Tuesday, August 27, 2013

තවත් රහස් කිහිපයක්ම...

තවත් DOS රහස් කිහිපයක්ම අදත් ඔබට ගෙන එනවා. ඔබට Command Prompt එකෙහි ලබා දෙන විධානයන් වල ප්‍රතිඵලය කිසියම් ගොනුවකට ලබා ගත් යුතු නම්, එසේත් නැතහොත් කිසියම් කාර්යයක් සදහා එම තොරතුරු භාවිතා කිරීමට txt file එකකට ලබා ගැනීමට ක්‍රම කිහිපයක්ම DOS මෙහෙයුම් පද්දතියේ තිබෙනවා. එයින් ප්‍රචලිතම ක්‍රමය තමයි ලැබෙන ප්‍රතිඵලය Properties හරහා Mark කර අදාල ගොනුවට paste කර ගැනීම.
 

මේ එයට වඩා එක් වෙනස් ක්‍රමයක් ඒ තමයි අදාල විධානය clipboard එකට copy වීමට සලසා අවශ්‍ය ගොනුවට paste කර ගැනීම. මෙය පහසුවෙන්ම කර ගන්නේ මෙලෙසයි උදාහරණයක් ලෙස ipconfig command එක භාවිතා කරන්නම්.

හැබැයි මෙහිදී අදාල ප්‍රතිඵලය Command prompt window එක තුල ක්‍රියාත්මකව පෙන්වන්නේ නැහැ.

ඒ වගේම තවත් ක්‍රමයක් තිබෙනවා මෙම කාර්යය කර ගැනීමට ඒ තමයි එක් වරම txt file එකකට අදාල ප්‍රතිඵලය ලබා ගැනීම මෙන්න එය කරන අයුරු නිදසුනකින්ම.

මෙහිදී අප විසින් txt file එක සාදනවා වෙනුවට එම විධානයෙන්ම එය සාදා ගන්නා අතර එම ගොනුව සකසන ස්ථානයේ එයට අදාලව security settings සකස් කිරීමටද වග බලා ගත යුතුයි.

ඔබට මතකද කිසියම් folder එකක් Right click කර එහිදී Command Prompt එක ලබා ගැනීමට context menu එක Regedit හරහා සාදා ගැනීමට ඇති හැකියාව පිළිබදව කලින් ලිපියෙන් දැනුවත් කළා.

ඇත්තෙන්ම අවශ්‍ය නම් එසේ නොකර ඔබට අවශ්‍ය අවස්ථාවල පමණක් context menu එකට Command Prompt ලබා ගැනීමට කළ යුත්තේ යම් folder එකක් Right click කරන විට Shift button එකද යතුරු පුවරුවේ Press කිරීමයි.

DOS වලදී ඔබට Folder රැසක් ඇතුලත ඇති තවත් Folder එකකට යන්නට ඒ හැම නමක්ම CD විධානය සමග type කරන්නට වෙනවා නේද? ඒත් Explorer හරහා අදාල Folder එක ඇති ස්ථානයට ගොස් එම Folder CD විධානයට පසුව Drag කර රැගෙන ඒමෙන් කිසිදු type කිරීමකින් තොරව අදලා Folder එකහි ගමන් මාර්ගය ලබා දිය හැකිය.

Command Prompt එක ඉදිරියේ එක් වරකට ක්‍රියාත්මක කළ හැක්කේ එක් DOS Command එකක් පමණක්ද? නැහැ, අවශ්‍ය නම් Command කිහිපයක් වූවත් එක්වර ක්‍රියාත්මක කළ හැකියි. කළ යුත්තේ ඒ ඒ Command එකට පසුට “ampersands“ දෙකක් මෙම උදාහරණයේ දැක්වෙන ලෙස එකතු කිරීමයි.

තවත් දෙයක් තමයි ඔබ මීට පෙර දුන් Command  නැවත නැවත ලබා දිය යුතු නම් ඒවා නැවතත් Type කිරීමකින් තොරව අවශ්‍ය Command එක තෝරා ගෙන ලබා දීමටද හැකියාව F7 Key එක භාවිතා කිරීමෙන් හැකියාව ඇත.

