-->

Monday, January 31, 2011

The Godfather - “The Greatest Movie of all time” - Episode II


Godfather පළමු නිර්මාණයට ඔස්කාර් සම්මාන තුනක් සහ තවත් අංශ රැසක් සදහා නිර්දේශ ලබන්නත් සුදුසුකම් ලැබූ අතර එහිදී හොදම නළුවාට හිමි සම්මානය Marlon Brando ලබා ගත් අතර එය ඔහුගේ දෙවන ඔස්කාර් සම්මානයයි.

එහෙත් සම්මාන රාත්‍රියේදී සම්මානය ලබා ගැනීමට ඔහු නොපැමිණි අතර, ඔහු සම්මානය ප්‍රතික්‍ෂේප කිරීමද ඉතාමත් කැපී පෙනුනා. එම ක්‍රියාව කිරීමට හේතුව ලෙස ඔහු කීවේ ඇමරිකානු රජය සහ හොලිවුඩ් සිනමාව තුල ඇමරිකානු ස්වදේශික ජනතාවට වන අකටයුතුකම් වලට විරෝදය පෑමක් ලෙස සම්මානය ප්‍රතික්‍ෂේප කරනු ලබන බවයි. කෙසේවෙතත් ඇමරිකානු රතු ඉන්දියන් යයි කියා ගන්නා කාන්තාවක් පැමිණ සම්මානය ලබාගෙන තිබුනා (http://www.imdb.com/title/tt0068646/awards ).

මෙයට අමතරව අනෙක් සම්මාන දෙක ලැබී තිබුනේ සහ හොදම කතාව, වෙනත් මාධ්‍යයකින් හොදම තිර රචනය නිපදවීම වෙනුවෙන් Mario Puzo ට හා Francis Ford Coppola හටයි.


දෙවන කොටසේදී ඊටත් වඩා පෙරට යමින් ඔස්කාර් සම්මාන හයක් සහ තවත් අංශ රැසක් සදහා නිර්දේශ ලබන්නත් හිමිකම් ලැබුවා. එහිදී හොදම සහය නළුවාට හිමි සම්මානය Robert de Niro විසින්ද, හොදම අධ්‍යක්‍ෂනය, හොදම චිත්‍රපටිය, හොදම සංගීතය සහ තවත් බොහෝ අංශ වෙනුවෙන් සම්මාන ලබා ගනු ලැබුවා.


Pacino and Brando rehearse a scene.


Coppola with his two leading actors. The Godfather would launch Pacino’s film career and revitalize Brando’s.

Advice from Corpolla
හැබැයි කෙසේ වෙතත් සම්මාන සංඛයාවෙන් දෙවන Godfather චිත්‍රපටිය, පළමුවැන්න අභිබවාගියත් ජනප්‍රියත්වය සහ අනෙකුත් සියළු අංශ වලින් Marlon Brando රඟපෑ, Godfather පළමු චිත්‍රපටිය සෑම අතින්ම ඉදිරියෙන්ම සිටින බව බහුතරයකගේ මතයයි.

 මීට අමතරව තව පින්තූර රැසකුත් කතා කරන්න විස්තරයි එක්ක Episode III දී හමුවෙමු

The Godfather - “The Greatest Movie of all time” - Episode I

ඔබ බටහිර හොලිවුඩ් සිනමා රසිකයෙක් නම් God Father සිනමා ත්‍රිත්වය බලා ඇති. අඩුම තරමින් මෙම ත්‍රිත්වයේ ජනප්‍රියතම සිනමා නිර්මාණය වන 1972 දි තිරගත වූ God Father පළමු කොටස ඔබෙන් මඟහැරෙන්නට හැකියාවක් නැහැ. මක් නිසාද‍යත් හොලිවුඩ් සිනමාවේ දැවැන්තම ප්‍රතිරූපයක් තිබෙන නළුවෙකු වූ Marlon Brando ගේ අද්විතීය රංගනයෙන් ඔප් නැංවුන එම චිත්‍රපටය Marlon Brando ගේ සිනමාලෝලීන් අතර අතිශයින්ම ජනප්‍රියතම වූ නිර්මාණයයි.


