Wednesday, July 20, 2011

2012 දී සිදුවන්නේ කුමක්ද? හිරු දෙවියන් කෝප වූ කල - 9 කොටස

මීට පෙර ලිපියේදී මායාවරුනගේ  දින දර්ශනය ලෝක විනාශයට බලපාන්නේද යන කාරණාවට අවධානය යොමුකල බව ඔබට මතක ඇති. එහිදී පෙනුන කරුණ වූයේ ඔවුන්ගේ Long Count දිනදර්ශනයට අනුව එය අවසන් වී නැවත මූලාරම්භයට පත්වීම වැනි කරුණකින් ලෝක විනාශයට හේතුපාදක නොවන ආකාරය හා එයින් සිදුවන්නේ යම් කාලපරාසයක් අවසන්ව නව කාලපරාසයක් ආරම්භවන බව එම ලිපියේ මුලින්ම සදහන් කරන ලද්දෙමි.

එහෙත් මෙම 2012 දෙසැම්බර් 21 වන දින දුර්ලභ තාරකා විද්‍යාත්මක සංසිද්ධි කිහිපයක් සිදුවීම මෙම කරුණ පිලිබද යම් විචිකිච්චාවක් ඇති කිරීමට හේතුවන බව ඔබ පසුගිය ලිපිය අවධානයෙන් කියවන ලද්දේනම් තේරුම් ගන්නට ඇති. අද අපි එම ලෝක විනාශයක් සිදුනොවන බව ලෝකයේ වගකිවයුතු සංවිධාන හා ආයතන රැසක් පවසා සිටියද 2012 චිත්‍රපටිය හා ඊට පෙර නිමැවුන වෙනත් චිත්‍රපටිවලින් 2012 ක් ගැන කතා නොවුනද මෙම විනාශය සිදුවිය හැකි දුර්ලභ කරුණු පිළිබදව ඒවායෙන් පෙන්නුම් කල අයුරුද දැක ගත හැකිවිය.සිනමානිර්මාණත්වකව අපහට සැහැල්ලුවෙන් සංකල්පනාවේ යෙදිය හැකිවුවතත් 2012 හා ඊට ආසන්න කාලයේදී පෙරදී කියූ ලෙස තාරකා විද්‍යාත්මක හෙවත් මූලික වශයෙන් අපගේ සූර්යයාගේ සිදුවන යම් යම් විපර්යාස හේතුවෙන් පෘතුවියට හා එහි වෙසෙන සත්ව ශාක ප්‍රජාව මෙන්ම මිනිසා විසින් නිපදවා ඇති නොයෙකුත් වස්තූන්ට හා අපගේ ක්‍රියාකාරකම්වලට එල්ල විය හැකි තර්ජනයන් පිළිබදව ලෝක විනාශය සිදුනොවුනත් විමසා බලා සිටීම කෙසේවුවත් අපතේ නොයන දෙයකි.

ලෝකයේ විසූ බහුතරයකට එතරම් විමසීමට තරම් අවශ්‍යතාවයක් නොවූ මායාවරු හා ඔවුන්ගේ Long Count දිනදර්ශනය පිළිබදව එකවරම අවධානයක් ලබා දු‍න්නේ 2012 චිත්‍රපටිය හා එය ප්‍රචාරණයට ඔවුන් භාවිතා කල ක්‍රමවේදය යයි කිව්වොත් ඔබ මා හා එකඟවනු ඇතැයි සිතමි. ඒ සමගම ලෝකයටම භිතියක් දැනුන අතරම තමන්ගේ ලෝකය 2012 දී විනාශ වනවාදැයි බොහෝදෙනෙකුට සිතට බියගෙනදෙන ගැටළුවක් විය.

