Thursday, July 14, 2011

2012 දී සිදුවන්නේ කුමක්ද? ලෝක ව්නාශය සිදුවේද? - 8 කොටස

මෙම ලිපිය අරඹන්නේ කෙසේදැයි වෙනදා පැන නොනැගි ගැටළුවක් විය. මන්ද මේ වන විට අද ලිපියට අදාලව ලියා ඇති වෙනත් බ්ලොග් හෝ වෙබ් අඩවි රැසක් ඇති නිසා ‍ඒවාම නැවත නැවත ලිවීමෙන් ඇති ප්‍රයෝජනයක්ද නොමැති හෙයිනි. එසේම මේවන විට 2012 ලෝක විනාශය ගැන බොහෝදෙනා ලිවීමේදී එය මිනිසුන්ගේ නොහොබිනා කම්නිසා සිදුවන දෙයක් යන පොදු මෙන්ම බහුල මතවාදයක් නැවත රෝපණය කිරීමෙන් මෙහි ඇතුලාන්තය පිළිබද සාකච්ඡා නොවන නිසා එයද තේරුමක් ඇති දෙයක් නොවන නිසා අසීරු මෙන්ම ලියන මට මෙන්ම කියවන ඔබටද තේරෙන ආකාරයකට කරුණු එක් රැස් කර ගොනු කිරීමට තරමක කාලයක් වැය කරන්නට සිදුවුනි.

සත්‍ය වශයෙන්ම මායාවරුන්ගේ දිනදර්ශනය හා ඔවුන්ගේ දර්ශනය අනුව, එනම් ඔවුන් සිතූ පරිදි විශ්වය වසර 5000 ක් නැත්නම් හරියටම ඔවුන්ගේ Long Count Calendar අනුව නම් වසර 5126 කට වරක් විනාශවී නැවත ප්‍රතිනිර්මාණය වීම නැතහොත් ඔවුන් ලෝකය නිර්මාණය කරන ලද දිනය ලෙස සැලකූ ක්‍රි.පූ. 3114 අගෝස්තු 11 වන දින නැතහොත් 13.0.0.0.0 නැවත පැමිනෙන වසර ක්‍රි.ව. 2012 දෙසැම්බර් 21 වන දින  සිදුවේද? එහෙත් ඔවුන් පවසා ඇති ආකාරයටම මෙම සෑම විනාශයක්ම හා ඉන්පසුව ඇතිවන ප්‍රතිනිර්මාණයේදී කලින් පැවති විශ්වයේම අනුපිටපතක් ආකාරයෙන් විශ්වය නැවත පැවතීම යන මතය තර්කානුකූලව හා ප්‍රායෝගිකව සැලකූ කල  සනාථ වෙන්නේ භෞතික වශයෙන් සැ‍බෑ ලෙසම විනාශවීමක් සිදුවීම නොව යම් කාලපරාසයක් අවසන්වී නව කාලපරාසයක් පැමණීමයි. මන්ද කිසිවිටකත් පවතින දෙයක් සහමුලින්ම විනාශ වී නැවත එය කලින් තිබූ ආකාරයටම ප්‍රතිනිර්මාණය වීමක් විද්‍යාත්මක මෙන්ම සෛධාන්තිකවද ගත් කල කිසිවිටකත් සිදුවිය නොහැක්කක් හෙයිනි. එසේම කලින් ලිපියේදී එක් මිතුරෙක් දුන් කමෙන්ටුවකද මෙවැනිම තර්කයක් ගොඩනගා තිබුනි. එනම් මායාවරු පවසන ආකාරයට ක්‍රි.පූ. 3114 දී ලෝකය ඇරඹුනා යයි අප විශ්වාස නොකරන්නේ නම් එය 2012 දී විනාශ වේ යයි විශ්වාස කල හැකිද? 


