හොලිවුඩ් සිනමාව ගත්විට මාෆියා කාරණ මුල් කරගනිමින් තනා ඇති චිත්‍රපටිවලට ඔස්කාර් සම්මාන බොහෝවිට ලැබී ඇති බව පෙනී යන කරුණකි. විශේෂයෙන් මෙම මාතෘකාව අලලා තැනී ඇති ප්‍රධානම චිත්‍රපටිය වූ Godfather චිත්‍රපටි මාලාවේ පලමු චිත්‍රපටි දෙක සම්මාන තුනක් හා හයක් වශයෙන් සම්මාන නවයක් වසර දෙකකදී දිනා ගැනීමට සමත් වූ අතර තෙවැන්නද සම්මාන සදහා නිර්දේශිත නාම අතරට එක්විය. එහෙත් මෙහි එක් විශේෂත්වයක් වන්නේ මෙම චිත්‍රපටි තුනෙන් එකකදී වත් එහි ප්‍රධානම චරිතයක් වූ Al Pacino හට ඔස්කාර් සම්මානය ලබා ගැනීමේ වරම් අහිමි වීමයි. කෙසේවෙතත් දෙවතාවක්ම මෙම චිත්‍රපටි වෙනුවෙන් නිර්දේශිත නම් අතරට එක්වීමේදී Al Pacino ගේ නමද එක්වී තිබුනි.
Al Pacino රඟපෑ තවත් Mafia වර්ගයේ චිත්‍රපටියක් වන්නේ 1997 දී තිරගතවූ Donnie Brasco චිත්‍රපටියයි. එයද ඔස්කාර් සම්මාන සදහා නිර්දේශවූ චිත්‍රපටියකි.
මාෆියා චිත්‍රපටි වල රඟපෑමේදී සුලභම චරිතයක් ලෙස Robert De Niro ව හදුන්වාදිය හැක. සිය ද්විත්ව ඔස්කාර් සම්මාන වලින් පළමු සම්මානය ලබා ගත්තේද මීට පෙරද පැවසූ Godfather II චිත්‍රපටියෙන් වීම විශේෂත්වයකි. ඉන් අනතුරුව ඔහු Goodfellas (1990),Casino (1995) සහ Once upon a Time in America (1984) යන චිත්‍රපටි ප්‍රධාන තැනක් ගන්නා අතර 1993 දී ඔහු විසින් අධ්‍යක්‍ෂනය කර රඟපෑමෙන්ද සහභාගී වූ A Bronx Tale නම් චිත්‍රපටියද මාෆියා කණ්ඩායම් මුල් කරගනිමින් තැනූ එකකි.
ඔස්කාර් සම්මානලාභී නළු Joe Pesci ද මාෆියා චිත්‍රපටිවල සුලභ නළුවෙකි. ඔහුද මොහොතකට පෙර පැවසූ Goodfellas (1990),Casino (1995) දී දැක ගැනීමට හැකිවිය.
Joe Pesci |
Michael Madsen |
80 දශකයේ මෙලෙස ඔස්කාර් සම්මානය ලැබුන හා නිර්දේශ වූ චිත්‍රපටියක් ලෙස The Untouchables හදුන්වාදිය හැකි අතර ඒ ගැන මීට පෙර Kevin Costner ගැන සත් සමුදුරේ ලියවුන ලිපියේදීද සදහන් කෙරුණි. මෙහිද Kevin Costner, Sean Connery, Andy Garcia ආදීන් රඟපෑමෙන් එක්වූ අතර මෙහිදී Sean Connery ට හොදම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ලැබුන අතර Kevin Costner ද ඔස්කාර් ද්විත්ව සම්මානලාභී රංඟන ශිල්පියෙකු වේ. ඊට අමතරව Andy Garcia ද තෙවරක්ම ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ වූ නළුවෙකි.
තවද 2007 දී ඔස්කාර් සම්මානය 4 ක් ලැබුන The Departed චිත්‍රපටියද මාෆියා තේමාවෙන් නිපදවූවක් වූ අතර එහි හොලිවුඩ් තරු රැසක් දැකගන්නට ලැබුනි.
ඒ අතරින් ප්‍රධාන චරිතයක් රඟපෑ Jack Nicholson තෙවතාවක්ම ඔස්කාර් සම්මානයෙන් පිදුම්ලැබූ ජ්‍යෙෂ්ඨ රංගවේදියෙකු වන අතර මෙහිදී ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ නොවූවද, ඔහුගේ ප්‍රවීණත්වය නිසාම රඟපෑම යනු ඔහුට ඉතා ලේසි සහ සුමට දෙයක් යනු මෙම චිත්‍රපටියේදිද මැනෙවින් දැකගත හැකිවිය.
