Friday, October 26, 2012

Windows ලස්සන කරන්න ගිහින් අමාරු‍වේ නොවැටෙන්න..

මේ කතා කරන්න යන්නේ ඊයේ මම ලබපු අත්දැකීමක්. හැබැයි මේක ඉල්ලගෙන අමාරුවේ වැටුන වගේ වැඩක් යන්තම් ගොඩයන්න පුළුවන් වුන නිසා හොදයි. සමහර විට ඔබට කිසිදා මෙය අත්නොවෙන්නත් පුළුවන්. යම් හෙයකින් අත්විදින්න වුනොත් මෙම ලිපිය යම් ආකාරයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

ඔබ දන්නවත් ඇති, සමහර විට භාවිතා කරලත් ඇති අපි භාවිතා කරන Windows මෙහෙයුම් පද්දතියේ හැඩරුවට වඩා වෙනස් හැඩරුවක් ලබා ගැනීමට නිපදවා ඇති Transformation Pack ගැන. මටත් උවමනා වුනා දැන් මම භාවිතා කරන Windows Vista Business Edition  එකට අළුතෙන්ම නිපදවා ඇති Mac Os එකක් වන Mountain Lion Theme එක ලබා දීමට. ඉතින් මම මේ Transformation Pack එක හොයා ගත්තා. හැබැයි ඒක තිබුන තැන  සටහන් කරල තිබුනේ නම් මේක Windows 7 සදහා විතරයි. Vista ගැන නම් මොනවත් කියලා නැතිවුනත් සාමාන්‍යයෙන් Theme එක වෙනස් කිරීම විතරක් වෙනවා ඇති නේද? හරි‍ගියේ නැති වුනොත් uninstall කරල දානව කියන එකත් එක්ක මේක install කළා. install කරන අවස්ථාවෙත් File එකක් missing කියල ආවත් ඒක ignore කරල ඉදිරියටත් ගියා. Install වුනා, Restart කළා, පොඩි පොඩි missing alert කිහිපයක් ආවත් කරදරයක් නැතිව theme එක වැඩ කරත් Theme එක නිසා පොඩ්ඩක් slow වෙන ගතියක් තියෙනවා වගේ නිසා uninstall කරල දාන්න තීරණය කළා. ඊට පස්සේ Your Uninstaller! හරහා uninstall කරල Restart කළා.

ඔන්න දැන් තමයි සෙල්ලම පටන් ගන්නේ. Boot වෙන්න අර‍ගෙන Windows logo එක එන්නේ නැතුව Black Screen එකේ මෙන්න මේ Alert Message එක ඇවිල්ලා, cursor එක සමග තිබෙනවා.

LogonUI.exe - Bad Image
C:\Windows\system32\authui.dll is either not designed to run on Windows or it contains an error. Try installing the program again using the original installation media or contact your system administrator the software vendor for support. 

මේක close කළාට පසුව අර  Black Screen එක සහ cursorය පමණක් පෙනෙන්නට තිබෙනවා පමණයි. දැන් ඉතින් restart කරනවා. අයෙමත් Shutdown කරල හරියයිද බැළුවා. නැහැ. Safe mode යන්න හැදුවා. ඒත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. ඊට පස්සේ internet එකේ බැළුවම මේක අර මම කළා වගේ නොගැලපෙන software දැමූවිටත් Malware/Virus නිසාත් ඇතිවිය හැකි බව පවසන අතරම විසදුම් ලෙස තිබෙන්නේ. නැවත එම software එක install කිරීම, Malware/Virus Removal application එකක්  ක්‍රියාත්මක කිරීම,  Windows Vista DVD එකකින් boot කර Vista Repair කිරීම, Boot වෙන අවස්ථාවේ F8 හරහා Last known Good Configuration එක තෝරා ගැනීම හා අවසාන විසදුම ලෙස නැවත Windows Vista Restore කිරීමයි.

