Tuesday, November 5, 2013

අමාරුම කාලසමයක ඇමරිකාව මෙහෙයවූ ලාබලතම ජනාධිපතිවරයා... - 1

ඔහු ඇමරිකාවේ 35 වන ජනපතිවරයායි. තවද 20 වන සියවසේදී උපත ලැබූවකු ප්‍රථමවරට ජනපතිපුටුවට පත්වූයේද ජෝන් එෆ් කෙනඩි හෙවත් JFK ලෙස ලොවම දන්නා මෙම සිය දියණිය සමග ලැබුන විවේකයේ තේපානය කරමින් සිටිනා මිනිසා පත්වූ පසුවයි. එසේම වයස අවුරුදු 43 දී ජනපතිවරයා ලෙස පත්වූ ඔහු තියෝඩෝර් රුස්වෙල්ට්ට පසුව එම තනතුරට පත්වූ ලාබලාතමයා වූයේය. ඒ තියොඩෝර් රුස්වෙල්ට් ජනපතිපුටුවට පත්ව තිබුනේ වයස අවුරුදු 42 දී නිසාය.

එපමණක්ද නොවේ ඒ වන විටත් සෙනෙට් සභිකයෙකු වූ කෙනඩි, ඩිමොක්ක්‍රැටික් පක්‍ෂ අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව පරාජය කරනු ලැබුවේද එසේමෙසේ අයකු නොව ඒ වන විටත් වසර අටක් පුරාවටම උප ජනාධිපතිවරයාලෙස සේවය කළ රිචඩ් නික්සන් නම් වූ දේශපාලනයේ උපක්‍රමශීලීත්වය මැනවින් ප්‍රගුණ කර සිටි දේශපාලනඥයායි. තවද රිචඩ් නික්සන් උපජනපති ලෙස සිටි කාලයේ ඔහුගේ ප්‍රධානියා නැතහොත් ජනපතිවරයා ලෙස සේවය කළේ ඇමරිකාවේ බිහිවූ අතිදක්‍ෂ හමුදා නිලධාරියෙකු මෙන්ම සාර්ථකම ජනපතිවරයෙකු ලෙස සලකන ඩිවයිට් ඩී අයිසන්හවර් බවත් අමතක නොකළ යුතුයි.

ඇමරිකාවේ පමනක් නොව ලෝකයේම බහුතරයක් අතර කඩවසම්ම හා ආකර්ශනීය පුද්ගලයෙක් ලෙස නමක් දිනා සිටි JFK ගේ ධූරකාලය නම් ඔහුට පමණක් නොව ලෝකයටම එතරම් සුන්දර නොවූයේ 1961 සිට 1963 නොවැම්බර් 23 දා තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් මිය යන තෙක් ඇමරිකාවේ-සෝවියට් බල අරගලය හමුවේ කියුබාවේ, නැගෙනහිර ජර්මනියේ හා වියට්නාමයේ මෙන්ම ඇමරිකාව තුලත් පැනනැගුන කළුජාතීන්ගේ අයිතීන් උදෙසා වූ සංවිධානවල ක්‍රියාකාරීත්වය නිවීහැනහිල්ලේ ජනපති ධූරයේ වැඩකිරීමට ඔහුට සැබෑවටම බාධාවක් වන්නට ඇති නිසාය.

1917 මැයි 29 වනදා ඇමරිකාවේම උපත ලැබූ ජෝන් එෆ් කෙනඩි ගේ මුතුන්මිත්තන්ගේ මුල්බිම ලෙස සැලකෙන්නේ අයර්ලන්තයයි. මුලින් ඇමරිකානු හමුදාවට බැදීමට ගියත් කොන්දේ ඇති ආබාදයක් නිසා එයින් අසමත්ව 1941 දී ඔහු ඇමරිකානු නාවික හමුදාවට බැදී දෙවන ලෝක යුද සමයේ 1945 දක්වා එහි සේවය කරනු ලැබ තිබෙනවා. ඉන්පසුව දේශපාලනයට පිවිසි ඔහු මැන්චුසෙට් ප්‍රාන්තය වෙනුවෙන් The United States House of Representatives හි 1947 සිට 1953 දක්වා නියෝජිතයෙකු ලෙසත්, 1953 සිට 1960 දක්වා එම ප්‍රාන්තය වෙනුවෙන් සෙනෙට් සභිකයෙකු ලෙසත් පත්ව තිබෙනවා.