ජැක් නිකල්සන් තරුණ වියේදී |
එසේම ප්‍රධානම චරිතය ලෙස සැලකෙන වෙස්වලාගත් පොලිස් නිළධාරියාගේ චරිතය මැනවින් නිරූපනය කල Leonardo DiCaprio තෙවතාවක්ම ඔස්කාර් සම්මාන සදහා නිර්දේශවූ නළුවෙකු වූ අතර අපි ඔහුව මුලින් දුටු Titanic චිත්‍රපටියේ ලාබාල කොළුගැටයාට වඩා කෙතරම් දුරක් මේ වන විට ගොස් ඇත් දැයි මෙම චිත්‍රපටිය නැරඹූවිටද දැකගත හැකිවිය. තවත් උප චරිතයක් රඟපෑ Mark Wahlberg ද දෙවතාවක් ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ වූ අතර මෙවැනි ප්‍රවීණ අත්දැකීම් බහුල නළුවන් රඟපෑ The Departed චිත්‍රපටියට ඔස්කාර් සම්මාන නොලැබුනා නම් පුදුමය.
එසේම 2009 දී තිරගතවූ Public Enemies චිත්‍රපටිය ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ නොවූවද එහි රඟපෑමේ අංශය හා තවත් බොහෝ අංශ සලකා එයටද යම් ඇඟයීමක් ලැබුනා නම් හොදයි යයි සිතේ.
කෙසේවෙතත් එහි ඔස්කාර් සම්මාන සදහා තෙවරක් නිර්දේශිතවූ Johnny Depp සහ එම චිත්‍රපටිය තිරගතවී වසරක් ගෙවුන තැන වෙනත් චිත්‍රපටියක් වෙනුවෙන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද Christian Bale ඉතා සිත් ගන්නා සුළු රඟපෑමක නිරතවී තිබෙනු දැකීමට හැකිවිය.
මේවාට අමතරව 1991 දී තිරගතවූ Bugsy චිත්‍රපටියද තරමක් මේ අංශයට නැඹුරු බවක් තිබුනු අතර එයටද ඔස්කාර් සම්මාන ලැබුනි.
එසේම එහි ඔස්කාර් සම්මානලාභී නළුවන් වන Warren Beatty සහ Ben Kingsley යන නළුවන් එක්වී තිබුනද එය එතරම් "ඇඟට දැනෙන" වර්ගයේ චිත්‍රපටියක් නොවූ බව මගේ නම් හැඟීමයි. Warren Beatty මීට පෙර සත්‍ය සිදුවීම් චරත ඇතුලත් කොට තැනූ තවත් ඔස්කාර් සම්මානලාභී හා තවත් සම්මාන රැසකට නිර්දේශ වූ චිත්‍රපටියක් වන 1967 දී තිරගතවූ Bonnie and Clyde චිත්‍රපටියේදි වඩාත් ජනප්‍රිය චරිතයක් විය. එහි Clyde Barrow ගේ චරිතය Warren Beatty විසින් රඟපානු ලැබූ අතර එහි අනෙක් ප්‍රධාන චරිතය වන Bonnie Parker ගේ චරිතය රඟපානු ලැබුනේ ඔස්කාර් සම්මානනීය නිළියක වන Faye Dunaway විසිනි.
Warren Beatty තරුණ අවධියේදී |
මේවා පමණක් නොව අතීතයේ නිපදවුන ගොපළු චිත්‍රපටි ආදියේ මෙන්ම ජපාන නිපැයුමක් වූ Seven Samurai සහ එයම ඉංග්‍රීසියෙන් තැනූ Magnificent Seven ආදී චිත්‍රපටි වලද කියවුනේ මැරවරයන් හා ඔවුන් සමග සටන් වදින යුක්ති සහගත පාර්ශවය පිළිබදවයි. එදා මෙම චිත්‍රපටි වල රිවෝලවර, රයිෆල්, කඩු සහ අශ්වයන් යොදා ගත් අතර මත් පැන් ආදිය යොද ගත්තේය. අද ස්වයංක්‍රීය ගිනි අවි, නවීන මෝටර් රථ සහ නවතම පණිවඩ හුවමාරු ක්‍රම යොදාගැනෙන අතර මත්ද්‍රව්‍ය භාවිතය පෙන්නුම් කෙරේ. තවත් වෙනසක් වන්නේ එදා චිත්‍රපටි වලටද වඩා අද චිත්‍රපටි වල ඇති බිහිසුණු ජවනිකා හා අධිවේගයෙන් ඉදිරයට යාමයි.
මේ ගැන කතා කරන්නට තව ඕනැතරම් කරුණු ඇත ඉදිරි කොටසකදී ඒගැනත් කතාකරන්නට ඉඩ තබමින් දෙවන කොටසද අවසන් කරමි...