Wednesday, June 29, 2011

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ අකුරුකරවීම - 4 කොටස

මායාවරුන්ගේ ආගම් හා ඇදහීම් පිළිබදව පසුගිය ලිපියෙන් අපි කතා බහ කල අතරම අධික කාර්යබහුල බව නිසා කෙටි නිහැඩියාවකට පසු නැවතත් අපි මායාවරුන්ගේ සම්භාව්‍ය යුගයේ තවත් වැදගත් කරුණු  මෙම ලිපියෙනුත් සොයාබලමු.

විද්‍යාව හා ලේඛණය
මායවරුන් සතුව ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නැංවිමට සමත්වූ දක්‍ෂතාවයන් රැසක්ම තිබූ අතර එයින් කැපී පෙනෙනම දක්‍ෂතාවය වූයේ ගණිතයට හා තාරකා ශාස්ත්‍රයට ඔවුන් දැක්වූ නිපුණතාවයයි. එම ඥානය භාවිතා කර ඔවුන්ගේ විවිද කරුණු අරඹයා පැවැත්වෙන ආගමික උත්සව පැවැත්වීම පිණිස අන්තර්කාල දිනදර්ශන කිහිපයක්ම ඔවුන් සම්පානයකරගෙන ඇත. 
මායා දිනදර්ශනය 
එයින් එක් දිනදර්ශනයක් වන්නේ හිරු පාදක කරගෙන තනා ගෙන ඇති දින 365 ක දිනදර්ශනයයි. මෙම කැලැන්ඩරයේ මාස 18 ක් තිබී ඇති අතර දල වශයෙන් එක් මසකට දින 20 ක් යෙදී ඇත. මෙම දිනදර්ශනය Haab ලෙස හදුන්වා ඇත. එසේම මෙහි එක් මසකට දින 5 ක් තිබී ඇති අතර එම දින Uayeb යන නමින් හදුන්වා ඇත.




දෙවැන්න පූජනීය දින 260 ක් යොදාගෙන මාස 13 ක් වන සේ තනා ඇති ලිතක් මගින් වාසනාවන්ත හා අවාසනාවන්ත දින සොයාගැනීමට එසේත් නැතහොත් යමෙකුගේ දෛව්‍ය නිර්ණය කිරීමට හදාගෙන ඇති දිනදර්ශනයයි. මෙම දිනදර්ශනය Tzolk’in ලෙස හැදින්වේ.


(මෙම රූපය විශාලනය කර බැලීම සදහා එය මත click කරන්න).


එසේම මෙම දිනදර්ශන දෙකම යොදාගෙන ඔවුන් ඒ ඒ දිනට නියමිත කාර්යයන්ද තීරණය කොට ඇත. එපමනක් නොව එම  දිනදර්ශන දෙකෙහි සංකලනයෙන් සූර්ය හෝ චන්‍ද්‍රග්‍රහණ සිදුවන දින හා ඔවුන්ගේ වැදගත්ම ග්‍රහයාවන සිකුරු ග්‍රහයාගේ කක්‍ෂගත පිහිටීම පවා නිර්ණය කර ගැනීමට සමතුන් වී ඇත.


මායා තාරකා විද්‍යාඥයන් අසීරු ගණිත ගැටළුද විසදීමට සමතුන් බව කියයි. ඒ ඇසුරෙන් ඔවුන්ට අනාගතයේ හෝ අතීතයේ වසර දහස් ගණනක සතියේ දිනයට අදාල දවස කීමට තරම් ප්‍රාගුණ්‍යයක් තිබී ඇත. එසේම දිනදර්ශනයක දින ඉවත් කර හෝ වෙනමම එකතුකර නිවැරද තාරකා විද්‍යාත්මක් ගණනය කිරීම සිදුකර ඇත.
ඔවුන් සතුව දශම හෝ භාග වලින් ගණිත කර්ම විසදීමේ හැකියාව නොතිබී ඇති අතර concept of zero න්‍යාඥ යොදාගෙන සංකීර්ණ ගැටළුද විසදා ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ පුරාණයේ පැවති බො‍හෝ ශිෂ්ඨාචාර concept of zero න්‍යාඥ පිළිබදව දැනුමක් නොතිබූ බව ඉතිහාසඥයන්ගේ මතය වේ.