පෞද්ගලික දිවිය ගතහොත් 1953 Jacqueline Bouvier නම් සුරූපී තරුණිය සමග විවාහ දිවියට එළඹෙන අතර ඔවුන් දරුවන්සිව් දෙනෙකුගේම මව්පියන් වීමට වරම් ලැබුනත් එයින් දරුවන් දෙදෙනෙකුම කුඩා වියේදීම මිය යාමත් සිදුව තිබෙනවා.
කෙනඩි-ජැකී මඟුල් දිනයදා...

කෙනඩියේ දිවිය පුරාවටම විවිද රෝගාබාද වලින් ඔහුගේ එදිනෙදා කටයුතු අවුල්කර දැමුවත් ඒවා බොහෝමයක් බාහිර ලෝකයෙන් සඟවා තබා ගැනීමටත් ඔහු සහ ඔහුගේ පවුලේ අය වගබලා ගෙන තිබෙනවා.

තවත් කෙනඩි නාමය ඇමරිකානු දේශපාලනයේදී හා රාජ්‍ය සේවයේදී අසන්නට ලැබෙනවා. ඒ තමයි ජෝන් එෆ් කෙනඩි ගේ සොහොයුරෙකු වන රොබට් එෆ් කෙනඩි (RFK) පිළිබදවයි. ඔහු තම වැඩිමහළු සහෝදරයා ජනාධිපති ලෙස සේවය කරද්දී ඔහුගේ දකුණු අත ලෙස පවා විටෙක ක්‍රියාකරමින් 1961 සිට1964 දක්වාඑරට නීතිපතිවරයා ලෙස කටයුතු කළ අතර  සහෝදරයාගේ වියෝවෙන් පසුව 1965 සිට 1968 දක්වා නිව්යෝර්ක් ප්‍රාන්තය වෙනුවෙන් සෙනෙට් සභිකයෙකු ලෙසද පත්ව දේශපාලනයේ නිරත වී 1968 දී ජනාධිපතිවරණ අපේක්‍ෂකයාලෙස රැස්වීමක් ඇමතීමට කැලිෆෝර්නියා වෙත ගොස් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව මියයන්නේ ඉතා අවාසනාවන්ත අන්දමිනුයි.

JFK විවිද රෝගාබාද වලින් පෙලුනත් ඔහුගේ “ආදර ජීවිතය“ නම් සුරූපිනියන් රැසක් සමගම ඈදී තිබෙන බව පැවසෙනවා. එයින් ලෝක ප්‍රසිද්ධම සම්බන්ධතාවයක් නම් ඇමරිකානු සුරූපී නිළියක වූ මැරිලින් මොන්රෝ සමග තිබූ සබදතාවයයි. අනෙක් අතකින් කියවෙන්නේ JFK පමණක් නොව ඔහුගේ සහෝදරයා වන RFK පවා මෙම තැනැත්තිය සමග සබඳතාවයක් පැවැත්වූ බවයි. කෙසේවෙතත් තමන්ට නොපෑහෙන අය සමග සබඳතාවයන් පැවැත්වීමෙන් වන්දිගෙවන්නටත් සිදුවූයේ මැරිලින් මොන්රෝ හටයි.

සිනමා ජීවිතයේ සාර්ථකත්වයක් තිබුනත් පෞද්ගලික ජීවිතයේ කුණටු මැද ජීවත්වූ මැරිලින් මොන්රෝ සිය දිවිය වසර 36 තට සීමා කර ගනිමින් 1962 අගෝස්තු 05 වනදා මිය යන්නේ නිදි පෙති පානය කර සියදිවි නසා ගැනීමෙන් බව වෛද්‍ය වාර්ථාවල පැවසුනත්, එයට කෙනඩි සහෝදරයන්ගේ නමද දූශමානව ඈදි ඇති බව ලෝකයට නොරහසක් නොවේ. බොහෝවිට සිදුවන්නට ඇත්තේ කෙනඩි සොහොයුරන් “රුධිරය“ සිය අත්වල ගා නොගත්තත් විශේෂයෙන් ඇමරිකානු ජනපතිවරයා තමන්ගේ තත්ත්වයට නොගැලපෙන කාන්තාවන් හා අයුතු සම්බන්ධතා පවත්වාගැනීම තනතුරේ ගරුත්වයට මෙන්ම ජාතික ආරක්‍ෂාවට හා ඔහුගේ ආරක්‍ෂාවට ඇති හානිකර බව වටහා ගනිමින් එරට රහස් ඒජන්සියක් විසින්ම මෙම අවාසනාවන්ත සිදුවීමට දායකත්වය සපයන්නට ඇති බවයි.

