Tuesday, October 30, 2012

පොඩි පොඩි ඉඟි...

මේ ලිපියෙන් බොහොම පොඩි ඉඟි කිහිපයක් ලබා දෙන්නයි යන්නේ. ඔබට මතකද දැනට මාසෙකට විතර ඉස්සර මෙන්න මේ ලිපිය පළ වුනා.

WINDOWS update 80072EFE error

මෙන්න මේ Error එක fix කර ගන්න පුළුවන් මෙන්න මේ අඩවියේ තියෙන http://windows.microsoft.com/en-US/windows7/Windows-Update-error-80072ee2 "Fix it" කියන Tool එක භාගෙන භාවිතා කිරීමෙන්.

ඒවගේම තව ප්‍රයෝජනවත් විය හැකි ඉඟියක් කියන්නම්. ඔබ දන්නවද සෑම පරිගණකයම Windows හරහා ලැ‍‍බෙන Notepad වලින් විවෘත කර ගත හැකි file එකක් සරළ දිනපොතක් ලෙස භාවිතා කිරීමට සකස් කර ගත හැකි බව. මෙන්න මෙයයි කළ යුත්තේ ඔබ මුලින්ම Notepad file එකක් Open කර ගෙන එහි ඉහලින්ම .LOG ලෙස type කර ඔබ කැමති ඕනෑම නමකින් save කර close කර නැවත එම file එක open කිරීමයි. එවිට ඔබට එම අවස්ථාවේ වෙලාව මෙන්ම දිනය දැක ගැනීමට හැකියාව ලැබේවි. 

ඔබ සෑම අවස්ථාවකම මෙම file එක විවෘත කරන අවස්ථාවකම මෙසේ වෙලාව සහ දිනය ලැබී තිබේවි.

ඔබට පහසු මෙන්ම ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුතු web editor  ක් නොමිලේම අවශ්‍යද? මෙන්න මේ අඩවියේ http://scriptly.webocton.de/index.php?cid=9&sid=34 කුඩා එහෙත් පහසු web editor  ක් ලබා ගැනීමට ඔබට හැකියි. ඔබගේ පරිගණකයටම install කර ගැනීමට අවශ්‍ය setup file එක වගේම Portable  ලෙස තබා ගැනීමට අවශ්‍ය file එකත් මෙහි තිබෙනවා.

ඔබට Google search වලට වැදගත් වන යෙදුම් කිහිපයක් කියන්නම්. සිතන්න ඔබට යම් වචනයක හෝ යම් දෙයක් ‍අර්ථය එය ශබ්ද කරන ආකාරය එකහෙලාම දැනගන්නට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ Google වලදී define කියන වදන සමග ඔබට අවශ්‍ය වදන ටයිප් කිරීමයි. ඒ කියන්නේ මෙලෙසයි define Ex : define communication.

ඔබට ලංකාවේ තිබෙන ආයතනයක් පිළිබදව හෝ වෙනයම් ස්ථානයක් පිළිබදව ලේසියෙන්ම සොයා ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ https://local.google.com/ වෙත පිවිස Current location ලෙස Sri Lanka තේරීමයි. වෙන රටක මෙම සෙවීම කළ යුතු වන්නේ නම් එම රට මෙහිදී සටහන් කර අදාල සෙවීම කරන්න එවිට ඔබට ලේසියෙන් අදාල ස්ථාන‍ය පිහිටා ඇත්තේ කොහිද? එහි ලිපිනය යනාදිය දැන ගැනීමට පුළුවන.

ඔබට කිසියම් මාතෘකාවට අදාලව pdf ගොනු පමණක් Google ඔස්සේ ලබා ගැනීමට අවශද? කළ යුත්තේ මෙයයි.
Google හිදී "" filetype:pdf ආකෘතියට සෙවීම කිරීමයි. උදාහරණයක් ලෙස ඔබට HTML 5 පිළිබදව සෙවීමක් කර එහි කරුණු සියල්ල pdf ලෙස තිබෙන ඒවා පමණක් අවශ්‍ය නම් කළ යුත්තේ "HTML 5" filetype:pdf ලෙස සෙවීම කිරීමයි. ඔබට සාමාන්‍යයෙන් pdf ගොනු සොයනවාට වඩා හොදින් මෙහිදී ප්‍රතිඵලය ‍ලැබෙනු ඇත.