ඒ චිත්‍රපටියෙන් දැක්වූ ආකාරයට කුනාටු, භූමිකම්පා, ගංවතුර, නායයාම් වැනි අප සුලභව මුහුන දෙන ව්‍යවසන ගැනද කියවුනි. එසේම Solar maximum හෝ solar max ලෙස හැදින්වෙන සුර්යයා‍ගේ ක්‍රියාකාරීත්වය වසර 11 ක්  ගතවන සූර්ය චක්‍රයේදී උච්ඡ අවස්ථාවකට පැමිනෙන කාලයේදී  සූර්යාගේ ලප හෙවත් Sunspot හේතුවෙන් ඇතිවන භූචුම්බක කුනාටු හෙවත් geomagnetic storm හේතුවෙන් අපගේ නිවහන වන පෘතුවියට බලපෑම් ඇතිකිරීම ගැන බියක් ඇතිකරවන සිදුවීමක් බව නොවලහා පිළිගැනීමට සිදුවන කරුණකි.

මායාවරු පමණක් නොව අතීතයේ තිබූ බොහෝ ශිෂ්ඨාචාර මෙන්ම වර්තමානයේ පවා ඇති බොහෝ ආගම් සූර්යයා නැතහොත් හිරුදෙවියන් පිළිබද ගෞරවසම්ප්‍රයුක්ත හෝ යම් බියක් සිතෙහි පෙරදැරිකරගත් සිතුවිල්ලකින් වූ අතර අපගේ රටේ පවා සිංහල අළුත් අවුරුද්ද පදනම් වී ඇත්තේ සූර්යයා මීන රාශියේ සිට මේශ රාශියට පැමිණීම යන සංකල්පය මත නිසා එයින්ම සූර්යයාට ලෝකය පුරා හිමිවී ඇති අද්විතීය ස්ථානය ගැන අමුතුවෙන් කිවයුතු නැත.

අපගේ ලිපියේ කතානායකයන් වන මායාවරු විසූ කාලයේ ලෝකය අද කරම් සංකීර්ණ නොවූවා මෙන්ම තාක්‍ෂනික අතින් අද මෙන් නොවූ නිසා එදා දවසේ අදලිපියෙන් කතා කරන සංසිද්ධි නිසා ඇති වන බලපෑම අදට වඩා වෙනස් වන්නට ඉඩ තිබුනි. ඒ අනුව මායාවරුන් ලෝක විනාශය ගැන බලාපොරොත්තු වූ ප්‍රතිළුලයන්ට වඩා වෙනස් ප්‍රතිඵල අද ලෝකය සකස්වී ඇති ආකාරය අනුව අත්විදීමට සිදුවීම ඔබ මේ ලිපිය කියවූ පසු වටහා ගනු ඇතැයි සිතමි.

ලිපිය ආරම්භ කරමින් පැවසූ Solar maximum හෝ solar max යනුවෙන් හැදින්වෙන සංසිද්ධිය දලවශයෙන් වසර  111.4 කදී පමණ සිදුවන දෙයක් වන අතර මෙය සිදුවන චක්‍රය solar cycle ලෙස හැදින්වෙන අතර මෙම චක්‍රයේ උපරිම අවස්ථාවට එළඹෙන අවධිය වන විට සූර්යයා මත සූර්ය ලප හෙවත් sunspots දිස්වෙන බව විද්‍යාඥයන් පවසයි. මෙම solar max අවධිය වන විට සූර්යයාගේ ඇති චුම්බක ක්‍ෂෙත්‍ර රේඛා විකෘති ස්වභායක් ගන්නා අතර සූර්යය සමකය මත පිහිටා ඇති චුම්බක ක්‍ෂෙත්‍රය, සූර්යය ධ්‍රැව වල ඇති චුම්බක ක්‍ෂෙත්‍රයට සාපේක්‍ෂව වේගයෙන් භ්‍රමණය වන බවද පැවසේ. සූර්යය චක්‍රයකට දල වශයෙන් වසර 11 ක් ගතවන බව පැවසුවද මෙම චක්‍රය සමහර විට වසර 9 කින් හෝ වසර 14 කින් වුවද සම්පූර්ණවන බවද වැඩිදුරටත් පැවසේ.