එපණක් නොව තවත් කාන්තාවන් කිහිප දෙනෙකු සමගම ජනපති කෙනඩි සම්බන්ධතාවයන් පවත්වා තිබෙන අතර මේවා සමහර විට හිසරදයක්ව පවතින්නට ඇත්තේ ඔහුගේ බිරිඳටත් වඩා FBI, CIA, NSA වැනි එරට රහස් පොලීසිවලට විය හැකියි.
JFK's Women focuses on his relationships with four 'dangerous' women during his Presidency – Marilyn Monroe, Ellen Rometsch, Mariella Novotny and Judith Campbell. All four were seen as security risks by the FBI, three because of alleged Communist connections, and one because of her close links to senior Mafia bosses. http://www.cbc.ca/documentaries/passionateeyeshowcase/2010/jfkwomen/

එසේම Ellen Rometsch වැනි ජර්මානු සම්භව්‍යක් ඇති සහ නැගෙනහිර ජර්මන් ඔත්තුකාරියක ලෙස පවා සැලකෙන තැනැත්තියක හා සබඳතාවයන් පැවැත්වීම විටෙක ඔහුගේ තනතුර පවා නැතිවී යාමට ආසන්නට වීමට හේතුවිය. ඒ ඔහුගේ ප්‍රතිවාදීන් සියළු කාරණා සොයා ගෙන එය කොන්ග්‍රස් මණ්ඩලයේදී ප්‍රශ්න කර මෙවැනි ජාතික ආරක්‍ෂාවට පවා හානි විය හැකි සබඳතාවයන් පවත්වන්නෙකු ජනපති තනතුරේ සිටීම නුසුදුසු යයි තීරණය කොට ධූරයෙන් පහකර දැමීමටයි.

මේ බැරෑරුම්ම අවස්ථාවේ කෙනඩියේ පිහිටට ආවේ ඔහුගේම සොහොයුරායි. ඔහු ඒ සදහා සහයට එවකට FBI ආයතනයේ ප්‍රධානියා සහ එම ආයතනයේ පළමු අධ්‍යක්‍ෂකවරයා ලෙසද සැලකෙන ජේ එඩ්ගාර් හූවර් යොදවා ගත් අතර ඔහු සිය අපූරු වෘතීය දැනුම හා උපක්‍රමයන් ඒ සදහා භාවිතා කළේය. 

FBI  ප්‍රධානියා ගැන යමක් පවසනවා නම් ඔහු 1895 තරම් ඈත කාලයක උපත ලැබූ වෘතීය මෙන්ම පෞද්ගලික ජීවිතයේද හොදින් තෙම්පරාදු වූ අයෙකු විය. නීතිය පිළිබදව ශාස්ත්‍රපති උපාධිය හමාර කිරීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණි අතර 1919 දී ආරම්භ කළ විමර්ශන බියුරෝවේ බුද්ධි අංශ ප්‍රධානියා වූයේද ඔහු වූ අතර 1920 දශකයේ ඇමරිකානු පාතාල ලෝකය මැඩලීමේ ව්‍යාපාරයේද පෙරපෙළ පුරෝගාමී චරිතයක් විය.

1924 දී එහි 6 වන අධ්‍යක්‍ෂකවරයාද වන ඔහු 1935 දී ෆෙඩරල් විමර්ශන බියුරෝව පිහිට වූ පසු එහි ආරම්භක අධ්‍යක්‍ෂකවරයාද බවට පත්ව 1972 දී මිය යන තාක්කල් වසර 37 ක් එම තනතුරේ අකණ්ඩව සිටීමට තරම් ප්‍රභල වූ චරිතයක් විය. ඔහුට වඩා නිල බලයෙන් ඉහළ සිටි ඇතැම් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් පවා ඔහු පිළිබදව සැකයෙන් සහ බියකින් සිටියේ ඔහු රටේ ප්‍රධාන පුරවැසියන් සියල්ලකගේම පාහේ රහස් අඩංගු ගොනුවක් වෙන වෙන කෙනාටම අදාලව පවත්වාගෙන ගිය නිසා බවද ප්‍රසිද්ධ රහසකි.


