Monday, October 1, 2012

මිහිපිට සුරපුරයක් බදු Dubai මීට දශක 4 කට පෙර...

ඩුබායි මේ නම නොදන්නා කෙනෙක් අපේ රටෙන් සොයා ගැනීමටත් අසීරුවේවි. ලංකාවෙන් ඉතා දුරබැහැර මැදපෙරදිග කලාපයේ තිබෙන පාලන ප්‍රදේශයක් වූවත් මිහිපිට සුරපුරයක් වන් සශ්‍රිකත්වයත්, අපේ රටෙන් බොහොම ශ්‍රමිකයන් පිරිසක් තම ජීවිතය සරුසාරවත් කර ගැනීම පිණිස රැකියාවට යන දේශයක් හැටියටත් ඩුබායි ගැන දන්නා පිරිස බොහෝය. තවද එක්සත් අරාබි එමිරේට්ස් නම් රාජ්‍යයට අයත් එමීර්වරයෙකු විසින් පාලන කරනු ලබන ප්‍රදේශයක් ලෙසද ඩුබායි දැක්විය හැකියි.

ඒත් මේ දැවැන්ත දියුණුව ඔවුන් ලබා ඇත්තේ 70 දශකයෙන් පසුව යයි පැවසූවහොත් ඔබ ඇතැම් විට පුදුමයට පත්වනු ඇත. 1971 දෙසැම්බර් 02 දා තවත් එමීර් රාජ්‍ය කිහිපයක් එක්ව පිහිටවා ගනු ලැබූ එක්සත අරාබි එමීර් රාජ්‍ය බිහිවීම සහ ඉන්පසුව දිගටම සිදවූ තෙල් සහ අනිකුත් වෙළඳාම වර්ධනයත් සමග සමෘද්ධියට පත්වූ පාලන ප්‍රදේශයක් බව කිව යුතුයි. එදා ඔටුවන් පිට නැග ගමන් ගිය සාම්ප්‍රධායික අරාබි රාජ්‍යයක් වූ ඩුබායි හි ධනවතුන් අද ගමන් බිමන් යන්නේ ලෝකයේ මිල අධිකම යානවාහන වන ෆෙරාරි වැනි වාහන වලිනි. එසේ බැබලෙන ඩුබායි 60 දශකයේ පමණ කෙසේ පවතින්නට ඇත්දැයි දැන් අපි බලමු.

මේ 60 දශකයේදී ඩුබායි ගුවන් තොටුපළයි.






මේ නගරය, නගරයේ ආයතන, ධීවර වරාය යනාදියයි






දැන් ඔවුන්ගේ ධීවර වරායක ඇති අලංකාරය.


ඩුබායි හි එදා ජන ජීවිතය


 මේ ගංවතුර පිරුන මාරකැට්ටුවට අද වෙලා තියෙන දේ ඊලඟ පින්තූරයෙන්


මෙහි දැක්වෙන කාර්බහුල ස්ථානය එදා සහ අද වෙනස

මේ නගර මධ්‍යය එදා සහ අද කොහොමද?

මේ සීයලා සිටින පරන වෙළඳපොල කොටසක් 2008 දී ගින්නකින් විනාශ වූ අතර එය දානපතියන්ගේ අනුග්‍රහයෙන් නැවත ගොඩනැගූ පසු දෙවන පින්තූරයෙන් දැක්වේ.

මේ එදා ගමන් බිමන් ගිය හැටියි. ඒත් අද?
මෙන්න මෙතනින් තමයි මෙම පින්තූර වලින වැඩි කොටසක් හා විස්තර ලබා ගත්තේ.
http://www.dailymail.co.uk/news/article-2144613/Pictures-Dubai-1960s-1970s-city-fishing-settlement.html
මෙම පින්තූර වල හෝ විස්තර වල වෙනසක් තිබුනොත් ඩුබායි වල සිටින මිතුරන් ඒ ගැන කියන්න කියන එකත් කියමින් මෙම කෙටි ලිපිය අවසන් කරන්නම...
මේ තිබෙන්නේ ලිපිය පළ කළ පසු ලකී සිරි මිතුරා විසින් එවා තිබූ ඩුබායි අබුඩාබි ප්‍රධාන හයිවේ එක වෙන ෂේක් සහීඩ් පාරේ දියුණුව පිළිබද සේයාරුවකි.

30 comments:

  1. අර නගර මධ්‍යය දැක්වෙන රූප සටහන තමා මරු!

    බයවෙන්ඩ දෙයක් නෑ. ඉන්ඩකෝ දීනෙෂ් පොඩ්ඩක් ඉවසලා අපිත් පළමු තෙල් බාල්දිය උඩට ගන්නකල්!!!

    ReplyDelete
    Replies
    1. කොහෙන්ද ඔය තෙල් ගන්න යන්නෙ. :D

      Delete
    2. බුද්ධි,

      විශ්වාසකටයුතු මාර්ගයකින් දැන ගන්ඩ ලැබුනා ඒ බාල්දියෙ ලොකු හිලක් තියනවා කියලා..

      Delete
    3. අනේ ඔව් බලාගෙන හිටහන් මේන් කියල ලංකාව ඩුබායි වගේ වෙනකන්

      Delete
    4. සෙන්නා,
      සිතුවේ මෙසේය, මෙතක් නං කම් නැත, මෙතක් නං මක් කරන්න ද කිව්වලු! සිරාවටද හිලක් කිව්වෙ :P

      ------------------------
      බුවාලා නං එදා ඉදලා ජාතිද්‍රොහියෝ. ඒක හොඳට පේනවා මේ වගේ කමෙන්ට් වලින්. අපිට ඩුබායි වල අද තත්වෙට ලංකාව ගේන්න බැරි උනොත් 60 දශකේ තිබිච්ච තැනට හරි ගෙනියනවා හරිද! :P

      Delete
  2. ශෙහ්!!! පිස්සු හැදෙනවා..

    ReplyDelete
  3. හ්ම් ... තෙල් සල්ලි. ලක්ෂෙට කොඩිය දාගෙන හිටියට අරාබිකරයෙ විනාශයට මුලත් ඔය තෙල්ම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒවට ක්‍රම සහ විදි දැන ගන්න ඕනි , එමිරේට්ස් කටාර් වගෙ අය සුද්දට තෙල් විකුණලා , හොඳට වියදම් කරන්න පුලුවන් සුද්දන්වම සංචාරකයො විදිහට ගෙන්නගෙන ආතල් එකේ ඉන්නවා , ඒක කරගන්න බැරුව නිකන් බොරුවට හැප්පෙන්න යන උන් ඉල්ලං කනවා . දුක තමා

      Delete
  4. අපිට කොහෙන්ද තෙල් තිබ්බත් ඒවා චීනෙන් ගෙනියයි.

    ReplyDelete
  5. සුපිරි ලිපියක් සහෝ.සන්සංදනය මාරයි.ඉතාමත්ම අගය කරනවා.
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
  6. නියමයි. අර නගර මධ්‍යයේ තියෙන ඔරලෝසු කණුවනං ඒ විදියටම අලුත් කරල තියෙනව.

    ReplyDelete
  7. තෙල් වගේම ඒ මිනිස්සු එයාලගේ රටේ දියුණුව වෙනුවෙන් ලොකු කැපකිරීමකුත් කරලා තියෙන බව පේනවා...

    ReplyDelete
  8. තෙල් හොයා ගන්නවා කියන්නේ රටක හැරුම් ලක්ෂයක් හැබැයි අප්‍රිකාවේ සමහර තෙල් තියෙන රටවල් වගේ පාලකයෝ තෙල් ටික බෙදා ගත්තොත් රට හැමදාම එක තැන

    ReplyDelete
  9. තෙල් සල්ලි බව ඇත්ත . ඒ වුනාට ඒවා රටේ යහපතට යෙදවීමයි වැදගත් . තෙල් නම් නයිජිරියාවෙත් තියෙනව . ඒ වුනාට වෙනස බලන්න .ලස්සන සංසන්දනයක් .

    ReplyDelete
  10. නියම ලිපියක් දීපාල් සහෝ.....
    ඩුබායි එයාපෝර්ට් එකේ එක තැනක තියෙනවා මේ වගේ පරණ පින්තූර ගොඩාක් ඒගොල්ලෙන්ගෙ එයාපෝර්ට් එක ක්‍රම ක්‍රමයෙන් දුයුණු වෙච්චි හැටි...ඩුබායි වලට රෑ වෙලා ගොඩ බහින ෆ්ලයිට් එහෙකින් ගියොත් උඩ තියලාම දැක ගන්න පුළුවන් ඩුබායි නගරයේ සුන්දරත්වය... හරියට මුළු ලෝකෙම තියෙන විදුලි බුබුළු එක තැනක පත්තු කලා වගේ..... මාරම ලස්සනයි.

    ReplyDelete
  11. එක්සත් අරාබි එමීරයේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන අටක් විතර වෙනවා.. එයින් එමිරාටි හෙවත් ලෝකල්ස්ලා ලෙස හඳුන්වන මේරටේ නිත්‍ය උරුමක්කාරයන් ඉන්නෙ මිලියන එකාමාරක් විතර ප්‍රමාණයක්.. ඔවුන්ට රජ සැලකිලි..ආණ්ඩුව විසින් ඔවුන්ව උපතේ සිට මරනය දක්වා හොඳින් බලා ගන්නවා.. රටේ රාජ්‍යය අංශයේ සියලුම උසස් රැකියාවල නියුතු වෙලා ඉන්නෙ ඔවුන්.. විදේශිකයන්ට ඔවුන් ඒ අවස්ථා දෙනවා අඩුයි.. ලෝකල් කියන වචනෙට පවා පුදුම රෙස්පෙක්ට් එකක් තියෙන්නෙ.. හිතලා බලන්න අපි ලෝකල් කියන වචනෙ කොහොමද, මොන අර්ථයෙන්ද පාවිච්චි කරන්නෙ කියලා.. අනිත් කරුණ තමයි ඔවුන් ඉංග්‍රීසියට වදින්නෑ.. රජ්‍යය අංශයේ බොහොමයක්ම කටයුතු කෙරෙන්නෙ අරාබි භාෂාවෙන්.

    ඒ වගේම ඔවුන් තෙල් ටික මනාව සසුරුවනවා.. ඒ කටයුතු ඔක්කොම කෙරෙන්නෙ යුරෝපීයො අතින්.. තාක්ශණය, දැනුම ඔක්කොම උන්ගෙ.. ඒකෙන් දෙගොල්ලොම වාසි ගන්න තත්ත්වයක් තමා මටනම් පේන්නෙ..

    රටේ රජා තීරන ගන්නෙ ගොඩාක් දේවල් බලලා.. උදා හරණයක් කියන්නම්.. අබු ඩාබි වල අළුතෙන් වාරයක් හදනවා..( Port Khalifa )( එක අදියරක් ඉවරයි.. දැන් නැවුත් එනවා ) ඒක හදන්නෙ ගොඩ බිමේ ඉඳලා කිලෝමීටර් හතරක් විතර මුහුද ඇතුලට වෙන්න.. ඇයි ඒ..? ඒ තමයි මේ වෙරල තීරයේ තියනවාලු වටිනා කොරල් පරයක්.. ඒක රැකගෙන ආර්තික වාසිත් ගන්ඩ ඕනා නිසා තමා එහෙම කරලා තියෙන්නෙ. ලංකාවෙනම් ලෝක උරුමයන් මැද්දෙන් පාරවලුත් කපනවලු නේද ?

    ඔන්න ඔය වගේ තව නොකියපු ගොඩාක් කරුණුත් එකතු වෙලා තමා දිනේශ් ඔය පින්තූර වෙනස් වෙලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා... මම අනුමාන කළා ඔබ‍ මේ කලාපය ගැන දන්නා නිසා නොදන්නා දේවල් රැසක් මේ ගැන කියයි කියලා...

      Delete
  12. One more things that Dubai does not have OIL as such - may be 10% of GDP (But Abu dhabi has OIL and they support Dubai at critical situations). The important thing is the leadership of the country.

    ReplyDelete
    Replies
    1. Thanks & I agree 100% for //The important thing is the leadership of the country. //

      Delete
    2. this is correct.. Abu Dhabi supported Dubai during recession and that's why "Burj Dubai", the World tallest tower became "Burj Khalifa". It's a rumor, but seems a real fact.

      Delete
  13. ඔන්න වෙන් වෙන් වශයෙන් නොකියුවත් හැමෝටම ස්තූතියි කියන අතරේම මම පැත්තකට වෙලා බලන් හිටියා මේ ලිපියෙන් මමවත් බලාපොරොත්තු නොවන ප්‍රතිචාරයක් ලැබෙන ආකාරය ගැන මෙන්ම රසවත් හා ඵලදායි අදහස් රැසක් ලියවෙන ආකාරයත්. ඒ එක්කම කියන්න ඕන අර බුද්ධි කිව්ව වගේ තෙල් අපේ රටෙනුත් හම්බුවුනොත් අඩුමතරමින් ඩුබායි දේශය 60 දශකයේ තිබුන තැනටවත් යයි කියල සෑහිමකට පත්වෙමු. තවත් කාරණයක් තමයි චමිලා කිව්වා වගේම තෙල් තිබුන පලියටම රටකට දියුණු වෙන්න බැහැ.නිසිනායකත්වය සහ තවත් කාරණා රැසක් එකතුවීම සමග තමයි ඒ දේ ලගා කරගන්න පුළුවන්. නයිජීරියාව හොදම උදාහරණයක් තමයි ඒකට. එහෙනම් තව මේ පින්තූර බලල හිතට දැනෙනවා නම් යමක් කියන්න...

    ReplyDelete
  14. ඇත්තටම ඩුබායි කියන්නෙ තෙල් වලින් ගොඩ නැඟුව රටක් වුනාට එහි වර්තමානයෙ තියෙන්නෙ තෙල් මත පදනම් වුන ආර්ථිකයක් නෙවෙයි.. තෙල් කියන්නෙ ඩුබායි වල ක්ෂය වී යන සම්පතක්. ඒ නිසා ඔවුන් ඩුබායි බිස්නස් හබ් එකක් හා සංචාරකයි න් ඉලක්ක කර ගත්ත ආර්ථිකයක් ඇති දේශයක් බවට පරිවර්තනය කරන්න උත්සාහ ගත්තා.. ඒ නිසා ඔවුන් විශාල ලෙස පිටරටවලට ණය වෙලා තියනවා. ලෝක ආර්ථික අවපාතය හරහ ඇතිවුන දේපල වෙළඳාම් අංශයේ කඩා වැටීම ඩුබායි වලට ඉතා තදින්ම දැනුනෙ ඔවුන් ඒ මත ඔවුන්ගේ රට ගොඩ නගමින් සිටි නිසා.. බොහෝ දෙනා සිතුවෙ 2008 න් පස්සෙ ඩුබායි නටඹුන් නගරයක් වෙයි කියලා... ඉදි කිරීම් විශාල ප්‍රමාණයක් ඇන හිටියා...අන්තර්ජාතික විචාරකයින් කිව්වෙ ඩුබායි ගොඩනැඟිම් වැඩි හරියක් සුදු අලි කියලා( ඇත්තක් නැත්තෙමත් නැ, ඔවුන් සංචාරකයින් වෙනුවෙන් ලෝකෙ ලොකුම දේවල් විසිතුරුම දේවල් ගොඩ නැගුවා) වාසනාවකට හෝ අවාසනාවකට මෙහි රජයේ ප්‍රතිපත්ති කවුරුවත් ප්‍රශ්ණ කරන්නෙ නැහැ. ඔවුන් වැටුන වලෙන් ඔවුන්ම ගොඩ එමින් සිටිනවා...

    ReplyDelete
    Replies
    1. මොනවා ලකී උඔ මේ කියන්නෙ ඇත්තක් ද? පලයං බොරු නොකියා. එහෙනං සුරිය මහත්තයා ටීවී වැඩසටහනකට ඇවිදින් කිව්වෙ, තව ටික දවසකින් අපි වතුර නැවක් ඩුබායි වලට යවලා, හා උඔලට වතුර ඕන්නං අපිට හිලව්වට තෙල් නැවක් දීපල්ලා කියනවා කියලා. ඉතින් මමත් බලාගෙන හිටියේ ඒ දවස එනකල්.... වත්තෙ ලිඳක් කපාගෙන.... කෝ දැන් ඔහේ තෙල් ඉවරවේගෙන යනවනං ඉතින් මගේ බලාපොරොත්තු සුං තමා.... ලකීයෝ....!

      Delete
    2. සුරි මහත්තයට පිස්සු කෙලින්නෙ නැතිව ඒක සෞදි පැත්තට හරවන්න කියපන්.. අඩුම ගානෙ අබුඩාබියටවත්...:)

      කොහොම වෙතත් ඩුබායි වලට කාගෙවත් වතුර ඕන නැහැ බන්... එමීරයෙ ජල උල්පත් තියන පැතිත් තියනව... ඊට අමතරව ලෝකයෙ ලොකුම ඩිසැලිනේෂන් ප්ලාන්ට් එක එහෙම නැත්නම් මුහුදු වතුර පානයට සුදුසු ජලය බවට පත් කරන යන්ත්‍රාගර තියෙන්නෙත් ඩුබායි වල..:)

      Delete
    3. යන්ත්‍රාගර යන්න යන්ත්‍රාගාරය යනුවෙන් නිවැරදි විය යුතුයි.

      http://en.m.wikipedia.org/wiki/Desalination

      Delete
  15. Meyala posathkamin ihalata nagala hitiyath miniskamin nam itha pahath thalaye inne.

    ReplyDelete
  16. dubai ඇතුළු අනෙකුත් මැදපෙරදිග රටවල් අද ඔය තත්වෙට පත් කරන්න
    අපේ මිනිස්සු සොච්චම් පඩියකට හෙලපු ලේ කඳුළු දහදිය කොපමණද .මගේ ජීවිතයේ හොඳම තරුණ කාලේ ඔය දුෂ්කර වියලි දෙසගුණ කලාපය සශ්‍රික කරන්න වැඩ කරපු කෙනෙක්. ලංකාව ඇතුළු අනෙකුත් අසියාතිකයන්ට වාරු නැති කාලෙට අඩුම ගැනේ පොඩි පැන්සන් එකක් වත් ඔය තෙල් සල්ලි වලින් දුන්නානම් කොච්චර හොඳද. අපෙන් ගත්ත වෙඩ මුන්ට මතක නැහැ.

    ReplyDelete
  17. තෙල් තියෙනකම් ඔය රටේ දියුණුව පවතීවි ඊට පස්සේ

    ReplyDelete