Friday, September 20, 2013

පරණ පින්තූර සමග තොරතුරු...

මෙන්න අදත් පැරණි පින්තූර සමග ඒවාට නෑකම් කියන විස්තර කියන්න තමයි මේ සැරසෙන්නේ.

මුලින්ම කියන්නම් 1860-1880 අතර කාලයේ වගේ ගත්ත මේ පින්තූරයේ සිටින සමුරායිවරුන්ට අදාල වන ඔවුන්ගේ විස්තර කිහිපයක්.

සමුරායිවරුන්ගේ ආරම්භය ලෙස සැලකෙන්නේ 12 වන සියවසයි. කෙසේවෙතත් 1800 අගභාගය වන විට සමුරායිවරුන්ගේ පැවැත්ම අවසානයට ලංව තිබෙන බවත් කිවයුතුයි. සමුරායිවරුන් ජපාන යුද හමුදාවේ කැපී පෙනෙනම කණ්ඩායමක් වූවා වගේම ඔවුන්ට තිබූ ගරුත්වය හා පිළිගැනීම නිසා ඇතැම්විට අතිශෝක්තියෙන් පවා දැවැන්ත ප්‍රතිරූපයක් ආරෝපණය කර තිබූ බවකුත් ඇතැම්විට කියවුනත් ජපාන සමාජයේ යුද පැලැන්තියට අයත් කොට්ඨාශය ලෙස ඔවුන්ට අත්ව තිබූ කීර්තිය අදටත් කියවෙන දෙයක්.

මේ ඔවුන් භාවිතා කළා යැයි සැලකෙන ආයුධ සහ අනෙකුත් යුධ උපකරණයි (මේවා මත click කර විශාලනය කර බැළුවොත් තවත් විස්තර දැනගන්නට හැකියි).




විශේෂයෙන් අභිමානය කියන දේ පෙරටුකරගත් කොටසක් ලෙස සැලකුනු මොවුන්, තමන්ට පැවරූ යම් කාර්යයක් (යුධමය සම්බන්ධයෙන් වැනි) අසමත්වූයේ නම් තමන්විසින්ම කිනිස්සකින් ඇන ගැනීමෙන් දිවි තොරකර ගැනීමේ හරාකිරි නම් සියදිවි නසා ගැනීමත් සමුරායිවරු හා බැදී පවතින දෙයක්.

සත් සමුදුරේ මීට කාලයකට ඉහතත් ලිපියක සටහන් කළ අද්විතීය ජපාන සිනමාකරු අකිරා කුරසෝවාගේ සෙවන් සමුරායි චිත්‍රපටිය සහ මෑතක තිරගත වූ The Last Samurai වගේම අද පරපුරේ ගොඩක් දෙනෙක් නරඹා නැති 1971 දී තිරගත වූ Red Sun චිත්‍රපටිය මගිනුත් සමුරායිවරුන්ට ආවේණික ගත සිරිත් රැසක් දැක ගැනීමේ අවස්ථාව ලැබෙන බව පැවසිය යුතුයි.

මේ මිනිස්සු මහා වීරකමක් කළා සේ මේ කපා දමා ඇත්තේ වසර සියගණනක් පැරණි සහ ලෝකයේ උසම ශාක විශේෂය වන Redwood නම් දැවැන්ත වෘක්‍ෂයන්ය.


මේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ 1978 දී සේවයේ සිටි කාර්යය මණ්ඩලයේ සේයාරුවකි. එම ආයතනයේ හිමිකරුවන බිල් ගේට්ස්ද මෙම පින්තූරයේ  සිටින අතර ඔහු සෙවීම ඔබට භාරය.

මිහිපිට අවසාන වශයෙන් සිටියා යැයි සැලකෙන තස්මේනියානු කොටියා නැතහොත් thylacine නම් සත්ත්වයාගේ සේයාරුවක් 

1933 දී එංගලන්තයේ Beaumaris සත්වොද්‍යානයේදී ගන්නා ලද්දකි. දැන් මෙම සත්ත්වයා වාසය කරනු බවට සාක්‍ෂි නොමැත. මෙම සත්ත්වයා පදනම් කරගනිමින් තැනුන චිත්‍රපටියක් මා නරඹා ඇත. එනම් 2011 වසරේදී තිරගතවූ The Hunter චිත්‍රපටියයි. 

මේ මොහොමඩ් අලි සහ බීට්ල්ස් සංගීත කණ්ඩායම හමුවූ අවස්ථාවක්. 

අලි ගැන නම් ලිපි මීට කලින් පළ කළා. ඔබට අමතක නම් මෙන්න  අලි ගැන එම ලිපි.

මේ පින්තූරය පළ කළත් එය ගැන නම් සතුටු වෙන්න බැහැ.

ඒ කාරණා කිහිපයක්ම නිසා. එකක් තමයි. ලෝකයටම මහා ව්‍යවසනයක්ව ඇති දුම්බීම නිරූපණය වීම. අනෙක ඒ දුම් බොන්නේ තාම තරුණ වියටවත් පා නොතියපු ළමයින් පිරිසක්. අනෙක තමයි 1800 ගණන් වල ළමා මෙහෙකරුවන් පිරිසක් තමයි මේ පින්තූරයේ සිටින්නේ.එකළ ළමයින් පවා සේවයට යොදවා ගැනීම හා ළමයින් පිළිබදව යහපත් නීතිරීති නොමැතිවීම මෙවන් අවාසනාවන්ත දේ සිදුවීමට හේතුවුනා පින්තූරය අරගෙන තිබෙන්නේ 1880 දී.අදටත් රටවල් ගණනාවකම ළමයින් විවිද සේවා සදහා යොදවා ගැනීම කණගාටුවෙන් වුනත් සටහන් කළ යුතුවනවා.

