Tuesday, October 2, 2012

හිනිපෙත්තටම ගිය ඉන්දියානු මුස්ලිම් ජාතිකයන්...

ඉන්දියාව, ලෝකයේ දෙවන ස්ථානයට වැඩිම ජනගහනයක් ඇති මෙන්ම ලෝකයේ වැඩිම විවිදත්වයක් තිබෙන මහා දේශයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. සමස්ථ දකුණු ආසියාවේ හැඩගැසීමට ඉන්දියාවෙන් ලද ආභාෂය, බලපෑම, උදව් උපකාර යනාදිය අප්‍රමාණයි. ‍ලෝකයේ සිව්වැනියට විශාලතම හමුදාවටද උරුම කියන ඉන්දියාව දැන් තරමක් භූමි ප්‍රමාණය අඩුව තිබුනත් අතීතයේ පකිස්ථානය, බංගලිදේශය වැනි රටවල් පවා ඉන්දියාවේ භූමිභාගයේම කොටස් ලෙස පැවතුන  බවත් කිවයුතුයි.

අපගේ ලඟම අසල්වැසියා සේම, ලඟම මිතුරා ‍සේම අපේ රටේ සංස්කෘතිය, ජාතිය, ආගම, දේශපාලනය, සාමාජීය වටිනාකම් යනාදිය ගොඩනගා ගැනීමට ඉන්දියාව තරම් බලපෑ වෙනත් රටක් ලෝ‍කයේ කිසිදු තැනක නැති බව බය නැතිව කිව හැකියි. අපේ ර‍ටට කරදරයක් වූ විට කිහිප විටකම පළමුවෙන්ම ඉදිරිපත්වූ රට ලෙසද ඉන්දියාවට හිමි වන්නේ අද්විතීය ස්ථානයක් දැන් තරමක් සබදතා පළුදු වී හා 80 දශකයේ මුල් භාගයේ බෙදුම්වාදීන්ට ලබා දුන් සහය නිසා පළුදු වී තිබුනත් බෙදුම්වාදීන්ට මුළුමනින්ම සිය අභිමතාර්ථයන් කරා ලගා වීමට ‍නොහැකිවූයේද ඉන්දියාව අප වෙනුවෙන් පෙනී සිටි බවත් අමතක කළ නොහැකියි.

වැඩිමහළු සහෝදරයකුසේ ඇතැම් විට තරමක් "තරවටු" කරන්නටද පසුබට නොවූ ඉන්දියාව අවස්ථා දෙකකදී තමන්ගේ භාරත පුත්‍රයන් දෙදෙනෙකුගේ ජිවිතයට දැනෙන්නට අපේ රටේදී සිදුවුන සිදුවීම් දෙකකදී ක්‍රියාකළ ආකාරයත් ඉතා පරිණත හා ප්‍රශංසනීය බව විශේෂයෙන්ම මතක් කළ යුතුයි. 1987 දී අත්සන් කරනා ලද ඉන්දු-ලංකා සාම ගිවිසුම අවස්ථාවේ එවකට ඉන්දියානු අගමැති රාජිව් ගාන්ධි මහතාට පහර දීමත්,  දැනට වසර කිහිපයකට පෙර ඉන්දියානු සුපිරි නළු සහ ඉතා හොද මනුශ්‍යයකු වන ශාරුක් ඛාන් රංගන ශිල්පියාගේ ප්‍රසංගයකට අන්තවාදී ආගම්වාදීන් පිරිසක් විසින්  එල්ල කළ බෝම්බ ප්‍රහාර වලින් පසුව එම ඉලක්ක ගතවූ මිනිසුන් දෙදෙනා මෙන්ම ඉන්දියානු රජය ක්‍රියාකළ ආකාරය නැවතත් ප්‍රශංසාත්මකව මතක් කළ යුතුමය.

විවිද ජනවර්ග වලින්, ආගම් වලින් සමන්විත වූවත් ඉන්දියාවේ ආධිපත්‍ය හා බහුතර ජනසංඛ්‍යාවක් සමන්විත වන්නේ හින්දුන් ගෙනි. එය ප්‍රතිශතයක් ලෙස සමස්ථ ජනතාවගෙන් 80.5% කි. 1947 දී ඉන්දියාව සහ පකිස්ථානය ලෙස දෙකට බෙදී ගියත් ඉන්දියාව තුලද සමස්ථ ලෝක මුස්ලිම් ජනගහනයෙන් 10.9% ක ප්‍රමාණයක් ජීවත්වන අතර මුස්ලිම් නොවන රටවල ජීවත්වන මුස්ලිම් ජනතාව තෙවන ස්ථානයට වැඩියෙන්ම ජීවත්වන රටද ඉන්දියාවයි. එසේම ඉන්දියානු ජනගහනයෙන් 13.4%-14% අතර ප්‍රමාණයක් මුස්ලිම් ජනතාව බවද පැවසේ.

දැවැන්ත හින්දු ජනගහනයක් සිටියද මුස්ලිම් ජාතිකයන් අතරින්ද ඉන්දියාවේ නම රැන්දීමට සමත් කම් දැක්වූ මිනිසුන් රැසක්ද සිටිබව සහ තවමත් සිටිනා බව පැවසිය යුතුය. දේශපාලනය, කලාව, ව්‍යාපාරික ක්‍ෂෙත්‍රය මෙන්ම තවත් ක්‍ෂෙත්‍ර ගණනාවක තම නම මෙන්ම දක්‍ෂතාවයද පෙන්වූ මුස්ලිම් ජාතික භාරත පුත්‍රයන් රැසක් භාරත මාතාවට හිමි බව ඇයට ආඩම්බරයෙන් ආවර්ජනය කළ හැකිවේ. ඒ අතරන් අප දන්නා කියන කිහිප දෙනෙකු පිළිබදව සුළුවෙන් කතා කරමු.

Dr. Avul Pakir Jainulabdeen Abdul Kalam හෙවත් ඔබ අප දන්නා ආචාර්ය අබ්දුල් කලාම් මහතා භාරත පුත්‍රයකුට යා හැකි ඉහළම තැනට ගිය පුද්ගලයා ලෙස පැවසුවත් වරදක් නැහැ.