අදට මෙපමණයි...

Friday, August 23, 2013

මේ commands ඔබට කවදා හෝ වැදගත් වේවි...

අපි අද කාලයේ භාවිතා කරන Windows සංස්කරණවලදී බොහෝමයක් කාර්යයන් Double click කර ගැනීමෙන් ඉතා පහසුවෙන් කර ගත හැකිවූවත් යම් හෙයකින් එයට බාදාවක් සිදුවුවහොත් සාමාන්‍ය Command prompt එක හරහාද එම කාර්යයන් කර ගත හැකි විධානයන් ඔබට ලබා දෙන්නම්. 

1. Accessibility Controls - access.cpl
2. Accessibility Wizard - accwiz
3. Add Hardware Wizard - hdwwiz.cpl
4. Add/Remove Programs - appwiz.cpl
5. Administrative Tools - control admintools
6. Automatic Updates - wuaucpl.cpl
7. Bluetooth Transfer Wizard - fsquirt
8. Calculator - calc
9. Certificate Manager - certmgr.msc
10. Character Map - charmap
11. Check Disk Utility - chkdsk
12. Clipboard Viewer - clipbrd
13. Command Prompt - cmd
14. Component Services - dcomcnfg
15. Computer Management - compmgmt.msc
16. Control Panel - control
17. Date and Time Properties - timedate.cpl
18. DDE Shares - ddeshare
19. Device Manager - devmgmt.msc
20. Direct X Troubleshooter - dxdiag
21. Disk Cleanup Utility - cleanmgr
22. Disk Defragment - dfrg.msc
23. Disk Management - diskmgmt.msc
24. Disk Partition Manager - diskpart
25. Display Properties - control desktop
26. Display Properties - desk.cpl
27. Dr. Watson System Troubleshooting Utility - drwtsn32
28. Driver Verifier Utility - verifier
29. Event Viewer - eventvwr.msc
30. Files and Settings Transfer Tool - migwiz
31. File Signature Verification Tool - sigverif
32. Findfast - findfast.cpl
33. Firefox - firefox
34. Folders Properties - control folders
35. Fonts - control fonts
36. Fonts Folder - fonts
37. Free Cell Card Game - freecell
38. Game Controllers - joy.cpl
39. Group Policy Editor (for xp professional) - gpedit.msc
40. Hearts Card Game - mshearts
41. Help and Support - helpctr
42. HyperTerminal - hypertrm
43. Iexpress Wizard - iexpress
44. Indexing Service - ciadv.msc
45. Internet Connection Wizard - icwconn1
46. Internet Explorer - iexplore
47. Internet Properties - inetcpl.cpl
48. Keyboard Properties - control keyboard
49. Local Security Settings - secpol.msc
50. Local Users and Groups - lusrmgr.msc
51. Logs You Out Of Windows - logoff
52. Malicious Software Removal Tool - mrt
53. Microsoft Chat - winchat
54. Microsoft Movie Maker - moviemk
55. Microsoft Paint - mspaint
56. Microsoft Syncronization Tool - mobsync
57. Minesweeper Game - winmine
58. Mouse Properties - control mouse
59. Mouse Properties - main.cpl
60. Netmeeting - conf
61. Network Connections - control netconnections
62. Network Connections - ncpa.cpl
63. Network Setup Wizard - netsetup.cpl
64. Notepad - notepad
65. Object Packager - packager
66. ODBC Data Source Administrator - odbccp32.cpl
67. On Screen Keyboard - osk
68. Outlook Express - msimn
69. Paint - pbrush
70. Password Properties - password.cpl
71. Performance Monitor - perfmon.msc
72. Performance Monitor - perfmon
73. Phone and Modem Options - telephon.cpl
74. Phone Dialer - dialer
75. Pinball Game - pinball
76. Power Configuration - powercfg.cpl
77. Printers and Faxes - control printers
78. Printers Folder - printers
79. Regional Settings - intl.cpl
80. Registry Editor - regedit
81. Registry Editor - regedit32
82. Remote Access Phonebook - rasphone
83. Remote Desktop - mstsc
84. Removable Storage - ntmsmgr.msc
85. Removable Storage Operator Requests - ntmsoprq.msc
86. Resultant Set of Policy (for xp professional) - rsop.msc
87. Scanners and Cameras - sticpl.cpl
88. Scheduled Tasks - control schedtasks
89. Security Center - wscui.cpl
90. Services - services.msc
91. Shared Folders - fsmgmt.msc
92. Shuts Down Windows - shutdown
93. Sounds and Audio - mmsys.cpl
94. Spider Solitare Card Game - spider
95. SQL Client Configuration - cliconfg
96. System Configuration Editor - sysedit
97. System Configuration Utility - msconfig
98. System Information - msinfo32
99. System Properties - sysdm.cpl
100. Task Manager - taskmgr
101. TCP Tester - tcptest
102. Telnet Client - telnet
103. User Account Management - nusrmgr.cpl
104. Utility Manager - utilman
105. Windows Address Book - wab
106. Windows Address Book Import Utility - wabmig
107. Windows Explorer - explorer.