මෙම කාලපරාසය අවසන් වී නැවත ඇරඹීම යනු මෙසේ උදාහරණයකින් දැක්විය හැක.  වාහනයක odometer පිළිබදව ඔබ දන්නවා ඇති. එමගින් ඔබ කොපමණ දුරක් වාහනය ධාවනය කර ඇත්දැයි දැනගැනීමට හැකි අතරම එය යම් දිනයක එහි සියළු සංඛ්‍යා "9" බවට පත් වූ කල එම සංඛ්‍යා සියල්ල නැවතත් "0" බවට පත්වනු විනා වාහනය තවදුරටත් ධාවනය කල නොහැකි හෝ එය විනාශයට පත් වීමක් සිදුනොවේ. මායාවරුන්ගේ දිනදර්ශනද මේ පරිදිම සිදුවීමකි.


දැන් ඔබ සමහර විට සිතනවා ඇති මෙබදු ආන්දෝලනාත්මක සිදුවීමක් මෙතරම් සරලව අවසන් කරන්න සැරසෙනවාද කියා. නැහැ. මෙයට අමතරව මෙම සිදුවීමට අදාල දිනය වන 2012 දෙසැම්බර් 12 වන දින නැතහොත් Doomsday ගැන සදහන් වන කරුණු බොහෝ ඇත. දැන් ඒවා එකිනෙක බලමු.


ගැලිලියෝ ගැලිලි
මායාවරු සතුව දුරේක්‍ෂ ‍නොතිබුනද ඔවුන් තාරක විද්‍යාව ගැන දැනුම ලබා තිබුනේ දුරේක්‍ෂය සොයා ගත් ගැලිලියෝ ගැලලිටත් පෙරයි (1564 - 1642). මායාවරු සිය ගණිත ඥානය හා තාරක විද්‍යාත්මක දැනුම යොදා තාරකාවන් හා ග්‍රහලෝකවල පිහිටීම හා හිරු පිළිබදව තොරතුරු සටහන් කරන කල්හි යුරෝපයේ තිබුනේ පල්ලියට නතුවූ ස්වභාවයක් වන අතර පාප්තුමාගේ නියමය වූයේ ලෝකය ගෝලාකාර නොව තැටියක් වැනි පැතලි දෙයක් වැනිය යන්නයි. මෙම මතයන් බැහැරකරලීම සදහා පෙරට ආ ගැලිලියෝ වැන්නන්ට අඩම්තේට්ටම් කරමින් ඔවුන් අකර්මන්‍ය කරන කාලයකදී තමයි මායාවරුන්ගේ පෞරානික ශිෂ්ඨාචාරය බිදවැටෙමින් පැවතුනේ. මෙවැනි විද්‍යාත්මක කරුණු අතින් දියුණු වට පත් ජනකොටසක් වූ මායාවරු එක් අතකින් කඩුවත්, අනිත් අතින් බයිබලයක් අතින් ගත් ස්පාඤය ආක්‍රමණිකයාට පරාජයවීමට මූලික හේතු ලෙස ගෙනහැර දැක්විය හැක්කේ ස්පාඤය සතුවූ ගිණිබලයට මුහුණ දිය හැකි බලයක් ඔවුන් සතු නොවීම මෙන්ම මායා ශිෂ්ඨාචාරය පුරා ඔවුන් මානව සම්පතෙහි වටිනාකම තේරුම් නොගනිමින් ම්ලේච්ඡ ලෙස සිය වර්ගයාම අර්ථ විරහිත බිලිපූජා සදහා විශාල වශයෙන් ඝාතනය කරමින් ගෙන ගිය ප්‍රතිපත්ති නිසා ඔවුන්ගේ පැවැත්ම ආරෝහණ මෙන්ම අව‍රෝහණ ලක්‍ෂන වලින්ද සමන්විත වී පැවතීමයි.

මෙලෙස තාරකා විද්‍යාත්මකව මෙන්ම ජ්‍යොතිශ විද්‍යාත්මකවද දැනුමෙන් සපිරුන මායාවරුන්ගේ දිනදර්ශනය අනුව ලෝකය විනාශය සිදුවී නැවත පුනරුප්පතිය ලබන දිනය වන 2012 දෙසැම්බර් 21 තවත් වැදගත් සංසිද්ධියක් සිදුවන දිනයක් විය. එනම් එදින Winter solstice හෙවත් උත්රාද්‍ර‍ගෝලයට ශිශිර සූර්ය නිවෘත්තිය සිදුවන දිනයයි. එනම් උත්රාද්‍ර‍ගෝලයට  හිරු දුරින්ම පිහිටන දිනය ලෙස සලකන දිනයයි.


