Thursday, March 7, 2013

ආගමික ත්‍රස්තවාදය

පුලස්ති රාජපක්‍ෂ මහතා විසින් රචිත ආගමික ත්‍රස්තවාදය කියන පොත ගැන තමයි මේ කියන්න යන්නේ.‍ ලෝකයේ බහුතරයක් අදහන කතෝලික, ඉස්ලාම් හා යුදෙව් වැනි ආගම් ප්‍රධාන කොටගෙන ඒ ඒ ජාතීන් හා ඒ ඒ රටවල් අතීතයේ පටන් තම ආගම ව්‍යාප්ත කිරීමට යොදා ගනු ලැබූ විවිද ක්‍රියාමාර්ග පිළිබදව මෙම පොතෙන් පෙන්වා දෙනු ලබනවා.

නොදත් කරුණු රැසක් දැනගැනීමට මෙම පොතෙන් අවස්ථාව දෙනු ලැබූවත් ඇතැම් ස්ථාන වල අක්‍ෂර විනඥාසය හා කාලය සමග පුද්ගල සබඳතා ප්‍රකාශ කිරීමට යාමේදී දෝශ කිහිපයක්ම පැවතීම මෙම පොතේ කරුණු වලට යම් හානියක් කර ඇති බවක්ද පැවසීමට සිදුව තිබෙනවා.උදාහරණයක් ලෙස 2000 දශකයේ ඉරාක ආක්‍රමණය වෙනුවට ඇතැම් අවස්ථාවල වැරදීමකින් ඉරානය යයි එම ස්ථානවල සටහන් වීම මෙන්ම නැපෝලියන් බොනපාට් හා සමකාලීනයකු බවට බෙනීටෝ මුසලෝනී දැක්වීම ඉතාම පරස්පරයි. එසේම බොහෝ අවස්ථාවල පවසන කාරණා අනුව මැදිහත් ස්ථානයකට වඩා පූර්ණ වශයෙන් ඇමරිකානු විරෝධී ස්ථානයක සිට කතුවරයා අදහස් දක්වනවාදැයි සැකයකුත් මතුවන බව පැවසිය යුතුයි.

කෙසේවෙතත් එවන් දෝශ පැවතියත් ඉතිහාසයේ ඇතැම් කරුණුකාරණ පිළිබදව නැවත වරක් සොයා බැලිමට අවස්ථාවක් මෙම පොතෙන් ලබා දෙන බව නම් පැවසිය යුතුයි. තවද මෙය කතෘ ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

16 comments:

  1. හා හා මුස්ලිම් එවුන් 1 ක්‍රිස්තියානි 2 තෑග්ග ලබා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. චරථ භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය

      Delete
  2. ගිය සඳුද ආයේ සැරයක් ලයිබ්‍රියට සෙට් වුණා. ඒ තව අවුරුදු දෙකකට.....
    මේ පොත ගැන දුන්න ඔත්තුවට තෑන්ක්ස් දිනේෂ්......

    ReplyDelete
  3. 1 ST - Anonymous -ලංකාවේ ගත්තොත් නම් බෞද්ධ උන් තමා තෑග්ග ලබා ගන්නෙ

    ReplyDelete
    Replies
    1. සිරා
      +++++

      Delete
    2. අල්ලාට පස්සේ

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සංවාදයකට බඳුන්විය යුතු කාලීන මාතෘකාවක්.

    ReplyDelete
  6. okata ara bodu bala senawath add karanna...

    ReplyDelete
  7. කොලට් සේනානායකයන්ගේ ඇමරිකානු මහද්වීයේ කතාන්දරය හෙවත් බිස්කුව සහ බික්ෂුව http://www.scribd.com/doc/125224993යන ග්‍රන්ථයට සමානව යන ඉතාම ව්ශිෂ්ඨ ග්‍රන්ථයකි .

    ඔහුට තව පොතක්කිරීමට දිරිය ලැබේවා! එය අපේ වාසනාවකි.

    ReplyDelete
  8. මස් මරන්නෙකුට අත්ම ව්නිශ්‍යකදී ඉස්ලාමය උදවු සොයාගත හැකි තැනකි.ස්ත්‍රී ධුර්තයෙකුට බහු භාර්යා සේවනය සිදු කිරීම සදහා ඉස්ලාමය රැකවරණය ලබාගත හැකි තැනකි.අපරාධ කරුවෙකුට ත්‍රස්තවාදී ක්‍රියා සදහා ආගම ව්යාතිරේකී රැකවරණයක් කොටගත හැකි වන්නේ,අගම වෙනුවෙන් යුද්ධ කිරීමට ඇති ප්‍රතිපාධන ආගමික අයිතියක් ලෙස භාවිතා කල හැකි බැවිනි.(ආගමික ත්‍රස්තවාදය 14 පිටුව )

    මෙම කාලීන වටිනා ග්‍රන්ථය පහත සදහන් පොත් වෙළදසැල් වලින් ලබාගත හැක.

    1.ගොඩගේ මරදාන
    2.සමයවර්දන මරදාන
    3.දයාවංශ ජයකොඩි මරදාන
    4.ගුණසේන පිටකොටුව
    5.කැළණි විහාරයේ පොත් මැදුර

    ReplyDelete
  9. අපි ඔබ සමගයි.ෆාදර් වරුන් විසින් මෙහෙයවන මහමෙවුනාව ගැන ජනතාවට වැඩිකල් නොගොස් අවබෝධවෙවා!

    ReplyDelete
  10. great article. thank you very much.

    ReplyDelete
  11. පොත හොයා ගෙන කියවන්නම් මුස්ලිම් ත්‍රස්තවාදය ගැන නම් පොත් දාහක් ලිව්වත් මදි තව තව ලියන්න මමත් මගේ ''විමුත්ති මග්ග'' පොතේ පිටු 50 ක් විතර මේ සඳහා වෙන් කළා

    ''

    ReplyDelete