Thursday, January 31, 2013

ගොපල්ලන්ට එරෙහිව පිටසක්වල ජීවීන් (Cowboys & Aliens)

මේ වසර 1873 දී ඇරිසෝනාවයි. හිටි හැටියේ අවධි වන ගොපලු කොල්ලෙකු වන (කොල්ලෙක් කිව්වට කොල්ලෙක්ම නෙමෙයි) Jake Lonergan හට මතකය අහිමිව ගොස් ඇති අතර ඔහුගේ දකුණු අතේ බැද ඇති ඔරලෝසුවකට වඩා විශාල මෙවලම දකින විට තුශ්නිමිභූත වේ.
 
මෙම කතාව මුලින් සාමාන්‍ය ගොපළු චිත්‍රපටියක ස්වරූපය ගත්තත් ඉන්පසුව සිදුවන්නේ සාමාන්‍ය අයුරින් ගොප්ලලන් හා ගොපල්ලන් හෝ ගොපල්ලන් හා ඒ අවධියේ තවත් ප්‍රතිවාදීන් වූ රතු ඉන්දියානුවන් හා ගැටීම නොව ගොපල්ලන් හා පිටසක්වල ජීවීන් හා ගැටීමකි.

ගොපළු චිත්‍රපටියකට ආවේණික රූප රාමු සහ ඒවාට ආවේනික සංගීතයද විශිෂ්ඨ අයුරින් හසුරුවා ඇති මෙහි ප්‍රධාන නළුවා ලෙස දැන ජේම්ස් බොන්ඩ් චරිතය රඟපාන Daniel Craig පණ දෙන අතර  Indiana Jones චිත්‍රපටිපෙළේ අමරණීය චරිතය රඟපෑ Harrison  Ford ගේ රංගනයත් කාලයකට පසුව දැක ගත හැකිවනවා.

වැඩි විස්තර කියනවාට වඩා නරඹා ඔබටම රසවිදීමේ අවස්ථාව ලබා දෙමින් දැන් නවතිනවා.

Monday, January 28, 2013

අතීතයේදී පිටසක්වල ජීවීන් අපේ ලෝකයේ ඇතැම් දේ වෙනුවෙන් මැදිහත් වූවාද? නැතහොත් දැන් අහිමිව ඇති පැරණි දියුණු මානව තාක්‍ෂනික ප්‍රතිඵලද?

සමහරවිට ඔබ මේ වන විටත් මේ සම්බන්ධයෙන් ලියූ පළමු ලිපිය කියවා ඇති. කියවා නැතිනම් මෙන්න එයට සබැඳිය - අතීතයේදී පිටිසක්වල ජීවීන් පෘථිවියේ ඇතැම් සංසිද්ධීන් සහ නිපැයුම් සදහා මැදිහත් වුනාද?

කෙසේවෙතත් මෙම ලිපියේදී පැවසූ, මෙම න්‍යාත්මක කරුණ කෙරේ පෙනී සිටින අය විසින් තැනූ Ancient Aliens වැඩසටහනේ කරුණු වලට තර්කානුකූල ප්‍රතිචාරයක්  දක්වා තැනූ ancient aliens debunked නම් වාර්තාමය වැඩසටහනද නැරඹූ අතර එහිදී මුලින් පැවසූ Ancient Aliens වැඩසටහනේ බොහෝ කරුණු වලට ප්‍රතිවිරුද්ධව ඇතැම් විට සාර්ථකව මෙන්ම ඇතැම් විට Ancient Aliens වැඩසටහ‍නේ කරුණු අර්ධ වශයෙන් පමණක් බැදිහෙලා කරුණු දක්වා තිබුන බව පෙනුනි. කෙසේවෙතත් මේ කාගේවත් පාර්ශවයක් නියෝජනය කිරීමට මෙම ලිපිය ලිවීමේදී අවශ්‍යතාවයක් නොවූ අතර ඇතැම් නිර්මාණ එදා කාලය හා තිබූ තාක්‍ෂනය ඔස්සේ නිර්මාණය කිරීම මේ දෙපාර්ශවයේම උපකල්පන මිස සැබැවින්ම කුතුහහලය දනවන්නකි.

