Monday, January 28, 2013

අතීතයේදී පිටසක්වල ජීවීන් අපේ ලෝකයේ ඇතැම් දේ වෙනුවෙන් මැදිහත් වූවාද? නැතහොත් දැන් අහිමිව ඇති පැරණි දියුණු මානව තාක්‍ෂනික ප්‍රතිඵලද?

සමහරවිට ඔබ මේ වන විටත් මේ සම්බන්ධයෙන් ලියූ පළමු ලිපිය කියවා ඇති. කියවා නැතිනම් මෙන්න එයට සබැඳිය - අතීතයේදී පිටිසක්වල ජීවීන් පෘථිවියේ ඇතැම් සංසිද්ධීන් සහ නිපැයුම් සදහා මැදිහත් වුනාද?

කෙසේවෙතත් මෙම ලිපියේදී පැවසූ, මෙම න්‍යාත්මක කරුණ කෙරේ පෙනී සිටින අය විසින් තැනූ Ancient Aliens වැඩසටහනේ කරුණු වලට තර්කානුකූල ප්‍රතිචාරයක්  දක්වා තැනූ ancient aliens debunked නම් වාර්තාමය වැඩසටහනද නැරඹූ අතර එහිදී මුලින් පැවසූ Ancient Aliens වැඩසටහනේ බොහෝ කරුණු වලට ප්‍රතිවිරුද්ධව ඇතැම් විට සාර්ථකව මෙන්ම ඇතැම් විට Ancient Aliens වැඩසටහ‍නේ කරුණු අර්ධ වශයෙන් පමණක් බැදිහෙලා කරුණු දක්වා තිබුන බව පෙනුනි. කෙසේවෙතත් මේ කාගේවත් පාර්ශවයක් නියෝජනය කිරීමට මෙම ලිපිය ලිවීමේදී අවශ්‍යතාවයක් නොවූ අතර ඇතැම් නිර්මාණ එදා කාලය හා තිබූ තාක්‍ෂනය ඔස්සේ නිර්මාණය කිරීම මේ දෙපාර්ශවයේම උපකල්පන මිස සැබැවින්ම කුතුහහලය දනවන්නකි.

උදාහරණයක් ලෙස ගතහොත් Puma Punku තැනීමට අදාලව aliens debunked වැඩසටහන සාර්ථක තර්කානුකූලබවක් ඔවුන් දක්වන්නට සමත්වූවත් එම ස්ථානය කවරකරුණක් අරඹයා තැනුවේද යන්න පිළිබදව සාර්ථකව යමක් ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බව පෙනේ. කෙසේවෙතත් දෙපාර්ශවයටම මෙවන් කරුණු සම්බන්ධයෙන් උපකල්පන මිස නිශ්චිතවම අදාල හේතුව ඉදිරිපත් කිරීමට නොහැකි බවත් අප මැදිහත් සිතින් පිළිගත යුතුය.

තවත් උදාහරණයක් ලෙස Easter Island හි Moai  ප්‍රතිමා සම්බන්ධයෙන් ගත් විට පිටසක්වල ජීවීන්ට පක්‍ෂව කරුණු ගෙනහැර දක්වන අය එහි ඇතැම් ස්ථාන වල හමුවන ගල් මත කැටයම් කර ඇති Petroglyphs (Petroglyphs (also called rock engravings) are pictogram and logogram images created by removing part of a rock surface by incising, picking, carving, and abrading.- http://en.wikipedia.org/wiki/Petroglyph) රූපද ආධාරකර ගනිම්න් එහි නිරූපිත bird man එසේත් නැතහොත් එම දූපතේ ස්වදේශික ජනයා පවසන දේවත්වයෙන් සලකන රූපයද පිටසක්වලින් පැමිණියෙකු බවට විශ්වාස කරන අතර උපරිම උස අඩි 33 ක් හා බරින් ටොන් 86 ක් පමණ වන Moai පිළිරූ නෙලීම, ඒවා ප්‍රවාහණය හා ස්ථානගත කිරීම පිළිබදව ඔවුන් දක්වන මතය පිටසක්වල ජීවීන්ට පක්‍ෂවය. ‍එසේම ප්‍රවාහණය පිළිබදව ඔවුන් දත්වන සැකය නම් යුරෝපීයන් 1720 ගණන් වල ගොඩ බසින විටත් විශාල කදන් සහිත ගස්, එසේත් නැතිනම් මෙම බරසාර පිළිරූ රැගෙන තල්ලු කිරීමට හැකි ගස් නොමැතිවීමයි. 
යුරෝපීයන් මුලින්ම Moai පිළිම දුටු අයුරු

එසේම ඒවා ඔසවා ස්ථාන ගත කිරීම පිළිබදවද ඔවුන්ට ඇත්තේ උභතෝකෝටික ගැටළුවකි. ඔවුන්ට පමණක් නොව එය අපටද ගැටළුවකි. එහෙත් මෙම පිටසක්වල ජීවින් මේ ‍ලෝකයේ දේවල්වලට අතනොපෙව් බවට මත පළකරන්නන් පවසන්නේ මෙම පිළිම පිටින් පැමිණි ජීවියෙක් විසින් තැනූනත් නොව මෙහි සිටි ස්වදේශිකයන් විසින් තැනූ බවයි. ඇත්තෙන්ම එය පිළිගත හැකි සාක්‍ෂිද මෙහි තිබේ. මන්ද අර්ධ වශයෙන් නෙළු පිළිම මෙහි දක්නට ලැබන බව ඔවුන් පෙන්වන අතරම පිළිම නෙලා ඇත්තේ මෙහි ඇති කළුගල් උපයෝගී කරගෙන තිරස් අතට වන අතර පසුව ඒවා තිරස් කර තිබෙන බවද ඔවුන් පෙන්වයි.

එසේම ඒ මේ අත ප්‍රවාහණය කර තිබෙන්නේ ලී කොට ආධාරයෙන් බව නිදර්ශන තනා ඒවා කොටමතින් ප්‍රවාහණය කිරීමෙන් ඔවුන් සනාථ කරන අතර දැන් මෙහි ගස් නොතිබීමට හේතුව ලෙසද ඔවුන් දක්වන්නේ මෙම පිළිරූ ගෙනයාමටම විශාල ලෙස ගස් කපා කොටන් ලබා ගැනීමයි. තවද ඇතැම් පිළිම අර්ධ වශයෙන් හෝ මුළුමනින්ම වාගේ පසට යටව තිබෙන්න හේතුව ලෙසද දක්වන්නේ විශාල ගස් නොමැති වීමෙන් දිගුකලක් වර්ශාවට පොළව නිරාවරණය වීමෙන් සිදුව ඇති දැඩි පාංශු ඛාදනය නිසා බවයි.

