Monday, June 20, 2011

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ ස්වර්ණමය යුගය - 2 කොටස


පළමු ලිපියෙන් මායා ශිෂ්ඨාචාරය යුග වශයෙන් සැලකීමේදී පළමු ප්‍රධාන යුගය ලෙස සැලකෙන ප්‍රාග්සම්භාව්‍ය යුගය ගැන සාකච්ඡාකරනු ලැබූ අතර මෙම ලිපියෙන් දෙවන ප්‍රධාන යුගය ලෙස හා ඔවුන්ගේ සමෘධියේ වැදගත්ම යුගය යයි සැලකිය හැකි සම්භාව්‍ය යුගය හෙවත් Classic period අවධිය ගැන කතා කරමු.


සම්භාව්‍ය යුගය  Classic period

ක්‍රි.ව. 300 දී පමණ ඇරඹී සම්භාව්‍ය යුගය හෙවත් Classic period මායා ශිෂ්ඨාචාරයේ ස්වර්ණමය යුගය ලෙසද සලකෙන අතර මේ කාලය වඩාත් සංකීර්නවී ඇත. මෙම අවධිය වන විට ඔවුන්ගේ ජනගහනය වර්ධනයවීම වැඩිවී තිබුනා මෙන්ම අභ්‍යන්තරයේ තිබූ උස්බිම් වල විසූ මායාවරුන් හා පහත් බිම් වල විසූ මායාවරුන් අතර එක් වීමක් සිදුවී ඇත. එසේම ඔවුන් දෙපිරිස අතර තරඟකාරීත්වයක්ද වර්ධනයවී ඇත. වාණිජ කටයුතු හා යුද කටයුතු ඔවුන්ගේ සංස්කෘතිය වර්ධනය කෙරේ ප්‍රධානම උත්තේජනය වී ඇති බව සදහන් කල යුතුය. එසේම මෙම අවධිය වන විට මායාවරුන්ගේ වඩාත්ම සංවර්ධිත ප්‍රදේශ ලෙස Petén කැලෑ ප්‍රදේශ හා ඒ අවට පහත් බිම්  ප්‍රදේශ වන Tikal, Palenque, Piedras Negras, සහ Copán දැක්විය හැකි අතර මෙම සංවර්ධනය ක්‍රි.ව. 300 සිට ක්‍රි.ව. 900  දක්වා සිදුවූ බවද පැවසේ.

මායාවරු අතර ටිකෙන් ටික සමාජමය පංති බිහිවීමත් සමග මායා සමාජය වඩාත් සංකීර්ණ තත්වයට ක්‍රමයෙන් පත්වී ඇත.පාරම්පරික උරුමයෙන් නායකත්වය දරන පංතියේ පවුල් සාමාන්‍ය මායා වැසියන්ට වඩා ඉහල තලයක සිට ඇති අතර එවැනි පවුල් වලින් බිහිවූ රජකෙනෙකු ඒ ඒ මායා නගර පාලනය කර තිබේ. මෙම රජවරු ප්‍රාග්සම්භාව්‍ය යුගයේ සිටි ප්‍රධානීන්ගේ පාලන ක්‍රමයට සමාන ආකාරයකින් පාලනය ගෙන ගියත් ඔවුන්ගෙන් වෙනස් වී ඇත්තේ මෙම අවධියේ බිහිවූ රජවරු සමාජ පංති ක්‍රමයක් පෙරදැරි කරගෙන ඔවුන් සාමාන්‍ය ජනයාගෙන් වෙන්ව ඔවුන්‍ට සමාන ප්‍රභුවරු සමග සමීපව සිටීමයි. මෙම රජවරු සමග සමීපව සිටි අනෙක්  කොටස පූජකයන්ය. නගර මධ්‍යයේ පිහිටි දෙවොලක් කේන්‍ද්‍රකරගනිමින් වාසය කල අතර මෙම නගරයක ජනගණත්වයද ඉහල මට්ටමකින් තිබූ බව සදහන්ය.නිදසුනක් ලෙස සමස්ථ Tikal  ප්‍රදේශයේ වර්ග කි.මි314 ක ප්‍රදේශයේ පමණක් 92,000 ක් වූ ජනගහනයක් සිටි බව කියන අතර එහි මධ්‍ය ප්‍රදේශයේ පමණක් මායා ඉදිකිරීම් 2700 ක් පමණ තිබී ඇත.
සම්භාව්‍ය යුගයේදී යුදවැදීම් තරමක් සීමාවී ඇති අතර එය ඔවුන්ගේ චාරිත්‍රානුකූල උත්සව සදහා බොහෝවිට යොදාගෙන ඇත. මායා පාලකයන් , stelae ලෙස හදුන්වන කැටයම් නෙලූ පාශානමය මූර්තිවල දැක්වෙන ආකාරයෙන්ම නිතරආයුද දරා සිට ඇති අතර ඔවුන් තම සේනාව මෙහෙයවා ප්‍රතිවාදී කණ්ඩායම් අල්ලා ඔවුන් බිලිපූජා සදහා යොදාගෙන ඇත්තේ ආගමික හෝ දේශපාලනික හේතුවෙනුවෙනි. ඒවගේම මෙම පාලකයන් ආක්‍රමණය කරන ලද නගර වල සමහර කොටස් විනාශකර ඇති අතර ඒ බොහෝවිට මධ්‍යයේ පිහිටා ඇති දෙවොලේ යාබද ප්‍රදේශ බවද කියයි.

