ජර්මන් හමුදා බෙල්ජියම හරහා ප්‍රංශය බලා යන අතර මඟ
මෙම යුද්ධයේදී කාලතුවක්කු උණ්ඩ භාවිතා වුනේ මිලියන ගණනින්. ඒ කොතෙක්ද කියනවා නම් බ්‍රිතාන්‍ය හමුදාව දිනකට කාලතුවක්කු උණ්ඩ 500,000 ක් සාමාන්‍යයෙන් භාවිතා කර තිබෙනවා. ඇතැම් දිනක එය මිලයන නැතහොත් 10,000,000 ක් පවා භාවිතා කළ බව පැවසෙන අතර මෙම යුද්ධය කෙතරම් සංකීර්ණ හා බැරෑරුම් එකක් වු බව කියන්න එයත් එක් සාක්‍ෂියක් පමණයි. තවත් අතකින් සතුරාට භොතිකව එවන් ප්‍රහාර වලින් හානි වනවාට වඩා හානියක් එම උණ්ඩ නොනවත්වා පතිත වීමෙන් සහ ශබ්දය සහ භීතිය නිසාම "Shell Shock" නම් තත්ත්වය සටන්බිමේ දෙපාර්ශවයේම සොල්දාදුවන්ට ඇතිව තිබෙන බවත් කිව යුතුයි. මේ තත්ත්වය ඇතැම් සොල්දාදුවන්ට තාවකාලිකවත්, ඇතැම් අයට මුළු ජීවත කාලය පුරාවටත් විඳවන්නට සිදුවූ බව කණගාටුවෙන් පැවසිය යුතුයි. මෙම තත්ත්වය ඇතිවූ සොල්දාදුවන්ට විවිදාකාරයේ රෝග ලක්‍ෂන දක්වන්නට වූහ. ඇතැමෙකුට නිදාගැනීමට බිය වූ තත්ත්වයක් වූ අතර තවකෙකුට කුඩා ශබ්දයකට පවා බියවී සැඟවෙන තත්ත්වයක් පෙන්වන්නට වුනා. තවත් අය ගොළු වුනා. තවත් අය නොනත්වා වෙව්ලන්නට වූවා. මේ ආකාරයේ නොයෙකුත් ආබාදයන්ට සෙබළුන් ලක් වූ අතර දුඛිංතම කාරණය වුණෙ මේ දුක්විදි මිනිසුන් බොහෝමයක් තමන් යුද වදින්නේ කුමක් වෙනුවෙන්දැයිවත් අවබෝදයක් නොමැතිව සටන් වැද සිය ජීවිතය පුරාවටම අසරණයන් බවට පත්වීමයි. මිතුරු සතුරු දෙපාර්ශවයේම යුද්ධයෙන් පසුව සාමාන්‍ය සොල්දාදුවන්ට අත්වූයේ ජීවිතයේ ඉතා පහත් අඩියකට වැටීම වූ අතර එයට යුද්ධයෙන් පසුව හමුදා සුභ සාධනයක් හෝ ඔවුන් පශ්චාත් යුද කළමණාකරණයකට ලක් කළ යුතු බව හා එය කරණ ආකාරයක් ගැන දෙපාර්ශවයටම අවබෝදයක් නොවීම මෙන්ම එවන් අතදැකීමක් දෙපාර්ශවයටම නොවීමයි. කෙසේවෙතත් දෙපාර්හවයම යුද්ධය අවසානයේ දැඩි ආර්ථික හානියකටද ලක්ව තිබීම, භෞතික සම්පත් බොහෝමයක් විනාශයට ලක්ව තිබීම නිසා ඒවා යථා තත්ත්වයට පත්කිරීමට ආර්ථිකය යෙදවීමට සිදුවීම වැනි කාරණා නිසා හානියට ලක්වූ සොල්දාදුවන්නට මානසිකව හෝ කායිකව නැවත යථා තත්ත්වයට පත්කිරීමට යුද්ධයට සම්බන්ධවූ වඟකිව යුත්තන්ට කාලය, ශ්‍රමය සහ මුදල් මදිවෙන්නටත් ඇති. යමක් නොකෙරුනාමත් නොවේ. එහෙත් එය ප්‍රමාණාත්මක නොවීම ගැටළුවක් විය.
