Monday, June 10, 2013

දැන් ඔබට මහ මුහුදේ දූපතක් වැනි බෝට්ටුවක් හිමි කර ගත හැකිය -

ඇතැම් ධන කුවේරයන් නම් තමන්ටම කියා දූපත් පවා අයිති කර ගෙන සිටින බව ඔබ නොදන්නවා විය නොහැකියි. මේ කියන්නට යන්නෙත් එවැනිම දෙයක්. හැබැයි මෙය මුහුද මැද තිබෙන සාමාන්‍ය දූපතක් නම් නෙමෙයි. මෙය බෝට්ටුවක්. හැබැයි මෙහි බාහිර පෙනුම නම් දූපතක් වගේමයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ එක්සත් රාජධානියට අයත් සමාගමක් වන Yacht Island Designs නම් සමාගම විසිනුයි. 

මෙම බෝට්ටුව ඝර්මකලාපීය දූපතක් වගේමයි. පිහිණුම් තටාකයක් වගේම කිසිදා පුපුරා නොයන ගිනි කන්දකිනුත් මෙය සමන්විතයි. ඒවගේම විශේෂ අමුත්තන් සදහා වූ කාමර, ශරීර සුවතා මධ්‍යස්ථානයක් සහ තවත් ස්ථාන රැසක් වගේම හෙලිකොප්ටරයක් බැස්සවීම සදහා වූ ස්ථානයකිනුත් සමන්විතයි.




ඒවගේම අර කිව්ව පුපුරා නොයන ගිනි කන්දේ සිට ගලා එන කුඩා දිය පහරකින් පිහිණුම් තටාකයට ජලය එන ආකාරයට සකස් කර තිබීම තවත් ආකර්ශනීයයි.

තවත් දෙයක් නම් මෙම යාත්‍රාවේ පිටුපස විවෘත කිරීමෙන් පසුව Jet-skis ක්‍රීඩාවේ නිරත වෙන්නට පුළුවන් වන සේ සකස් කර ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයක්.

මෙන්න මේ වෙබ් අඩවියේ මේ ආකාරයේ හැඩරුවක් වගේම තවත් වෙනස් ආකාරයේ හැඩ රුව ගන්නා බෝට්ටු නිර්මාණය කරනා බව ඔබට දැන ගැනීමට හැකියාව ලැබේවි.
http://www.yachtislanddesign.com/

10 comments:

  1. පුදුම නිර්මාණශීලී හිතක් තමයි...බොහොම ස්තූතියි දිනේෂ් මේ ගැන අපිට කිව්වට...හැමදාම වැදගත් දෙයක් දෙන එක ගැන ස්තූතියි ඔබට...

    ReplyDelete
  2. ඇත්තෝ කති බොති සුඛති. ඕව ඔහොම තමයි. අපිට ඉතිං දැක්කත් මැදෑ දිනේෂ්.

    අර ගස් කෘත්‍රිම ඒවද ඇත්තටම වවලද. සජීවී ගස් යොදා ගත්තනම් වැඩේ හුඟක්ම තාත්වික වෙන්න තිබුන.



    ReplyDelete
  3. බොහොම ලාබෙට ගන්න ඇති නේද දිනේෂ්? :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  4. කවුරුත් නොදන්න දේවල් කියා දෙන ඔබ නම් කරන්නේ වටිනා සේවයක්

    ReplyDelete
  5. අපුරු නිර්මාණයක් මා ධනවතෙක් නම් මෙය මිලදී ගනිමි.

    ReplyDelete
  6. ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  7. මට ඇමරිකන් ඉංග්‍රීසි වචනයක තේරුම දැනගන්න ඔ්න
    මොකද්ද candida කියන්නේ
    බලන්න අපේ කීර්ති පැස්කුවල් ශ්‍රී FM එකට හදපු තේමා ගීතයක් කොපිකරල
    tony orlando කියන ඇමරිකන් කාරයා candida කියල සිංදුනක් හදලනෙ

    ReplyDelete
  8. අපූරු නිර්මාණයක් නෙ..

    ReplyDelete
  9. ඇත්තටම මෙය පාවෙන දූපතක් ....මෙවන් දේ ගැන දැන ගන්නට අවස්ථාව ලබා දුන් ඔබට තුති ,

    ReplyDelete