වර්තමාන බටහිර සිනමාවේ ඔස්කාර් සම්මානලාභී නළු නිළියන් රැසකගේ මුලාරම්භය සනිටුහන් කළ එම නිර්මාණය අනෙකුත් God Father සිනමා ද්විත්වය අභිබවා රසික සහ විචාරක යන දෙපාර්ශ‍වයේම ඉමහත් ප්‍රසාදයට ලක්වූ නිසාම God Father ගැන කියවෙද්දී මම මෙහි මාතෘකාවෙන්ම මුලින් පැවසූ විශේෂන පද කිහිපය (“The Greatest Movie of all time” ) නිරායාසයෙන්ම යෙදුනා. කෙසේ වෙතත් අද මම God Father චිත්‍රපටියේ කතාව ගැන ඔබ වෙත අදහස් ඉදිරිපත් කරන්න අපේක්‍ෂා කරන්නේ නැහැ. මොකද මේ වන විටත් මෙම සිනමා කෘතිය රසවිද ඇති. එනිසා එය තවදුරටත් එවැන්නක් කතා කිරීම තේරුමක් නැතිනිසා.

හැබැයි 1972 දී God Father I, 1974 දී God Father II සහ 1990 දී තිරගතවූ God Father III යන චිත්‍රපටි ත්‍රිත්වයයේ තිරයෙන් පිටුපස සිදුවූ සිදුවීම් ගැනනම් බහුතරයක් දෙනාට දකින්නට ලැබී නැහැ කියල මම හිතනවා. මොකද මේවා මීට දශකකට හෝ කිහිපයක් වඩා පෙර සිදුකරන ලද සිනමා නිර්මාණයන්වීම සහ මෙරට සිනමාලොලීන්ට දැක බලා ගැනීමට ලැබෙන DVD වුනත් original ඒවා නොවන නිසා සමස්ත චිත්‍රපටිය හැරෙන්නට අ‍තිරේඛ කාරණා කිසිවක් ඒ තුල අන්තර්ගත කර ‍නොමැතිවීම හේතුවෙන් (original DVD එකක නම් බොහෝවිට චිත්‍රපටියට අතිරේඛව බොහෝවිට ඒ නිර්මාණ සිදුකල ආකාරය, නළු නිළියන්ගේ විත්ති, චිත්‍රපටියට අදාල රසමුසු තැන් ආදියද තිබෙන බව ඔබ දන්නවත් ඇති).

මේ අඩුව පුරවමින් 2008 දී TASCHEN සඟරාව විසින් The Godfather Family Album නමින් God Father සිනමා ත්‍රිත්වයයේ නිශ්චල ඡායාරූපශිල්පියා ලෙස කටයුතු කල Steve Schapiro ගේ කැමරා කාචයේ සටහන් වූ විවිද අවස්ථා රාශියක් සහ ඒ හා සබැදුන විස්තර අඩංගු Coffee Table Book එකක් (විදේශීය රටවල සුපිරි අවන්හල් වල, ඒවායේ මේස මත තබා ඇති ඡායාරූප‍ හෝ සිතුවම් රැගත් ඝනකම් කවරයකින් යුතු Album එකකි) TASCHEN සඟරාව වෙනුවෙන් Paul Duncan විසින් සකස් කර තිබෙනවා.

(Paul Duncan යනු TASCHEN සඟරාව වෙනුවෙන් විවිද චිත්‍රපටි, විවිද අවස්ථා හෝ සම්මානණිය පුද්ගලයන් පිළිබදව මෙවැනි ඡායාරූප Album හෝ කෘතීන් සකස් කරන ලද අයෙකි).

An Album You Can’t Refuse

The Godfather Family Album, Edited by Paul Duncan

මෙලෙස තමයි මෙම Album එක ගැන TASCHEN සඟරාව හදුන්වා දී තිබුනේ. මෙහි පිටු 444 ක් තිබෙන අතර එයින් පිටු 400 ක්ම වසා ගෙන තිබෙන්නේ Steve Schapiro විසින් සේයාරුවට නංවා ගත් වර්ණ සහ කළුසුදු පින්තූර වලින්. මේවා බෙහෝමයක් මෙම සිනමා නිර්මාණ ත්‍රිත්වයට සම්බන්ධවූවන් හැරෙන්නට අනෙක් අය නොදැකපු බවක් තමයි කියවී තිබෙන්නේ එසේම මෙම ඡායාරූප මුල් සේයා පටලයෙන්ම ගත් බවත් සදහන් වී තිබූ අතරම මුලින් මෙම Album දෙවර්ගයක සීමිත පිටපත් සංඛ්‍යාවක් තමයි ඒ ගැන රුචිකත්වයක් තිබෙන අයට ගන්න ලැබිල තියෙන්නේ.

