Sunday, April 24, 2011

Mel Gibson - අපේ කාලයේ තවත් විශිෂ්ඨ නළුවෙක්/අධ්‍යක්‍ෂකවරයෙක් - 1 කොටස

හොලිවුඩ් සිනමාව තුල සෑම කාලවකවානුවකම දක්‍ෂයන්ගෙන් පිරීපවතී. ඒ ව‍ගේම ඔවුන් සිය දායකත්වය සැපයූ නිර්මාණද අපහට දකින්නට ලැබේ. සමහර දෙනෙකුගේ නිර්මාණ කිහිපයක් හෝ එකක් දෙකක් අපගේ මතකයේද බොහෝකලක් රැදී පවතී. එසේ නිර්මාණ බොහෝ සංඛ්‍යාවක් අපගේ මතකයේ රදා පැවතීමට හැකිසේ සිය දායකත්වය සැපයූ ශිල්පියෙක් වේ නම් ඒ සුළු දෙනෙක් පමණක් යයි කීමටද සිදුවේ. එසේ රංඟනයෙන් මෙන්ම අධ්‍යක්‍ෂනය, නිෂ්පාදනය හා තිර රචනය යන කාර්යයන් බොහෝමයකින් තම සලකුණ හොලිවුඩ් සිනමාව තැබූ කිහිපදෙනා අතරින් කෙනෙකි Mel Gibson.
1956 දී ඇමරිකාවේදී උපත ලැබුවත් පසුකාලීනව ඕස්ට්‍රේලියාවේ සිය මුල් අවධිය ගෙවූ Mel රංඟනය පිළිබදව අධ්‍යාපනයද ලැබූවෙක්. එහෙත් එසේ සිද්ධාන්ත වශයෙන් රංඟනවේදය පිළිබදව සීමා නොවී එය ප්‍රායෝගිකවම ප්‍රේක්‍ෂක අවධානය තමන් වෙත ඇද බැද තබාගන්නා අයුරින් සිය කලාකාමීත්වය පෙන්වූ ශිල්පියෙක් හැටියට Mel Gibson හදුන්වාදෙන්න පුළුවන්.

මෙම ශිල්පියාගේ මතකයේ රැදෙන නිර්මාණ සමූහයෙන් කිහිපයක් අද ඔබ වෙත ඉදිරිපත් කරන්නම්...

මොහුගේ සිනමා දිවිය තුල මුලින්ම ප්‍රේක්‍ෂක අවධානය දිනාගත් චිත්‍රපටිය ලෙස හැදින්වෙන්නේ Mad Max - I චිත්‍රපටියයි. මෙහි Mel පොලිස් නිලධාරියෙකුගේ චරිතයට පණ පොවන අතර සිය බිරිද හා දරුවා මෝටර් සයිකල් කල්ලියකගේ ම්ලේච්ඡත්වයට ගොදුරුව අවාසනාවන්ත ඉරණමකට ලක්විමෙන් පසු ඔහු එයට විරුද්ධව ක්‍රියාකරන ආකාරය දැක්වෙන සිනමා සිත්තමකි. මෙය 1979 දී තිරගත වුනි. මෙයට පසුවද Mad Max - II හා Mad Max - III ලෙස නිර්මාණ දෙකටද මොහු දායකවූවත් එය මුල් චිත්‍රපටිය හා සැසදීමේදී එතරම් ප්‍රශස්ථමට්ටමක නොමැති බව නම් කිව යුතුය.

දෙවනියට ඔබ වෙත ඉදිරිපත් කරන්නේ 1987, 1989, 1992 හා 1998 දී තිරගත වුන Lethal Weapon සිනමා නිර්මාණ හතර පිළිබදවයි. මෙම නිර්මාණ හතරම එක හා සමානවම හොදයයි පැවසිය හැකි නිර්මාණ වන අතර මෙහි විනෝදය, ත්‍රාසය යන දෙකම ගැබ්වී තිබූ බවද කිව යුතුය. මෙම චිත්‍රපටිවලද  Mel Gibson, Martin Riggs යන පොලිස් නිලධාරියාගේ චරිතයට පණපෙවූ අතර මෙහි සම ප්‍රධාන නළුවාගේ භූමිකාව රඟපෑ Danny Glover  ගේ රඟපෑමද, දෙවන කොටසේ සිට එකතු වූ තවත් ඔස්කාර් සම්මානනීය 
නළුවෙකු වන Joe Pesci මෙම චිත්‍රපටි මාලාවට තවත් පෝශනය සැපයූ බව කිව යුතුය. එසේම මෙම 
චිත්‍රපටි හතර අතරින් කිහිපයක්ම ඔස්කාර් සම්මාන සදහා නිර්දේශිත නාම අතරටද එක්වුනි.