මේ අනුව අවසාන solar maximum සිදුවීම වසර 2000 දී සිදුවී ඇති අතර ඊලඟ සිදුවීම 2013 ජනවාරි සිට මැයි දක්වා කොයි මොහොතක හෝ සිදුවෙතැයි බලාපොරොත්තුවේ. ඒ අනුව සැලකූ කල මෙය 2012 වසරට පසුව හෝ ආසන්න කාලයක සිදුවන නිසා මෙය අපගේ මාතෘකාවට අදාල 2012 සිදුවීම් ජාලයට බලපෑමක් ඇති කරනු ඇතැයි සිතිය හැකි වුවත් සාපේක්‍ෂව ගත් කල 1928 සිට මේ දක්වා සිදුවූ චක්‍රයන්ට අදාලව දුර්වලතම උච්ඡ අවස්ථාවක් ලෙසටද මතයක් ඇත.

කෙසේවෙතත් Wikipidia වලට අනුව නම් මෙම අවිශ්වාස සහගත  solar maxima අවස්ථාව පිළිබදව NASA ආයතනය සිදුකර ඇති ගවේශනයන්ට අනුව 2012 අගභාගය වන විට මෙය සිදුවෙතැයි අනුමානකරන අතර ඔවුන් 2006 මාර්තු වලදී දක්වා ඇති අදහස් අනුව මෙම solar maxima  1859 ට පසු සිදුවන ප්‍රභලම අවස්ථාව වන අතරම මෙහි ප්‍රබලත්වය නිසා උත්රාද්‍රගෝලයේ ධ්‍රැව ප්‍රදේශ වල දර්ශනය වන northern lights නැතහොත් ඔබ අප දන්නා අවුරෝරා එළි රෝමයේදී පවා දැක ගත හැකි වන අතර ආසන්න වශයෙන් සමකයේ සිට 42° උතුරට මේවා දර්ශනය වන බව පවසයි.

සිංහලෙන් ආසන්න වශයෙන් පැවසිය හැකි සූර්යය ප්‍රභේදනය හෙවත් solar variation හි එක් සංරචකයක් ලෙසදමෙම solar cycle හෙවත් the solar magnetic activity cycle අවස්ථාව  හැදින්විය හැකිය. ඉහත කී  solar variation නිසා අභ්‍යවකාශයේ කාලගුණික විපර්යාසයන් ඇති වන අතරම ඊට අමතරව පෘතුවියේද යම් දුරකට කාලගුණික හා දේශගුණික විචලනයන්ට හා හිරු මත සූර්යය ලප ඇතිවීමටද (සූර්යයා මත චුම්භක ක්‍ෂෙත්‍රයේ විචලනයන්‍ හේතුවෙන්) වගකිවයුත්තෙකු වේ.

මෙම ලිපියේ දැනටමත් කිහිපවිටක්ම පවසා ඇති සූර්යය ලප යනු ස්ථිරව සූර්යයා මත ස්ථාපනය වී පවතින්නක්  නොව. එය සූර්යයා මත ඇති වන චුම්භක ක්‍ෂෙත්‍ර ක්‍රියා නිසා හටගන්නක් වන අතර එය හිරු මත කුමන හෝ ස්ථානයක දින කිහිපයක් හෝ ඇතැම් විට මාස කිහිපයක් පැවතී ඉන්පසුව ක්‍ෂය වීමකට බදුන්වේ. මෙම ලප නිසා චුම්භක ස්‍රාවයක් නැතහොත් magnetic flux  ඇති කරන ලබයි.

මෙම සූර්ය ලප අදුරු හා ශීත ස්ථානයන් වශයෙන් හදුන්වන අතර මේවා ප්‍රධාන වශයෙන් සූර්යය චුම්බක ක්‍ෂෙත්‍ර සමග යාවෙන සංසිද්ධියක් නිසා මෙයින් සූර්යයා මත බලසම්පන්න මෙන්ම දුර්වල චුම්බක ක්‍ෂෙත්‍ර ඇති කලාප ඇතිවීමට හේතුවන අතර එමගින් ඇතිවන දුර්වල චුම්බක ක්‍ෂෙත්‍ර ඇති ස්ථානයකින් සූර්යය කුනාටු හෙවත් Solar Winds ඇතිවේ. මෙම සූර්යය කුනාටු සමන්විත වී ඇත්තේ අරෝපිත අංශු ප්‍රවාහයකින් (stream of charged particles)වේ.

