Sunday, April 24, 2011

රුව නොපෙනුනත් හඩ පවා විශේෂයි!!! - Mel Gibson - අපේ කාලයේ තවත් විශිෂ්ඨ නළුවෙක්/අධ්‍යක්‍ෂකවරයෙක් - III කොටස

තෙවැන්න හා මෙම ලිපි පෙලේ අවසානය වන මෙහි මුලින්ම දක්වන්නේ මෙල් ගිබ්සන් රඟනොපෑවද සිය හඩ ලබා දීමෙන් පවා බාල තරුණ මහළු සියළු දෙනාගේ සිත් පහන් කල කාටුන් නිර්මාණයක් වූ Chicken Run චිත්‍රපටිය පිළිබදවයි. 2000 දී තිරගත වූ මෙය විනෝදාත්මක චිත්‍රපටියක් විය. තිරය මත රූපය නොපෙනුනත් සිය හඩ සැපයීමෙන් පවා මෙම චිත්‍රපටිය සාර්ථකත්වයට පත්කිරීමට මෙල් සිය නොමසුරු දායකත්වය සපයා තිබූ බව ඔබට පැවසිය යුතුමයි.

 

මෙල් ගිබ්සන්ගේ චිත්‍රපටි අතුරින් 2000 දි තිරගත වුන The Patriot චිත්‍රපටිය ගැනද නොකියාම බැහැ. ඔස්කාර් සම්මාන තුනක් සදහාද නිර්දේශ වූ මෙහි ඇමරිකානු විප්ලවය සිදුවූ කාල සමය පසුබිම් කොටගෙන නිමවී තිබෙනවා.තමන්ගේ පාඩුවේ සාමකාමිව සිටින ගොවියෙකුගේ චරිතයට පණ දෙන මෙල්ට සිය පුතා සාහසික බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකු අතින් මරුමුවට පත්වීමත් සමග ඔවුන් හා එරෙහිව සටන් වදින අයුරු මෙහි නිරූපනය වේ.


 මෙම ලිපියේ අවසානයට ඔබ වෙත ඉදිරිපත් කරන්නේ තවත් හොද චිත්‍රපටියක් වූ We Were Soldiers පිළිබදවයි. 2002 දී තිරගත වූ මෙය වියට්නාම් යුද සමය පාදක කොට ගෙන නිමවූවක් වන අතර යුද බිමට යන කර්නල්වරයෙකුගේ චරිතය මෙල් නිරූපනය කලේය. යුද්දයක දැක ගත හැකි සියළු කටුක තත්වයන් මැනවින් පෙන්නුම් කල මෙම නිර්මානය, සාමාන්‍යයෙන් ඇමරිකානු සිනමාවේ වියට්නාම් යුද්දයේ සිනමා ආගමනයේදී ඇමරිකාව දෙසට වාසි සහගත ලෙස නිමා කිරීමේ ව්‍යාජ ‍වෑයම මෙහිදී යම් තාක් දුරකට අඩුවී තිබෙන අතර චිත්‍රපටිය නිමාව දකින අවස්ථාවේ සමබර ලෙස අවසන් කර තිබීම පැසසුම් සහගතය.

මේ අනුව මෙල් ගිබ්සන් ගැන ලියවුන ‍මෙම ලිපි පෙල දැනට අවසන් කරන අතර ඉදිරියේදී ඔහුගේ තව නිර්මාණ ගැන ඉඩ ලැබෙන අයුරින් කතා කරමු... 

8 comments:

  1. සාර්ථක ලිපි පෙළක සාර්ථක නිමාවක්. නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත. බොහොම ස්තූතියි දි​නේශ්.

    ReplyDelete
  2. නියමයි වටින ලිපි පෙලක්...හෑමදාම වගේ හරවත් දෙයක්..

    ReplyDelete
  3. බොහෝම ස්තූතියි මෙම ලිපි කිහිපයට..මෙල් ගිබ්සන්ට මමත් බොහෝම කැමතියි..ඒත් තවත් හොඳ සිනමා පටයක් ඔබට අත හැරිලා කියලයි මට හිතෙන්නේ..ඇත්තටම මට ඒකේ නමනං මතක නැහැ..අනතුරක් හේතුවෙන් මුහුණේ එක් පැත්තක් විකෘති වී ඇති මිනිසකු අසල්වාසී දරුවකුට ගුරුවරයක් වන කතාවක් රැගත් එම සිනමා පටය මටනං සෑහෙන වටිනාකමක් ඇති චිත්‍රපටයක්..ප්ළුවන් නම් සොයා බලන්න..නැවත වතාවක් ස්තූතියි...

    ReplyDelete
  4. @මාරයාගේ හෝරාව - ස්තූතියි! මම එම චිත්‍රපටය තවම නරඹා නැහැ. කරුණාකර එහි නම දැන ගන්න ලැබුනොත් කියන්න...

    ReplyDelete
  5. අවසානයේදී යාන්තම් හොයා ගත්තා..මෙන්න
    "Man Without a Face" පොඩ්ඩක් හොයලා බලන්න...මටනං මේක තමයි " Brave heart" ගාවට හිතට වැදුනම ෆිල්ම් එක...

    පුළුවන්නම් හොයාගෙන බලලම වචනයක් කියන්න...

    ReplyDelete
  6. @මාරයාගේ හෝරාව - ස්තූතියි! "Man Without a Face" බලල ඒ ගැනත් කියන්නම්...

    ReplyDelete