මීට වසර දහස් ගණනකට පෙර තැනූ මෙවන් අධික බරින් යුතු නිර්මාණ ගොඩනැගීමේදී ඒවා එසවීම පිළිබදව ඇත්තේ ගැටළුකාරී තත්ත්වයකි. අද මෙන් විශාල බර එ‍සවිය හැකි ‍දොඹකර නොතිබුනා සේම අද තිබෙනා දොඹකර වලින් පවසා එසවීම ලේසිපාසු නොවන්නාවූ මෙම බර එසවීම පිළිබදව මෙම කොට්ඨාශයේම මත එක් අයුරිකින් පිළිගන්නටද අනෙක් අයුරින් පිළිනොගැනීම හෝ මධ්‍යස්ථ මතයක පිහිටා සිටීම වැනි වැනෙන සුළු තත්ත්වයක සිටීමට සිදුවේ. මන්ද පිටසක්වල ජීවින් වෙනුවෙන් හඬ නගන්නන් මෙවන් බර එසවූයේ සාමාන්‍ය මිනිසුන් නොව සුපිරි තාක්‍ෂනයක්, සුපිරි බලයක් තිබූ පිටසක්වල ජවීන් විසින් බවයි. එහෙත් මෙම මතය තරයේ ප්‍රතික්‍ෂේපකරන ප්‍රතිවාදීන් පිරමීඩ සෑදීමේදී විශාල ගල්කුට්ටි එසවීමට භාවිතා කළ මිනිස් බලයෙන් භාවිතා කරන්නට ඇතැයි සැලකෙන සෝපාන පද්දති පිළිබදව පරිගණක ඇසුරෙන් නිර්මාණය කරන ලද උපකල්පිත අනුරූ සේම එතරම් ඉහලට නොවන බර ඉසිලීම සදහා විවිද මූලධර්මයන් පිළිබදව කරුණු ගෙනහැර දක්වයි.
(මෙහි දැක්වෙන්නේද අතීතයේ දැවැන්ත බර එසවූ ආකාරයන් පිළිබදව උපකල්පිත තොරතුරුයි http://www.catchpenny.org/mmbuild.html)

තවත් කරුණක් වන්නේ වසර දහස් ගණනක් නොව මෑත අතීතයේ එනම් විසිවන සියවසේ දෙවන දශකයේ ඉදිකිරීම් ඇරඹුන විශ්මිත නිර්මාණයකද මෙවන් අභිරහසක් සැඟව පැවතීමයි. එය නමින් Coral Castle හෙවත් Rock Gate වන අතර ඇමරිකාවේ Florida හි Miami Dade හි පිහිටා ඇති කොරල් ගල් වලින් නිර්මාණය වූ මෙම උද්‍යානය තනි පුද්ගලයෙකු විසින් කරනු ලැබූවක් වේ.

Edward Leedskalnin  නම් වන නිර්මාණකරුවා සිය පෙම්වතිය වෙනුවෙන් කරන ලැබූ නිර්මාණයක් ලෙස හදුන්වන මෙය 1923 සිට ඔහු මිය ගිය 1951 දක්වා කරගෙන යනු ලැබූ බව පැවසේ.ලැට්වියා‍වේ උපත ලැබූ මෙම පුද්ගලයා අධ්‍යාපනය ලැබ ඇත්තේද හතර හෝ පහේ පන්තිය දක්වා පමණක් බව පැවසෙන අතර සිවිල් හෝ යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය හැදෑරූ අයෙකුද නොවන බව පැවසේ. තම පෙම්වතිය තමන්ව ප්‍රතික්‍ෂේප කොට හැරයාමෙන් පසුව නිදහසේ දේශය ලෙස හැදින්වූ ඇමරිකාවට ඔහු වයස අවුරුදු 28 දී සංක්‍රමණය වී තිබේ.

මෙවන් වූ පසුබිමක් ඇති මෙහි නිර්මාණකරුවා ටොන් තිහක් පමණ පවා බරින් වූ පාශාන ඔසවමින් මෙම නිර්මාණයය කළ අන්දම අදටත් අභිරහසකි. එයට හේතුව  ඔහු මේ කිසිවක් පිටස්තරයන්ට ඇහැ ගැහීමට ඉඩ නොදුන් අතර රාත්‍රීකාලයේ පමණක් මේ කටයුත්තේ නිරතුවූ බව පැවසේ. කෙසේවෙතත් මේ පිළිබද විමසන සෑම විටකම ඔහු පවසා ඇත්තේ මා පුරාණ මිසර පිරමීඩ තැනූ තාක්‍ෂනය දන්නා බවත්, එය උපයෝගී කරගනිමින් මෙම විශ්මිත නිර්මාණය සිදුකළ බවත්ය. මේ මොන හේතුව දැක්වූවත් ඔහු මෙම අධික බර එසවීම උපයෝගී කරගත්තේ දම්වැල් සවිකළ ත්‍රිපාදයක් වැනි උපකරණයක් පමණක් වන්නට ඇති බව ඔහුගේ වැඩබිමේ එම මෙවලම දුටුවන් පවසයි.

එහෙත් ත්‍රිපාදයක් වැනි මෙවලමකින් පමණක් ටොන් ගණන් බර ගල් කුට්ටි එසවිය හැකිද? එසේම එඩ්වර්ඩ් අතීතයේ සිටියායැයි පැවසෙන යෝදයකුද නොවන අතර යනතමින් අඩි පහක් උස හා රාත්තල් 100 ක් පමණ බර මෙම පුද්ගලයා කෙසේ මේ ‍දේවල් කරන්නට ඇත්ද? අදටත් අභිරහසක්ව ඇති මෙම කරුණේ තවත් දෙයක් වන්නේ ඉහත කී ත්‍රිපාද මෙවලම මත තිබූ පෙට්ටියේ මෙම රහස සැඟව තිබෙන්නට ඇති බවයි. එහෙත් කිසි කළෙක මෙම පෙට්ටිය හෝ ඔහු විසින් භාවිතා කළ ක්‍රමවේදය හෝ ඔහු දැන සිටි තාක්‍ෂනය ලෝකයට දැනගන්නට හැකිවූයේ නැත. මෙම ක්‍රියාදාමය ඉඳුරාම පිටසක්වල ජීවින්ගේ සහයෙන් කරන ලද්දක් බව මා නොපැවසුවත් එය එසේ වන්නට ඉඩ ඇතැයි සැකකරන්නෝ ලෝකයේ බොහෝ වෙසෙති.
http://en.wikipedia.org/wiki/Coral_Castle
http://www.bibliotecapleyades.net/ciencia/ciencia_modernmegalithsus02a.htm
http://www.alexpetty.com/2009/11/24/the-secrets-of-edward-leedskalnin/


තවත් අපූරු කරුණක් වන්නේ 1936 දී මුලින් මෙම කොරල් නිර්මාණය ඉදිකළ බිමෙන් සැතපුම් 10 ක් දුරින් පිහිටි දැන් මෙය පිහිටා ඇති ස්ථානයට ඔහුට මෙම සියල්ල රැගෙන යාමට සිදුවීමයි. එහිදී ඔහු මෙම බර ඔහුගේ වාහනයට පැටවූ හෝ බෑම සිදුකළ අයුරු සි‍යැසින් දුටු අයෙකුද නොමැත.

