ඉතින් මේ ලිපිය ලියන්නට සිතුනේ අහම්බෙන්. සුපුරුදු මාතෘකාවටම අකුරු ගලපන්න සිතා සිටින මොහොතේ මීට සති කිහිපයකට පෙර ලියන ලද වර්ථමාන ලංකාවේ චිත්‍රපටි වලට පදනම් වන්නේ මේ මාතෘකා ටික පමණක්ද? ලිපියට මේ වන විට ඔබලා ලබාදුන් අදහස් අනුව තවත් මට අමතක වෙලා තිබුන වගේම, ඒ අදහස් තවත් ප්‍රසාරණය කරල ඉදිරිපත් කරන්නට මේ ලිපිය මේ වසරේ මුලින්ම ලියන්නට අදහස් කලා. හැබැයි මේ ලිපිය ටිකක් වැඩිහිටියන්ට පමණයි කොටසුත් එකතු කරන්න වුනා පසුගිය දිනවල ලෝකය පුරා ඉතාමත් ලොල් බවින් භාගතකරන විඩියෝ ක්ලිපයක ප්‍රවෘතියකුත් දකින්නට ලැබුන නිසා ඒ ගැනත් මෙහි ලියන්නට සිතූ නිසා. හැබැයි මේ සිනමා හෝ ටෙලිනිර්මාණ කල අය තරහවෙන්න එපා ඒ ඒ නිර්මාණ ගැන සදහන් කරල විවේචනය කරලා තියෙනවා කියලා.
උදාර කියන කතාව ඇත්ත දේශීය නාලිකාවල බලන්න ඇති දේවල් නම් නැති තරම්. රූපවාහිනි මමත් ජාතික රූපවාහිනියේ බලන්නේ ඉරිදා සවස 5.00 ට විකාශනය වන අප පාසල් යන කාලේද විකාශනයවූ පැරණි එහෙත් තවමත් රසවිදිය හැකි McGyver ඉංග්‍රිසි ටෙලි වෘතාන්තය පමනයි. ඒ හැරෙන්න වෙන ඒ නාලිකාවේ දැන්නම් බලන්න දෙයක් නැහැ. ඒත් ඉරිදා දහවල් පෙන්වන සමහර ඉංග්‍රීසි චිත්‍රපටිනම් බලනවා. ITN හොද වෙලාවට පේනනෙත් නැහැ. අනෙක් නාලිකාවලත් තෝරාගත්ත ටෙලිනාට්‍ය කිහිපයක් පමණයි බලන්නේ. මටත් ඇත්තටම කියන්න තියෙන්නේ බොහෝ ක්‍ෂෙත්‍රයන්වල වගේ පැරණි දේවල් ගැන අතීතාවලෝකණයේ යෙදෙන්න පමණයි දැන් සිදුවෙලා තියෙන්නේ.
Gihan සහ Senna වගේම නමක් සදහන් නොකරත් මේ නිර්නාමික මිතුරා කියන්නේ සත්‍යයක්. සිනමා හෝ ටෙලි නිර්මාණයක් කරන්න මහ විශාල මුදලක් ඕනේ නැහැ. නිර්මාණාත්මක මටසිළුටුභාවය තමයි අවශ්‍ය. ඒ දේ ලංකාවේ බහුතරයක් නිර්මාණකරුවන් අතින් ගිලිහිලා ගියබව තමයි කණගාටුවෙන්වුනත් කියන්නට ඉතිරිවෙලා තියෙන්නේ. ඒ වගේම ලෝක ප්‍රකට ගත්කතුවරුන්ගේ පොත් හෝ තිරරචනාම පදනම් වියයුතු නැහැ. උදාහරණයක් ලෙස දැන් ඉරිදා 8.30 ට තිරගතවන දූලි පින්තාරු මටනම් හිතට ඇල්ලුවෙත් නැහැ. ඒවගේම සමීපබවක් නැහැ කියලත් හිතෙනවා ඒ ඉදිරිපත් කරල තියෙන විදිය. ඒත් දැනට වසර 15-20 කට ඉස්සෙල්ලා ටයිටස් තොටවත්ත මහත්තයා විසින් සිංහලයට හඩකැවූ මනුතාපය කොහොමද? තාමත් ඒ නිර්මාණයේ සියළු ජවනිකා මතකයි වගේම සියළු චරිතයන් වල සිටිය පුද්ගලයනුත් හිතේ ඇදිලවගේ මතකයට නැගෙනවා. මොන්තක්‍රිස්තෝ, රොබින්හුඩ් එතනින් ගියාම අර දෙවන ලෝක යුද්දකාලේ ජපානයේ අලිපැටියෙකු ගැන කියන නිර්මාණය කොතරම් සංවේදිබවක් ගෙනදුන්නාද?
ඒත් හැබැයි සෑහෙන්න දුරකට මටසිළුටුබවකින් සිනමා හෝ ටෙලි නිර්මාණ කල හැකි මිනිසුන් අපිට නැත්තෙත් නැහැ. ජයන්ත චන්‍ද්‍රසිරිගේ අග්නිදාහය, වෙස්මුහුණ, දඬුබස්නාමානය, අකාලසන්ද්‍යා හා විශ්වනාත් බුද්ධි කීර්තිසේනගේ සිහින දේශය, මිල්ල සොයා වැනි නිර්මාණ සැබැවින්ම වෙනස් මානයකට අපව රැගෙන ගිය බවත් කියන්නට ඕන.
'''Outsider"' ඔබ කියල තියෙනදේ සහමුලින්ම ඇත්ත. එකම අච්චුවේ නිර්මාණාත්මකබව හීන ඉල්ලුමට සැපයුම වගේ වාණිජ භාණ්ඩ තමයි වැඩිමනත්ම දැන් තියෙන්නේ.
hare :-) සහ හරී දරන අදහස්වලට මමත් එකඟයි. අදපොදුවේ ගත්තාම ඒ ඒ රුචිකත්වයත් ටෙලිනාට්‍ය තැනීමට භාවිතා වෙන බවක් පෙනවා. ඒවගේම රටේ විවිද සමාජතල ඉලක්ක කරගෙනත් ඇතැම් නිර්මාණ කල බව කියන්නට පුළුවන්. උදාහරණයක් ලෙස විකාශනය වී අවසන් වූ සරා ටෙලිනාට්‍ය නාගරික වතු පදනම් කරගෙන ඒ ජනතාව ප්‍රමුඛ ලෙස ඉලක්ක කර තැනූවක් බව පෙනෙන අතර දැන් විකාශනය වන මලී ටෙලිනාට්‍ය, යාගහෝම හදහූනියම් ආදිය විශ්වාස කරන ගම්බද මෙන්ම ඇතැම් නාගරික මිනිසුන් ඉලක්ක කරගෙන තැනූවක් බව පේනවා. දැන් හැබැයි මේ ටෙලිනාට්‍යය දෙකේම මහාපොදු සාධකය තමයි දේශපාලකයන් සිටීම හා ඇමතිවරු වගේ පොඩි මිනිස්සුන්ට සමීප වෙන්න බැරි චරිත ලඝුකොට දක්වා තිබීම.
