත් දිගුවේලාවක් බැටරිය භාවිතයට ගන්නට උදව්වක්.
  • බැටරිය පමණක් භාවිතා කර පරිගණකය පාවිච්චි කරන්නේ නම් එම කාර්යය හැකි ඉක්මනින් අවසන් කර Shutdown කිරීම. ඔබ ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමෙන් තොරව හෝ දීර්ඝ වේලාවක් පරිගණකයේ බැට්රිය ආධාරයෙන් පමණක් Laptop එක භාවිතා කරන්නේ නම් හැකි ඉක්මනින් ඒ වැඩේ අවසන් කොට Shutdown කිරීමත්. නැවත හැකි විගස බැට්රිය චාර්ජ කිරීමත් හොදයි.
  • Laptop මිලදී ගැනීමේදී Energy efficient laptop එකක් ගැනීමට අවධානය යොමු කිරීම. හැකියාවක් ඇතොත් මේ ගැනත් අවධානය යොමුකරන්න. ඒ වුනත් අපි පරිගණකයේ දෘඩාංගවල ධාරිතාවන් කෙතරම් විශාල දැයි හිත යොමුකලත් මේ ගැන එතරම් අවධානය යොමුනොකරන බව තමයි බහුලවම සිදුවෙන්නේ. ඉතින් ලංකාවේදී නම් කොතරම් දුරට ප්‍රායෝගිකව මෙම සිද්ධාන්තය භාවිතා කරන්නේදැයි නොදන්නේමුත් හැකිනම් 5-star ratings යටතට ගැනෙන Laptop  පරිගණක තමයි මිලදී ගන්නට නම් කියන්නේ. මෙන්න මේ සබැදියට ගියොත් දැන් තියෙන එම ආකාරයේ  5-star ratings Laptop මොනවාදැයි බලා ගන්න හැකිය
          http://www.best-rated-laptops-guide.com/best_rated_laptops.html
  • Power Options භාවිතා කරන්න.ඔබ Windows XP පරිශීලකයෙක් නම් එහිදී Max Battery නම් Power Scheme එකද Vista හිදී Mobile PC නම් Power Plan එක තෝරාගෙන ඔබගේ පරිගණකයේ බැට්රිය වඩාත් කාර්යක්‍ෂම ලෙස වැඩි වේලාවක් භාවිතා කල හැකි අයුරින් සුසර කර ගත හැක.


  • Hibernate Mode එකේ තැබීම  Sleep Mode (Stand By mode) එකේ තබනවාට වඩා හොදයි.Sleep Mode එකේදී Laptop  පරිගණකයේ දෘඩ තැටිය හා ‍තිරය ක්‍රියාවිරහිතවී තිබුනත් RAM මතකය ක්‍රියාත්මක තත්වයේ පවතී. ඉතින් ඒ කියන්නේ බැටරියෙන් බලය ලබා ගන්නවානේ. හැබැයි Hibernate Mode එකේදී එසේ RAM මතකය ක්‍රියාත්මක වීමකින් තොරව සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත වෙන නිසා එය බැටරියේ බලය වැඩි වේලාවක් රැකගන්න හොද උපක්‍රමයක්.
  • Auto-save features ක්‍රියාවිරහිත කර තබන්න. ඔබ Office වැනි Package භාවිතයේදී දැක ඇති ස්ව්‍යංක්‍රීයව යම් වේලාවකට වරක් ඔබ කරමින් සිටින කාර්යය save වීමට සකස් කර ඇති අයුරු. හැබැයි වරින්වර මෙය සිදුවීමත් අපි මුලින් සලකාබලපු Schedule Task එකක් වගේ නිසා මේවාටත් බලය වැඩිපුර ‍වැයවෙනවා.
  • ඔබේ Laptop එක Cool and Clean  විදියට තබාගන්න. උශ්නත්වය වැඩිවීම කියන්නේ පරිගණක ක්‍ෂෙත්‍රයේ බොහෝ දේට නිහඬ මාරයෙක් වගේ කියල කියන්න පුළුවන්. පරිගණකය උණුසුම් වැඩිවෙන්න, වැඩිවෙන්න එය සිසිලනය සදහා යොදවා තිබෙන Fan වැඩකරන්නට පටන් ගන්නවා. ඒ සදහාද බැට්රි වලින් බලය ලබා ගැනීම ඉක්මනින් ඒවා විසර්ජනය වීමට හේතුවක්. ඒනිසා හොද වාතාශ්‍රයක් (ventilation) පරිගණකය භාවිතයේදී එයට ලබාදීම, blanket එකක් හෝ ඇඳක් උඩ මේට්යක වැනි මෘදු මතුපිටක් උඩ තබා Laptop පරිගණකය ක්‍රියා නොකිරීමට වගබලා ගැනීමත් වැදගත්. ඒ එක්කම මාස කිහිපයකට වරක් Laptop පරිගණකය ඇතුලත පිරිසිදු කර ගැනීමත් ඉතා හොදයි. මොකද පිටත අපි කෙතරම් පිරිසිදුව තබා ගෙන සිටියත් එහි ඇතුලත දූවිල තට්ටු බැදී තිබෙන්නට පුළුවන්. දූවිලි බැදුනම නිසියාකාරව උෂ්නත්වය පිට නොවීම නිසා තව දුරටත් පරිගණකය තුල උණුසුම වැඩිවෙන්නට එය හේතුවක්. ඔබ Laptop පරිගණක නඩත්තුව හරිහැටි නොදන්නේ නම් පළපුරුදු කාර්මිකයෙකු ලවා එය සිදු කරගන්න එක හොදයි. මොකද පරිගණකය ගලවා එය නිසියාකාරව සවිකරගත නොහැකිවීම මෙන්ම Desktop පරිගණකයක උපාංගවලට වඩා සියුම් මෙන්ම කුඩා දෘඩාංග මෙම පරිගණක වල ඇති නිසා ඒවා නිසි ලෙස නොගැලවීමෙන් සිදුවිය හැකි හානි නිසා ඔබට වෙනත් පාඩු සිදුවිය හැකි බැවින් එය ඒ පිළිබදව වෘතිකයෙකු ලවා සිදු කර ගැනීම හොදයි. එවගේම පරිගණකය හිරු එළිය ඍජුවම වැටෙන ස්ථානයක තබා පරිහරණය නොකර සිටීම වගේම වසා ඇති මෝටර් රථයක් තුල පරිගණකය තබා යෑමෙන් වැලකීමත් හොදයි. හැකියාවක් තිබේ නම් Laptop එක භාවිතා කරන විට Cooling Pad එකක් භාවිතා කිරීමත් හොදයි.