කෙනඩිගේ මෙම ගැටළුව පුපුරා යාමට ආසන්න වූ අවස්ථාවේ ඔහුව "දඬුකදේ" ගැසීමට  බලාසිටිි රිපබ්ලිකන් පාක්‍ෂික සෙනෙටවරුන් හමුවූ හූවර් මෙම ගැටළුව පිළිබදව ඉදිරි කටයුතු  තවදුරටත් සිදුනොකරන ලෙසත්, එයට කන් නොදුනහොත් රිපබ්ලිකන්වරු සියල්ලන්ගේම අයථා කටයුතු පිළිබදව තමන් සතුව ඇති ගොනු එළියට දමන බවත් පැවසීය. එසැනින් "කාගේ කාගෙත් කිල්ලොට හුණු පොඩ්ඩ පොඩ්ඩ හෝ ඇති නිසා" කෙනඩි දඩයම් කරන්නට ගොස් තමන් අමාරුවේ වැටෙන එක වලකා ගැනීම වඩාත් කාලෝචිත කාරණය වූ හෙයින් කෙනඩිට එරෙහිව තිබූ චෝදනාව එයින්ම යටපත්විය. මේ කටයුතු සිදුවන අතරවාරයේ සිද්ධියට සම්බන්ධ අනෙක් ප්‍රධාන චරිතය වන Ellen Rometsch ව පිටුවහල් කිරීමට රොබට් කෙනඩි විසින් කටයුතු යොදන ලදි.
Ellen Rometsch

http://www.crimemagazine.com/president-and-prostitute-jack-kennedy-and-ellen-rometsch
http://en.wikipedia.org/wiki/Ellen_Rometsch

Hoover also knew of another of Kennedy's affairs. This time it was with Ellen Rometsch, a twenty-seven-year-old German-born call girl. Bobby Baker, the Senate secretary to the Democrats, was responsible for their introduction. Although it was a short-term fling, Rometsch became a frequent visitor to the White House for naked pool parties during the spring and summer of 1963. On July 3, Hoover informed Bobby that Rometsch might be a spy. On August 21, Bobby had her deported back to West Germany.
http://www.netplaces.com/john-f-kennedy/the-personal-side-of-john-f-kennedy/an-unfaithful-husband.htmමේ

කෙනඩිගේ පෞද්ගලික ජීවිතයේ එලෙස ගැටළු පැනනගිද්දී ඔහුගේ ජනපතිධූරයේ වැඩ ආරම්භ කළ අවධියේ සිටම විවිධාකාර බාධකවලට මුහුණ දීමට සිදුවුනා. ඔහු බලයට පත්වූ 1961 වසරේ අප්‍රේල් මාසයේ 17-19 දක්වා සිදුවූ සිදුවීමකින් ඔහුට මෙන්ම ඇමරිකාවටද සිදුවූයේ ලැජ්ජාවක්.  ඒ එම දිනවල පූර්ණ වශයෙන් CIA මැදිහත් වීමකින් සිදුවූ The Bays of Pigs මෙහෙයුම නිසයි. අැත්තෙන්ම මේ මෙහෙයුම කෙනඩිගේ සැලසුමකට හෝ කෙනඩිගේ අවශ්‍යතාවයකට දියත් කළ මෙහෙයුමක් නොවෙයි. මෙම මෙහෙයුම සැලසුම් වන්නේ 1960 මාර්තු තරම් ඈත කාලයකයි. ඒ කෙනඩිට පෙර ජනාධිපති තනතුරේ සිටි අයිසන්හවර් ජනපතිගේ උවමනාවෙන්. 