(මෙම දින දර්ශන පිළිබද වැඩිදුරටත් ඉදිරියේදි කතා කරමු).

සංකීර්ණ ලේඛණ කලාවක් ඇති කර ගැනීමටද ඔවුන් මනාව සමත්වී ඇත. ඒ සදහා මුලින්ද සදහන් කල පරිදි hieroglyphic ක්‍රමය යොදා ගෙන ඇති අතර එමගින් ඔවුන්ගේ ඉතිහාසය හා වංශාවලිය පිළිබදව ලේඛණ තබා ඇත. මෙම ලියාතැබීම් ඔවුන් තනා ගෙන ඇති bark කඩදාසියෙන් යුතු පොත් හෙවත් codices වල මෙන්ම ශිලා ස්ථම්භවල අල්තාරවල, ලී ලින්ටල් මත හා වහලවල ලී පරාල මත මෙන්ම මැටි බදුන්වල පින්තාරු කිරීමෙන්ද සිදුකර ඇත.. මෙම ශිෂ්ඨාචාර පිළිබදව වැඩිදුර අධ්‍යයනය සිදුකල ප්‍රවීනයන්ගේ මතය අනුව මායාවරුන්ව යුරෝපීයන් විසින් ආක්‍රමණය කරන කාලසීමාවේ පවා මායාවරුන්ගේ තරම් භාෂාමය හා ලේඛනමය නිපුනත්වයක් යුරෝපීයන්ගේ පවා නොතීබූ බව පැවසේ.

මෙම hieroglyphic නිර්මාණය සදහා යොදා ගෙන ඇති සංකේත නැතහොත් glyph විවිච රූප වලින් යුතුවූ අතර ඒවා මිනිස් රූප, සත්ව රූප, අදභූත රූප, විවිද වස්තු හා හැඩතල ආදිය යොදාගෙන ඇත. සංකිර්ණ ලේඛණ තැබීමක් වුවත් මායාවරුන්ට ඕනෑම වචනයක් මෙම සංකේත ආධාරයෙන් ලිවිය හැකිවූවා මෙන්ම සාමාන්‍ය වචන ඉදිරිපත් කිරීමට මෙන්ම ගණිතමය අගයන් සදහාද වෙන වෙනම සංකේත ඔවුන් භාවිතා කර ඇත. එසේම වචන තැනීමේදී සංකේත කිහිපයක් එකට ඈදා එය සිදුකර ඇතිබවද ඉතිහාසඥයන් පවසයි.
glyph
මායාවරුන්ගේ ඉලක්කම් අක්‍ෂරගත කිරීම ගත් කල එය මූලිකව සංකේත තුනක් මත පමණක් රදාපැවති අතර එම සංකේත එකිනෙක මිශ්‍රකිරීමෙන් අනෙකුත් ඉලක්කම් ගොඩනැංවීම කලහ. මේ එම මූලික සංකේත තුනයි.

මේ එම සංකේත සම්මිශ්‍රනය තුලින් අංක 29 දක්වා ඉලක්කම් ලියා ඇති ආකාරයයි.


20 සහ 100 දැක්වූ අයුරු,


ඔවුන්ගේ අංක 20 පාදයෙන් භාවිතා කර ඇති අතර එය vigesimal ලෙස හැදින්වේ.




2007 අගය දැක්වූ අයුරු.

සංකීර්ණ සංඛ්‍යා ගොඩනංවා ඇති අයුරු.



මෙම අංක තිරස්ව මෙන්ම තිරස්වද ලිවීමට ඔවුන් සමත්ව ඇති අතර අංක වලට ආවේනික  රූප පවා ඔවුන්ගේ ලේඛන කලාවට යොදාගෙන ඇත. දින දර්ශන ආදිය සැකසීමේදී යොදාගෙන ඇත්තේ මෙම රූපයි.