වරක් ලෝකයම හෙල්ලුම් කෑ ඉන්දියානු න්‍යෂ්ඨික ව්‍යාපාරයේ ප්‍රධාතම විද්‍යාඥයා සහ ඉන්දියානු න්‍යෂ්ඨික විද්‍යා‍වේ පියා ලෙසද විරුදාවලිය ලත් මෙම විද්වත් මිනිසා එරට ආරක්‍ෂක පර්යේෂන ආයතන‍යේ මෙන්ම ඉන්දියානු අභ්‍යවකාශ ව්‍යාපාරයේද ප්‍රධානතම කාර්යභාරයක් කළ පුද්ගලයෙක්. මෙවන් මහඟු කාර්යභාරයකින් අනතුරුව ඔහුට ලැබුනේ සමස්ථ භාරතයේ ගෞරවනීයතම තනතුරයි. ඒ ඉන්දියානු ජනාධිපති ධූරයයි. එරට 11 වන ජනාධිපතිවරයා ලෙස 2002 සිට 2007 දක්වා සේවය කළ මෙම සරළ මිනිසාට හින්දු- මුස්ලිම් ජාතිවා‍දයේ ගිනිපුපුරු සැගව සිට හිටි හැටියේම ලැව්ගින්නක් මෙන් ඇවිලෙන ඉන්දියා නම් දැවැන්ත රාජ්‍යයේ සුක්කානම අතට ගැනීමට බාධාවක් නොවීය. ඉන්දියානු රජය විසින් ලබා දෙන ඉහළම ගෞරවනීය සම්මානය වන භාරත් රත්න සම්මානයද හිමිකරගැනීමට 1997 දී කලාම් මහතා සමත්විය.
http://en.wikipedia.org/wiki/A._P._J._Abdul_Kalam
(ඉන්දියාවේ පළමුවෙන්ම ගෞරවනීය සම්මානය භාරත් රත්න වන අතර දෙවන ස්ථානය පද්ම විභූෂන් වේ. පද්ම භූෂන් සම්මානය පසු සිව්වැනිස්ථානයට ලැබෙන ගෞරවනීය සම්මානය වන්නේ පද්ම ශ්‍රී සම්මානයයි.)
http://en.wikipedia.org/wiki/Bharat_Ratna
http://en.wikipedia.org/wiki/Padma_Vibhushan
http://en.wikipedia.org/wiki/Padma_Bhushan
http://en.wikipedia.org/wiki/Padma_Shri


වසර 55 ක් වැනි කෙටි ජීවිත කාලයකට උරුම කිවුවද ඉන්දියානු සිනමාව තුළ පසුබිම් සංගීතයේ Mohammad Rafi යනු ලංකාවේ එච්.ආර්.ජෝතිපාල ගායන ශිල්පියා අත්පත් කරගත් ස්ථානය ඉන්දියාවේදී අත්පත් කරගෙන සිටි ගායන ශිල්පියා ලෙස පැවසුවත් වරදක් නැහැ.

Mohammad Rafi අපේ කාලයේ ගායකයෙකු නොවූවත් ඔහු සිය හඩ ලබා දුන් ගීත සදා වින්දනාත්මක බවෙන් යුතු බවත් කිව යුතුමයි. එසේම සිය සිනමා පසුබිම් ගායනය වෙනුවෙන් 6 වරක්ම Filmfare සම්මානය ලැබීමටද වාසනාවන්ත විය.
http://en.wikipedia.org/wiki/Mohammed_Rafi

Muhammed Yusuf Khan මේ නම ඔබට නුහුරු වූවත් ඔබ දන්නා මධුමතී චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑ Dilip Kumar කියන නම නම් ඔබට නුහුරුවෙන්න විදියක් නැහැ. සිනමාවේදී Dilip Kumar ලෙස හැදින්වූවත් ඔහු උපතින් මුස්ලිම් ජාතිකයෙක්. ඉපදී තිබෙන්නේ දැන් පකිස්ථානයට අයත්වූවත් ඒ අවධියේ බ්‍රිතාන්‍යට අයත් ඉන්දියා‍වේ නගරයක් වන පේෂාවර් හිදීයි.

දශක 6 ක් පුරා සිය දායකත්වය ඉන්දියානු සිනමාවට ලබා දුන් සහ 1954 සිට අටවරක් Filmfare සම්මානය හොදම නළුවා ලෙස ඉන්දියානු සිනමාව වෙනුවෙන් ලබා ගත් මෙම රංගන ශිල්පියාගේ වාර්තාව සම කළ හැකිවූයේ තවත් Khan කෙනෙකුට පමණයි. ඒ මෙම ලිපියේ පසුව කතා කරන "King Khan" වන ශාරුක් ඛාන් හට පමණකි. එසේම ඉන්දියානු රජය විසින් සිවිල් වැසියකුට ලබා දෙන තෙවන ස්ථානය දරන ගෞරවනීයම සම්මානය වන "පද්ම භූෂන්" සම්මානයද හිමිකර ගැනීමට තරම් මෙම වියපත් සිනමා ශිල්පියා සමත් වූ බවද පවසමි.
http://en.wikipedia.org/wiki/Dilip_Kumar

"King Khan" හෙවත් ශාරුක් ඛාන් ගැන කතා නොකර මෙම ලිපියේ ඉදිරියට යෑම දැන්නම් කළ නොහැකියි.  ඉන්දියානු හින්දි සිනමාවේ නළුවන් අතර වසර ගණනාවක් පුරාම පළමු වැනි ස්ථානයේ වැජබෙන මෙම ප්‍රසන්න මිනිසා ආර්ථික විද්‍යාව පිළිබදව උපාධිදාරියෙකුද වනවා. ඉන්දියානු රජය විසින් පිරිනැමූ "පද්ම ශ්‍රී" සම්මානයේද හිමිකරුවෙකු ‍වන මෙම කලා ශිල්පියේ ඉන්දියාවෙන් බැහැරවද ලෝකයේ ලොකුම සිනමා තරුවක් ලෙස වර්ණ ගැන්වීමට සාමාර්ථයක් දැක්වූවෙක්.


ලංකාවේ පැවති ඔහුගේ සංදර්ශනයකදී ලංකාවට තවත් කළු පැල්ලමක් අවාසනාවන්ත ආකාරයට එක්කරමින් බෝම්බ ප්‍රහාරයට ලක්වූවත් හොද මිනිසුන් සමග දෙවියන්ද සිටිනා බව පසක් කරමින් ඔහුගේ ජීවිතයට කිසිදු අනතුරක් සිදුනොවූවත්, ඒ වෙනුවෙන් කොමිෂන් පිහිටුවා බෝම්බ ගැසූ අය සෙවීමට හෝ ඉන්දියානු රජය මෙහෙයවා ලංකාවට එරෙහිව ක්‍රියා කිරීමට කිසිදු අවස්ථාවක උත්සහ නොදැරූ මෙම මිනිසා එය ඉතා සැහැල්ලුවෙන් අමතක කිරීම සමාව දීම දේව ගතියක් බව ආදර්ශවත් ලෙස පෙන්වීමටද හැකියාව තිබූ බව අවිවාදයෙන්ම කිව යුතුය. එසේම ඉතාම මැතකදී ඇමරිකාවේ විශිෂ්ඨතම විශ්ව විද්‍යාලයක් වන හාවඩ් විශ්වවිද්‍යාලයේ ආරාධනයෙනම් එහි දේශනකට ඇමරිකාවට පා තැබූ අවස්ථාවේ පැයකට වැඩි කාලයක් ප්‍රශ්න කිරීමට ලක්වීමෙන් පසුව පවා සැහැල්ලු ලෙස එය ඉවසිලිවන්ත ලෙස විදදරා ගැනීම කෙසේ විස්තර කරන්නැදැයි නොදනිමි. ශාරුක් ඛාන් කලා කටයුතු අමතරව යුනිසෙෆ් වැනි ආයතන වෙනුවෙන් සමාජ සේවයේ නිරත වන බවත් සදහන් කළ යුතුය.
http://en.wikipedia.org/wiki/Shahrukh_Khan