මෙම කුනාටු නිසා තවත් විවිද සංසිද්ධීන් ඇතිවන අතර එයින් එකක් වන්නේ කලින්ද පැවසූ භූචුම්බක කුනාටු හෙවත් geomagnetic storm ඇතිවේ. මේවා ප්‍රථ‍මයෙන්ම අභ්‍යවකාශ දේශගුණය වෙනස් කිරීමට හේතුපාදක වන අතර එනිසා මුලින්ම අභ්‍යවකාශයට‍ යවා ඇති කෘත්‍රිම චන්‍ද්‍රිකා ආදියේ විද්‍යුත් පරිපථයන්ට හානි පැමිනීම සිදුවේ. දෙවනුව එය පෘතු‍වියේ විදුලි සංදේශ පද්දතීන්වලට හා electrical power grid වලට හානිකර බලපෑම් ඇතිකරයි. එසේම පෘතුවියේ ධ්‍රැව පෙදෙස් වල දක්නට ලැබෙන northern සහ southern lights ලෙස හැදින්වෙන අවුරෝරා එළි වල විචලනයන් කෙරෙහිද මෙම තත්වයන් කෙරෙහි සහ සූර්යයාගෙන් බැහැරට නිරතුරවම ගමන් ගන්නා වල්ගා තරු වල සූර්ය විකිරණද සහිත වල්ගා කොටසටද (tails of comets, along with the Sun's radiation) බලපායි.
northern සහ southern lights ලෙස හැදින්වෙන
අවුරෝරා එළි
කෙසේවෙතත් පෘතුවි‍යේ පිටතින් හොදින් සැකසී ඇති චුම්බකගෝලය හෙවත්  magnetosphere නමින් හැදින්වෙන චුම්භක ක්‍ෂෙත්‍රයේදී Lorentz force නමින් හැදින්වෙන සිද්ධාන්තය භාවිතයෙන් පෘතුවිය දෙසට පැමිනෙන සූර්යය කුනාටු යනාදියෙන් පැමිනෙන ආරෝපිත අංශු පෘතුවියෙන් ඉවතට හරවා යවනු ලැබේ. මේනිසා අපගේ පෘතුවිය මේ දක්වා සෑහෙනදුරකට හිරුගෙන් මෙ‍සේ එල්ල විය හැකි තර්ජන වලින් ගලවා ගැනීමට මෙම චුම්භකගෝලයට හැකියාව ලැබී තිබුනත් අතිශයින්ම ප්‍රභල සූර්ය කුණාටුවකට හෝ භූචුම්බක කුනාටු මගින් එල්ල විය හැකි තර්ජනයට මුහුණ ‍දෙන ආකාරය කෙසේවෙතත් ගැටළුවකි.



පෘතුවියේ ඒ ඒ ‍ගෝලීය කලාපයන්ගේ සැකැස්ම
තවත් මේ ආකාරයේම තර්ජනයක් වන්නේ සූර්ය කුණාටු මෙන්ම සූර්යාගේ සිට පැමිණිය හැකි කොස්මික් කිරණ (cosmic raysවලින් ඇතිවිය හැකි ව්‍යවසනයයි. සාමාන්‍යයෙන් සූර්ය කුණාටු හෙවත් ආරෝපිත අංශු පෘතුවියට මෙවැනි දේවල් ඇතුළු වීමට ඉඩප්‍රස්ථා නොදී ආරක්‍ෂා කරමින් සිටින චුම්භකගෝලයේ විශේෂයෙන්ම එහි ඇතුලත කලාපයක් වන The Van Allen radiation belt මගින් ග්‍රහණය කරගනු ලැබේ. එහෙත් චුම්භකගෝලයේ ඇති දුර්වල ස්ථානයකින් මෙම අහිතකර ආරෝපිත අංශු වායුගෝලයට ඇතුළුවීම සිදුවන අතර එසේ නැතත් ස්වල්පවශයෙන් හෝ මෙවැනි ආරෝපිත අංශු ඇතුළුවීමක් සිදුවේ.

