Tuesday, April 14, 2020

වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි...

වසර  එකහමාරක නිහැඩියාවන් පසු නැවත ලියන්නට සිතුනෙමි. ලියන්නට සිතුන අවස්ථාව රටට පමණක් නොව සමස්ථ ලෝකයටම ශෝචනීය අවස්ථාවක වුවද  එම ව්‍යවසනයෙන්ද අපට මතුවට ඉගනගන්නට ඕනෑතරම් පාඩම්, අඩුම තරමින් ඉදිරියට ජීවත්වන අයටද වැදගත් වන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.

මෙම කොරෝනා වෛරසය (Covid - 19) කෙසේ මෙලොවට පැමිණියේදැයි අප හරිහැටි 100%  ක් නොදන්නා නිසා එය මේ වන විට අනුමාන කරනා ආකාරයට වවුලෙකුගේ හෝ වෙනයම් වනගත සත්වයෙකුගේ සිරුර තුල නිදන්ව සිට මිනිස් සිරුර ආක්‍රමණය කළා වන්නට ඉඩඇති අතර එය කිසියම් ජීව විද්‍යාත්මක අවියක අතුරුඵලයක් ලෙසට නිගමනයට එළඹෙන්නට තවම කල් වැඩි බවක්ද හැගේ. 

කෙසේවෙතත් අතීතයේද ලෝකයේ ඇතිවූ වසංගත බොහෝමයක් කිසියම් සත්ත්වයෙකු හේතුවූවා සේම මෙයද පරිභෝජනයට සුදුසු නුසුදුසු බව නොතකා හැම මාංශයක්ම ආහාරයට ගන්නට යෑමෙන් සිදුවූ අකරතැබ්බයක් වීමට ඉඩකඩ බොහෝය.

උදාහරණයකට ගතහොත් මිනිස් ඉතිහාසයේ වාර්තාගතව ඇති බරපතලම වසංගත තත්ත්වය ලෙස සැලකෙන "කළු මරණය" නැතහොත් Black Death ලෙස හදුන්වන උණ තත්ත්වය ක්‍රි.ව. 1300 ගණන්වල මැද භාගයේ ඇතිවූ අතර එය ඇතිවූයේ කළු මීයන්ගේ ශරීරය මත වාසය කරන මැක්කන් විශේෂයක් නිසා ඇතිවන මහාමාරිය රෝගයෙනි.මෙම රෝගය නිසා එදා වාර්ථා අනුව යුරෝපයේ, ආසියාවේ සහ උතුරු අප්‍රිකාවේ මිලියන 75-200 අතර පිරිසක් මිය ගිය බව පැවසේ. යුරෝපයට මෙම තත්ත්වය අද කොරෝනා වසංගතයසේම උච්ච තත්ත්වයෙන් බලපා තිබෙන අතර එහි උපරිමයට ලගාවූ 1347-1351 කාලය එම මහද්වීපයේ ගම්බිම් නගර මලමිනී වලින් පිරීගිය තව සහෘදයන් අතහැර පලායනවා හැරෙන්නට වෙනයමක් ඉතිරි නොවූ අවධියක් විය. අද ගෝලීයකරණයේ හොද ප්‍රතිඵලයන් සේම මෙවන් අවස්ථාවලදී ලෝකයේ වසංගත ලෙඩරෝග ව්‍යාප්තියට එය අනියමින් දායකවන්නා සේ එදා යුරෝපයට මෙම අප කතා කළ මහාමාරිය තත්ත්වය ඇති කළ වාහකයන් පැමිණ ඇත්තේද අතීතයේ සුප්‍රකට වෙළඳ මාර්ගයක් ලෙස සැලකූ සේද මාර්ගය ඔස්සේය. අද මේ කොරෝනා රෝගයෙන් යුරෝපයට තදින් බැටදෙන ලෙසටම එදාද යුරෝපයේ ජනගහනයෙන් 30% - 60% අතර ප්‍රමාණයක් එලොව යැවීමට සමත්ව තිබේ. ලෝකයේම තත්ත්වය ගත්විට ඇස්තමේන්තුවලට අනුව මිලියන 350 සිට මිලියන 475 අතර වූ ප්‍රමාණයකට ජීවිත අහිමිකරලීමට 14 වන සියවසේදී මෙම කළු මරණය වගකිව යුතු අතර යුරෝපයට යථා තත්ත්වයට සිය ජනගහනය නංවා ගැනීමට වසර 200 ක් ගත කිරීමට සිදුව තිබේ.
https://en.wikipedia.org/wiki/Black_Death
https://www.history.com/topics/middle-ages/black-death

එපමණක් නොව 1976 දී කොංගෝවේ එබෝලා ගංඟාශ්‍රිතව සොයා ගනු ලැබූ දරුණු ගණයේ වෛරසයක් වන එබෝලා වෛරසයේද වාහකයා ලෙස අනුමානය කරනු ලබන්නේ එම රටේ සිටින African Fruit bats නම් වවුලන් විශේෂයකි.
(African fruit bats are likely involved in the spread of Ebola virus and may even be the source animal (reservoir host). Scientists continue to search for conclusive evidence of the bat’s role in transmission of Ebola. 1 The most recent Ebola virus to be detected, Bombali virus, was identified in samples from bats collected in Sierra Leone.)

තවද 1976 දී මෙම වෛරසය සොයාගනු ලැබූවද මෙම වෛරසය මීට පෙර නොදන්නා කාලයක පටන් කොංගෝවේ හා අප්‍රිකාවේ සැගව පවතින්නට ඇති බව විද්‍යඥයන් පවසන අතර ජනගහනයේ වැඩිවීම, වනන්තර එලිපෙහෙලිකර ගනිමින් වාසස්ථාන සාදාගන්නට යාමෙන් වානාන්තරගතවද මිනිස් ජනාවාස ඇතිවීම මෙන්ම මෙවර අප මුහුන දෙන කොරෝනා වසංගතයට හේතුපාදක වූවා මෙන් සම්මතයෙන් පරිභාහිර මාංශ වනන්තරය තුලින්ම ලබාගෙන පරිභෝජනයද මෙම වෛරස ව්‍යාප්තියට හේතුවූවා ලෙස අනුමාන කෙරේ. කෙසේවුවද අදටද මෙම වෛරසය සහ එයට හේතු සාධක වූ කාරණා රැසක් පිළිබදව පර්යේෂන සිදුකෙරේ.

(Viral and epidemiologic data suggest that Ebola virus existed long before these recorded outbreaks occurred. Factors like population growth, encroachment into forested areas, and direct interaction with wildlife (such as bushmeat consumption) may have contributed to the spread of the Ebola virus.) - https://www.cdc.gov/vhf/ebola/history/summaries.html

2003 දී ලෝකය මුහුනදුන් SARS වසංගතයද මේ ආකාරයේම කොරෝනා කාණ්ඩයේම වෛරසයක් වූවා සේම (SARS coronavirus (SARS-CoV) එයද සම්ප්‍රේශකයා ලෙස සැක කෙරෙන්නේද වවුලන් විශේෂයකි. (SARS coronavirus (SARS-CoV) – virus identified in 2003. SARS-CoV is thought to be an animal virus from an as-yet-uncertain animal reservoir, perhaps bats, that spread to other animals (civet cats) and first infected humans in the Guangdong province of southern China in 2002.)

මා මීට පැවසූ වසංගත ත්‍රිත්වයටම සැකකරු වවුල් පවුලේ අයෙකු වන අතර දැන් කතා කරන්නට යන 2012 දී මැදපෙරදිග කලාපයෙන් සොයගත් මර්ස් නම් කොරෝනා පවුලටම අයත් වෛරසයකින් හටගන්නා රෝගය මිනිසුන්ට වැලදී ඇත්තේ ඔටුවන් මාර්ගයෙන් බවට අනුමාන කෙරේ. මෙහිදීද ඔටුවන්ට සම්ප්‍රේශනය සිදුවන්නට ඇත්තේ වවුලන්ගෙන්ම බවට අනුමානයක් පවති.

(Middle East respiratory syndrome (MERS) is a viral respiratory disease caused by a novel coronavirus (Middle East respiratory syndrome coronavirus, or MERS‐CoV) that was first identified in Saudi Arabia in 2012.)

(The origins of the virus are not fully understood but, according to the analysis of different virus genomes, it is believed that it may have originated in bats and was transmitted to camels sometime in the distant past)
(Although most of human cases of MERS-CoV infections have been attributed to human-to-human infections in health care settings, current scientific evidence suggests that dromedary camels are a major reservoir host for MERS-CoV and an animal source of MERS infection in humans. However, the exact role of dromedaries in transmission of the virus and the exact route(s) of transmission are unknown.) - https://www.who.int/news-room/fact-sheets/detail/middle-east-respiratory-syndrome-coronavirus-(mers-cov)

එමෙන්ම උක්ත කොරෝනා වෛරස කිහිපයේම සම්ප්‍රේශකයන් වවුලන් යයි සැකකරන අතරම ලෝකයේ රටවල් හා කලාප ගණනාවක වවුල් මස් පරිභෝජනයද සැලකිය යුතු මට්ටමක පවති.විශේෂයෙන්ම ලෝකයේ වැඩියෙන්ම මේ තත්ත්වය අග්නිදිග ආසියාවේ බහුලය. පෝශනීය අවශ්‍යතාවය සපුරාගැනීම කෙසේවෙතත මෙම වවුල් මාංශ පරිභෝජනය එතරම් ගුණදායක නොවන බවද තතුදත් මාර්ග පවසති.

(Diseases - Main article: Zoonotic disease - It has been speculated that megabats may be the natural reservoir of Ebolavirus,[47] though the evidence has been called "far from decisive".[48] Due to the possible association between Ebola infection and "hunting, butchering and processing meat from infected animals", several West African countries banned bushmeat (including megabats) or issued warnings about it during the 2013–2016 epidemic; many bans have since been lifted.[49] Bats have been hypothesized as a possible origin of the Severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2), which was first detected in Wuhan, China, though the origin of the virus has yet to be fully elucidated.[50][51][52]
Toxins - Eating fruit bats is also linked to a neurological disease called lytico-bodig disease. Paul Alan Cox from the Hawaiian National Tropical Botanical Garden in Kalaheo, and Oliver Sacks from Albert Einstein College in New York, found the bats consumed large quantities of cycad seeds and appear to accumulate the toxins to dangerous levels in their meat.)

මෙම කොරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තියෙන් පසුව රෝගය නිසා ලෝකය අකර්මන්‍ය වූවාට සහ දැන් සංඛ්‍යාලේඛන වලට අනුව ලක්‍ෂ ගණනින් මිනිසුන් මියයාමට අමතරව වෙනයම් කාරණාද ලෝකය අත්විදි. එයින් ඇතැම් ඒවා තාවකාලිකව හෝ යම් හිතකරබවක්ද ඇත. එයින් එක් දෙයක් නම් කාබන් විමෝචනය මෙම කාලයට පමණක් හෝ තාවකාලිකව අඩුව තිබේ. විශේෂයෙන් චීනයේ කර්මාන්තශාලා ආදිය කොරෝනා වසංගත ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ වනතෙක් ක්‍රියාත්මක නොවීමත් වාහන භාවිතය ලෝකය පුරා අඩුවීමත් නිසා කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය අඩුව ඇතිබව ෆින්ලන්තය කේන්‍ද්‍රගතවූ ලාභ නොලබන සංවිධානයක් වන Centre for Research on Energy and Clean Air ආයතනය පවසයි.

තවත් අතකින් ලෝකය පුරා සම්මතයෙන් පරිභාහිර ආහාර පරිභෝජනය පිළිබදවද මතයක් ගොඩනැගෙමින් පවති. එයට හොද උදාහරණයක් සපයමින් මෙම කොරෝනා වසංගතයේ මූලාරම්භය සිදුවූ චීනයේ ඇතැම් ප්‍රාන්ත වල සුනඛ හා බළල් මාංශ පරිභෝජනයද තහනමට ලක්කළහ.

ලෝකයේ පමණක් නොව අප රටේද සුභවාදී ආරම්භයන් මේ සමග සිදුවූ බව රහසක් නොවේ. පිටරටින් සියළු දේ මිලදී රැගෙන එනවා වෙනුවට මෙහිම නිපදවා ගැනීමේ වටිනාකම මෙවන් අවස්ථාවක හෝ වැටහීම එක් අතකින් භාග්‍යයක් කොට සැලකිය යුතුය. මෙරටදී නිපදවා ගත හැකි සියළු බෝග නිපදවා, එය සාධාරන මිලකට මිලදී ගත හැකි ක්‍රමද සලසා අතිරික්තය අපනයනයට මෙන්ම මතු පරිභෝජනය සදහා සංරක්‍ෂිතව ගබඩා කළ හැකි ක්‍රමවේදයන් ගැනද අවධානය යොමුවිය යුතුවේ. එසේම වෙනත් පරිභෝජනය කරන්නාවූ භාණ්ඩ හැකි සැමවිටකම මෙරටදීම නිපදවීම තුලින් විදේශ විනිමය ඉතිරිවීම මෙන්ම නව රැකියා අවස්ථාමෙන්ම රටටද කීර්තියක් ගෙන දීමට හේතුවනවා නොඅනුමානය.

එසේම මේ  රෝගාබාදය පැමිණෙන තෙක් එතරම් අවධානය ලක්නොවූ සමූකාර ව්‍යාපාරය දැන් සියළු දෙනාට නැතුවම බැරි ආයතනයක් වී හමාරය. වෙනදා එතරම් පිළිගැනීමක් නොකළ අයවළුන් පවා දැන් සමූපකාරයේ ලොරි ගමට බඩු රැගෙන එනතෙක් මඟබලා සිටි. මෙම ව්‍යාපාරජාලය කඩා නොවැටී තවත් දියුණු කළ යුතුම  ආයතන ව්‍යුවහයකි. 

තත්ත්වය මෙසේ වනවිට තවමත් මෙම වෛරසයට නිශ්චිත ඖෂදයක් සොයාගෙන නොමැතිවීම මෙන්ම සමාජය පුරා මෙය වසංගතයක් ලෙස පැතිරගියහොත් සිදුවිය හැකි හානිය අප ඉතාලිය, ස්පාඥය, ඇමරිකාව  යනාදී රටවල දැන් ඇස්පනාපිටම පෙනෙන්නට ඇති නිසා එයින් ඔබත්, මමත්, අප සැමත් ගැලවී සිටීමට සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් පිළිපැදිය යුතුමය. එසේ නොමැතිවුවහොත් .... එය අමුතුවෙන් කියන්නට ඕනෑද???


13 comments:

  1. සත්සමුදුරේ ලිපියක් බොහොම කාලෙකින්.. සත්සමුදුර කියවන සෑම වෙලේකම බ්ලොග් ලෝකයට පා තියපු මුල් කාලය මතක් වෙනවා..

    මේ දවස්වල කාලය තියන නිසා පුළුවන් තරම් මොනවා හරි ලියන්න කියලා ඉල්ලා හිටිනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබගේ ඉල්ලීම ඉහලින්ම සලකා බලනවා...

      Delete
  2. සමූපකාර නැවත ගම් මට්ටමින් ස්ථාපනය කිරීම ඉතාමත් වටිනවා. ග්‍රාමීය මට්ටමින් මෙන්ම මිනිසුන්ගේද සංවර්ධනය සදහා විදිමත් යාන්ත්‍රණයක් ඇති කල යුතුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඇත්තෙන්ම එයයි විය යුතු...

      Delete
  3. හුඟ කලකින් ලිපියක්. මම බොහොම ආසාවෙන් කියවපු බ්ලොග් ලිපිපෙලක්. බොහොම සතුටුයි නැවත ලිපි ලිවීම පිළිබඳව. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබටත් සුභ සහ යහපත් සිතුම්පැතුම් ඉටුවන නව වසරකට ආසිරි පතමි!

      Delete
  4. ආපහු ලියන්න ගන්න පුලුවන්නන්. ඉස්සර හැමදාම කියවපු බ්ලොග් එකක්. දැන් බ්ලොග් කලාව නැතිවෙලා ගිහින් කියල හිතෙනව ගොඩක් දුරට.

    ReplyDelete
  5. Thanks for new start.
    Starting of Cooperative Society system is a must.



    ReplyDelete
  6. මං ආසයි මේක හින්ද ලෝකෙට උන හොද දේවල් වලට. හැබැයි අසරණ උන මිනිස්සු පව් :(

    සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. ආසයි තාම සත්සමුදුර කියවන්න. දිගටම ලියන්න

    ReplyDelete
  8. පුලුවන් නම් දිගට ම ලියමු...... අතීතයේ දි හුගක් ම කරක් ගහපු පැත්තක් හින්ද සත් සමුදුරේ වටිනාකම හා‍ෙදට මතකයි.. ඒ හින්ද ම දිගට ම ලියමු සහෝ.... ජය‍ෙන් ජය.....

    ReplyDelete