සත්‍යවශයෙන්ම ඔහුට ඇමරිකාවට ආසන්නයේ තිබූ කියුබාවේ ෆිදෙල් කස්ත්‍රෝ පාලනය ගැන මනාපයක් නොවූ අතර කෙසේ හෝ එම පාලනය බිද වට්ටවා දැමීමේ උවමනාවක් ඔහුට තිබුනා. මේ වෙනුවෙන් ඔහු මෙහෙයමුක් දියත් කිරීමේ වගකීම ලබාදුන්නේ පස්වන CIA ප්‍රධානියා වන Allen Welsh Dulles හටයි. ඔහුගේ සහ ඔහුගේ දෙවැනියෙකු වූ Richard Mervin Bissell විසින් සැලසුම් කළ මෙහෙයුම වූයේ කියුබාවේ කස්ත්‍රෝ පාළනය හා උරණව ඇමරිකාවුට පළාවිත් සිටි කියුබන් ජාතිකයන් හට අවි පුහුණුව ලබා දී ඔවුන් සන්නද්ධව හොර රහසේ කියුබාවට ගොඩබස්සවා එහිදී ක්‍ෂනික ප්‍රහාරයක් කියුබානු හමුදා වෙත එල්ළ කොට ඔවුන් අඩපණ කිරීමයි. 

එසේම කියුබාවේ ඒ වනවිටත් කස්ත්‍රෝ පාළනය ගැන කළකිරීමෙන් සිටි කියුබානුවන්ද මේ පිරිස හා එක්වි කස්ත්‍රෝ පාළනය බිද දමනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වූවා. එසේම ඇමරිකාවේ මියාමි හි සිටි මෙම කියුබන් සරණාගතයන් අතරින් කියුබානු ගුවන් හමුදාවේ සේවය කළ ගුවන් නියමුවන් යොදවා ෙගන කියුබානු ගුවන් හමුදා යානා ලෙස සැරසූ ගුවන් යානා වලින් කියුබානු හමුදාවලට පහර දීමෙන් ගොඩ බසින් සේනාවන්ට සහය වීමද ඒ සැලසුම් අතර වූවා. මෙම මෙහෙයුම සදහා ඩොලර් මිලයන ගණනින් වැය කරමින් මුලින් කියබානු ජාතිකයන් 300 ක් පුහුණු කරන්නට අදහස් කළද පසුව එය 1400 ක් දක්වා වැඩි දියුණු වී තිබුනා.මෙම පිරිස පුහුණු කරනු ලැබුවේ දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන ග්වාතමාලාව තුළදීය.

කෙසේවෙතත් කෙනඩි බලයට පත්වූ පසුව මෙම මෙහෙයුම දියත් කිරීම පිළිබදව CIA ප්‍රධානියා ඔහුව දැනුවත් කළ විට ඊට විරුද්ධවූවත් දැන් එයට ප්‍රමාද වැඩි බව රහස් ඔත්තු අංශ ප්‍රධානිය නව තරුණ ජනපතිවරයාට සැල කර සිටියේ එයින් අායුධ පුහුණුව ලැබූ කියුබානුවන් ඇමරිකාවේ සිටීම ඇමරිකාව තුළ දේශපාලනික ගැටළු ඇතිකිරීමට හේතු වේ යන්න හා කෙනඩිට පෙර සිටි අයිසන්හවර් ජනපතිවරයා ගත් විට ඔහු දෙවන ලෝක යුද සමයේ බටහිර යුද පෙරමුණේ සටන් වැදී සිටි සියළුම හමුදාවන්ගේ සුපිරි අණදෙන්නා වූ අතර ඔහු ඇමරිකාවේ බිහිවූ තරු පහේ ජනරාල්වරු අතලොස්සේද ප්‍රමුඛතම අයෙකි. එහෙත් කෙනඩි ගත් විට ඔහු දෙවන ලෝක යුද සමයේ වසර පහක් පමණක් සේවය කළ ලුතිනන්වරයෙක් පමණකි. ඒ අතින් ගත්විට අයිසන්හවර් ගේ තීරණයන් හා සැලසුම් නිවැරදි හා කෙනඩිද අනුගමණය කළ යුතුබව CIA ප්‍රධානියා දන්වා සිටි බව Secret of War වැඩසටහන් මාලාවේදීද සටහන් වේ.