ඒ Leather bound Hardcover in a clamshell box කියන වර්ගයේ පිටපත් 200 ක් සහ එහි මිල ලෙස දක්වා තිබුනේ US $ 1800 ක් ලෙසටයි. දෙවන වර්ගය වූ Quarter bound Hardcover with Leather spines and moiré clothe in a clamshell box කියන වර්ගයේ පිටපත් 1000 ක් සහ එහි මිල ලෙස දක්වා තිබුනේ US $ 700 ක් ලෙසටයි. මෙම දෙවර්ගයේම Album ඡායාරූපශීල්පී Steve Schapiro ගේ අත්සන වෙන වෙනම, ඔහු විසින් යොදා තිබෙන බවද පැවසෙනවා. කෙසේ වෙතත් මේවායේ අධික මිල සහ සීමිත පිටපත් සංඛ්යාුව වැනි හේතු නිසා බොහෝදෙ‍නෙකුට මේවා ලබා ගැනීම තබා දැක ගැනීමටවත්‍ නොහැකිවීමේ දුෂ්කරතාවය වටහා ගත් TASCHEN සඟරාව US $ 69.99 ක් වූ තෙවන වර්ගයේ Album ක්ද ලබා දීමට කටයුතු කර තිබෙනවා.

ඇත්තෙන්ම දැනටමත් අපි පින්තූර බලන්නේ නැතුව කතා කලා වැඩියි වගේ. ‍ඒක නිසා පින්තූර බලන ගමන්ම කතා කරමු.

Never-before-seen photos of Coppola’s masterpiece

ඔස්කාර් සම්මානලාභී සිනමා අධ්‍යක්‍ෂකවරයෙකුවන Francis Ford Coppola ගේ අධ්‍යක්‍ෂනය මෙම සිනමා ත්‍රිත්වයටම ලැබුනා. මේ පෙර කී The Godfather Family Album එකේ තිබෙන ආකාරයෙන්ම ලබා ගත් පින්තූර කිහිපයක්

 









Godfather සිනමා නිර්මාණ බිහිවන්නේ Mario Puzo ගේ නවකතාවක් ආශ‍්‍රයෙන් ඔහුම තමයි Godfather තිර රචනය ලියන්නෙත්. හැබැයි කෙසේ වෙතත් සමහර විචාරනයන් ගේ මතය වන්නේ Godfather කියල ලියවිලා තියෙන්නේ Shakespeare ගේ King Lear කතා‍වම නූතන කාලයට ගැලපෙන ලෙස කියලයි (it was filmed as a modern version of Shakespeare's King Lear - http://www.filmsite.org/godf.html ).




ඒවගේම Steve Schapiro ප්‍රකාශ කරන ආකාරයට Godfather හොද චිත්‍රපටියක් වෙයිද? නරක චිත්‍රපටියක් වෙයිද? කියන එක කවුරුවත් දැනගෙන ඉදලා නැහැ. ඒ වන විට හතලිස් වැනි වියේ අග භාගය ගත කරමින් සිටිය Marlon Brando ඒ වන විටත් ඔස්කාර් සම්මානලාභියෙක්. ඒ 1954දී තිර ගතවුනු On the Water Front චිත්‍රපටියේ හොදම නළුවා වෙනුවෙන්.  ඒවගේම හොලිවුඩ් සිනමා කර්මාන්තය තුලත් ඉන් පිටතත්, ඔහුට තිබුනේ අසාමාන්‍ය ගෞරවයක්.