උදාහරණයක් ලෙස ගතහොත් Puma Punku තැනීමට අදාලව aliens debunked වැඩසටහන සාර්ථක තර්කානුකූලබවක් ඔවුන් දක්වන්නට සමත්වූවත් එම ස්ථානය කවරකරුණක් අරඹයා තැනුවේද යන්න පිළිබදව සාර්ථකව යමක් ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බව පෙනේ. කෙසේවෙතත් දෙපාර්ශවයටම මෙවන් කරුණු සම්බන්ධයෙන් උපකල්පන මිස නිශ්චිතවම අදාල හේතුව ඉදිරිපත් කිරීමට නොහැකි බවත් අප මැදිහත් සිතින් පිළිගත යුතුය.

තවත් උදාහරණයක් ලෙස Easter Island හි Moai  ප්‍රතිමා සම්බන්ධයෙන් ගත් විට පිටසක්වල ජීවීන්ට පක්‍ෂව කරුණු ගෙනහැර දක්වන අය එහි ඇතැම් ස්ථාන වල හමුවන ගල් මත කැටයම් කර ඇති Petroglyphs (Petroglyphs (also called rock engravings) are pictogram and logogram images created by removing part of a rock surface by incising, picking, carving, and abrading.- http://en.wikipedia.org/wiki/Petroglyph) රූපද ආධාරකර ගනිම්න් එහි නිරූපිත bird man එසේත් නැතහොත් එම දූපතේ ස්වදේශික ජනයා පවසන දේවත්වයෙන් සලකන රූපයද පිටසක්වලින් පැමිණියෙකු බවට විශ්වාස කරන අතර උපරිම උස අඩි 33 ක් හා බරින් ටොන් 86 ක් පමණ වන Moai පිළිරූ නෙලීම, ඒවා ප්‍රවාහණය හා ස්ථානගත කිරීම පිළිබදව ඔවුන් දක්වන මතය පිටසක්වල ජීවීන්ට පක්‍ෂවය. ‍එසේම ප්‍රවාහණය පිළිබදව ඔවුන් දත්වන සැකය නම් යුරෝපීයන් 1720 ගණන් වල ගොඩ බසින විටත් විශාල කදන් සහිත ගස්, එසේත් නැතිනම් මෙම බරසාර පිළිරූ රැගෙන තල්ලු කිරීමට හැකි ගස් නොමැතිවීමයි. 
යුරෝපීයන් මුලින්ම Moai පිළිම දුටු අයුරු

එසේම ඒවා ඔසවා ස්ථාන ගත කිරීම පිළිබදවද ඔවුන්ට ඇත්තේ උභතෝකෝටික ගැටළුවකි. ඔවුන්ට පමණක් නොව එය අපටද ගැටළුවකි. එහෙත් මෙම පිටසක්වල ජීවින් මේ ‍ලෝකයේ දේවල්වලට අතනොපෙව් බවට මත පළකරන්නන් පවසන්නේ මෙම පිළිම පිටින් පැමිණි ජීවියෙක් විසින් තැනූනත් නොව මෙහි සිටි ස්වදේශිකයන් විසින් තැනූ බවයි. ඇත්තෙන්ම එය පිළිගත හැකි සාක්‍ෂිද මෙහි තිබේ. මන්ද අර්ධ වශයෙන් නෙළු පිළිම මෙහි දක්නට ලැබන බව ඔවුන් පෙන්වන අතරම පිළිම නෙලා ඇත්තේ මෙහි ඇති කළුගල් උපයෝගී කරගෙන තිරස් අතට වන අතර පසුව ඒවා තිරස් කර තිබෙන බවද ඔවුන් පෙන්වයි.

එසේම ඒ මේ අත ප්‍රවාහණය කර තිබෙන්නේ ලී කොට ආධාරයෙන් බව නිදර්ශන තනා ඒවා කොටමතින් ප්‍රවාහණය කිරීමෙන් ඔවුන් සනාථ කරන අතර දැන් මෙහි ගස් නොතිබීමට හේතුව ලෙසද ඔවුන් දක්වන්නේ මෙම පිළිරූ ගෙනයාමටම විශාල ලෙස ගස් කපා කොටන් ලබා ගැනීමයි. තවද ඇතැම් පිළිම අර්ධ වශයෙන් හෝ මුළුමනින්ම වාගේ පසට යටව තිබෙන්න හේතුව ලෙසද දක්වන්නේ විශාල ගස් නොමැති වීමෙන් දිගුකලක් වර්ශාවට පොළව නිරාවරණය වීමෙන් සිදුව ඇති දැඩි පාංශු ඛාදනය නිසා බවයි.