අනෙක් කාරණය තමයි තවත් ටෙලිනාට්‍ය තැනීමේදී යොදාගන්නා නළුනිළියන්, තිරයෙන් එපිටදී එකිනෙකා තම පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම්වලට පාදක වූ චරිතයන්වීම. සමහර විට මෙසේ යොදාගන්නේ එම ටෙලිනාට්‍යයේ ජනප්‍රියත්වය වැඩිකරගැනීමට වෙන්නටත් ඇති. ඉතින් මේ විදියට ඒ මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතය විවිද හැලහැප්පීම්වලට ලක්වෙමින්, ඔවුන්ගේ දරුවන්, බිරිද හෝ සැමියා මෙන්ම සමීපතමයන් විවිද හිත්වේදනාවලට ලක්වෙමින් සිටින අවස්ථාවක "Marketing" කියන සංකල්පය පෙරදැරි කරගෙන මෙවන් ආකාරයේ නිර්මාණ කඩිමුඩියේ විකාශනය කිරීම ඔවුන්ගේ සමීපතමයන් තවතවත් අපහසුවට ලක්කරනවා වගේම අනියමින් එම කාරණයට පදනම් වු දෙපල හොදින් ගැලපෙන දෙදෙනෙක් බව සමාජයට ඒත්තුගන්වන්නවත් උත්සහ දරනවද කියලත් හිතෙනවා. අනෙක් පැත්තෙන් අනියම් සබඳතාවලට උල්පන්දම් දීමක් දෝ යන කාරණයකුත් මෙයින් නිරූපණය වෙනවා. කොහොමවුනත් අපිට ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්න නම් බැහැ.
Miyuru ගේ අදහසට මමත් එකඟවෙනවා. මම නම් හින්දි චිත්‍රපටිවලින් බලන්නේ ගීත පමණයි. එතරම්ම බහුතරයක් හින්දි චිත්‍රපටිවල සංගීත නිර්මාණය අනර්ඝයි. කතාව නම් බොහෝ අවස්ථාවල කම්මැලිගතියක් ගෙනදෙන්නේ. කොහොවවුනත් සංගීතය පැත්තෙන් නම් ලෝකයේ අංක එකේ තියෙන්නේ හින්දි සිනමාව වියයුතුයි. අභිමාන්, ආරාධනා, මධුමතී, දෝස්ති, ඒක් පුල් දෝමාලි වගේ පැරණි චිත්‍රපටි වගේම මෑත කාලයේ සාජන්, දිල්,මොහ්රා වගේ චිත්‍රපටි අපේ සිත්වල කාවැදිලා තියෙන්නේ සංගීතය නිසාම විය යුතුයි.
තවත් මිතුරන් කිහිපදෙනෙකුම කියා ඇති පරිදි දුක සිතෙන චිත්‍රපටිවලට හෝ ටෙලිනාට්‍ය වලට මිනිසුන් මෙතරම් කැමති ඇයි දැයි වැටහෙන්නේ නැහැ. සමහරවිට එය මානසික රෝගයක්ද දන්නෙත් නැහැ. ඒත් අපේ රටේ මිනිස්සු බොහෝමයක් ස්වභාවයෙන් දුකට කැමතියි වගේ සමහරවිට රටේ බහුතරයක් දුක් විදීමට බදුන්වන නිසා දුක පිළිබදව අභ්‍යාස කිරීම සිතේ සැනසීම ගෙන දෙනවාදැයි දන්නෙත් නැහැ. ඒත් මොකක්දෝ රහසක් මේ සංසිද්ධියේ තියෙනවා. ඒක නිසා වෙන්න ඕන ඇතැම් නාලිකාවල ප්‍රවෘත්තිවලත් අමිහිර මතක, මිනීමරාගන්න ඒවා, දුක්විදින ඒවා රසකරකර ප්‍රචාරය කරන්නේ. සමහරවිට ඒකම් මොකක් හරි Marketing Trick එකක් වෙන්න ඇති. කොහොමවුනත් දියුණුවෙන රටකට මෙවැනි අසුභවාදී ඍනාත්මක අදහස්වලින් වෙන්නේ තවතවත් මිනිසුන් මානසික රෝගීන් බවට පත්වීමයි.
තව මිතුරෙක් කියා ඇති ඇතැම් චිත්‍රපටිවල කතාකරන්නේ වචන දෙක තුනයි ඒවාට 'සම්භාව්‍ය' නොකිය 'ගොළු චිත්‍රපට'කීවානම් වඩාත් හොද බව. ඒකත් ඇත්ත මේ සම්භව්‍ය චිත්‍රපටිවලින් හෝ වාණිජ යයි කියන චිත්‍රපටිවලින් සිතට සැහැල්ලුවක් සැනසීමක් ගෙනදීම වෙනුවට තවත් බැරෑරුම් විදියට හිතල කතාව තේරුම්ගන්න ප්‍රහේලිකා විසදන්න ඕනෑනම් ඒ චිත්‍රපටි අර මුල් කාලේ වගේ ගොළුචිත්‍රපටි විදියට වර්ග කලොත් ඒකට රුචිකත්වය තියෙන කෙනා පමණක් තෝරාබේරාගෙන බලාවි. හැබැයි ඒ මිතුරා කියලා තියෙන සමහර දේ ගැන නම් එකඟවෙන්න බැහැ. උදාහරණයක් ලෙස සුළඟකියන චිත්‍රපටිය නම් මම බලලා නැහැ. ඒත් අනිත් නිර්මාණවන 'මී හරකා', වීසි දැල, සුළඟ එනු පිණිස වගේ චිත්‍රපටිවල කතාබහ කෙරුනේ අමිහිරි සත්‍යයක් වන ලංකාවේ ප්‍රසිද්ධියේ කතානොකරන ලිංගික අසහණයයි. මමත් ගෑනියක් නම් මම බලපු බවක් මතක නැහැ.හැබැයි ඒක අර කාලෙකට ඉස්සෙල්ලා කාම රැල්ලේ එකක් දැයි පොඩි මතකයක් තියෙනවා. සුළඟ එනු පිණිස නම් බලලා නැතත් මේ ගැන යම් ආන්දෝලනයක් ඇතිවූ කාලයේ දැනගන්නට ලැබුන ආකාරයට මෙයිනුත් කියවුනේ කලින් පැවසූ ලිංගික අසහණය පිළිබදව යථාර්තයයි. ඒ නිසා මේ දැක්වූ සියල්ලම කුණුහරුප ලෙස අර්ථදැක්වීම යෝග්‍ය නැතිබවයි මගේ නම් නිර්දේශය.