ආයෙමත් මේ කරදරකාරයව install කරන්න හරි, Malware/Virus Removal application එකක්  ක්‍රියාත්මක කරන්න හරි, OS එක හරියට Boot වෙන්න ඕනනේ. ඒක නිසා ඒ විසදුම හරියන්නේ නැහැ. Last known Good Configuration එකත් පෙන්වන්නේ නැහැ. ඒ නිසා Vista Repair option එක භාවිතා කළා. ඒත් කිසිම වරදක් නැහැ කියලා ඒකත් ලිස්සලා ගියා. දැන් ඉතින් තියෙන්නේ Windows Vista Restore කරන්න විතරයි. ඒක කරනවා නම් Hard එකේ තියෙන අනෙකුත් file අයින් කරන්න ඕන. නැත්නම් ඒවත් මකලා දාල තමයි restore වෙන්නේ. ඉතින් hard එක ගලවලා hard disk bay එකක් හරහා වෙන computer එකක hard disk එකකට data transfer කරල වැඩ ගොඩක් කරන්න වෙන පාටක් තමයි ති‍බුනේ.

පොඩි අත්හදා බැලීමක් කරන්න. ආයෙමත් Vista DVD එකෙන් boot කරල ඒකෙදී command prompt එකට ගිහිල්ල C:/Windows/System32 folder එක ඇතුලේ තිබෙන මෙම authui.dll file එක delete කරා‍. ඉන් පසුව නැවතත් restart කරාම අර alert message එක නම් එ‍න්නේ නැහැ. හැබැයි සුපුරුදු අසනීපයේ එක‍ කොටසක් වන කළු තිරය හා cursor එක පමණයි පෙනෙන්නට තිබෙන්නේ. දැන් ඉතින් අර අවසාන විසදුම විතරද තියෙන්නේ කියලත් හිතලා. කොකටත් ආයෙමත් Vista Repair option එක භාවිතා කරල බලන්න හිතුනා. මෙන්න එතකොට නම් start up error එකක් තියෙනවා. ඒක Repair කරනවා කියලා විනාඩි 5-10 ක් විතර වෙලාව අරගෙන restart කරන තැනට ආවා. Restart කරා අසනීපේ හොදවෙලා. 

කොහොමවුනත් සමහර දේවල් නම් අර Transformation Pack එක ඉවත් කරන කොට නැතිවෙලා ගිහිල්ල තිබුනා. උදාහරණයක් විදියට සමහර mouse cursor වගේ දේවල්. හැබැයි ඒවා මෙන්න මේ site එකෙන් ගන්න පුළුවන් වුනා - http://www.rw-designer.com

කොහොමවුනත් මට මීට පෙර windows xp භාවිතා කරන කාලෙත් මේ වගේ Transformation Pack එකක් භාවිතා කරන අවස්ථාවේ VLC player එක වගේ දේවල් වැඩනොකරා කියල මතකයක් තියෙනවා. ඒත් මේවගේ දරුණු අකරතැබ්බයක් නම් වුනේ නැහැ. මේ නිසා මම ඔබටත් දෙන අවවාදය තමයි Transformation Pack එකක් භාවිතා කරනවා නම් ටිකක් අවධානම අරගෙන භාවිතා කරන්න කියන එකයි...

26 comments:

  1. මගේ එක හොඳක් තියෙනවා... ඔය වගේ දේවල් නං කරන්න යන්නේ නෑ.. හි හි...

    ස්පීඩ් එක හොද නං, වැඩ ටික කරන්න පුළුවන් නම් එතනින් එහාට ඕකට අතගහන්නෙ නැතුව ඉන්න තමයි මගේ උත්සාහය....