මීට වසර දහස් ගණනකට පෙර තැනූ මෙවන් අධික බරින් යුතු නිර්මාණ ගොඩනැගීමේදී ඒවා එසවීම පිළිබදව ඇත්තේ ගැටළුකාරී තත්ත්වයකි. අද මෙන් විශාල බර එ‍සවිය හැකි ‍දොඹකර නොතිබුනා සේම අද තිබෙනා දොඹකර වලින් පවසා එසවීම ලේසිපාසු නොවන්නාවූ මෙම බර එසවීම පිළිබදව මෙම කොට්ඨාශයේම මත එක් අයුරිකින් පිළිගන්නටද අනෙක් අයුරින් පිළිනොගැනීම හෝ මධ්‍යස්ථ මතයක පිහිටා සිටීම වැනි වැනෙන සුළු තත්ත්වයක සිටීමට සිදුවේ. මන්ද පිටසක්වල ජීවින් වෙනුවෙන් හඬ නගන්නන් මෙවන් බර එසවූයේ සාමාන්‍ය මිනිසුන් නොව සුපිරි තාක්‍ෂනයක්, සුපිරි බලයක් තිබූ පිටසක්වල ජවීන් විසින් බවයි. එහෙත් මෙම මතය තරයේ ප්‍රතික්‍ෂේපකරන ප්‍රතිවාදීන් පිරමීඩ සෑදීමේදී විශාල ගල්කුට්ටි එසවීමට භාවිතා කළ මිනිස් බලයෙන් භාවිතා කරන්නට ඇතැයි සැලකෙන සෝපාන පද්දති පිළිබදව පරිගණක ඇසුරෙන් නිර්මාණය කරන ලද උපකල්පිත අනුරූ සේම එතරම් ඉහලට නොවන බර ඉසිලීම සදහා විවිද මූලධර්මයන් පිළිබදව කරුණු ගෙනහැර දක්වයි.
(මෙහි දැක්වෙන්නේද අතීතයේ දැවැන්ත බර එසවූ ආකාරයන් පිළිබදව උපකල්පිත තොරතුරුයි http://www.catchpenny.org/mmbuild.html)

තවත් කරුණක් වන්නේ වසර දහස් ගණනක් නොව මෑත අතීතයේ එනම් විසිවන සියවසේ දෙවන දශකයේ ඉදිකිරීම් ඇරඹුන විශ්මිත නිර්මාණයකද මෙවන් අභිරහසක් සැඟව පැවතීමයි. එය නමින් Coral Castle හෙවත් Rock Gate වන අතර ඇමරිකාවේ Florida හි Miami Dade හි පිහිටා ඇති කොරල් ගල් වලින් නිර්මාණය වූ මෙම උද්‍යානය තනි පුද්ගලයෙකු විසින් කරනු ලැබූවක් වේ.

Edward Leedskalnin  නම් වන නිර්මාණකරුවා සිය පෙම්වතිය වෙනුවෙන් කරන ලැබූ නිර්මාණයක් ලෙස හදුන්වන මෙය 1923 සිට ඔහු මිය ගිය 1951 දක්වා කරගෙන යනු ලැබූ බව පැවසේ.ලැට්වියා‍වේ උපත ලැබූ මෙම පුද්ගලයා අධ්‍යාපනය ලැබ ඇත්තේද හතර හෝ පහේ පන්තිය දක්වා පමණක් බව පැවසෙන අතර සිවිල් හෝ යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය හැදෑරූ අයෙකුද නොවන බව පැවසේ. තම පෙම්වතිය තමන්ව ප්‍රතික්‍ෂේප කොට හැරයාමෙන් පසුව නිදහසේ දේශය ලෙස හැදින්වූ ඇමරිකාවට ඔහු වයස අවුරුදු 28 දී සංක්‍රමණය වී තිබේ.

