Tuesday, February 12, 2013

විදුලිය නිපදවා ගැනීමට භාවිත කරන අමුතුම උපක්‍රම කිහිපයක් සමග පරිසර හිතකාමී නිර්මාණ කිහිපයක්

විදුලි බලය නිපදවීමට ලෝකයේ විවිද ක්‍රම භාවිතා කළත් ජල විදුලිය, සුළං, උදම් බලය, සූර්ය ශක්තිය හැරුන කොට ඛනිජ තෙල් දහනය හෝ න්‍යෂ්ඨික බලය භාවිතා කිරීම වියදම් අධික මෙන්ම පාරිසරික අවධානමක් ඇති ක්‍රම ලෙස නම් කළ හැකියි. මේ ක්‍රම වලට වඩා කුඩා පරිමාණයේ විදුලිය නිපදවීමේ ක්‍රම ලෝකයේ බෝහෝ ස්ථාන වල භාවිතා කළත් ඒවා පිළිබදව ලෝකයට දැන ගන්නට ලැබෙන්නේ අඩුවෙන්. මෙලෙස කුඩා පරිමාණයේ වගේම පාරිසරික වශයෙන් හිතකාමී ක්‍රම කිහිපයක් පිළිබදව අප එදිනෙදා භාවිතා කරන සම්පත් කිහිපයක් නැවත නැවත සහ පාරිසරික වශයෙන් හිතකාමී ලෙස භාවිතා කරන අවස්ථා කිහිපයක් ගැනත් ඔබට කියන්නට මෙම ලිපිය ලිව්වා.

නොමිලේ කා විදුලිය නිපදවා දෙන්න.
මෙසේ නොමිලේ සප්පායම් වී ඒ වෙනුවෙන් විදුලිය නිපදවාදීමේ අවස්ථාව ලබාදී තිබෙන්නේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර The Crowne Plaza හෝටලයේය. මෙම අවස්ථාව එහි නවාතැන් ගන්නා අමුත්තන්ට පමණක් ලැබෙන බව පවසන අතරම ඔවුන්ට නොමිලේ ආහාරපාන ලබා ගැනීමට $36 (26 euros; £23)ක වවුචරයක් ලබා දෙනු ලැබේ. මෙයට හිලව්වීමට ඔවුන් කළ යුත්තේ හෝටල‍යේ විදුලිය උත්පාදනය කිරීමේ යන්ත්‍ර අමුනා ඇති ව්‍යායාම බයිසිකලයක් පැද වොට් 10 ක විදුලියක් නිපදවාදීමයි.

මෙම දත්ත මැන ගැනීමට iPhones උපකරණ බයිසිකලයට සවිකර තිබෙන අතර කෝපන්හේගන් නුවර වැසියන්ගෙන් 30% ක් තම ශරීර සෞඛය ගැන සිතා බයිසිකල් පැදීමේ කාර්යයේ පුරුද්දක් ලෙස නියැලෙන නිසා මෙම වැඩ පිළිවෙල වසරක කාලයක් සදහා දියත් කළ බව අදාල හෝටලයේ පරිපාළනය පවසා තිබෙනවා.
http://news.bbc.co.uk/2/hi/europe/8621038.stm

කඩදාසිless, තීන්තless සහ සම්පූර්ණයෙන්ම Reusable මුද්‍රණ යන්ත්‍රය
‍කව්ද කියන්නේ computer printout එකක් ගන්න කඩදාසි, Toner/Ink ඕනමයි කියලා. දැන් එහෙම ඕන නැහැ. PrePeat කියන printer එක ඊට විසදුමයි.