Abdul Rashid Salim Salman Khan මේනම කී විට එතරම් මුලින් අවබෝද නොවූවත් නමේ අග දුටුවිට නම් මේ කියන්නේ කවුරුන්දැයි නොදන්නා අය අඩු බව රහසක් නොවේ. Salman Khan, ඉන්දියානු සිනමාවේ පමණක් නොවේ ලෝකයේ කඩවසම්ම පිරිමි අතර මුල් තැනකම සිටින නළුවෙක. දේශීය මෙන්ම විදේශීයවද ඒ බව කිහිප වරක්ම ඔප්පු වූ අතර පෞද්ගලික ජීවිතයේ අඩදබර කරගන්නා සහ යම් යම් නීතිමය ගැටළු වලටද මුහුණ දුන්නත් හොද හදවතක් ඇති මිනිසෙකු ලෙස ඔහු ගැනද කියවෙනවා.

එසේම දැන් ඔහු සිය ජීවිතයේ 4 වන දශකය පසුකරමින් සිටියත් නාඹර තරුණයන්ට පවා මෙම පුද්ගලයා අභිබවා යෑම ඉතාම අසිරුබවයි තවමත් ඔහුට ඇති ජනප්‍රියත්වයෙන් පෙනෙන්නේ. බැල්මකින් පවා බවලතුන් වසඟයට ගත හැකි අතලොස්සක් වූ පිරිස අතර Salman හට ලැබෙන්නේ මුල්ම ස්ථානයකි.
http://en.wikipedia.org/wiki/Salman_Khan

ඛාන් නම ඇති අය ගැන කතාකරන්න පටන් ගත්ත එකේ ඒ අය ගැනම කතාකරල අනිත් අය ගැන කතා කරන එක හොදයි කියල හිතුන නිසා ඉන්දියානු සිනමාවේ තවත් නම රැන්දූ ඛාන් කෙනෙකු ලෙස අමීර් ඛාන් නමත් සදහන් කළ හැකිය.

අති දක්‍ෂ රංගන ශිල්පියෙකු සේම සම්භාව්‍ය ගණයේ ලා සැලකිය හැකි සිනමා නිර්මාණ කිහිපයකම අධ්‍යක්‍ෂක වරයා වන ඔහුට ඉන්දියානු රජය විසින්  2003 දී පද්ම ශ්‍රී සම්මානය සහ 2010 දී පද්ම භූෂන් සම්මානයත් ලබාදීමට කෘත්‍යවූවා. ඔහුද රාජ්‍ය හා යුනිසෙෆ් වැනි රාජ්‍ය නොවන ආයතන කිහිපයක් වෙනුවෙන්ම සමාජ සත්කාරයෙත් නියැලෙන බව පැවසිය යුතුයි.
http://en.wikipedia.org/wiki/Aamir_Khan

ඉන්දියාවේ සිටින තවත් අපි දන්නා ඛාන් කෙනෙක් තමයි සයිෆ් අලි ඛාන්. තම ප්‍රථම සිනමා ප්‍රවේශය සාර්ථක නොවූවත් ටික කළෙකට පසුව දෙවන සිනමා ආගමනය සාර්ථකත්වයට ලඟකර ගැනීමට මෙම ඛාන් සමත්වූවා. ඔහුගේ මව සහ පියාද කීර්තිමත් ඉන්දියානුවන් බව පැවසිය යුතුයි.

සයිෆ්ගේ පියා Mansoor Ali Khan, ඔහු 1962 දී ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද දැරූ අතර එයින් ලද සාර්ථකත්වයටත් වඩා ඔහු ගැන කියවෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී පිහිට වූ පරිපාලන ව්‍යුවහකට අනුව 1952 සිට 1971 වනතෙක් පතාවුදි පළාතේ 9 වන පාලකයාද වනවා. කෙසේවෙතත් 1971 දී ඉන්දියානු රජය කරනා ලද සංශෝදනයකින් ඉන්දියාවේ එතෙක් ක්‍රියාත්මකව පැවති එම ප්‍රාදේශීය පාලන ක්‍රමය අහෝසි වන බවත් සදහන්ය. සයිෆ් අලි ඛාන්ගේ මවත් ඉන්දියානු සිනමාවේ නමක් රැන්දූ නිළියක වන ශර්මිලා තාගෝර් හෙවත් අපට හුරුපුරුදු ආරාධනා චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපෙවූ රංගනවේදිනය වනවා පමණක් නොව ශ්‍රේෂ්ඨතම භාරත පුත්‍රයකු ලෙස සැලකෙන රවින්‍ද්‍රනාත් තාගෝර්තුමාට ඥාතීත්වය ඇති මිනිපිරියකද වනවා.
http://en.wikipedia.org/wiki/Saif_Ali_Khan
http://en.wikipedia.org/wiki/Mansoor_Ali_Khan_Pataudi
http://en.wikipedia.org/wiki/Sharmila_Tagore 
http://en.wikipedia.org/wiki/Rabindranath_Tagore
http://en.wikipedia.org/wiki/Nawab_of_Pataudi

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩා‍වේද නමක් තැබූ ඛාන් කෙනෙකු තවමත් ක්‍රීඩා කරන බවත් කිවයුතුයි. ඔහු තමයි වරක් ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් නායක මහේන්‍ද්‍ර සිං දෝනි විසින් පැවසූ පරිදි ඉන්දියානු පන්දුයවන්නන්ගේ බලඇණියේ "සචින් තෙන්දුල්කාර්" හෙවත් Zaheer Khan. මෙම ඉන්දියානු පන්දු යවන්නා හමුවේ "ඇඹරුනේ" නැති පිතිකරුවෙකු ලොව නොමැති තරම්.

http://en.wikipedia.org/wiki/Zaheer_Khan

ඛාන් කෙනෙකු නොවූවත් කලෙක ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ සුක්කානම භාරව සිට සහ එවකට ලෝකයේ දක්‍ෂතම පිතිකරුවෙකු, පන්දු යවන්නෙකු වූ මොහොමඩ් අසාරුදීන් ගැනත් කතා නොකළොත් අඩුවක් වේවි.