එසේම මෙදින අතිදුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් සිදුවන අතර එය දල වශයෙන් වසර 26,000 කට වරක් පමණක් සිදුවන සිදුවන සිදුවීමක් බවද කියයි. එනම් මෙදින සූර්යයාගේ පිහිටීම ක්‍ෂීරපථය හෙවත් මන්දාකිනියේ හරස් ඡේදනය වන the galactic equator මත සමපාතව පිහිටීමද සිදුවේ. මෙම පිහිටීම මායාවරුන් සුවිශේෂ කොට සැලකූ අතර හිරු‍ගේ මෙම පිහිටීම හා එම දවසේ අනිකුත් ග්‍රහයන්ගේ පිහිටීමද අනුව මෙම සුවිශේෂ අවස්ථාව "the World Tree" නැතහොත් "the sacred tree of life"ලෙස හැදින්වූ‍හ. මෙම පූජනීය වෘක්‍ෂයේ මධ්‍යයේ පිහිටා තිබුනේ සූර්යයායි.

තව සුවිශේෂී කරුණක් වන්නේ මෙදින සවස 4.30 ට මායාවරුන්ගේ නිජබිමක් වූ මෙක්සිකොවේ Lzapa ට සූර්යයා දිස්වෙන බවට සලකනු ලබනුයේ මන්දාකිනියේ Great Rift හෙවත් Dark Rift ලෙස හැදින්වෙන අදුරු ධූලි වලාරැසකින් සමන්විත කලාපයේදී වන අතර මායාවරු මෙය Xibalba be නැතහොත් "Black Road" එසෙත් නැතහොත් "the birth canal"ලෙස හදුන්වා තිබේ. මෙම උප්පත්තියේ මඟ ලෙස හදුන්වා ඇති Dark Rift හිදී සූර්යයාගේ තෙවන නැවත ඉපදීම හෙවත් "the triple rebirth of the sun" සිදුවන බව මායාවරු විශ්වාස කලහ. එයද මෙම ලෝක විනාශය සිදුවී නැවත ලෝකය ප්‍රතිනිර්මාණය වීම යන මතවාදී සංසිද්ධිය සමග මනාව පෑහේ.


අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ හිරු සහ අනෙකුත් ග්‍රහයන් දල වශයෙන් ගත් කල සම තලයක පිහිටා ඇති බව තාරකා විද්‍යාඥයන් පවසන අතර එය plane of the ecliptic ලෙස හදුන්වනු ලැබේ.


පෘතුවියට සූර්යයා වටා එක් වටයක් යාමට දින 365 ක් ගතවන අතරම පෘතුවිය උතුරු හා දකුණ යාකරමින් පවතින් සෛධාන්තික අක්‍ෂයක් වටා එක් වරක් භ්‍රමණය වීමට දල වශයෙන් පැය 24 ක් නැතහොත් දිනයක් ගතකරයි. මේ බව ඔබ කවුරුත් දන්නා සිදුවීමකි.

නමුත් අප එතරම් නොදන්නා කරුණක් වන්නේ පෘතුවිය සූර්යයා වටා ගමන් කරනා පථය මන්දාකිණියට සාපේක්‍ෂව අංශක 60 කට සාපේක්‍ෂව පිහිටීමයි. අනෙක් අතට කියතොත් පෘතුවිය මන්දාකිනියට අංශක 60 ක් ආනතව භ්‍රමණය වේ.