මෙහි භාවිතා වෙන්නේ thermal head එකක්. ඒකෙන් විශේෂිත Polyethylene terephthalate හෙවත් PET කියන ප්ලාස්ටික් වර්ගයෙන් නිපදවූ පත්‍ර වර්ගයේ අදාල මුද්‍රණය සිදු කිරීමෙන් තමයි අපි සුපුරුදු ලෙස භාවිතා කරන මුද්‍රණ කාර්යය කර දෙන්නේ. මේ ප්ලාස්ටික් පත්‍ර මත ලියන දෙක් පහසුවෙන්ම මකා දැමිය හැකි නිසා නැවත නැවත ඒවා අදාල කාර්යයට යොදා ගන්න හැකි බවත් පැවසෙනවා. එය විවිද උශ්නත්වයන් යොදා ගෙන පත්‍රමත ලිවීමෙන් මකා දැමීම හෝ නැවත ලිවීමට හැකි බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් 1000 වාරයක් පමණ එක පත්‍රයක් මකමකා භාවිතා කළ හැකි බව පැවසෙතත් මේවාට යොදන්න වෙන බරපැන නම් සුළුපටු නැහැ.Printer මිළ $5,600 ක්. ඒ කියන්නේ රුපියල් වලින්ම ගත්තොත් දළ වශයෙන් රු.725,000/= ක් පමණ. ඒවිතරක්ද මේකට භාවිතා කරන ප්ලාස්ටික් පත්‍රයක මිළ $3.36 ක් (රු.450/= ක් විතර). ඉතින් අන්න ඒ බරසාර මිලත් දරන්න පුළුවන් නම් මේ Printer එක නරක නැහැ.

පරිසර හිතකාමී හරිත වර්ණ වහල
මේ හරිත වර්ණ අමුතුම වහල දකින්නට ලැබෙන්නේ සිංගපූරුවේ Nanyang තාක්‍ෂනික විශ්වවිද්‍යාලයේදිය. වහල මත පවා පොළම මත මෙන් නිදහසේ ඇවිදීමට හැකි තණකොල ඇති මතුපිට මෙන්ම එම ගොඩනැගිල්ලේ මධ්‍යයේ ඇති වැහිදියෙන්ම පිරෙන පොකුණු ආදිය නිසා දැනෙනා සිසිලසෙන් වායුසමීකරණ යන්ත්‍රවලට පැවරී ඇති වැඩරාජකාරී අවම කර ඇතිවාට සැක නැහැ.




ඔබ අත සෝදා ඉවත ලන දිය ජීවය රැකදෙන ගසකට ලබා දෙමු
පොලිශ් කරනා ලද කොන්ක්‍රීට් වලින් නිම කළ මෙම sink එක භාවිතයෙන් ඔබ අත සෝදා ඉවත ලන ජලය ඔබ ආසා කරන මල් පැලයට භාවිතා කළ හැකිය.


නට නටා විදුලිය නිපදවමු
මේක තිබෙන්නේ ලන්ඩන් වල Surya කියන bar එකේ වන අතර මෙහි පොළව සාද ඇත්තේ springs යොදා විශේෂ ආකාරයකටයි. මේ පොළම මත සිට ඉවක් බවක් නැතුව රෑට නටන විට ඇති වන තෙරපුම ආධාර කර ගනිමින් විදුලිය උත්පාදනය කරගනු ලැබේ.




දියකාවෙක් වගේ වතුර නනා හිටිය කාලය ඉවරයි?
නාන්න ගිහින් ඕනවට වඩා වතුර නාස්ති කරන එක වලක්වන්න  Tommaso Colia කියන නිර්මාණකරුවා අළුත් සොයා ගැනීමක් කරලා ඉවරයි. 

මෙය නමින් හදුන්වන්නේ eco_drop shower කියලයි. ඕනවට වඩා වතුර නාස්ති කරලා නානවානම් මේ පුවරු ඉහලට එසවිලා දැන් නැවා ඇතියයි ඔබට අඟවා මේ බාධක මැද ඔබට නාන එක එපා කරවාවි.

