Tuesday, July 23, 2013

ඉතිහාසය, යුද ශිල්පය, සංවේදීබව සහ තවත් බොහෝ දේ කැටිවූ චිත්‍රපටියක් පිළබදවයි...

යම් තාක්‍ෂණික ගැටලුවක් හේතුවෙන් මාතෘකාව හැරෙන්නට අනෙක් දේවල් සියල්ල save වී නැති බවක් තමයි පෙනෙන්නේ. ඒ නිසා ඔබට යම් අපහසුතාවයක් ඇතිවූවා නම් කනගාටුව ප්‍රකාශකරන අතරේම මේ ලිපියෙන් පවසන්නට ගියේ 2005 වසරේ තිරගතවූ 12 වන සියවස  සමයේ කුරුස යුද්ධය පදනම් කරගනිමින් තැණුන Kingdom of Heaven චිත්‍රපටිය පිළිබදව පවසන්නටයි. 

ආරම්භය තරමක් ව්‍යාකූල වුවත් කතාව ක්‍රමයෙන් ඉදිරියට යද්දී එදා සමාජ තත්ත්වය හා දේශපාලනයට අදාළව මැනවින් ගැළපෙමින් ගලා යන කතා තේමාවක් බවත් පැවසිය හැකියි. මධ්‍යතන යුරෝප සමයට මෙන්ම මැදපෙරදිග කලාපයයේ එදා තිබු තත්ත්වයට අදාළව සංගීතය නිර්මාණය වී පැවතුන ආකාරය චිත්‍රපටියේ ඒ ඒ කලාපවලදී යොදාගෙන ඇති ආකාරයත් චිත්තාකර්ශනීයයි.

ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර සහ මෙම යුගයට අදාළව චරිතයකට ඉතා සුදුසු ඔස්කාර් සම්මානලාභී Jeremy Irons ගේ රංගන දායකත්වය ලැබීමත් පැය 3 කට අධික කාලයක් ධාවනය වන මෙම චිත්‍රපටියට ප්‍රශංසාත්මක ඇඟයුමක් ලබන්නට හේතුවූවා නිසැකයි.

කෙසේවෙතත් දැවැන්ත හා කලාත්මකබවකින්ද යුතු නිර්මාණයක් වූ මෙයට එක් ඔස්කාර් සම්මානයක් සදහා හෝ නිර්දේශ නොලැබීම නම් විශ්මයජනක කාරණයක් බවත් අවසන් වශයෙන් පැවසිය යුතුයි.

13 comments:

  1. කෝ දිනේෂ්. මට පේන්නෙ මාතෘකාව විතරයිනේ. ලින්ක් එකක්වත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. මේ මට පෙන්නේත් එහෙමනේ.

      Delete
  2. මටත් පෙන්නේ එහෙමනේ.. ;)

    ReplyDelete
  3. දැන්නන් හරි වගේ ... මේක බැලුවා මං බලපු හොදාම චිට්‍ර්පටක් කියන්ඩ පුළුවන්

    ReplyDelete
  4. ‍මට හිතෙන විදිහට මෙ එකෙන් පෙන්වන කතාවෙ පදනම වෙලා තියෙන්නෙ සාමාන්‍යයෙන් බටහිර රටවලට අමුත්තක් නොවුනු දෙයක් වුන 'Crusades' කතෝලික ආගමෙ හා මුහමදික ආගමිකයන් අතර සිද්දවන මෙ ගනුදෙනුව සලාඋද්දීන් ගේ ශේෂ්ඨ භාවයත් තරැන නයිර්‍ටවරයගෙ බුද්ධිමත් භාවයත් නිසාවෙන් සර්‍මපූර්නයෙන්ම උඩුයටිකරැ වන අයුරැ නියම අයුරින් දක්වා තිබුන movie ekak. මෙ film eke මම කැමතිම දර්ශණය සලවුදීන් බිම වැටිල පෙරලිල තිබුන සුරැවම (කරැසිය)නැවත කෙලින් කරන දර්ශනය.සලාවුදීන් කියන්නෙ කතෝලික අධිරාජ්‍යයෙ මුල්බිම උදුරගැනීමට මුල්වුන මහමදිකයන්ගෙ නායකය ඔහු හදවතේ පත්ල ස්පර්ෂ කරපු මුස්ල්මානුවෙක් නමුත් ඔහුගේ අරමුන මට වඩාත් සමිප වෙන්නෙ ර්‍මෙ කාලෙ අපේ රර්‍ටෙ වීර පොරවල් වෙලා ඉන්න බළ සේනාවෙ අයයි සලාවුද්දීනුයි සංසන්දනය කරල බලනකොටයි.සලාවුදීන් ර්‍මෙ කාලෙ ලංකාවෙ හිටියනං මිනිහට කවදාවත් චරිතයක් (පොරක් ) වෙන්න බැහැ. මොකද මිනිහ තමුන්ගෙ ආගමෙ බලය තහවුරැ කරල කතෝලිකයන්ව පිටමං කරල කලයුත්ත කරා මිසක් බිමට වැටිට හොර්‍මබෙං ගිය සුරැවම උස්සල පොලවෙ ගැහුවෙ නැහැ.ඒකට තමයි ‍නියමම හැගීමෙන් කියනවනර්‍ම හරි දේ කියල කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදිහට ර්‍මෙ movie එකෙන් පෙන්වන..

      Delete
    2. මේ චිත්‍රපටියේ ඒ ආකාරයේ සියුම් ගුණාංග රැසක් කදිමට නිරූපනය කර තිබෙනවා. ඔබට මෙම සුරුවම නැවත කෙලින් කරන දසුනට සමාන දසුනක් දැක ගත හැකි චිත්‍රපටියක් ගැන පවසන්නම්. ඒ තමයි Mel Gibson රඟපෑ We were Soldiers චිත්‍රපටිය. එහිත් මෙයට සමානම අවස්ථාවක් චිත්‍රපටිය අවසානයේ තිබෙනවා.

      Delete
  5. අලුත් ලිපියක් දැක්කෙ කාලෙකින්නෙ දිනේෂ්.
    දැන් මොකද ලියනව අඩු? ‍
    ෆිල්ම් එක ගැන දුන්නු ඔත්තුවට බොහොම ස්තූතියි.......

    ReplyDelete
  6. Dear Dinesh.

    /Comments nodammata mama oyage letters kiyawanawa aththatama godak nodanna dewal igena gannawa
    mama software developer kenek ewagema hama welawema aluth deyak karanna hoyanna try karanawa
    ithin mata hithuna e hoyaganna dewal anith aytath balanna danna
    ithin blog ekak hadaganna try kara eth bari una e pilibadawa danuma adui
    obata puluwannam nidahas welawaka mata podi guide ekak denna
    patan ganna thana idala
    Thanks

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මම ඔබට බ්ලොග් එකක් ආරම්භකරන ආකාරය ගැන හැකි ඉක්මනින් විස්තර ලබා දෙන්නම්...

      Delete
    2. thanks

      mage email eka "nelson.rodrigo@camoplastsolideal.com"

      Delete