Friday, January 21, 2011

මහ‍ පොළොව මත ඇදි අබිරහස් සිතුවම්

මේ තවත් අළුතින් අරඹන විශේෂාංගයක්. මෙය නම් කරන්නේ විවිද දේවල් නමින්. මෙහිදී ‍විවිදාකාරවූ කරුනු කරණා ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙනවා.

ඔබ මම මේ කථා කරන්න යන දේ සමහර විට දන්නවත් ඇති. ඒ තමයි Nazca Lines ගැන. මෙහි තිබෙන්නේ මහ පොළොව මත ඇදි අති විශාල රූප හෝ ජ්යාලමිතික හැඩතල සමූහයක්.

Nazca Lines තියෙන්නේ පේරු ර‍ටේ නස්කා කාන්තාරයේ. මේක යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙසද නම් කර ඇති අතර, විශාලත්වය ගතහොත් ‍කි.මී. 80 කටත් වඩා එසේ නැතහොත් සැතපුම් 50 කටත් වැඩි බවයි පැවසෙන්නේ. එසේම මේවා සකසන්නට ඇත්තේ ක්‍රි.පූ. 400 සහ 650 අතරේදී වනු ඇති බවද මේ විශය පිළිබද ප්‍රවීණයන්ගේ අදහස. ඒ වගේම ඇදි රූප ගතහොත් මිනිසුන්, වදුරන්, මාළුන්, මකුළුවන්, කුරුල්ලන්, සර්පයන් සහ තවත් සත්වයන්ගේත්, ශාක සහ විවිද ජ්‍යාමිතික හැඩ තලත්, සරල ලෙස පොළොවේ මතුපිට අදුරු පාෂාන ඉවත්කර, අදුරු බව අඩු එළිය ඇති පාෂාන මතුකර ගැනීමෙන් සකසා තිබෙන අයුරු ගුවන් යානයකින්, රූප වලට ඉහළින් ගමන් ගන්නා අයෙකුට හෝ එමගින් ගන්නා ලද ඡායාරූප ඇසුරෙන් දැක ගත හැකියි.

 මේවගේ මහපොළොව මත ඇදි රූප ලොව කිහිපතැනකින්ම හමුවෙනවා. ඒ සෑම තැනකදීම මතුවන ප්‍රධානම ගැටළුව තමයි, මේවා කවරෙකු විසින්, කුමන කලෙක, කවර කරුණක් උදෙසා සිදුකරන ලද්දක්ද යන වග. මෙතනදීත් එම සැකසංකා මතුවීම ස්වභාවිකයි. Nazca Lines ගැනත් විවිද මත මේ ගැන ගැඹුරින් ගවේශනයේ යෙදුන උගතුන් ප්‍රකාශ කර සිටිනවා. එක් මතයක් වන්නේ මෙහි විවිද රූප වලින් විවිද වූ සංසිද්ධීන් ඉදිරිපත් කරන බවයි (උදා: සශ්‍රීකත්වය, යෝද නකෂස්ත්‍ර දින දර්ශන ආදිය පිළිබදව සහ විවිද දේවල් ගැන)

එසේම තවත් සුවිශේෂ කාරණාවක් වන්නේ අපගේ ද්වීපයේ ගෞරවනීයම මුතුන්මිත්තා ලෙස සැකලෙක රාවණා රජු පිළිබදව කරුණු හදාරා පොත් ලියා ඇති ඇදුරුතුමෙකුගේ අදහස අනුව මෙම රේඛා රාවණා රජුගේ හෝ ඔහුගේ නෑදෑයෙකුගේ දඩුමොණර යානයක් ගොඩ බැස්සීම සදහා යොදා ගෙන ඇති ගුවන් පථයක රේඛා බවයි. ඔහුගේ මතයට අනුව ඒ කාලයේ ලොව එක් එක් ප්‍රදේශ පාලනය කර ඇත්තේ රාවණා නිරුදුන්ගේ නෑදැයන් බවත්, ඔවුන්ටද දඩුමොණර යානාවන් තිබූ බවත්ය.ඇත්තෙන්ම කිවුවොත් මම මේ ලිපියේ මාතෘකාව වන නස්කා රේඛා පිළිබදව මුලින්ම දැන ගත්තෙත් එම පො‍තෙන්මයි. (ඒත් මට මේ මොහොතේ එම පොතේ නම සහ එය ලියූ කතුවරයාගේ නම මතක නැති නිසා, එය නැවත මතක් වූ වහා මෙහි සටහන් කිරීමට පොරොන්දුවෙමි.)
ඊ‍ට අමතරව අප කවුරුත් දන්නා Arthur C. Clarke's මහතා, සිය Mysterious World නම් කෘති‍යේද මෙම නස්කා රේඛා පිළිබදව ලියා ඇති බව පැවසිය යුතුය.