මෙවන් වූ පසුබිමක් ඇති මෙහි නිර්මාණකරුවා ටොන් තිහක් පමණ පවා බරින් වූ පාශාන ඔසවමින් මෙම නිර්මාණයය කළ අන්දම අදටත් අභිරහසකි. එයට හේතුව  ඔහු මේ කිසිවක් පිටස්තරයන්ට ඇහැ ගැහීමට ඉඩ නොදුන් අතර රාත්‍රීකාලයේ පමණක් මේ කටයුත්තේ නිරතුවූ බව පැවසේ. කෙසේවෙතත් මේ පිළිබද විමසන සෑම විටකම ඔහු පවසා ඇත්තේ මා පුරාණ මිසර පිරමීඩ තැනූ තාක්‍ෂනය දන්නා බවත්, එය උපයෝගී කරගනිමින් මෙම විශ්මිත නිර්මාණය සිදුකළ බවත්ය. මේ මොන හේතුව දැක්වූවත් ඔහු මෙම අධික බර එසවීම උපයෝගී කරගත්තේ දම්වැල් සවිකළ ත්‍රිපාදයක් වැනි උපකරණයක් පමණක් වන්නට ඇති බව ඔහුගේ වැඩබිමේ එම මෙවලම දුටුවන් පවසයි.

එහෙත් ත්‍රිපාදයක් වැනි මෙවලමකින් පමණක් ටොන් ගණන් බර ගල් කුට්ටි එසවිය හැකිද? එසේම එඩ්වර්ඩ් අතීතයේ සිටියායැයි පැවසෙන යෝදයකුද නොවන අතර යනතමින් අඩි පහක් උස හා රාත්තල් 100 ක් පමණ බර මෙම පුද්ගලයා කෙසේ මේ ‍දේවල් කරන්නට ඇත්ද? අදටත් අභිරහසක්ව ඇති මෙම කරුණේ තවත් දෙයක් වන්නේ ඉහත කී ත්‍රිපාද මෙවලම මත තිබූ පෙට්ටියේ මෙම රහස සැඟව තිබෙන්නට ඇති බවයි. එහෙත් කිසි කළෙක මෙම පෙට්ටිය හෝ ඔහු විසින් භාවිතා කළ ක්‍රමවේදය හෝ ඔහු දැන සිටි තාක්‍ෂනය ලෝකයට දැනගන්නට හැකිවූයේ නැත. මෙම ක්‍රියාදාමය ඉඳුරාම පිටසක්වල ජීවින්ගේ සහයෙන් කරන ලද්දක් බව මා නොපැවසුවත් එය එසේ වන්නට ඉඩ ඇතැයි සැකකරන්නෝ ලෝකයේ බොහෝ වෙසෙති.
http://en.wikipedia.org/wiki/Coral_Castle
http://www.bibliotecapleyades.net/ciencia/ciencia_modernmegalithsus02a.htm
http://www.alexpetty.com/2009/11/24/the-secrets-of-edward-leedskalnin/


තවත් අපූරු කරුණක් වන්නේ 1936 දී මුලින් මෙම කොරල් නිර්මාණය ඉදිකළ බිමෙන් සැතපුම් 10 ක් දුරින් පිහිටි දැන් මෙය පිහිටා ඇති ස්ථානයට ඔහුට මෙම සියල්ල රැගෙන යාමට සිදුවීමයි. එහිදී ඔහු මෙම බර ඔහුගේ වාහනයට පැටවූ හෝ බෑම සිදුකළ අයුරු සි‍යැසින් දුටු අයෙකුද නොමැත.

මධ්‍යකාලීන යුගයේ ඇඳි චිත්‍ර බොහෝමයක් ඇතැම් තොරතුරු සඟවමින් සිදුකළ නිර්මාණ හෝ Symbolism යන සංකල්පය සහිතව සිදුකළ නිර්මාණ බව පිළිගන්නා කරුණකි. ඒ අතරින් මීට පෙර අප සවිස්තරාත්මකව කතා කළ ලියනාඩෝ ඩාවින්සිට අයත් වන්නේ අද්වතීය ස්ථානයකි.

ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු?
ඔහු විසින් නිර්මාණ්‍ය කරනා ලද මොනාලිසා පිළිබදව විවිද කාලවකවානුවලදී විවිද විවිද මත පළ වූවත් අදටත් ඒවා අනුමාන මිස නිශ්චිතවම පැවසිය හැකි කරුණු නොවේ. එසේම මෙම සිතුවමේ බැළුබැල්මට නොපෙනෙන අදෘශ්‍යමාන හිසක් තිබෙනා බව මේ සිතුවම ගැඹුරින් අධ්‍යයනය කළ ඇතැම් විද්වතුන් පවසයි. මේ එම සිතුවම යථා තත්ත්වයේදී හා එහි ප්‍රතිබිම්බ පෙනුම එකිනෙක සමපාත කළ විට එම මුහුණ මතුවන ආකාරයයි.