පහත්බිම්වල පිහිටි මායා නගර අංගසම්පූර්ණව ඔවුන්‍ විසින් ගොඩනැංවීමද මෙම අවධියේ සිදුකර ඇත. එවා දේවස්ථාන, මාලිගා, අංගණ, ජලය එක්රැස් කරන ස්ථාන, සපත්තු පාලම් ආදියෙන් සමන්විත වී ඇත. එසේම ඒවායේ බිත්ති, පොළව හා අනෙකුත් පෘෂ්ඨයන් රතු හෝ ක්‍රීම් පැහැයෙන් යුතු ‍හුණු බදාමයකින් ආවරණය කර ඇති අතර හිරු එළිය වැටෙන විට එම ස්ථාන අලංකාරවත්ව දිලිසෙමින් තිබී ඇත. එපමණක් නොව මූර්තිකරුවන් විසින් තම පාලකයන් හා ඔවුන්ගේ පවුල් වල විස්තරද, දේශපාලනික ඉතිහාසය හා එම ‍ජනාවාස සමග බැදී පවතින වැදගත් කාරණා පාශානමය කැටයම් ලෙස ශිලාලේඛණ නිර්මාණය කර ඇත.
Maya Temple - The Castillo Pyramid in Chitzen Itza found in
the Yucatan Peninsula of Mexico.

මායාවරුන්ගේ මාලිගා
මායාවරුන් ජලය රැස් කිරීමට තනන ලද තටාකයක්
පුරාවිද්‍යාඥයන් විසින් කනිනු ලබන අවස්ථාවක්
මායාවරුන් ජලය එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමට
භාවිතාකරන ලදැයි සැලකෙන ජලනල පද්දතිය හා තාක්‍ෂනය


සමාජය හා ආර්ථිකය

සම්භාව්‍ය යුගයේ රජවරු තම නමට පදවි නාමයක්ද යොදාගෙන ඇති අතර එය මායා බසින් k’ul ahau වන අතර එහි අර්ථය උත්තරීතර හා පූජනීය පාලකයා යන්නයි. මෙම යුගයේ පසුකාලීනව රජුට සහය වීම පිණිස පාරම්පරිකව පැවත එන පාලක සභාවක්ද තබා ගෙන ඇත. එසේම රජුට දේශපාලනික වශයෙන් පමණක් නොව මේ අවධියේ ආගමික බලතලද තිබී ඇත. කෙසේ වෙතත් පසුසම්භාව්‍ය යුගය ලෙස ගැනෙන ක්‍රි.ව. 900 සිට ක්‍රි.ව. 1521  දක්වා කාලයේදී රජුට තිබූ ආගමික බලතල ඉවත්වී ඇති අතර පූජක පැලැන්තියේ ආයතනික බලතල වැඩිවී ඇත.