The Van Allen radiation belt 
කොස්මික් කිරණ මගින් අපගේ වායුගෝලයේ (atmosphere) ඇති නයිට්‍රජන් හා ඔක්සිජන් අනු අයණීකරණය කරන අතර මේ නිසා රසායණික ප්‍රතික්‍රියා ගණනාවකට හේතුපාදක වේ. මෙයින් එක් අනිටු ප්‍රතිළුලයක් වන්නේ අපගේ පෘතුවියේ ඕසෝන් ස්ථරය හායනයට ලක්වීමයි. කෙසේවෙතත් මෙය සාමාන්‍ය තත්වයේදී නම්  මිනිසා විසින්ම නිකුත් කරන Chlorofluorocarbon (CFC) වලින් ඇතිවන හානියට වඩා අඩුතත්වයේ හානිකර තත්වයක් ඕසෝන් ස්ථරයට ඇති කරනබව පැවසේ.

මොනආකාරයෙන් හෝ ඕසෝන් ස්ථරය හානිවීමෙන් හා කොස්මික් කිරණ හෝ හානිකර ආරෝපිත අංශු අපගේ ග්‍රහලෝකයට ඇතුළුවීමෙන් ජීව විද්‍යාත්මක වශයෙන් ගත් කල හානිදායක තත්වයන් වන්නේ විවිදාකාරයේ පිළිකා විශේෂයෙන් චර්ම පිළිකා ආදිය, ස්නායු ආබාද, අක්‍ෂි ආබාද, තවත් විවිදාකාර රෝගබාද නිසා සිදුවිය හැකි මරණිය තත්වයන් මෙන්ම DNA අණුවල විවිද විකෘතිතාද ඇතිවේ. මේනිසා ජාන විකෘතිතා ඇති ජීවීන් බිහිවීමත් ඇතැම් ජීවීන් පොලෝතලයෙන් තුරන්ව යාමටත් හේතුවිය හැකිය.


කොස්මික් කිරණ නිසා පෘතුවියේ ජීවීන්ට මෙසේ බලපාන්නේ නම් අභ්‍යවකාශයේ සිටින අභ්‍යවකාශගාමීන්ට ඇතිවිය හැකි අහිතකර බලපෑම කිහිපගුණයකින් වැඩිබව අමුතුවෙන් කිවයුතු නැත. අභ්‍යවකාශගාමීන් මෙම Galactic cosmic rays (GCRs) වලට භාජනය වී අවධානම් තත්වයන්ට මුහුන දෙනවා මෙන්ම ඔවුන් භාවිතා කරන විද්‍යුත් උපකරණ හා ඔවුන් රැගෙන යානා, අභ්‍යවකාශ මධ්‍යස්ථාන හා චන්‍ද්‍රිකා යනාදියේ විද්‍යුත්  පද්දතීන්වලට හානි සිදු‍වීමෙන් සමස්ථ යානයම විනාශව යාම වැලැක්වීමට ‍නොහැකිවනු ඇත.(In 2010, a malfunction aboard the Voyager 2 space probe was credited to a single flipped bit, probably caused by a cosmic ray.)

එසේම පෘතුවියේ භාවිතා කරන විද්‍යුත්  පද්දතීන්වලටද කොස්මික් කිරණ නිසා යම් තාක් දුරකට හානි සිදුවේ. ඒ කොස්මික් කිරණ ආරෝපිත අංශුවලින් සමන්විත නිසා ඒවායේ ශක්තියෙන් සංගෘහිත පරිපථ (ICs) ආදියේ දෝශ සහගත ප්‍රතිඵලයන් ගෙනදෙන අතර මේ නිසා විද්‍යුත් මතක ගබඩාවන් (electronic memory devices) තුල ගබඩා කරන දත්ත විකෘති තාවයකට බදුන්වීම හා මධ්‍යම සැකසුම් ඒකක (central processing unit) වල ක්‍රියාකාරීත්වය බලාපොරොත්තුවන කාර්යක්‍ෂමතාවය නොලැබීමටද හේතුවිය හැක.තවත් දෙයක් වන්නේ කොස්මික් කිරණ හේතුවෙන් විදුලි කෙටීම සමග ඇතිවන ආරෝපණ හේතුවෙන් විදුලි පද්දතීන්ගේ බිදවැටීම්ද සිදුවීමයි.