තවමත් අපේ රටේ නම් බෝවී නැති නළුනිළියන්ගේ අතිශය පෞද්ගලික ක්‍රියාදාම ඇතුලත් S**tapes (**=ex) පිලිබදවත් ඇතැම් අවස්ථාවල අසන්නට ලැබෙනවා. එතකොට ඉතින් ඒවායේ සිටිනවායැයි කියන අය මාධ්‍ය ප්‍රකාශකරල ඒ සිටින්නේ තමන් නොව තමන්ගේ රුවට සමාන අයෙක් යැයිද කියනවා. සමහරවිට ඔවුන් කියන දේ ඇත්තක් වන අවස්ථාමෙන්ම, මෙවන් ක්‍රියා තමන්ගේ වැටෙමින් පවතින ජනප්‍රියත්වය යලි නගාසිටුවා ගැනීමට භාවිතා කරන බවකුත් තිරයෙන් පිටුපසදී අසන්නට ලැබෙනවා. මූන මගේ, ඒත් ඇග මගේ නොවේ යයි කාලෙකට ඉස්සෙල්ලා තනපු , ඉංග්‍රිසි චිත්‍රපටියක් බාලවිදියට කොපි කරල සිංහල චිත්‍රපටියක් හදපු වෙලාවේ අසන්නටත් ලැබුනේත්. කොපිකරන එකවත් හරියට අපේ මිනිස්සුන්ට කරන්න බැහැ කියන එකට හොදම උදාහරණයක් තමයි ඒ චිත්‍රපටියත් එකේ මුල් ඉංග්‍රීසි චිත්‍රපටිය තමයි 1978 දී තිරගතවූ I Spit on your Grave හෙවත් Day of the Woman චිත්‍රපටියයි. මේ චිත්‍රපටියේ ඇති නිර්මාණාත්මකභාවය දැඩිලෙස හානිකරමින් ආර්ථික අරමුණු පෙරදැරිකරගෙන සිංහල චිත්‍රපටිය තැනුවා පමණක් නොවේ එහි රඟපෑ නිලියගේ කලාජීවිතයත් එතනින්ම කෙලවර කරදැමීමට එය හේතුවක් වූ බවයි පැවසිය යුත්තේ.
මේ කරුණුවලට අමතරව තවකරුණු බොහෝමයක් ඇතිමුත් ඒවාත් ඉඩලැබෙන අයුරින් පලකිරීමේ බලාපොරොත්තුව ඇතුව දැනට නවතිනවා...
මෙම ලිපියේ දෙවන කොටස -
මී හරකා, වීසිදැල තවත් සිංහල චිත්‍රපටි ගණනාවක් අසභ්‍ය නිර්මානද? සහ පෙර ලිපියට තවත් ඇමුණුමක්...
මීට පෙර මේ තේමාවට අදාලව ලියන ලද ලිපි -
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Delete//මෑත කාලයේ සාජන්, දිල්,මොහ්රා වගේ චිත්‍රපටි අපේ සිත්වල කාවැදිලා තියෙන්නේ සංගීතය නිසාම විය යුතුයි//
ReplyDeleteඋඹ මැත කාලයේ කියන්නේ 1990-1995 කාලෙටද ? 2005න් හින්දි සිනමාවේ පැහැදිලි වෙනසක් තියෙයි . කැමතිනම් පහල තියන චිත්‍රපටි තුන හොයාගෙන බලන්න වෙනස තේරෙයි(Delhi Belly, Dhobi Ghat,Bindhi Bazaar ) , මේ තුනම 2011 දි ආපු , මම බලපු වෙනස්ම විදිහේ ඒවා . කොහොමටත් Tamil Remakes සහ ගොන් පාට් චිත්‍රපටි කිහිපයක් ඇරුණාම 2011 ආපු ගොඩක් චිත්‍රපට මට නම් හොඳයි (සරල , විනෝදාත්ම ඒවා බලනව නම් හොඳ ඒවා දෙකතුනක් කියන්නම් )
I Spit on Your Grave චිත්‍රපටියේ නව නිශ්පාදනයක් ආවා නේද ගිය අවුරුද්දෙද කොහෙද ? ඕකේ සිංහල චිත්‍රපටියෙ නම මොකක්ද ? මට නම් එච්චර වැදුන චිත්‍රපටියක් නෙවෙයි
@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - ඔව් 80/90 දශක තමයි මෑත කාලය කියා අදහස් කලේ. දැන් නම් නිපදවෙන හින්දි චිත්‍රපටිවල ගීත පෙර තරම් ඇඟට දැනෙන්නේ නැහැ කියලා හිතෙනවා.
ReplyDeleteමමත් දැක්කා 2010 දී නැවතත් I Spit on Your Grave චිත්‍රපටියක් තනා තිබෙනවා. ඒකනම් මම බලලා නැහැ. සිංහල චිත්‍රපටිය තමයි "ඇගේ වෛරය". දැන් මතකයිනේ....
අපේ මිනිස්සු ෆිල්ම් හදන්නෙ සල්ලි බලාගෙන කියන එක පිලිගත් යුතුයි. බොහෝ විට සමහ ෆිල්ම් බැලුවාම ටිකට් එකේ සල්ලි අපරාදේ කියන එක මට ඕන තරම් ඇහිලා තියෙනවා. මිනිස්සුට යමක් දෙන්න තෘප්තියක් ලැබෙන සිනමා නිර්මාණයක් දෙනවා නම් හරිම වටිනවා. හොලිවුඩ් කොපියක් හරි හොදට දෙනවනම් ඒ හරි වටිනවා. මොකද පිලිගන්න ඕනෙ චිත්‍රපටියක හදන්න ඔනේ සල්ලි නෙමෙයි. කතාවෙ තේමාවයි.
