Tuesday, January 18, 2011

කැමතිම නළුවාගේ සවුත්තුම film කිහිපයක් ....

Sylvester Stallone ඒ තමයි මේ කියන කැමතිම නළුවා. එහෙමත් නැත්නම් Rambo, එහෙමත් නැත්නම් Rocky ලෙස ඔහුගේ නියම නම නොකිව්වත්‍ බොහෝ දෙනෙක් දන්න පුද්ගලයා. ලංකාව තුල ඔහුගේ වඩාත්ම ජනප්‍රිය වු චිත්‍රපටි මාලාව වු‍නේ මේ දෙක කිවුවොත් වරදක් නැහැ.

මට මතකයි අප පාසල් යන අවධියේ මෙම film දෙක පාදක කොට ගත් ස්ටිකර් අප බොහෝ දෙනෙක්ගේ පාසල් පොත්වල මුල් පිටුවේ ඇලවී තිබුන හැටි. ඇත්තෙන්ම ඒ කාලයේ ඒ කියන්නේ ’80 දශකයේ බටහිර ක්‍රියාදාම චිත්‍රපට වල කැපීපෙනෙනම චරිතයක් වුනේ Sylvester Stallone කියල කිවුවොත් කව්රුවත් තර්ක කරන එකක් නැහැ. මොකද චිත්‍රපටි ශාලාවක පුළුල් තිරයම වසා ගන්නා කඩවසම් රූපකායත්, ගැඹුරු කටහඩත්, වේගවත් ජවසම්පන්න ක්‍රියාදාම තුලිනුත්, ස්ටැලෝන් අපගේ සිත් ඇදබැද ගත්තා කිව්වොත් වරදක් නැහැ.
ඇත්තෙන්ම ඒ කා‍ලේ VCD සහ DVD නැති නිසා VHS Tape හරහා යාළුවොත් එක්ක වටවෙලා අපි මේ චිත්රලපටි නැරඹු හැටි මතක් වෙන කොටත් අමුතු සුන්දරත්වයක් ‍දැනෙනවා.

දැන් අපි එහෙනම් අර මුලින් කියපු සවුත්තු චිත්‍රපටි කිහිපය මට දැනුන ආකාරයට දාන්නම්.

මේ ලිස්ට් එකේ සවුත්තුම චිත්‍රපටිය විදියට පේ‍න්නේ - Rambo 4

මේකෙදී Rambo තමන්ට අදාල නොවෙන, තේරුමක් නැති යුද්ධයකට සම්බන්ධවෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඇත්තෙන්ම Rambo චිත්ර පටි මාලාව ගැන කථාකරල තමයි මේ චිත්‍රපටියේ අගුණ ගැන කියන්න ඕන.

මට මතකයි පුවත් පතක ලිපියක තිබුනා මෙම Series එක හදන්න හේතුවක් වෙලා තිබුනේ වියට්නාම් යුද්ධය පරාජයවීමේ දුක, එම යථාර්තයෙන්  ප්‍රතිවිරුද්ධ සංසිද්ධියක් මගින් සඟවාගැනීමටයි කියලයි. කෙසේ වෙතත් මුල් චිත්‍රපටි දෙකේ තමයි, එනම් Rambo I (First Blood) සහ  Rambo II ට තමයි වියට්නාම් යුද්ධය භාවිතා කරල ති‍බුනේ එතනදීත් Rambo I දී, යුද්ධයෙන් පසු සොල්දාදුවකු මුහුනදෙන පශ්චාත් යුධ කම්පනයන් පිළිබදව යම් පණිවිඩයක් දෙන්න උත්සාහක් තිබුන බව මේකේ වෙඩි තියාගන්න ඒවා, මරා ගන්න ඒවා අමතක කරල ටිකක් විමසිල්ලන් බැලූ විට පෙනෙන්න තිබුනා.


