තවද දේශගුණයට කොස්මික් කිරණ ඇතිකල හැකි බලපෑම නිසා සිදුවන විපර්යාස හේතුවෙන් නියං තත්ව, අධික වැසි වැනි සාධක නිසා ජනජීවිතය අවුලෙන් අවුලට පත්වීම මෙන්ම කෘෂිකර්මයද මෙබද කාලගුණික හෝ දේශගුණික අසාමාන්‍ය වෙනස්වීම් ‍හේතුවෙන් අකර්මන්‍ය වීමයි.

මෙම කරුණු ගැන සාකච්ඡා කිරීමට තව දේවල් බොහෝමයක් ඇතත් දැන් මෙම ලිපියට මදකට විරාමයක් තබන අතර 2012 ලෝක විනාශය යන සංසිද්ධියට හේතුවිය හැකියයි අනුමාන කරන ලද කාරණා ගැන ඉදිරිලිපියේදී තවත් කතා කිරීමට බලාපොරොත්තුවෙන අතරේම අද ලිපියෙන් කතා කල සූර්යය කුනාටු ආදියෙන් සිදුවන භයානක තත්වය ගැන සිනමාවෙන් අපට පෙන්වූ නිර්මාණයක් ගැන ඔබට කියන්නම්. 2009 දී තිරගත වූ මෙම චිත්‍රපටිය Knowing ඔස්කාර් සම්මානලාභී රංඟනශිල්පී Nicolas Cage ප්‍රධාන චරිතයෙන් දායක වන මෙම චිත්‍රපටිය නැරඹුවේනම් අද ලිපියෙන් කියා ඇති කරුණු ගැන යම් අවබෝදයක් ඔබට ලැබෙනු ඇත.

27 comments:

  1. සබ්ජෙක්ට් එකනම් මාර ෆන් සබ්ජෙක්ට් එකක්...

    ReplyDelete
  2. @සාතන් - සබ්ජෙක්ට් එක නම් ෆන්, හැබැයි ලියන්න ගියාම නම් සෑහෙන්න වෙහෙසෙන්න වුනා...

    ReplyDelete
  3. රාවණ යුගයේ තීබූ තාක්ෂණය විනාශ වෙලා ගියා කියලා හිතන්න පුළුවන් සූර්්‍ය කුණාටුවක් කියන දෙයකින්. මායා ශිෂ්ඨාචාරය කියන්නේ හෙළ අසුර අධිරාජ්‍යෙය් කොටසක් කියන එක තමයි අපේ මතය නම්. මම හිතන්නේ සූර්්‍ය කුණාටුවක් නැවතත් අවොත් මිනිස්සුන්ට නැවතත් ගල් යුගයට අකමැත්නෙ වුව යන්න වේවි
    ලිපිය නම් සුපිරියි

    ReplyDelete
  4. @Dazu - ස්තූතියි! රාවණා යුගය පිළිබදව ඔබ විසින් පවත්වාගෙන යන බ්ලොග් අඩවියේදී කියවන්නට ලැබුන අතර අප නොදන්නා කරුණු බොහෝමයක් එයින් දැනගන්නට ලැබුන බව මම ස්තූතිපූර්වකව දන්වමි. කෙසේවෙතත් ඔබගේ මෙම දැනුවත් කිරීම තව තවත් පාඨකයන් අතරට ගෙන යන්නේ නම් වඩාත් කාලෝචිතබව හැගෙන්නේ මෙම ලිපිපෙල ආරම්භයේදී මටද මේ ගැන ලියන්න කියා ලැබුන ඉල්ලීම් සමූහය දැකීමෙනුයි. මමද ඒ වෙනුවෙන් ඔබට දිය හැකි සහය ලබා දෙන බව මේ මොහොතේ සදහන් කිරීමට කැමැත්තෙමි...