ReplyDeleteDo you know why film producer spend so much on the film. since they get double tax deduction benefits over their income,
Delete@Anony - ඔව් තේමාව හොද එකක් විය යුතුයි. මුදල් වියදම් කල පලියටම ඒක හොද නිර්මාණයක් වෙන්නේ නැහැ. ඔබ පවසන දේට මමත් එකඟවෙනවා මෑත කාලයේ තැනූ සමහර නොවේ බොහෝමයක් චිත්‍රපටි සිනමාශාලාවට ගිහිල්ලා බලලා සල්ලි වියදම් කරේ අපරාදේ කියලා හිතෙනවා විතරක් නෙමෙයි. ඒවා රූපවාහිනියේ නොමිලේ පෙනවනකොටත් ඒවා බලන්න වියදම් කරන කාලයය, විදුලිබිලයි අපරාදේ කියල තමයි කියන්නවෙන්නේ...
ReplyDeleteමට නම් 1995-2005 ත් ඇඟට දැනෙන මියුසික් තියෙයි (උදා කබි කුෂි කබි ගම් , වීර්-සාරා ), චිත්‍රපටිවල රිද්මය වෙනස් වෙනකොට සංගීතයත් වෙනස් වෙලා . රොක්, හිපොප් වගේ ඒවා හින්දි සිනමාවටත් ඇවිල්ලා . ඔය සීන් නිසා මම දන්න ගොඩක් හින්දි ගීත රසිකයො දැන් එන හින්දි සිංදු වලට කැමති නැ . ඒත් හිතට අල්ලනව නම් ඔනි රටක ඔනි මඟුලක් අහන නිසා කෙනෙක් නිසා මම නම් දැන් එන එව්වත් අහනව
ReplyDeleteඅද දැනගත්තේ ඇගේ වෛරය ඔය චිත්‍රපටියේ කොපියක් කියල . මම ඕක ටිකයි බැලුවේ , ඉංග්‍රිසි එක බැලුවේ මැතක . ශෘංගාර රසය ඇති කරවන්නවත් අපේ හැතිකරය නොදන්න බ්ව පෙන්වපු එක අවස්ථාවක් තමයි ඇගේ වෛරය කියන්නේ , අර අලුත් වර්ශන් එක මම අහම්බෙන් දැක්කේ , ඒක මුල් එකට වඩා සැර බාලයි
@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - කබි කුෂි කබි ගම් , වීර්-සාරා වගේ චිත්‍රපටිවලත් සංගීතය විශිෂ්ඨයි. ඇගේ වෛරය ලංකාවේදී නම් කාමරැල්ලට අයත් වුනාට I spit on your grave කියන චිත්‍රපටි දෙකම අයත්වෙන්නේ Horror/Thriller/Crime කාණ්ඩයටයි.
ReplyDelete1978 - http://www.imdb.com/title/tt0077713/
2010 - http://www.imdb.com/title/tt1242432/
එකෙන්ම පේනවා ලංකාවේදී තමන්ගේ වාසියට කඹරගොයත් තලගොයාබවට පත්කරගෙන තිබෙන ආකාරය. මේ රටේදී කොයිකොයි ක්‍ෂෙත්‍රවලත් සිදුවෙලා තියෙන්නේ මේ දේ තමයි...
මම අර පලවෙනි ලිපියේ comment කරපු අනෝ, මම ෆිල්ම් hall එකකට ගිහින් බලපු පලවෙනි චිත්‍රපටිය jurassic පාර්ක්, මගේ පලවෙනි විද්‍යා ප්‍රබන්ද ෆිල්ම් එකත් ඒක.... හරියට ඉංග්‍රීසි තේරුනේ නැතත් ඉහලින්ම රසවින්දා (විදුසර පත්තරේ කතාවේ පසුතලය ගැන කතාවක් ගිය නිසා තේරුම්ගන්න අමාරු වුනේ නෑ), එදායින් ඇති වුනු ජාන ඉංජිනේරු විද්‍යාවට ඇති ඇල්ම තාම අඩුවුණේ නෑ (අද මම ජාන ඉංජිනේරු විද්‍යා ආචාර්ය උපාදි අපේක්ෂකයෙක් ). ටිකක් හිතල බලන්න හරියට බාවිතා කරනවා නම් මේක කොච්චර ප්‍රබල මාද්යයක් ද... මට තාම හිතාගන්න බෑ ලංකාවේ සිනමා කර්මාන්තය ගැන ... ඇයි කවදාවත් විද්‍යාත්මක නැබුරුවක් තියෙන ෆිල්ම් එකක් හැදුනේ නැත්තේ කියල ... අපිට ඇක්ෂන් වලින් ... ආදර කතාවලින් ... සින්දු වලින් ලෝකෙත් එක්ක හැප්පෙන්න බෑ ... ඇයි අපි ලෝකෙට යමක් දෙන්නේ නැත්තේ අපේ පරිකල්පන හැකියාව තුලින් ... සිංහල දන්නේ නැති අය සබ් එකක් හරි දා ගෙන බලය්. අර මම කලින් ගත්ත උදාහරණය Primer ... තනිකර පරිකල්පනය යොදවල හදපු දෙයක් ...
ReplyDeleteතවත් දෙයක් කියන්න ඕනි ... හොලිවුඩ් වලත් දැන් විද්‍යා කතා පැත්තක තියල මායා කතා රැල්ලක් යනවා ... මේක නම් එච්චර හොද ලකුණක් නෙවේ ...
ලිපියේ කරුණු ගොඩක් එක්ක එකඟ වෙන්න පුළුවන්....මමනම් අද ආසාවෙන් බලන එක ටෙලියක් තියෙනවා
ReplyDeleteඅහසින් වෙටුනා ස්වර්නවහින්යේ තමා යන්නේ මම කාලෙකින් දෙකක විශිෂ්ටම තිර රචනයක් හා රන්ගපීම් තියෙන කතාවක්....