    ReplyDelete
    Replies
    1. ඔව් නැති ලෙඩ ඉල්ල ගන්නේ නැතුව තියෙන විදියට තියෙන්න අරින එක නම් හොදයි. ඒත් අළුත් දෙයක් ඉගන ගන්න, අතහදා බැලීම්, පරීක්‍ෂන වගේ දේවල් ඕනමයි. සමහර ප්‍රායෝගික දේවල් පොත් වල කවදාවත් සටහන් වෙන්නේ නැහැ. ඒත් අපට වෙන වැරදීම් හෝ වෙනදෙයක් කරන්න ගිහිල්ල ලැබෙන අතුරු ප්‍රතිඵල වලින් සමහර විට ලැබෙන දේවල් ඉතා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්....

      Delete
  2. Replies
    1. කවදාහරි මේ ව‍ගේ හිසරද එන්න ඉඩ තියෙනවා.ඒවගේ වෙලාවට මේ වගේ උපක්‍රම ප්‍රයෝජනවත් වේවි...

      Delete
  3. යක්‍ෂ කට්ටක්නේ කාල තියෙන්නෙ. මමත් ඔය කියපු විසඳුම්වලින් ට්‍රයි කරන්නෙ Last known Good Configuration ඔප්ෂන් එක. බැරිම නම් ඕක ගොඩදාන්න දඟලන්නෙ නෑ, උබන්ටු සීඩී එකකින් බූට් කරන් C පාර්ටිෂන් එකේ තියෙන ඕන කරන ෆයිල්ස් ටික අරගෙන C එක ෆෝමැට්කරල වින්ඩෝස් දානව. ආයිත් වැඩකරන සොෆ්ට්වෙයාර්ස් ටික කොනක ඉඳන් ඉන්ස්ටෝල් කරන එක තමයි චුට්ටක් කම්මැලි වැඩේ.

    මම නම් වින්ඩෝස්වලට කරන එකම දේ ඔය ටික දවසකට සැරයක් අප්ඩේට් කරන එක විතරයි. වැඩි වැඩි ගැජට් කෑලි එල්ලන වැඩේ නම් මම කොහොමවත් කරන්නෙ නෑ දැන්, ඉස්සරනම් මමත් ඕව දැම්ම ජොලියට, ඒත් ඉතිං ඒවට රැම් එක කන්න තියා ගත්තම එපා වෙනව, ඒ නිසා නිකන් හම්බුන එකාගෙ දත් ගනින්නෙ මොකටද කියල මම ඔය තියෙන විදියටම පාවිච්චි කරනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ටිකක් ව්‍යාකූලවුනා තමයි. සාමාන්‍යයෙන් සුලභවම අපි බොහෝදෙනෙක් කරන්නේ ඕනකරන file ටික කොහාට හරි වෙනතැනකට ඇදල දාලා format කරන එක. හැබැයි ඒක එච්චරම හොද විසදුමක් විදියට පිළිගන්න එකක් නම් නොවෙයි. විශේෂයෙන් අපි windows genuine copy එකක් නම් පාවිච්චි කරන්නේ ඒක activate කරන්න දෙන්නේ සීමිත වාර ගණනක් පමණයි. ඒවගේ වෙලාවට ගොඩින් විසද ගන්න එක හොදයි අළුතෙන්ම දාන්න යනවට වැඩිය. කොහොමවුනත් අළුත් අළුත් දේවල් අත්හදා බලන එක කරන්න වෙන එක තමයි සමහර විට පොතේ නැති දේවල් පවා ඉගන ගන්නේ...

      Delete
    2. ඔවු ඒක ඇත්ත. ඔය වැනි ගැටලුවකදී ඒක පාරක් මගේ office එකේ computer ඒක format කරලා ආයේ windows දාල බලද්දී මම develop කරපු ඉතා වැදගත් module එකක් copy කරගන්න අමතක වෙලා තිබ්බා. මගේ කාලයට අමතරව ඒකේ logic ඒක මුල ඉඳන්ම හිතන්න උනා නැවත වරක්. ඔය වගේ අතපසු වීම් නිසා රැකියා නැතිවූ අවස්ථා ගැන මම අහල තියනවා. ඒ නිසා machine ඒක format නොකර කාලය අරගෙන හරි කමක් නෑ ගොඩ දාගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

      Delete
    3. ඔව් format කරන එක හැම වෙලාවෙම නුවනට හුරු වැඩක් නෙමෙයි...