    ReplyDelete
  5. නියමයි සහෝදරයා.ඔබේ වෙහෙසට මම වටිනා කමක් එකතු කරමි.ඔබට ජය

    ReplyDelete
  6. පට්ටම තමයි මචෝ ..... ඉතාම ඉහල ගුණයකින් යුතු ලිපි මාලාවක්

    ReplyDelete
  7. ඊලග ලිපිය එනකම් ඉවසිල්ලක් නෑ...නියම ලිපි පෙළ සහෝ..

    ReplyDelete
  8. බොහොම ස්තූතියි, ඔබ සතුව ඇත්නම් විජයාගමනයට පෙර ලංකාවේ ඉතිහාස මුලාශ්‍ර ටිකක් ලබා දෙන්න.කැමති නම් මගේ බ්ලොග් අඩවියේ සංස්කාරක කමක් ලබාගෙන ලිපි ලියනවා නම් ලොකු උදව්වක් වෙයි අපේ පාඨකයන්ට. මගේ අදහසක් තියෙනවා බුදු දහමයි විද්‍යාවයි කියලා ලිපි පෙලක් ආරම්භ කරන්න. ත්‍රිපිටකය ඇසුරින්.
    ජය වේවා......!

    ReplyDelete
  9. අපූරු ලිපි පෙලක්..! ස්තුතියි.

    ReplyDelete
  10. තවත් සුපිරි ලිපියක් මචං .. දිගටම කමෙන්ට් නොකරත් මම මේ සේරම ලිපි කියවනවා

    ReplyDelete
  11. ඊළඟ කොටසත් පුලුවන් ඉක්මනට දාන්න.

    ReplyDelete
  12. මේ කියන දේවල් ඇත්තටම සිදු වුණොත් ඇත්තටම සැලකිය යුතු විනාශයක් සිදුවෙයි. රෝගාබාධ වැඩි වෙද්දි ඹෞෂධ හිඟයන් ඇති වෙයි. කෘෂිකර්මයට බාධා ඇති වුණාම සාගතයන් ඇති වෙන්න ඉඩ තියෙනව. එහෙම වුණොත් තියෙන සම්පත් භූක්ති විඳින්න මිනිස්සු මරා ගනියි. දැනුත් මරාගන්න කොට කවර කතාද එහෙම තත්වයකදි.

    මෙම ලිපි සකස් කිරීමේ ඔබේ උත්සාහයට ස්තූති කළ යුතුමයි.

    ReplyDelete
  13. @පිස්සු පුසා, Anonymous, buwa, පොතේ ගුරා, සුමින්ද, හිස් අහස, උදාර - හැමෝටම ස්තූතියි! මෙම ලිපියෙන්වත් මෙම ලිපි මාලාව ඉවර කරන්න සිතා සිටියත් ලියාගෙන යද්දී තව තව කරුණු ලැබෙන නිසා ඊලඟ කොටසටත් යන්න වුනා. එම ලිපියෙන් සුපුරුදු පරිදිම ලිපි පෙල අවසන් කරන්න සිතා සිටියත් එහිදීත් යෙදෙන කරුණු කාරණා අනුව එය තීරණය කරනවා...

    ReplyDelete
  14. @Dazu - මා සතුව මේවනවිට නම් විජයගේ ගමනට අදාල ඉතිහාස ලේඛණ නම් නැතිවුනත් යම් හෙයකින් එය ලබා ගැන්මට හැකියාවක් වෙතොත් එය ඔබට ලබාදීමට පොරොන්දුවෙමි. ඔබගේ ඉල්ලීම වන සංස්කාරකවරයෙකුලෙස ඔබගේ බ්ලොග් සටහනට එකතුවීමට මේ මොහොතේ කණගාටුවෙන් වුවත් නොහැකිව තිබෙන්නේ මා හට විවිද කාර්යයන්ට කාලවේලාව යෙදවීමට සිදුවී ඇති නිසා පත්ව ඇති අපහසුතාවයයි. කෙසේවෙතත් ඉදිරියේ හෝ ඒවා නිරාකරණය කර ගැනීමට හැකියාවක් ලදොත් ඒ සදහා යොමුවීමට ඔබ වෙත දන්වන බවද සැලකර සිටිමි...