@ශ්‍රීන්@
ane samwenna mage sinhala gena....mama thaamath me blogwalata aluth...@sreen@
ReplyDelete12.52පි.ඇම්. ඇනෝ - Primer චිත්‍රපටිය මමත් බැළුවෙ මෑතකදි. ඒක බොහොම අඩු මුදලකින් කෙරුන නිර්මාණයක්. අහම්බෙන් හොයාගන්න කාලතරණය පාදක කරගෙන ගොඩනැංවෙන කතාවක්. වැදගත්ම වැඩේ තමයි ඒක සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධයක වගේ ජිමික්ස් මුකුත් නැති සරල කතාවක් විධියට ඉදිරිපත්වීම. කතාවෙ ලොජික් එක හරියට නොතේරුණ නිසා පොඩ්ඩක් හොයල බැලුවා. තේරෙන විධියට සෑහෙන්න ගණිතය ටිකක් තියෙනවා.
ReplyDeleteඔයා අර කිව්ව වගේ හොලිවුඩය ආක්‍රමණය කරගෙන යන ෆැන්ටසික් කතා රැල්ල නිසා හොලිවුඩ් චිත්‍රපටිවලත් ගන්න දෙයක් නැති වෙයිද මන්දා.
හින්දි සිනමාවෙ සංගීතය දැන් දැන් ඉන්දියාවෙන් ගැලවීගෙන යන බවක් පේන්න තිබුණට තවමත් සමහර විට හම්බවන සංගීතමය නිර්මාණ රසයෙන් උපරිමයි. බුවා කියපු Dhobi Ghat මම 2011දී බලපු හොඳම චිත්‍රපටිය. අනිත් චිත්‍රපටි දෙකත් හොයාගන්න ඕන. මේකෙදි අමීර් ඛාන් නිෂ්පාදකයෙක් විධියට අරගන්න අවදානම විශිෂ්ඨයි. වීර් සාරා වගේ චිත්‍රපටියක සංගීතය පැරණි සංගීතඥයෙක්ගෙ කියලත් මම අහල තියෙනවා. ඔය පරණ කට්ටිය පොත්වල විතරක් ලියපු වාදනය නොවී තියෙන සංගීත ඛණ්ඩ තවමත් ලොකු ගණන් වලට බොලිවුඩ් නිෂ්පාදකයො ගන්නවලු.
දිනේෂ් කියන ලිංගික දේවල් සාලයට ඒම වැඩි ඈතක නෑ. රේටිංග්ස් වැඩිකරගැනීම එකම අරමුණ කරගෙන ඉන්න වැඩසටහන් නිෂ්පාදකවරු ඊළඟට කරන්නෙ ටෙලි නිලියන් සහ ප්‍රවෘත්ති නිවේදිකාව ක්‍රමයෙන් නිරුවත් කරන එක. එහෙම කරපු වෙනත් රටවල නාලිකා යූටියුබ් එකේ හොයාගන්න බැරිත් නැහැ.
ඇත්තටම දැන් මම දන්න ගොඩ දෙනෙක් ටෙලි නාට්ය නරඹන එක පමනක් නෙවෙයි, රූපවාහිනියම බලන එක ගොඩක් දුරට නවත්තල දාල. එක දිගට වැල වාගෙ යන නාට්ටියක් අරගෙන බලන්න, සති කිහිපයකට පස්සෙ නැවතත් කතාව මුල තැනමයි තියෙන්නෙ. ටික කලකට ඉස්සර ගියා ඔය විදිහට හින්දි වැල් නාට්ටය පෝලිමක්. ඒවගෙ කතා තිබ්බෙත් ඒ විදිහට තමා. දැන් සින්හලෙන් යන්නෙත් 100%ක් ඒ ආරයට තනපු, කතාව සින්හලෙන් යන නාට්ට්ය පෝලිමක්. අනික ගොඩක් ඒවගෙ තියෙන්නෙ එකම කතාව (තේමාව ) කෙල්ල සහ කොල්ල ගෙන් එක්කෙනෙක් දුප්පත්, අනික් කෙනා පොහොසත්. හැමද්ම විහිලුවට ගත්තු තාත්තෙක් හරි අය්ය කෙනෙක් හරි ඉන්නවා, අම්ම අසරනයි, ඒ අම්මල/නැන්දල ගෙවල් වලටත් ඉන්නෙ සාරි ඇඳන්, කොල්ලයි කෙල්ලයි පලාතෙ ඉන්න ලස්සනම දෙන්න. මට තියන ප්‍රශ්නෙ ආදරේ කරන්න පුලුවන් ලස්සන (ඉටි රූප වගේ) අයට පමනද? (මම හිතනව දුන්හිඳ අද්දර බලපු අය ඇති කියල )
ReplyDelete"I Spit on your Grave" ඇසුරෙන් සෑදූ සිංහල චිත්‍රපටිය මොකක්ද?
ReplyDeleteමේ තේමාව යටතේ නම් කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. ඒත් හැමදේම නැතුව යම් සීමාවක් ඇතුළේ ඉඳන් මං කතා කරන්නම්. කමෙන්ට්ස් ඇතුළෙ කතාවෙලා තියෙන Dhobi Ghat මාත් බැලුවා. ඒක සහමුලින්ම ඉන්දියානු වට්ටෝරු සිනමාවෙන් පිට පැනපු කෘතියක්. දිනේෂ් ඒක බලල නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න.
ReplyDeleteඒ වගේම ඉන්දියානු සිනමා සංගීතය (හින්දි) කියන්නේ දන්න කාලේ ඉඳන් මගෙත් කන පිනවන අපූර්ව වින්දනාත්මක අංගයක්. 1952 දි එළියට ආපු baiju bawra ගේ ඉඳල 2008 රිලීස් වුණ rab ne bana di jodi දක්වාම ඒ සංගීතය මට එක විදිහටම විඳින්න පුළුවන්. මෙතන දි මං දකින එක කාරණයක් තමයි ඉන්දියානු සිනමා සංගීතය අපේ වගේ එක එක පුද්ගලයින්ගේ කර උඩ තිබිල ඒ පුද්ගලය මිය ගියහම එතනින් ඒ වැඩේ නතර නොවීමයි. සරලවම කිව්වොත් මුල් යුගයේ හිටපු කෙනාගේ අතින් අතහැරෙන බැට්න් එක තමන් අතට ගන්න ඉන්දියාවේ සංගීතකරුවන් සමත්වෙලා තියෙනවා. ඉන්දියාවෙයි ලංකාවෙයි මං දකින එක වෙනසක් තමයි මේ. ඒ වගේම හින්දි සිනමාව මේ වෙනකොට ඉන්දියාවෙන් එපිටට ගිහිල්ලයි තියෙන්නේ. ඊට අනුරූපීව තමන්ගේ සංගීතයටත් විශේෂයෙන්ම බටහිර දේවල් එකතු කරගන්න ඉන්දියානු සංගීතකරුවන් යොමුවෙලා තියෙනවා. ඒ. ආර්. රහුමාන් කියන්නේ මේ වැඩේ බය නැතුව හොඳටම කරන කෙනෙක්.
