Tuesday, October 16, 2012

OO7 a.k.a James Bond Movie Posters සහ Bond චිත්‍රපටි පිළිබද කෙටි සටහනක්...

මෙන්න කාලයකට පසුව නැවතත් සිනමාව පිළිබදව ලිපියක්. අද ලිපියෙන් ඔබට පෙන්වන්නේ හා කතා කරන්නේ සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාව පිළිබදව සුළු කරුණු කිහිපයක් සහ එයට අදාල දර්ශනීය සිතුවම් ‍සමුහයක්.

James Bond නැතහොත් කේතනාමයෙන් 007 ලෙස හැදින්වෙන චරිතය ප්‍රබන්ධ චරිතයක්. එය නිර්මාණය කරනු ලැබුනේ 1953 දී ලේඛක Ian Fleming විසින්. ඔහු විසින් මෙම බොන්ඩ් චරිතය ඇතුලත් නවකතා 12 ක් සහ කෙටි කතා දෙකක් සම්පාදනය කරනු ලැබු අතර 1964 දී ඔහුගේ ඇවෑමෙන් පසුව තවත් ලේඛකයන් හය දෙනෙකු විසින් එයට අදාල වන පරිදි නවකතා ලිවීම අද දක්වා කරගෙන එනු ලැබ තිබෙනවා. ඒවගේම තරුණ ජේම්ස් බොන්ඩ් චරිතය අලලා A Young James Bond නමින්ද නවකතා කිහිපයක්ම ලේඛකයන් විසින් ලියන ලද බවත් පැවසෙනවා.


මෙම බොන්ඩ් චරිතය ගොඩනැගෙන්නේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තුසේවයේ නිළධාරියෙකු හා ඔහුගේ ක්‍රියාකාරකම් පසුබිම් කරගෙන බව බටහිර සිනමා රසිකයන් ඕනෑම කෙනෙක් දන්නා කරුණක්. ලංකාවේ අපිට ‍බොන්ඩ් නවකතා එතරම් සමීප නොවූවත් එයින් නිර්මාණය වී ඇති චිත්‍රපටි 25 නම් සෑහෙන්න සමීපයි. ඊට අමතරව බටහිර රටවල නම් රූපවාහිනියේ, ගුවන්විදුලියේ, හාස්‍යත්පාදක නාට්‍ය වල මෙන්ම වීඩියෝ ක්‍රීඩා සදහාද මෙම බොන්ඩ් චරිතය භාවිතා කර තිබෙනවා. චිත්‍රපටි ලෝකය තුල ගත්තම මේ දක්වා නොනවත්වා දීර්ඝතම ලෙස නිර්මාණය වූ චිත්‍රපටි මාලාව ලෙස මෙන්ම ලෝකයේ දෙවන ස්ථානයට සිනමා ක්‍ෂෙත්‍රයේ මුදල් ඉපයූ චිත්‍රපටි මාලාව ලෙසත් බොන්ඩ් චිත්‍රපටි නමක් දිනාගෙන තිබෙනවා.

බොන්ඩ් චිත්‍රපටි මුලින්ම තිරගත වීම ඇරඹුනේ 1962 දී ඒ Dr.No කියන චිත්‍රපටියයි. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නැතහොත් OO7 - Bond  චරිතය රඟපෑවේ එතෙක් මෙතෙක් James Bond කියූ සැනින් මතකයට එන Sean Connery විසින්. ඔහු Bond චිත්‍රපටි 7 ක රඟපෑ අතර ඔහුට අමතරව තවත් නළුවන් 6 දෙනෙකු Bond ගේ චරිතයට පණ දුන්නා.