Thursday, August 22, 2013

ඕනෑම Windows සංස්කරණයකට ප්‍රයෝජනවත් පහුසකම් කිහිපයක් ලේසියෙන්ම කර ගන්නා ආකාරය...

අද කියන්නට යන මේ ඉඟි ඔබ කවර Windows සංස්කරණයක්භාවිතා කළත් ප්‍රයෝජනවත් වේවි. මේ කාර්යයන් බොහෝමයක් කරගන්නට තිබෙන්නේ Windows මෙහෙයුම් පද්දතියේ වැදගත්ම කොටසක් වන Registry Editor හරහා වූවත් ඔබට ඒ බැරෑරුම් කටයුත්ත සිදු නොකර එක් එක් File ක්‍රියාත්මක කර ගනිමින් පමණක් ඉටුකරගන්නා ආකාරය දක්වන්නම්. මෙහිදී පොදුවේ කිව යුත්තේ මේ සෑම වෙන් වෙන් වශයෙන් දක්වන  කේතයක්ම Notepad වෙත paste කර කැමති File name එකක් භාවිතා කරමින් එහෙත් ඒ සෑම file එකක් සදහාම Extension එක ලෙස .reg ලෙස (උදහරණයක් ලෙස Copy To.reg) ලෙස save කර ගැනීම සිදු කළ යුතුයි.

ඔබ දැනටම Windows 8 සදහා හුරු වී ඇත්නම් මේ දක්වන ක්‍රම බොහෝමයක් එහි File Explorer හි Ribbon හරහාම වුවත් කර ගත හැකිවුවත් ඔබ හොදින් පුහුණුව ඇත්තේ Right click  කිරීමෙන් ලැබෙන Context Menu හරහා කර ගැනීමට නම් එම Menu ට මෙම විධාන එකතු කර ගැනීමේ අවස්ථාව මෙමගින් සැලසේවි.

ඔබ File, Copy සහ Move කර ගන්නා අවස්ථාවල අනුගමනය කරනා පියවරයන් අඩු කර ගැනීමට Context Menu ට  Copy To සහ Move To යන විධානයන් තිබුනොත් පහසුවක් වේවි. මෙයට අදාල කේතයන් ඇතුලත් කර ගත යුතුවන්නේ Registry editor ට වූවත් එයට අතනොතබා මෙම කේතයන් Notepad file එකකට paste කර කැමති File name එකකින්, එහෙත් .reg Extension එක යටතේ save කර ගෑනීමෙන් හැකිය. අවශ්‍ය නම් Copy To සහ Move To යන විධානයන් සදහා වෙන වෙනම ගොනු සැකසිය හැකි වූවත් වඩාත් පහසුව සදහා එක ගොනුවක එම විධානයන් දෙකම ඇතුලත් කර ගොනුව මෙලෙස සාදා ගත හැකිය.