මායා සමාජය තුල ‍වෙළද පාර්ශවයටද කැපී පෙනෙන තැනක් ලැබී තිබිනි. භූමියේ අභ්‍යන්තර ප්‍රදේශ යාකරමින් පැවති වෙළඳ මාර්ග පහත් බිම් වල තිබූ මධ්‍යස්ථාන වලින් පාලනය කෙරුන අතර ඒවා මගින් ලුණු, obsidian හා jade පාශාන,කොකෝවා, සත්ව හම්, නිවර්ථන කලාපීය පක්‍ෂීන්ගේ පිහාටු හා සුකෝපභෝගී තත්වයෙන් සැලකූ  පිඟන් ග‍ඩොල් ආදිය පාලනයකින් යුතුව වෙළදාම් කටයුතු සිදුකෙරුන බව පැවසේ. සම්භාව්‍ය‍ යුගයේ මුල් කාලයේ මධ්‍යම මැක්සිකෝවේ Teotihuacánමායා ශිෂ්ඨාචාරය පැවති ප්‍රදේශ ලෙස හැදින්වෙන Mesoamerica හි අද්විතීයම නගරය ලෙස හැදින්වේ. මෙම නගරය ඒ අවධියේ Mesoamerica දේශපාලනික හා ආගමික බලය පැතරවූ ස්ථානය ලෙසද නම් කලාට වරදක් නැත. එසේම වාණිජ ජාලය තුලද මෙම නගරය ප්‍රධාන මධ්‍යස්ථානයක් වූයේය.
Teotihuacán
quetzal
දකුණු දිග කලාපයේ උස්බිම්වල විසූ මායාවරුන් සිය වෙළඳ භාණ්ඩ ලෙස යුදායුද හා මෙවලම් තැනීමට ඇවසි obsidian පාශාණඇඹරුම් ගල්ජේඩ්කොලපැහැ ගිරවුන් හා quetzal පක්‍ෂීන්ගේ පිහාටුගස්වලින් ලබා ගත් සුවද ගෙනදෙන දුම්මල විශේෂයක් වූ copalcochineal ලෙස හැදින්වූ මියගිය කෘමීන්‍ වියලා තනාගත් රතුපැහැ ඩයි අනෙකුත් ප්‍ර‍දේශ කරා රැගෙන ගොස් ඇතපහත්බිම්වල විසූ මායාවරුන්ගේ වෙළඳ භාණ්ඩ වී ඇත්තේ ජගුවර් සතුන්ගේ හම්කපු නූල් හා රෙදි,  balcheඉටිමී පැණිකරවල මුවමස් හා ගිණි අවුලුවා ගැනීමට භාවිතා කරන තිරුවාන ගල් විශේෂයකි. මෙලෙස භූවිශමතාවයෙන් වෙනස් වූ ප්‍රදේශ වලින් අනෙකුත් ප්‍රදේශයට රැගෙන ආ භාණ්ඩ දෙආකාරයකට අලෙවි වී තිබේ. එනම් භාණ්ඩ හුවමාරුවක් ලෙස හෝ ඒ අවධියේ ඔවුන් මුදල් ලෙද භාවිතා කල කොකෝවා ඇට භාවිතයෙනි. එසේම ප්‍රභූපැලැන්තියට අයත් ජනයා සුකෝපභෝගීව ජීවිතය ගත කර ඇති අතර පහල පංතියේ ජනයාගේ ජීවිතය අඩු දියුණුවකින් යුතුවිය.
වර්ථමානයේ පවා මායාවරු ලුණු වෙලදාමේ යෙදී සිටිති
 මායා වංශාධිපතීන් පිරිමින් යටිකය සදහා විසිතුරු මැහුම්ගෙතුම් කරන ලද කපු ඇදුමක් ඇද ඇති අතර එය පිහාටුවලින්ද අලංකාර කර තිබේ. උඩුකයට කපුරෙද්දෙන් තැනූ ලෝගුවක්ද හෝ ජගුවරු හමෙන් තැනූ ඇදුමක් හෝ පිහාටුවලින් තනන ලද ඇදුමක් භාවිතාකර ඇත. එසේම පිහාටු වලින් තැනූ විශාල කැපී පෙනෙන හිස් පලදනාවක්ද භාවිතාකරන්නට අමතක කර නැත. වංශාධිපතීන් ගැහැණුන් සැහැල්ලු මෙන්ම සුදු පැහැ කපු රෙද්දෙන් නිමවූ ලෝගුවක් ඇද ඇති අතර ඒවාද විසිතුරු මැහුම්ගෙතුම් වලින් අලංකාර කොට තිබේ.