කෙසේවෙතත් මෙම නළුවන් 6 දෙනා අතරින් සාර්ථකත්වයේ අංක 1 ට Sean Connery ත්, ඉන් පසුව සාර්ථක වූ නළුවා ලෙස Bond චිත්‍රපටි 4 ක රඟපෑ  Pierce Brosnan ත් සැලකෙනවා. මේ අතරින් Pierce Brosnan දැන් මෙම චරිතයෙන් සමුගෙන අවසන් වන අතර මීට පෙර Sean Connery ද 1967 දී  You Only Live Twice අනතුරුව බොන්ඩ් චිත්‍රපටි වලින් සමුගත් නමුත් 1971 දී Diamonds Are Forever චිත්‍රපටියෙන් නැවත බොන්ඩ් ලෙස රිදී තිරයේ පෙනී සිට නැවතත් සමුගෙන 1983 දී Never Say Never Again චිත්‍රපටියෙන් නැවතත් බොන්ඩ් ලෙස අවසාන වතාවට රඟපෑම සිදුකරනු ලැබුවා.

බොන්ඩ් චිත්‍රපටි මාලාවේ චිත්‍රපටි 25 අතරින් 23 ක්ම නිර්මාණය කරනු ලැබුවේ Eon Productions නම් ආයතනය විසින්. ඒත් 1967 දී නිර්මාණය කරනා ලද Casino Royale නම් චිත්‍රපටිය Columbia Picturesආයතනය විසින් නිපදවනු ලැබූ අතර එය අප දකින සුපුරුදු ත්‍රාසජනක මෙන්ම සුන්දර "Bond Girls" සිටි චිත්‍රපටියක් නොව හාස්‍යමය රහස් පරීක්‍ෂක කතාවක් විය. 

මෙහි රඟපෑවේ සුපුරුදු කඩවසම් බොන්ඩ් නළුවන් නොව David Niven නම් වියපත් නළුවෙකි.

Eco Production ආයතනයෙන් ගිලිහුන අනෙක් චිත්‍රපටිය නම් වසර 12 කට පසුව නැවතත්
Sean Connery as Bond ලෙස සිටි Never say Never Again චිත්‍රපටියයි. මෙය සුප්‍රකට Warner Bros. ආයතනය විසින් නිපදවනු ලැබූ අතර බෙදාහැරීම සුපුරුදු පරිදි Bond චිත්‍රපටි  බෙදාහරින්නා වන Metro-Goldwyn-Mayer ආයතනයටම හිමිවිය. මෙම චිත්‍රපටියේ රඟපාන විට Sean Connery 52 වන වියේ පසුවූ අතර තවත් විශේෂත්වයක් වූයේ මෙම චිත්‍රපටිය තිරගත කරන ලද 1983 වසරේදී Eco Production ආයතනය විසින්ද නිර්මාණය කරනා ලද
Octopussy නම් චිත්‍රපටියද තිරගතවීමයි. මෙහි ප්‍රධාන චරිතයට තවත් වැඩිම බොන්ඩ් චිත්‍රපටි එනම් චිත්‍රපටි 7 ක රඟපෑ Roger Moore විසින් පණ දෙන ලදි. 

බොන්ඩ් චිත්‍රපටි මාලාවේ Sean Connery ඉවත්වීමෙන් පසුව එම අඩුව පිරවූයේ ඉහත කී Roger Moore විසින් වන අතර 1973 දී Live and Let Die සිට 1985 දක්වා A View to a Kill වූ Bond චිත්‍රපටි ඔහුගේ අනසක යටතේ විය. ඔහු ගෙන් පසුව අඩුම චිත්‍රපටි සංඛ්‍යාවක එනම් චිත්‍රපටි දෙකක පමණක් Bond ලෙස පෙනී සිටියේ Timothy Dalton ය. කඩවසම් වුවත් අසාර්ථකම Bond ලෙස ඔහු සලකනු ලබයි. ඔහුගෙන් පසුව දෙවන සාර්ථකම Bond ලෙස සැ‍ලකෙන Pierce Brosnan 1997 සිට 2002 දක්වා Bond චිත්‍රපටි 4 ක James Bond ලෙස දැකගැනීමට හැකිවූ අතර ඔහුගෙන් පසුව එම තැන ගත්තේ Daniel Craig විසිනි‍‍. ඔහු 2006 දී තිරගතවූ Casino Royale සිට ලඟදීම තිරගතවීමට නියමිත  Skyfall චිත්‍රපටියේද Bond ලෙස අපිට දැක ගත හැකිය.