මධ්‍යකාලීන යුගයේ ඇඳි චිත්‍ර බොහෝමයක් ඇතැම් තොරතුරු සඟවමින් සිදුකළ නිර්මාණ හෝ Symbolism යන සංකල්පය සහිතව සිදුකළ නිර්මාණ බව පිළිගන්නා කරුණකි. ඒ අතරින් මීට පෙර අප සවිස්තරාත්මකව කතා කළ ලියනාඩෝ ඩාවින්සිට අයත් වන්නේ අද්වතීය ස්ථානයකි.

ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු?
ඔහු විසින් නිර්මාණ්‍ය කරනා ලද මොනාලිසා පිළිබදව විවිද කාලවකවානුවලදී විවිද විවිද මත පළ වූවත් අදටත් ඒවා අනුමාන මිස නිශ්චිතවම පැවසිය හැකි කරුණු නොවේ. එසේම මෙම සිතුවමේ බැළුබැල්මට නොපෙනෙන අදෘශ්‍යමාන හිසක් තිබෙනා බව මේ සිතුවම ගැඹුරින් අධ්‍යයනය කළ ඇතැම් විද්වතුන් පවසයි. මේ එම සිතුවම යථා තත්ත්වයේදී හා එහි ප්‍රතිබිම්බ පෙනුම එකිනෙක සමපාත කළ විට එම මුහුණ මතුවන ආකාරයයි.

මේ දැක්වෙන්නේ එම මුහුණයි.

මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් The Virgin and Child with St Anne and St John the Baptist නම් සිතුවමේද මෙම මුහුණ සැඟවි තිබීමයි.

The Virgin of the Rocks සිතුවමද එකිනෙක සමපාත කළ විට ලැබෙන රුව අප දැක පුරුදු පිටසක්වල ජීවියාට සමාන කමක් දක්වන බව පෙනේ.


මෙම ගුප්ත මුහුණු කවරක්ද? ලියනාඩෝට පිටසක්වල ජීවීන් හා ගණුදෙනුවක් තිබුනේද? අඩුම තරමින් ඔහු පිටසක්වල ජීවීන් දැක තිබුනාද? ඔහුගේ සටහන් පොත් වල ඇති අසාමාන්‍ය පෙනුම ඇති ජීවින් කවුරුන්ද? ඇතැම් අය මේවා මිනිසුන්ගේ ඇතුලාන්තය යයි පවසද්දී තවකෙකු මේවා පිටසක්වල ජීවීන්ට නෑකම් කියන මුහුණු බව පවසයි.

ලියනඩෝගේ ජීවිත කතාව ගැන පවසන විට 1476-1478 වැනි කාල වකවානු පිළිබදව කිසිදු තොරතුරක් දැන ගන්නට නොලැබෙන පවසයි. මෙම කාලය තුල ඔහු කවර කටයුත්තක නියැලෙන්නට ඇත්ද? ඇතැම් අය පවසන්නේ මෙම කාලය තුල ඔහු පිටසක්වල ජීවින් හා ගණුදෙනු පැවැත්වූ බවයි. එයට හේතු ගණනාවක් ඔවුන් ගෙන හැර දක්වති. ප්‍රභලතම සාක්‍ෂිය imola නගරයේ ගුවන් සිතියමයි. සෑම අතින්ම නිවැරදි මෙම සිතියම ගුවනින් ගමන් කළ නොහැකි එම කාලවකවානුවේ ඔහු ඇන්දේ කෙසේද?
ලියනාඩෝ විසින් ඇඳි නිවැරදි Imola ගුවන් සිතියම

පිටසක්වල ජීවීන්ට පක්‍ෂව අදහස් දක්වන අය පවසන්නේ ලියනාඩෝ ගණුදෙනු පැවැත්වූ පිටසක්වල ජීවින්ගේ යානයකින් ‍ගොස් ඔහු මෙය ඇදි බවයි. තවත් සාක්‍ෂියක් ලෙස ඔවුන් පෙන්වන්නේ ලියනඩෝට ඉන් සියවස් පහකට හයකට පසු නිර්මාණ වන සොයාගැනීම් පිළිබදව සටහන් ඇඳිමට හැකියාව ලැබුනේ ඔහුට පිටසක්වල ජීවීන්ගේ ආධාරයෙන් අනාගතයට ගමන් කිරීමට හැකිවූ නිසා බවයි. එහෙත් ඔහු විසින් සිතුවම් කළ හෙලිකොප්ටරය ගත්විට ආදර්ශයක් ලෙස මිස එයට ගුවන් ගතවීමේ හැකියාව සැපිරිය නොහැකි බවද මතකයට නගා ගත යුතුවේ. අවසාන වශයෙන් තවත් සාක්‍ෂියක් ලෙස ඔවුන් පවසන්නේ ලිය‍නාඩෝගේ ජීවිතය සැඟව පැවති කාලවකවානුවේ ඔහු පැරණි ගල් ගුහාවකට නිතර ආගිය බව පැවසෙන කරුණයි. එහිදී ඔහු මෙම ගල් ගුහාවට නිතර ගියේ පිටසක්වල ජීවීන් හා සම්බන්ධවන ප්‍රවේශය මෙහි පිහිටා තිබූ නිසා බවට ඔවුන් මත පළ කරයි. කරුණු 100% ක් පිළිගැනීමටද නොහැකිය. එහෙත් සැකයක් නොමැත්තේද නොමැත. මන්ද මෙවන් ආන්දෝලනාත්මක කරුණු සම්බන්ධයෙන් ආවට ගියාටම මිනිසුන් දේවල් නොකියන හෙයිනි.