මෙන්න එම කේතය :
Windows Registry Editor Version 5.00
[HKEY_CLASSES_ROOT\AllFilesystemObjects\shellex\ContextMenuHandlers\Copy To]
@="{C2FBB630-2971-11d1-A18C-00C04FD75D13}"
[HKEY_CLASSES_ROOT\AllFilesystemObjects\shellex\ContextMenuHandlers\Move To]
@="{C2FBB631-2971-11d1-A18C-00C04FD75D13}"
  

 ඔබ Dos මෙහෙයුම් පද්දතියට කැමැත්තෙන් සිටින්නෙක් නම් හෝ යම් Folder ක් වෙත පියවරයන් අඩුවෙන්ම පිවිසීමට අවශ්‍යතාවයක් දකවන්නේ නම් හොදම විසදුම Context Menu සදහා Open Command Prompt කොටස එක් කර ගැනීමයි. එයට මෙම කේතය භාවිතා කිරීමට පුළුවන්.

Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\Software\Classes\Folder\Shell\Command Prompt]
@=”Open Command Prompt”
[HKEY_LOCAL_MACHINE\Software\Classes\Folder\Shell\Command Prompt\Command]
@="Cmd.exe /k pushd %L"

එසේම ඔබට Context Menu සදහා Administrator ලෙස Command Prompt විවෘත කර ගැනීමට අවශ්‍යතාව සලසා ගැනීමට නම් මෙම කේතය භාවිතා කළ හැකිය.

Windows Registry Editor Version 5.00
[HKEY_CLASSES_ROOT\Directory\shell\runas]
@="Open Administrator Command Prompt Here"
"NoWorkingDirectory"=""
[HKEY_CLASSES_ROOT\Directory\shell\runas\command]
@="cmd.exe /k \"pushd %L && title Command Prompt\""
[HKEY_CLASSES_ROOT\Drive\shell\runas]
@="Open Administrator Command Prompt Here"
"NoWorkingDirectory"=""
[HKEY_CLASSES_ROOT\Drive\shell\runas\command]
@="cmd.exe /k \"pushd %L && title Command Prompt\""

Wednesday, August 21, 2013

ආරම්භක මෙනුවට, මගේ පරිගණකයට සහ ප්‍රතිෂ්ඨාපණය කර ඇති සියළුම මෘදුකාංග වලට පිවිසුමක්...

දැනට ලබාදී ඇති Windows 8 පද්දතියේ පිටතින් නොපෙනන ලෙස දක්වා ඇති My Computer සහ තවත් ස්ථාන කිහිපයක් සදහා ලේසියෙන්ම කෙටි මං සාදා ගන්නා ආකාරය මෙම ලිපියෙන් ඔබට ගෙන එන්නට බලාපොරොත්තුවෙනවා.

මුලින්ම Windows 8 පද්දතියේ Desktop එකෙහි දක්නට නොලැබෙන My Computer හෙවත් Explorer මෙනුවට Shortcut එකක් තනා ගන්නා ආකාරය දක්වන්නම්. මේ සදහා Shortcut location අවස්ථාවේදී C:\Windows\explorer.exe explorer.exe /root,,::{20D04FE0-3AEA-1069-A2D8-
08002B30309D} කේතය ලබා දෙන්න.

එසේම Windows 8 පද්දතිට ප්‍රතිෂ්ඨාපනය කර ඇති සියළුම මෘදුකාංග සහ අනෙකුත් පාලක මෙවලම් ආදිය දැක ගැනීමට අවශ්‍යනම් පෙර කී ලෙසම පියවර අනුගමනය කර Shortcut location අවස්ථාවේදීApplications.{4234d49b-0245-4df3-b780-3893943456e1} කේතය ලබා දෙන්න.