1907 වසරට අයත් මේ පින්තූරයේ දැක්වෙන්නේ එදා මිසිසිපි ගඟේ දුම්බෝට්ටු ප්‍රවාහණය සිදුවූ අයුරුයි.

අද ලිපියේ අවසානයට දක්වන්නේ 90 දශකයේ හා 2000-2010 දශක වල ලෝකයේ කැපී පෙනුනම චරිත දෙකක්. එක චරිතයක් නම් ලෝකයේ ලොක්කා වගේම කාන්තාවන්ගේ සිත් තදින් පැහැර ගත් චරිතයක් වන අතර අනෙක් චරිතය නම් පසුගිය කාලයේ ලංකාවටත් ටිකක් විතර හිසරදයක් වුන ලෝකයේ තවත් බලවත් තනතුරක් දරපු බවලතෙක්. 1975 දී තමයි මේ පින්තූරය අරගෙන තිබෙන්නේ. එදානම් මේ දෙදෙනාම මෙතරම් බැරෑරුම් රාජකාරිවල තමන්ට නියැලෙන්නට වෙතැයි සිතන්නටත් නැතුව ඇති. ඔබම හදුනාගෙන කියන්න මේ දෙදෙනා කවුරුන්දැයි කියා....

මීට කලින් දවසකත් මෙවැනිම ලිපියක් පළ කළා. මෙන්න ඒ ලිපියට ගමන් මඟ
http://sathsamudura.blogspot.com/2013/09/blog-post_13.html

14 comments:

  1. ඔතන ඉන්නේ හිලරි ක්ලින්ටන් සහ බිල් ක්ලින්ටන්...

    පහලම පේලියේ වම් පැත්තේ ඉන්න කෙනා තමයි බිල් ගේට්ස් ...

    හැමදාම වගේ වටිනා පෝස්ට් එකක් දිනේෂ්.. දිගටම පෝස්ට් ලියන්න..

    ReplyDelete
    Replies
    1. හිලරි ක්ලින්ටන් හරි මෙව්වයි නේද ..?

      Delete
    2. මෙතන තියෙනවා රෙඩ් වුඩ් ගැන සෑහෙන්න විස්තරයක්... මේ ගස් අඩි 300 කට වඩා උස යනවා කියන්නේ... රුවන්වැලි සෑයටත් වැඩිය උසයි ඒ කියන්නේ...!
      http://www.treesofmystery.net/redwood-trees.php

      Delete
    3. සහන් අයියා මට කලින් උත්තරේ දීලා! මදැයි මං පැනලා දෙන්න හැදුවා. :(

      පෝස්ට් එකනම් වටිනවා. :)

      Delete
  2. හැමදාම වාගෙ වටින ලිපියක් ස්තුතියි .
    පුලුවන්නම් වෙලාවක වදවෙලා ගිය සත්තු ගැන ලිපියක් ලියන්න

    ReplyDelete
  3. හරිම අපුරු පිංතුර ටිකක් සහිත පොස්ට් එකක් දිනේෂ්.

    ReplyDelete
  4. දිනේෂ්,

    මිසිසිපි ගඟේ වාෂ්ප බෝට්ටු පිළිබඳව ලොව පුරා ප්‍රසිද්ධ උනේ මම හිතන්නෙ මාර්ක් ට්වේන්ගෙ සුප්‍රසිද්ධ කතාපෙල නිසා.Life on Mississippi සහ Adventures of Hucklebury Finn ඒ අතරින් ඉතාම ජනප්‍රියයි.

    ඔහු කාලයක් වාෂ්ප බෝට්ටුවක නියමුවෙක් ( Pilot ) හැටියටත් සේවය කලා.ඔහුගේ මුල් නම සැමුවෙල් ලැන්ග්හෝන් ක්ලෙමන්ස්. මිසිසිපි නදියේ බෝට්ටු ගමනාගමනයේදී නදියේ ගැඹුර ඉතාම වැදගත්.ගැඹුර මනින්නේ Fathoms වලින්, අඩි 6 කට සමානයි. අපේ මිනුම් ක්‍රමයෙන් නම් බඹයක් කිව්වැහැකි.

    Fathom දෙකක ගැඹුරක් ගැන දැනුම් දෙන්න බෝට්ටුවෙ නියමුවා කරන්නෙ Mark Twain කියල කෑගහන එක. මිසිසිපියෙ බෝට්ටුවල නියමුවකු ලෙස සේවය කල සැමුවෙල් ඔහුගේ ලේඛක නාමය ( Pen name ) හැටියට තෝරාගත්තෙත් ඔහුට සුපුරුදු Mark Twain යන්නයි.

    ReplyDelete
    Replies
    1. එය නම් දැනසිටියේ නැහැ. ස්තූතියි!

      Delete
  5. ස්තුතියි දිනේෂ් මේ වටිනා ලිපිය ඉදිරිපත් කිරීම ගැන.

    ReplyDelete
  6. හැමදාම වගේ අපි නොදන්නා තොරතුරු ටිකක්...

    ReplyDelete
  7. හැමෝටම ස්තූතියි! මේ පින්තූර ගොඩක් දෙනෙක් රසවිදිබව දැනුනා...

    ReplyDelete
  8. I wanted to share this with you. I believe you might be able to find more info related to these and share with us with your beautiful writing skills :)

    http://www.boredpanda.com/must-see-historic-moments/

    ReplyDelete
    Replies
    1. Thank you so much my friend...Those pictures must be very useful for the future posts...

      Delete