Friday, September 9, 2011

මෙන්න හිට්ලර් හා දෙවන ලෝක යුද්දය ගැන දැන ගන්න පොත් තුනක්ම...

දැන් මේ මාතෘකාව ගිණියම් වෙලා තියෙන මොහොතක් බව දිගටම සත් සමුදුරට ආවගිය කෙනෙකුට නම් අමුත්තක් නොවෙයිනේ. හැබැයි ඉතින් ඔබලා හිතයිද දන්නෙත් නැහැ දැන් එකම දෙයක් ගැන හෝද හෝද මඩේ දානවා වගේ ලිපි දානවද කියලත්. කොහොම වුනත් ඒ කරුණ ගැන නොදන්නා දේවල් රැසක් තව දැනගන්නටත් සැප්තැම්බර් මා‍සයේ යෙදෙන සාහිත්‍ය මාසයේදී ඔබ පොත් ලබා ගැනීමට බලාපොරොත්තුවන්නේ නම් මෙයද එක් උදව්වක් වේය යන චේතනාවෙන් තමයි සනිටුහන් කරන්නට බලාපොරොත්තු‍වුනේ.

පළමුවෙන්ම කියන්න යන පොතේ නම තමයි ඒකාධිපති හිට්ලර්. මේ පොතේ කතෘවරයා රිචඩ් විජයසි‍රි මහතා වන අතර එය ප්‍රථමයෙන්ම මුද්‍රණය කර තිබෙන්නේ 1981 දී. එහෙත් මෙම පොතේ කරුණු මුලින්ම ඒ මහතා විසින්ම 1975-1976 කාලයේ ලංකාදීප පුවත්පතට ලියන ලද හිට්ලර් හා දෙවන ලෝක යුද්දය අලලා ලියන ලද හිට්ලර්ගේ මාරක දස දවස කියන ලිපි පෙල ඇසුරෙන් තමයි ලබා ගෙන තියෙන්නේ.



හැබැයි ඉතින් මේ දෙවන ලෝක යුද්දය හා හිට්ලර් ගැන කතා කරන කොට කලබලයට පත්වන අය එදත් ඉදල තියෙනවා. මෙම පොතේ පෙරවදනින් ඒ ගැන හොදට දැන ගන්න පුළුවන්. ඒ කියන්නේ හිට්ලර් මිය ගියත් එම සිද්ධිවලට සම්බන්ධතාවයන් ගැන කියද්දී 1977 පළමු මුද්‍රණයට සිදු කරන්න යද්දි වුන හොද හොද වැඩ අද ඒ ගැන කතා කරන්න යන කොට වෙනදේටත් වඩා බැරෑරුම් වෙලා තියෙනවා.

පොත දෙවන වරට නම් ප්‍රකාශයට පත් කරල තියෙන්නේ 2005 දී. ඒ විජේසූරිය ග්‍රන්ථ කේන්‍ද්‍රය මගින්. පොත එතරම් විශාල නැතිවුනත් මෙම කරුණු පිළිබදව සංක්‍ෂිප්තව ඉතා හොදින් විග්‍රහ කරල තියෙනව කියලත් කියන් පුළුවන්.
පොතේ මිල රු.190/= ක් වන අතර එහි ISBN අංකය - ISBN 955-652-216-6

දෙවනියට කියන්න යන පොතත් මේ කරුණට නෑකම් කියන එකක් තමයි. මේ පොතේ නම තමයි ගිනි මැද සක්මන හිට්ලර්ගේ ලේකම්වරිය කියන කතාව. මෙය පරිවර්ථන කෘතියක්. මෙය පරිවර්ථනය කරලා තියෙන්නේ රංජිත් කුරුප්පු මහතා විසින්. පොතේ මුල් කතුවරිය තමයි ට්‍රවුඩ්ල් යුන්ග්. ඇය තමයි මේ කියන ලේකම්වරිය. මුල් කෘතියේ නම තමයි Bis zur  Ietzten Stunde' මෙම පොතෙන් හිට්ලර් බොහෝමයක් කාන්තාවන්ගේ හිත දිනාගත් තැනැත්තෙකු හා එයට ඔහු දැක්වූ දක්‍ෂතාවය ගැන සදහන් වනවාසේම තවත් බොහෝ කරුණු ඔහු ගැන, ඔහු වටා සිටි නිළධාරීන්, හිතවතුන්, ඔහුගේ පෙම්වතිය හා යුද්දය ගැනත් දැනගන්නට මෙම පොතෙන් හැකියාව තියෙනවා.

ඒ එක්කම 2008 වසරේදී තිරගතවූ Tom Cruise රඟපෑ Valkyrie චිත්‍රපටියට පාදක වූ සත්‍ය සිදුවීමත් මෙම පොතේදී දැනගන්නට හැකියාව තියෙනවා.

පොතේ මිල රු.300/= ක් වන අතර එය ප්‍රකාශනයට පත් කරල තියෙන්නේ ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින්. එහි ISBN අංකය - ISBN 978-955-1822-67-5.

