Thursday, September 12, 2013

පින්තූර මුර පද යෙදීම...

මුර පද නැත්නම් password කියන්නේ පරිගණක භාවිතයේදී ඉතා සංවේදීම මාතෘකාවක්. මෙම මුරපද ආරක්‍ෂනය වෙනුවෙන් දැන් දැන් යෙදෙන උපක්‍රම අනුව කොයිමොහොතේ මුරපද අනතුරකට ලක්වෙනවාද කියන එක ගැන තිබෙන සැකය අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් සාම්ප්‍රධායිකව යෙදෙන අකුරු හෝ ඉලක්කම් හෝ යතුරු පුවරුවේ අනෙකුත් සංකේතයන් වෙනුවට කැමති පින්තූරයක අපවිසින් සලකුණු කරන සරළ රේඛා, වෘත්ත හෝ කිසියම් ස්ථානයක් සලකුණු කිරීමෙන් මුරපදයක් සැකසිය හැකි ආකාරයක් Windows 8 වලදී හදුන්වාදී තිබෙනවා.
මේ සදහා Windows 8 Charms bar හිදී More PC Settings  තෝරන්න,

 
දැන් Users හිදී Picture password තෝරන්න,
ඉක්බිති වර්ථමානයේ ඔබ භාවිතා කරන මුරපදය
යෙදිය යුතු අතර ඉන්පසු කැමති පින්තූරයක් තේරීමේ අවස්ථාව සලසා දෙන අතර තෝරාගන්නා පින්තූරයේ mouse එක හෝ Touch screen පහසුකම් තිබේනම් Finger Taps මගින් සරළ රේඛා, වෘත්ත හෝ කිසියම් ස්ථානයක් සලකුණු කිරීමෙන් මුරපදයක් සැකසිය හැකි අතර අවස්ථා සම්බන්ධයන් තුනක් මෙහිදී ලබා දෙයි. සැලකිය යුතු වන්නේ එකම ආකාරයකට නොවන වෙනස් සම්බන්ධතාවයන් තුනක් සලකුනු කිරීමයි.

 
ඊලඟ වතාවේදී පරිගණකයට පිවිසීමේදී Picture password ලෙස තේරීමෙන් ඔබට ඒ ආකාරයට පරිගණකයට පිවිසීමේ අවස්ථාව උදා කර ගත හැකිය.



10 comments:

  1. හම්මෝ එහෙනං නිළියන්ට අපල කාලයක්..

    ReplyDelete
  2. බොහොම ස්තුතියි. මං මේ අඩවියෙන් තවත් දේවල් ඉගෙන ගත්තා පෙර පෝස්ටු වලදි.

    ReplyDelete
  3. හැමෝටම ස්තුතියි පුද කරන අතරේම මේ දේත් කියන්න ඕන. මෙම පින්තූර මුර පදය වුනත් ඒ සියුම්ව දිහා බලා සිටින කෙනෙකුට ග්‍රහණය කරන එක සුළු දෙයක් ඒ නිසා කාටවත් පෙනෙන ලෙස මොනම මුර පදයක් වත් නොයොදන්න අපිත් වඟබලා ගන්න ඕන. අපි ATM machine එකකින් සල්ලි ගන්න කොට කාටවත් පේන්න PIN number එක enter කරන්නේ නැහැනේ. අන්න ඒ වගේ තමයි පරිගණකයට මුර පද යොදන කොටත්...

    ReplyDelete
  4. මේ ක්‍රමෙත් හොඳයි ගේ දොර පාවිච්චියට.. ක්ර්යලයක වගේ නම් පරිස්සම් වෙන්න වෙනවා.. හොද පෝස්ට් එකක් දිනේෂ්...

    ReplyDelete