සමහර විට ඔබ දැනටමත් Google හරහා එක් භාෂාවකින් තිබෙනා ඡේදයක් වෙනත් භාෂාවකට පරිවර්ථනය කර ගැනීමට Google Translate භාවිතා කර ඇති. භාවිතා කර නැත්නම් මෙන්න එහි ලිපිනය - http://translate.google.com/

ඔබ කිසියම් වෙබ් පිටුවක සිටිනා විට වෙනත් වෙබ් අඩවියකට යන්න වූවා යයි සිතන්න. එවිට ඔබ කරන්නේ mouse භාවිතා කර address bar එක වෙතට ගොස් දැනට තිබෙනා web address එක select කර මකා හෝ එය මත නව ලිපිනය ටයිප් කිරීම වන්නට පුළුවන්. එතරම් දිග පියවර අවශ්‍ය වන්නේ නැහැ ඔබ Ctrl සමග L භාවිතා කරා නම්.

ඔබට යම් ගණිතමය ගැටළුවක්, උදාහරණයක් ලෙස කිසියම් සංඛ්‍යා කිහිපයක් එකතු කරගන්නට, වැඩි කරගන්න හෝ වෙනයම් දෙයකට calculator භාවිතා කරනවා ඇති නේද? Windows වල ඇති calculator හෝ වෙනත් calculator එකක් නැතුවම Google මගින්ම එය කර ගැනීමට ඔබ නිකමට Google search වල සුළු එකතු කිරීමක් වැනි දෙයක් කරන්න. එවිට එහි විසදුම මෙන්ම තවත් ගණනය කරගැනීමට අවශ්‍ය calculator එකක් එහි දිස්වේවි.
Below you can find few math syntax Google can recognize.
  • + for addition
  • - for subtraction
  • * for multiplication
  • / for division
  • ^ for exponential (x to the power of y)
  • % for modulo (to find the remainder after division)
  • choose X choose Y fines the number of possible subset groups of Y out of the set of X.
  • th root of creates the nth root of a number
  • % of finds percentages X % of Y finds X percent of Y.
  • sqrt finds the square root of the number that follows
  • ln logarithm base e
  • log logarithm base 10
  • lg logarithm base 2
  • ! factorial – This must follow the number you wish to factor.
ඔබට කොතැනක හෝ සිතියම නම් බලන්නට ඕනෑ කරන්නට තිබෙන්නේ උදාහරණයක් ලෙස ගම්පහ නගර‍යේ නම් Gampaha,sri lanka map ලෙස Google වල යෙදීමයි.
මීට අමතරව තවත් අපි නොදන්නා google රහස් රැසක් මෙන්න මේ අඩවියේ තිබෙනවා - http://www.portent.com/blog/random/best-google-tricks-easter-eggs-april-fools-jokes-and-pranks.htm
දැනට මේ ඇති. පස්සේ දවසක තවත් මේ වගේ කෙටි ඉඟි කිහිපයක් ගැන බලමු...

8 comments:

  1. බොහොම වැදගත් වෙන දේවල් ගොඩක් තිබුනා... අර වෙබ් මෘදුකාංගේ මාත් බාගත්තා... පාවිච්චි කරලම හොද නරක කියන්නම්කෝ... ජය වේවා එහෙනම්...

    ReplyDelete
  2. දැනුම බෙදන ඔබට දැනුම වැඩි වැඩියෙන් ලැබෙන්නම ඕනැ
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ඔබ‍ගේ ප්‍රාර්ථනයට අනේක වාරයක් ස්තූතියි. දැනුම කියන්නෙත් පිරුණ ජලාශයක් වැනියි. ‍එම ජලාශයේ ජලය බෙදා නොදුන්නොත් වෙන්නේ ජලය එකතැන පල්වීම හා අළුතෙන් ජලය එකතුවීමට ඉඩක් නොලැබී යාමයි. ඇත්තෙන්ම දැනුම අනුන්ටත් බෙදන විට තමන්ගේ දැනුම අළුත්වීම වගේම එකතැන පල්වන යල්පැන ගිය දැනුස අළුත්වීමත් සිදුවෙනවා. මේක මම අත්දැකීමෙන්ම දන්නා දෙයක්...

      Delete
  3. ගොඩක් හොඳ තොරතුරු ටිකක්... ස්තූතියි.

    ReplyDelete
  4. පොඩි වුණාට මෙව්ව නම් රත්තරන්......
    බොහොම ස්තූතියි දිනේෂ්.

    ReplyDelete
  5. වැදගත් තොරතුරු රැසක්
    බොහොම ස්තුතියි

    ReplyDelete
  6. එහෙනම් හැමෝම අවශ්‍ය වූ විටක මෙයින් ප්‍රයෝජනයක් ගන්න...

    ReplyDelete
  7. වටිනා ලිපියක්....ස්තුතියි..

    ReplyDelete