සුැලසුම්කළ යුද මෙහෙයුම දියත් වූ අතර අප්‍රේල් 15 උදෑසන 6 ට පමණ වනදා ගුවනින් කියුබානු ගුවන් ධාවන පථයන් වෙත කියුබානු ගුවන් හමුදා යානාමෙන් සැරසූ ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර එදින දහවල් 10 ට පමණ රැස්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමේදී ඇමරිකාව තමන්ට ගුවනින් ප්‍රහාර එල්ල කළ බව කියුබානු විදේශ අමාත්‍යවරයා සැළ කර සිටි අතර ඇමරිකානු නියෝජිතයා ඒ චෝදනාව ප්‍රතික්‍ෂේප කරන ලදි. සත්‍යවශයෙන්ම සිදුව තිබුනේ ඔහු ඒ බව දැන ප්‍රතික්‍ෂේප කළා නොව මෙවන් මෙහෙයමුක් දියත් වන බව CIA සංවිධානය ඔහුව දැනුවත් කිරීමක් සිදුනොකර තිබූ බැවිනි. එම නියෝජිතයා මේ පිළිබදව තමන් දැනුවත් නොකළ බවට එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් Dean Rusk හටද චෝදනා කර සිටි අතර කෙනඩි ජනපතිව මේ පිළිබදව දැනුවත් කළ පසු ඉදිරි ගුවන් මෙහෙයුම් අවලංගුකිරීමටද කටයුතු යොදන ලදි.

එහෙත් යොදා ගත් පරිදි අප්‍රේල් 17 වනදා අදාල ගොඩබිම් මෙහෙයුම සදහා මුහුදේ සිට බෝට්ටු මගින් පුහුණු කරන ලද කියුබානු ජාතිකයන් ගොඩබැස්සවීමට කටයුතු කළද, මෙම මෙහෙයුම පිළිබදව කල්තියාම දැන සිටි කියුබානු හමුදාව ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර තුවාල ලැබූවන් සහ මිය නොගිය අනිත් පිරිස සිරභාරයටද ගෙන ලැබූහ.

තවද ඊට දින දෙකකට කලින්ම කියුබාවේ සිටි කස්ත්‍රෝ විරෝධීන් සෑහෙන්න පිරිසක්ද සිරගත කරනු ලැබ තිබූ අතර CIA සංවිධානය බලාපොරොත්තුවූ අාකාරයේ කස්ත්‍රෝ විරෝධී නැගිටීමක් කියුබාවේ සිදුවූයේද නැත.
http://www.jfklibrary.org/JFK/JFK-in-History/The-Bay-of-Pigs.aspx

මෙම අසාර්ථක හා සැලසුම් වල දෝශ ඇති මෙහෙයුම අසාර්ථක වීමත් සමගම කෙනඩි හා ඇමරිකාව දෝශ දර්ශනයටත්, සමච්චලයටත් ලක් කිරීමද කියුබානු නායකයා ඇතුළු පාළනාධිකාරියෙන් සිදුවූ අතර මේ සිදුවීමත් සමග කෙනඩි හා CIA සංවිධානය අතර සබඳතාවය නැවත යථා තත්ත්වයට පත් නොවන සේ පළුදු විය. තවද එම වසරේ අගවන විට CIA සංවිධානයේ ප්‍රධානියා හා ඔහුගේ දෙවැන්නා ඉවත් කර දැමීමද කෙනඩි පාලනාධිකාරිය අතින් සිදුවිය.

තවත් දේවල් දෙවන කොටසින්....


32 comments:

  1. දෙවන කොටසත් බලාපොරත්තුවෙන් සිටිමි.

    ReplyDelete
  2. කුඩා පාසල් සිසුවකු ලෙස කෙනඩි ඝාතනය ගුවන්විදුලියෙන් ඇසුවා මතකයි. කෙනඩි පවුල පසුපස මහා අවාසනාවක් ඇතිබව ලෝකය පුරාම ප්‍රචලිත කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම මතයක් තිබෙනවා. ඔහුගේ සහෝදරයා වූ RFK සේම අනාගත බලාපොරොත්තුවක් වූ පුත්‍රයා පවා අකල් මරණ වලට ලක්වූවා...

      Delete
    2. //කුඩා පාසල් සිසුවකු ලෙස කෙනඩි ඝාතනය ගුවන්විදුලියෙන් ඇසුවා මතකයි.//
      එකට හිටිය පංතියේ බුවාලා බෑවුවේ කවුද දන්නේ නෑ.

      දිනේස් ඔබේ සටහන ගැන වචන දෙකක් නෑ. නොදන්නා කරුණු බොහෝ ඉගෙන ගත්තා. කෙනඩිට තියා පස්සේ ආපු අයටත් තවම ක්‍රැත්තෝ පාලනය වට්ටන්න බරිවුවා.

