Monday, October 8, 2012

ඔබ සොයමින් සිටියේ ඔබ සතුව ඇති Images, Audio & Video Format වැඩි සංඛ්‍යාවක් Open කර ගැනීමට අවශ්‍ය මෘදුකාංගයක්ද? මෙන්න එය...

ඔබ සොයමින් සිටියේ images, video, audio යනාදියෙන් වැඩි format ප්‍රමාණයක් විවෘත කර ගත හැකි මෘදුකාංගයක්ද? මෙන්න එම මෘදුකාංගය. IrfanView, මෙය කුඩා මෙන්ම Open source ආකාරයේ මෘදුකාංගයක් වන අතර මෙම අඩවියට, http://www.irfanview.com/ පිවිසීමෙන් එය භාගත කර ගැනීමට මෙන්ම එය support කරන්නේ කුමන ආකාරයේ ගොනු වර්ගවලටදැයි දැන ගැනීමටත් පුළුවන්.

එසේම විවිද වූ ගොනු වර්ග විවෘත කර ගැනීමට අවශ්‍ය plugins http://www.irfanview.com/plugins.htm අඩවියෙන් ලබා ගැනීමට පුළුවන්. කුඩා වුවත් මෙම මෘදුකාංගයෙන් ලැබෙන ප්‍රයෝජනය වැඩි බවයි මගේ අදහස. ඔබත් කැමති නම් අත්හදා බලන්න.

7 comments:

  1. මට නම් ඉස්සර ගොඩක්ම අවුල් වෙච්ච වැඩේ සමහර වීඩියෝ ෆෝමැට් ප්ලේ කරගන්න ප්ලේයර් එකක් තිබු‍ණෙ නැතිකම. දැන් නම් මම ඒකට යූස් කරන්නෙ වීඑල්සී ප්ලේයර් එක. ඒකෙ ගොඩක් ෆෝමැට් වැඩ කරනවා. මේකත් අරන් බලමු කොහොමද කියල, ස්තූතියි දිනේෂ්.

    ReplyDelete
  2. නියමයි මේ ලිපිය මට ගොඩක් වටිනවා
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  3. හොද ලිපියක්. බොහෝම ස්තුතියි අයියා.

    ReplyDelete
  4. මාත් හොය හොය හිටියේ ,,ස්තූතියි ඔබට මේ ගැන කිව්වට :)

    ReplyDelete
  5. කාලයක් මාත් පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් එකක්.... මේ ගැන ආයේ මතක් කළ එක හොඳයි. ලිපියට බොහොම ස්තූතියි දිනේෂ්...

    ReplyDelete
  6. මම කාලයක ඉදන් විඩියො කන්වෙන්ට් පාවිච්චි කලේ මේ ඉෂුවින් විඩියො කන්වෙන්ටර් එක. වැඩට යන කාලේ මං කම්මැලි කමට බලන්න ‍2GB මතකයක චිත්‍රපට තුනක් හතරක් විතර දා ගන්නවා.(මගේ ළඟ තිබ්බ සිංදු ටිකට අමතරව) ඒක හුඟක් මට ප්‍රයොජනවත් උනා.
    මංදා දිනෙෂ් අයියා කියන එක තරම් මේ කිව්ව එක හොදද කියලා. කොහොම උනත් ස්තුතියි අයියේ. මාත් අරන් බලන්නම්.

    http://www.eusing.com/free_video_converter/updatev15.htm

    ඒවගේම ෆොටෝ වෙනුවෙන් http://www.faststone.org/ කියන තැනින් ගත්ත සොෆ්ට්වෙයාර් එකත් පාවිච්චි කරනවා.

    දිනෙෂ් අයියේ මේවගේ ගුණ අගුණ දන්නවාද?

    ReplyDelete
  7. ස්තුතියි හැමෝටම.. පියුමි කියා තිබෙන software ගැනත් යමක් භාවිතා කර බලා කියන්නම්...

    ReplyDelete