Tuesday, September 3, 2013

අනාවැකිකරුවාගේ අනාවැකි ඉතිහාසයේ අගමුල ගිය තැන් සමගම...

සාහිත්‍ය මාසයේ මුල්ම බ්ලොග් ලිපිය ලියවෙන්නෙත් පොතක් සම්බන්ධයෙනුයි. මෙම පොත ලියවී ඇත්තේ ගතවූ සියවස් ගණනාවේම ලෝකයේ අග්‍රගන්‍ය අනාවැකිකරුවෙකු ලෙස සැලකූ නොත්‍රදාමුස් නම් වෛද්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද අනාවැකි සම්බන්ධයෙනුයි. 


මෙම පොත පරිවර්ථනයක්. මෙම පොතේ සිංහල පරිවර්ථනයේ නම ලෙස යොදා ඇත්තේ “දිවැස“ ලෙසයි. මීට පෙරද නොත්‍රදාමුස් සම්බන්ධයෙන් ලියවී ඇති පොත පත කියවා ඇතත් ඒ පොත් වලට වඩා අදාල අනාවැකිය සමග එයට සම්බන්ධ ඉතිහාසගත පසුබිම මෙහි වඩාත් පැහැදිලි කර ඇති නිසා ඉතිහාසය ගැන වුවද දැන ගන්නට මෙම පොත වඩාත් රුකුලක් වන කිව යුතුයි.

ඔබට වඩාත් මෙම පොත ගැන අදහස් ලබා ගැනුමට එහි හැදින්වීමද පළ කරන්නම්.




11 comments:

  1. ස්තුතියි විස්තරේට

    ReplyDelete
  2. සාහිත්‍යටත් මාසයක් තිබ්බ එක හොදට ගියා

    ReplyDelete
  3. දැන් නම් අනාවැකි කාරයෝ වැහි වැහැලා. මේ තොරතුරට තුති.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත නලීන් අයියා, මම ඔයා සමඟ 100% ක් එකඟයි. අද දවසෙ නොස්ට්‍රඩාමුස් ලංකාවෙ හිටිය නම් පොරට මහ බැංකු අධිපතිකම උනත් ලැබෙන්න තිබුනා. හාඃ.. නැත්ද?

      Delete
  4. පරිවර්ථනය නොව පරිවර්තනය යනුවෙන් වචනය නිවැරදි විය යුතුය.

    ReplyDelete
  5. නොත්‍රඩාමුස් ගැන අහල තිබුනා. සැප්තැම්බර් 11 ප්‍රහාරය ගැනත් එයා කියල තිබුනය කියල ඔය ඒ දවස්වල පත්තර පිටු පුරවල ලිපි තිබුනෙ. ඇත්තද නම් මම දන්නෙ නෑ. සමහරුන්ගෙ අදහස ඔහු අනාවැකි පළකරල තියෙන අපහැදිලි තත්ත්වය නිසා යම් සිදුවීමක් උනාම මිනිස්සු ඒවත් සමඟ මේ අනාවැකි ගලපන්න උත්සාහ කරනව කියල.

    ReplyDelete
    Replies
    1. මාත් දරන්නේ මේ අදහස.. මොනවා හරි බයිලා ටිකක් වහෙන් ඔරෝ කිව්වම ගාණට පත්තු වෙනවා ගින්න..

      Delete
  6. හැමදාම වගේ වටිනා දෙයක් දීම ගැන ස්තූතියි දිනේෂ්..

    ReplyDelete
  7. මගෙත් අදහස දිනේෂ් මේ මනුස්සයගෙ අනාවැකි එහෙමටම පිළිගන්න බැහැ කියලයි.සංකේත මාර්ගයෙන්, පද පෙරළි වලින් යමක් කිව්වම එක එක්කෙනාට තමන්ට හිතෙන හිතෙන විදිහට එව්ව අර්ථ කථනය කරන්න කිසිම තහනමක් නෑනෙ.තිං ඒක තමයි වෙන්නෙ කියලයි මම හිතන්නෙ.

    හැත්තෑ ගනංවල මැද වගෙ ශ්‍රී සඟරාවක මට මතකයි පළවෙල තිබ්බ අමරිකාවෙ ජීන් ඩික්සන් නම් කාන්තාවක ප්‍රකාශ කල අනාවැකියක් ගැන. විසිවන සියවස අවසාන වෙන්ට ඉස්සරවෙලා සෝවියට් දේශය කැබලිවලට කැඩිල යනවයි කියල.ඒ දවස්වල තිබ්බ ලෝක තත්වය අනුව එහෙම දෙයක් හිතාගන්ට කොහොමවත්ම බෑ.

    මට මතකයි මමත් කල්පනා කලා මේ මනුස්සය මේ මොන විකාරයක් කියවනවද කියල. ඒත් විසිවන සියවස ඉවර වෙන්ට අවුරුදු නමයකට කලින්ම ඒ අනාවැකිය හරියටම හරි ගියා!!!

    ReplyDelete