මේ දැක්වෙන්නේ එම මුහුණයි.

මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් The Virgin and Child with St Anne and St John the Baptist නම් සිතුවමේද මෙම මුහුණ සැඟවි තිබීමයි.

The Virgin of the Rocks සිතුවමද එකිනෙක සමපාත කළ විට ලැබෙන රුව අප දැක පුරුදු පිටසක්වල ජීවියාට සමාන කමක් දක්වන බව පෙනේ.


මෙම ගුප්ත මුහුණු කවරක්ද? ලියනාඩෝට පිටසක්වල ජීවීන් හා ගණුදෙනුවක් තිබුනේද? අඩුම තරමින් ඔහු පිටසක්වල ජීවීන් දැක තිබුනාද? ඔහුගේ සටහන් පොත් වල ඇති අසාමාන්‍ය පෙනුම ඇති ජීවින් කවුරුන්ද? ඇතැම් අය මේවා මිනිසුන්ගේ ඇතුලාන්තය යයි පවසද්දී තවකෙකු මේවා පිටසක්වල ජීවීන්ට නෑකම් කියන මුහුණු බව පවසයි.

ලියනඩෝගේ ජීවිත කතාව ගැන පවසන විට 1476-1478 වැනි කාල වකවානු පිළිබදව කිසිදු තොරතුරක් දැන ගන්නට නොලැබෙන පවසයි. මෙම කාලය තුල ඔහු කවර කටයුත්තක නියැලෙන්නට ඇත්ද? ඇතැම් අය පවසන්නේ මෙම කාලය තුල ඔහු පිටසක්වල ජීවින් හා ගණුදෙනු පැවැත්වූ බවයි. එයට හේතු ගණනාවක් ඔවුන් ගෙන හැර දක්වති. ප්‍රභලතම සාක්‍ෂිය imola නගරයේ ගුවන් සිතියමයි. සෑම අතින්ම නිවැරදි මෙම සිතියම ගුවනින් ගමන් කළ නොහැකි එම කාලවකවානුවේ ඔහු ඇන්දේ කෙසේද?
ලියනාඩෝ විසින් ඇඳි නිවැරදි Imola ගුවන් සිතියම

පිටසක්වල ජීවීන්ට පක්‍ෂව අදහස් දක්වන අය පවසන්නේ ලියනාඩෝ ගණුදෙනු පැවැත්වූ පිටසක්වල ජීවින්ගේ යානයකින් ‍ගොස් ඔහු මෙය ඇදි බවයි. තවත් සාක්‍ෂියක් ලෙස ඔවුන් පෙන්වන්නේ ලියනඩෝට ඉන් සියවස් පහකට හයකට පසු නිර්මාණ වන සොයාගැනීම් පිළිබදව සටහන් ඇඳිමට හැකියාව ලැබුනේ ඔහුට පිටසක්වල ජීවීන්ගේ ආධාරයෙන් අනාගතයට ගමන් කිරීමට හැකිවූ නිසා බවයි. එහෙත් ඔහු විසින් සිතුවම් කළ හෙලිකොප්ටරය ගත්විට ආදර්ශයක් ලෙස මිස එයට ගුවන් ගතවීමේ හැකියාව සැපිරිය නොහැකි බවද මතකයට නගා ගත යුතුවේ. අවසාන වශයෙන් තවත් සාක්‍ෂියක් ලෙස ඔවුන් පවසන්නේ ලිය‍නාඩෝගේ ජීවිතය සැඟව පැවති කාලවකවානුවේ ඔහු පැරණි ගල් ගුහාවකට නිතර ආගිය බව පැවසෙන කරුණයි. එහිදී ඔහු මෙම ගල් ගුහාවට නිතර ගියේ පිටසක්වල ජීවීන් හා සම්බන්ධවන ප්‍රවේශය මෙහි පිහිටා තිබූ නිසා බවට ඔවුන් මත පළ කරයි. කරුණු 100% ක් පිළිගැනීමටද නොහැකිය. එහෙත් සැකයක් නොමැත්තේද නොමැත. මන්ද මෙවන් ආන්දෝලනාත්මක කරුණු සම්බන්ධයෙන් ආවට ගියාටම මිනිසුන් දේවල් නොකියන හෙයිනි.