සාමාන්‍ය සොල්දාදුවන් සිය ජීවිතය, ඇස්, මස් ලේ අනුන්ගේ යුද්ධයක් වෙනුවෙන් වැය කරද්දී ඇතැම්විට සුළු කිලෝමීටර් ගණනක් අල්ලා ගැනීමට දිනකට සිය සොල්දාදුවන් ලක්‍ෂ ගණනකගේ ජීවිත නාස්ති කළ ජනරාල්වරුන්ට හා ඉහළ නිලතල දැරූ අයට ඒ හානිය කෙසේවෙතත් ගෞරවනීය පිළිගැනීමක් හා විශ්‍රාමය සුවපහසු ලෙස ගෙවිය හැකි තත්ත්වයක් සතුරු මිතුරු දෙපාර්ශවයේම අත්කර දී තිබුනි. තවද ජර්මන් හමුදාව 1918 දී ඇතිවූ සටන් විරාමය අනුව පරාජිතයන් ලෙස සලකනු ලැබුවත් ඔවුනට එරෙහිව යුද අපරාධ චෝදනා හෝ ඒවා විභාග කිරීමක් මිත්‍ර පාර්ශවයෙන් සිදුවූ නිසා යහතින් ජර්මනිය කරා යන්නට ඉඩකඩ ලැබුන අතර ඔවුන් යුද්ධයේ බලාපොරොත්තු වූ සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වුවද සිය රට පැමිණෙන විට සිය ජනතාවගේ උනුසුම් පිළිගැනීම නම් නොඅඩුව ලැබුනි.
https://en.wikipedia.org/wiki/Shell_shock
මේ මුල් අවධියේ ගෑස් මුහුණක්.
කුඩා හමුදාවක් වූ බෙල්ජියම් හමුදාවට දැවැන්ත ජර්මන් හමුදා සමග කෙසේ හැප්පෙන්නද? මේ බෙල්ජියම්සොල්දාදුවන් පිරිසක් පසුබසින අතරතුර. ඒ අවධියේ එම හමුදාව කෙතරම් දුරට දැවැන්ත සංග්‍රාමයකට සුදුසු ආකාරයකට පරිණාමනය නොවී තිබුනාද යන්න ඔවුන්ද දරන ආයුද, ඇඳුම් පැලදුම් මෙන්ම ප්‍රවාහණයට යොදවා ගෙන තිබෙන සතුන්ගෙන් පවා සැක නැතුව වටහා ගන්නට පුළුවන්.
මිතුරු සතුරු දෙපාර්ශවයටම මේ යුද්ධය දීර්ඝ කාලයක් ඇදෙමින් යතැයි වැටහීමක් තිබුනේ නැහැ. ඒ වගේම පසුකාලීනවම මාරාන්තික සහ ඉතා දුක්වීදීමට සිදුවන රසායණික ප්‍රහාර, විවිද ම්ලේච්ඡ යුද උපාය මාර්ග ආදිය ඇතිවේ යයි බලපොරොතුත්වක්ද නොවූ යුද්ධයේ මුල් සමයේ එනම් 1914 නත්තල් දිනයදා අපූරු සිදුවීම් සිදුවුනා. එදා දවස සටන් විරාමයක් දෙපැත්තම ප්‍රකාශ කර තිබූ අතර බටහිර යුද පෙරමුනේ දෙපැත්තේම සොල්දාදුවන් නත්තලට සුභ පතා ගන්නා අතර කිහිප දෙනෙක් යුද්ධයේ දෙපැත්තේම ඉදිරි ආරක්‍ෂක වලල්ල අතරතුරු වූ දෙපාර්ශවයටම යුද වැදීම වලකාලමින් පිහිටුවා තිබූ No man's land වෙතට ගොස් දෙපාර්ශයේම අය අතර සුහදතාවය ඇතිකරගනිමින් කතා බස් කරමින් සිගරට් වගේ පොඩි පොඩි දේවල් හුවමාරු කර ගත්තා පමණක් නොව ජර්මන් සහ බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ත සොල්දාදුවන් කණ්ඩායමක් අතර පාපන්දු තරඟයක්ද පැවැත්වූවා. කවදත් පාපන්දුවට දක්‍ෂ ජර්මානුවන් එහි ජය 3-2 ක් ලෙස තමන් වෙතට ලබාගන්නටද සමත් වූවා. මේ සටන් විරාමය බටහිර පෙරමුනේ පැවතුනා. කෙසේවෙතත් ඉන්පසුව මෙවන් ඇයිහොදැයියක් නත්තලටවත් ඇති වුනොත් එය වලකා ලක්නට දෙපැත්තේම හමුදා නායකයන් නීති දමන්නට යුහුසුළු වූවා පමණක් නොවේ, වැරදිලාවත් මේ දෙය කළොත් තමන්ගේ පැත්තේ අයට වුනත් වෙඩි තබන්නට නියෝගද පනවනු ලැබුවා.