      Delete
    4. ඔව් දිනේෂ්, වින්ඩෝස් විතරක් නෙවෙයි අපි යූස් කරන සොෆ්ට්වෙයා එහෙමත් ජෙනුයින් නම් ෆෝමැට්කරන කතන්දරේ හරියන්නෙ නෑ, ඒ වෙලාවට දන්න වෙදකමක් කරල ගොඩදාගන්න එක තමා හරියන්නෙ. මට ඒ අවුල නැති නිසා තමා මම එහෙම කරන්නෙ, අනෙක මම කොහොමටත් ඔය හදිසියට ඩෙස්ක්ටොප් එකට දාන ෆයිල් එකක් ඇරෙන්න සී එකට වෙන කිසිම ෆයිල් එකක් දාන්නෙ නෑ.
      ඔබ කියනව වගේ සමහර වෙලාවට වෙන අවුල් ලොවෙත් නැති එව්ව, හිතාගන්නත් බෑ මේ මොකක්ද කියල. ඒ වගේ වෙලාවට ඒක ගොඩදාන්න දඟලල ලැබෙන අත්දැකීම් නම් වැදගත්, කිසි ලෙඩක් නැතුව මෙෂින් එක වැඩ කරනව නම් අපිට කවදාවත් හාර්ඩ්වෙයා ගැන දැනුමක් ලබන්න වෙන්නෙ නෑ, ලෙඩ දෙන තරමට අපිත් යම් යම් දේවල් ඉගෙන ගන්නව, මමත් ඒ ගැන කොහෙන්වත් විශේෂයෙන් ඉගෙනගත්තෙ නෑ, දන්න හැටියට මගේ මෙෂින් එකේ අවුල් හදන්න ගිහින් ලැබුණු අත්දැකීම්වලින් තමා ඩිංගක් හරි ඉගෙනගත්තෙ. ඒත් පස්සෙ පස්සෙ ඒ වෙනුවෙන් යන කාලයයි, මහන්සියයි නිසා කම්මැලිකමටමයි කෝකටත් තෛලෙ ෆෝමැට් කරන එක කරේ. ඒ කලින් යූස්කරපු පෙන්ටියම් එක තියෙද්දි. දැන් පාවිච්චි කරන i3 එක ගහද්දි වින්ඩෝස් දැම්මට පස්සෙ ආයිත් දැම්මෙ නෑ, දැන් අවුරුද්දක් විතර වෙනව. වෙන දේවල්වලට වඩා ඒකට හේතුව ආයිත් සොෆ්ට්වෙයාස් දාන්න වෙන එකටයි වින්ඩෝස් අප්ඩේට් මුල ඉඳන් කරන්න වෙන එකටයි තියෙන කම්මැලිකම.

      Delete
  4. Windows xp පාවිචි කරන දවස්වල Windows Vista Transformation Pack එකක දාන්න ගිහින් මටත් ඔය වගේ වැඩක් උනා අන්තිමට් පොර්මැට් කරලා Windows xp දාගත්තා
    ගොඩක් වටින තොරතුරු ටිකක්

    ReplyDelete
  5. අපෝ මමනම් කවදාවත් දාන්නේ නැති දෙයක් තමා ඔය Transformation Pack.. මල ජරාව. මේක ගැන අනිත් අයත් දැනුවත් කරාට ස්තුතියි...

    ReplyDelete
  6. ලිපියට බොහොම තුති

    ReplyDelete
  7. මටත් තීම් දාන්න ගිහින් ඇති පදම් ෆොර්මැට් කරන්න වෙලා තියෙනවා... දැන් 7 ගෙන ඉන්නේ ඒක හොදයි..මම නම් යේ තීම් දන්නෙ නැහැ .. ඕනෙනම් ඔරිජිනල් ඔපරේෂන් සිස්ටම් එකම දාගන්නවා මිසක..