  • Software සහ Drivers Update කර ගැනීමත් සිදුකර ගන්න. මේක සමහරවිට ව්‍යාකූලවෙන්නත් ඇති. කොහොමද මේවා Update කරගැනීමෙන් බැටරියට බලපාන්නේ කියලත්.මෙහෙමයි අළුතින් එන Update  පැරණි ඒවාට වඩා කාර්යක්‍ෂම වෙන්න ඉඩකඩ වැඩියි. ඉතින් ඒ හේතුවත් අපේ මාතෘකාවේ කාරණාවට බලපාන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට මේකේ ප්‍රතිවිරුද්ධ පැත්තත් වෙන්න ඉඩකඩ නැත්තෙම නැහැ.
  • Laptop එක ටික දවසක් භාවිතා කරන්නේ නැත්නම් බැටරිය ගලවා තබන්න. ඔබ සතියක් දෙකක් Laptop එක භාවිතා නොකර සිටින්නේ නම් එහි බැටරිය 40% ක් පමණ චාර්ජ් එක තිබියදී ගලවා cool තැනත තබන්න.
  • බැට්රිය නිසියාකාරව නඩත්තු කරන්න. Battery contacts මත ටික කාලයක් යනවිට මලකඩ හෝ දුහුවිලි බැදීමත් බැටරියේ ක්‍රියාකාරීත්වයට බාදාවක්. ඒ නිසා Laptop එක ක්‍රියාවිරහිත කරල, ප්‍රධාන විදුලි සැපයුමෙනුත් මුළුමනින්ම ඉවත් කරල බැට්රිය  පරිගණකයෙන් ගලවා කොට්න් රෙදි කැබැල්ලක් ස්ර්ජිකල් ස්පිරිට් වැනි ඇල්කොහොල් එකකින් පොගවා ප්‍රවේශමෙන් බැට්රියේ contacts පිසදමන්න. ඉන්පසු එය හොදින් සම්පූර්ණයෙන්ම වියලෙන්නට හැර නැවත සවි කරන්න. මෙම පිරිසිදු කිරීම මාස 2-3 කට සැරයක් කරන්න හැකිනම් හොදයි.
නැවත අළුත් බැට්රියක් සවිකරන්නේ නම් ලාභ බාල බැට්රියක් වෙනුවට ඒ පරිගණකයට ගැලපෙන හොදම වර්ගයේ බැට්රියක් දැමීමත්, භාවිතා කරන AC adapter එක එයට ගැලපෙන එකම භාවිතයටත් තරයේ හිතට ගන්න. ඒ වගේම නව බැට්රිය මුලින්ම එයට අදාල වෙන විදියට චාර්ජ් කර ගැනීමත් වැදගත්.