එසේම මෙම උතුර දකුන යාකරමින් පවතින අක්‍ෂයද සෙමෙන් පෘතුවිය තමන් වටා යන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වේ. මෙම භ්‍රමණයේදී එක් අංශකයක් යෑමට වසර 72 ක් ගතවන අතර එය පූර්ණ වශයෙන් වටයක් යාමට නැතහොත් අංශක 360 යාමට දල වශයෙන් වසර 26,000 ක් ගත කරයි. මෙය සපැමිනෙන වසර Great year ලෙස හදුන්වනු ලබයි.
පහලින් පිහිටි ඊතලවලින් පෘතුවිය තමාවටා යන ගමන පෙන්වන අතර
ඉහලින් මුල් ගමන් රටාවට ප්‍රතිවිරුද්ධව පෘතුවි අක්‍ෂය භ්‍රමණය වන අයුරු

තවද  සූර්යයා එක් වටයක් ගමන් කරමින් යද්දී රාශිචක්‍රයේ, රාශි 12 ක්ද පසුකරමින් ගමන් කරයි.

මෙම Great year ලෙස හැදින්වෙන 2012 දී සිදුවන ජ්‍යොතිශ විද්‍යාත්මක කරුණක් වන්නේ එක් astrological age එකක් අවසන් වී නව  astrological age එකක් උදාවන බව විශ්වාස කිරීමයි ඒ අනුව බටහිර ජ්‍යොතිශ විද්‍යාව අනුව මීන රාශියේ (Pisces) සිට කුම්භ රාශියට (Aquarius) පිවිසීමද සිදුවේ.
(This signals the end of one  astrological age (the Age of Pisces) and the beginning of another (the Age of Aquarius)) 
Pisces
Aquarius
මේ කුම්භ රාශිය පිළිබදව ඒ ක්‍ෂෙත්‍රයේ දැනුම ඇත්තන් කියන පරිදි එම රාශිය විදුලිය, පරිගණක, පියාසැරීම, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානවහිතවාදීභාවය, විඥානවාදය, නවීකරණය, තාරකාශාස්ත්‍රය, ස්නායුගත ආබාධ, කැරලිගැසීම ආදිය පාලනය කරනු ලබන අතර අනුකූල නොවීම, පරාර්ථකාමීත්වය, සත්‍යවාදීභාවය, උට්ඨානවීර්යය හා අවිනිශ්චිතභාවයටද බලපාන රාශියකි.

මෙම ලිපියට සදහන් කිරීමට බලාපොරොත්තුවූ ඉතිරි කරුණු ඊලඟ ලිපියේදී කියවමු...

24 comments:

  1. ආසවෙන් කියවන ලිපියක්... ඉක්මනට දානවනම් හොදයි කියලා හිතෙනවා ඊලග කොටස

    ReplyDelete
  2. @MaRLaN - ස්තූතියි! "ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය"

    ReplyDelete
  3. වටිනා ලිපියක් සහෝ.ඉක්මනටම අනිත් එක දාන්න

    ඉවසන දනා රුපු රුදයට ජය කොඩිය
    මෙය කිව් එකානේ කට කෑවත් මදිය

    හික් හික් ලොල්

    ReplyDelete
  4. ලිපි සෙට් එකම කියෙව්වා සුපිරි තමයි .

    2012 ගැන මිනිස්සු මෙච්චර කථා බහ කරන්න මූලිකම හෙතුවක් වුනෙ කලාකරුවොද කියලත් මට හිතෙනව .( 2012 චිත්‍රපටිය ,X- Files උදාහරණ විද්හට කියන්න පුලුවන් ). ඊලඟ ලිපිය ඉක්මනින්ම දාමු නේ

    ReplyDelete
  5. @පිස්සු පුසා & buwa - ස්තූතියි! ඔව්, හැකි ඉක්මනින් දාමු. මුලින් සිතා සිටියේ ඊලඟ ලිපියෙත් එන ඒවත් මේඑක්කම දාලා ලිපි පෙලම අවසන් කරන්න. ඒත් ඒ ලිපියට අදාල කරුණු තව වැඩියෙන් විස්තර කරන්න හැකියාවක් ලැබෙන බව පෙනෙන නිසා තව ටිකක් ලිපි පෙල දික්වුනා...

