Wednesday, June 5, 2013

සමහර විට මේ වාහන තිබෙන්නට ඇත්තේ ලෝකයෙන්ම එකක් විය යුතුය...

ඔබට අද මා පෙන්වන වාහන අමුතුය. බොහෝවිට ලෝකයේ මේ ආකාරයේ වාහන තිබෙන්නට ඇත්තේ එකක් වන්නටත් පුළුවන. බොහෝවිට නිර්මාණාත්මක අදහසක් එළිදැක්වීමට හෝ තමන් ජීවත්වන්‍
පළාතේ පරිසර තත්ත්වයන්ට ඔබින ආකාරයට නවීකරණය කළා වන්නටත් පුළුවන්.

කොහොමවුනත් දුර්ලභ ගණයේ මෙන්ම ඇතැම්විට විකාරරූපී ආකාරයක් ගත් මෙම වාහන පසුකාලීනව වෙනත් ආකාරයේ වාහන බිහිකිරීමටත් උපකාරී වන්නටත් ඇති යයි සිතේ.



















තවත් දෙයක් නම් මෙවන් ඇතැම් නිර්මාණ ප්‍රදර්ශනාත්මකව යොදාගන්නට මිස ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාවන් අවම වීමද බොහෝවිට වන දෙයකි. උදාහරණයක් ලෙස මිනිසා විසින් සිදුකර ඇති ලොකුම න්‍යෂ්ඨික පිපිරීම හෙවත් Big Ivan ද එසේ ප්‍රදර්ශනයට මිස ප්‍රායෝගිකව භාවිතය අපහසු නිපැයුමකි.

12 comments:

  1. මාත් අවුරුදු 4 දී කෝටු වලින් ලොරියක් හදන්න ගිහින් වැඩේ අත ඇරලා දැම්මා..මගක් යද්දී තේරුණා කෝටු කෑලි වලින් වහනයක් හදන්න බැහැ කියලා...

    ReplyDelete
  2. අර 10 ට දාල තියෙන එකනං ලංකාවට හොඳයි. වැස්ස දවසට පාරවල් යටඋනාම යන්න.

    ReplyDelete
  3. ෂා ... හරි අපූරුයි. මිනිස් සිත හරි පුදුමාකාරයි නේද?

    ReplyDelete
  4. හොයාගන්න අමාරු විස්තර ටිකක් මචන්, නියම වැඩක්...

    ReplyDelete
  5. මේවා ඉතින් එක එක හේතු නිසා ජනප්‍රිය නොවිච්ච නිෂ්පාදන තමා නේද ? ඒක හින්දම ඒවයෙ ගමනත් එහෙම්ම නැවතිලා..

    අපූරු පින්තූර ටික..

    ReplyDelete
  6. බොහොම ස්තුතියි දිනේෂ් මේ තොරතුරු වලට. මේ පින්තුර 1 2 3 ලෙස නම් කලානම් අදහස් දැක්වීමේදී පහසුයි. ඉහල සිට තිබෙන 3, 4, 10, 15, යන පින්තුර වලින් පෙන්වන වාහන යුද්ධමය අරමුණු සඳහා සකස්කළ වාහනයි. අංක 4 රූපයේ ඇති වාහනය වැඩි දියුණු කර සන්නද්ධ රථ පවා හැදුවා. මේවා හිට්ලර්ගේ යුගයේදී ජර්මනියේ නිෂ්පාදිතයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබට ඇත්තෙන්ම ස්තූතියි නොදැන සිටි ඒ කාරණා පිළිබදව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මින් ඉදිරියට පින්තූර පළ කිරීමේදී අංක හෝ නාමකරණයක් යොදන්නම්...

      Delete
  7. ඇත්තටම අපූරු නිර්මාණ ටිකක්නේ..

    ReplyDelete
  8. මාර කාර් ටික . කාර් කිව්වට අනේ මන්දා . සමහර ඒවායේ රෝදේ විතරයි .

    ReplyDelete
  9. ජීවින්ගේ පරිණාමය පවා සැලකුවහොත් මේ වාගේ නේද? අභාවයාගේ අභාවය.....
    තවත් වසර කිහිපයකින් අද තිබෙන වාහන දෙස ද ඉදිරි පරම්පරාව බලන විට අපිට ඔබ ඉදිරිපත් කර ඇති රූප බැලීමේදී දැනෙන හැඟීම දැනේවි.
    කොහොම උනත් ඔබ දුර්ලබ පින්තූර ටිකක් සොයා ගෙන තිබෙනවා.

    ReplyDelete