Thursday, February 7, 2013

අමතක වූ දේශය - The Land That Time Forgot

මේ කියන්නට යන්නේ කම්මැලි නැතිව එකදිගට කියවිය හැකි පරිවර්ථන නවකතාවක් පිළිබදවයි. මෙය නමින් අමතක වූ දේශයයි. මෙය පරිවර්ථනය කර ඇත්තේ කුමාර සිරිවර්ධන මහතා විසින් වන අතර මෙම කෘතිය ඇත්තෙන්ම සම්පාදනය කර ඇත්තේ ලෝ පරසිඳු ගත්කතුවරයෙකු යන එඩ්ගාර් රයිස්බරෝස් මහතාගේ The Land that time forgot, The People that time forgot සහ Out of time's Abyss යන කෘති ත්‍රිත්වයම එකට එකතු කරලීමෙනුයි.






21 comments:

  1. ස්තුති ඔබට , ඒරියා 51 ගැනත් යමක් ලියමුද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ගැනත් තොරතුරු එක්රැස් කරගත්විට ලියන්න සිතා සිටිනවා...

      Delete
  2. තැන්කූ වේවා හදුන්වාදීමට

    ReplyDelete
  3. කවරෙ හැටියට පොත නම් පට්ට ගහල වගෙයි......
    මේක අඳුන්නල දුන්නට බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මේ පොත පුස්තකාලයෙන් ගත්ත එකක්. ඒකයි කවරේ එහෙම ඉරි තලලා තියෙන්නේ...

      Delete
  4. මේ මගේ හොදම යාලුවාගේ පොතක්නේ... අන්න ඊයේ මගේ බ්ලොගේ ලිපිය ලියල තියෙන්නෙත් කුමාර සිරිවර්ධන තමා.

    ReplyDelete
    Replies
    1. කුමාර සිරිවර්ධන මහතා වැඩ කරන්නේ ඔබ සමගමද? කියන්න මේ පොත ඉතා රසවත් ලෙස ඔහු පරිවර්ථනය කර තිබූ බව...

      Delete
  5. කෘති තුනක එකතුවක් කියන්නෙ මේක මුල් කෘතිවල සංක්‍ෂිප්ත පරිවර්තනයක් ද දිනේෂ්. එහෙම නැතුව සම්පූර්ණ අසංක්‍ෂිප්ත පරිවර්තනයක් ද? මොකද මම සංක්‍ෂිප්ත පරිවර්තන කියවන්න නම් කැමැත්තක් නෑ.

    ReplyDelete
    Replies
    1. මට ඒ ගැන නම් හරි මතකයක් නැහැ. හැබැයි එක දෙයක් සමහර අසංක්‍ෂිප්ත පරිවර්ථන වලට වඩා හොද සංක්‍ෂිප්ත පරිවර්ථන තිබෙනවා...

      Delete
    2. පැහැදිලිවම, ඒක පරිවර්තකයාගෙ හැකියාව. අපි කවුරුත් වගේ කියවපු ඊරියගොල්ල මහත්තයගෙ මනුතාපය, දේවතාපය කෘති මුල් කෘති බෙහෙවින් සංක්‍ෂිප්ත කරපුව. සංක්‍ෂිප්ත හෝ අසංක්‍ෂිප්ත හෝ පරිවර්තනයක් ගන්න කලින් පරිවර්තකයා මීට පෙර කියවල නැති කෙනෙක් නම් මම බුක් ෂොප් එකේ ඉඳගෙනම අතරින් පතර පිටු කීපයක් ඉක්මනින් කියවල බලනව. කතාවක් සංක්‍ෂිප්තකරල කියවන්න අකමැති නිසා තමයි මම බොහෝ විට ඒව තෝරන්නෙ නැත්තෙ.

      Delete
    3. මමත් අසංෂිප්ත පරිවර්තන කියවන්න තමා වඩාත් කැමතී . මුල් කෘතියේ කලාත්මක රසය පිරිසිදුව රසවිඳීමට අවශ්‍ය නිසා අසංෂිප්ත වලට ආසා කරනවා . මේම් කෘතිය මිලදි ගැනීමට බලාපොරොත්තු වෙනවා . ඔබ තුමාට බොහොම ස්තුති .

      Delete
    4. සාමාන්‍යන් කථා රසය වැල් වටාරම්වලින් නුපුරවනවානම් වඩාත් හොද අසංක්‍ෂිප්ත පරිවර්ථන තමයි. ඒත් සමහර කෘති වලදී අනවශ්‍ය වැල්වටාරම් නිසා අවශ්‍ය දේ පමණක් පරිවර්ථනයට ඇතුලත්වනවා නම් හොදයි කියා සිතෙන අවස්ථාත් තිබෙනවා..

      Delete
  6. උත්සාහ කරනවා පුස්තකාලයෙන් හෝ කියවන්න. බැලූ බැල්මට ඔබ ලබා දී ඇති රූප අනුව පෙනී යනුයේ ඉතා පැරැණි පොතක් වාගේයි. නමුත්, කෘතියක් රස විදින්න අළුත්-පැරණි භේදයක් වංලගු වනුයේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. පොත ටිකක් පැරණි වගේ පෙනෙන්නේ මේ පොත පුස්තකාලයකට අයත් එකක් නිසයි...

      Delete
  7. aasa hithenawa..oba nirdesha karanawa nam
    aniwaryemma ehi wisheshayak athi...
    sthoothi dinesh...

    ReplyDelete
  8. නිවාඩුවේදි ගන්න ඕන පොත් ලිස්ට් එකට දැම්මා ඕන් . .

    ReplyDelete
    Replies
    1. ඔව් කියෙව්වාට පාඩුවක් වෙන එක නැහැ.

      Delete
  9. මුලින්ම ස්තුතියි ඔබට...
    මම ඉස්සරවෙලාම එඩ්ගාර් රයිස්බරෝස්ගේ පොතක් කියල කියෙව්වේ
    කේ.ජී. කරුනාතිලක මහතා පරිවර්තනය කල වානරයන්ගේ ටාර්සන්...
    එතනින් පස්සේ එතුමා පරිවර්තනය කරපු හැම ටාර්සන් පොතක්ම තුන් හතර වතාවක්ම කියෙව්වා..ඒ වගේම එදා ඉදලා අද දක්වා මම කේ.ජී. කරුනාතිලක මහතගෙත් එඩ්ගාර් රයිස්බරෝස්ගේත් රසිකයෙක්..ඒ වගේම තමා කුමාර සිරිවර්ධන මහතාත් මා සලකන පරිදි ඉතාම හොද පරිවර්තකයෙක්..එතුමා මීට පෙර පරිවර්තනය කල එඩ්ගාර් රයිස්බරෝස්ගේ උමතු රජ ( the mad king ) කියවන්න ලැබුනා..

    මම අදටත් එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න වලින් හෙම්බත් උන වෙලාවට කරන්නේ මේ වගෙ පොතකුත් අරගෙන වෙනම ලොවක තනිවෙන එක.. මේ වීර කතා අධි තාත්වික වගේම Fantasy ගනයේ උනත් කිහිප වාරයක්ම උනත් කියවන්න පුලුවන්...

    ඒ වගෙම ඔබේ බ්ලොග් අඩවිය මට හමුවුනේ අදයි..
    සින්හල සයිබර් අවකාශයේ මෙවැනි අඩවියක් දැකීමමත් සතුටක්..ඔබේ විශිෂ්ට උත්සාහය අගය කරන අතරම මින් ඉදිරියට දිගටම ඔබේ අඩවිය හා රැදී ඉන්න බවත් කියන්න කැමතියි...

    ReplyDelete