    ReplyDelete
  6. මටත් ලොකු කුතුහලයක් තිබුනා මේ ගැන ඒත් මේ ගැන තිබුන ලිපි හරිම කම්මැලි හිතෙන නොතේරෙන ලිපි තිබුනේ ගොඩක්ම,,ඒත් ඔයාගේ ලිපි එහෙම උනේ නෑ ආසාවෙන් කුතුහලෙන් කියවනවා---

    ReplyDelete
  7. . මන් ඔබේ මේ ලිපි ටික නම් දෙපාරක් විතර බලනවා . මුලින් යන්තමට . ඊ ගාවට තමයි හොඳට කියවන්නේ . මමත් හරි කැමතියි ඕනෑම දෙකට විද්යානුකුල පදනමක් තියෙනවා නම් . නැත්නම් විශ්වාස කරන්න ටිකක් හොරයි . එතැනදී කරන්නේ ලිස්සල යනඑක . කොවුර්ගේ පොත් වයසට වඩා කලින් කියවල වෙච්ච දෙයක් . අම්ම නම් කිව්වේ ඕනවට වඩා කියවල වෙච්ච නස්පැත්තියක් කියල . දැනුත් මම උයන කොට වුනත් පොඩ්ඩක් එහි මුලධර්මය ගැන හිතන්න කැමතියි . හොඳම විද්‍යාගාරය කුස්සිය කියනවනේ .

    ඉතින් මේ මායා වරුන්ගේ දැනුමට නවලෝකයේ විද්‍යා ප්‍රබෝදයත් එක්ක එකතු වෙන්න ලැබුන නම් ලෝකේ මිට වඩා වෙනස් වෙයි කියල හිතෙනවා . ලෝකේ පැතලියි ..ඉර අපි වටේ යනවා කියල හිතන් හිටි යුරෝපෙට ඒවා බොරු කියල ඒත්තු ගන්නත් කොච්චර කල් ගියාද . එහෙම එකේ මායා වරුන්ගේ ගණිත දැනුම ප්‍රශංසනීයයි .

    ලෝකේ විනාශ වෙන එක ගැන මගේ අදහස නම් දෙකටම නැති එකක් . ලෝකෙම විනාශ වෙනවනම් ඉතින් මක් කරන්නද

    ReplyDelete
  8. ඔබ කියනා පරිදිම මේ සම්බන්ධයෙන් බොහෝ දෑ ලියවී තිබුණ ද ඒ ලියවුණු දෑ ද යම් ප්‍රමාණයකට හෝ මෙම ලිපි මාලාව තුළ අන්තර්ගත විය යුතු බව මගේ අදහසයි. මන්ද යත් එසේ නොවුවහොත් මෙය මායාවරුන් ගැන පමණක් ලියවෙන ලිපි පෙළක් වී අවසන් වනු ඇත.එය එසේ නොසිදුවිය යුතු බව මගේ හැඟීමයි.

    ReplyDelete
  9. ඉක්මනින් ඊලග ලිපියත් දෙන්න,ගොඩක් ආසාවෙන් කියවන ලිපි පෙළක්..

    ReplyDelete
  10. good posting.and im reading all the post in this topic
    plz visit my site
    http://www.ptcguide.t15.org/

    ReplyDelete
  11. @ItalyDilan - ස්තූතියි! මෙම මාතෘකාව ගැන ලියන අය අමාරුවේ වැටෙන එක අහන්න දෙයක් නැහැ. මොකද මේ ගැන තියෙන කාරණා ටිකක් පැටලිලි සහගත වගේම නොතේරෙන් දේවලින් සමන්විතයි. ඉතින් මටත් ඒ අභියෝගය ආවා. මම මේ ලිපිය සකස් කරන්න කලින් මේ ගැන ලියවුන ලිපි වාර 5-6 කට වඩා කියවන්න සිදුවුනා. එහෙම කරලත් තමයි මේ මට්ටමට ලිපිය ගෙන එන්න හැකිවු‍නේ. ඊලඟ ලිපියත් ටිකක් විතර නොතේරෙන දේවල් තියෙයි කියා සිතනවා...