එහෙත් Rambo II දී අර එක වීරයෙක් විතරක් ගිහිල්ල සතුරු බල මුලුවක්ම නසන ආකාරයේ දෙයක් තමයි තිබුනේ. ඇත්තෙන්ම ඒකදි නම් ඇමරිකාව, වියට්නාම් යුද්ධය පරාජයවීමේ දුක තුනී කරගන්න උත්සහයක් දැරූ බවක් පේනවා. ඇත්තෙන්ම ඒක නිසා වෙන්න ඕන එක්තරා අවස්ථාවක ඇමරිකාවේ තිබූ චිත්‍රපටි උ‍ළෙලකදී මේ Rambo චිත්‍රපටි බලල, වෙන රටකින් ආපු විචාරකයෙක් කියල තිබුනේ “මේ වගේ වීරයෝ දහයක් විතර වියට්නාම් යුද්ධය වෙලාවේ යුද්ධයට යැව්වනම් යුද්ධය දිනා ගන්න තිබුනානේ” කියලා.

කෙසේ වෙතත් Rambo III දී මේ කථා තේමාවෙන් ඔබ්බට ගිහිල්ල, එනම් වියටිනාමයේ සිදුවීම වෙනුවට Rambo යන්නේ ඇෆ්ගනිස්ථාකයට. එහිදීත් තනි වීරයාගේ භූමිකාවට Rambo පණ දෙනවා.
හැබැයි එතනින් මෙම Rambo කථා මාලාව තතර කලා නම් ඉතා හොදයි කියලයි හිතෙන්නේ. මොකද මුල් නිර්මාණ තුන ගොඩනගන අවධිවල ඒ චිත්‍රපටි වලට පාදක වූ කාරණාව සක්‍රීයව එදා ලෝකය තුල කථාබහට ලක්වූ දේවල්. එසේම එදා Sylvester Stallone තරුණයෙකු ලෙස දායක වූ දේවල් වලට අද 60 පැනපු Sylvester Stallone  දායකවිමේදී කිසියම් අතාත්විකබවක් දැනෙනවා. හැබැයි ඒ කියන්නේ Sylvester Stallone  ගේ ජව සම්පන්න බවේ හෝ රංගනයේ අඩුපාඩුවක් තියෙනවා කියල නෙමේ. නමුත් Rambo III තිරගතවූ 1989 ට පස්සේ මෙය සමාන තේමාවන් රැගත් චිත්‍රපටි ඕනෑ තරම් අපට දැක ගන්නට ලැබුනා. ඒක නිසා මේක ප්‍රාථමික සංකල්පයක්. අනිත් කරුන තමයි Rambo IV හදන්නේ කලින් එම Rambo චිත්‍රපටි හදපු අධ්‍යක්‍ෂකවරු නොවෙයි, Sylvester Stallone  විසින්ම ඒ කාර්යය සිදු කරල තියෙනවා. හැබැයි ඒක සාර්ථක වූ බවක් නම් පෙනෙන්නට නැතිබව තමා කියන්න වෙන්නේ.


ඊලගට තියෙන්නේ The Expendables

මේ චිත්‍රපටිය කලින් කිවුව එකටත් වැඩිය නරකදැයි කියලත් හිතෙනවා. කෙසේ වෙතත් මෙයත් Sylvester Stallone විසින් අධ්‍යක්‍ෂනය කරල ලද්දක්, මේ කථාවට සමාන කථා තේමාවන් අපට මීට පෙරත් නැරඹීමට හැකි වෙලා තියෙන බවනම් කියන්න ඕන. මේකෙදී හැබැයි වෙනසක් තියෙන්නේ Hollywood සිනමාවේ Sylvester Stallone ගේ හිතවත් නළු මිත්‍රයන් රැසක් දායක කරගෙන එම තරු වල එළියෙන් සෑහෙන්න ජනප්‍රියත්වයක් මේ The Expendables චිත්‍රපටියට ලබා ගන්න හැකිවෙලා තියෙනවා.

ඒත් මේකේ ඉතා සුළු අවස්ථාවකට පමණක් රංගනයෙන් දායක වන Arnold Schwarzenegger ගේ සහ Bruce Willis ගේ චරිත තේරුමක් නැහැ කියලයි මට හිතේන්නේ මේකේ කථාව ටිකක් වෙනස් කරල ඔවුන්ගේ රංගන හැකියාවත් චිත්ර්පටිය පුරා යොදා ගන්න ලැබුනා නම් කථාව කෙසේ වෙතත් යම් විචිත්‍රවත්බවක් ඇතිවේවි කියල තමයි හිතෙන්නේ.

