Monday, June 6, 2011

ඔබේ නොමසුරු උපකාරයෙන් සත් සමුදර යලි ජීවය ලද වග ඔබ සැමට දන්වමි...

සත් සමුදුරේ ආදරණිය මිතුරනි,

යලි මෙම සත් සමුදුර බ්ලොග් අඩවිය තුලින් හමුවීමට ලැබේ යයි අද දින උදෑසන තෙක් නොසිතුවෙමි. එහෙත් සත් සමුදුර මුහුණ පා සිටි දැඩි අසීරු තත්වය පිළිබදව මා විසින් දැනුවත් කිරීමට නිරතුරු සත් සමුදුරට පිවිසෙන මිතුරන් මෙන්ම කිසිදා සංවාදයට නොපැමිණියත් සත් සමුදුරට ගොඩවී යන මිතුරන් රැසක් එම ගැටළුව පිළිබදව කරුණු සහිතවම විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධවෙමින් විවිදාකාරයේ දෝශනිවාරණ ක්‍රම විධි ආදියෙන් දැනුවත් කරන ලදි.

කෙසේවෙතත් නොයෙකුත් ක්‍රම විධි අනුගමනය කලද යථා තත්වයට පත්වන බවක් නොපෙනුන නිසා අද දිනයේ වෙනත් බ්ලොග් අඩවියක් ඔස්සේ සත් සමුදුරේ පැරණි ලිපිද සමගින් ඔබ වෙතට නැවතත් පැමිණීමට අදහස් කරගෙන සිටියෙමි.

නව බ්ලොග් අඩවියක් ඔස්සේ ඔබ හමුවිය හැකිවූවත් මෙම පැරණි බ්ලොග් අඩවිය ආ ගමන් මග සැලකීමේදී හා මේ වන විට hits 45000 කට වැඩි සංඛ්‍යාවක් මෙන්ම followers 97 ක් එක්වී සිටි අඩවිය අත්හැරදැමීම සිතට කණගාටුවක් දැනෙන කරුණක් විය. එසේ නමුත් නැවත යථා තත්වයට පත් කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැතිව මියැදෙන්නට පණ අදින දෙයක් අත්හැර නව විකල්ප ක්‍රමයක් කරා යනුවිනා අද උදෑසන වන තෙක් වෙනත් විසදුමක් නොමැති බවද පෙනී ගොස් තිබුනි. එසේම අත්හැර දැමීමට ආසන්න මොහොතේ පවා නව මිතුරන් එක්වීම තුලින් සත් සමුදුර දිනා තිබූ පාඨක ප්‍රසාදය පිළිබදව සැකයක්ද නොතිබුනි.

කෙසේ වෙතත් අද උදෑසන බ්ලොග් මිතුරන් කිහිපදෙනෙකුම ලබා දෙන උපදෙස් මත සිදුකරන ලද ප්‍රතිකර්ම හේතුකොට ගෙන මැයි 30 වන දා දක්වා ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම බ්ලොග් අඩවිය ක්‍රියාත්මක වනු දැක්ම සිතට අතිශයින්ම සතුට දැනෙන කරුණක් විය. එසේම මේ මොහොතේ පවා සත් සමුදුරේ පැවැත්ම වෙනුවෙන් මිතුරන් රැසක්ම බෙහෙවින් සතුට දනවන යෝජනා ආදියද විද්‍යුත් තැපෑල ඔස්සේ ලබා දීමද අතිශයින්ම අගය කරමි.

එසේම ඔබට ලබා දිය යුතු පණිවිඩයක්ද තිබේ. අපට බ්ලොග් පහසුකම ලබාදෙන blogger පිළිබදව දැන් නම් 100% කට විශ්වාසයක් තැබීම නුවනට හුරු නොවන බවයි. ගියමාසයේ ඔවුන් සිදුකරන ලද නඩත්තු කටයුත්තේ යම් අවස්ථාවක ඒ වන විට අප publish කර තිබූ අවසාන ලිපිය එක් වරම බ්ලොග් වලින් ගැලවී ගොස් තිබූ බව ඔබට මතක ඇති. පසුව ඔවුන් එය draft ලෙස ලබා දුන්නද සත් සමුදුරට ලැබුනේ එයින් 1/4 ක පමණ ප්‍රමාණයකි. කෙසේවෙතත් කලින් ලිපිය සකසා තිබූ මතකය හා අත්දැකීම් නිසා ලිපිය නැවත ලිවීම එතරම් කාර්යයක් ‍නොවුනි.