    ReplyDelete
  15. @``` Outsider``` - ස්තූතියි! ඔබ කියා ඇති කරුණු ඇත්තටම මට මඟහැරී ඇති කරුණු කිහිපයක් ලෙස නිහතමානීව දැන්විය යුතුයි. ඔබ කියා ඇති කරුණු මෙම විනාශකාරී තත්වය ඇතිවුවහොත් නිරායාසයෙන්ම ඇතිවේවි...

    ReplyDelete
  16. අපුරු බ්ලොග්කරණ ආදර්ශයක් යාළුවා...

    ReplyDelete
  17. @ෆැන්ටසි - ස්තූතියි!

    ReplyDelete
  18. චිත්‍රපටියක් බැලුවා වගේ ඔයාගේ කතාව කියවන විට

    ReplyDelete
  19. ආයෙමත්... ඔයා මේ දරන මහන්සියට ප්‍රතිඵල 2012 ට කලින්ම ලැබේවි. ඇත්ත. මහන්සිය නම් උපරිම තමයි... මමත් ඒක පෞද්ගලිකවම දන්නවා. ඒත් ඒ මහන්සිය නැතිවෙන්නේ මේ වගේ තියෙන ප්‍රතිචාර දැක්කම...! ඉතින් මෙහෙම මහන්සි වෙලා ලියනවට කළගුණ සලකන්න තියෙන එකම ක්‍රමය ස්තුතියි කියලා වචනයකින් හරි කමෙන්ට් එකක් දාලා යන එක... ජය...!!!

    ReplyDelete
  20. @ItalyDilan & චතුරංග පෙරේරා | chathuranga Perera - ස්තූතියි! මෙම ලිපිපෙලේ වැඩියෙන්ම මහන්සිවෙන්න සිදු‍වුනේ මෙම ලිපියට හා පසුගිය ලිපියටයි. කෙසේවෙතත් මට දැ‍නෙන ආකාරයට හොදම ලිපිය කියන මට්ටමට රැගෙන එන තෙක් මීට පෙරදීට වඩා කාලයක් ඒ පිළිබදව දැන් යොදවනවා. අපි ඊලඟ ලිපියක් කෙබදුආකාරයක් ගනීදැයි බලමු...

    ReplyDelete
  21. නියම ලිපියක් සහෝ...මම ඔය පැත්ත ගැන ටිකක් අධ්‍යයනය කරා....හිතාගන්න බෑ හැබැයි....

    ReplyDelete
  22. ඉතා වටිනා ලිපි පෙළක්.... හොද වැඩක්.

    ReplyDelete
  23. @මකුළුවා..... & Cool Boy - ස්තූතියි! ඊලඟ ලිපියෙදිත් මෙය සරලව ඉදිරිපත්කරන්නට බලාපොරොත්තුවෙනවා...

    ReplyDelete
  24. අවසන් වතාවට poll Shift වෙලා තියෙන්නේ අවුරුදු 780000 කලින්.අවුරුදු 26000 කට පාරක් ලෝකයේ වෙනසක් වෙනවා කියලත් කියනවා.
    780000/26000 = 30

    ඒ කියන්නේ.. අවසන් poll shift වීමේ සිට මේ දක්වා එම අවස්ථාව අපි 28 හෝ 29 වතාවක් මග එරල තියෙනවා .

    ඉහත සියලුම දේවල් කල්පනකලම මේ සෙරෙ එවෙන්නක් නොවීමේ මෙන්ම වීමේ සම්බවිත්වයක් තිබේ..

    ReplyDelete
  25. ඔව් එහි සම්භාවිතාවක් තිබෙනවා. මෙවර එහි විශේෂත්වය මායාවරුන්ගේ දිනදර්ශනයේ ඒ කියන අවුරුදු 26000 සමග සමපාත වීමයි...

    ReplyDelete