Windows 8 වලදී Start Button එකක් දක්නට නොලැබෙන අතර පරිගණක තිරයේ වම් පස පහලට mouse curser රැගෙන ගියවිට ලැබෙන හෝ පරිගණකය පණ ගන්වා Lock screen එකට පසු දක්නට ලැබෙන අතුරුමුහුනත Start නැතහොත් Metro ලෙස හදුන්වනවා. මෙම අතුරුමුහුනතට mouse curser පරිගණක තිරයේ දකුණු පස කෙළවරට රැගෙන ගිය විටද ලැබෙන Charms Menu හරහාද පිවිසිය හැකි මුත් ඔබට අවශ්‍ය නම් Desktop එකෙහි මේ සදහාද Shortcut එකක් සාදා ගත හැකියි. හැබැයි මෙම Shortcut එක පෙරකී Shortcut සාදා ගන්නාවාට වඩා වෙනස් ආකාරයකට තමයි සාදා ගැනීමට සිදුවන්නේ. මෙන්න ඒ පියවරයන්.

Desktop එකෙහි Text file එකක් create කර ගැනීම හෝ Notepad වීවෘත කර එම file එකට Start යන නමත් එහි Extension එක ලෙස vbs ලෙසත් සදා ගත යුතුය. කෙටියෙන් පවසනවා නම් මෙලෙස විය යුතුය - Star.vbs

දැන් එම file එකට මෙන්න මේ කේතයන් අලවා ගන්න.
Set objShell = CreateObject ("WScript.Shell")
objShell.SendKeys "^{ESC}"


දැන් අදාල ගොනුව save කර එය ක්‍රියාත්මක කළ විට  Start interface ට පිවිසෙන අයුරු දැක ගත හැකිය.

තවත් වැදගත් දෙයක් තමයි මේ කියන්න යන්නේ.  Windows 8 වලදී Start button එකක් හරහා අප ස්ථාපනය කර ඇති Software ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව නැතත් එවැන්නක් සාදා ගැනීමේ හැකියාවද පවතිනවා. මෙලෙසයි එය කළ යුත්තේ ප්‍රථමයෙන්ම Folder option වෙත ගොස් View tab එකේදී Show hidden files යන්න තෝරන්න.

ඉන්පසු Taskbar එකේදී right click කර Toolbar හරහා New Toolbar තෝරන්න. ඉන්පසු මේ පියවරයන් අනුගමනය කරන්න. Local Disk (C:) - Program Data - Microsoft - Windows - Start Menu - Programs ඉන්පසු Select Drive යන්න තෝරන්න. එවිට Taskbar එකෙහි Programs ලෙස නම් වූ නම් Toolbar එකක් නිර්මාණය වී තිබෙන දකිනු ඇති.

Friday, August 16, 2013

Windows 8 ඇති පරිගණකයක එම මෙහෙයුම් පද්දතිය ගැටළු ගෙන දෙන්නේ නම් ඔබගේ දත්ත backup කිරීමකින් තොරව හා Format කිරීමකින්ද තොරව ලේසියෙන්ම නැවත මෙහෙයුම් පද්දතිය ප්‍රතිෂ්ඨාපනය කර ගන්නේ මෙලෙසයි...

මේ කියන්න යන්නේ Windows 8 වලදී හදුන්වා දුන් අලුත් පහසුකමක් සම්බන්ධයෙනුයි. කාලයාගේ ඇවෑමෙන් ඕනෑම මෙහෙයුම් පද්දතියක් විවිද අඩපණ වීම් හෝ නොයෙකුත් අබාදයන්ට ලක්ව නැවත එම මෙහෙයුම් පද්දතිය පිහිටුවා ගැනීමට සිදුවන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. එවැනි අවස්ථාවලදී ඔබගේ සියළු දත්ත වෙනත් මාධ්‍යක් වෙත Backup කිරීමක් සිදුකර එම Partition එක Format කර ඒ කාර්යය සිදු කර ගැනිමට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඒත් Windows 8 වලදී හදුන්වා දුන් මෙම අලුත් පහසුකම නිසා එසේ කරදර අත්විදීමකින් තොරව සහ ඔබගේ දත්ත ඒ අයුරින්ම සුරක්‍ෂිතව තිබියදී නැවත Windows reinstall කර ගැනීම ඉතා අඩුකාලයකදී හැකියාව ලැබෙනවා. මෙය හදුන්වන්නේ Refresh නමින්. මෙහිදී අහිමි වන ප්‍රධානම දෙය නම් ඔබ විසින් Windows 8 වලදී ලබාදුන් Apps වලට අමතරව යම් Apps ප්‍රතිෂ්ඨාපනය කර ඇත්නම ඒවා පමණයි. ඒවා පවා රැක ගනිමින් මෙම ක්‍රියාදාමය සිදුකරගැනීමට හැකියාව ඇතත් මෙම ලිපියෙන් එම පියවරයන් අනුගමනය නොකර සාමාන්‍ය Refresh ක්‍රියාවලිය පමණක් දක්වන අතර පසුව ලිපියකින් එම කාර්යයද කර ගැනීමට ඇති ක්‍රමය පවසන්නම්.