Bond චිත්‍රපටි එකක පමණක් රඟපෑ නළුවෙකු ලෙස 1967 දී තිරගතවූ On Her Majesty's Secret Service හි George Lazenby දැක්විය හැකිය.

මෙන්න එම නළුවන් සියළු දෙනා එදා සහ අද.






Bond චිත්‍රපටි වල තවත් සුවිශේෂත්වයක් වන්නේ එදා එනම් චිත්‍රපටිය හදන කාලයේ භාවිතා නොවූ වාහන, උපකරණ, ආයුද සහ තවත් දේ දැක ගැනීමට හැකිවීමත් ඒවා බොහෝමයක් පසුකලෙක සත්‍යවශයෙන්ම නිපදවීමත්ය. එ‍සේම Aston Martin වාහනද Bond චිත්‍රපටිවල තවත් Trademark එකක් බදු විය. තවද ඒ ඒ Bond චිත්‍රපටියේ නිර්මාණය වූ තේමා ගීතය ඉතා ජනප්‍රිය වූ අතර ඇතැම් ඒවා ඔස්කාර් සම්මාන සදහාද නිර්දේශ විය.

Bond Girl චරිතයද අමතක කළ නොහැකිය. රූමත් නිළියන් රැසකගෙන් වර්ණවත් වූ Bond චිත්‍රපටියක Bond Girl ලෙස තෝරා ගැනීමද විශේෂිතවූ දෙයක් ලෙස සැලකිය. මේ තිබෙන්නේ එම Bond Girls සියළුම දෙනාගේ සේයාරූ.


මෙන්න මෙම Bond චිත්‍රපටි සියල්ල වෙනුවෙන්ම නිර්මාණය වූ පෝස්ටර්.

























Bond චිත්‍රපටි, ඒවායේ නළුවන් මෙන්ම මෙම චරිතය ගැන කියන්න තව කාරණා රැසක් තිබෙනවා.ඒවා ඉදිරියට තබමින් මෙම ලිපිය අවසන් කරන්නම්...

22 comments:

  1. මේ ලිපියෙන් අපව බොන්ඩ් අතීතයටම ගෙනගියා වගේ....

    ReplyDelete
    Replies
    1. බොන්ඩ් චිත්‍රපටි වලට අදාල තව නොදැකපු දේවල් රැසක් ඉදිරියේදී පෙන්වන්නම්...

      Delete
  2. ඌහ්.......................... ‌ජේම්ස් බොන්ඩ්..................... හි හි.......... දැන් නං ඉස්සර ඒවා තරම් ගතියක් නෑ ඒවයේ.... අන්තිම එක තාම බලන්න බැරි උනා......

    ReplyDelete
    Replies
    1. ඔව් එදාට සාපේක්‍ෂව තාක්‍ෂනය හා අනෙකුත් දේවල් දියුණු වුනාට මීට වසර ගණනාවකට පෙර තිබුන තරම් බොන්ඩ් චිත්‍රපටි ආකර්ශනීය නැහැ. දැන් ඉන්න ඩැනියෙල් ක්‍රෙග් බොන්ඩ් චරිතයට දරදඬු වැඩියි කියලයි මගේ අදහස...

      Delete
  3. මම මගේ ජේම්ස් බොන්ඩ් පොත් කියවිල්ල ගැන ලියන්නයි ඉන්නේ. මේ ලිපිය මට උදව්වක් වෙයි ඒක ලියන්න පෙළඹවීම ඇති කරන්න. හරිම ලස්සන සාරාංශයක්..

    මම නොදන්නා නිසයි අහන්නේ... අපේ ජේමිස් බණ්ඩා ගැන මොනවා හරි දන්නවාද? අනේ එහෙනම් අපිත් එක්ක බෙදා හදා ගන්නවාද?

    ReplyDelete
    Replies
    1. මට මතකයි නවය වසරේ ඉන්න කලේදි පොතක් අහුඋනා ජේමිස් බණ්ඩා සහ....... මොකද්ද කියලා... හිනාවෙලා පණ යනවා ඒකට.... පොඩි එකෙක්ගේ වැඩ වගේ මතක.... හි හි....