එසේම වැඩි දෙනෙකුගේ මතය නම් මෙම සලකුණු පිට සක්වල ජීවීන්ට පෘතුවියට පැමිනීමේදී සිය යානා ගොඩබැස්සවීමකට ඇවසි ගුවන්පථයකට අදාල සලකුණු බවයි.

කෙසේ වෙතත් විවිද මති මතාන්තර මෙම කරුණු උදෙසා ඉදිරිපත් කර ඇති අතර අන්තර්ජාලය පිරික්සීමෙන් හෝ ඒ පිළිබද ලියවී ඇති පොත පත පරිශීලනයෙන් ඔබගේ දැනුම මුවහත් කරගත හැකි බවද ප්‍රකාශ කරමි. මේ පිළිබදව තව බොහෝ විස්තර අඩංගු වෙබ් අඩවි රැසක් තිබෙන අතර මේ වෙබ් අඩවි දෙකට ගියොත් ඔබට හොද විස්තරාත්මක කරුණු හා ඡායාරූප දැක ගත හැක. http://en.wikipedia.org/wiki/Nazca_Lines  හා http://www.unmuseum.org/nazca.htm  

 (ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙන් ලබා ගන්නා ලදි)


10 comments:

  1. දිගටම ලියමු සින්ඩිකේටර් වලට දාන්න
    http://syndi.lankeeya.lk
    http://blog.sinhalabloggers.com

    ReplyDelete
  2. දෙන්නටම ගොඩක් ස්තූතියි !!!

    ReplyDelete
  3. දිගටම ලියන්න.
    බ්ලොග්වල ලියවෙන වල්පල්වලට වඩා
    මෙහෙම දේවල් හරි වටිනවා.

    ReplyDelete
  4. @ කාංචනා - ස්තූතියි! මේ බ්ලොග් එක තමයි සත් සමුදුරේ වෙනස් වෙනස් මාතෘකා ගැන කතා කරන්න පටන්ගත්ත තැන.

    ReplyDelete
  5. ඔබතුමා ඔය කියන්නේ මහාචර්ය සුරිය ගුණසෙකරයන්ගේ හෙළ යුගය පොත ගැනද??

    http://helayuhgaya.netau.net/

    ReplyDelete
  6. @supun - ඔව් මේ පොත තමයි මට මතක හැටියට නම්...

    ReplyDelete
  7. මම ඒ පොත කැමති කෙනෙකුට බලන්න ලින්ක් (http://helayuhgaya.netau.net/)
    එකක් දාල තියන්ව. ඊට අමතරව මගෙ ගාව pdf එකකුත් තියන්වා. අවශ්‍ය කෙනෙකුට මේල් කරන්න පුලුවන්.
    My email:supun.abayawardana@gmail.com

    ReplyDelete
  8. @supun - ඔබ ඉතාමත් හොද වැඩක් තමයි ඇත්තටම කරල තියෙන්නේ. මටත් එම පොතේ pdf එක ලබා ගන්න අවශ්‍යයි. මම ඔබට මගේ emal ලිපිනය ලබා දෙන්නම්...

    ReplyDelete
  9. ඇත්තටම මොනවා වෙන්ඩ පුලුවන්ද මේවා .. ??

    ReplyDelete