මීට අමතරව තව පින්තූර සහ ඒහා සබැදුන කතා බොහෝමයක් සිනමා ලෝකයේ පුරාවෘතයක් බදුවූ මෙම සිනමා කාව්‍යතුල ගැබ්වී තිබෙනවා. ඒවා අපි Episode II හිදී බලමු...

Thursday, January 27, 2011

සුන්දර ටජ් මහලේ නොදත් තතු - සිව්වන කොටස

පළමු කොටසට ප්‍රවේශය     - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_26.html
දෙවන කොටසට ප්‍රවේශය   - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_5875.html
තෙවන කොටසට ප්‍රවේශය  - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_27.html

එසේම බිම්මහලට පිවිසෙන පිය ගැ‍ට පෙලවල් වල ඇතුලත කෙලවරද සාජෙහාන් රජු දවස සිටම බාහිර අයට වසා ඇත.
(බිම්මහලට ප්‍රවේශ වන තවත් ස්ථානයක් වසා ඇති අයුරු)

(‍වසා ඇති කාමර සහ සැගවී ඇති බිම්මහල දැක්වෙන ටජ්මහලේ හරස්කඩ සැලසුම් පිටපතක් - මෙය 1855 දී J Fergusson මහතා විසින් රචිත ග්‍රන්ථයකින් ගන්නා ලද්දකි)
(‍වසා ඇති කාමර වලට පිටතින් යමුනා ගංඟා නදී තෙර සිට දිස්වන අයුරු)
තව වැදගත්ම කරුණක් තමයි අග්‍රාවේම පිහිටා තියෙන රතු බලකොටුවේ ශාලාවක කුඩා දර්පණ කැබලි ටජ්මහල පරාවර්තනය වෙලා දිස්වනසේ සවිකර ඇත. සාජෙහාන් රජුගේ ජීවිතයේ අවසන් වසර අටක පමණ කාලය මෙම බලකොටුවේ සිරකරුවකු ලෙස ගත කරඇති අතර ඔහු සිර කිරීමට අණ දී ඇත්තේ ඔහුගේම පුත් කුමරු වන Aurangzeb විසින්මයි. මෙසේ සිරකරුවකුලෙස ගත කරන සාජෙහාන් පෙර කී දර්පණ කැබලි තුලින් ටජ්මහල දෙස බලමින්, තම මියගිය ආදරණිය බිසවගේ නම මුමුනමින් සිටි බවට ප්‍රබන්ධකරුවන් ගොතා ඇති බවයි පැවසෙන්නේ. මෙය තවත් මිත්‍යාවක් ලෙස හදුන්වන්නේ, සා‍ජෙහාන් සිරකරුවෙකු නම් ඔහුට ලබා දෙන්නේ බලකොටුවේ බිම්මහලේ සිර කුටියක් මිස, සැප පහසු ඉහල මාලයක ස්ථානයක් නොවන බවයි. දෙවනුව කියන්න තියෙන හාස්‍ය ජනකම කාරණය නම් මෙම දර්පණ කැබලි මේ කියන ආකාරයට සාජෙහාන් හෝ ඔහුගේ අනුප්‍රාප්තික Aurangzeb විසින් සවිකරවන ලද ඒවා නොවයි. ඒවා  1930 දී ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, කාර්යය සහායකයකු වූ  Insha Allah Khan විසින්, රතුබලකොටුව නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ටජ්මහල පරාවර්ථනය වී පෙනෙන අයුරු, රතු බලකොටුවේ සිට දැක බලා ගැනීමට සවිකල ඒවායි. තෙවනුව, මෙසේ සිරදිවියක් ගෙවන  මහළු සාජෙහාන්ට අස්ථි වල ආබාධ හා ඇස්වල ආබාධ තිබූ බවට පැවසේ. එවන් බාධ ඇති අයෙක් තම ඇස් වෙහෙසමින්, බෙල්ල වේදනාවට පත් කරමින් කුඩා දර්පණ කැබලි තුලින් බැලීමට දුෂ්කර ක්‍රියා කරනු ඇත්දැයි සාධාරණ සැකමතුවන බවත්, මෙ‍ලෙස බොරු පවසමින්, සත්‍යතත්වය වසන් කර ජනතාව මුලා කරන බවද මෙම ඉතිහාසඥයා පවසයි.
 