මෙම Refresh ක්‍රියාවලිය සිදුකරගන්නේ මේ ආකාරයෙනුයි. Windows Charms bar හිදී Settings තෝරන්න.

එහිදී Change PC settings යන්න තෝරා එහදී General තෝරා තරමක් පහලට Scroll කරනා විට “Refresh your PC without affecting your files” යන්න ඔබට දැක ගැනීමට ලැබෙනවා ඇති.

ඉන්පසු අදලා පියවරයන් අනුගමනය කිරීමෙන් පසුව මෙම Refresh ක්‍රියාවලිය කර ගත හැකිය.

Wednesday, August 14, 2013

වේගවත් ආරම්භය සහ වේගවත් අවසානය

මීට පෙර Windows සංස්කරණ වලට වඩා මෙවර හදුන්වාදුන් Windows 8 සංස්කරණයේදී වේගවත් ලෙස Boot වීම වගේම වේගයෙන් Shutdown වීම ඔබට දැක ගන්නට ලැබී ඇති. එයට හේතුව තමයි Windows 8 වලදී Hybrid Boot සහ Hybrid Shutdown කියන විශේෂාංගයන් ඇතුලත් කර තිබීම.

මොකක්ද මේ Hybrid Boot සහ Hybrid Shutdown කියන්නේ? ඔබ මේ වනවිටත් භාවිතා කර ඇති අනෙකුත්  Windows සංස්කරණවලදී Hibernate කියන පහසුකම අත්විද තිබෙනවා නේද? එහිදී ඔබ යමක් කරමින් සිටියදී Shutdown නොකර Hibernate කළා නම් නැවත පරිගණකය පණ ගැන්වීමේදී අර අවසන් වශයෙන් විවෘත කර ගෙන සිටි වැඩසටහන් සහ ගොනු ඒ ආකරයෙන්ම භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා. හැබැයි Hybrid Boot සහ Hybrid Shutdown වලදී එයට තරමක් සමාන තත්ත්වයක් තිබුනත් මුළුමනින්ම එයට සමාන නැහැ.

මේ පිළිබදව තාක්‍ෂනිකව පැහැදිලි කරනවා නම්, ඔබ හෝ මම පරිගණකය භාවිතා කරන විට එහි sessions කිහිපයක් ගොඩනැගෙනවා. එයින් session 0 යන්න kernel session වෙනුවෙනුත්, session 1 යන්න user session වෙනුවෙනුත් වෙන්ව පවතිනවාත මෙහදී මෙම kernel session යනුවෙන් හැදින්වෙන්නේ සරලව ගතහොත් මෙහෙයුම් පද්දතිය විසින් ආරම්භ කරනා සහ පවත්වාගෙන යන විධිවිධාන හා සේවාවන් ලෙස හැදින්විය හැකි අතර user session ලෙස හැදින්වෙන්නේ අප විසින් අරඹන වැඩසටහන් යනාදිය ලෙස වුවත් සරලව පැවසිය හැකියි. මෙහිදී hibernation කිරීමේදී මෙම මෙම session දෙකටම අදාල RAM එකෙහි පවත් නා දත්ත hiberfil.sys කියන ගොනුවට ලියවීම සිදුවෙනවා.