කථාවේ යම් නොගැලපීමක් සහ අතාත්විකබවක් තිබුනත් භාවිතාකරල තියෙන යානවාහන නම් හොද classic ගතියක් ‍තියෙන බව නම් කියන්න ඹ්නග ඒ Stallone ගේ ගුවන් යානය සහ ඔහු පදවන කාරයයි. ‍කෙසේ වෙතත් මෙයට වඩා The Expendables හි ගුණාත්මකබව වැඩිකරගන්න තිබුන බව නම් කියන්න සිදුවෙනවා.

(ඡායරූප ලබා ගත්තේ අන්තර්ජාලයෙනි).

ලිපිය දිග වැඩි නිසා ඉතිරිය පසුවට ...

7 comments:

  1. Expendables නම් මම දැකපු “අන්තිම චාටර්“ චිත්‍රපටියක්.. බලල ඉවර වුනාම තේරුනේ චොකලට් පෙට්ටියක් පොරොන්දු වෙලා බුල්ටො එකත් පෙන්නල නොදී ගියා වගේ.

    ReplyDelete
  2. @පිටස්තරයා- ඒක නම් මමත් පිළිගන්නවා. මීට වඩා දෙයක් මේ චිත්‍රපටියේ කරන්න තිබුනා කියල තමයි මටත් හිතෙන්නේ...

    ReplyDelete
  3. මගෙ කොමෙන්ට් එක මේ මාතෘකාවට බොහෝ දුරට අදාල නොවෙන්න පුලුවං . . ඒත් මම හිතනව, මාතෘකාවෙං පිට පනිමින් හෝ මේ චිත්‍රපටි වලට හේතුපාදක වෙන නමුත් කතාවට ලක්නොවූ පැත්තක් ගැන මතක් කරන්න . . .

    රම්බෝ චිත්‍රපටි මාලාව සහ සමකාලීන ඇතැම් චිත්‍රපටි නිශ්පාදය උනේ මම දකින විදියට ඇමරිකානු සහ අනිකුත් ජාතීන්ගේ දරුවන් ඉලක්ක කරගෙන . . එක්තරා ආකාරයක ඇමරිකාව තමයි හරි . . ඇමරිකාවෙ තමයි වීරයො ඉන්නෙ. . . ඇමරිකානු වීරයො තමයි යුක්තිය, සාධාරනය සහ දුබලයා (සෙසු ලෝකය) ආරක්ෂා කරන්නෙ කියන මිලිටරි මානසිකත්වයක් ගොඩනගන්න.

    සරල උදාහරනයක් ගත්තොත් . . . පෘථිවිය යටත් කරගන්න එන ඕනෙම පිටසක්වල ජීවියෙක් එන්නෙ ඇමරිකාවට (Take me to your leader තියරිය) එතනදි ඉස්මතු කරන්න හදන්නෙ මට පේන විදියට ඇමරිකාව යටත් කරගත්ත කියන්නෙ මුලු ලෝකයම යටත්කරගත්තා හා සමානයි . . ඒත් ශේෂ්ඨ ඇමරිකානු වීරයො මුලු ලෝකයම බේරාගන්නව (ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ) කියන එක.

    යුධ මානසිකත්වයක් ඇතිකිරීම වෙනුවෙන්ම නිර්මානය කරන කාටූන් චිත්‍රපටි මෙතනදි කරන බලපෑම ඉතා ඉහලයි . . . හේතුව ඒව ආමන්ත්‍රනය කරන්නෙ නොමේරූ ළමා මනසට වීම. උදාහරනයක් විදියට ගත්තොත් G.I.Joe කාටූන් මාලාව . . . එතනදි ඇමරිකන් වීරයන්ට විරුද්දව සටන් වදින "කෝබ්‍රා" සංවිධානයෙ සංයුතිය මොකද්ද ???? ඇමරිකන් රජය පෙරලාගත් පසු මුලු ලෝකයම පාලනය කරන්න හදන "කෝබ්‍රා" සංවිධානය සමන්විත වෙන්නෙ . . . රුසියානුවන්ගෙන්, චීන (හෝ ජපන්) සටන්කරුවන්ගෙන්, ඇෆ්ගන් (හෝ මැදපෙරදිග කුමනම හෝ ජතියක්) වැනි පිරිසකගෙන්.