ලිය‍නඩෝගේ චිත්‍රවල පමණක් නොව සමකාලීන චිත්‍රශිල්පීන් රැසකගේ චිත්‍රවල පිටසක්වල නෑකම් පෙන්නුම් කෙරින. බොහෝමයක් ඒවා ආගමික පසුබිමකින් යුතු චිත්‍ර බවද පැවසිය යුතුය. Domenico Ghirlandaio ගේ "The Madonna with Saint Giovannino" සිතුවමේ එඩේරා සහ බල්ලා බලා සිටින්නේ පියාඹන පීරිසයක් වැනි වස්තුවක් දෙසය. පිටසක්වල ජීවින් ගැන පවසන උදවිය පවසන්නේ මේ සතය වශයෙන්ම පියාඹන පීරිසයක් බවයි. ඒ අනුව දේවධුතයන්, සුරංගනාවන් ලෙස සත්‍ය ලෙසම හදුන්වා ඇත්තේ පිටසක්වල ජීවින්ට බව ඔවුන්ගේ මතයයි.


එහෙත් පිටසක්වල ජීවින් පෘථිවියේ දේවල්වලට අත නොපෙවූ බවට කරුණු දක්වන අය පවසන්නේ මෙම මාතෘකාව ඇති අනෙකුත් සිතුවම් වලද මේ ආකාරයේ අහසේ දේවධුතයන් හෝ විදුලිකෙටීම් හෝ දීප්තිමත් වලාකුළු ආදිය හෝ වලාකුළු අතර සිටින දේවධූතයන් දෙස එඩේරා සහ බල්ලා බලා සිටින බවයි. එසේත් නැතහොත් මෙම කරුණු සංකේතවත් වන ලෙස ඇද තිබෙන බවයි.ඒවා ආගමික වශයෙන් සංකල්පමය දේ මිස පිටසක්වල ජීවීන් හෝ වෙනයම් දෙයක් නොමැති බවට ඔවුන් පවසයි.




තවත් සාක්‍ෂියක් ලෙස මෙම සිතුවමේද දැක්වෙන එක් යානයක් පිටුපස තවත් යානයක් ලුහුබැද යන දර්ශනයද එවැන්නක් නොව එම යුගයේ සිතුවම් වල හිරු සහ සඳු මෙලෙස දැක්වූ බව පැවසෙන අතර හිරු හා සදුට ඇතැම් විට මිනිස් මුහුණු හෝ මිනිසුන් ඒ තුල තිබෙන අයුරින් එම යුගයේ සිතුවම් කළ බව ඔවුන් පවසයි.



එහෙත් පිටසක්වල ජීවින්ට පක්‍ෂ අයගේ මතය මේ පිටසක්වල යානා බවයි. මේ ආකාරයේ සිතුවම් ගණනාවක් මතභේදයට තුඩුදී ඇත. ඇතැම් ඒවායේ දේවධූතයන්, දෙවියන්, සුරංගනාවන් පෙන්නුම් කරනා අතර එම මාතෘකාවට අදාල තවත් සිතුවම් වල දේවධුතයන්ගේ තැන ගෙන ඇත්තේ පියාඹන පීරිසි වැනි ඉලිප්සාකාර වස්තූත්ය. කවුරුන්හරිද කවුරුන් වැරදිදැයි පැවසීම අසීරුය.



පසුගිය කාලයේ දකුණු ඇමරිකානු මායා ගෝත්‍රික බිමකින් පිටසක්වල ජීවින්ගේ හිස්වලට සමාන ආකාරයේ දිගැටි හිස් ඇති හිස් කබල් කිහිපයක් හමුවිය. මේ ආකාරයෙන් හිස් කබල දිගැටි ලෙස සකස් කිරීම (Artificial cranial deformation, head flattening, or head binding) දකුණු ඇමරිකානු පමණක් නොව අප්‍රිකානු ගෝත්‍ර වල පවා තවමත් තිබෙන්නෙකි. එසේම පුරාණ ඊජිප්තුවේ පවා මෙම චාරිත්‍රය තිබූ බව පැරණි පිරමීඩ චිත්‍ර ප්‍රතිමා ආදියෙන්ද හමුවේ.



හිස දිගැටි කිරීම

විශ්මිත කරුණ වන්නේ මේ ආකාරයේ හිස් දිගින් යුතු වන සේ බිළිදුන්ගේ වයස මාස 6 වන තෙක් විවිද ක්‍රමවේදයන් යොදා සකස් කිරීම නොව ලෝක‍යේ එකිනෙක සම්බන්ධතාවය නොතිබූ ඉතා දුර බැහැර ප්‍රදේශ කිහිපයකම මෙම චාරිත්‍රය භාවිතා වීමයි. එසේනම් මෙහි පොදු සාධකය මෙම ගෝත්‍ර පැරණි පිටසක්වල ජීවීන් ඇසුරු කළාද? එසේත් නැතහොත් අඩුම තරමින් ඔවුන් දැක තිබුනාවත්ද?
 
මේ බවට සැක දෙන තවත් කරුණක් නම් ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් ජීවත්වූ ඇතැම් ගල්ගුහාවල හමුවන සිතුවම් වල සාමාන්‍ය සත්ත්ව මිනිස් රූප වලට අමතරව වෙනස් කමකින් යුත් ජීවින්ගේ සිතුවම් රැසක්ද හමුවීමයි. ඇතැම්විට ඔවුන්ගේ සිත්තුල පහළ වූ විවිද රූප මෙසේ අඳිනු ලැබුවා වන්නටත් ඉඩ  ඇත. අපගේ කුඩා කාලය මතකයට නගා ගතහොත් ඇතැම් විට අපේ සිතට නැගුන අමුතු අමුතු ආකාරයේ රූප අපත් කොල වල හො බිත්තියේ අගුරු හෝ ප්ලැටිග්නම් වලින් ඇන්ද හැටි ඔබටත් මතක්වේවි. එසේ නම් මේවා මනසේ ඇදුන චිත්‍රද?එසේත් නැතහොත් ඔවුන් සත්‍ය ලෙසම පිටසක්වල ජීවින් දුටුවේද?

රූප මෙන්ම පැරණි ‍ගෝත්‍රික කැටයම් ආදියේද පිටසක්වල ජීවින් හා නූතනයේ අප දකින අභ්‍යවකාශගාමීන්ගේ ඇදුම්වලට සමාන කමකින් යුත් ඇදුම්පැලදුම් දක්නට ලැබේ. මේවා සත්‍ය වශයෙන්ම නිශ්චිතවම හේතු දැක්විය නොහැකි ගැටළුය.