තවද ඔවුන්ගේ දෝශ සහිත තත්වයන් නිසා Stats තුලින් අපට දැක ගත හැකි අපගේ ලිපිවල page views ද ඒ වන විට තිබූ අගය අඩුවෙමින් කිසියම් අමුතුදෙයක් සිදුවන්නටද විය. ඉන්පසු ඔවුන් බ්ලොගයට නව Publicly button එකතු කිරීමේදී සිදුකරන ලද වෙනස්කමේදී අද උදෑසන වන තෙක් සත් සමුදුර බ්ලොගය මුහුනපාසිටි තත්වය උදාකර දෙන ලදි. (එම නව උපාංගය ලබා‍ දෙන තෙක් මෙවැනි කරදරයක් මීට පෙර අත්නොවූ හෙයින්).

මේ කාරණ සැලකිල්ලට ගෙන ඔබගේ බ්ලොග් අඩවිවලද Backup ලබා ගැනීම මේ අවස්ථාවේ කාලෝචිත බව ඔබට උවමනාවෙන්ම කිවයුතුය.

එසේනම් දැන් මෙම ලිපිය අවසන් කරන්නම්. මේ මොහොතේ නැවතත් ඔබ අතරට සත් සමුදුරට පිවිසීමට හැකිවූනේ ඔබ සත් සමුදුර රැක ගැනීම වෙනුවෙන් ලබා දුන් ආධාර උපකාර නිසයි. එසේම සත් සමුදුර 50 වන ලිපිය දැමූ මොහොතේ හා 100 වන ලිපිය පල කල මොහොතේ සම්බන්ධවූවාට වැඩි මිතුරන් ප්‍රමාණයක් ඊයේ සත් සමුදුර මුහුණපාසිටි තත්වය පහදා ඔබෙන් උදව් බලාපොරොත්තුවූ මොහොතේ පැමින තිබූ බවද සතුටින් ඔබට දන්වමි.

සත් සමුදුරට නැවතත් ප්‍රාණ වායුව ලබා දීමට එක්වූ මිතුරන්ගේ නම් සදහන් නොකලත්, ඔවුන් සැමට මගේ අවංක ස්තූතිය පුදකරමි. ඉදිරියේදිත් සත් සමුදුරට හැකි සෑම විටකම පිවිස ඔබගේ අදහස් විවේචන චෝදනා විකල්ප ආදි සියළුම දෙයින් සත් සමුදුර පෝශනය කරන ලෙසද නැවතත් ඔබගෙන් කාරුණිකව ඉල්ලමි.

ස්තූතියි!
දිනේශ් දීපාල්
සත් සමුදුර

15 comments:

  1. මොකද උනේ බං. පහුගිය ටිකේ මගේ කනෙක්ෂන් ස්ලෝ නිසා මේක ලෝඩ් උනේ නැ. 6 වෙනිදානෙ ආයේ ස්පීඩ් හරියන්නෙ. අද ආවේ ඔක්කොම ටික කියෝලා යන්න. මං නං මුකුත් දන්නැ.

    ReplyDelete
  2. It's nice to dis wrkn again as it ws...

    ReplyDelete
  3. දිනේශ් ‍හොඳ දේවල් බෙදාහදාගන්න තාක්කල් කට්ටිය ඔයා වටේ ඉඳියි. ඇත්තටම වෙලා තිබුණෙ මොකක්ද කියලත් අපිට කිව්වනම් හොඳයි. මොකද ඊළඟ අවස්ථාව අපි ඕනෙම කෙනෙක්ගෙ වෙන්න පුළුවන්නේ...