අද ලිපියේ අවසානයට ඉදිරිපත් කරන්නේ Mel Gibson ගේ සිනමා දි‍වියේ සුවිශේෂම නිර්මාණය පිළිබදවයි. ඒ 1995 දී තිරගත වූ Braveheart චිත්‍රපටියයි.ප්‍රධාන චරිතයට දායක වීමෙන් අමතරව අධ්‍යක්‍ෂනයද සිදුකල මෙම චිත්‍රපටියේ කතාව අපි දන්නා Robinhood කතාවට තරමක් සමාන කමක් ඇති අතර මධ්‍යතන යු‍ගයේ බ්‍රිතාන්‍යයේ සිදුවන සිදුවීම ජාලයක් මෙහි නිරූපනය විය. 

හොලිවුඩ් සිනමාවේ හොදම චිත්‍රපටි 100 අතරටද බොහෝ සිනමා දර්ශකවල ගැනෙන මෙම චිත්‍රපටිය ඔස්කාර් සම්මාන 5 තින් පිදුම් ලැබූ අතර එයින් දෙකකටම හිමිකම් කීවේ අපගේ කතා නායකයා වන  Mel Gibson මය. ඒ හොදම අධ්‍යක්‍ෂනය හා හොදම චිත්‍රපටියට හිමි සම්මානය වෙනුවෙනි. ඊට අමතරව Best Cinematography, Best Effects, Sound Effects Editing, Best Makeup වෙනුවෙන්ද ඔස්කාර් සම්මාන සතු කර ගැනීමට මෙයට හැකිවුනි.

තව චිත්‍රපටි රැසක් මෙම නළුවා ගැන කතා කිරීමට තිබෙන අතර ඒවා ඉතිරි කොටසේදී බලමු...




6 comments:

  1. මෙල් ගිබ්සන් ගැන මුලින් ම මගේ අවධානය යොමු වුණේ ඈපකැලිප්ටෝ ෆිල්ම් එක බලලයි. ඊට පස්සෙ ඒ රහටම පැෂන් ඔෆ් ද ක්‍රිස්ට් එකත් බැලුව. ඒ නිර්මාණ දෙකම බොහොම ඉහළ මට්ටමක තියෙන බවයි මගේ අදහස.ගිබ්සන්ගෙ රගපෑම් දැකල නැති නිසා ඒ ගැන නම් තවම මට කිසිම අදහසක් නැහැ. ඔහුගේ රගපෑම් ගැන දැන ගන්නත් එක්ක ලිපියේ කියල තියෙන බ්‍රේව් හාට් බැලුවොත් හොදයි කියලත් හිතෙනවා.

    ReplyDelete
  2. @උදාර - දෙවන කොටසේදී Apocaplyto සහ The Passion of the Christ යන සිනමා නිර්මාන දෙක ගැනත් කතා කරන්න බලාපොරොත්තුවෙනවා. තෙසේ නමුත් Braveheart නම් නැරඹිය යුතුම නිර්මාණයක්. මොහුගේ සිනමා වෘත්තියේ ප්‍රධානම සැතපුම් කනුව ලෙස වුවත එය සදහන් කලාට වරදක් නැහැ...

    ReplyDelete
  3. මාත් මෙල් ගිබ්සන් ගැන දැනගත්තේ ඇපකැලිප්ටෝ මූවි එක හරහා. මෙල්ගේ නිර්මාණ කිහිපයක් බලලා තියනවා. නමුත් බ්‍රේව් හාට් හි හොඳ රංගනයක් දැක්කා කියලා කියන්න පුලුවන්.

    තව දෙයක්. මේ බ්ලොග් අඩවිය නියමයි. ගොඩක් දේවල් අරන් යන්න එන්න හොඳ තැනක්. නිතරම එනවා. කමෙන්ට් එකක් දාපු දෙවන වතාව අද. ඒ ගැන සමාවෙන්න. දිගටම කරගෙන යමු. අපි ඉන්නවා ඔබත් එක්ක. ඔබට ජය

    ReplyDelete
  4. @රොබින් - ස්තූතියි! මෙල්ගේ තව චිත්‍රපටි කිහිපයක් ගැනම කියන්න තියෙනවා. ඔබ වැනි මිතුරන් තමයි සත් සමුදුරේ ශක්තිය. හැකි හැමවෙලාවෙම අපි අදහස් හුවමාරු කර ගනිමු...

    ReplyDelete
  5. මෙ පැත්තෙ නිතරම සද්දෙ නැතුව ආව ගියත් මෙල් ගිබ්සන් ගැන ලියලා තියන්න හින්දා සද්දයක් නොදා යන්න බැහැ. මම මුලින්ම braveheart වලින් පටන් ගත්තෙ.
    රවා

    ReplyDelete
  6. @රවා - ස්තූතියි! braveheart අමතක කල නොහැකි නිර්මාණයක් තමයි. ඊට පසුකාලෙක මෙල් ගිබ්සන් ගේ හොද නිර්මානත් කාලයක් මතක හිටින ඒවා...

    ReplyDelete