      Delete
  3. හැමදාමත් වගේ වැදගත් දෙයක්.... දෙවැනි එකත් ඉක්මනට දුන්නන්ම් නේද හොද??

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉක්මනට දුන්නනම් හොදයි තමයි. ඒත් ලියන්නනේ කල් යන්නේ..

      Delete
  4. ඉතාම ආසාවෙන් බැලුව දිනේෂ් ..........

    ReplyDelete
  5. කෙනඩි ගෑනු ගොඩක් එක්ක හිටියා කියලා මාත් අහල තියෙනවා..මැරෙන වෙලාවෙත් කාර් ඒකේ ගෑනු කෙනෙක් හිටියලු..

    ReplyDelete
    Replies
    1. කතා හදන්න එපා. මැරෙන වෙලාවේ වාහනේ හිටියේ එයාගේ නෝනා හරිද?

      Delete
  6. කෙනඩි කියන කොට නම් කතන්දර ගොඩක් මගේ ඔළුවටත් එනවා. ඉස්සරහදි දාන මෙයාගේ ලිපියෙ දි කෙනඩිත් එක්ක සම්බන්ධ මැජික් බුලට් කතාවත් දාන්න දිනේෂ්. ලිපියට බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදාර..ඔව් ඒ තොරතුරුත් ඉදිරි ලිපියට එකතු කරන්නම්....

      Delete
  7. ස්තුතියි දිනේෂ් ජාත්‍යන්තර ඉතිහාසය තුල නොමැකෙන චරිතයක් ගැන මෙවන් සටහනක් අපට කියවන්නට ලබා දුන්නාට , 

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දෙවන කොටසේදිත් හමුවෙමු....

      Delete
  8. වෙනදා වගේම දැනුම් සාගරයක්...

    ReplyDelete
  9. එහෙමනම් කෙනඩිටත් ගේම දෙන්න ඇත්තෙ CIA එකෙන්ම් වෙන්න ඇති කියලා හිතෙනවා...

    ස්තූතියි දිනේශ් මේ අපූරු ලිපිය ලිවීමට ගත් මහන්සියට.

    ඉතිරි කොටස එන තෙක් බලා සිටිමි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දැම්මම ඒවා කියන්නේ නැහැ. ඊලඟ කොටස් වලදී ඒවා ගැන එළි කරන්නම්...

      Delete
  10. මා කැමතිම චරිතයක් ගැන ඔබ ලියල තියෙන්නෙ. මං කුඩා කාලෙ කෙනඩි ජනාධිපතිවරයාට හරි ආකර්ෂනයක් තිබුනා. ඇත්තෙන්ම ඔහු හරි කඩවසම් සිත් ඇද ගන්නා චරිතයක් වුනා. ඔහු ගැන නොදත් විස්තර මේ ලිපියෙන් දැන ගත්තා. දෙවෙනි කොටස එනකල් බලන් ඉන්නවා. ස්තූතියි ගොඩක් ලිපි ඇසුරු කරල මෙය ලිව්වාට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දෙවන කොටසේදි තවත් නොදන්නා දේ තිබේ යයි සිතනවා...

      Delete
  11. කෙනඩි,ලින්කන් දෙන්නගේ මරණ වල සමාන බවක් තියනවද කොහෙද අහල තියනවා,

    ReplyDelete
    Replies
    1. යම් යම් සමානකම් තිබෙන බවට මත පළ වනවා. කෙනඩිගැන වගේම ඉදිරි කාලයක ලින්කන් ජනපතිතුමන් ගැනත් ලියනවා...

      Delete
  12. මට මේ සුද්දන්ගේ සදාචාර ප්‍රමිතිය තේරුම් ගන්න අමාරුයි එයාලා එක පැත්තකින්
    පුද්ගල නිදහසත් ලිංගික නිදහසත් ගරුකරන ජාතියක් කියනවා
    අනිත් පැත්තෙන් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ගෑනු හුටපට තලු මරමර රසවිඳිනවා අනේ මන්දා

    ReplyDelete
  13. ඔබේ ලිපි මම අසාවෙන් කියෙව්වා.... ඉතාම වටිනවා....

    ReplyDelete