වංශාධිපතීන් ගලින් නිමවූ නිවාස වල විසූ අතර ඒවායේ බිත්ති කපරාරු කොට ඒවා බිතුසිතුවම් වලින්ද අලංකාර ‍කොටතිබී ඇත. මෙම නිවාස වල ඔවුන් සිදුකරන ලද භෝජන සංග්‍රහවලදී අමුත්තන්ට කළුකුම් මසින්, මුව, තාරා යනාදී සතුන්ගේ මසින්ද, ඔවුන් නිපදවූ චොකලට් හා balche පානයන්ගෙන්ද සංග්‍රහ කොට ඇති අතර අමුත්තන් මෙම සාද වලට පැමිනෙන විට ත්‍යාගභෝගද රැගෙනවිත් තිබේ. වංශාධිපතියෙකු මිය ගිය පසු මෘතදේහය පාශානමය දෙනක බහා ජේඩ් හා මැටි ආභරණවලින් සරසා භූමදානය කර තිබේ. එසේම ඔහුගේ මරණින් පසු දි‍වියේදී ඔහුට සේවය කිරීම පිණිස මිනිසුන්ද ඔහුගේ මලගම සිදුවන දිනයේ බිලී දී ඇත.

මෙම ශිෂ්ඨාචාරයේ සම්භාව්‍ය යුගයේදී වංශාධිපතින්ට පහල සමාජ ස්ථරය Yalba Unicob හෙවත් Lower Men ලෙස හැදින්වූ අතර එයද කොටස් දෙකකට බෙදා වෙන්කර දැක්වේ. එනම් නිපුනත්වයක් ඇති ශිල්පීන් හා වෙළෙන්දන් එම සමාජ ස්ථරයේ ඉහල කොටසට හිමිකම් කී අතර එය වර්ථමානයේ මධ්‍යම පංතියට සම කර දැක්වේ. මෙම පංතියට එදා අයත්වූවන් ලෙස පාශාන හා දැව කැටයම්කරුවන්, බිත්ති කපරාරුකරන්නන්. පින්තාරුකරුවන්, කුඹල්කරුවන්, මූර්ති ශිල්පීන් හා වාණිජ කර්මාන්තයේ නිරතවූවන් සලකන ලදි.

මායාවරු ගොවිතැනේ යෙදුන හැටි
මෙම මධ්‍යම පංතියට අයත් නොවූ නුපුහුණු කම්කරුවන් අතරින් ගම්බද මායා වැසියන් බහුතරයක්  ගොවීන් වූ අතර ඔවුන්ගේ කෘෂි නිෂ්පාදනයෙන් 2 3ක් හෝ ඊටත් වැඩියෙන් ඔවුන්ගේ හාම්පුතුන් වූ ඉහල පැලැන්තියේ මායාවරුන්ට දී ඇත. නගරබදවිසු ‍නුපුහුණු කම්කරුවන්ගේ වෘතීන්වූයේ ගල් කැඩීම, කශලශෝදක වෘතිය හා බඩු ඔසවාගෙන යාමේ රාජකාරීන්ය. නගරබදව විසූ මෙම වැසියන් නගර‍යේ මධ්‍යයේ නොව නගරයේ සීමාවට ආසන්නයේ සිය නිවාස තනාගෙන වාසය කර ඇත.