මෙම ලිපිය කියවූ පසු ඔබද මෙම මායාවරුන්ගේ ගණිතය පිළිබදව සිතන්නට මොලය වෙහෙසන්නට ඇති නිසා 
මෙම කොටස මෙතනින් අවසන් කිරීමට අදහස් කරමි. කෙසේවෙතත් ඉතිහාසඥයන්ගේ මතය අනුව අනෙකුත් Pre-ColumbianAmerican civilizations නැතහොත් ඇමරිකානු මහද්වීපය තුල තිබූ අනෙකුත් ඉපැරණි ශිෂ්ඨාචාර වල 
මායාවරුන්ට තරම් දියුණු ලේඛණ කලාවක්, කලාත්මක ලෙස නිර්මාණ කිරීමේ හැකියාවක්, ඉහළ ගණිතමය ඥානයක්
හා ඉහල තාරකා ශාස්ත්‍රයක් නොතිබූ බවද අවධාරණය කරයි.
එහෙනම් පස්වන ලිපියෙන් හමුවෙමු...


18 comments:

  1. මායා වරු ගනං හදන්න මාර කට්ටක් කන්න ඇති , හැබැයි මෙයාලට කොහෙන්ද මේ දැනුම වෙනත් ඇමරිකානු ශිෂ්ඨාචාර වල දක්නට නොමැති විශිෂ්ඨ ගණිත හැකියාවක්...........................!

    ReplyDelete
  2. ඉක්මනින් 5 වෙනි ලිපිය කියවන්නට ආසයි කිවුවා ඔන්න...
    කියවන්න ආස හිතෙන විදිහට වැදගත් ලිපියක් ලියලා තියනවා... අනිත් කොටස ඉක්මන් වෙන තරමට තවත් ආස හිතෙයි ඔන්න

    ReplyDelete
  3. @sameera - අද තියෙන තාක්‍ෂනයට සාපේක්‍ෂව අමාරුදෙයක් කියල පෙනුනත් එදා එය එතරම් දෙයක් නොවන්නට ඇති. නැත්නම් අතිසංකීර්ණ දිනදර්ශන හා ඒ ආශ්‍රිතව ලිත් ආදිය ඔවුන්ට තනන්න ලැබෙන එකකුත් නැහැ. කෙසේවෙතත් ඔබ අහල තියෙන කරුණු වැදගත්, "කොහෙන්ද අනිත් ඇමරිකානු ශිෂ්ඨාචාර වල දක්නට නොමැති විශිෂ්ඨ ගණිත හැකියාවක්" අපි ඒ ගැනත් කරුණු සොයමු...

    ReplyDelete
  4. @MaRLaN - මලයෝ, පස්වන ලිපය විතරක් නෙවෙයි මේ ලිපි පෙලම එක හුස්මට ලියල දාන්න ඇත්නම් මමත් කැමතියි. හැබැයි ඉතින් ගෙදර වැඩ නොකර කම්පියුටරේ ගාව වාඩිවෙලා එහෙම කරකර හිටියොත්, මගේ නෝනා මාව ගෙදරින් දොට්ට දමයි ඕං, ඉතින් ඔය ඇතිවෙච්චි ආසාව අඩුවක් කරගන්නැතුව තියාගන්නව හොදයි, පස්වන ලිපියෙන් එහෙනම් මුලිච්චිවෙමු, ස්තූතියි කිව්වා මෙන්න!

    ReplyDelete
  5. හරිම රසවත්. ටිකක් ඔලුව කැරකෙන ව තමයි ගණන් දැක්කම . හැබැයි ඉතින් තර්කානුකුලයි. අනික් ශිෂ්ටාචාර තරම් මායා ගැන පාසල් පොත් වල තිබ්බේ නැහැ . දැන් වෙනස්ද දන්නේ නැහැ. අපොයි හාමිනේත් තරහ කර නොගෙන හිමිට ලියන්න .