ලිය‍නඩෝගේ චිත්‍රවල පමණක් නොව සමකාලීන චිත්‍රශිල්පීන් රැසකගේ චිත්‍රවල පිටසක්වල නෑකම් පෙන්නුම් කෙරින. බොහෝමයක් ඒවා ආගමික පසුබිමකින් යුතු චිත්‍ර බවද පැවසිය යුතුය. Domenico Ghirlandaio ගේ "The Madonna with Saint Giovannino" සිතුවමේ එඩේරා සහ බල්ලා බලා සිටින්නේ පියාඹන පීරිසයක් වැනි වස්තුවක් දෙසය. පිටසක්වල ජීවින් ගැන පවසන උදවිය පවසන්නේ මේ සතය වශයෙන්ම පියාඹන පීරිසයක් බවයි. ඒ අනුව දේවධුතයන්, සුරංගනාවන් ලෙස සත්‍ය ලෙසම හදුන්වා ඇත්තේ පිටසක්වල ජීවින්ට බව ඔවුන්ගේ මතයයි.


එහෙත් පිටසක්වල ජීවින් පෘථිවියේ දේවල්වලට අත නොපෙවූ බවට කරුණු දක්වන අය පවසන්නේ මෙම මාතෘකාව ඇති අනෙකුත් සිතුවම් වලද මේ ආකාරයේ අහසේ දේවධුතයන් හෝ විදුලිකෙටීම් හෝ දීප්තිමත් වලාකුළු ආදිය හෝ වලාකුළු අතර සිටින දේවධූතයන් දෙස එඩේරා සහ බල්ලා බලා සිටින බවයි. එසේත් නැතහොත් මෙම කරුණු සංකේතවත් වන ලෙස ඇද තිබෙන බවයි.ඒවා ආගමික වශයෙන් සංකල්පමය දේ මිස පිටසක්වල ජීවීන් හෝ වෙනයම් දෙයක් නොමැති බවට ඔවුන් පවසයි.




තවත් සාක්‍ෂියක් ලෙස මෙම සිතුවමේද දැක්වෙන එක් යානයක් පිටුපස තවත් යානයක් ලුහුබැද යන දර්ශනයද එවැන්නක් නොව එම යුගයේ සිතුවම් වල හිරු සහ සඳු මෙලෙස දැක්වූ බව පැවසෙන අතර හිරු හා සදුට ඇතැම් විට මිනිස් මුහුණු හෝ මිනිසුන් ඒ තුල තිබෙන අයුරින් එම යුගයේ සිතුවම් කළ බව ඔවුන් පවසයි.



එහෙත් පිටසක්වල ජීවින්ට පක්‍ෂ අයගේ මතය මේ පිටසක්වල යානා බවයි. මේ ආකාරයේ සිතුවම් ගණනාවක් මතභේදයට තුඩුදී ඇත. ඇතැම් ඒවායේ දේවධූතයන්, දෙවියන්, සුරංගනාවන් පෙන්නුම් කරනා අතර එම මාතෘකාවට අදාල තවත් සිතුවම් වල දේවධුතයන්ගේ තැන ගෙන ඇත්තේ පියාඹන පීරිසි වැනි ඉලිප්සාකාර වස්තූත්ය. කවුරුන්හරිද කවුරුන් වැරදිදැයි පැවසීම අසීරුය.



පසුගිය කාලයේ දකුණු ඇමරිකානු මායා ගෝත්‍රික බිමකින් පිටසක්වල ජීවින්ගේ හිස්වලට සමාන ආකාරයේ දිගැටි හිස් ඇති හිස් කබල් කිහිපයක් හමුවිය. මේ ආකාරයෙන් හිස් කබල දිගැටි ලෙස සකස් කිරීම (Artificial cranial deformation, head flattening, or head binding) දකුණු ඇමරිකානු පමණක් නොව අප්‍රිකානු ගෝත්‍ර වල පවා තවමත් තිබෙන්නෙකි. එසේම පුරාණ ඊජිප්තුවේ පවා මෙම චාරිත්‍රය තිබූ බව පැරණි පිරමීඩ චිත්‍ර ප්‍රතිමා ආදියෙන්ද හමුවේ.