පසුකලෙක අවාසනාවන්ත ලෙස අපකීර්තිමත් ලෙස ක්‍රීඩාවෙන් සමුගන්නට සිදුවුනත් අසාරුදීන් ගෙන් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට වූ සේවය නම් අමතක කළ නොහැකි වේවි.
http://en.wikipedia.org/wiki/Mohammad_Azharuddin

හින්දි සිනමාවට ශාරුක් ඛාන්ගේ ආධිපත්‍ය කෙසේද යත් ඒ ස්ථානය දමිළ සිනමාව තුල හිමි කරගෙන සිටින්නේ ප්‍රවීන රංගන ශිල්පී කමල් හසන් විය යුතුයයි සිතමි. දමිළ බසින් කළ නිර්මාණ වලට අමතරව හින්දි හා ඉන්දියාවේ තවත් භාෂා කිහිපයකින්ම නිපැයවූ සිනමා නිර්මාණ වලට දායක වී ඇති මොහු ලබා ඇති සම්මාන ප්‍රමාණයද අතිවිශාලයි. රංගනයට අමතරව සාර්ථක සිනමා නිර්මාණ කිහිපයකම අධ්‍යක‍්‍ෂක වරයා ලෙස කටයුතු කර ඇති කමල් හසන් රඟපෑ සිනමා නිර්මාණ අතරින් නායකන්, හින්දුස්ථානි (ඉන්දියන්), චාචි වැනි සිනමා නිර්මාණ විශ්වීය වශයෙන් රසවිදිය හැකි සිනමා නිර්මාණ බව කිව යුතුය.
http://en.wikipedia.org/wiki/Kamal_Haasan
http://www.imdb.com/name/nm0352032/

මුස්ලිම් සම්භව්‍ය ඇති නිළියන් කිහිප දෙනෙකු පවා ඉන්දියානු සිනමාව තුල නමක් රන්දා ගැනුමට සමත් වූහ. ඒඅතරින් Filmfare වැනි සම්මාන මෙන්ම 1972 දී පද්ම ශ්‍රී සම්මානයත්, 2011 දී පද්ම භූෂන් සම්මානයත් හිමිකරගත් 50-60-70 සහ මෙම දශක වල පවා සිනමාවේ තම ප්‍රතිභාපූර්ණ කුශලතාවයන් විදහා දැක්වූ Waheeda Rehman නම සදහන් කළ යුතුම වේ.
http://en.wikipedia.org/wiki/Waheeda_Rehman

තවද 60-70 දශක වල රඟපෑ Saira Banu

සහ ඉන්දියානු රූපසුන්දරියක සහ 70-80 දශක වල සිනමාව ලස්සන කළ සීනාත් අම්මාන්ද සුවිශේෂය.

සයිරා බානු , දිලීප් කුමාර් රංගන ශිල්පියාගේ බිරිදද වන අතර සීනාත් අම්මාන් රඟපෑ සත්‍යයම් ශිවම් සුන්දරම් වැනි චිත්‍රපටි කැපී පෙනෙන ස්ථාන හිමිකර ගත් ඒවා විය.
http://en.wikipedia.org/wiki/Saira_Banu
http://en.wikipedia.org/wiki/Zeenat_Aman

මෑත භාගයේ ඉන්දියානු සිනමා සංගීතය පමණක් නොව අන්තර්ජාතිකව පිළිගැනෙන ඔස්කාර් සම්මානය පවා ජයගත් Allah Rakha Rahman හෙවත්  A.R. Rahman ගැනත් සදහන් නොකළොත් අඩුපාඩුවක් වේවි. උපතින් මුස්ලිම් නොවූවත් සිය තරුණ වියේදී මුස්ලිම් බවට පත්වූ ඔහු මුලින් හින්දු ජාතිකයෙක්. මුල් නම A.S. Dileep Kumar නම් වූ ඔහු පසුව Allah Rakha Rahman බවට පත්වේ. ජාතිය, ආගම කුමක් වූවත් ඉන්දියානුවකු ලෙස ඔහුගෙන් වූ සේවය ඉතා විශිෂ්ඨ වූ අතර සුප්‍රකට ටයිම් සඟරාව 2009 දී පළ කළ වාර්තාවකට අනුව ලෝකයේ මිනිසුන්ට බලපෑම් කළ හැකි මිනිසුන් අතරටද රහුමාන්ගේ නමත් කියවින.

http://en.wikipedia.org/wiki/A._R._Rahman
http://www.imdb.com/name/nm0006246/

මෙලෙස තම ආගම ජාතිය කුමක් වූවත් ඉන්දියානුවෙකු ලෙස ලෝකය පුරා නමක් රැන්දූ තවත් පුද්ගලයන් රැසක් සිටින අතර ඔවුන් සියල්ලන් ගැනම පවසන්නට ගියහොත් මෙම ලිපිය කවදා ඉවරයක් කරන්නට හැකිවේදෝයි නොදනිමි. ඒ නිසා දැන් මෙම ලිපිය අවසන් කරන අතර තම රටට සේවය කිරීමට තම ජාතිය ආගම පැහැය කුලය බාධාවක් නොවන බව මෙයම හොද උදාහරණයක් නොවේද?

මූලාශ්‍ර -
http://indiandefenceboard.com/threads/what-is-the-real-percentage-of-muslims-in-india.513/
http://en.wikipedia.org/wiki/India
http://en.wikipedia.org/wiki/Hinduism_in_India
http://en.wikipedia.org/wiki/List_of_countries_by_Muslim_population
http://www.aicmeu.org/Muslim_Population_Distribution_in_India.htm

43 comments:

  1. ඉතාම වැදගත් කරුණු රැසක් තියෙනවා... මම උදේ හවස ඉන්නේ මුස්ලිම් ජනයා එක්ක නිසා ඒ අයගේ චර්යා රටාවන් හොඳ නරක ගැන හොඳ අවබෝධයක් තියෙනවා... ඇත්තටම මම නම් මිනිස්සු මුස්ලිම් සිංහල දෙමළ කියලා වෙන් කරන එකට කැමති නෑ... හැමෝටම එක වගේ තමා සලකන්නේ... ඒ වගේම ජීවත් වෙන්නෙත් විශේෂ ආගමක් හෝ ජාතියක් නැති කෙනෙක් විදිහට...කාලයක ඉඳන්ම ඒ මගේ හැටි... පෝස්ට් එකේ තියෙන කරුණු ගොඩක් ඒවා දැනගත්තේ අද... හරිම වැදගත්...දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මම මීට කලින් ලියපූ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කළ යුතුද කියන ලිපියේ මේ අදහසට හරියන පිළිතුර දී තිබෙන නිසා නැවත ලියන්න යන්නේ නැහැ...

      Delete
  2. ඌහ්.... ඉස්සර මගේ පණ කිං කාන්... එයා අඬනකොට මාත් අඬනවා... හි හි... (තාමත් ඉතිං ඒ ෆිල්ම් වලට ඇඬෙනවා...හි හි) දැන් නං සිගරට් බීලා බීලා දත් ටිකේ හැටි දැකලම එපා වෙලා... හි හි...