      Delete
    2. ම්හ්..මට නම් එහෙම පොතක් හම්බුනේ නැහැ.මම හිතන්නේ මේ කියන්නේ ඩීමන් ආනන්ද මහත්තයා ලියපු පොතක් වෙන්න ඕන...

      Delete
    3. අන්න ඒ ඩීමන් ආනන්ද මහත්මයාගේ පොත් ගැන තමයි මට දැන ගන්න ඕන!

      Delete
  4. ඩොක්ටර් නෝ සිට ඔක්ටෝපුසි දක්වා සියළුම බොන්ඩ් චිත්‍රපටි මම බැලුවේ කොළඹ සිනමාහල් වල. එතැන්සිට ඉතිරි චිත්‍රපටි නැරඹුවේ වී.එච්.එස්. කැසට්, වී.සී.ඩී, සහ ඩී.වී.ඩී. වලින්. මා විසින්ම බාගෙන ඩී.වී.ඩී. වලට නැගුනු බොන්ඩ් චිත්‍රපටි 23 ක් මා සතුව පණ මෙන් රකිමින් තිබෙනවා. නමුත් සීන් කොනරි වගේ බොන්ඩ් කෙනෙක් මම ඊට පස්සේ දැක්කේ නැහැ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මා සතුවත් චිත්‍රපටි සියල්ලම පාහේ තිබෙනවා. අර කිව්ව මුල්ම විහිළු එක හැරෙන්නට. Quantum of Solos තිබුනා හැබැයි ඒක හාඩ් ඩිස්ක් එකේ තිබිලා මැකුවද කියලත් පොඩි මතකයක් තියෙනවා. මොකද දැන් ඉන්න බොන්ඩ් ගැන මගෙත් එච්චර කැමැත්තක් නැති නිසා සහ මේ කිව්ව චිත්‍රපටිය එච්චර ලස්සන නැති නිසා ඒක තියාගන්න එතරම් උනන්දුවක් තිබුනේ නැහැ...

      Delete
  5. ජේම්ස් බොන්ඩ් ෆිල්ම්වලට කව්ද අකමැති. Daniel Craig නම් ජේම්ස් බොන්ඩ් විදියට එච්චරම සාර්ථක නැහැ කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. Daniel Craig මේකට හරියන්නේ නැහැ...

      Delete
  6. නියම ලිපියක් අයියේ. ගොඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තව ටිකක් ඉදිරියේදිත්...

      Delete
  7. නියම විස්තර ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඊලඟ එකත් බලමුකෝ එහෙනම්...

      Delete
  8. ඊළඟ කොටසත් ඉක්මනට ම අරන් එන්න දිනේෂ්....
    ලිපියට බොහොම ස්තූතියි.

    ReplyDelete
  9. මාත් මාර ආසා දෙයක් :)
    වැදගත් මාරෙටම :)
    http://hithru.blogspot.com

    ReplyDelete
  10. thunderball කියන චිත්‍රපටයමයි never say never again නමින් නිපදවුවෙත්.

    ReplyDelete
  11. It's a very interesting article.I too like Bond films.I like Sean Connery very much.Any torrents?

    ReplyDelete
  12. චිත්‍රපටි ගොඩක් බලලා තියෙනවා... රොජර් රගපාන චිත්‍රපටි තමා මතක විදිහට බැලුවේ... වැඩියම ඒවගේ පෙන්නපු අමුතු තාක්ෂණ ක්‍රම බලන්නමයි ඒවා බැලුවේ...අද කරුණු ගොඩක් දැනගත්තා... ගොඩක් ස්තූතියි අපත් සමග බෙදා හදා ගත්තට... ඔබට ජය...

    ReplyDelete
  13. Hiya very nice site!! Guy .. Excellent .. Wonderful .
    . I'll bookmark your blog and take the feeds also? I am glad to search out a lot of useful information right here in the submit, we need work out extra techniques in this regard, thanks for sharing. . . . . .

    Here is my site: accident claims compensation

    ReplyDelete