Tuesday, September 17, 2013

Virus වලින් සැඟවූ files නැවත ලබා ගන්නේ මෙහෙමයි...

මේ කියන්න යන කාරණය මම නම් කිහිපවිටකදීම සිදුකර දෙන්න වුන දෙයක් ගැනයි. ඒ තමයි වෛරස් වලින් සැඟවූ USB pen වල ඇති files නැවත ලබාදීම. ඒ කියන්නේ ඇතැම් වෛරස් වලින් හානි සිදුවුනාට පස්සේ ඒ වෛරස් ඉවත් කළත් තමන්ගේ USB pen එකේ තිබුන files වලින් බොහෝමයක් නැවත පෙන්වන්නේ නැත කියන කාරණය නිසා ඒවා  නැවත ලබාදීමට කටයුතු කිරීමට සිදුවීම. මේක බොහොම සරලව කරන ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.

වෛරස් වලින් මෙම  files, hidden තත්ත්වයට පත්කරනවාට අමතරව ඒවා System files බවටත් පත් කරන නිසා  hidden තත්ත්වය පමණක් ඉවත් කළාට මේ කාර්යය සම්පූරණ වෙන්නේ නැහැ. ඒ නිසා System files බවෙන් ඉවත් කරනවාට අමතරව read only කියන attribute එකත් ඉවත් කිරීම අවශ්‍ය වෙනවා.

මේ සදහා ආකාර දෙකකට මේ විධානයන් දෙන සැටි කියන්නම්. පළමු ක්‍රමය තමයි Command Prompt කවුළුව Run as administrator ලෙස විවෘත කර ගන්න.

දැන් ඔබ මේ විධානය දෙන්න.

                           attrib -s -h -r q:\*.* /s /d

මෙහිදි ඔබගේ USB pen එකට හිමිව තිබෙන Driver letter එක මෙහි Q ලෙස සටහන්ව ඇති ස්ථානයට Q වෙනුවට දෙන්නත් අමතක කරන්න එපා.

යම් හෙයකින් ඉදිරි අවස්ථාවකදීත් කිහිපවිටක්ම මේ විධානය භාවිතා කරන්න අවශ්‍ය වෙනවා කියන අදහස තිබෙනම් හොදම දේ තමයි එය batch file එකකට අරගෙන එය Run as administrator ලෙස ක්‍රියාත්මක කරවීම එය කරන්නේ මෙලෙසයි. මෙන්න මේ විධානයන් සමූහය Notepad file එකකට paste කර ගන්න.

@echo off
set /p drive= Please enter the target drive letter
if "%drive%"=="" (
echo Program aborted.
echo.
pause
goto :eof
)
attrib -s -h "%drive%\*.*"
echo successfully recoverd
echo.
pause

දැන් ඔබ මේ file එක save කිරීමේදී File හිදී Save as තෝරා එහිදී  Save as type හිදී all files යන්න තේරීම සිදු කළ යුතු අතර file name එක සදහා ඔබ කැමති නමක් ලබාදී එහි අගට .bat ලෙස දෙන්නටත් වග බලා ගන්න.

යම් අවස්ථාවක මෙම ගොනුව ක්‍රියාත්මක කිරීමේදී එය right click කර run as administrator ලෙස ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසුය. එසේම මෙහිදීද ප්‍රථමයෙන් ඔබට අවශ්‍ය Drive එකෙහි letter එක දීමට අවස්ථාව ලබා දෙන අතර එහිදී drive letter එක මෙලෙස ලබා දෙන්න උදාහරණය ලෙස drive letter එක G ලෙස ලබා දීමට G: ලෙස ලබා දෙන්න. එපමණයි.....



12 comments:

  1. ලිනක්ස් සීඩී එකකින් බූට් කරලා ඕක සුටුස් ගාලා කරතහැකි

    ReplyDelete
    Replies
    1. නොදන්න අයටත් දැනගන්නත් එක්ක, ලිනක්ස් වලින් කරන විදියත් කියලම යනවද?

      Delete
  2. හොඳා. මං ගාවත් ඔය attribute එක තියෙනවා පෙන් එකේ දාගෙන. හරිම වැදගත්.

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයේ තිබෙන විවිදාකාරයේ මෙවලම් මෙවැනි කරදරාකරී අවස්ථාවලදී යොදාගන්නවාට වඩා හැකිතරම් අපවිසින්ම ලබාදිය හැකි විධානයන්ගෙන් කරගන්න එක වඩාත් නුවනට හුරුයි. මොකද සමහර අවස්ථාවල එක කරදරයකින් මිදෙන්න බාගන්න දේවල්වල සැඟවී පැවතිය හැකි කරදර ඊටත් වඩා වැඩියි...

      Delete
  3. ලිනක්ස් ඉන්ස්ටෝල් කරල නැත්නම් ලයිව් ඩීවීඩී එකකින් බූට් කරන්න
    ඉන්පස්සේ පෙන් එක ගහලා වෛරස් මකලා හිඩ්න් වෙච්ච ෆයිල් උඩ රයිට් කලික් කරලා attribute හදන්න මම පාවිච්චි කරන්කන් ලිනක්ස් මින්ට්

    මම ෆෝල්ඩර් වල දත්ත විසුරුවා හරින ෆෝග්‍රෑම් එකක් vb.net වලින් හදන්න බලාපොරොත්තු වෙනවා ෆෝල්ඩර් එකක් උඩ රයිට් ක්ලික් කරලා මගේ ෆෝග්‍රෑම් එකට ෆෝල්ඩර් එක සම්භන්ද කරන හැටි කියල දෙනවනම් ලොකු දෙයක්

    ReplyDelete
  4. මේක නම් වැදගත් සෑහෙන්න! :)

    ReplyDelete
  5. ලොකු උදවුවක් යාළු :)

    ReplyDelete
  6. මටනම් හරි ගියේ නෑ.path එක හම්බුනේ නෑ කියනවා.

    :(

    ReplyDelete
  7. Nice post
    if u replace line 2
    set /p drive= Please enter the target drive letter
    with following
    set drive=%cd:~0%
    u dnt have 2 type drive letter

    ReplyDelete