    /////රටට සේවය කිරීමට තම ජාතිය ආගම පැහැය කුලය බාධාවක් නොවන ////

    ඉන්දියානුවන්ගේ මා දකින ලොකුම හොඳේ මේක තමයි.... මුස්ලිම් හින්දු අය කොච්චර රට ඇතුලේ මරා ගත්තත් ක්‍රිකට් සහ සිනමාවට ඒවා අදාල නෑ... මේ ඊයේ පෙරේදා දිලීප ජයකොඩි පරිවර්තනය කරපු චේතන් භගත්ගේ “තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං“ පොත කියෝනකොටත් මට ඕක හිතුනා...

    ReplyDelete
    Replies
    1. ශාරුක් ඛාන්ගේ සෑම චිත්‍රපටියක්ම මට අල්ලන්නේ නැති වුනත් අඩුම තරමින් එක් ජවනිකාවක් හෝ බලන්නේ මේ ප්‍රසන්න මිනිසා දෙස බැලීමත් සතුටට පත් කරන නිසා. කොහොමත් හොද මිනිසුන් කවර ජාතියකට ආගමකට කවර රටක සිටියත් මා නම් දකින්නේ ඔහු යහපත් මිනිසෙකු ලෙස පමණයි. අනිත් කිසිවක් ඔළුවට එන්නේ නැහැ...

      Delete
  3. ජාති ආගම් කුලමලවලින් හමේ පාටින් මිනිස්සු බෙදිල වෙන්වෙල ඉන්නවට මගෙත් කැමැත්තක් නෑ. ලෝකයෙ තිබුණු තිබෙන බරපතල අර්බුධ හැම එකකටම වගේ මූලික වෙන්නෙ ඔය කියන බෙදීම් ම තමා.
    මුස්ලිම් කිව්වම ඉතිං අපි හැමෝටම සාමාන්‍යයෙන් නිරායාමයෙන්ම එක්වරම මතකෙට එන්නෙ මැදපෙරදිග රටවල්, දරුණු ෂාරියා නීතිය වගේ දේවල්. ටිකක් රළු ඇවතුම් පැවතුම් තිබෙව ජනකොට්ඨාස. ඒත් ඔබ සඳහන් කරල තියෙන ඉන්දීය මුසලිම් ජාතිකයින් අපේ රටේ කොච්චර ජනප්‍රියද, එයාලට කැමති කොයිතරමක් නම් මිනිස්සු මේ රටේ ඉන්නවද? විශේෂයෙන්ම සංගීතය කියන විශ්ව භාෂාවෙන් අපිව අමතපු මොහොමඩ් රාෆිගෙ සුමිහිරි තනුවලට ආදරය කරන මිනිස්සු අදටත් කොච්චර ඉන්නවද? ඒ. ආර්. රහමන්ගෙ සංගීතය රස විඳින්නෙක්ට ඔහුගෙ ජාතිය, ආගම ගැන සිහිවෙනවද? මිනිස්සු මෙහෙම බෙදිල වෙන්වෙල ඉන්න එකනම් හරිම අවාසනාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මම මීට කලින් ලියපූ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කළ යුතුද කියන ලිපියේ මේ අදහසට හරියන පිළිතුර දී තිබෙන නිසා නැවත ලියන්න යන්නේ නැහැ...

      Delete
  4. පසුගිය අයි පී එල් එකේදි ෂාරුක් ඛාන් අපකීර්තිමත් විදියට හැසිරුනා...
    මට මේ සෙට් එකෙන් හරියන කෙනා අමීර් ඛාන් තමයි..අමීර්ඛාන් ඉන්දියානු සිනමාව යම්කිසි තාත්වික තලයකට ගේන්න ගොඩක් මහන්සි වුනා...ෆැන්ටෑස්ටික් මායාවෙන් ගලවලා සිනමාව පොලව මත තියන්න අමීර් නිර්මාණශීලිව දායක වුනා....

    ReplyDelete
    Replies
    1. ඕනෑම මිනිසෙකුගේ එක හෝ අඩුපාඩුවක් තිබෙන්න පුළුවන්. ලෞකික ලෝකයක, සුඛ විහරණ මැද ජීවත්වන ශාරුක් ඛාන් වගේ පුද්ගලයෙකුගේ තිබෙන යහපත් ගුණ මේ වගේ එක කාරණයකින් මකා දමන්නට නම් නොහැකිවේවි...

      Delete
  5. ඔය ඉන්න අයගෙන් සහීර් ඛාන්ට ඇර අනික් අයට මාත් කැමතියි , ඔය වගේ පුද්ගලයො හිටියට හින්දූනුත් ඔවුන්ට ආදරය කලාට , සමාන්‍ය ජන සමාජය ඇතුලේ බර පතල ගැට්ම් ඇති වෙලා තියනවා . මුස්ලිම් ජාතිකයින් ඉන්න ඕනිම රටක ගැටුම් තමයි ඉතින් (ඒ අතින් ලංකාව හොඳයි සිංහල මිනිස්සු අහිංසක නිසා )

    ප.ලි - මම දන්න තරමින් හින්දුස්ථානි සංගීතයේ ප්‍රගමනයට සැහෙන දායකත්වයක් මුස්ලිම් ජාතිකයින්ගෙන් වෙලා තියනවා , සිනමාවෙත් නලු නිලියන්ට අමතරව නිශ්පාදක වරු අධ්‍යක්ෂකවරු සංගීත නිර්මාපකයින් සැහෙන්න මුස්ලිම් අය ඉන්නව මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. මමත් සහීර් ඛාන්ට නම් කැමති නැහැ. ඒවගේම මේ ලැයිස්තුවට මඟහැරුන තව පුද්ගලයන් දෙපලක් ඉන්නවා. ඒ තමයි ක්‍රිකට් කණ්ඩායමේ ඉර්ෆාන් පතන් සහ යූසු‍ෆ් පතාන් සොහොයුරන් දෙදෙනා...

      Delete
  6. ‍ෆිල්ම් වල පෙන්නන දේවල් වලට වඩා භූමිය ගොඩක් වෙනස්. ඉන්දියන් ‍ෆිල්ම් එකක ඉන්දියන් ජනජීවිතයේ ඇත්ත කතා කලොත් ඒකට දැඩි විරොධයක් ඒල්ල වෙනවා.water වගේ ‍ෆිල්ම් වලට

    අසූ ගණන් වල ඉන්දු ලංකා සම්බන්ධන්දතා වලදී නං ඉන්දියාව හත් පොලේ ගාගත්තා. ඒ දවස් වල ඉන්දියාව සෝවියට් පිලේ ප්‍රබල සාමාජිකයෙක් (නොබැඳි කියල කියා ගත්තට). ඒ නිසා වොයිස් ඔෆ් ඇමරිකා වගේ රේඩියෝ මුවාවෙන් ඇමරිකන් බුද්ධි ඒකක ලංකාවේ පවත්වගේන ගිය , යැංකි ඩිකිගේ ආණ්ඩුව දණ ගස්සන ඉන්දිරා ගාන්ධි තොර ගත්තේ ලංකාවේ ත්‍රස්ත වාදින් ටික පෝෂණය කරන එක, ඒකේ වන්දිය එයාගේ පුතා ගෙව්වා. ජේ ආර් පප්පගේ උප්පරවැට්ටි හින්දා අන්තිමේදි ලංකා ආණ්ඩුවට අභියෝග කරමින් හිටපු ඉන්දියාවයි එල්ටීටීඊ එකයි යුද්දෙක පැටලෙව්වා, එල්ටීටි එක එක්ක හැරෙන්නවත් බැරි ඉන්දියන් හමුදාව නගුට පල්ලේහාට දාගෙන යන්න ගියා අපිට ප්‍රශ්නය ඉතුරු කරලා. ඒකේ අද තත්වය ගැන කියන්න ඕනේ නෑනේ. එක්සත් ජාතින්ගේ යොජනාවේදි ලංකාවට විරුද්ධව චන්දය දුන්න එකම ආසියාතික රට ඉන්දියාව.



