Thursday, October 25, 2012

ඔබ තේරු හොදම OO7 ගේ වගතුග සහ නොදුටු පින්තූර රැසක්...

ඔබට මතක ඇතිනේ මීට දින කිහිපයකට පෙර පළ කරන ලද සියළු James Bond චිත්‍රපටිවල පෝස්ටර් පිළිබදව පෝස්ටුව. එහිදී ඔබ මෙන්ම මමද නම් කළ හොදම Bond නළුවා වුනේ Sean Corney බව ඉතින් රහසක් නොවේ. අද ඔබට ඔහු චිත්‍රපටිවල රඟපෑමේදී නිශ්චල සේයාරු වලට හසුකරගත් සේයාරූ රැසක් මෙන්ම ඔහු පිළිබදව විස්තර ටිකකුත් රැගෙන ඒමට අදහස් කරගෙන සිටිනවා. සරළ සහ කෙටි ක්‍රමයකට ඔහු ගැන මෙසේ සදහන් කරන්නම්.

ඉපදුනේ : 1930 අගෝස්තු 30 - ස්කොට්ලන්තයේ එඩින්බරෝ හිදී.

සම්පූර්ණ නම : Thomas Sean Connery.

ලබා ඇති ඉහලම සම්මානය : නයිට් පදවිය - 2000 වසරේ ජූලි මාසයේ මෙම තත්ත්වය ඔහු ලැබූ අතර දැන් ඔහු     හැදින්වෙන්නේ Sir Thomas Sean Connery ලෙසයි.

සිනමා ජීවිතයේදී ලද ඉහලම සම්මාන :  ඔස්කාර් සම්මානය හොදම සහය නළුවා ලෙස - The Untouchables     (1988).
British Academy of Film and Television Arts සම්මාන.

සිනමාවට පිවිසීමට පෙර නියැලි වෘත්තීන් : ශාන්ත කත්බර්ඩ්ස් සමූපකාර සමිතියේ කිරි බෙදාහරින්නෙකු ලෙස, රාජකීය නාවික හමුදාවේ නාවික භටයෙකු ලෙස සේවය කළත් සෞඛ්‍ය හේතුන්මත එයින් ඉවත් කරන ලදි. ඉන්පසුව නැවතත් සමූපකාරයේ සේවය කරන ලද අතර ඉන් අනතුරුව ලොරි රියැදුරෙකු ලෙස, ජීවිතාරක්‍ෂක භටයෙකු ලෙස, කම්කරුවෙකු ලෙස, එඩින්බරෝ කලා විද්‍යාලයේ චිත්‍ර ශිල්පීන්ට චිත්‍ර සදහා නිරූපනය සදහා පෙනී සිටීම හා තවද මිනී පෙට්ටි පොලිශ්කරන්නෙකු ලෙසද සේවය කර තිබේ.

අමතර දස්කම් : වයස අවුරුදු 18 සිට කායවර්ධන ක්‍රීඩාවේ නියැලී තිබෙන අතර 1950 Mr.Universe තරඟයේ ‍තෙවන ස්ථානයද සතු කරගෙන තිබේ.








































8 comments:

  1. editor Please read todays bbc.co.uk and look for the 007 . You will find loads of news about it

    ReplyDelete
  2. මම නම් බොන්ඩ් විදියට කැමති Pierce Brosnan ට. අපේ කතානායකය ඉන්න ෆිල්ම් එහෙම ටීවී එකේ පෙන්නුව මතකයි, අළුත් ජේම්ස් බෝන්ඩ් ෆිල්ම්ස් බලල ඒ තාක්‍ෂණය හිතේ තිබුණ නිසාද කොහෙද මට පරණ එව්ව එච්චරම දිරවන්නෙ නෑ. හැබැයි කොච්චර තාක්‍ෂණයක් පාවිච්චි කරත් දැන් ඉන්න එකා නම් තඹේකට වැඩක් නෑ. මෙයාගෙ පුතන්ඩිය නේද අර ඉස්සර රූපවාහිනියෙ ගිහිපු රොබින් හුඩ් සීසන් එකේ දෙවැනි රොබින්ට (කොණ්ඩෙ සුදු) රඟපෑවෙ. මතක හැටියට මෑන්ගෙ නම Jason Connery.

    ReplyDelete
  3. ඔහුගේ රංගන වින්‍යාසය, පුළුල් පරාසයක පැතිර තිබෙන බව පෙනෙන්නට පටන් ගත්තේ, බොන්ඩ් චරිතය හැර, ඔහු රඟපෑ අනෙකුත් චරිත වලදීද දැක්වූ කුසලතාව නිසයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  4. රඟපෑම් නං මන්දා..
    මට නං ....

    නාකි උනත් හැන්ඩ්සම් පොරක්... හි හි.. ඔන්න ඇත්තම කිව්වා....

    ReplyDelete
  5. බොහොම දුර්ලබ සේයා රු එකතුවක්.අගෙයි සහෝ...

    ReplyDelete
  6. චූටි කාලෙ ලස්සනයි

    ReplyDelete
  7. එයාගේ රගපෑම් නම් ඇත්තටම දැකලා නෑ... කොහොම වුණත් එයා ආර්ථික අතින් ගත්තම ඇති නැති සීමාවේ දෙපැත්තෙම හිටපු කෙනෙක් වගේ...

    ReplyDelete
  8. පහුගිය දවස් වල වැඩි වැඩ හින්දා මොනවත් කියන්න බැරි වුනා. ඒත් ගොඩක් දෙනෙක් මෙම පින්තූර රසවිදල තියෙන බව නම් පේනවා...

    ReplyDelete