මේ ජර්මන් සොල්දාදුවෙක් සන්නද්ධ වී තිබූ ආකාරයයි.
මේ බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් සන්නද්ධ වී තිබූ ආකාරයයි.
මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ලෝකයේ වැඩි ප්‍රමාණයක සිය අණසක පතුරුවා රටවල් ගණනාවක් සිය යටත් විජිත ලෙස පවත්වාගෙන ගිය නිසා එම රටවල සොල්දාදුවන්ද සිය රටෙන් සැතපුම් දහස් ගණනක දුරින් වූ යුද්ධයකට යොදවනු ලැබීය. මේ එවන් යටත්විජිත දේශයක සොල්දාදුවන් පිරිසක්.
මේ පළමු ලෝක මහා යුද්ධයේදී ඒ ඒ රටවල් මිතුරු පාර්ශවය, අක්‍ෂ බලවතුන්ගේ පාර්ශවය හෝ කිසිවකගේ පැත්තක් නොගෙන තමන්ගේ පාඩුවේ සිටි ආකාරය දැක්වෙන සිතියමකි.
යුද්ධයේ ප්‍රතිඵලය ජර්මනියට අවාසි වුවත් මුල සිටම යුද්ධයට හොදින්ම සංවිධානය, හා සන්නද්ධ වීම තිබුනේ ජර්මනියටයි. ඔවුන්ට ප්‍රංශය පහසුවෙන් දික්විජය කළ හැකි බවට දැඩි විශ්වාසයක් විය. මේ එම විශ්වාසය ජර්මන් යුද භටයන් ප්‍රවාහණය කරා දුම්රිය මැදිරියේ විවිද තේමා පාඨ ඔස්සේ සටහන් කර තිබූ ආකාරයයි.
එවකට මිලියන තුනහමාරකටත් වඩා විශාල වූ යුරෝපයේ විශාලම හමුදාවක් වූ ප්‍රංශ හමුදාවේ සොල්දාදුවෙක් සන්නද්ධව සිටියේ මෙලෙසයි.
හොද හමුදාවක් හැදෙන්න විශාල පිරිස් බලයක්ම තිබුනාට මදි. ඒ පිරිස් බලය හොද කාය ශක්තියෙන් නිරෝගී පිරිසක් වීමත් අත්‍යවශයයි. දැවැන්ත ජර්මන් යුද යාන්ත්‍රණය හා හැප්පෙන්න බ්‍රිතාන්‍ය හමුදාවටත් ශීඝ්‍රයෙන් සොල්දාදුවන් බදවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වුනා. ගෙවුන සියවසේ ඇරඹි කාර්මික විප්ලවයේ ඵලයක් වූ කර්මාන්ත ශාලාවල කම්කරුවන් ලෙසත් අනෙක් පිරිස ගොවියන් ලෙසත් බහුතරයක් වූ එහි වැසියන් බොහෝදෙනෙකුගේ කායික යෝග්‍ය තාවය මෙන්ම ඇස් පෙනීම වැනි සාධක පවා හමුදාවට නිර්දේශිත මට්ටමෙන් බොහෝ පහළ වූවා. ඒවගේම යුද්ධයේ බැරෑරුම්කම හරිහැටි නොදැන වයසේ වැරැද්දට වගවිභාගයක් නොමැතිව යුද්ධයට බැදෙන්නට ආ තරුණයන් බොහෝමයක් හමුදාවට බදවා ගන්නා වයස වූ අවුරුදු 19 ටද වඩා අඩුවූවන්. ඔවුන් බොහෝමයක් දෙනා සිය වයස සඟවා යුද්ධයට බැදුන අතර ඒ ගැන හෙලිවූ විට යුද හමුදාවට බදවා නොගෙන පිටත් කළ බව පැවසෙතත් ඇතැම් විචාරකයන් පවසන්නේ සත්‍ය වයස කුමක් වූවත් දිනකට ලක්‍ෂ ගණනක් මැරෙන යුද්ධයට ඒ මොනවත් නොබලා බදවා ගත් බවයි. එසේම ඒ බව දැන සිටියත් බලධාරීන්ද නෑසූකන්ව සහ නොදැක්කා සේ සිටි බවයි.