(දකුණු පස ප්‍රවේශයේ සිට ටජ්මහල දිස්වන අයුරු)


ටජ්මහලේ ගිනිකොන දෙසින් පෞරානික ගව මඩුවක් දකින්නට ලැබේ. එවැන්නක් හින්දු‍ දෙවොලකට මිස ඉස්ලාමීය සොහොන් ගැබකට නොගැලපෙනබවක් ද සැලකිය හැකිය.

ටජ්මහල් ගොඩනැගිලි සංකිර්ණයම ගත්විට එහි කාමර 400 – 500 අතර ප්‍රමාණයක් තිබූ බව පැවසෙනවා. මේවායේ මිනිසුන් වාසය කරන්නට ඇතැයි සැලකෙන අතර, මෙම ටජ්මහල සොහොන් භුමියක් නම් එවැනි තත්වයක් පවතිනු ඇත්දැයි තවත් ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා.

එසේම සාජෙහාන් රජුගේ රාජ්‍ය කාලය සාමකාමී, සමෘධිමත් ස්වර්ණමය යුගයක් ලෙස හා ඔහු විසින් බොහෝ ගොඩනැගිලි තැනවූ බවට සහ ශාස්ත්‍රීය කටයුතු සදහා අනුග්‍රහය දැක්වූ බවට ඉතිහාස ග්‍රන්ථවල දැක්වෙන කරුණු මිත්‍යාවක්බවත්, ඔහු විසින් එකදු ගොඩනැගිල්ලක් හෝ තැනීමක් සිදු නොකල බව සහ ඔහුගේ රාජ්‍ය කාලය අවුල් වියවුල් පිරී පැවති කාල පරිච්ඡේදයක් බවද පැවසේ.

පසුවදන

මම දැන් මෙම දීර්ඝ බ්ලොග් සටහන අවසන් කිරීමට බලාපොරොත්තුවෙමි. මා මෙහි සදහන් කල කරුණු කිසිවක් මගේ ස්වාධීන දත්ත නොවන අතර, ඒවා Shri. P. N. Oak මහතාගේ Tajmahal : The True Story නම් කෘතියෙන් මෙම බ්ලොග් සටහනට, වාණිජමය පරමාර්ථයකින් හෝ කිසිවකු අපහසුතාවයකට පත්කිරීමේ අභිලාශයකින් තොරව සංෂිප්ත ලෙස සිංහල බසට පරිවර්ථනය පමණක් සිදුකල බව තවදුරටත් තරයේ ප්‍රකාශ කරමි. සමහර කරුණු පරිවර්ථනය කරන්නට යෑමේදී මුල් අදහස‍ට හාත් පසින්ම වෙනස් අදහසක් පළවේදැයි නැගුන සැකය නිසා, එවැනි කරුණු පරිවර්ථනය කිරීමෙන් වැලකීමටද සිදුවූ බව පවසමි.එසේම මම පුරාවිද්‍යාව පිළිබදව හෝ ඉතිහාසය ගැන හදාරා නොමැතිබව සහ ටජ්මහල සියසින් දැක හෝ භාරත දේශයට මේ වනතෙක් ගොස් නොමැතිබවත් අන්තර්ජාලයේ විවිද සැගවුනු කරුණු ගවේශනයේ ප්‍රතිළුලයක් ලෙස මෙම සටහන සැකසූ බවද වැඩිදුරටත් පවසමි. එසේම පරිවර්ථන කාර්යයේදී මුල් ලේඛණයේ තොරතුරු කිසිවක් හිතාමතා විකෘති නොකරන ලද බවද පවසන අතරම, ඔබහ‍ට වැඩිදුර අධ්‍යයනය සදහා මෙම මුල් ලේඛණයේ සහ මෙයට ඇමුණූ ඡායාරූප ලබාගත් වෙබ් අඩවි වල ලිපිනයන්ද මේ සමග දක්වා ඇත. http://www.hindunet.org/hindu_history/modern/taj_oak.html
ඡායාරූප බහුතරයක් V. S. Godbole මහතා විසින් ගනු ලැබූ ඒවා වන අතර,
http://www.stephen-knapp.com/was_the_taj_mahal_a_vedic_temple.htm වෙබ් අඩවියෙන් ඒවා ලබා ගන්නා ලදි.
(Mr. V. S. Godbole - http://satyashodh.com/veer_savarkar_remmembered_in_england.htm )
මීට අමතරව P. N. Oak මහතා විසින් රචිත “The Taj Mahal is a Temple Palace” සහ “Some Missing Chapter of World History” කෘති පරිශීලනයෙන්ද ඔබට වැඩි දුර විස්තර ලබාගත හැකියි.