හිස දිගැටි කිරීම

විශ්මිත කරුණ වන්නේ මේ ආකාරයේ හිස් දිගින් යුතු වන සේ බිළිදුන්ගේ වයස මාස 6 වන තෙක් විවිද ක්‍රමවේදයන් යොදා සකස් කිරීම නොව ලෝක‍යේ එකිනෙක සම්බන්ධතාවය නොතිබූ ඉතා දුර බැහැර ප්‍රදේශ කිහිපයකම මෙම චාරිත්‍රය භාවිතා වීමයි. එසේනම් මෙහි පොදු සාධකය මෙම ගෝත්‍ර පැරණි පිටසක්වල ජීවීන් ඇසුරු කළාද? එසේත් නැතහොත් අඩුම තරමින් ඔවුන් දැක තිබුනාවත්ද?
 
මේ බවට සැක දෙන තවත් කරුණක් නම් ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් ජීවත්වූ ඇතැම් ගල්ගුහාවල හමුවන සිතුවම් වල සාමාන්‍ය සත්ත්ව මිනිස් රූප වලට අමතරව වෙනස් කමකින් යුත් ජීවින්ගේ සිතුවම් රැසක්ද හමුවීමයි. ඇතැම්විට ඔවුන්ගේ සිත්තුල පහළ වූ විවිද රූප මෙසේ අඳිනු ලැබුවා වන්නටත් ඉඩ  ඇත. අපගේ කුඩා කාලය මතකයට නගා ගතහොත් ඇතැම් විට අපේ සිතට නැගුන අමුතු අමුතු ආකාරයේ රූප අපත් කොල වල හො බිත්තියේ අගුරු හෝ ප්ලැටිග්නම් වලින් ඇන්ද හැටි ඔබටත් මතක්වේවි. එසේ නම් මේවා මනසේ ඇදුන චිත්‍රද?එසේත් නැතහොත් ඔවුන් සත්‍ය ලෙසම පිටසක්වල ජීවින් දුටුවේද?

රූප මෙන්ම පැරණි ‍ගෝත්‍රික කැටයම් ආදියේද පිටසක්වල ජීවින් හා නූතනයේ අප දකින අභ්‍යවකාශගාමීන්ගේ ඇදුම්වලට සමාන කමකින් යුත් ඇදුම්පැලදුම් දක්නට ලැබේ. මේවා සත්‍ය වශයෙන්ම නිශ්චිතවම හේතු දැක්විය නොහැකි ගැටළුය.



මෙසේ දෙපසටම දෝලනය වන කරුණු ඔස්සේ ගිය විට ලැබෙන තවත් කරුණක් නම් Tolima Jets පිළිබදව කරුණයි. වසර 1500 කට පෙර සිටියා යැයි පැවසෙන කොලොම්බියා‍වේ ටොලීමා ගෝත්‍රික ජනතාවට අයත් ස්වර්ණාභරන අතර තිබූ නූතන යුද ජෙට් යානාවලට සමාන කමක් ඇති ස්වර්ණාභරණයක් නිශ්චිත වශයෙන්ම පැරණි ගුවන් යානයක ආකෘතියක් බව සලකා එය නිර්මාණය කළ විට එය ගුවන්ගත වීමේ හැකියාව එනම් Aerodynamic හැකියාවෙන් යුතුවූ බවත් එහි ආකෘතිය විශාල කළා මිසක අමුතුවෙන් යමක් එක් කිරීමක් නොකළ බවත් ගුවන් ගත වීමට අවශ්‍ය කුඩා එන්ජිම පමණක් සවිකළ බව පැවසුවද පිටසක්වල ජීවින් ගැන එරෙහි වන්නන් පවසන්නේ එහි මුල් අකෘතියේ යම් යම් වෙනස්කම් කර ඇති බව හා මෙය අනෙක් ස්වර්ණාභරණ හා සැසදීමේදී ඒවාද විවිද සත්වරූප බව හා එම ගෝත්‍රයේ ශිල්පීන්ගේ දස්කම් හා කලාකාමීත්වය මත විවිද සත්ත්ව රූප ඒවා ස්වභාවිකව දකින ආකාර‍යට වඩා යම් යම් වෙනස්කම් ඇතිව නිර්මාණය කර ඇති බවත් මෙහි දැක්වෙන්නේ Cat fish නම් මතස්‍යාගේ නිරූපිතයක් බවත්ය.




මෙවන් කරුණු රැසක් මෙම දෙකොට්ඨාශයේ තර්කයන්ට, ඔප්පුකිරීම් වලට ලක්වෙමින් පවතී. සමහර විටක මෙම ලිපියේ තෙවන කොටසක්ද තිබිය හැකි බව සටහන් කරමින් දැනට නවතිමි....