මෙම පහල සමාජ ස්ථරවල නිවාස ගත් කල අඩුමට්මේ අය සරල කූඩාරම් ආකාරයේ නිවාස වල වාසය කර ඇති අතර ඇතිහැකි අය කටුමැටි බිත්ති සහිත පාම් අතු සෙවිල කල නිවාස තනාගෙන වාසයකරන ලද බව සදහන්ය. කෙසේවෙතත් මෙම නිවාස වල තිබී ඇත්තේ අඩු ගෘහභාණ්ඩ ප්‍රමාණයක් වන අතර නිවාස පරම්පරාවකට වඩා පැවතී නැති අතර පැරණි නිවාසය කඩා වලලා එය මත නව නිවාස නැවත තනා ගෙන ඇත. එයින් ඔවුන් බලාපොරොත්තුවී ඇත්තේ ඔවුන්ගේ මලගිය මුතුන්මිත්තන්ගේ ආත්මය තමන් වටා රැදේවි යන විශ්වාසයයි.


සාමාන්‍ය වැසියන් කපුරෙද්දෙන් පිළියෙල කල සරල අමුඩයක් වැනි ඇදුමක් හා කබායකින් සිය විලිවසාගෙන තිබේ. මෙම වැසියන්ගේ කාන්තාවන් කපු වලින් ගොතනලද හැට්ටයක් හා සායක්‍ හෝ සැහැල්ලු මල්ලක් වැනි ඇදුමක් ඇද ඇති අතර එය සරල මෝස්තර වලින් අලංකාරය කර තිබේ. කෙ‍සේවෙතත් මෙම කාන්තාවන් හා තරුණියන් ‍කොණ්ඩය දිගට වවා ඒවා අන්‍යයන්ගේ සිත් ඇදගන්න සුළු ‍ලෙස පීරා අලංකාරව සිට ඇත. ඔවුන් භාවිතා කල කොණ්ඩා සැරසිලි අනුව එම ස්ත්‍රිය විවාහක අවිවාහක බව තීරණය කිරීමේ හැකියාවද තිබූ බව කියයි. පිරිමි සහ කාන්තාවන් දෙකොට්ඨාශයම නොයෙක් විසිතුර මෝස්තර වලින් සිය සිරුර පච්ඡාකොටා ගෙන තිබීම එම සමාජයේ සුලභ සිදුවීමක් විය.


මායා සමාජයේ පහලම ස්ථරය වහලුන් වූ අතර ඔවුන්ට අයත්වූයේ එකල අපරාධ සිදු කර හසුවූ අය හෝ වහල්භාවයට බැදී සිටි දිළිදුම මායා වැසියන් හෝ යුද්දවලදී යටත් කරගත් මිනිසුන්ය. ඔවුන්ගේ ජීවිතය දුඛිංත වූ අතර ඔවුන් අතර යම් හෙයකින් ඔවුන්ගේ ස්වාමිය මිය ‍ගිය හොත් ඔහුගේ මරණින් මතු දිවියේදීද සේවය කිරීම පිණිස ඔහු අවසන් ගමන් යන විට වහලුන්ටද සිය ජීවි‍තයෙන් සමුගතයුතු වූ බව සදහන් වේ.


මායාවරුන්ගේ ස්වර්ණමය යුගය ගැන තව විස්තර තෙවන කොටසින් කියවා දැන ගනිමු...