මෙසේ දෙපසටම දෝලනය වන කරුණු ඔස්සේ ගිය විට ලැබෙන තවත් කරුණක් නම් Tolima Jets පිළිබදව කරුණයි. වසර 1500 කට පෙර සිටියා යැයි පැවසෙන කොලොම්බියා‍වේ ටොලීමා ගෝත්‍රික ජනතාවට අයත් ස්වර්ණාභරන අතර තිබූ නූතන යුද ජෙට් යානාවලට සමාන කමක් ඇති ස්වර්ණාභරණයක් නිශ්චිත වශයෙන්ම පැරණි ගුවන් යානයක ආකෘතියක් බව සලකා එය නිර්මාණය කළ විට එය ගුවන්ගත වීමේ හැකියාව එනම් Aerodynamic හැකියාවෙන් යුතුවූ බවත් එහි ආකෘතිය විශාල කළා මිසක අමුතුවෙන් යමක් එක් කිරීමක් නොකළ බවත් ගුවන් ගත වීමට අවශ්‍ය කුඩා එන්ජිම පමණක් සවිකළ බව පැවසුවද පිටසක්වල ජීවින් ගැන එරෙහි වන්නන් පවසන්නේ එහි මුල් අකෘතියේ යම් යම් වෙනස්කම් කර ඇති බව හා මෙය අනෙක් ස්වර්ණාභරණ හා සැසදීමේදී ඒවාද විවිද සත්වරූප බව හා එම ගෝත්‍රයේ ශිල්පීන්ගේ දස්කම් හා කලාකාමීත්වය මත විවිද සත්ත්ව රූප ඒවා ස්වභාවිකව දකින ආකාර‍යට වඩා යම් යම් වෙනස්කම් ඇතිව නිර්මාණය කර ඇති බවත් මෙහි දැක්වෙන්නේ Cat fish නම් මතස්‍යාගේ නිරූපිතයක් බවත්ය.




මෙවන් කරුණු රැසක් මෙම දෙකොට්ඨාශයේ තර්කයන්ට, ඔප්පුකිරීම් වලට ලක්වෙමින් පවතී. සමහර විටක මෙම ලිපියේ තෙවන කොටසක්ද තිබිය හැකි බව සටහන් කරමින් දැනට නවතිමි....

46 comments:

  1. niyama lipi pelak saho

    ReplyDelete
  2. ගොඩාක් වැදගත් ලිපි ලියන්නෙක්.... බොහොම ස්තුතියි දැනුවත් කලාට....

    ReplyDelete
  3. ෆට්ට. මාර ලිපි.

    ReplyDelete
  4. හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  5. ඉතා මහන්සියෙන් සැකසූ වටිනා ලිපියක්. බොහෝම ස්තුති.

    ReplyDelete
  6. ඇත්තටම නොදන්න කරුණු බොහෝ දැන ගත්තා.කොටස් දෙකකින් විතර දැම්ම නම් අපි ග්‍රහානය කරන්න ප්‍රමාණය වැඩියි.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉස්සර නම් දීර්ඝ ලිපි කොටස් වලින් දැම්මා. නමුත් පළමු ලිපිය තරම් අවධානයට පසුව පළ කරන ලිපි ලක් නොවන නිසා දැන් තනි ලිපි ලෙසම පළ කරනවා. අනෙක තමයි ඇතැම් විට ඔබටම වුනත් දෙවනුව පළ කරන ලිපිය මඟහැරෙන්න හෝ අමතක වෙන්න පුළුවන්. ඉතින් හොදම දේ අද ටිකක් බලලා ඉඩ ලැබුන විටක ලිපියේ ඉතිරි කොටස් බලන එකයි...

      Delete
  7. පිටසක්වල ජීවින් ගැන යම් යම් තොරතුරු කියවලා තිබුනත් මේ ලිපියෙන් අලුත් කරුණු ගොඩක් දැන ගත්තා. බොහොම ස්තුතියි ඔබට..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! තවකරුණු නම් ගොඩක් තිබෙනවා. ඒවත් ලිවිය යුතුයි කියා සිතුනොත් ලියලා දානවා...

      Delete
  8. ගොඩක් අලුත් කරුණු දැන ගත්තා දිනේෂ්. ස්තූතියි. පසුගිය ලිපිය කියවල ඔය ගැන නිකම් කල්පනා කර කර ඉන්නකොට මට හිතුණා සමහරවිට මේ අභිරහස් දේවල් ප්‍රසිද්ධ ඇට්ලැන්ටිස් වරුන් ගේ වැඩ වල ශේෂයන් වෙන්න බැරිද කියල.. එහෙම නැත්නම් අසීමිත ලෙස නිදහස් කාලයක් තිබිච්ච නිර්මාණශීලි පාලකයෝ වහල් සේවයෙන් ම ඔය බර ඔසවන වැඩ කරන්න ඇති. අපිට තාම හොයා ගන්න බැරි වුණ නමුත් ඇති වී නැති වී ගිය ශිෂ්ඨාචාර තව ඕනෙ තරම් තියෙන්න ඇති කියලත් අපිට හිතන්න පුළුවන්..

    ඩාවින්චි ගේ චිත්‍ර ගැන නම් මට හිතෙන්නේ ඔහුගේ නිර්මාණශීලි කමේ ප්‍රතිඵල කියලයි. අර ගුවන් මැප් එක අවකාශ බුද්ධිය (මේ වගේ නමක්) තියෙන කෙනෙකුට පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට උනත් අපේ ගෙදර ඉඩමේ හැඩේ හිතින් විෂුවලයිස් කරගෙන අඳින්න පුළුවන්නේ.. ඩාවින්සි වගේ කෙනෙකුට ඒ හැකියාව සෑහෙන්න උසස් මට්ටමක තියෙන්න ඇති. කොහොමත් ඔය චිත්‍ර අඳින්න පුළුවන් අය කිසි අරමුණක නැතුව විවිධ දේ අඳිනවා. ඒ දේවල් වල සමහර විට හිතා ගන්න බැරි විදියේ දේවල් තියෙනව. නිකමට ඔය වීර කාටුන් චරිත අඳින අය ගේ වැඩ බලන්න. අනාගත දේවල් ඒ මිනිස්සු අඳිනවා. ඒක නිර්මාණශීලි කම කියලයි මම නම් හිතන්නේ. ඩාවින්සිට පිටසක්වල සහයක් තිබුණනම් ඔහු ඔය තරමින් නතර වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ.

    පහුගිය අවුරුදු 2500ක් තුළ ලංකාවේ බිහිවෙලා තියෙන ගල් කැටයම් තනිකරම කටුවයි මිටියයි විතරක් යොදාගෙන කරපු දේවල් නේ.. ඉතින් අවුරුදු 10000-100000 වගේ කාලයක ඇතුළත කොව්වර දේවල් කරන්න පුළුවන් ද .. අපි ඒව තාම නොදන්නා කම තමයි අවුල කියලයි මම නම් හිතන්නේ...

