මේ වසර 1873 දී ඇරිසෝනාවයි. හිටි හැටියේ අවධි වන ගොපලු කොල්ලෙකු වන (කොල්ලෙක් කිව්වට කොල්ලෙක්ම නෙමෙයි) Jake Lonergan හට මතකය අහිමිව ගොස් ඇති අතර ඔහුගේ දකුණු අතේ බැද ඇති ඔරලෝසුවකට වඩා විශාල මෙවලම දකින විට තුශ්නිමිභූත වේ.
මෙම කතාව මුලින් සාමාන්‍ය ගොපළු චිත්‍රපටියක ස්වරූපය ගත්තත් ඉන්පසුව සිදුවන්නේ සාමාන්‍ය අයුරින් ගොප්ලලන් හා ගොපල්ලන් හෝ ගොපල්ලන් හා ඒ අවධියේ තවත් ප්‍රතිවාදීන් වූ රතු ඉන්දියානුවන් හා ගැටීම නොව ගොපල්ලන් හා පිටසක්වල ජීවීන් හා ගැටීමකි.
ගොපළු චිත්‍රපටියකට ආවේණික රූප රාමු සහ ඒවාට ආවේනික සංගීතයද විශිෂ්ඨ අයුරින් හසුරුවා ඇති මෙහි ප්‍රධාන නළුවා ලෙස දැන ජේම්ස් බොන්ඩ් චරිතය රඟපාන Daniel Craig පණ දෙන අතර Indiana Jones චිත්‍රපටිපෙළේ අමරණීය චරිතය රඟපෑ Harrison Ford ගේ රංගනයත් කාලයකට පසුව දැක ගත හැකිවනවා.
වැඩි විස්තර කියනවාට වඩා නරඹා ඔබටම රසවිදීමේ අවස්ථාව ලබා දෙමින් දැන් නවතිනවා.
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!
Subscribe to:
Post Comments (Atom)
නිකං ලැබුනොත් බලනවා බාගන්න තරං ඩේටා හැමි නැහැ නෙව අපිට...
ReplyDeleteඕ....
ReplyDeleteඑළ එළ. මං මේක බැලුවා.
ReplyDeleteට්‍රයි එකක් දෙන්නං බලන්න
ReplyDeleteමේක බැලුවා මචං.... මට නම් හිතෙන්නේ සාර්ථක නිර්මාණයක් නෙවෙයි කියලයි.
ReplyDeleteමේක අලුත් ෆිල්ම් එකක්ද පරණ එකක්ද?
ReplyDeleteකාලෙක ඉඳන් මගෙත් ඇහේ ඇනි ඇනි තියෙන ෆිල්ම් එකක්.....
ReplyDeleteඒත් වැඩේ කියන්නෙ විදු පබැඳුම්වලට මගේ තියෙන අල්පාශාව මාව මේ වගේ චිත්‍රපටවලින් ඈත් කරලයි තියෙන්නෙ.
මටනම් ඇල්ලුවේ නෑ
ReplyDeleteමම කැමතිම ඒලියන්, විද්‍යා ප්‍රබන්ද ෆිල්ම් වලට.මේක මම බැලුවා . සිංහල සබ් ටයිට්ල් එක්කම. අන්තිම හරියේ ටිකක් අභව්‍ය සිදුවීම් කීපයක් ඇරෙන්න මට නම් හොඳයි .
ReplyDeletemama asawen beluwa
ReplyDeleteJohn Carter බැලුවද?
ReplyDeleteI watched it. but only the beginning is interesting.
ReplyDeleteමේක මං ආස ෆිල්ම් එකක් , සංගීතය නම් උපරිමයි. මොනව උනත් මං ආසම ගොපලු චිත්‍රපටිය මේක
ReplyDeleteEkians film බලන්න මමත් පිස්සෙක්
ReplyDelete