    ReplyDelete
    Replies
    1. ඒක හරි ‍තෙවන පාර්ශවයේ ඒවාට වඩා නිළ ව‍ශයෙන් ලබාදෙන ඒවා භාවිතය හොදයි...

      Delete
  8. දැනුවත් කිරීම ගැන ස්තුතියි.
    කොළු කාලේ නම් ඕනිම ජරාවක්‌ ඉන්ස්ටෝල් කරන ගතියක් තිබ්බ. ඒකට දැන්, නොකරම බැරි උනොත් හැර කිසිම දෙයක් දාගන්නේ නෑ.

    ReplyDelete
  9. මමත් xp වලට Vista Transformation Pack දාන්න ගිහින් ඔය වගේ කට්ටක් කෑවා. පස්සේ ආයේ දා ගත්තත් මෙෂින් එක ස්ලෝ වෙනවා. ඒ නිසා දැන් නම් දාන්නේ නෑ. මේකෙදි ඔබ කරපු විදිහ දාලා තියන එක නම් වටිනවා.

    ReplyDelete
  10. LoginUI.exe කියන එක හරහා තමයි අපේ ලොගින් ස්ක්‍රීන් එක වගේම වින්ඩෝස් බුට් වෙද්දී එන ලෝගෝ එක එන්නෙත්. ඉතින් ඒක ඔය තීම්ස් වලදී වෙනස් කරන්නේ නෑ. ඒත් ට්‍රාන්ස්ෆොමේෂන් පැක් වලදී වෙනස් කරනවා. ඒ නිසා ඔහොම දෙයක් කරද්දී මෙන්න මේ ටික බැකප් කරගන්න. LoginUI.exe | Shell32.DLL (අයිකන සඳහා - මේ සඳහා ෆයිල් ඒක රීස්ටෝර් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ෆයිල් එක අදාළ තැනට කොපි කර regsvr32 විධානය මගින් ප්‍රතිස්ථාපනය කල යුතුයි.)

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න වටිනා උපදෙස් රැසක් ඔබත් ලබාදී තිබෙනවා. ඇත්තටම මේ වගේ අවධානම් වැඩක් කරන්න කලින් මේ වගේ ආරක්‍ෂිත පියවර අනුගමනය කිරීම ඉතාම කාලෝචිත වේවි...

      Delete
  11. කාටත් ප්‍රයෝජනවත් ලිපියට ස්තුතියි.හැබැයි මම නම් ඕව කරන්න බයයි.

    ReplyDelete
  12. කියලා දුන්නට තෑන්ක්ස්
    මාත් කිහිපවරක්ම තීම්ස් දාලා අයින් කරලත් තියෙනවා.හැබැයි ඔය වගේ දෙයක් නම් වුනේ නැහැ

    ReplyDelete
  13. මාත් කම්පියුටර් එකට නොකරපු වැඩක් නං නෑ... ඒත් දැන් නම් ස්පිඩ් එකට මුල්තැන දිලා තිම් අයින්ම කරලා දාලා තියෙන්නේ... වින්ඩෝස් ක්ලැසික් තමා දැන් ඉතින්... බලද්දි පොඩ්ඩක් අප්පිරියා වුණාට වැඩ කරද්දි ඒක හොදයි කියලා හිතෙනවා...

    ReplyDelete
  14. මටත් xp වලට ඔය වගේ වැඩක් උනා format කරන එක කරන්න පුලුවන් උනත් slitaz live cd 1 කින් boot කරලා cd 1 අයින් කරලා xp cd 1 ආයේ දාලා missing file extract කරලා copy කරලා වැඩේ ‍ගොඩ දා ගත්තා.

    ReplyDelete
  15. ස්තූති ඔබට

    http://emb-zone.blogspot.com/2012/11/windows8-transformation-pack-01.html

    මෙම පැක්එක win7,Corei3(2nd Gen),4Gb,වලට 100% සුපිරියට වැඩ

    ReplyDelete