    මේ වෙන කොට අපිට පිටසක්වල බුද්ධිමත් ජීවය ගැන කිසියම් හෝ පිළිගත හැකි සාධකයක් ලැබිල තිබුණනම් ඔය දේවලුත් අතීතෙදි ඔවුන්ගේ සහයෙන් කරන්න ඇති කියල හිතන්න තිබ්බා. බලමු ඉතින් අපි ජීවත් වෙන අවුරුදු 30-40දි වත් එහෙම එකක් අපිට දකින්න ලැබෙයි ද කියල.. (හෙටම ලැබෙන්නත් ඉඩ තියෙනවා.. :)). කොහොම වුණත් ඔබේ ලිපි පෙළ ඉතා රසවත්. හිතන්නට බොහෝ දේ තිබුණා. පුලුවන් නම් ඇට්ලැන්ටිස් ගැනත් මේවගේ ලිපි පෙලක් කරන්න. ජය

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසේ මුල් කොටසේ ඇතැම් කරුණු මමත් ලිපියට එක්කරන්නම සිතා සිටියත් කඩින් කඩ ලියන නිසා ඒ දේ මහැරිලා. ඒතමයි මිසර, මායා, ඉන්කා වගේ පැරණි ශිෂ්ඨාචාර වලදී අධික ලෙස මිනිස් ශ්‍රමය යොදා ගත්තා. ඒ නිසා සරල යාන්ත්‍රික මෙවලම් වුනත් භාවිතා කරල වැඩි මිනිස් ශ්‍රමයකින් ඔය දේවල් කොහොම හරි ඔසවාගත්තා වගේම ප්‍රවාහණය කර ගත්තා වෙන්නට පුළුවන්. මොකද එදා මිනස් ජීවිතයට තිබුනෙත් ඉතාම අඩු ලංසුවක්. මිනිහෙක් මැරෙනවා හෝ මරල දාන එක අමුතු දෙයක් ‍නොවෙන්නටත් ඇති. ඒවගේම මානව හිමිකම්, වෘත්තීය අයිතිවාසිකම් කියල දේකුත් එදා නැති නිසා වහලුන් විදියට හෝ රාජකාරියක් විදියට සේවය ලබා ගන්නට ඇති. එච්චර දුර අතීතයටක යන්න ඕන නැහැ. හිට්ලර්ගේ සිරකදවුරු වල ගාල් කරපු මිනිසුන්ට අඩුවෙන් කන්නට දී වැඩියෙන් වැඩ අරගෙන මැරෙන්න හැරීම මෙන්ම සෝවියට් දේශයේ ගුලාග් කදවුරු වල සිදුවුන දේවල් හැටියට බිලිපූජා වගේ දේවල් පවා මහාපරිමාණයෙන් සිදුවූ පැරණි ශිෂ්ඨෘචාරවල මිනිහෙක් මැරෙන එක ලෙඩවෙන එක හා මරණ එක දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවුනා කියලා අත පිහිදා ගන්නට බැරිකමකුත් නැහැ.

      ‍ඔව් අපි ඉතිහාසය කියා දන්නේ ගවේෂනය කරල අනුමානයෙන් පවසන දේ පමණයි. තව කොතරම් දේවල් ඉතිහාසය තුල සැඟවෙලා ඇත්ද? මම හිතනේනේ සැඟවෙලා තිබෙන දේවල් වැඩයි කියලයි. මම 100% ක්ම පිටසක්වල ජීවින් මේ දෙවල් වලට හවුල් වුනාද? නැත්ද? කියන එක කියන්න දන්නේ නම් නැහැ. ඒත් පැරණි ශිෂ්ඨාචාර තිබෙන්නට පුළුවන් අද තරම් දියුණු තාක්‍ෂනය නැතත් නිර්මාණශීලී මිනිසුන් ජීවත්වුන. ඒවගේ මිනිසුන්නට සරල මෙවලම් වුනත් අතිසංකීර්ණ දේවල් සදහා යොදා ගන්න එක මහ දෙයක් නොවෙයි.

      මතුවට...

      Delete
    2. අතීතයේ විසූ පුද්ගලයන් හා එම අවධි වල ක්‍රියාකාරකම් ගැන හරිහැටිම කීමට අපි කාටවත් බැහැ. හැබැයි ඔබ කියනා විදියටම ඩාවින්සි වගේ සුපිරි නිර්මාණාත්මක හැකියාව තිබුන පුද්ගලයන්නට එදා බහුතරයකට කරන්නට බැරිවුන දේවල් කිරීෆම් හැකියාව එදත් තිබුනා අදත් හෙටත් තිබේවි. අනික තමයි සමහර විට Glider වගේ ගුවන් යානයක් තනාගෙන හොර රහසේ ටික වෙලාවකට හෝ අහසේ ඩාවින්සි පාවුනා වෙන්නටත් පුළුවන්. මේ හැම දෙයක්ම සමහර විට ඔහුගේ සටහන් පොතේ ඔහුම සටහන් කර නොතිබෙන්නට පුළුවන්. අනික තමයි Glider වගේ ගුවන් යානා මුලින්ම සැලැසුම් කලේ ඩාවින්සි කියලා කිව්වට ඇත්තෙන්ම එහෙම යානයක් තනාගෙන මුලින් පොළොවෙන් උඩට ගිහිල්ල තියෙන්නේ ‍12 වන සියවසේදී ඒකියන්නේ 1200 වගේ කාලයේදී හැබැයි මේක කරලා තියෙන්නේ පූජකාරාමයක පූජකයකුවන්නට හදාරමින් සිටි සිසුපියනමක්. මේ බව ඩාවින්සි පිළිබදව නිපැයූ වාර්තාමය චිත්‍රපටියකම තමයි තිබුනේ. හැබැයි එද ඒ පියතුමා වාසනාවට ජීවිතය බේරාගත්තත් අතපය නම් කඩාගෙන තිබෙනවා උඩ ඉදලා වැටිලා.හැබැයි එදා තිබුන වාතාවරණය අනුව දෙවින්ගේ කැමැත්ත අනුව ලෝකය නිර්මාණය විම හා එහි පැවැත්ම තීරණය වු බව එදා අතිප්‍රභල පල්ලිය බලපෑමට නතුව තිබුන නිසා පල්ලියටම සම්බන්ධ කෙනෙක් ඔයවගේ දෙයක් කිරීම කිසිසේත් ප්‍රසිද්ධ නොවෙන තැනට කටයුතු යෙදෙන්න ඇති.