@hare
ReplyDeleteවීර් සාරාවලට පාවිච්චි කළේ මදන් මෝහන්ගේ සංගීතයයි. මෙයා වැඩ කළේ 1943-1975 කාලෙදියි. ඔය කාරණාව විකිපීඩියාවේ තියෙන්නේ මෙන්න මෙහෙමයි.
"In 2004, Madan's unused tunes were recreated by his son, Sanjeev Kohli, for the Yash Chopra film Veer-Zaara " (http://en.wikipedia.org/wiki/Madan_Mohan_(director) )
@ hare :-)
ReplyDeleteඔබතුමාගේ බ්ලොග් එකට මම අද තමා ගොඩ වුනේ ... කියවන්න දේවල් ගොඩය්... බු.මා. කරගත්ත පස්සේ නිවීහැනහිල්ලේ කියවන්න
-12.52පි.ඇම්. ඇනෝ
ලංකාවේ ටෙලි නට්‍ය කලාවනම් දැන් අන්තිමයි... අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමා බලන්ඩ පුළුවන් හොඳ නට්‍යක් හැදෙන්නේ. අන්තිමට ටෙලිනාට්‍ය වලටත්, චිත්‍ර කතා වලට වෙච්ච දේම වෙයි මගේ හිතේ... බාල දේවල් හැමදාම අලවි කරන්ඩ බෑ... ටික කාලෙකින් මිනිස්සු ඒවා අත් හැරලා දානව... දැන් ලංකාවේ ටෙලිනට්‍යයට ඒ දේ වේගන තමා යන්නේ...
ReplyDeleteමට නම් දැන් හවස 0700 ඉඳලා 1000 විතර වෙනකම් ටීවී එක දිහා බලන්ඩවත් හිතෙන්නෑ.. ඒ තරම් අප්පිරියයි..
මචං චිත්‍රපටිය ගැන මොකද කියන්නෙ?
ReplyDelete@Anony - Primer මම තවම බලලා නැති වුනත් ඉදිරියේදී හෝ බලන්න ඕන. ඔබ කියා තිබෙන කරුණු වලට මමත් එකඟයි. ඔබ එම මාධ‍්‍යයේ ගුණාත්මක පැත්ත හොදින් ග්‍රහණය කරගත් අයෙක් නිසා එය ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න යොදාගන්න හැකිවුනා. හැබැි මේ මාධ්‍යයේම භාවිතා කරන මම දැනට කිහිප දිනකට පෙර ලියූ Shottas හෝ City of God වගේ චිත්‍රපටි වෙනස් අත්දැකීමක් ලබාගන්න නරඹන එක හොදයි. හැබැයි ඒ දේවල් චිත්‍රපටිය නැරඹුවාට පසුව භාවිතයට ගන්න ගියොත්නම් දැවැන්ත විනාශයකින් තමයි කෙලවර වෙන්නෙත්. මෙන්න මේ නිසා මේ මාධ්‍ය තුල වුනත් තියෙන හොද දේ අපේ ජීවිතය යොදාගන්නත්, අහිතකර දේවල් කිසිම අයුරකින් යොදා නොගෙන සිටින්නත් වගබලා ගන්න ඕන...
ReplyDelete@hare :-) - ඉන්දියාවේ සංගීතයේ තිබෙන කන්කළු මිහිරිබව මෙන්ම ගුණාත්මකබවත් එදා සිට අද දක්වාම නොනැසී පවත්වාගෙන යන්නට එම සංගීතඥයන් සමත්වෙලා තිබෙනවා.
ReplyDeleteහැබැයි මායාකතා නිසා හොලිවුඩ් සිනමාව විනාශ වේය යන කාරණය නම් බැහැර කරන්න සිදුවෙනවා. මම ඒකට හේතුව කියන්නම් 60 දශකය වගේ ගත්තාම ඒ කාලේ බහුලවම නිපදවුනේ ගොපළු චිත්‍රපටි ඉතින් ඒ කියලා වෙනස් ආකාරයේ චිත්‍රපටි නොහැදුනෙත් නැහැ ඒ කාලනේ පසුව වෙනස් තේමාවක චිත්‍රපටි ටිකක් වැඩිපුර හැදුනා. ඒ එක්කම 70 දශකයේ ලිංගිකත්වය ප්‍රදර්ශනය වෙන චිත්‍රපටි සැහෙන්න හැදිල තියෙන බව කියන්න පුළුවන්. ඒවා ගත්තම අද ඔබ හොලිවුඩ් චිත්‍රපටියක අඩුම තරමෙන් එකක් හරි තියෙන බෙඩ්ශීට් පොඩි කරනවට වඩා සෑහෙන්න ඉදිරියට ගිය ඒවා අද කාලේ එ් වගේ චිත්‍රපටියක් හැදුනොත් ඒකේ X අකුරුත් වැඩිවේවි. ඒ එක්කම 80 දශකයේ ක්‍රියාදාම චිත්‍රපටි වැඩියි. 90 දශකයේ මට හිතෙන්නේ පාතාල ලෝකය ගැන චිත්‍රපටි ටිකක් වැඩියි වගේ. ඉතින් මේ දශකයේ මායා චිත්‍රපටි ටිකක් වැඩි වුනාට තව ටිකක් කල් ගිය තැන වෙනස් තේමාවක් ඒ තැන ගනීවි.
අවසාන වශයෙන් ඔබ කියා තිබෙන ලිංගිකත්වය ආලින්දයට ඒම ඇත්තෙන්ම වැඩි දවසක් කොහොමත් යන එකක් නැහැ. ඒකට දැන් ඉදන්ම අපේ රංගන ශිල්පිනියන් සූදානම් වෙනවා වෙන්න ඇති කියලා හිතෙනවා. මොකද දැන් අඩුම තරමින් සතියට එක නිළියක් හරි ඒ පෙරහුරුවලට සහභාගීවෙලා ඉදල පොලීසියට එහෙම අහුවෙන්නේ...
සුභ නව වසරක් වේවා මචෝ!