අනෙක් විදියට කියනවා නම් ඔබ නැවත පරිගණකය පණ ගැන්වීමේදී  මෙහදී  hiberfil.sys ගොනුවේ අන්තර්ගතව තිබෙන kernel session සහ user session යන session දෙකම නැවත RAM එකට ප්‍රතිශ්ඨාපනය වීම සිදුවෙනවා. Hybrid Boot සහ Hybrid Shutdown තුලදීත් මෙයට සමානම දෙයක් සිදුවෙනවා. ඒත් එහිදී hiberfil.sys ගොනුව තුල ලියවෙන්නේ kernel session අවස්ථාව පමණයි. සෑම පණ ගැන්වීමකදීම මේ නිසා නව user session එකක් තමයි ඇතිවෙන්නේ.

මේ නිසා තමයි Windows 8 වලදී වේගවත් පණ ගැන්වීමක් වගේම වේගවත් අවසානයක් සිදුවෙන්නේ. හැබැයි. මේ අවස්ථාව ඔබට ලැබෙන්නේ එහිදී Shutdown කිරීමදී පමණක් වන අතර Restart කළ හොත් Full Shutdown වීම සිදුවීම සිදුවී hiberfil.sys ගොනුව ලියවීම සිදුවෙන්නේ නැහැ.

ඒ වගේම Shutdown කරන අවස්ථාවේදීත් Full Shutdown කිරීම ඔබට කර ගැනීමට අවශ්‍යනම් Shutdown කරන අවස්ථාවේ Shift key එකත් press කර ගෙන සිටීමෙන් ඉටුකර ගත හැකියි. එහෙමත් නැත්නම් ඔබට Dos mode එකේදී හෝ පහසුව සදහා Shortcut මෙම Shutdown/Restart/ hibernation/ Hybrid Shutdown යන ඕනෑම කාර්යයක් සදහා මෙම Commands ඔබට වැදගත් වේවි.

ඒ වගේම අවශ්‍ය නම් ඔබ තැනූ Shortcut එක සදහා යතුරු පුවරුවේ Shortcut key combination එකක් වුවත් යොදා ගන්න පුළුවන්.

Tuesday, August 13, 2013

Windows 8 වලදී දෙවියන්ගේ සහය ලබා ගැනීම...

මේ කියන්න යන්නේ Windows 8 වලදී වගේම අනෙකුත් Windows සංස්කරණ වලදී අපට සුලභව හමු නොවන එහෙත් අප Control Panel හරහා භාවිතා කරන විවිධ වෙනස් කම් කිරීමේ හැකියාව හා එහිදී හමුනොවන තවත් ක්‍රියාකාරකම් රැසක් ඉටුකරගත හැකි God Mode කියන පහසුකම සක්‍රීය කර ගන්නා ආකාරයයි. 

මුලින්ම කියන්නම් වැඩි විස්තර වලට යන්නේ නැතුව GodMode Enable කර ගන්නා ආකාරය Desktop එකේදී අලුතෙන් Folder එකක් හදා එය මෙන්න මේ නමින් Rename කරන්න GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} දැන් එම Folder එක තුළට ගියාම වෙනදා ඔබ දුටු විධිවිධාන මෙන්ම කිසිදා දැක නැති විධිවිධාන රැසක එකතුවක් දැකගැනීමට වගේම ලේසියෙන් විවිධ කාර්යයන් කර ගැනීමේ හැකියාව ඇතිවී තිබෙන අයුරුත් දැක ගනීවි.

දැන් මෙම GodMode ගැන යමක් කියන්නම්. මෙම නමින් මෙය ජනප්‍රිය වුණාට මෙම විශේෂිත වූ සැඟවී පවතින ගොනුව නිරාවරණය ගැනීමට සැබැවින්ම වැදගත් වන්නේ සඟළ වරහන් තුළ ඇති කේතයයි. එයට පෙර ඇති GodMode යන්න වෙනුවට කැමති නම් ඔබට ඔබගේ නම වුණත් යොදා ගැනීමට හැකියාව තිබෙනවා.