අවසානයට කියන්නට යන පොතේ නම හිට්ලර්ගේ අවසානය. මෙයත් පරිවර්ථන කෘතියක් වන අතර එයද පරිවර්ථනය කර තියෙන්නේ කලින් පොතේ කපරිවර්තකතුමන් වන රංජිත් කුරුප්පු මහතා විසින්මයි. මුල් කෘතියේ නම Joachim Fest DER UNTERGANG.

මෙම පොතෙන්ද හිට්ලර් පිළිබදව, ඔහුගේ නිළධාරීන්, සෝවියට් රතු හමුදාව ගැන මෙන්ම අවසාන භාගයේ දෙවන ලෝක යුද්දය කෙරී ගෙන ගිය ආකාරය දැනකියා ගන්නට පුළුවන්. මෙහිදී එම හමුදාවන්ගේ දක්‍ෂතාවයන්, දුර්වලතා හා කැපවීම යන දේවල් මෙන්ම ජර්මානු හමුදාවටත් වඩා සෝවියට් ශීතල ගැන කලබල වූ අපේ රටේ පාඨක මිතුරන්ට ඒ දේ ගැනත් හොදින් දැන ගන්නට මෙම පොත  කියවා බැළුවේ නම් පුළුවන්. හැබැයි ඉතින් මේ අවස්ථාවෙත් කියන්නේ යුද්දයේ එක් සාධකයක් පමණයි මෙම ශීතල සංසිද්ධිය.

සරසවි ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශනයට පත් කල මෙම පොතේ මිල නම් සදහන් කල නොහැක්කේ මා පුස්තකාලයෙන් ලබා ගත් පොතේ පසුකවරය මත ඝනකම් කවරයක් අලවා ඇති නිසා එම කවරය නොපෙනෙන තත්වයක තිබීම නිසාය. මෙහි  ISBN අංකය - ISBN 955-573-396-1.

මේ පොත් ඔබට හැකියාවක් ලැබු‍නොත් කියවන්න. හැබැයි ඉතින් මම කියන්නේ නැහැ මේ පොත් වල සදහන් කරුණු 100% ක්ම නිවැරදි යයි පිළිගන්නට කියා. ඔබ මේ විශය ගැන උනන්දුවන අයෙක් නම් තවදුරටත් වෙනත් මූලාශ්‍රත් ඇසුරු කරල ඒ ගැන තීරණවලට එළඹෙන්න.

හිට්ලර් හා දෙවන ලෝක යුද්දය ගැන කතා කල පෙර ලිපි -
හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler

දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම් ගැන නොදන්නා අයට දැනගන්නටත්, ටිකක් දන්නා අයට එම දැනුම වැඩි කර ගැනීමටත්, ඉතිහාසය වෙනස් කරන්නට යන අයට අඩුම තරමෙන් මෙය කියවා වත් තමන් දරන මතය හා වපුරන විහිළු බොරු මතයන්ගෙන් ඈත් වීමටත් හොද පොතක් (International Politics) සහ සත් සමුදුරේ තවත් කඩඉමක් සමග පසුගියදා පල කල හිට්ලර් ගැන ලිපියේ ඇතැම් ඇනෝනිමසයන්ට පිළිතුරු..

14 comments:

  1. ගිනි මැද සක්මන පොත මාත් කියවල තියෙනවා. අනිත් දෙකත් හොයාගෙන කියවන්න ඕනේ. දැනුවත් කළාට තෑන්ක්ස්.

    ReplyDelete
  2. @උදාර - ස්තූතියි! රිචඩ් විජයසි‍රි මහතා ලියූ ඒකාධිපති හිට්ලර් පොත සදහා ඒ වන විට පල කර තිබූ පර්යේෂන ග්‍රන්ථ දෙකක්ම ගුරු කොට ගෙන තිබෙන බව කියන අතර රංජිත් කුරුප්පු මහතා විසින් පරිවර්ථනය කල හිට්ලර්ගේ අවසානය පොත සම්පාදනයේදී පර්වර්ථනයට පරිභාහිරව එම රටේදී මේ පිළිබදව සොයාබැලීමද කර තිබෙන බව සදහන්...

    ReplyDelete
    Replies
    1. ඒකාධිපති හිට්ලර් පොත ඔබ සතුව තිබේද ,? එය ශාස්ත්‍රීය කටයුත්තකට අවශ්‍යව ඇත. ඔබ මීට ප්‍රතිචාර දක්වන්නේනම් විශාල උපකාරයකි..... 0758335906

      Delete
  3. පොත් දෙකක් කියවා ඇතේ.
    ඊට අමතරව "තුන්වෙනි රාජ්‍ය ඇතුලත(inside the third reich )" හිද වැදගත් තොරතුරු රැසක් ඇත.

