මෙම polar reversal ගැන කතා කිරීමේදී ඇතැම් විද්‍යාඥයන් හා විශ්වවිද්‍යාව (cosmology) ගැන පොත පත ලියා ඇති විවිද කතුවරුන් එය බිහිසුනු ව්‍යවසනයක් යැයිඅර්ථකථන සපයද්දී එයට ප්‍රතිවිරුද්ධ අදහසක් සපයන පිරිසක්ද සිටි. කෙසේවෙතත් අවසන් වරට මෙවැනි චුම්භක මාරු වීමක් සිදුවී ඇත්තේ මීට වසර 780,000 කට පෙරදී බව පැවසෙන අතර නැවත මෙවැනි සංසිද්ධියක් සිදුවීමට තව සෑහෙන කාලයක් ගතවන බවද මෙය පිළිබද මතදරන්නන් පවසයි.
මෙය සිදුවීම හෝ නොවීම අනාගතයට භාරකරන අතරම මෙවැනි සංසිද්ධියකදී අපට දැකීමට සිදුවන සරලතම ක්‍රියාව ලෙස පැවසිය හැක්කේ ඔබගේ මාලිමා යන්ත්‍රයේ කටුව දැන් පිහිටා ඇත්තේ ලෝක සිතියමේ කැනඩාව දෙසට නම් මෙය සිදුවූ පසු එහි කටුව ඇන්ටාරිකාව දෙසට පිහිටීමයි. එසේ වුවත් එවැනි සංසිද්ධියක් ලඝු කොට තැකිය නොහැක්කේ අපගේ පෘතුවියද දැන් භ්‍රමණය වන දිශාවට නොයා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වීමට මෙම polar reversal ක්‍රියාදාමය හේතුවීමයි. කෙසේවෙතත් මෙසේ පෘතුවිය ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වන්නේ නම් ඉන්පසු අපිට උදෑසන සූර්යයා දිස්වනු ඇත්තේ බටහිර දෙසිනි.
එසේම චුම්භක මාරු වීම නිසා 2012 චිත්‍රපටියේදීද අපිට දැකගත හැකිවූ ආකාරයට අතිවිශාල භූමිකම්පා මෙන්ම කිලෝමීටර් ගණන් උසට ඇති උදම් රළ හා අතිදැවැන්ත සුනාමි (megatsunamis) තත්වයන් ඇතිවීමෙන් ලෝකයේ රටවල් ගණනාවක් එයට යටවීමෙන් ඒවා ලෝකසිතියමෙන් මැකීයාමට වුවත් හේතුවිය හැකි බවට බිය පලකරයි. එපමණක් නොව පෘතුවියේ මතුපිට කබොල්ල කිලෝමීටර් දහස්ගණනාවක් එහා මෙහා වීමටත් එමගින්ද රටවල් ගණනාවක් පැය කිහිපයක් තුල පෘතුවි ගෝලයෙන් තුරන්ව ඉතිහාසයට එක්වනු ඇති බවටත් මත පල කර ඇත. ඉන් නොනැවතෙන මෙම ව්‍යවසනකාරී වාතාවරණය හේතුකොටගෙන එකපෙලට සිදුවන ගිනිකදු විධාරනයන්ද, සුලි සුලං වල මහාපරිමාණයේ තත්වයන්වන hypercane හෝ megacyclones ඇතිවිය හැකි බවටද ඉඟිපල කරයි. මේ සියල්ලටම වඩා බිහිසුනුම තත්වය ලෙස සලකන්නේ පසුගිය ලිපියේද පැවසූ පරිදි සූර්යයාගෙන් පැමිනෙන සූර්යය කුනාටු හා කොස්මික් කිරණ වලින් අප ආරක්‍ෂාකරන පෘතුවියේ චුම්භක ක්‍ෂෙත්‍රය බිදවැටීමෙන් ඉහත කී කිරණ ලෙස පැමිනෙන ආරෝපිත අංශුවලට අපගේ නිවහන වන පෘතුවිය ආක්‍රමණය කිරීමට හැකිවීමයි.