    ඇමරිකන් වීරයන් විසින් සෑම විටකදීම මේ ලෝකයේ සියලුම බලවත් ජාතීන් (ඇමරිකන් හැරුනවිට) ගෙන් සමන්විත "ගරිල්ලා" කන්ඩායම් පරාජය කර "ලෝකය බේරාගන්නා" ආකරය දකින කුඩා දරුවන්ගේ මනසේ එම ජාතීන් පිලිඹඳ ඇතිවන සහ වයසත් සමග වර්ධනය වන හැඟීම මොනවගේ එකක් වෙයිද ???

    ‍රැම්බෝ වැනි චිත්‍රපටි කරලියට එන්නෙ ඔන්න ඔය කියපු කාටූන් ක්‍රියාදාම තවදුරටත් සැබෑලෝකයට ගෙන ඒම උදෙසා. ජී. අයි. ජෝ, කැප්ටන් ඇමරිකා, සුපර් මෑන්, බැට් මෑන් ආදී විවිධ "මාවල් වීරයන්" හරහා වයසින් වැඩෙන දරුවන්ගේ මනසේ ඊට වඩා බරපතල විදියට "රියැලිස්ටික් ක්‍රෝධයක්" ඇතිකිරීමක් තමයි මම දකින විදියට මේ "රම්බෝ" වැනි තනි වීරයන් යුධ වදින චිත්‍රපටි වලින් කෙරෙන්නෙ.

    මට හිතෙන්නෙ මේ ලිවුව ඇතියි කියල . . මොකටද මම කොමෙන්ට් එකක් පෝස්ට් එකක් කරන්නෙ නේද ????

    රම්බෝ, ටොප් ගන් වැනි චිත්‍රපට රාශියක් ඇසුරෙන් (ඒකියන්නෙ කෑලි කෑලි අරගෙන) නිපදවපු "හොට් ශොට්ස් 1 සහ 2 කියන කොමඩි ඇක්ෂන් චිත්‍රපටි දෙක, විශේෂයෙන් 2 නැරඹුවොත් වඩා හොඳට මම කියපු කතාව ඇත්ත කියල පෙනෙයි)

    ප.ප.ලි.
    එක්ස්පෙන්ඩබල්ස්නං චප්පි චා ඈ . . . .රම්බෝ 4 ටිකක් හරි හොඳයි . . . තව රොකී සීරීස් එක ඉවර කරන්නත් එකක් ගැහුව . . Rocky Balboa කියල එකක් . . ඒක එක්ස්පෙන්ඩිබල්ස් එකේ දෙක වගේ මට හිතුනෙ

    ReplyDelete
  4. @ඕනයා - ස්තූතියි! මට මේ දවස් වල තියෙන වැඩ එක්ක ලිපි ලියන එක වගේම කමෙන්ටු වලට පිළිතුරු ලිවීමටත් කාලය හරස්වෙලා. කොහොමවුනත් ඔබ දක්වා ඇති කරුණු අනුව අසීරුතාමධ‍්‍යයේ හෝ යමක් කියන්නට සිතුනා.

    පළමුවෙන්ම ඔබට ඕනෑතරම් ඉඩ අරගෙන කමෙන්ටු ලියන්න. ඒ ගැන කිසිදු බාධාවක් හො අකමැත්තක් නැහැ.

    දෙවැන්න තමයි ඇමරිකානුවෝ හදන බොහෝ චිත්‍රපටි ඔවුන්ගේ පක්‍ෂයට හිතවාදීව හදනවා වගේම ඔවුන්ගේ ළමා පරපුරට ලෝකයේ ප්‍රබලම ජාතිය ඇමරිකාවබව හා අනෙකුත් අය දුර්වලයන් බවට චිත්‍රයක් මවාපෙන්වන්න සමත්වෙලා තියෙනවා. අපි දකින දෘෂ්ඨිය අනුව ඔවුන් කරන්නේ වෛරය වැපිරීමක් වගේම යම් විදියකට නොමගයැවීමක්. නමුත් ඔවුන් කරන ඒ දේට විරුද්ධවීමට හෝ වෙනයම් අප්‍රසාදයක් පල කිරීමට අපට හැකියාවක් නැහැ. මොකද එයින් ඔවුන් තමන්ගේ රට පිළිබදව හිතන්නට දරුවන්ට කුඩා කාලයේ සිටම හුරු කිරීමක් කරනවා. අපේ ‍රටේ හැදෙන්නේ මොනවගේ චිත්‍රපටි කියල පේනවනේ. එක්කෝ බොරුවට බෙරිහන් දීලා නැත්නම් තවකෙකු රිදවලා හිනාවෙලා ගන්න පහත් පෙලේ සොමියක් හරි, ළමා චිත්‍රපටි කියලා එතරම් හරයක් නැති එහෙත් සම්මාන බලාගෙන හදන චිත්‍රපටි වගේම යුද්දය විවිදාකා‍රයෙන් විකුණාගෙන කන චිත්‍රපටි හෝ හින්දි හෝ දෙමල කොපි. ඒ අතින් බැළුවාම ඇමරිකානු පහත්පෙලේ චිත්‍රපටි පවා අපිට වඩා ඉදිරියෙන් සිටින බව තමයි කියන්න වෙන්නේ. (මෙයින් ඇමරිකානු හිතවාදී යයි වරදවා වටහා නොගන්නා ලෙසද ඉල්ලමි)...