එසේම V. S. Godbole මහතා ගේ TAJ MAHAL AND THE GREAT BRITISH CONSPIRACY : Part I & Part II කෘතීන්ද මේ පීළිබද උනන්දුවක් දක්වන්නකුට වැදගත් වේ. ඒවායේ වෙබ් අඩවි ලිපිනයන් පහත දැක්වේ.
http://www.hindunet.org/hindu_history/modern/godbole_taj1.html  
http://www.hindunet.org/hindu_history/modern/godbole_taj2.html

දැන් මම මගේ  අදහස් දක්වන්නම් . මේක තමයි මම බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සේ ලියපු අතලොස්සක් වූ බ්ලොග් සටහන් වලින් දිර්ඝම සටහනයි (මම දැන් මේ ලියන දේ ලියන්නේ මෙහි නමවන පිටුවේ. ඒ ඡායාරූප නැතුව ලියපු සටහන පමණක්). සමහරවිට මේක කියවන කොට ඔබ ටිකක් වෙහෙසට පත්වුනත් යම් වැදගත්කමක් තිබෙන නිසා ඔබ මා සමග අමනාප නොවෙයි කියලත් හිතෙනවා.

කොහොමවුනත් අවසානයේ මට කියන්න තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ ටජ්මහල සාජෙහාන් රජු හෝ වෙන කවුරුන් විසින් තැනුවත් ඒක උත්කෘෂ්ඨ නිර්මාණයක්. මේකෙත් විවිද අඩුපාඩු, මතිමතාන්තර ඇති. ඒවුනත් කලා නිර්මාණයක් කිසියම් ජාතියකට, ආගමකට හෝ ජනවර්ගවකට තනි අයිතියක් පවරා දීමට ප්‍රායෝගික හැකියාවක් නැතිබවයි මගේ හැගීම. මොකද මේක ගොඩනංවන්න විවිද තරාතිරම්වල මිනිස්සු, විවිද ජාතීන්, විවිද ආගමික මත දරන්නන් හවුල්වෙන්න ඇති. එතනදී තමන් තුල කාලයක් පුරා තමන්ගේ සංස්කෘතියට ආවේණික ලක්ෂන සමහර විට එම නිර්මාණ ශිල්පීන් දැනුවත්ව හෝ නොදැනුවත්නම ටජ්මහල සමග මුසුවෙලා මේවගේ විචිත්රනත්වයක් ඇති කරන්න හේතුවක් වන්නත් ඇති. ඒවත් සැලකිල්ලට ගත්තහම ටජ්මහල යුනෙස්කෝව නම් කලත් නැතත් ලෝක උරුමයක් බව ඔබ සෑම දෙනාම මා සමග එකඟ‍ වනු ඇතැයි මට සිතේ. මම මෙම ලිපිය අවසන් කරන මොහොතේ ඔබට දැක ගැනීමට අන්තර්ජාලයෙන් ලබාගත් තවත් දුර්ලභ ඡායාරූප කිහිපයක් මෙහි පළ කරන්නම්.

(ටජ්මහල සිත්තර තෙලිතුඩට හසුවූ අයුරු දිස්වන පැරණි සිතුවමක්)


(ඉහත සේයාරූ දෙකෙහිම දැක්වෙන්නේ සුප්‍රකට සොහොන් ගැබ වට කොට ඇති තිරයේ කැටයම්)
(ටජ් මහල තවත් ගොඩනැගිල්ලක් තුලින් දිස්වන අයුරු)



(ඉහත සේයාරූ තුනේම දැක්වෙන්නේ ටජ් මහල සඳ එළිය හා මුසුවී ගෙන දෙන චමත්කාරයයි)