පෘතුවියේ අභ්‍යන්තරයේ මධ්‍යයේ ඇති අයනගෝලයන්ගේ භ්‍රමණය නිසා ඇතිවන ඩයිනමෝ ක්‍රියාකාරීත්වය හේතුවෙන් උත්පාදනය වන පෘතුවි චුම්භක ක්‍ෂෙත්‍රය මෙසේ සම්මත තත්වයෙන් වෙනස්වීම කෙරේ විවිද වූ හේතු විද්‍යාඥයන් ඉදිරිපත් කරන අතර ඒවාටද ප්‍රතිවිරුද්ධ මතද නැතුවා නොවේ. එයට අභ්‍යන්තරික හේතුලෙස මහද්වීපික පලක පෘතුවි ප්‍රවාරය (mantle) දෙසට පහලට ගමන් කිරීම වැනි කාරණා නිසා ඩයිනමෝ ක්‍රියාකාරීත්වයට බාදා පැමිනීම මෙන්ම බාහිර හේතු ලෙස පසුගිය ලිපියේද පැවසූ සූර්යය චක්‍රයන්ගේ බලපෑම මෙන්ම සූර්යය කුණාටු වලින් ඇතිවිය හැකි බලපෑම නිසා හා සූර්යයාගෙන් එල්ල වන කොස්මික් කිරණ වල බලපෑමද මෙයට හේතුලෙස ගෙනහැර දක්වයි.
මෙම සියළු කරුණු මීටත් වඩා සරලව ඔබට වටහා ගැනීමට අවශ්‍ය නම් එයට දැක්විය හැකි හොදම උදාහරණයක් නම් 2003 වසරේදී තිරගතවූ The Core චිත්‍රපටියයි.
(http://en.wikipedia.org/wiki/The_Core). එහිදී පෘතුවීයේ භ්‍රමණය නතර වීමෙන් පසු චුම්භක ක්‍ෂෙත්‍රය ගිලිහී යාමෙන් සූර්යයාගේ කොස්මික් කිරණ වලට අප ගොදුරු වන අයුරු හා එය වලකා ගැනීමට පෘතුවි මධ්‍යයට ගොස් නශ්ඨික පිපිරීමක් සිදුකර එයින් ඇති කරගන්නා ආරෝපණයෙන් නැවත පෘතුවි භ්‍රමණය සිදුකරවාගන්නා අයුරු චිත්‍රපටියට නගාගෙන ඇත.
එය එසේ පැහැදිලි කරද්දී මෙම 2012 සංසිද්ධියට අදාල වන තවත් විනාශකාරී සාධකයක් ලෙස ඇතැම් මතධාරීන් පෙන්වාදෙන්නේ Planet X හෙවත් Nibiru ලෙස බැබිලන් භාෂාවෙන් නාමයකින් හදුන්වන "Planet of Crossing" හෝ "Point of Transition" ලෙසින් අර්ථ දැක්විය හැකි ග්‍රහලොවක් පෘතුවිය හා ගැටීමයි. නැතහොත් මෙම ආසන්න කාලයේදී මෙම ග්‍රහයාගේ ගමන් මාර්ගය අපගේ කක්‍ෂතලය හරහා වැටී තිබීමයි.
(“The plain meaning of “nibiru” is “ferry, ferryman, ford” – “mikis nibiri” is the toll one has to pay for crossing the river – from eberu “to cross”)
සුමේරියන්වරුන්ගේ මූලාශ්‍ර වලද සදහන් මෙම ග්‍රහයා පිළිබදව විද්‍යාඥයන් නම් පවසන්නේ ප්ලූටෝ ග්‍රහයාට එපිටින් යම් ග්‍රහලෝකයක් තිබේනම් පොදුවේ එම ග්‍රහයා හැදින්වීමට මෙම Nibiru නම් නාමය යොදාගන්නා බවයි.