39 comments:

  1. ඉතා හොඳයි . ආසාවෙන් කියවමි

    ReplyDelete
  2. හපොයි ස්වර්ණමය යුගය කිව්වට මේක අන්තිම දුෂ්ඨ යුගයක්නෙ. අර Apacalypto චිත්‍රපටයෙ තියෙන මිනිස්සු කෲර විදියට බිලිදෙන එක ඇත්තටම වෙලා තියෙනව එහෙනම්.
    ඒ වගේම ටික දෙනෙක්ගෙ සුඛ විහරණය වෙනුවෙන් අමු අමුවේම ම්ලේච්ඡ ක්‍රමයක් පවත්වාගෙන ගිහින් තියෙනව ඔවුන්. දැන්නම් ඒක ඒ තරම්ම අමු අමුවේ නැතිව ටිකක් බොරුවෙන් වහලනෙ කරන්නෙ.
    වටිනා ලිපි පෙලක්.ස්තූතියි.
    මීට වඩා ලිපි දිග කරන්න එපා ඔන්න.

    ReplyDelete
  3. නියම ලිපියක් දිනේශ් අයියා .. පලමු ලිපියයි දෙවැනි ලිපියයි දෙකම එල . ලෝක මායාවරු ගැන මම නම් යන්තම් අහලා තිබුනා විතරමයි .. මේ විස්තර දුන්නට ගොඩක් ස්තූතියි .

    ReplyDelete
  4. @Bindi,buwa & හිස් අහස - ස්තූතියි! තව ලිපි කිහිපයක්ම මේ ගැන ලියවේවි...

    ReplyDelete
  5. ``` Outsider``` - ස්තූතියි! ඔව් බිලි පූජා කියන එක බොහෝ ඇමරිකානු ශිෂ්ඨාචාරවල සුලභව සිදුවී ඇති දෙයක් තමයි.Apacalypto චිත්‍රපටය මෙම ශිෂ්ඨාචාර පිළිබදව කියවෙන අතිවිශිෂ්ඨතම නිර්මාණයක් තමයි. ඒ කාලේ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය බොහොම අඩු ලංසුවකට තැබූ බවක් තමයි පෙනෙන්නේ. ස්වර්ණමය යුගය ලෙස හැදින්වූයේ මේ අවධියේ තමයි මෙම ශිෂ්ඨාචාරයේ උන්නතිය සිදුවී ඇත්තේ. ලිපි දිග වැඩි නොකරන්න කියන‍්නේ කොටස් අඩුකරන්න කියන එකද? එහෙමත් නැත්නම් එක් කොටසක තිබිය යුත‍්තේ මේ ප්‍රමාණය කියන එකද?

    ReplyDelete
  6. නියමයි.... ආසාවෙනස් කියෙවුවා... මේ වගේ ලිපි වලට මං පට්ට ආසයි මචං.....

    ReplyDelete
  7. @දිනේෂ් සංජය - ස්තූතියි! ඊලඟ ලිපිය බලන්නත් ලෑස්තිවෙන්න...

    ReplyDelete
  8. @sohan - ස්තූතියි! wrestling වලට ඒ හැටි මනාපයක් නැතත් නෑවිදිං කොහොමද?

    ReplyDelete
  9. ඉතාම හොඳින් සෑම අංශයක්ම අනාවරණය කරමින් ලිපිය ලියල තියෙනවා. මේ විදිහට දිගටම ලියන්න.

    ReplyDelete
  10. දිග වැඩි කරන්න එපා කිව්වෙ එක කොටසක දිග ප්‍රමාණයයි. මොකද පින්තූර නැති වුණොත් ලිපියෙ වටිනාකම නැති වෙනව. පින්තූර එක්ක ඩවුන්ලෝඩ් වෙන්න වෙලා යනව. ගොඩක් අය ළග තියෙන්නෙ සීමිත වේගයෙන් අඩු අන්තර්ජාල සම්බන්ධතා නිසා. කොහොම වුණත් වෙලාව ගත කරල හරි හොඳ ලිපි කියවනවමයි. ස්තූතියි..

    ReplyDelete
  11. බොහෝම අසාවෙන් හිමින් සීරුවේ කියෙව්වා ඕං...

    ReplyDelete
  12. @උදාර - ස්තූතියි! ඉදිරිකොටස්වලත් අණාවරනය නොවූ කරුණු රැසක් අන්තර්ගතයි...