Britain's 250,000 boy soldiers in World War I වාර්තාමය චිත්‍රපටියේ දැක්වෙන ආකාරයට මෙවන් අඩුවයස් කාරයන් 250,000 ක් පමණ හමුදාවට බදවා ගෙන සිටි බව පැවසෙනවා. වයසින් අඩුවූවත් ඔවුන්ට හමුදා නීති එලෙසම බලපෑ අතර තමන් නොදැනුවත්ව සම්බන්ධ වූ දරුණු යුද්ධය දරා ගත නොහැකිව ඇතමෙක් හමුදාව හැරදා පළා යන්නටත් එසේ පළා යන්නන් යම් හෙයකින් හසුවුවහොත් දැඩි දඩුවම් දීමටත් ඉහල නිලයන් කටයුතු කළ බව පැවසෙනවා. ඇතැම්විට සටන් බිමෙන් සොල්දාදුවන් පැන යාමෙන් ඇතිවිය හැකි පිරිස් බලය හීනවීම වැලැක්වීමට සහ අනෙකුත් සොල්දාදුවන් ඒ ක්‍රියාව නැවත කිරීම වැලැක්වීමටත් වෙඩිතබා ඝාතනය කළ අවස්ථාවද බ්‍රිතාන්‍ය, ප්‍රංශ හමුදා සේනාංක තුල සිදුව තිබෙනවා.
ඇතැම්විට තමන් හා යුද අගල් වල දුකසැප බෙදාහදා ගත් සගයන්ටම ඉහල නියෝග අනුව තම හොදම හිතවතාට වුවත් තම ගිනි අවියෙන් උණ්ඩ මුදාලන්නට සිදුවූ අවස්ථා තිබූ බව පළමු ලෝක යුද ඉතිහාසය පිරිසක්සීම තුලින් සොයා ගත හැකියි.
බොහෝ අඩු වයස්කාර සොල්දාදුවන් පොළව තුල වැලලී ගියේ ඔවුන්ගේ වයසද රහසක් ලෙස සඟවාගෙනයි.
යුද්ධයේදී ඕනෑම හමුදාවක මුහුණදෙන ප්‍රධානතම ගැටළුවක් තමයි දැඩි සටන් පවතින යුද පෙරමුණු වලට ආහාර සහ පතරොම් වැනි යුද උපකරණ සැපයීම හමුදාව විශාල වන තරමට ඒ අභියෝගයේ විශාලත්වයක් වැඩිවීම අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ. හැම හමුදාවකටම පෝෂ්‍යදායි ආහාරවේලක් සැපයීම අත්‍යවශ්‍ය කාරණයක් එසේ නොවුනහොත් කුසගින්නේ සටන්වැදීම වැඩිකාලයක් මිනිසුන්ගෙන් සමන්විත හමුදාවකට කළ හැකි නැහැ. ඒක සතුරාටත් මිතුරාටත් පොදුයි. මේ යුදබිමේ සොල්දාදුවෙකුට එදා දුන් කෑමවේලකට අඩංගු වූ දේවල්.
මීට පෙරත් පැවසූ පරිදි යුද අගල් වල සිට යුද කිරීම ප්‍රධාන වශයෙන් ආරම්භ වුනේ මෙම මහා යුද්ධයේදී බව පැවසේ. මේ එසේ නිර්මාණය වූ පළමු යුද අගල ලෙස සැලකෙන ස්ථානයයි.
යුද අගල් තැනීමට ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ මෙම උපකරණයයි. එය සෑම සොල්දාදුවෙකුටම ගිනි අවිය මෙන් සපයා තිබුනා.