    ReplyDelete
    Replies
    1. ජේ ආර් පප්පට කෙලවන්න හදපු කොටි ටික වඳකරන්න අන්තිමේදී ඉන්දියන් හමුදාවම පටලවලා ජේ.ආර් පප්පා පැත්තකට උනා , මෝඩ ප්‍රේමේ ඉන්දියන් හමුදාව එලවන්න කොටින්ට කඩේ ගියා අන්තිමේදී කොටි රජිව් කාරයි ප්‍රේමයයි දෙන්නවම චක බ්ලාස් කලා , ජේ ආර් අසනීපෙකින් මැරෙන කන් ජීවත් වුනා , ජිනිවා වලදී ඉන්දියාව අනික් පැත්ත ගැහුවේ අපේ විදේශ ප්‍රතිපත්ති වල අවුල් කම නිසා , මොකද නැත්නම් 2009දී යෝජනා එන කොට අපේ පැත්තට ඉන්දියාවත් හිටියා . අනික ඉන්දියාව ජේ.ආර් ගෙ කාලේ වගේ යුද්ධේ අතර මැද හොට දාන්න ආවා නම් මහින්ද ලොක්කටත් වැඩේ නතර කරන්නයි වෙන්නේ , ඒ නිසා මොකුත් නොකර සිටීමත් සැහෙන ලොකු උදව්වක්

      Delete
    2. බුවාගේ අදහසට මමත් එකඟයි. ඉන්දියන් හමුදාව මොන අරමුණින් ලංකාවට ආවත් අවසානයේ ඔවුන් කොටි මර්ධනයේ මුල් තැන ගත්තා මොන බාධකය තිබුනත්. ඒ ගමන ආපස්සට හැරෙව්ව කෙනා තමයි පසුව මැයි 01 දිනයක මරණයට පත්වුනේ. එතුමා කොතරම් ජීවිතයේ අත්දැකීම් පරිනත බව තිබුනත් නයින්ට කිරි පොවන එකේ ආනිශංස නොදැන තමයි රටත් අගාදයට හෙලලා තමනුත් අගාදයට වැටුනේ. අවසාන ඊලාම් යුද්දයේදී ඉන්දියාව අඩුම තරමින් තමන්ගේ පාඩුවේ හිටිය නිසා තමයි මොනවිදියකින් හරි යුද්දය දිනා ගන්න පුළුවන් වුනේ. අමතක කරන්න එපා අපේ රට ඉන්දියාවට වඩා 60 ගුණයකින් කුඩායි. ඒ වගේම ඒ රටට සාපේක්‍ෂව අපේ බලය ඉතාම අල්පයි. ඔවුන්ට වඩා අපිට තියෙන එකම හයිය, බලය, හැකියාව කයිවාරු ගැහීම විතරයි.ඔවුන් අපිට විරුද්ධව චන්දය දෙන තැනට පත් කර ගත්තේ අපේ වරදින්මයි....

      Delete
    3. ප්‍රේමේ විතරක් නෙවෙයි සිරිමාවෝ ජනාධිපති වුනත් ඉන්දියන් හමුදාව ගෙදර යවනවා කියලා ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නම මැතිවරණ පොරොන්දු දීලා තිබ්බා. කොටින්ම අපේ මහින්ද මාමා ඒ වෙලාවේ ජනාධිපති වුනත් ඒ වෙලාවෙදි ඉන්දියන් හමුදාව ගෙදර යවනවා. පහල වීඩියෝවේ තියෙන්නේ මහින්ද ඒ දවස් වල ඉන්දියන් හමුදාවට බැනපු හැටි ( ඒ දවස් වල පරිණත නැත්ද මන්දා). බැනලා විතරක් අත පිහිදගෙන හිටියේ නෑ ඉන්දියන් හමුදාව දකුණට ආවොත් ජේවිපි කාරයෝ එක්ක ගරිල්ලා ගේම් එකක් දෙන්න සූදානමින් ඉදලා තියෙන්නේ. වීඩියෝවේ විස්තර ඇති

      වීඩියෝව

      Delete
    4. දේශපාලනයේදී සමහර දේවල් කියනවා තමයි. හැබැයි සමහර රටට සංවේදී දේවල් වචනයෙන් කොච්චර ගැඹුරින් කිව්වත් ප්‍රායෝගිකව නොකර සිටින එක හොදයි. ප්‍රේමදාස මහත්තයා ප්‍රායෝගික නායකයෙක් හැබැයි මේ දේ ප්‍රායෝගිකවර කරන්න ගිහිල්ලා රටට වටිනා මිනිස්සු තොගයක් හා සම්පත් තොගයක් නැති වුන එක විතරයි වුනේ. හැබැයි මට හිතෙනා විදියට යම් විදියකින් මැතිනිය ජනපති වූවා නම් ඉන්දියන් හමුදාව යැව්වත් ඒක එදා කෙරුන විදියට වඩා ගෞරවාන්විතව හා ඉන්දියාව තරහා නොකරගෙන සිදුකෙරේවි. මොකද කොහොමත් බණ්ඩාරනායක පවුල සහ ඉන්දියාව අතර සහ ඉන්දියාවේ ගාන්ධි පවුල අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක් බව අසා තිබෙනවා. ඒක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙනුත් ඔබ්බට ගිය සුහදශීලී සමීප සබදතාවයක් කියලා කියනවා...

      Delete
    5. මහින්ද මහත්තයත් ඉතින් ප්‍රේමදාසගේ ටැම්ප්ලේම පොරක් නෙව

      Delete
  7. වැදගත් ලිපියක්... මේ වගේ ලංකාවේ ඉන්න/හිටපු මිනිසුන්ගෙන් ජාති ආගම් බේදයකින් තොරව ලෝකයටම දැනෙන දේවල් කල මිනිසුන් ගැනත් ලිපියක් ලියන්න.. මීට කලින් එහෙම එකක් ලියල නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබම මට ලංකාවේ සිටින එහෙම පුද්ගයන් කිහිප දෙනෙකු නම් කරන්නකෝ.එතකොට ඔවුන් ගැන ගැඹුරින් සොයා බලා මම ලියන්නම්...