    ReplyDelete
  6. වටින කරුණු ටිකක් අදත් දැනගත්ත. තෑන්ක්ස් දිනේශ්.

    ReplyDelete
  7. මේ පැත්තෙන් නම් මායාවරු ගොඩක් දියුණුයි වගේ. ඒත් මනුෂ්‍යත්වය පැත්තෙන් ඉතාම පහත් මට්ටමක. හරිම පරස්පර හැසිරීමක්.
    ඊළඟ කොටස බලාපොරොත්තුවෙන් ඉන්නම්..

    ReplyDelete
  8. @Bindi - ස්තූතියි‍! මටත් මුලින්ම මේ ගැන කියවන කොට මායාවරුන්ගේ ගණිත සාස්තරේ තේරුම් ගන්න බැරිවුනා. ඔව් ගෙදර වැඩ නොකර කම්පියුටරේ ගාවට වෙලා ඉන්නවා කියලා හැමදාම බැනුම් තමයි...

    ReplyDelete
  9. great artical.thank you friend.

    ReplyDelete
  10. @උදාර - ස්තූතියි! පස්වන කොටසත් නොදන්නා දේවලින් සමන්විත වෙතැයි බලාපොරොත්තුවෙමු...

    ReplyDelete
  11. @``` Outsider``` - විසිවන සියවසේ දෙවන ලෝක යුද්දයට පසුව තමයි මනුෂ්‍යත්වය ගැන එහෙමත් නැත්නම් මිනිස් ජීවිතයක වටිනාකම පිළිබදව සලකා එය රැක ගැනීමට විධිවිධානයන් යෙදුවේ. එ‍තෙක් ලෝක‍යේ ‍කෙතරම් දියුණුයයි කියන ශිෂ්ඨාචාරයක වුනත් සිදුවුනේ මේ වගේ ම්ලේච්ඡ දේවල්ම තමයි...

    ReplyDelete
  12. අද post 1නම් ගොඩක් පරක්කු උනා වැඩියි ඔන්න.අලුත් විස්තර බලන්න දත කට මැදගෙන අැවිත් කීප දවසක්ම හිස් අතින් යන්න උනා.කොහොම උනත් කියල දුන්න කරුණුවලට ගොඩක් ස්තූතියි.(අමතර ප්‍රශ්නයක් අහන්න කමක් නැතිනම් Unicodeවලින් ඇ,ආ වගේ අකුරු ටයිප් කරන්නෙ කොහොමද?මම Unicodeවලට අලුත්)
    (සජී)

    ReplyDelete
  13. @ සජී : මෙන්න මේක පාවිච්චි කරලා බලන්න
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    මගපෙන්වීම් සහිතයි

    ReplyDelete
  14. ජය වේවා දිනේශ් අයියා . කවදාවත් දැන නොහිටි කරුණු කන්දරාවක් කියාදුන්නට ස්තූතියි කීවා ,..!!

    ReplyDelete
  15. @සජී - ස්තූතියි! ඔව් මේ පාර නම් ලිපියක් පල කරන්න සෑහෙන්න කාලයක් ගියා. මුලදිම සටහන් කල විදියට ගෘහස්ථ ජීවිතයේදී යෙදෙන නොයෙක් වැඩ කටයුතු නිසා තමයි මේ වගේ ප්‍රමාදවීම් ඇතිවෙන්නේ. ඔබ අහල තියෙන අකුරු පිළිබද ගැටළුවේදී සමීර කියල තියෙන ආකාරයත් අනුගමනය කල හැකියි. ඇ සදහා W සහ E අකුරුත්, ආ සදහා w සහ D අකුරුත් භාවිතා කල හැකියි...

    ReplyDelete
  16. @හිස් අහස - ස්තූතියි මල්ලී, ඉදිරි‍ කොටස් වලදිත් ‍නොදන්නා දේවල් රැසක් තියේවි...

    ReplyDelete
  17. බොහොම සංකීර්ණ දැනුමක් තිබුණු මිනිස්සු කොටසක් නොවෑ...
    කෝරලේ වලව්ව

    ReplyDelete