    ReplyDelete
  13. @``` Outsider``` - ඔබගේ කතාව ඇත්ත. එක කොටසක දිග ඕනෑවට වඩා වැඩි වුනාම කියවන්නත් වෙහෙසයි. ඒවගේම අඩු වේග අන්තර්ජාල පහසුකමකදී එය බලන්නත් අපහසුයි වගේම බ්ලොගර් හිටිහැටියේ කරන අකටයුතුකම් වලදී පෝස්ට් එකක් නැතිවුනොත් වෙන පාඩුවත් අවම කරගන්න පුළුවන්. ස්තූතියි මිතුර, ඔබ පැරණිම සහෘදයෙක් ලෙස දෙන සහය ඉතා ප්‍රශංසනීයයි!!!

    ReplyDelete
  14. @මාරයාගේ හෝරාව - ස්තූතියි! මාරයෝ, ඊලඟ කොටසේදී මාරයා මායාවරුන් සමග වැඩි වැඩියෙන් ගණුදෙනු කල අයුරු දැක්වෙනවා...

    ReplyDelete
  15. මං අද පරක්කුයි වගේ .........,
    මං හිතන විදිහට මායා ශිෂ්ඨාචාරයේ අවසාන යුගයේ බිලිපූජා වල උපරිම අවස්ථාවට පැමිනුනා විය යුතුයි ..මෙවැනි දියුනු ශිෂ්ඨාචාරයක මිනිසුන් එවැනි මහාපරිමාන බිලිපූජා වලට මුල් තැන දුන් බව හිතන්නට බෑ . ශිෂ්ඨාචාරය පිරිහෙනෙ කාලයේ පාලක්යින්ගේ හා පූජකයින්ගේ බලය රදවා ගැනීමට මෙවැනි මහා පරිමාන බිලිපූජා ක්‍රරම අරඹන්නට ඇති.

    මේ යුගයෙදී ඔවුන් යුද්ධ වල්දී අල්ලා ගත් සතුරන් පමනක් නොව තම හමුදාවල දක්ශ ශක්තිමත් යුද සෙබලුන් පවා බිලිදුන් බව ඇතැම් වාර්තා වල සදහන් .

    ReplyDelete
  16. හොඳ ලිපියක්.
    ස්තූතියි

    ReplyDelete
  17. දෙවැනි කොටසත් ඕන් එක හුස්මට කියවලා දැම්මා... මේවැනි ලිපි ලියලා අපිව දැනුමින් පොහොසත් කිරිම ගැන අනේක වාරයක් ස්තුතියි...

    ReplyDelete
  18. දෙවෙනි කොටසත් කියෙව්‍ව.ඊලඟ එකත් ඉක්මනින් දාන්න.මේ වගේ වැදගත් තොරතුරු අපත් සමග බෙදාගන්නවට ගොඩක් ස්තූතියි...(සජී)