    ReplyDelete
  12. @Bindi - ස්තූතියි! ඔබ පැවසූ විද්‍යාත්මක පදනම මමත් අනුගමනය කරන දෙයක් පදනමක් හෝ හරයක් නොමැති දෙයක් ඉදිරිපත් කිරීමෙන් පාඨකයාත් වල්මත් වෙනවා ‍වගේම මොනයම් අවස්ථාවක ඔහුට ගැටළුවක් පැන නැගී එය විමසුවහොත් මමත් අතරමංවීම අනිවාර්යයි. කෙසේවෙතත් ලිපියේත් කියා ඇති පරිදි මෙන්ම ඔබද කියන පරිදි මායාවරු වෙනස් වන ලෝකය සමග නවීකරණයකට භාජනය වූවා නම් ඔවුන්ට ආක්‍රමණිකයාට මීට වඩා සාර්ථකව මුහුන දී තමන්ගේ ආරක්‍ෂාව සලසා ගන්න තිබෙන්නත් ඇති. මට හැබැයි මෙහෙමත් හිතෙනවා. ඔවුන් පිටස්තර මහද්වීප සමග ගණුදෙන නොපැවැත්වීම නිසා භාහිර ලෝකයේ වෙනස් වන දේවල් ග්‍රහණය කර ගැනීමට මගක් නොතිබීම නිසා කාර්මික විප්ලවය වැනි විපර්යාස නිසා යුරෝපය විසින් සතු කරගන්නා නවීන ඥානය නොලැබීමත් ඔවුන් පැරණි මතවාද හා තාක්‍ෂනයේ එල්ඹගෙන සිටීමටත් හේතුවන්නට ඇති...

    ReplyDelete
  13. @පොතේ ගුරා & indika - ස්තූතියි! එම ලිපියත් ලියා අවසන් වූ වහාම පල කරනවා...

    ReplyDelete
  14. බලමුකො ඊළඟ කොටසත්.
    මිනිස්සුන්ගෙ නොහොබිනාකම් නිසානම් ලෝකෙ දැනටම ගොඩක් විනාශ වෙලා. දවසින් දවස විනාශ වෙනව.

    ReplyDelete
  15. @උදාර - මට හිතෙන විදියට නම් ඔබ ලිපිය ආරම්භයේ කියා ඇති කොටසට වැඩි අවධානයක් යොමු කර තිබෙන හැඩයි. මෙහෙම කාරණා කිහිපයක් තිබෙනවා.ඒ තමයි මෙම ලිපි පෙලම පදනම් වී ඇත්තේ මායාවරුන්ගේ ශිෂ්ඨාචාරය පිළිබදව, ඔවුන් විසින් භාවිතා කල දිනදර්ශන, 2012 ලෝක විනාශයට එය බලපාන ආකාරය, පෘතුවිය හා විශ්වය පිළිබදව සුළුවෙන් කරුණු පැහැදිලි කිරීමක් හා විශ්වයේ ඇති වස්තූන්ගෙන් ලෝකයට බලපෑම් සිදුවිය හැකියයි අනුමානකරන කාරණා හා වෙනත් පරිභාහිර මතවලින් ලෝක විනාශ මතවාදයට සපයා ඇති පසුබිම පිළිබදව. ඉතින් ඒ නිසා වෙනත් අය ලියා ඇති තමන්ගේ අදහස් හෝ නිසි මූලාශ්‍රයක් සදහනක් නොකර ලියා ඇති ලිපි වල කරුණු ඇතුලත් කරගැනීම වගකීම් විරහිත දෙයක් මෙන්ම වෙනත් සිංහල බ්ලොග් රචකයෙක් ලියා ඇති දෙයක් මෙහි සදහන් කිරීම සදාචාරාත්මකද නොවන නිසා මෙන්ම එකම කරුණ නැවත නැවත ලියා තැබීමද අර්ථවිරහිත නිසා ඒවා මෙය තුලට එක්කර ගැනීම අනවශ්‍ය අතර ඊලග ලිපියේ විද්‍යාත්මක කරුණු රැසකට අවධානය යොමුකිරීමට ඇතිනිසා එයට මුල්තැන ලබාදීමට සිදුවේ...

    ReplyDelete
  16. @``` Outsider``` - ඊලඟ කොටසත් නොදන්නා කරුණු වලින් සමන්විත වේවි...