      Delete
    2. අවංකවම එහෙම අය ගැන මට හිතා ගන්න බැරි නිසයි කීව්වේ.. ඇත්තටම එහෙම කවුරුත් නැද්ද? දේශපාලනේ පැත්තෙන් වත් නැද්ද?

      Delete
    3. මටත් ඒ ගැන අදහසක් නැති නිසාමයි ඔබටම යෝජනා කළේ නම් කරන්න කියා...

      Delete
  8. ඉන්දියාව ගැන හොඳ පැහැදිලි කිරීමක් ඒත් මම කිසිම ඉන්දියානුවෙක්ට කැමති නැහැ.

    ReplyDelete
    Replies
    1. තමුසේ ඒ වුනාට කොනක පාලාලාට කඩේ යනවනේ ඒ නිසා මේ සෙට් එකට කැමති ඇති පොඩ්ඩක් බලහන්

      Delete
    2. අම්මෝ කොන ගැන කිව්වම මතක් වුනේ පසුගිය දවසක යුටියුබ් වලින් ඩවුන්ලෝඩ් කරගත්ත මේ කොන සම්බන්ධ වීඩියෝවක කුඩා කොටසක් අහම්බෙන් දැකලා දවසක් විතර ඔක්කොම හිරිවැටිලා වගේ තිබුනා. මම මුස්ලිම් ආගමේ ඔය ට්‍රීට්මන්ට් එකට නම් කැමති නැහැ...

      Delete
    3. අයියෝ දිනේශ් අය්යේ... සීරියස් මූඩ් එකක් දාගෙන කියවන්න පටන් ගත්තම හිනස්සවන්න එපා අප්පා ... හි හි...

      Delete
    4. ඒක නම් මතක් වෙනකොටත්..@#@!**...

      Delete
  9. මටනම් ඉන්දියාව ගැන සමස්තයක් හැටියට තියෙන්නෙ විරෝධාකල්පයක්.. ඒ කාලයක් තිස්සේ කුම්මැහි, අති පණ්ඩිත, උද්දච්ච ඉන්දියානුවන් එක්ක ගැටෙමින්, සේවය කිරීම නිසා ලද අත්දැකීම් වල ප්‍රතිපලයක්. ඒක තවත් තීවෘර වුනා ඒ ගොල්ලො අපිට එරෙහිව ඡන්දය පාවිච්චි කලාට පස්සෙ.

    කොටින්ම, මම අද ක්‍රිකට් තරගයේදීත් මුළු හිතින්ම ඉන්දියාවට පරාජය පැතුවා.

    ReplyDelete
    Replies
    1. //ඒක තවත් තීවෘර වුනා ඒ ගොල්ලො අපිට එරෙහිව ඡන්දය පාවිච්චි කලාට පස්සෙ. //
      මේක නම් අපේ බූරු විදේශ ප්‍රතිපත්ති වල අවුලක් , අද මැච් එකේදි 90% විතර ශ්‍රි ලංකිකයො ඉන්දියාව පැරදියන් කියල තමා පැතුවේ !

      Delete
    2. ඉන්දියාව එක්ක තරහ නොවී, සහජීවනයෙන් වගේම අපේ ගරුත්වයත් රැකෙන විදියට වැඩ නොකිරීම නිසා තමයි ඉන්දියාව සමග ගැටළු අපි ඇති කර ගෙන තිබෙන්නේ...

      Delete
  10. මං දන්න විදිහටනම් කමල් හසන් කියන්නේ මුසල්මානුවෙක් නෙවෙයි. ඔහුගේ මව සහ පියා දෙදෙනාම හින්දූන් වන අතර ඔහු අදේවවාදියෙක් ලෙසින් ප්‍රචලිතය.

    ReplyDelete
    Replies
    1. කොහොමත් හොද මිනිසුන් කවර ජාතියකට ආගමකට කවර රටක සිටියත් මා නම් දකින්නේ ඔහු යහපත් මිනිසෙකු ලෙස පමණයි. අනිත් කිසිවක් ඔළුවට එන්නේ නැහැ...

      Delete
    2. මතකනේ 96 ක්‍රිකට් ලෝක කුසලානය වෙලාවේ ඕස්ට්‍රේලියාව හා ඔවුන් අනුගමනය කරමින් බටහිර ඉන්දීය කොදෙව්වන් අපේ රට අනාරක්‍ෂිතයි කියල නෑවිල්ල හිටිය වෙලාවේ ඒක බොරුවක් කියල පෙන්වන්න ඉන්දියා - පකිස්ථාන කණ්ඩායම් තමන්ගේ තරහමරහා පවා අමතක කරල ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස සුහදව තරග කරල ලෝකෙට පෙන්නුවේ. ඒ තරඟයේ නායකයා මොහොමඩ් අසාරුදීන්, උපනායකයා මතක හැටියට වසීම් අක්‍රම්. ඔවුන් මුස්ලිම් කියල අපි දැක්කෙත් නැහැ. අපිට ඒ ගැන ගැටළුවක් තිබුනෙත් නැහැ...

      Delete
  11. උදේ හවා ඉන්දියානුවන් එක්ක විවිධාකාරයෙන් ගනුදෙනු කරන කෙනෙක් විදියට මම දකින සුවිශේෂම දේ තමයි උතුරු ඉන්දියානුවන් හා දකුණු ඉන්දියානුවන් අතර තියන අහසට පොළව වගේ වෙනස..හැම දෙනාටම පොදු තත්වයක් නොවුනත් බොහෝ උතුරු ඉන්දියානුවන් තමන් ඉන්දියානුවෙක් වීම ගැන ආත්මාභිමානයක් තියනවා..සමහර විට ඒක අහංකාරකමක් තරමට යන අවස්තා තියනවා.ඒ වගේම ඔවුන් ටිකක් පොෂ් විදියට ඉන්න උත්සාහ කරනවා.(ඉතින් අපිට පාන්ද කියල අපිත් රිටන් එක දෙනවා)
    ඒත් දකුණු ඉන්දියානුවන්, විශේෂයෙන් කේරලයෙන් පැමිණෙන්නන් තුල, උතුරු ඉන්දියානුවන් සතු ගොඩක් හොඳ ගුණාංග දකින්න නැහැ. හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් තත්වයක් තමයි ඔවුන් වැඩිදෙනෙක්ගෙ තියෙන්නෙ :)

    නළුවෙක් විදියට කමල්හසන් කියන්නෙ මගේ ප්‍රියතම චරිතයක් වුනත් ඔහු පහුගිය කාලේ ශ්‍රී ලංකාව ගැන දරපු ප්‍රතිපත්තිය නිසා මට ඔහුව එපාම වෙලා ගියා...