    ReplyDelete
  5. නෑ . . . ඒ වගේ පිලිතුරක් නිසා ඔයා ඇමරිකන් හිතවාදියෙක් කියලහිතන මට්ටමේ මිනිහෙක්නෙමේ මම.

    ලාංකීය නිර්මාන බිහිවීම තුල ඔයා කියනව වගේ රට, ජාතිය, ආගම හෝ අඩුම ගානේ තමංගේකම වත් නරඹන්නන්ගේ හිතේ කිසියම්ම හෝ හැඟීමක් ඇති නොවීම ජාතියක්වශයෙං අපේ අවාසනාව මම හිතන්නෙ. මට හිතෙන හැටියට ලංකාවෙ සිනමා කර්මාන්තයේ කිසිම පිබිදීමක් නැත්තෙ ඔය නිසා වෙන්න ඕනෙ.

    ඔය රම්බෝ වර්ගයේ චිත්‍රපටිවල ලක්ෂන යම් තරමකට හින්දි චිත්‍රපටි වලත් (ඉතා සුලුවෙන් තෙලිඟු සිනමාවේත්) තියනව නේද ???? මං කියන්නෙ . . . දිල්ලියේ බෝම්බ පුපුරවන්නෙ පකිස්තාන් කාරයෝ විතරමනෙ ?????

    මම කියන්නෙ නෑ මුලුමහත් ඇමරිකානු සිනමාවම ඔය වගේ කියල . . . . ඔය මානසිකත්වයෙන් එහාට ගිහිල්ල ඇමරිකාව විසින් සිදු කරන විනාශයන් නරඹන්නන්ට (විශේශයෙන් දරුවන්ට) හඟවන චිත්‍රපටිත් ඇමරිකාව තුලින්ම බිවෙනවා . . . මෑතකදී තිරගතවුන "ඇවටාර්" කියන්නෙ ඒවගේ චිත්‍රපටියක්.

    අනිකුත් ජාතීන් කෙරෙහි ක්‍රෝධයක් නිර්මානය කිරීමට අමතරව වෙනත් අහිතකර ප්‍රතිඵල ලබා දෙන්න පුලුවන් නිර්මානද නැතුවාම නෙමේ . . . . .
    කාටවත්ම නොදැනී ලමා මනසට ආමන්ත්‍රනය කරන විනාශකාරී නිර්මාන ඕනෙ තරං තියනව . . . නිකමටවත් හිතුවද අපි පොඩිකාලෙ ආසාවෙන් බලපු "රෝඩ් රනර්" කාටූන් එක ගැන . . . . ????? මම හිතන්නෙ අඩුම කාලයකදී වැඩිම Violent Actions ගනනක් තිබෙන නිර්මාන ගත්තොත් . . . රෝඩ් රනර් තවම ඉදිරියෙං . . . . .
    Read . . Violent Cartoons

    ReplyDelete
  6. Sylvester Stallone ගේ The Expendables චිත්‍රපටිය ගැන කිව්වොත් මං හරියටම විනාඩි 10 බැලුවේ..(එතනින්ම් මුළු චිත්‍රටියම එපා උනා.)

    ReplyDelete
  7. ha ha ha methana comment dala thiyena un wadi hariyak hariyata film balapu nathi un lide inna gembo wage kiyawanawa.............. umbala balala thiyenne war film witharada ??? comment balapuwahama penawa hollywod film walin matha kalaye 1985 pasu bihi una film walin 5% balala ne kiyala :D

    ReplyDelete