ReplyDelete@ Senna කතාවට 100% එකග වෙනවා සහෝ. ඉස්සර ටීවී එක පිස්සුවෙන් වගේ බැලුවා. ඒත් දැන් ටී වී එක බලන්න රුචිය අඩු වෙලා තියෙන්නෙ. ඉස්සර බොහොම ආසාවෙන් නරබපු රූපවාහිනියත් එහෙම වෙලා වගෙ , ඉස්සට ඒකෙ ගිය ටීවී සීරියස් ටික බැලුවත් ඇති ඒ තරම් ගති.... දැන් මෙගා රැල්ල නිසා ටීවී බැලිල්ල එපා වෙලා තියෙන්නෙ.. මොනවා උනත් ඉස්සට ගියා හොද ටෙලි නාට්‍ය . බොහොම හොද කතා තිබුනු ඒවා. දැන් ඒවා දකින්න තියෙන්නෙ අතලොස්සක් විතරයි.. මම දන්න විදියට හොලිවුඩයේ ඉරෝටික් කතා වලින් ජීවිතේට ගන්න දෙයකුත් තිබුනා..
ReplyDeleteටීවී බැලිල්ල අතහැරැල අවුරුදු ගාණක් වෙන නිසා ටෙලිනාට්‍ය ගැනනම් කියන්න දන්නෙ නෑ.
ReplyDeleteහින්දි චිත්‍රපටත් එකක නෑර බලපු කාලයක් තිබුණත් සංගීතයේ වෙනස් වීම නිසා තමයි ඒකත් එපා වෙලා වගේ ගිහින් තියෙන්නෙ. අර පරණ චිත්‍රපට වල වගේ පෙරදිග සංගීතය තියෙද්දි ආශ හිතෙනව. ඒත් දැන් හින්දි චිත්‍රපට වලත් ගොඩක් ඝෝෂාකාරී සංගීතය වැඩියි. හොඳ එක තෝරගන්න ඔක්කොම බලන්න වෙනවනෙ. එක අතකින් වැරැද්දක් කියන්නත් බෑ දැන් නව පරපුර වැඩියෙන් කැමැති ඒ සංගීතයට. දැන් ලංකාවෙ වුණත් වෙස්ටර්න් මියුසික් නැතිව අලුත් සින්දුවක් එන්නෙ කලාතුරකින්නෙ. වැරැද්ද අපේ වෙනස්වීමට සංවේදී නොවීම.
"ඒත් අනිත් නිර්මාණවන 'මී හරකා', වීසි දැල, සුළඟ එනු පිණිස වගේ චිත්‍රපටිවල කතාබහ කෙරුනේ අමිහිරි සත්‍යයක් වන ලංකාවේ ප්‍රසිද්ධියේ කතානොකරන ලිංගික අසහණයයි."
ReplyDeleteඔබ කියන ලිංගික අසහනය ලංකාවේ පමණක් නොවෙයි තියෙන්නේ. හැම රටවල හැම ජාතින් අතර පමණක් නෙමෙයි හැම සත්ව වර්ගයා අතරත් තිබෙනවා. වැරැද්ද තියෙන්නේ ඒ අසහනයට ලංකාවේ අර වගේ චිත්‍රපට තුලින් තව තවත් ඉන්දන එකතු කිරීමයි. එතකොට අර ස්වභාවයනේ ම තියෙන අසහනය දෙගුණ තෙගුණ වෙලා මිනිස්සු බලු වෙනවා. මහමග, පඳුරු අස්සේ, බීච් එකේ, උද්‍යානවල, ගස් යට නොයෙක අනාචාර දර්ශන දකින්නට ලැබෙන්නේ ඔය දේ නිසයි. මේවා නිතර නිතර දකින සාමාන්‍ය scene විතරයි. ඒ හැර හොටෙල්වල, නවාතැන් පොළවල්වල තරුණ තරුණියන්ට වෙන දේවල් අනන්ත අප්‍රමානයි. දැන් එක් චිත්‍රපටයක (මට මතක විදියට සුළඟ නැත්නම් සුළඟ එනු පිණිස චිත්‍රපටයේ) එක් තැනක තිබු අසභ්‍ය දර්ශනයක් ගැන හිතලා බලන්න. ඒ දර්ශනයේ පෙන්නන්නේ වයස 7/8 ක් පමණ එක්තරා දරුවෙක් තමන්ගේ මව සමග පාලු ගෙයක අවිදෙමින් යන කොට බිම තිබෙන සුදු පාට කිසියම් ද්‍රවයක් (සැබවින් මෙය එම පාලු ගෙයි තුල කලින් දිනයේ අනාචාරයේ යෙදීමෙන් ඇති වූ ශුක්‍රානු කොටසකි ) දකින්නට ලැබෙයි. මේ දරුවා එය ඇඟිල්ලෙන් ගෙන කටේ දමන්නට උත්සාහ කරයි. ඉතින් මම කියන්නේ මේවා කවදාවක්වත් සිදු නොවෙන දේවල් නේ පෙන්නන්නේ. අමුලික් අසභ්‍ය දේවල් නේ මේවයේ පෙන්නන්නේ. කුණුහරුපවලින් එහාට ගිය බලු කාමාශාවන් නෙමෙයි ද මේවයේ පෙන්නන්නේ?
ඔබ කියන ලිංගික අසහනය ලංකාවේ පමණක් නොවෙයි තියෙන්නේ. හැම රටවල හැම ජාතින් අතර පමණක් නෙමෙයි හැම සත්ව වර්ගයා අතරත් තිබෙනවා. වැරැද්ද තියෙන්නේ ඒ අසහනයට ලංකාවේ අර වගේ චිත්‍රපට තුලින් තව තවත් ඉන්දන එකතු කිරීමයි. එතකොට අර ස්වභාවයනේ ම තියෙන අසහනය දෙගුණ තෙගුණ වෙලා මිනිස්සු බලු වෙනවා.