බ්‍රිතාන්‍ය-ප්‍රංශ ප්‍රමුඛ මිතුරු හමුදාවන්ට අවශ්‍ය වුනේ හැකි ඉක්මනින් සතුරා විසින් අත්පත් කරගත් සිය භූමිය මුදවා ගෙන ඉදිරියට යාමටයි. ඒ නිසා ඔවුන්ට යුද අගල් විටින් විට ඉදිරි භූමියේදීත් හාරා ගෙන යාම සිදුව තිබුනා. එහෙත් ජර්මනියේ අරමුණ ඊට වෙනස් ඔවුන්ට තිබුනේ අත්පත් කර ගත් භූමිය තමන් වෙත රඳවා ගැනීමයි. ඒ නිසා යුද්ධයේ විසදුමක් එනතෙක් හැකි ලෙස එය තබා ගැනීමට සිදුවන නිසා ඔවුන්ගේ යුද අගල දීර්ඝ කාලයක් සිය වාසභවන කර ගැනීමටද සිදුවීම කැපී පෙනුනා. ඔවුන් යුද අගල තුලම වෙනම කාමර ලෙස තනා ඒවාට දොරවල්ද සවිකළා පමණක් නොව අගලේ තිබෙනා මඩ එම කාමර තුලට පාගාගෙන යාම වැලැක්වීමට දොරට ඉදිරියෙන් කාපට් පවා යොදා තිබෙනු දැකිය හැකියි.
පාද එරෙන මඩින් යුතු “සුන්දර යුද අගලක්“
මෙම යුද්ධයේ තැනුන යුද අගල් ආවාට ගියාට වතුර බහින කානු ලෙස සකස් වූ ඒවා නොවේ. වැසි කාලයේ මඩින් පිරී පැවතුනත්, ඒවායේ ජීවිතය කෙතරම් කටුක වූවත් අගල තැනීමේදී විධිමත් සැලැස්මක් අනුව තැනුන බව මෙම සටහනෙන් දැකිය හැකියි.
මෙහි කළු සුදු සේයාරුවෙන් දැක්වෙන්නේ බෙල්ජියම් සොල්දාදුවන් පිරිසක් සිය යුද අවි මෙවලම් සහ සිය උපකරණ පිරිසිදු කරණ ආකාරයයි. ඒවගේම අනෙක් පින්තූරවලින් දැක්වෙන්නේ යුද්ධයේ විවිද ක්‍රියාදාමයන් සිදුවූ ආකාරය ප්‍රතිනිර්මාණය කිරීම්. මෙම ප්‍රතිනිර්මාණය කිරීම් අදටත් දැක ගන්නට පුළුවන් London's Imperial War Museum ස්ථාන වලදී.
http://www.iwm.org.uk/
ජර්මන් සොල්දාදුවන් තමන්ට පහසුවෙන ආකාරයට යුද අගල නිර්මාණාත්මක ලෙස සකස් කරගත්තත් වැඩි කාලයක් එකම යුද අගලේ ඉන්න බලාපොරොත්තුවක් නොතිබුන බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විවේකය ගෙවන්නට සිය යුද අගල ගනා ගෙන තිබුනේ මෙලෙසයි. එහෙත් ප්‍රංශ ජාතිකයන් කවදත් කලාත්මක ජීවිතයකට කැමති නිසා ඔවුන්ගේ නිලධාරීන් සිටි යුද අගල සන්ද්‍යා තේ පානයකට වුනත් සුදුසු ලෙස සකස් කර ගෙන තිබූ අයුරු දකුණු පැත්තේ සේයාරුවෙන් පෙනෙනවා ඇති. ඒ එක්කම වම්පස පහලින් දැක්වෙන්නේ සොල්දාදුවන් සමග යුද අගල බෙදා හදා ගත් මීයන් සහ සේයාරුවෙන් පෙන්වීමට තරම් විශාල නොවන මැක්කන් පිළිබදවයි.
මේ සෙයාරුවේ එකිනෙකට වෙනස් තේමා දෙකක් දැක්වෙනවා. වම්පසින් දැක්වෙන්නේ ගිනි අවියට අමතරව වැසි සද්දබද්දයකින් නොතරවම සතුරා නැසීමට සොල්දාදුවන්ට ලබා දී තිබු ආයුද සේම එදා දෙපාර්ශවයම භාවිතා කළ අත් බෝම්බ පිළිබදවයි. දකුණු පසින් දැක්වෙන්නේ සොල්දාදුවෙක් තම නිවසට යවන ලිපියට වදනින් කියනවාට අමතරව තමන් යුද බිමේ ගතකරන කටුකත්වය ඇඳ දක්වා තිබෙන අයුරියි. මෙම යුද්ධයට එදා චිත්‍රකර්මයේ මෙන්ම කවිය කථා ලිවීමට හැකි අයවළුන්ද සම්බන්ධව සිටියා. ඉතින් ඔවුන් අතින් යුද්ධයේ අත්දැකීම් විවිදාකාරයෙන් තම පවුල්වල අයටද දැනගැනීමට ලියා හෝ සිතුවමට නගා තිබෙන බව දැකගත හැකියි.