Wednesday, August 7, 2013

Windows 8 මෙහෙයුම් පද්දතියේ අපෙන් සැඟව පවතින දේවල් කිහිපයක් - Windows 8 වලටම ආවේණික කෙටි මං

මෙන්න නැවතත් කාලෙකට පස්සේ ඉඩක් ලැබුන ගමන් ලියන්නට හිතුනා පරිගණක සම්බන්ධයෙන් වූ ලිපියක්ම. Windows 8 නම් ඔබලා බොහෝදෙනෙක් දැනටමත් භාවිතා කරන්න අරන් සෑහෙන්න කාලයක් ගතවීත් ඇති. ඒ වගේම මේ ලිපියෙන් පවසන දේ හෝ ඊටත් වැඩි දේවල් ඔබ මේ මෙහෙයුම් පද්දතිය භාවිතයේදී අත්හදා බලා හෝ අත්විද ඇතත් මඟහැරුන යමක් ඇත්නම් එයත් දැන ගැනීම සදහා ලියා තබන්නට අදහස් කළා.

එකක් තමයි මට හිතෙන විදියට Windows 8 වලදී mouse එකෙන් අත ඉවතට ගෙන වැඩ කරන්නම හැදූ එකක් කියන එක. Touch Screen එකක වැඩ කිරීමට මුල් තැන දී තිබුනත් වෙනදා Windows වල ප්‍රමුඛස්ථානය දුන් mouse එක භාවිතයට වඩා Shortcut Keys හරහා ඒ ඒ කාර්යකර ගැනීමට අනුබල දෙන බවක් Windows 8  සම්බන්ධයෙන් වූ ඉඟි වලදී පැවසෙන දෙයක්. මෙම සමහර Shortcut Keys, Windows 8 වලදී හදුන්වාදුන් ඒවා වන අතරම ඇතැම් ඒවා මීට පෙර අප භාවිතා කළ Windows සංස්කරණ වලදීත් භාවිතා වූ කෙටි මං බවත් සදහන් කළ යුතුයි.

Press this To do this
Windows logo key‌ +start typing
Search your PC
Ctrl+plus (+) or Ctrl+minus (-)
Zoom in or out of a large number of items, like apps pinned to the Start screen
Ctrl+scroll wheel
Zoom in or out of a large number of items, like apps pinned to the Start screen
Windows logo key‌ +C
Open the charms
Windows logo key‌ +F
Open the Search charm to search files
Windows logo key‌ +H
Open the Share charm
Windows logo key‌ +I
Open the Settings charm
Windows logo key‌ +J
Switch the main app and snapped app
Windows logo key‌ +K
Open the Devices charm
Windows logo key‌ +O
Lock the screen orientation (portrait or landscape)
Windows logo key‌ +Q
Open the Search charm to search apps
Windows logo key‌ +W
Open the Search charm to search settings
Windows logo key‌ +Z
Show the commands available in the app
Windows logo key‌ +spacebar
Switch input language and keyboard layout
Windows logo key‌ +Ctrl+spacebar
Change to a previously selected input
Windows logo key‌ +Tab
Cycle through open apps (except desktop apps)
Windows logo key‌ +Ctrl+Tab
Cycle through open apps (except desktop apps) and snap them as they are cycled
Windows logo key‌ +Shift+Tab
Cycle through open apps (except desktop apps) in reverse order
Windows logo key‌ +PgUp
Move the Start screen and apps to the monitor on the left (Apps in the desktop won’t change monitors)
Windows logo key‌ +PgDown
Move the Start screen and apps to the monitor on the right (apps in the desktop won’t change monitors)
Windows logo key‌ +Shift+period (.)
Snaps an app to the left
Windows logo key‌ +period (.)
Snaps an app to the right

තවත් ඉඟි ගණනාවක් තිබෙනවා. ඒවා අතුරෙන් වැදගත් ඒවා සියල්ලම ඔබට ලබා දෙන බව පවසමින් දැනට මෙම ලිපිය අවසන් කරන්නම්.