      අවසානවශයෙන් මේ දේත් කියන්න ඕන. මම අපේ රටේ දේ හෑල්ලුකරනවා නෙමෙයි. හැබැයි අපේ රටේ කරල තියෙන දේවල්වලට වඩා ගොඩක් දේවල් මේ දූපතෙන් පිටත අතීතයේ කර තිබෙනවා. අන්න ඒ දේවල් වල තිබෙනා සුවිශේෂත්ව නිසා තමයි මේ වගේ ලිපි ලියන්නට පවා හේතුවන විශ්මිත බව ඇතිව තිබෙන්නේ. මම මුලිනුත් කිව්වා වගේ නිර්මාණශීලී මනසට සරල මෙවලමින් පවා සංකීර්ණදේ මැවිය හැකියි. ඒත් තවත් දේවල් තිබෙනවා කාලය, තිබූ ඥානය අනුව කෙසේ කළා දැයි වටහා ගත නොහැකි.

      Delete
  9. දිනේෂ් පොස්ටුවේ සමහර චායාරුප විකුර්තිවී ඇත.හැකර් ප්‍රහාරයක්දයි බලන්න

    ReplyDelete
    Replies
    1. මට නම් තවම එහෙම යමක් පෙනුනේ නැහැ...

      Delete
  10. අපමණ වෙහෙසකින් ඉදිරිපත් කරපු අගනා විස්තරයක්.. නොසෑහෙන්න ස්තූතියි දිනේශ්..

    හිස දිගැටි කිරීම මාරයිනෙ.. පුදුම දුකක් විඳින්නෙ.. මොකක්ද දන්නෑ එහෙම කරන එකේ බලාපොරොත්තුව..

    කොරල් බලකොටුව ගැන නම් තවත් බ්ලොග් එකකින් කියෙව්වා වගේ මතකයි.. කෙහෙදිද කියලා මතක නෑ..

    මේ ලෝකෙ අපිට තේරුම් ගන්න බැරි සංසිද්ධි තියනවා කියලා තමා අන්තිමට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! කුඩාම අවධියේ තමයි මේ හිසේ හැඩය වෙනස් කිරීම කරන්නේ. ඒකාලයේ හිස්කබල තුනී නිසා හැඩකරන්න පුළුවන් බව තමයි කියන්නේ. වෙනකක් තබා ලංකාවේ පවා බිළිදුන්ගේ හිස අතගෑමෙන් හැඩකරන්නේ. ඒවගේම පැදුරේ තිබීමෙන් හිසේ පසුපස දිග ගතිය අඩුකරන්නේ. ඒත් මම හිතන්නේ හිසවගේ සංවේදී තැනක් ඔහොම ස්වාභාවිකව තිබෙන අයුරින් වෙනස් කිරීම හොද දෙයක් නෙමෙයි...

      Delete
  11. දෙපැත්තම සමබරව ලියලා තියෙනවා... ඉතාම හොඳ ලිපියක්..

    "හිස් කබල දිගැටි ලෙස සකස් කිරීම " මේ විදිහට ඔළු දික්කරන්න පුළුවන්ද? පුදුමත් හිතෙන්වා.. ඔවුන් එයින් බලාපොරොත්තුවන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. හිස් කබල දික් කිරීම මම හිතන්නේ ආගමික චාරිත්‍රයක් හා ඔවුන්ගේ ගොත්‍රික අනන්‍යතාවය පවත්වාගැනීමයි. එසේම එලෙස කර තිබීමෙන් තමන් එම ගෝත්‍රයට අයත් සහ එම ගෝත්‍රයේ සුදුස්සෙකු බවට පත්කරනවා ඇති.

      ස්තූතියි!

      Delete
  12. මේ නිර්මාණ සඳහා පාදක වූ දැණුම අප අතරින් ගිලීහී ගියේ කෙසේ දැයි සිතා ගැනීමට අපහසුයි.
    ඔබගේ ලිපිය ඉතා හරවත්.

    ReplyDelete
    Replies
    1. මා දන්නේ නැහැ මේ නිමැවුම්කරු දන්නේ නැති නිර්මාණවල අයිතිය කාට දෙන්නද කියා. හැබැයි ඔබ අසා තිබෙනා ආකාරයට නම් මේ වගේ දේවල් පිළිබදව තොරතුරු දැනුම යනාදිය සමහර විට ඒ ශිෂ්ඨාචාරය ස්වභාවික හෝ සංග්‍රාමික හේතවක් නිසා විනාශ වීමත් සමග ගිලිහී ගියා වෙන්නට පුළුවන්. ඒවගේම ගුරු මුශ්ඨිය තබා ගැනීම වගේ දේවල් නිසා ඊලඟ පරම්පරාවට මේ දැනුම නොයා තිබෙන්නටත් පුළුවන්...

      Delete
  13. Godak hara bara lipiyak.apa pattath awith yanna

    ReplyDelete
  14. ඉතාම රසවත් ලිපියක් ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! චමිලා, ගොඩක් කාලෙකට පස්සේ තමයි මෙහේදී හමුවුනේ...

      Delete
  15. ස්තූතියි දිනේශ්...හැමදාම වගෙ ඔබගෙන් ඉතාම වැදගත් ලිපියක්.....මෙහි දක්වා ඇති කරුණු පිළිබඳව මෙපමණක් කියන්නම්. මේ ආතර් සී. ක්ලාක් මහත්මයගෙ කියමනක්..

    The truth is not only stranger than you think, its even stranger than you can imagine ever..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒවගේම ඔබ කියා ඇති පරිදි අපි කවුරුත් හිතා හිටින දේට වඩා සම්පූර්ණ වෙනස් කතාවක් මේ දේවල් පිළිබදව තිබෙන්නට පුළුවන්...

      Delete
  16. දිනේෂ් සහෝදරයා පිටසක්වලින්ම විස්තර හොයලා වගේ

    ReplyDelete
  17. නිදහසේ ඉන්න වෙලාවට ගොඩක් කැමැත්තෙන් හිත නිදහස්
    කරගන්න එන බ්ලොග් එකක් මේක..තව දෙතුන් පාරක් නිදහසේ
    කියවන්න ඕනේ...

    මම නම් කිසිම විදිහකින් පිටසක්වල දේවල් විස්වාස කරන්නේ නැහැ .
    වෙන වෙන ලෝක වල ඇති ඕනේ තරම් ජීවින් .ඒ උනාට මේ ලෝකෙට
    ආව කියල හිතන්න බැහැ .ආලෝකයේ වේගයෙන් ආවත් අවුරුදු 30
    යනවා කියමු ..

    C / 2 උනොත් 60
    C / 4 120
    C / 8 240

    ඉතින් තව කතා කරන්න බැහැ නේද ?
    ( හැබැයි කෙනෙක්ට කියන්න පුළුවන් අපිට දියුණු
    ප්‍රවාහන ක්‍රමයක් ඇති කියල..)

