Monday, October 28, 2013

අතීතය ගුරුවරෙයෙකි...

විවාහය සමාජයේ බහුතරයකට සිය දෙවැනි උපත වැනියයි බොහෝ විට කියවෙන දෙයකි. තමන් රැකියාවක් කර කලක් තිස්සේ හරිහම්බු කළ දෙය හෝ ණයවී හෝ විවිදාකාරයේ අලංකාර සහිතව සිය විවාහය කර ගැනීම අරුමයක් හෝ දුර්ලභදෙයක් නොවේ. එහෙත් මෙසේ වෙහෙස මහන්සිවී කරගන්නා විවාහය ඇතෙමකුට සුන්දර වුවත් ඇතමෙකුට එතෙක් තමන් ගෙවා ගෙන පැමිණි ජීවිතයට වඩා බාධක සහිත  සහ බලාපොරොත්තුවූ සුන්දරත්වයක් නොමැති අපායක් වැනිය. 

කෙසේවෙතත් මෙම මොන තත්ත්වයේ යටතේ වුවත් විවාහ දිවිය යනු වන්දනා ගමනක් වැනියයි සිතන්නන් හට නම් විවාහ දිවිය තුළ කොතරම් බාධක පැමිණියද ඒවායින් නොසැලී යහපත් විවාහ දිවියක් ගත කරන්න හැකි බව අත්දැකීම් ඇත්තවුන් පවසයි.

පැරැන්ණන් වන්දනා ගමන් ගියේ අද මෙන් වායුසමීකරණය කළ බස්රථ වල නොවේ. ලොරිකබලක පිටිපස කාන්තාවන්ට නම් වාඩිවීමට දිග බංකු  හෝ පුටු තබා පිරිමින් ලොරි තට්ටුවේ හිඳගෙනය.  නවාතැන් ගත්තේ සුපිරි හෝ ඇදන් සියළු දෙනාටම ඇති නවාතැන් පොළවල් වල නොව හැකිනම් ඒ ගිය පළාතේ පංසලක ශාලාවක හෝ ඒ ප්‍රදේශයේම ලාභයට ගතහැකි විශාල ශාලාවකය. ඇතැම්විට එම නවාතැන් ගත් ස්ථානයේ ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් නැත්නම් යාබද බැද්දට ගොස් ඒ ඒ කාර්යයන් කරගත්හ.ඇතැම් විට මෙම ගමණට ලබා ගත් වාහනය අතරමග කැඩී කොහෙන් හෝ බාසුන්නැහේ කෙනෙකු එක්කර ගෙන විත් වාහනය සාදාගන්නා තෙක් පාරේ රස්තියාදු වෙන්නටද සිදුවේ. එහෙත් මේ මොන දුක්කම්කටොළු වින්දත් මහළු පිරිස ශ්‍රද්ධාවෙන්ද, තරුණ පිරිස විනෝදයෙන් ඒ සෑම දෙයක්ම දරා ගෙන වන්දනා ගමන ගොස් පැමිණි පසු පසුතැවීමක් ඔවුන් සතු නොවේ. එපමණක්ද නොව ඇතැම් විට වෙනත් සිද්ධස්ථානයක් වෙත  වන්දනා ගමඊළඟ වසරේද යාමට ඇතමුන් පැමිණිදා සිටම බලාපොරොත්තුවේ.

මෙතෙක් මා පවසා සිටියේ මා පසුගිය දිනක කියවූ පොතක ඇතුලත් කරණු වලින් කොටසකි. සමාජයේ විවිධාකාරයේ තරාතිරම්වල හා විවිද සමාජ මට්ටම් වල පිරිස් තමන් විවාහ දිවිය තුළ හෝ තමන්ගේ මව්පියන්ගේ විවාහ දිවිය තුළ විදි අත්දැකීම් හා ඒවායෙන් ලබාගත හැකි ගුරුහරුකම් ගැන ඉඟි ලබා ගත හැකි කාරණා මෙම පොතේ ඇතුලත්ය.

පොත ලියා ඇත්තේ වර්ථමාන ලංකාවේ කතුවරෙයකු ලෙස හා පොත් ප්‍රකාශයෙකු ලෙස නමක් දිනා සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා වන අතර පොතේ ම "අතීතය ගුරුවරයෙකි" යන්නයි.

ඇත්තෙන්ම මෙම පොතේ ඇතැම් කාරණා අප සමාජයේ තිබෙනා දේවල් යයි අපි කිසිදා නොසිතූ දේවල්ය. සමහර කාරණා සිතට කම්පනයක් ඇති කරන සුළුය. ඒ කොහොමවුනත් සමාජය ගැන, ජීවිතය ගැන ගැඹුරින් සිතන්නන්ට මෙම පොත මහඟු ආධාරකයක් වනවා නිසැකයි.



තවත් කාරණයක් නම් පසුගිය දිනක මාහට මීට දශක තුනක් පමණ පැරණි හොලිවුඩ් චිත්‍රපටියක් නැරඔීමට හැකියාවක් ලැබුන අතර ඒ චිත්‍රපටියේද කතා තේමාව මා පෙර පැවසු පොතේ කාරණාවලට යම් සමානකමක් තිබෙනා බව මට  හැඟීගියේය. Urban Cowboy නම් වූ මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය John Travolta විසින් රඟපාන අතර ඔහු තම උපන් ගමෙන් නගරයට පැමිණි පසු ජීවිතය හා ආදරය පිළිබදව ඉගන ගන්නා පාඩම මෙම චිත්‍රපටියෙන් පෙන්නුම් කරනු ලැබේ.

ආදරය, වෛරය, කෝපය, වරදවා වටහා ගැනීම, ශෝකය යනාදී මනුශ්‍ය සිතුම් පැතුම් රාශියක් මෙම චිත්‍රපටිය තුලින්ද දැකගත හැකි බව පවසමින් ලිපිය අවසන් කරමි...

9 comments:

  1. හැමදාම පුංචි බොරෙල්ලෙන් යනවා.ඒත් විජේසූරිය එකට ගොඩ වැදිලා නෑ.. අද හෙටම ගිහින් එන්ඩ කියලා බැලුවේ.
    එහෙම ගියහම මේ පොතත් හොයලා බලන්ඩ ඕන :)

    ReplyDelete
    Replies
    1. ඔව් හැකියාවක් ලැබුනොත් කියවන්න...

      Delete
  2. ඉතාම ස්තූතියි හැමදාම වගේ..

    ReplyDelete
  3. ඒත් මං බැලුව දිනේෂ් මේ සැරේ මොකක්ද කියන්න යන්නෙ කියල.............
    පොතටයි ‍ෆිල්ම් එකටයි දෙකට ම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදාර, මේ ලිපියේදී ටිකක් ලියන ශෛලිය වෙනස් කළා. ඒකයි ආරම්භයේදී මොකක් ගැන කියනවාදැයි සැකයක් ඇතිවෙන්න ඇත්තේ....

      Delete
  4. චිත්‍රපටිය නම් බලාන්ට වටින එකක් වගේ..

    ReplyDelete
    Replies
    1. සරලයි ඒත් එම සරල බවට පතුලේ සැගවී ඇත්තේ සංවේදී බවක්...

      Delete
  5. පොත කොහොම වුනත් ෆිල්ම් එකනම් හොයා ගන්න පුළුවන් වේවි..

    ReplyDelete