ReplyDelete-------------
ලිංගික අසහනයක් මේ තරම් හෝ මීට වැඩිය තියෙන්න නම් එක අරාබි රටක් වියයුතුය් .....පුරාණ ලංකාවේ ලිංගික අසහනයක් තිබ්බේ නෑ... මොකද නිසි කලට ඔක්කොමල්ල බදිනවා .... ඒ වගේම විවාහය කියන්නේ මෙච්චර අනම්‍යශීලි දෙයක් උනෙත් නෑ (උඩරට නීතිය බලන්න)... දැන් ඉන්නවා වගේ හිතේ ලිංගික කුහක කම් තියාගෙන කතාකරෙත් නෑ .... කොටින්ම නිරුවත .. ලිංගිකත්වය මැජික් එකක් උනේ නෑ (සිගිරිය / අජන්තා ), මේ ඔක්කොම උනේ බටහිරයන්හේ විකාර රූපී victoriyan සදාචාරේ නිසා ... බටහිර රටවල් එතනින් එලියට ගිහින් .... අපි තාම අනුන්ගේ දරදඩු සදාචාරයක් හිස මුදුනේ තියාගෙන අපේ වගේ හිතාගෙන ඉන්නවා ... දිනේෂ් මේ ගැනත් විස්තර ඇතුව ලිපියක් ලියන්නකෝ (වික්ටෝරියන් සදාචාරේ සහ ලංකාව වගේ දෙයක්).
දුක සිතෙන ටෙලිනාට්‍ය වලට මිනිසුන් මෙතරම් කැමති ඇයි දැයි වැටහෙන්නේ නැහැ ඇතැම් නාලිකාවල ප්‍රවෘත්තිවලත් අමිහිර මතක, මිනීමරාගන්න ඒවා, දුක්විදින ඒවා රසකරකර ප්‍රචාරය කරන්නේ සමහරවිට රටේ බහුතරයක් දුක් විදීමට බදුන්වන නිසා දුක පිළිබදව අභ්‍යාස කිරීම සිතේ සැනසීම ගෙන දෙනවාදැයි දන්නෙත් නැහැ, කොහොමවුනත් දියුණුවෙන රටකට මෙවැනි අසුභවාදී ඍනාත්මක අදහස්වලින් වෙන්නේ තවතවත් මිනිසුන් මානසික රෝගීන් බවට පත්වීමයි.
ReplyDeleteI Spit on Your Grave'' මේක බලන්න කැමති නම් මෙතනින් බාගන්න පුළුවන්-
ReplyDeletehttp://extratorrent.com/download/2360329/I+Spit+on+Your+Grave%5B2010%5D%5BUnrated+Edition%5DDvDrip%5BEng%5D-FXG.torrent
ලංකාවේ හැදෙන ගොඩක් ටෙලිනාට්‍යයි , චිත්‍රපටියි බලන්න වැයකරන කාලය , හොඳ blog සහ ඒවායේ comment කියවන්න වැය කරන එක හොඳයි .
ReplyDeleteමෙතනදි අපි හැමෝම පිලිගත් තර්කයක් තියනව, ඒ ලංකාවෙ නිපදවන චිත්රිපට නිර්මාණාත්මක බවෙන් අඩුයි කියන කාරණාව (ජාත්යානන්තර නිර්මාණයන්ට සාපෙක්ෂව ) ඒක ටිකක් විවාද සම්පන්නයි, නමුත් මගේ අදහස හා යොජනාව අපි ඒව විවෙච්නය කරනවට වඩා අපි එකිනෙකාට රසවිඳිය හැකි පරාසය පමණක් තෝරා බේරා ගෙන ඉතුරුව ද්වේශය්කින් තොරව බැහැර කර දැමුවොත් මොකද? 100% මිනිස්සු කැමති වෙන විදිහෙ නිර්මාණ බිහිවෙන්නෙ නෑ නෙද? අනික අද හැමදේකටම තියෙන්නෙ වෙලඳ වටිනාකමක්, මම, ඔබ, අපි, මේ නොනවතින අරගලයෙ කොටස් කාරයො, එහෙව් අපිට තවෙකෙක් ට අඟිල්ල දිගුකල හැකිද?
ReplyDeleteදිනේශ් මෙන්න ලින්ක් එක.
ReplyDeletehttp://thepiratebay.org/torrent/4646083/Sulanga_Enu_Pinisa_aka_The_forsaken_land_(2005)
කැමති නම් මේ ටොරන්ට් එකෙන් සුළඟ එනු පිණිස චිත්‍රපටය බාගෙන බලන්න.
@උදාර - ස්තූතියි! උදාර සුළඟ එනු පිණිස සබැදිය ලබාදුන් එක හොදයි. ඉදරියේදී ඒක ලබා ගෙන බලන්න ඕන. මේ මාතෘකාව තව ටිකක් ඉදිරියට ගෙනයා හැකි බවක් පේනවා. තව කරුණු ඉදිරියේදි කතා කරමු...
ReplyDeleteමිතුරන් සියල්ලන්ටම ස්තූතිකරන අතරේ මේ මාතෘකාව තවත් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට හැකිබවක් පේන්න තියෙන නිසා ඔබලා ලබාදී තිබෙන වටිනා අදහස්වලට පිළිතුරුත් එම ලිපියේදී ලබා දෙන්නට බලාපොරොත්තුවෙනවා....
ReplyDeletePisakkaatuwa
ReplyDelete100% agreed...
දැන් රටේ වෙනදේ දැක්කාම වික්ටෝරියන් සදාචාරයක් වත් තියනවාද කියන එකත් සැකයි...
ReplyDeleteලෝක සිනමාව තුල ඇති උසස් නිර්මාණ වෙනුවට රුපවාහිනී ය අපිට දෙන්නේ පහත සහ පිළුණු දේවල් . මම මේකට කියන්නේ මනසට ගංජා ගැස්සවීමේ ක්‍රමය කියල . රටේ අද්‍යාපනය තුලින් බිහිවෙන්නේ උසස් රසවින්දනයක් ඇති අය නොවේ (හදවත් නැති අය ) . එම නිසා බුද්දිමය රසස්වාදයකට ඉඩ ප්‍රස්ථා නැහැ ...,
ReplyDeleteඅපෝ දැන් නම් ලංකාවේ රූපවාහිනී නාලිකාවල බලන්න දෙයක් නෑ.ඒවා හරියට දැන් ටෙලිනාටය කඩවගේ, ගෑනුත් 7-7.30 වෙනකම් බලන් ඉන්නෙ ඒ ජරාව බලන්න.
ReplyDeleteඒත් මට නම් තාම මතකයි,ඉස්සර අපි හරිම ආසාවෙන් බලපු වැඩසටහන් .හුඟක්ම ඒවා තිබුනෙ ජාතික රූපවාහිනියෙ. දිය කඩඉම,බෝඩිම,ඩිස්කවරි වැඩසටහන් ටික,තව නම් අමතක හුගක් අධයාපනික වැඩසටහන් හුගක් තිබුනා ඒ කාලේ.
මම හැදුවා නාට්‍යයක් නම udarathdhu4
ReplyDelete