Wednesday, January 23, 2013

Temporary files ඉවත් කරන්න හොදම Tool එක මේකද?

ඔබටත් මේ කරදරය බොහෝවිට වෙනවා වෙන්නම ඕන. ඒ තමයි අපේ කිසිම මැදිහත් වීමක් නැතිවම වාගේ එක දිගට Temporary files දෘඩ තැටියේ පිරිලා ඉඩකඩ ඇහිරෙන එක. මේදක්වා භාවිතා කළ මෘදුකාංග අතරින් අද තමයි හිතට හරියනම මෘදුකාංගය ඒ වෙනුවෙන් ලැබුනේ. වැඩි විස්තර නැතිවම කියනවා නම් ඒකේ නම තමයි
Temp File Cleaner, addpcs කියන ආයතනය විසින් නිපදවා තිබෙන මෙම කුඩා මෘදුකාංගයේ නොමිලේ ලබා ගත හැකි සංස්කරණය http://addpcs.com/software/tfc/ අඩවියට පිවිසීමෙන් ඔබටත් ලබා ගත හැකියි.

ඔබම මෙය භාවිතා කර බලන්න. ඔබට මෙමගින් ඔබගේ දෘඩතැටියේ තාවකාලික ගොනු ඉවත් කිරීමෙන් ලැබෙන ඉඩ MB වලින් නොවේ GB වලින් දැක ගැනීමට හැකිවේවි.


Monday, January 21, 2013

නිර්මාණාත්මක අදහස් භෞතිකව සහ චෛතසිකව - Creative Ideas for your family and your life

ලිපියේ මාතෘකාව සිංහලෙන් එක විදියටත්, ඉංග්‍රීසියෙන් තවත් විදියකටත් නේද? කියලත් ඔබට සිතේවී. කොහොමවුනත් මම අදහස් ක‍ළේ මෙම ලිපියෙන් පෙන්වන දේවලින් මුලින් ඔබගේ එදිනෙදා ජීවිතය පහසු හා ආකාර්ශනීය කරගන්නටත් දෙවනුව ඉදිරිපත් කරන දේවලින් ඔබගේ දිවිය අර්ථවත් කරගැනීමට ඉවහල් වන නිර්මාණාත්මක අදහස් පෙළක් ඉදිරිපත් කිරීමටයි.

අ‍පගේ එදිනෙදා ජීවිතය බාහිරට අලංකාර කර පෙන්වීමට හෝ කිසියම් තෘප්තියක් ලැබීමට හෝ සමහර දේවල් අපි මිලක් ගෙවා ලබා ගන්නා අතරේ තවත් සමහර මිනිස්සු කොටසක් ඉවත ලන දේ හෝ වටිනාකමක් නැතිදේවල් නිර්මාණාත්මක ලෙස හැඩ කරගනිමින් තවත් කාර්යයකට යොදා ගන්නා ආකාරය හෝ අප කරනා වැඩකටයුත්තක් පහසු කර ගැනිමට ඉහත කී නොවටිනා දේවලට වටිනාකමක් ලැබෙන අයුරින් හැඩගසා ගන්නා ආකාරය නොයෙක්විට දැක තිබෙනවා. මෙම ස්වල්ප පින්තූර ප්‍රමාණයෙන් කියන්නේ එසේ අප නොහිතන ඇතැම් දේවල් විවිදාකාරයෙන් තවත් ප්‍ර‍යෝජනයක් ගන්නා ලෙස සකස් කර ගත් ආකාරයයි. තවත් ආකාරයෙන් අප එක් දෙයකට විතරක් ප්‍රයෝ‍ජනයට ගන්නා මෙවලම් ඔවුන් තවත් නිර්මාණාත්ම කාර්යයන්ට යොදා ගන්නා ආකාරයයි.










 අප මේ දුටු‍වේ එදිනෙදා ජීවිතය අලංකාරය කර ගත් ආකාරයයි. හැබැයි ඊටත් වඩා ඔබගේ ජීවිතය අර්ථවත් කර ගැනීමට ජීවිතය පිළිබදව අත්දැකීම් ඇති පරිණත මිනිසුන් පැවසූ මෙම අදහස් උපකාරී වෙතැයි සිතනවා...