Tuesday, August 26, 2014

Windows 8/8.1 වලදී Automatic Repair නවතා ගන්නේ කෙසේද?

Windows 8 හෝ 8.1 වලදී අනපේක්‍ෂිත අයුරින් යථාපරිදි Windows ආරම්භ නොවී Automatic Repair ස්ථානයට නොනවත්වා රැගෙන යන තත්ත්වයක් සමහරවිට ඔබත් මේ වනවිට අත්විද ඇති එසේත් නැතහොත් අනාගතයේදී ඔබටත් එම අත්දැකීම අත්විදින්නට හැකියාව ලැබෙන්නට ඉඩතිබේවි. ඉතින් දැන් ඔබට හිතේවි Repair ස්ව්‍යංක්‍රීයව නැත‍හොත් Automatic ලෙසම සිදුවෙනවානම් වැරැද්ද මොකක්ද කියලා. මේක Automatic කිව්වට ඉන්පසුව ලැබෙන Options වන Refresh  සහ Restore වලදී මෙම මුහුණත් ලැබුනහොත් ඉන් ඉදිරියට මෙම දෝශය නිවැරදි කරගැනීම ගැටළුවක් වනු නිසැකයි.





මෙන්න මෙහෙමයි මේ දෝශය නිවැරදි කරගන්නේ. මුලින්ම ඔබ මෙම දෝශය පැනනැගුණ පරිගණකයට Windows ස්ථාපනය කළ DVD එකත් ඔබ සතුව තිබීම වැදගත් වන අතර අවශ්‍ය අවස්ථාවේදී DVD Writer තුලට අැතුළු කරන්න.

දැන් Boot වන අවස්ථාවේදී ඔබ භාවිතා කරන Keyboard Language එක පිිළිබදව විමසනු අැති අතර එය ඔබගේ භාවිතය පරිදි select කර Next කරන්න.

ඉන්පසුව ලැබෙන මුහුණතේදී "Repair your Computer" තෝරන්න.

ඉන්පසුව ලැබෙන මුහුණතේදී "Troubleshoot" තෝරන්න.

ඉන්පසුව "Advanced Options" තෝරන්න.

අවසානයේදී "Command Prompt" තෝරන්න.

දැන් අනුපිළිවලින් මෙම විධානයන් type කර Enter කරන්න.

bootrec /fixmbr
bootrec /fixboot
bootrec /RebuildBcd

ඉන්පසුව ස්වල්ප‍ වේලාවක්  විනඥාස ගතකිරීම සදහා ගත කිරීමෙන් අනතුරුව ඔබගේ පරිගණකයේ ඇති කුමන Windows ස්ථාපනයක් අදාල ක්‍රියාකාරීත්වය සදහා සකස් කළ යුතු දැයි විමසමින් අසන අවස්ථාවේ එක් Windows ස්ථාපනයකට වඩා වැඩි අවස්ථාවක නම් දැක්වෙන අංකය සටහන් කර Yes සදහා Y අකුර යොදා ගත යුතු අතර එක් ස්ථාපනයක් පමණක් නම් Y අකුර පමණක් යොදා Enter කළ යුතුය.

අවසාන වශයෙන් Command Prompt අවස්ථාවෙන් ඉවත්වීමට Exit යන්න Type කර Enter කරන්න.

ඉන්පසුව පරගණකය Reboot කරවීමට අවශ්‍ය මුහුණත කරා ඔබව රැගෙන ගිය පසුව Reboot වූ පසුව Automatic Repair වීම වෙනුවට යථා පරිදි පරිගණකය Boot වීම සිදුවිය යුතුවේ.

5 comments:

  1. තැන්ක්ස්... දිනේෂ්..

    ReplyDelete
  2. බොහොම ස්තුතියි දිනේෂ් මේ දැණුම ලබාදුන්නාට.

    ReplyDelete
  3. මටත් හුඟ කාලෙකට කලින් එක පාරක් 8 වලදි ඔය කතන්දරේ උනා. ඒත් මොකක් හරි මඟුලක් කරල එදා ගොඩදාගත්තා. ඊට පස්සෙ නම් ආයෙ ඕක උනේ නෑ තාම. ආයෙ ඕන උනතේ මතක තියාගන්නම්කො ඔයා මේක ලියල තිබුනු බව, කොහොම උනත් ස්තූතියි දිනේෂ්.

    ReplyDelete