සතුරා නසා හැකි උපරිම ශක්තියෙන් තම දිවි රැක ගැනීම අත්‍යවශයෙන්ම දෙපාර්ශවය වගබලාගෙන තිබුනා. මෙම ජර්මන් සෙබළුන් යුද අගලේ බිත්තියේ තනා ගත් සිදුරකින් සතුරා වෙත ප්‍රහාර එල්ල කරන ආකාරයයි. මෙයින් තම හිස යුද අගලට ඉහලින් දිස්වී සතුරාගේ ඉලක්කයට හසුනොවී සිටීම අරමුණ වුනා.
මේ තිබෙන්නෙත් බ්‍රිතාන්‍ය යුද කෞතුකාගාරයක යුද්ධයේදී තුවාල ලබන සෙබළුන්ට ප්‍රතිකාර කරණ අයුරු ප්‍රතිනිර්මාණය කර තිබෙන ආකාරයයි.යුද්ධය තුලදී නොසිතනා දේවල් පවා සිදුවෙනවා. ඇතැම්විට එම සිදුවීම් ආශ්චර්යයක් බදුයි. සොල්දාදුවෙකුට තම සාක්කුවේ තබාගෙන තිබූ පොතක් නිසා වෙඩි උණ්ඩය මරණීය තුවාල සිදු නොකොට ජීවිතය රැක ගැනීමට හැකි වූ අවස්ථාවක් පිළිබදවයි මේ.
මේ පින්තූරයෙන් දැක්වෙන්නේ බල්ගේරියන් හමුදාවට අයත් එක් සොල්දාදුවන් පිරිසක් ගිනි අවි අමෝරා මුරකර ගෙන සිටින අවස්ථාවේ අනෙකුත් සොල්දාදුවන් ආහාර ගනිමින් සිටින ආකාරයයි.
ඒදා පණිවිඩ හුවමාරුවට යොදාගත් උපකරණයකි.
ඇතැම් විට දුරකථන රැහැන් සතුරන් විසින් කපා දමා හෝ වෙනයම් ස්වභාවික උපද්‍රවයකට ලක්ව විනාශ වූ කල පෙර කතිකාකරගත් පණිවිඩියක් අවශ්‍ය අවස්ථාවේ සනාථ කර ගැනීමට මෙවන් මිසයිල පණිවිඩ ක්‍රමයක්ද භාවිතා වුනි.
විසිවන සියවස මුල නවීන ක්‍රමයන් වූ දුරකථන සහ මෝස් ක්‍රමය වැනි ක්‍රම පමණක් නොව අතීතයේ භාවිතා කළ පරෙයින් ආධාර කරගෙන පණිවිඩ හුවමාරු කරගැනීමේ ක්‍රමයද මෙම යුද්ධයේදී භාවිතා වුනි. ඒ සදහා පරෙවියන් පුහුණු කළ අතර Pigeon Post ලෙස හැදින්වූ පරෙවියන් ගමන් ගන්නා එක් එක් ගමණාන්තයන්ද පිහිටුවා තිබුනි. පළමු ලෝක යුද්ධයේදී මිනිසුන්ට අමතරව සතුන්ද අති විශාල ප්‍රමාණයක් මිය ගියහ. පණිවිඩි හුවමාරුවට යොදා ගත පරෙවියන් සතුරන්ගේ ඇස ගැටුන හොත් වෙඩි තබා මරා දැමුන අතර ප්‍රවාහණයට යොදා ගත් අශ්වයන්, කොටළුවන් ආදී සතුන්ද මිය ගියේ ලක්‍ෂ ගණනිනි.
යුද්ධය දිගින් දිගට ඇදී යත්ම ප්‍රවාහණය සදහා මේ ආකාරයේ ට්‍රක් රථද තැනුනි. මේ බ්‍රිතාන්‍යට අයත් ටොන් තුනක බරක් රැගෙන යා හැකි ට්‍රක් රථයකි.
Austro-Hungarian අධිරාජ්‍යයේ සොල්දාදුවෙක් දැකගැනීමට හැකිවුනේ මෙලෙසින්.
මේ එදා භාවිතා වුන ගිලන් රථයක්.
ඊලඟ ලිපියෙන් හමුවෙමු....
පළමු ලෝක යුද්ධයේ මුල් ලිපිය - ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට....