Friday, October 7, 2011

ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප - Photos of the Photographers

හොද මාතෘකාවක් ගැන ලිපියක් ලියන්නට ඊයේ සිට සිතා සිටියත් වැඩකටයුතු වල කාර්යයබහුල බව නිසාම ඒ කාර්යය කරන්නට නොහැකිවුනත් මට දැකගන්නට ලැබුන අපූරු සේයාරූ කිහිපයක් තමයි මේ ලිපියෙනුත් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙන්නේ. මේ ලිපිය ලියවී ඇත්තේ අපගේ මනසට වින්දනය ගෙන දෙන ඡායාරූප ගැනීමට කැමරාකරුවන් නැතහොත් ඡායාරූප ශිල්පීන් ගන්නා වෙහෙස මහන්සියයි. මෙහි ඇතැම් ඡායාරූප වලින් ඔවුන්ගේ ඒ සදහා ඇති කැපවීමත්, ඇතැම් ඒවා හාස්‍යජනක ස්වභාවයක් ගැනීමත්, තවත් සමහරක් අතාත්වික බවකුත් දැනේවි. ඒ කොහොමවුනත් ඔබටත් යම් ආශ්වාදජනක අත්දැකීමක් මෙහිදීද දක්නට ලැබේ යයි සිතමි.






















තව පොඩි කරුණක් පැවසිය යුතුව ඇත. මම බ්ලොග්කරණය සදහා ගිණුමක් ආරම්භකල අවධියේ (2010 මැයි වල පමණ) මොනවාලියන්නේදැයි සිතාගත නොහැකිව සිටිනා කාලයේදීද වරක් මෙවැනිම ඡායාරූපපෙලක් ඉදිරිපත්කල අතර එහිද මාතෘකාව වූයේ  Photos of the Photographers යන්නයි. මාස කිහිපයක්ම එම බ්ලොග්පෝස්ටය පමණක් තිබූ අතර එය බැලීමට කිසිවකුත් ඒ අවස්ථාවේ බ්ලොගයට පැමිණියේ නැත.කාලය සමග ‍කොපමණදේ වෙනස්වේද?

29 comments:

  1. මමත් හරි ආස විෂයක් ඡයාරූප කරණය.. ඒත් ඉතින් ‍මගේ ෆොන් එකේ වත් කැම් ෆැසිලිටි නෑ.. කතාව පැහැදිලියි, ලස්සනයි!

    ReplyDelete
  2. මම මේ ගැන මගේ අවංක අදහස කියන්නම්.
    ඇත්ත . මේ වගෙ දුර්ලභ ලස්සන ඡායාරූප ටිකක් එක තැනකට අරගන අපිට රස විඳින්න සලස්වන එක බොහොම අගය කළයුතු දෙයක්. ඒත් මේ ඡායාරූප නිකම්ම උපුටා දක්වනවට වඩා ඒ ගැන යම් පසුබිම් කතාවකුත් එක් කරනවනම් මේක තවත් ආකර්ෂණීය වෙයි. අඩුම ගනනේ ඔබ ඒ ගැන දරන අදහසවත්...එහෙම නැත්නම් උපුටා ගැනීම කලේ කොහෙන්ද කියලවත්.
    ඔබ එක ළඟ පොස්ට් කීපයක් දාන නිසා ගුණාත්මක බව ගැන තියන සැළකිල්ල අඩු වෙලාදෝ කියල හිතුනා. එහෙම වෙන්න දෙන්න එපා. සත්සමුදුර කියන්නෙ කිසියම් පිළිගැනීමක් තියන බ්ලොග් අඩවියක්. ඔබ දිහා ලෝකය පුරා විසිරුන විශාල පාඨක පිරිසක් බලාගන ඉන්නවා කියලා අමතක කරන්න එපා.

    ReplyDelete
  3. ලකී කියනදේට මාත් එකඟයි.....මම හිතන්නේ මේවා ඊයකින් ආපු ඒවා වෙන්න ඕනා... ඒවගේ ඒවා ඉතින් ගොඩාක් අය අතරේ මේ වෙනකොටත් ගිහිල්ලා තියෙන නිසා ඒවයේ එච්චර වැදගත් කමක් ඇතිවෙන්නේ නෑ...
    සත්සමුදුර මේ වෙනකොට හදාගෙන තියෙන නමත් එක්ක මේ වගේ ඒවා දාන එක සුදුසු නෑ මම හිතන්නේ....
    මම නම් සත්සමුදුරෙන් බලාපොරොත්තු වෙන්නෙ දැනුම ටිකක් හරි දියුණු කරගන්න පුලුවන් ආකාරයේ ලිපියක්...
    ස්තුතියි..........

    ReplyDelete
  4. සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවට මොකද වුනෙ?

    Dinesh, we need more articles from you. Not just photos from emails.

    ReplyDelete
  5. අපිට Photos of the Photographers කලින් ලිපිය බලන්න අවස්ථාවක් නැද්ද ?

    ReplyDelete
  6. පින්තූරම විතරක් නෙවේ කියවන්න තව අමතර දෙයක් තියනවා නම් අපි කැමතියි දිනේශ් ! .

    කොහොම වෙතත් ඔබ නැත්තං මේ පින්තූර ටිකත් මට බලන්ඩ වෙන්නෑනේ
    ස්තූතියි සත් සමුදුර !!

    ReplyDelete
  7. ස්තුතියි ඔබට.

    ReplyDelete
  8. @හූනා - ස්තුතියි! සමහර වෙලාවට වචන දහස් ගණනකින් කියන දේ එක පින්තූරයකින් කියන්නට පුළුවන්...

    ReplyDelete
  9. @ලකී, හරී සහ Anony - මම ඒ ගැන ටිකක් සවිස්තරව කතාකරමි...

    ReplyDelete
  10. @උදාර - ඒ පින්තූර නම් බොහෝවිට නැවත දැකගන්න බැරිවේවි. ඒකට හේතුව තමයි ඒ කාලේ මට එතරම් අවබෝදයක් නැතිකම නිසා කෙලින්ම link එක තමයි දුන්නේ. ඉතින් ඒ පින්තූර upload කරපු අය එම පින්තූර මට මතක හැටියට ඉවත්කරගෙන තිබුන නිසා මම එක්වරක් බ්ලොග් එක බලන ‍කොට පින්තූර තිබුනේ නැහැ. නැවත යම් හෙයකින් සොයාගන්න හැකිවුනොත් පල කරන්නම්...

    ReplyDelete
  11. @හිස් අහස - මල්ලී මම ඔබේ ඒ අදහසට කැමතියි. පින්තූර විතරක් නෙමේ කියවන්නත් දෙයක් තියේනම් ඇත්තටම හොදයි තමයි.ඒත්.....ඔබ සැ‍මගේ ඒ ගැටළුවට හේතුව මම කියන්නම්. ඊලඟ පෝස්ටුව ඒ වෙනුවෙන්...

    ReplyDelete
  12. අතාත්වික විදිහේ ඒවනම් මම දැක්කෙ නෑ! මමත් කැමතියි තව විස්තර තිබුනනනම්! ඒත් අපි හැමෝම මේවා කරන්නෙ දහසක් වැඩ මැද්දෙයි කියලා මම දන්නවා.

    නිවාඩු ලැබුනම විස්තර එක්ක ඉස්සර වගේ ලිපි දාන්න...........

    ReplyDelete
  13. @බුද්ධි - ස්තූතියි! අන්න ඒක තමයි ඇත්ත තත්වය බුද්ධි. අපි මේවා කරන්නේ කිසිසේත්ම අතපසුකරන්න බැරි වැඩරාජකාරී සමූහයක් මැද ඉතින් මම ඒ ගැන ටිකක් පැහැදිලි කරල ලිපියක් ලියන්න හිතුවා...

    ReplyDelete
  14. දිනේෂ්. ඔබ වරදවා තේරුම් ගත්තාදෝ කියල මට හිතෙනවා.
    සත් සමුදුර කියන්නෙ මගේ අංක එකේ තියන බ්ලොග් එකක්. ඒ වෙනුවෙන් ඔබ කරන කැප කිරීම වෙලාවකට මට හිතාගන්නත් බැරි තරම් විශාල එකක්. කිසිම ආකාරයෙන් මම ඔබ කරන මේ සමාජ සත්කාරය අවතක්සේරු කරන්න කැමති නැහැ. කොටින්ම කිව්වොත් බ්ලොග් ලියනව කියන්නෙ අතින් කාලා කරන වැඩක් කියලා මම දන්නවා.
    කොහොම වුනත් මම කියන්න උත්සාහ කල දේ ඔබ තේරුම් නොගත්තා නම් ඒ මගේ වරදක් වෙන්න ඇති. ඔබ අධෛර්‍යමත් වන විදියේ යමක් මගෙන් කියවුනානම් මගේ කණගාටුව පිළිගන්න.හැකියාවක් තිබේනම් මගේ කොමෙන්ටුව නැවතත් කියවා බලන්න.


    //..හොද මාතෘකාවක් ගැන ලිපියක් ලියන්නට ඊයේ සිට සිතා සිටියත් වැඩකටයුතු වල කාර්යයබහුල බව නිසාම ඒ කාර්යය කරන්නට නොහැකිවුනත් මට දැකගන්නට ලැබුන අපූරු සේයාරූ කිහිපයක් තමයි මේ ලිපියෙනුත් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙන්නේ. //


    අන්න ඒ හොඳ ලිපිය එනකම් අපිට ඉවසන්න පුළුවන් දිනේශ්. මේ ඡායාරූප එකතුවත් මීට වඩා හොඳ ලිපියක් බව පරිවර්තනය කර ගන්න පුලුවන් නේද කියල මට හිතුන නිසයි මම මගේ මුල් කොමෙන්ටුව දැම්මෙ. කොහොම වුනත් මේවට පිළිතුර සපයන්න ඔබගේ කාලය වැය නොකර කරුණාකර ඒ කාලය ඔබගේ ඊළඟ ලිපිය වෙනුවෙන් වැය කරන්න.

    ReplyDelete
  15. @ලකී - නැහැ එහෙම වරදවා වටහා ගැනීමක් ‍හෝ අමනාපවීමක් සිදුවූයේ නැත. ඔබ ඒ ගැන ව්‍යාකූලතත්වයකට පත්වූයේ නම් ඒ ගැන කණගාටුදවෙමි. කෙසේවෙතත් බ්ලොග්කරණය පිළිබදව සුළු විස්තරයක් පමණක් සපයමි...

    ReplyDelete
  16. චායාරූපකරණයට මමත් ගොඩක් ආසයි.. මේ පින්තුර සමහරක් නම් මම දැකලා තියෙනවා..

    ReplyDelete
  17. පලවෙනි වතාවටද මන්ද මේ පැත්තට ආවේ මම. පෝස්ට් එකත් බලල කොමෙන්ට්ස් ටිකත් කියෙව්වා, පරණ ඒවත් කියවල බලන්න ඕනෙ

    ReplyDelete
  18. @Dinesh - ඡායාරූපකරණයේ නියළුනේ නැතත් සේයාරූ කියන්නේ මම ආසම විශයක් එය බොහෝවිට අපේ සිත් පහන් කරන දෙයක් කියලත් මම සිතනවා...

    ReplyDelete
  19. @Observer - ඔබව ඉතාම ආදරයෙන් පිළිගන්නවා. මම හිතන්නේ ඔබ පළමුවරට වෙන්න ඕන සත් සමුදුරට ගොඩවැදුනේ. ඒත් ඔබ බ්ලොග්අවකාශ‍යේ සහෝදර බ්ලොග් අඩවි වලදී මට හමුවී තිබෙනවා. ඉතින් දැන් දිගටම සත් සමුදුරට එන්න කියලත් කියනවා...

    ReplyDelete
  20. හරි ලස්සනයි. හැමෝගෙම ඡායාරූප ගත්තට එයාලගේ ඡායාරූපයක් තියෙන්නෙ කලාතුරකින්. මේ ටික ගත්තු කෙනාත් හරි වටිනව. ස්තුතියි ඔයාට

    ReplyDelete
  21. හරිම රසවත්. මම කැමතිම මාතෘකාවක්.
    අර යතුරු හිලෙන් පින්තූර ගන්න එකනම් සේරටම වඩා අවදානම් වැඩක්.

    ReplyDelete
  22. @දිනේශ් දීපාල් :හිත් රිදවීමක් වුනානම් සමාවෙන්න...
    අපි හැමෝම ඉතින් තියෙන වැඩ කන්දරාව අස්සෙනෙ මේක කරන්නෙ....
    මම කිව්වෙ අපිට අවශ්‍ය මොකක් හරි ලිපියක් නෙමෙයි... වටිනා යමක්...
    ඔබ දැනටමත් පලකරලා තිබෙන වටිනා ලිපි බැලුවම මේ වගේ නිකංම පින්තූර ටිකක් දැමීම ඔබගේ බ්ලොග් අඩවියේ කීර්ති නාමයට හොඳ නෑ කියලයි මම හිතුවෙ....
    හොඳ ලිපියක් වෙනුවෙන් ටික දිනක් ඉවසන එකේ පාඩුවක් නෑ මම හිතන්නෙ...

    ReplyDelete
  23. @දයියා සහ readmyeye - ඔව් ඡායාරූපය ගැන අපි හැමෝම අවධානය යොමුකරාට කැමරාවෙන් පිටුපස ඉන්න පුද්ගලයා ගැන අපි සොයාබලනවා අඩුයි. ඉතින් වචන වලින් විස්තර නොකරත් නිහඬවම මේ පින්තූරත් ඔවුන් ගැන කතාකරන්නට අවස්ථාවක් වේවි...

    ReplyDelete
  24. පින්තුර ටිකනම් නියමයි... සමහර ඒවා කලින් දැකලා තිබුනා. සමහර පින්තුර ගන්ඩ චායාරුප ශිල්පියෝ මාර කට්ටක් කන බව අහලා තියනවා...එත් සමහර සිද්දි වලදී තව කෙනෙකුට උදව්වක් ඕන වෙලාවටත් මේ කැමරා කාරයෝ කැමරාව මානගන ඉන්න එකනම් අනුමත කරන්ඩ බැහැ..

    ReplyDelete
  25. @හරී - නැහැ. මම දන්නවා ඔබලා ඒ අදහස දැක්වූයේ යහපත් චේතනාවෙන් බව. එයට අදාලවන පිළිතුර "කතාකරන රූප‍ හෙවත් වචන ගොඩක් එක ගොඩකින්" ලිපියේ තිබෙනවා.

    ඒත් ඊට පෙර මම ඔබට යෝජනාවක් කරන්නම්. ඔබ සිතන්න සත් සමුදුර යනු මහජන පුස්තකාලයක් ලෙස.එහි ඔබ කැමති පොත් තිබේ. අකමැති පොත්ද තිබේ. එහි ඔබ කැමති‍ ලොකු බරසාර පොත්ද තිබේ. ඒවගේම කොල දෙක තුනකින් යුතු පින්තූර පොත්ද තිබේ. ඔබ යම් දිනයක මේ පුස්තකාලයට ගොඩවන්නේ ලොකු බරසාර පොතක් රැගෙන ඒමටයි. නමුත් එම පොත ඒ වන විටත් වෙන අයෙකු ගෙනගොස් තිබෙන්නට පුළුවන. එවිට ඔබ එක්කෝ වෙන පොතක් රැගෙන ඒ. නැතහොත් පොත් ගැනීමකින් තොරව හිස් අතින් පැමිනේ.

    ඔබ තවත් දිනයක පොත ගැන විමසීමට පැමිනේ. එවිට ඔබ අපේක්‍ෂාකල පොත තිබේ. එවිට ඔබගේ සාමාජික කාඩ් පතින් ඔබ එම පොත රැගෙන යයි. ඔබ පොත රැගෙන යාමට පෙර පුස්තකාලාධිපතිට මෙම පුස්තකාලයේ තිබෙන කුඩා පොත් ඉවත් කර සියළුම පොත් රාක්ක අතිවිශාල බැරෑරුම් පොත් වලින් පුරවන්නට යැයි ‍පවසන්නේද? පුස්තකාලයක කුඩා පොත් වලට ආස අය පැමිනේ. විශාල බැරෑරුම් දේ ගැන කියවන්නටද පාඨකයන් පැමිනේ. ඒ සෑමදෙනාගේම අවශ්‍යතා ඉටුකරදීම මහජන පුස්තකාලයක පරමාර්ථයයි.

    ඉතින් ඔබත් හැකි සෑම වෙලාවකම සත් සමුදුරට පැමිනෙන්න සමහරවිට එය ලොකු ලිපියකින් පිරී තිබීමට හෝ වචන නැති එහෙත් සැගවුන අදහස් දහස් ගණනකින් යුතු පින්තූර වලින්ද වර්ණවත් වී තිබීමට පුළුවන.

    හොද ලිපිවලට කාලයක් ඉවසා සිටියද වරදක් නැත යන අදහසට මම ගරුකරමි. ඒ ගුණාත්මක තත්වයෙන් ඉහලදේ එකවර ආප්ප හදනවා සේ උත්පාදනය කර නොහැකි නිසාය. ඒත් ලියන ඇතැම් දීර්ඝ ලිපි ඉතා අතලොස්සක් බලා කවුරුවත් ගණන් නොගෙන දින ගණන් තිබියදී මේ පින්තූර විතරක් බලන්නටයයි පැමිනෙන පාඨකයන් බොහෝවිට යන්නේ දින කිහිපයක්ද පැරණි දීර්ඝ ලිපි කියවීමෙන් පසුවය. එය මම සෑහෙන්න කාලයක සිට නිරීක්‍ෂනය කර තිබෙන්නකි. එයද අවධානය යොමුකරමින් පින්තූර විතරක්ට වඩා එයට යම් වාක්‍යමය අර්ථයක් දෙන්නට උත්සහ කරමි. ඒත් හැම විටකම දීර්ඝ ලිපි නම් සම්පාදනය කිරීම අපහසු කාර්යයක් බව මේ මොහොතේද පවසමි...

    ReplyDelete
  26. @Senna - ස්තූතියි! පැපරාසි ගණයට වැටෙන අය විය යුතුයි යමෙකුගේ අපහසුව පවා සිය වෘත්තීය වාසියට හරවාගෙන ඇත්තේ. අසා තිබෙන විදියට ඩයනා කුමරිය පණ අදිමින් සිටියදී පවා මොවුන් කර ඇත්තේ මෙයයි...

    ReplyDelete
  27. @දිනේශ් දීපාල් :ඔබගේ අරමුණ පැහැදිලියි...

    ඔබට ජය!

    ReplyDelete
  28. ඊලඟ ලිපිය සත් සමුදුරේ පලවන තුරු අපි බලාන ඉන්නවා දිනේශ් අයියා !

    ReplyDelete