    ReplyDelete
  17. දැන් තමා සහෝ නියම ටික... ඇත්ත මොකක්ද කියලා දන්නැතුව බොරුවට කෑගහන අයගේ කටවල් දැන්වත් වැහෙයි මං හිතන්නේ.

    ReplyDelete
  18. @චතුරංග පෙරේරා | chathuranga Perera - ඔව් බොහෝවිට රැල්ලට කෑගහන බවක් පේන්නත් තිබුනා...

    ReplyDelete
  19. බින්දි කිව්ව වගේ මමත් කවුරු කොහොම කිව්වත් නියමාකාරයෙන් ඔප්පු කරන්න සාධක නැත්තම් පිලිගන්න ටිකක් අදමදි කරනව.ලෝක විනාශය ගැන උනත් එහෙම තමයි.ඇත්තටම ඕක ඕනාවට වඩා පොත් කියවන්න ගිහින් වෙන වැඩක්ද කොහෙද තමයි.

    කොහොම උනත් මටත් හිතෙන්නෙ ලෝක විනාශය ගැන මිනිස්සු වැඩිපුරම කතාකරන්න ගත්තෙ 2012 ෆිල්ම් එකෙනුයි පස්සෙ කියලා.2012 වසර තුලදි ලෝක විනාශය කෙසේවෙතත් සුවිශේශී සිද්දි කිහිපයක්නම් සිදුවෙනව කියල විද්‍යාඥයන්ගෙ මතයක් තියෙන බව මාත් අහල තිබුනා.මේ ලිපියෙනුත් ඒ සමහරක් ගැන හොදින් පැහැදිලි කරල දීල තියෙනව.

    අනිත් එක තමයි මේ සිද්ධිය ගැන ලියන තවත් අය හිටියත් ඔබතුමාගෙ රචනා ශෛලිය ඒ හැමෑකකටම වඩා වෙනස්.මමනම් හිතන්නෙ 2012 ලෝක විනාශය ගැන සිංහලෙන් පලවෙච්ච හොදම ලිපිපෙල මේක කියලයි.දිගින් දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනව.

    (සජී)

    ReplyDelete
  20. ඔබගේ කැමැත්ත පරිදිම ලිපි පෙළ ඉදිරියට ගෙන යන්න.

    ReplyDelete
  21. @සජී - ස්තූතියි! මේ ලිපිය සකස් කරද්දී මටත් පැන නැගුන ගැටළුව තමයි ඉදිරිපත් කරන කරුණ විද්‍යානුකූලව ඉදිරිපත් කරන්න භාවිතා කරණ නිර්ණායකයන් සොයාගැනීමට හා ඒවා තෝරාගැනීමේදී තිබූ ගැටළුව. හැබැයි ලිපිය ලියාගෙන යද්දී එම ගැටළු බොහෝමයක් නිරාකරණය වූවා. සමහරවිට ඊලඟ ලිපියේදී ඔබ අදහස් කරල තියෙන සුවිශේෂ සිද්ධි වල ඉතිරි කොටස තිබේවි...

    ReplyDelete
  22. සෑහෙන්ඩ බොන්ඩ වෙයි මේක කියවන්ඩ ඔන්න උඩින් උඩින් බැලුවා ආපහු වතාවක් කියවන්න ඕනි හෑන්ඩ් ෆෝන් 1 ක් අ අහෙම ඕෆ් කරලා.......... !

    ReplyDelete
  23. @sameera - මේ ලිපියෙත් ටිකක් අපහැදිලිවගේ තැන් තිබෙන්නත් ඉඩ තිබෙනවා. හැබැයි තව වතාවක් අවධානයෙන් කියෙව්වොත් ගැටළු මඟ හැරේවි...

    ReplyDelete
  24. UMBALA TA PISSU MOL. මෙච්චර බහුබූත් කියවල තේරුමක් නැහැ නේ බන, අපරාදේ කලේ. මේකට උත්තරේ මම කියන්නන් කෝ . 2012 loke ageta thiyenne me dan 2013th wela :P

    ReplyDelete