    ReplyDelete
  19. @sameera - මෙහෙම දෙයක් තියෙනවා. ශිෂ්ඨාචාරමය වශයෙන් සංස්කෘතිය හා අනෙකුත් භෞතික සාධක දියුණුවට පත්වුනාට ආකල්පමය වශයෙන් එසේත් නැත්හොත් චෛතසික වශයෙන් දියුණුවක් ලබා නොතිබූ බව බොහෝකරුණු සොයාබැලීමේදී පෙනී යනවා. ඔවුන් ඒ නිසා මනුෂ්‍ය ජීවිතය පිළිබදව වටිනාකමක් නොදකින එක පුදුමයක් නොවේ. බලය රැකගැනුමට වඩා ආගමික වශයෙන් ඔවුන් තුල තිබූ අන්ධභක්තිය බොහෝවිට මෙවැනි නරුම ක්‍රියාකිරීමට පෙලඹිමක් ඇති කරන්න ඇති. වර්තමානයේ පවා මෙම කලාපය ගැන ලියවෙන පුවත්වලදී ඒ කාලයේ බිලිපූජා කරපු ස්ථාන වලින් බොහෝ ඇට කැබලි හමුවන බවට වාර්තාවෙනවා. මායාවරුන්ගේ පමණක් නොව ලෝකයේ වෙනත් පැරණි ශිෂ්ඨාචාර රැසක මානව බිලිපූජා ගැන වාර්තා සොයාගැනීමට පුළුවන්. ශිෂ්ඨාචාර‍ය බිද වැටෙන අවස්ථාවට වඩා එය ස්ථාවරව තිබන අවස්ථාවල මෙය වැඩි බවයි පෙනෙන්නේ. මොකද බාහිර සාධක හේතුවෙන්නේ ශිෂ්ඨාචාරය අවධානමට ලක්වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේ ආක්‍රමණිකාට මුහුණු දීම ප්‍රමුඛ කාරණයක් වෙන නිසා මෙවැනි දේ සිදුකරමින් සිටින්නට කාලය මදි වෙනවා. මොකද මුහුණට මුහණලා කරන සටනේදී පිරිස්බලය ඒකරාශීවෙන්නේ එවැනි ස්ථාන වලට නිසා. හැබැයි ඉතින් යුද්දය හරිහැටි නොකරන හමුදා භටයන්ටත් මෙවැනි ඉරණමකට මුහුණ දෙන්නට සිදුවන්නටත් ඇත.අද පවා ඉතින් මිනිසුන් කෙසේවෙතත් අපේ රටේ පවා සුප්‍රඛට පූජනීය ස්ථානවල සතුන් බිල්ලට දෙන එක අරුමයක් නොවෙයිනේ. පරිගණක යුගය තියා මොනයුගය ආවත් පව්කාර ආකල්ප දුරුවන තෙක් මේවා සිදුවේවි...

    ReplyDelete
  20. @Gimhani - ස්තූතියි! මා හිතන්නේ ඔබ අද වෙන්න ඕන මුලින්ම සත් සමුදුරට පිවිසුනේ. ඉදිරියේදිත් එන්න...

    ReplyDelete
  21. @Ami - ස්තූතියි! තෙවන කොටසේදිත් හමුවෙමු...

    ReplyDelete
  22. @සජී - එය ලියා අවසන් වූ වහා පල කරනවා...

    ReplyDelete
  23. very good artical. thank you friend

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. දෙවන ලිපියත් කියෙවුවා... බොහොම ස්තූතියි.

    ReplyDelete
  26. @Dakshina - ස්තූතියි! තෙවන ලිපියත් ලඟම එනවා...

    ReplyDelete
  27. අහම්බයෙන් ගොඩ වැදුනත් ඉතාම හොද බ්ලොග් එකක් බව පෙනුනා. දිගටම මේ විදියටම බ්ලොග් එක පවත්වාගෙන යන්න. ඔබට ජය...!
    sililara.com

    ReplyDelete
  28. @Kalu - ස්තූතියි! නැවත එන්න...

    ReplyDelete
  29. ඔන්න අදත් කියවලා දැම්මා මේක නම් හිතට ආසා හිතුන කතාවක්

    ReplyDelete
  30. @ItalyDilan - ස්තූතියි! කතාවේ හොදම කොටසට තවම ආවේ නැහැ. රැදී සිටින්න...

    ReplyDelete
  31. ආසාවෙන් කියවමි

    ReplyDelete
  32. @Anony - ස්තූතියි! තෙවන කොටසෙදිත් හමුවෙමු...

    ReplyDelete
  33. I'm late..but better be late than never..parakku vela hari hodama de hambauna kiyala hithenava

    ReplyDelete
  34. @Anonymous - ස්තූතියි! ලිපි පෙලම බලන්න කියලත් මම ආරාධනා කරනවා...

    ReplyDelete
  35. IF U CAN PLS DISCLOSE THE RELATIONSHIP BETWEEN MAYA & RAVANA if any....

    ReplyDelete