ඉස්සර Laptop  වල භාවිතා වුන NiMH (nickel-metal hydride) වගේ නිකල් බැට්රි සම්පූර්ණයෙන්ම විසර්ජනය වූ පසු චාර්ජ කරන්නට අවශ්‍යවුනත් දැන් භාවිතා වන lithium ion මුළුමනින්ම විසර්ජනය විය යුතු නැහැ එය නැවත ආරෝපණය කරන්නට. හැබැයි ඒ වගේම මෙම lithium ion බැට්රි සම්පූර්ණයෙන්ම විසර්ජනය නොවී පවත්වා ගැනීමත් වැදගත්. ඒ වගේම පරිගණතය හා ලබාදෙන අත්පොතේ මේ පිළිබදව සියළුම විස්තර නිවැරදිව ඇති නිසා එය පරිශීලනය කර නිසියාකාරව එම කටයුත්ත සිදු කර ගැනීම හොදයි.

හැකි සෑම විටකම ඍජුව ප්‍රධාන විදුලි සැපයුමට AC adapter  එක සවිකරනවා වෙනුවට UPS එකක් හරහා විදුලිය ලබා දී බැට්රිය චාර්ජ් කර ගැනීම වඩාත් කාලෝචිතයි.

මම ලිපිය නම් බොහොම සරලව ඉදිරිපත් ක‍ලේ ඕනැම කෙනෙකුට වටහා ගැනීම පහසුවෙන විදියට. මෙම උපක්‍රම ඔබ‍ලාගේ මෙම ගැටළුව විසදා ගන්නට ආධාරයක් වන්නටත් පුළුවන්. ඒවගේම ඔබලාගේ තව අත්දැකීම් ඇති මේ විදියට බැට්රියේ චාර්ජ් එක වගේම ආයුකාලය වැඩියෙන් තබා ගැනීමටත් සහ මේ සටහන් කරන ලද තොරතුරු වල දෝශයත් තිබේ නම් ඒවාත් නිවැරදි කරන්න ඔබට මම ආරාධනා කරනවා..  ඒ ඒක්කම පහත දක්වා ඇති සබැදියන් හරහා තව වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.

19 comments:

  1. Very informative blog....thanks for shearing

    ReplyDelete
  2. වැදගත් ලිපියක්....ඔන්න මම ඊයක් විදිහට ලින්ක් එක බෙදා හැරියා...

    ReplyDelete
  3. අපිට නම් හරිම වැදගත් කරුණු මේ . ස්තුතියි ගත් මහන්සියට ..

    ReplyDelete
  4. Really useful! Thanks a lot for sharing these valuable information with us...

    ReplyDelete
  5. ela, මම නම් භාවිතා කරන්නේ Acer Timeline එකක් ,හොඳ පවර් පැල්න් එකකින් පැය 7.5 ක් ප්‍රායොගිකව වැඩ කරල තියනව . මේකේ තියන Dedicated VGA එක වෙනුවට Intel VGA එකට බැහැල තමයි බැටරියෙන් දුවන කොට වැඩ කරන්නේ . අර පැය 7.5 වැඩ කලේ මම පැය 2කට වැඩි ෆිල්ම් එකකුත් බලලා , නැත්නම් සමාගම කියන විදිහට පැය 8+ පුලුවන් වෙයි

    ReplyDelete
  6. නියමයි. ස්තූතියි. ඔහේට තව තවත් ලියන්න හයිය හත්තිය ලැබේවා !

    ReplyDelete
  7. සුපිරිම සුපිරි ලිපියක් සහෝ..... බොහෝමත්ම ස්තූතියි දැනුම බෙදාගත්තාට....

    ReplyDelete
  8. තෑන්ක්ස් දිනේශ්.

    ReplyDelete
  9. මීට වඩා හොඳට පවර් සේව් කරන්න පුලුවන් පවිච්චි නොකරම හිටියනම් :)

    ReplyDelete
  10. ඉතාම වැදගත් ලිපියක්. සහෝදරයා උඹේ මහන්සිය අපතේ ගියේ නෑ. අපි ප්‍රයෝජනයට ගන්නවා.

    ReplyDelete
  11. ගොඩක්ම හොද ලිපියක්.ගොඩක් ස්තුතියි

    ReplyDelete
  12. මෙන්න ‍හැ‍මෝටම මම ස්තූති කරනවා. ඒ වගේම ඇනෝ කෙනෙක් කිවුවා වගේ මීට වඩා හොඳට පවර් සේව් කරන්න පුලුවන් පවිච්චි නොකරම හිටියනම්. හැබැයි මේ ලිපියෙන් කියන්න උත්සහකරේ බැට්රියෙන් පමණක් පරිගණකය ක්‍රියාත්මක කරන විට බැට්රියේ බලය හැකිතාක් වෙලා පවත්වාගෙන යන්න උපක්‍රම කිහිපයක් තමයි...

    ReplyDelete
  13. පට්ට ලිපිය බැට්‍රිය ගැනත් ලියන්න මාර මාර දේවල් නෙ බං තියෙන්නෙ :D

    ReplyDelete
  14. පට්ටයි
    Thanx !!

    ReplyDelete