The 4500 year old Akkadian seal appears to indicate the relative size of the Jovian planets to our Sun |
එය කෙසේවූවත් මෙම ග්‍රහලෝකය පවතිනවාය යන මතය දරන පාර්ශවයන්ගේ මූලිකම තර්කය වන්නේ NASA ආයතනය සාමාන්‍ය මහජනතාවගෙන් අතීතයේ සිටම ඇත්ත තතු සඟවන නිසා මෙවරද එම ලෙසම ක්‍රියාකරන බවයි. එසේම NASA ආයතනය දක්‍ෂින ධ්‍රැවයේ ස්ථාන ගත කර ඇති South Pole Telescope පද්දතියෙන් පවා මෙය ග්‍රහණය කරගෙන තිබියදී හා 1983දී IRAS (the Infrared Astronomy Satellite) මගින් ගන්නා ලද ඡායාරූපවලද මෙම අදභූත ග්‍රහයා දිස්වන බවට සාක්‍ෂි තිබියදීත් මෙම කරුණ ප්‍රතික්‍ෂේප කරමින් සිටින බවට චෝදනා රැසක් නැගේ.ඒනිසා මෙම සංසිද්ධිය පිළිබදව ගොඩනැගී ඇත්තේ එකිනෙකට පරස්පර මතගැටුමකි. තවද 1980 තරම් ඈත කාලයේදී පවා මෙම ග්‍රහයා අයත් Dark Star නම් තාරකාව හදුනාගෙන තිබෙන බවයි.
මෙම Dark Star නම් තාරකාවක් වටා ඇති කක්‍ෂයක ගමන් ගන්නා ග්‍රහයෙකු වන Nibiru මීට පෙරද පෘතුවියේ නොගැටී අපගේ කක්‍ෂතලය හරහා ගමන් ගත් බවද පවසයි. එම පිරිසගේ මතය අනුව එහි ගමන් පථය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ කක්‍ෂ තලයට හරහා ආසන්න වශයෙන් අංශක 30 ක් ආනතව වැටී ඇති අතර එය අතිදීර්ඝ කාලපරාසයකට වරක් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පථය හරහා ගමන් ගන්නා බවද කියයි.
මෙම ග්‍රහයා Dark Star ගේ සත්වන ග්‍රහයා වන අතර විශාලත්වය අපගේ බ්‍රහස්පතී ග්‍රහයාවැනිය.
එසේම මෙම Nibiru ග්‍රහයා මීට පෙර අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලොවක ගැටීම නිසා එම ග්‍රහවස්තුව පිපිරීමෙන් අඟහරු හා බ්‍රහස්පතී අතර ඇති ග්‍රාහක කලාපය ඇතිවූ බවටද මතයක් පල කරයි.
මෙම ග්‍රහයා ප්ලූටෝ ග්‍රහයා පිහිටි කක්‍ෂයෙන් සෞරග්‍රහ මණ්ඩලයේ කක්‍ෂ තලයට ඇතුළුවන ස්ථානය Kuiper Gap ලෙස හැදින්වේ.
තවද එහි ගමන් පථය අනුව එය ගමන් කරන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් බහුතරයක් ගමන් ගන්නා දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවටයි. මෙම තත්වය "retrograde motion of Nibiru" ලෙස හදුන්වයි.
මෙසේ Nibiru ග්‍රහයා පිළිබදව දෙපිරිසක් මතවාද දෙකක් ඔස්සේ කදවුරු බදිද්දී එක් කරුණක් පැහැදිලිය. එනම් ලෝකයේ වගකිව යුතු ආයතන රැසක් අපගෙන් කරුණු රැසක් සඟවාගෙන සිටින බවයි. එසේනම් මෙම ලිපිය මෙතකින් අවසන් කරන අතර ඉදිරිලිපියේදී නැවත හමුවී තව තවත් කරුණු සොයාබලමු...
(Nibiru පිළිබදව පැහැදිලි කිරීමට ගන්නා ලද ඡායාරූප බොහෝමයක් http://www.darkstar1.co.uk වෙබ් අඩවියෙන් ලබා ගන්නා ලදි).