    ඒ උනත් පැකිමි 20, 30 දාහක් වෙද්දී පුංචි 1mg දූවිලි අංශුවත්
    ටොන් කීපෙක ගලක් වෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. පිටසක්වල ජීවීන් මා සියසින් දැක නොමැති නිසා එවැන්නන් සිටිනවාද? නැත්ද? යන්න පිළිබදව ටක්කෙටම කියන්න මා නම් දන්නේ නැහැ. මම කියන්න යන්නෙත් නැහැ. ඒක මේ වගේ වැඩඋඩ තිබෙන ඕනෑම කරුණක් සම්බන්ධයෙන් මා අනුගමනය කරන දෙයක්. ඒ එක්කම පෘථිවියට අමතරව තව ග්‍රහලෝක, සෞරග්‍රහ මණ්ඩල තිබෙනවාය කියා සොයාගෙනත් තිබෙන නිසා මේ විශ්වයේ එකම ජීවය, එකම බුද්ධිය තිබෙන ජීවින් විශේෂය සිටින්නේ මේ ලෝකයේ පමණක් කියා කියන මතයක් ගැන හෝ ඒ වෙනුවෙන් ගොඩනගනා තර්ක වෙනුවෙන් නිශ්ක්‍රීය අදහසක් මිස පිළිගැනීම, නොපිළිගැනීම හෝ ඒ වෙනුවෙන් එරෙහිව හෝ ඒ වෙනුවෙන් පෙනීසිටීම යනාදී කාරණා වලට ඉදිරිපත් විය නොහැකිය...

      Delete
  18. තාම කලින් එක කියවන්නත් බැරි වුණා. ඒක කියවල මේකත් කියවනවා. මේ වගේ වටිනා ලිපි එකතු කරනවට බොහොමත් ම ස්තූතියි දිනේෂ්.........

    ReplyDelete
    Replies
    1. කාර්යබහුල බව වැඩි අවස්ථාවක පැමිණි එක ගැනත් ඔබටත් බොහොම ස්තූතියි උදාර...

      Delete
  19. හොද ලිපියක් නම් තමයි. එත් මේ තොරතුරු කලින් විවිධ ස්ථාන වල මා දැක තිබෙනවා. කොහොම උනත් ඩාවින්චිගේ කතාව නම් අළුත්. ඒක හරි ගුප්තයි තමයි. අනෙක් දිනෙස් අයියා ඩාවින්චි ගැන සැහෙන්න උනන්දුයි නේද? ලිපි කිහිපයක්ම එයාගේ නම සඳන් උනා පහුගිය කාලේ දකින්න ලැබුණා.

    මේ දේවල් පොදු බවෙන් වියුක්ත නිසා විශේෂයි. ඒ විෂේශ සිද්ධි හුදකලා සිද්ධි ලෙසින් තැන තැන පවතිනවා. ඒවා එකට එක්කරලා ගත්තම හරි සංකිර්ණය යි. ඒ මදිවට ඒ හුදකලා සිද්ධිවල සමහර පොදු සාධක මවිත කරවන සුළුයි. කොච්චර කතා කරත් මෙච්චරයි නේ. පුදුමයි විස්මය දනවනවා කියනවා ඇරෙන්න වෙන දෙයක් නෑ.

    හැබැයි මේ ලිපිය ඉතාම වටින්නේ සත්සමුදුරේ පල වන කරුණු සැකයෙන් තොරව විස්වාස කරන්න පුළුවන් නිසා. අනෙක් ඒවා ඉදිරිපත් වන අපක්ෂපාති අකාරය නිසා. අර ක්මෙන්ට් එකක අයියා කියලා තියෙන විස්තර ටික අයියේ ලිපියකට එක්කහු කරා දාන්න. ඒවා හරි වටින තොරතුරු වෙන්න ඒනා කියලා හිතනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔව් මේ කරුණු අන්තර්ජාලයේ වගේම වෙනත් මාධ්‍ය වලත් විටින් විට දැකගන්නට ලැබෙන දේවල්. මෙම ලිපියේ විශේෂත්වය වු‍නේ එසේ තැන් තැන්වල තිබෙන කරුණු හා ‍ඇතැම් විට නොදන්නා කරුණු හැකි අයුරින් එක ස්ථානයකට ගැනීමයි.

      ඩාවින්සි ගැන අසා තිබෙන කරුණු ගැන කියනවා නම් ඔහුට අමතරව අප වඩාත් ගැඹුරින් සොයා බැලිය යුතු කතා කළ යුතු තවත් පුද්ගලයන් රැසක් සිටිනවා. හැකියාව ලැබෙන අයුරින් ඒ ගැනත් කතා කරමු. ‍ඩාවින්සි වැනි පුද්ගලයන් සමස්ථ මනුශ්‍ය ඉතිහාසය තුලම සුවිශේෂයි. එක් විශයකට පමණක් කොටු නොවීම, බොහෝ විශයන් පිළිබදව ඇති පෘථුල අත්දැකීම් හා නිපුණත්වය වගේම අන්තගාමීත්වයෙන් තොර නිදහස් මනසකින් යුතු පුද්ගලයන් වීම කෙටියෙන් දක්වනවා නම් කිව හැකියි. එවන් පුද්ගලයන් තමයි ලෝකය වර්ණවත් කරන්නේ. ඒ වගේම අමරණීය වන්නේ.

      ඔව් සමහර වෙලාවට ලිපියේදී ලියන්නට අමතක වුන කරුණු කමෙන්ටුවලට සමහර වෙලාවට ඇතුළු කරනවා. හැබැයි ඔබ කියනා විදියටම සමහර විට ඒවා වෙනත් ලිපියක් ලෙස පළ කළා නම් පහසුයි. මා කිහිපවිටක්ම එසේ කර තිබෙනවා. ඉදිරයේදී හිතුවොත් හොදයි කියලා හිතෙනවා දිග කමෙන්ටු නම් පුරුද්දක් විදියට වෙනත් ලිපියක් ලෙසම පළ කිරීමට. ස්තූතියි එම යෝජනාව කිරීම සම්බන්ධයෙනුත්...

      Delete
  20. ඔය කියන පිටසක්වලයෝ අවරුදු 500ක් විතර තිස්සේ හොයාගන්නවත් නැත්තේ එහෙත් ආර්ථිකේ හොද නැතුව ඇති බං මේ දවස් වල.

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් හොද ලිපියක් ඔය තොරතුරැ ටික අපි හෙව්වනම් අව්රුද්දක්වත් යනවා ජයවේවා!!!!!!!!!

      Delete
  21. kunuharupa blog dakala epa vela hitiye.... yanthamm athi vadagath lipi thiyana blog ekak hambuna.... degatama liyanna... api balagena innava...

    ReplyDelete
  22. ලන්කවෙත් මෙවෙනි රුප තියෙනව මන් දැකල තියෙනව බලමුද එව ගැනත් ටිකක් විපරම් කරලආ

    ReplyDelete