    ReplyDelete
  4. ඒකාධිපති හිට්ලර් මුල් මුද්‍රණ පිටපතක් කි‍යවලා ති‍යෙනවා.. ඒක අපේ රටේ රාජ්‍ය තහනමට ලක්වෙලා. "මරණ‍යේ දොරටුව- අවුෂ්විට්ස්" කි‍යලා පොතකුත් ති‍යෙනවා. Dr.Miklos Nysleyලි‍යපු.
    මේවගේ E-book එහෙම නැද්ද?සල්ලි දීලා පොතක් ගත්තු කාල‍යක් මතක නෑ..

    ReplyDelete
  5. මෙවැනි කාරණා සම්බන්දයෙන් ඉන්ග්‍රීසි ebook සොයා ගැනීම මදක් දුෂ්කරය... සිංහල e -book ඇත්තෙම නැතැයි කිව හැක.

    ReplyDelete
  6. @මගේ කතාව - "තුන්වෙනි රාජ්‍ය ඇතුලත(inside the third reich )" ගැන කිව්වාට ස්තූතියි. එහි සිංහල පරිවර්ථනයක් ඇති බව නොදැන සිටියෙමි. හිට්ලර් හා දෙවන ලෝක යුද්දයේ සිංහල පරිවර්ථන බොහෝමයකට අත්පොත ලෙස ගෙන ඇත්තේ එය බව ‍මේ ලේඛකයන්ගේ පෙරවදනින් පෙනේ...

    ReplyDelete
  7. ඇනෝ මිතුරා, මගේ කතාවද කියා ඇති පරිදි මේවායේ E-book එහෙම නම් නැහැ. අනික මේවා ස්කෑන් කරලා එසේ ලබාදීම නීති විරෝධී කටයුත්තක්. හැබැයි ඔබට පුස්තකාලයකින් මේ පොත් ලබා ගෙන කියවන්න පුළුවන්. දැන් කාලේ පොත් නම් මිලදී ගන්න බැහැ තමයි. මිලත් වැඩියි. හැබැයි BMICH පොත් ප්‍රදර්ශනයේදී ටිකක් අඩුවෙන් ගන්න පුළුවන් වෙයි. මමත් ගොඩක් පොත් ගන්නේ පොත් ප්‍රදර්ශනවලින්. නැත්නම් පුස්තකාලයෙන් අරගෙන තමයි කියවන්නේ...

    ReplyDelete
  8. ඔබට බොහොමත්ම ස්තුතියි. (බොහොම පින්) මෑතකදී පල වුන ලිපි මගින් මම 17 වනදා මිලදී ගැනීමට පිලියල කරන පොත් ලයිස්තුවට පොත් කිහිපයක්ම ඇතුලත් කලා. සත්සමුදුරට දිගාසිරි.

    ReplyDelete
  9. බොහෝම වටින පොත් ටිකක් දැනුවත් කිරීම ගැන ස්තුති වෙන ගමන්ම පුංචි ප්‍රශ්නයකුත් තියනව මට දිනේශ් අයියගෙන් අහන්න....අයිය මේ දාල තියන ගිනි මැද සක්මන කියන පොතේයි Downfall[Der Untergang]2004 ෆිල්ම් එකෙයි මොකක් හරි සම්බන්දයක් තියනවද කියල මම දැනගන්න කැමතියි මම.....මොකද මේ කවරයේ ඉන්න Alexandra තමයි Downfall ෆිල්ම් එකේ හිට්ලර්ගේ ලේකම් වරියට රගපාන්නේ.....! සත්සමුදුරෙන් පලවන ලෝක යුද්දේට අදාල දේවලුත් පල කරන්න කියල දිනේශ් අයියගෙන් මම ඉල්ලනව.......

    ReplyDelete
  10. @Dega- ස්තුතියි! මම හැබැයි ඔය චිත්‍රපටිය නම් බලලා නැහැ. ඉදිරියේදී ඒක බලන්නම්. පළමු ලෝක යුද්දය ගැන ලියන්න තමයි හිතාගෙන ඉන්නේ...

    ReplyDelete
  11. @Dega
    Downfall ෆිල්ම් එකේ රචකයා වන Bernd Eichinger තම නිර්මාණය සඳහා පාදක කරගත් ග්‍රන්ථවලින් එකක් තමයි ගිනි මැද සක්මන ග්‍රන්ථය. ඔය දෙකේ තියෙන සම්බන්ධය ඕකයි.

    ReplyDelete
  12. @ දිනේශ්-ස්තුතියි අයියේ....
    @ උදාර-අයියටත් බොහොම ස්තුතියි......

    ReplyDelete
  13. http://ifile.it/ufo5bz/ebooksclub.org__Auschwitz__A_Doctor__039_s_Eyewitness_Account.l_nkx3t5084x9tx4n.pdf
    ඉහත ලින්ක් එකෙන් Dr. Miklos Nyiszli ගේ Auschwitz: A Doctor's Eyewitness Account පොත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

    ReplyDelete