    ReplyDelete
    Replies
    1. මම දැකපු උතුරු ඉන්දියානු මුස්ලිම් අය වැඩි දෙනෙක් ඉන්දියානුවන්ට වඩා පකිස්තානුවන් ඇසුරු කරන බවයි මට හිතෙන්නෙ :)

      Delete
    2. ස්තූතියි! මේ අත්දැකීම් අප කියවා ලියන දෙයට වඩා වැඩි වටිනාකමින් යුක්තයි...

      Delete
  12. ශ්‍රීමාල්October 3, 2012 at 1:19 PM

    කමල් හාසන් මගේ හිතේ මුස්ලිම් නොවේ. ඔහු උපතින්ම හින්දු. ඔහුගේ නම හසන් නෙවේ හාසන්.

    ReplyDelete
    Replies
    1. ඔබලා හරි, කමල් හසන් මුස්ලිම් නොවේ. ඔහුගේ පියාගේ මිතුරෙකු වන සහ ඉන්දීය නිදහස් සටනේ විරුවකු වන Yaakob Hassan හට ගෞරවයක් පිණිස තමයි "හසන්" කියන නම භාවිතා කර තිබෙන්නේ. ඔහුගේ සම්භවය හින්දු. එම නිසා මෙම ලැයිස්තුවට ඔහු ඇතුලත් කළ නොහැකි අතර ලිපියේ එය පළ වීම නිසා එය සම්බන්ධයෙන් කමෙන්ටුද පළව තිබීම නිසා ඉවත් නොකරත් ඔහු මුස්ලිම් අයෙකු නොවන බවද පවසමි. මෙන්න ඔහුට අදාල තොරතුරු :

      Religious views

      Kamal Haasan, despite being born into a Hindu Brahmin family, has declared himself as an atheist; many of his films, notably Anbe Sivam and Dasavathaaram, both co-written by himself have featured anti-theistic views.[80] Kamal Haasan, has also been mistaken for a Muslim due to the Arabic surname, and was famously stopped for his name at Toronto Pearson International Airport in 2002.[81] The name originated from a friend of his father, Yaakob Hassan, a Muslim freedom fighter who spent time with Kamal Haasan's father while imprisoned by the British. Yaakob Hassan had protected Srinivasan from other prisoners who hated the Brahmins. Later, he paid tribute to his friend by incorporating part of his name into his sons’ names.[82]

      Kamal Haasan clarified in an interview with Karan Thapar in BBC that his last name 'Haasan' is, in fact, of Sanskrit origin from the word 'Hasya', which was his father's wish and thinks the Yaakob Hassan connection was highly publicized by the media.[82]
      http://en.wikipedia.org/wiki/Kamal_Haasan

      Delete
  13. දිනේෂ් මහත්තයෝ, අර කලින් ලිපි මගින් ඉස්ලාමයේ හා මුස්ලිමුන්ගේ සැබෑ ස්වරූපය හෙළි කිරීමෙන් මරණ තර්ජනයක්වත් ලැබුන ද උන්ගෙන්? අර නාලක සිල්වාගෙන් ගුටි කාපු මෙජර්ට වගේ උනේ නෑ නේද?
    මීටත් වඩා හොද නැද්ද බෞද්ධ රටවල පාහර මුස්ලිමුන් අපේ බෞද්ධයන්, ශ්‍රේෂ්ඨ බෞද්ධ උරුමයන්, බෞද්ධ ඉතිහාසය, බෞද්ධ විහාරස්ථානය කඩලා විනාශ කරලා තනිකර පව්කාර ඝාතක රටවල් බවට පෙරළු හැටි පැහැදිලි කරලා ලිපියක් ලීව නම්?
    ?

    ReplyDelete
    Replies
    1. මහත්මයා, මම සත් සමුදුරේදී කාටවත් පක්‍ෂපාතී වෙලා නැහැ. එක ලිපියක යම් පාර්ශවයක දුර්ගුණයක් ගැන කතා කරනම් තවත් ලිපියක ඔවුන්ගේ හොදක් තිබේ නම් එය කතා කර ඇති. ඇමරිකාවට වෙලාවක නෝක්කඩු කියන අතරේ තවත් ලිපියක ඔවුන්ගේ හොද දේවල් ගැනත් කතා කර ඇති. සෝවියට් දේශය, ජර්මනිය, ඉන්දියාව, චීනය, මුස්ලිම්, සිංහල ඔය හැම දෙයකටම ඒක පොදුයි. මම ජාතිවාදය ආගම්වාදය වපුරන ව්‍යාපාරවල කොටස් කරුවෙකු නොවෙයි. ඒවගේම ඒ දේවල් කතා කරන්න මේ අඩවිය පූර්ණ කාලීන දේශපාලන අඩවියකුත් නෙමෙයි. හැබැයි යම් දිනයක ඉන්දියාව මෝගල් ආක්‍රමණවලට ලක්වූ පසු ඔවුන් කළ කී දෑ ගැන කතා කරන කොට ඔබ අවසානයේ අසා තිබෙන දේවල් ඒ කාලෙට හා ලිපියට ඔබින ආකාරයට කතා කෙරේවි. ඔබ ටජ්මහල ගැන ලිපිය කියෙව්වානම් ටජ්මහලේ නියම උරුමක්කාරයන් කවුද? පෙනී සිටින උරුමක්කාරයන් සත්‍යවශයෙන්ම උරුමය තියෙන අයද කියන එක ව්‍යංගාර්ථයෙන් කියා තිබෙන බව ඔබ දකීවි. ඒ නිසා කාලයට අවශ්‍ය විදියට අනවශ්‍ය ගැටුම් සිත් රිදවා ගැනීම් නොවන ආකාරයට තමයි මෙහි ලිපි පළ කරන්නේ. රාජ්‍ය තාන්ත්‍රිකව විසදා ගත යුතු කරුනු ඒ ඒ පාර්ශව විසින් විසදා ගනීවි. ඒ ඇරෙන්න මගේ සීමාවෙන් ඔබ්බේ තිබෙන දේවල් ගැන කතා කරන්නවත්, අන්තවාදී කොටස් වල තවත් ඒකකයක් වෙන්නවත් අවශ්‍යතාවයක් නැහැ. ඔබට ‍මා කියන කරුණු ගැන මෙම කමෙන්ටුවෙන් 100% ක් විශ්වාස තළ නොහැකි නම් පසුගිය ලිපි සියල්ලම කියවා බලන්න. එවිට මෙම අඩවියේ ගමන් මාර්ගය පැහැදිලි වේවි...

      Delete
  14. yeah.. Muslims have done great work for both films & music in India,anyway in India the attitude for muslims is same as in Sri Lanka & its much worse than ours because of the Indu-pakistan problem. I still remember how indians celebrated their victory against pakistan in last world cup.They were behaveing like they have won the world cup & that s what they all needed.

    ReplyDelete
  15. I have some doubt is KAMAL HASSEN is muslim...?

    ReplyDelete
  16. Muslims have great people in them Oh!

    ReplyDelete