    ඔයා සතියකට පෝස්ට් කීපයක්ම දාන නිසා කොහොමත් සතියකට වතාවක්වත් බ්ලොග් එක බැකප් කරගන්න.

    බ්ලොගර් සෑහෙන්න කාලෙකට කලිනුයි එයාලගෙ අලුත් අප්ඩේට් එක ගැන වීඩියෝවක් නිකුත් කලේ. මේ දවස්වල එයාල ඒ ගැන මොනව හරි කරමින් ඉන්නව වෙන්න ඕන. ඒකයි මේ එක එක ප්‍රශ්ණ. එයාල ෂුවර් නැති වුණ එක අවුලක් නම් තමයි.

    ReplyDelete
  4. @බුද්ධි - මචං 01 දා සිට කමෙන්ට්ස් දාන්න, Preview කරන්න වගේම පරන ලිපි බලන්නත් බැරිවුනා. අද බ්ලොග් එකට එන මිතුරන්ගේ උදව්වෙන් යථා තත්වයට පත් කර ගත්තා...

    ReplyDelete
  5. @රොබින් - Thanks! my friend...

    ReplyDelete
  6. @hare :-) Template එක blogger team එක විසින්ම අවුල් කරල පසුව Design ---> Edit HTML ----> Revert widget templates to default කිරීමෙන් තමයි වැඩේ නිරවුල්වුනේ. බ්ලොගර් ගැන කිසිම විශ්වාසයක් දැන්නම් තියාගන්න බැහැ. Backup අරගන්න එක කෝකටත් හොදයි...

    ReplyDelete
  7. මම දිගටම ආවා මොකද උනේ බලන්න ..මට කිසිම ලිපියක් බලාගන්න බැරිව ගියා . අනිතිමට රීඩර් එකෙන් ඔයාගේ අන්තිම පෝස්ට් එක කියෙවුවාමයි වැඩේ දැනගත්තේ .

    බ්ලොගර් ගැනනම් දැන් කියන්න වචන නෑ ..ඊයේ දවසම මට ලිපියක් පබ්ලිශ් කරගන්න එයාලා ඉඩ දුන්නේ නෑ ..අදනම් හරි ..

    මොන දේ උනත් මේ සත්සමුදුර දාලා අපි යන්නේ නෑ . ඔයා වෙන ඩොමේන් එකක් අරගෙන හරි පටන්ගන්න .අපි මේ අද ආවා වගේම එදාටත් අඩු නැතිවම එනවා

    ReplyDelete
  8. @හිස් අහස - ස්තූතියි! සහෝදරයා ඔබලාගේ සහයෙන්ම තමයි නැවත ජීවය ලැබුනේ. බ්ලොගර් එයාලට ඕනෑ විදියට වැඩකරන්න උත්සහදැරුවොත් වෙන කෙනෙක්ගෙන් හෝ ඒ පහසුකම ලබා ගන්නවා...

    ReplyDelete
  9. දැන්නම් අර පොප් අප් කරදරයත් ඉවරයි වගේ. කොහොම නමුත් සුභ පැතුම්...

    ReplyDelete
  10. නැවතත් හමුවීම මහත් සතුටකි ..!!

    ReplyDelete
  11. Congratulations....!!!

    ReplyDelete
  12. @අමිල & others - ස්තූතියි! පොප් අප් නැවත ආවොත් කියන්න...

    ReplyDelete
  13. දැන් ආයෙ දිගටම ලියන්න පටන් ගමු!

    මට දැන් පොප් අප් එකක් ආවා..

    ReplyDelete
  14. @තාරක Dilsh@n - මම දැන් එක Third party gadget එකක් ඉවත් කලා. බලන්න නැවත පොප් අප් එනවද කියලා...

    ReplyDelete
  15. නෑ දැන් නෑ.
    කලින් ආවෙ ලියල තියෙන ඒවා හයිලයිට් කරද්දි..
    (මම කියවන්නේ හයිලයිට් කර කර :P)

    ReplyDelete