ඔ‍බගේ විදුලි නාස්තිය කේන්තියෙන් කියනා ස්විචය
බලශක්තිය ඉතිරි කරගැනීමත් දැන් කුඩා වියේ සිටම දරුවන්ට කියා දිය යුතු මාතෘකාවක් වෙලා. කුඩා දරුවන්ට මේ පාඩම කියාදෙන්න වගේම වැඩිහිටියන්ටත් අමතක වෙලා පැය ගානක් දල්වලා තියෙන විදුලි බුබුළු ගැන වර්ණවත් ලෙස අප්‍රසාදය පළ කරන්නට තැනූ ස්විචියක් ගැන තමයි මේ. මෙය නිපදවා තිබෙන්නේ Tim Holley නම් අයෙක් විසින් වන අතර ඔහු මෙය නම් කර තිබෙන්නේ Tio ලෙසයි. 

ටිකක් අමුතු හැඩයක් ඇති මෙම ස්විචය සම්බන්ධ විදුලි බුබුළු පැයකට අඩු කාලයක් දැල්වී පවතී නම් කොළ වර්ණයෙනුත්, පැය හතරකට වඩා නම් තැඹිලි සහ පැය අටකට වඩා නම් රතු පැහැයෙන්  ඇහැට දැනෙනා ලෙසත් වර්ණවත් වීම සිදුවන අතරේම මෙම ස්විච පරිගණකයකට ඒ වෙනුවෙන් තැනූ වැඩසටහනක් ආධාරයෙන් සම්බන්ධ කර ඇති නිසා කොපමණ විදුලිය ප්‍රමාණයක් ඉතිරි කළාද වැනි තොරතුරු දරුවන්ට සිත්ගන්නා සුළු ආකාරයකට දැන ගැනීමටත් සලස්වා තිබෙනවා. එම පරිගණක වැඩ සටහන ඔහු නම් කර තිබෙන්නේ “virtual tree” නමින්.


ස්ටේප්ලර් කටු නැති ස්ටේප්ලරය
අපි නොහිතුවට ස්ටේප්ලර් කටුත් පරිසරයට වදයක් බවයි පැවසෙන්නේ. මේ තත්ත්වය දුරු කිරීමට ස්ටේප්ලර් කටු භාවිතා නොවන ස්ටේප්ලරයක් නිපදවා තිබෙනවා.කටු වලින් අමුනනවා වෙනුවට එකට එකතු කිරීමට ඇවසි කඩදාසි වල සාදන කුඩා සිදුරක් සහ ඒවා එකට ඈදීමේ උපක්‍රමයක් මගින් කටුවලින් කරනා කාර්යය කරනා බවයි පවසන්නේ.

("cuts out tiny strips of paper and uses the strips to stitch up to five pieces of paper together."

ඔබගේ iPhone හි බැටරිය ආරෝපණයට විදුලි බලය අත්‍යාවශ්‍යම නැත!
මෙහි ඇති අඩුව වැනි උපකරණය මිරිකීමෙන් ඔබගේ iPhone හි බැටරිය ආරෝපණය කර ගත හැකි බව පැවසේ.

මේ වගේ සිය දහස් ගානක් නව සොයා ගැනීම් ඇති පරිසර හිතකාමී. අවස්ථාවක් ලැබුනොත් ඉදිරියේදිත් ඒවා කිහිපයක් ගැනවත් කතා කරමු.

40 comments:

  1. අඩේ පට්ට මචන්... නියමයි.. දෙයක් ඉගෙන ගත්ත කියල හිතෙනව.. ඔහොම යන්... මගේ පැත්තෙත් ඇවිල්ලම යන්නකො...

    http://jeevithayasundharai.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔව් මම එන්නම්...

      Delete
  2. නියමයි, නියම තොරතුරු ගොඩාක්.

    ReplyDelete
  3. අර ජොලියට බයිසිකල් පදින එකයි, කරන්ට් එක වැදුන වගේ නටන එවුන්ගෙන් කරන්ට් එක නිපදවගන්න එකයි තමයි මට නම් හුඟක්ම හිතට ඇල්ලුවෙ.

    අර හරිත වර්ණ වහලත් අපූරුයි, මම හැමවිටම ගහකොලින් පිරිච්ච පරිසරයකට කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ව්‍යාපෘති විශේෂත්වයක් තිබෙන ඒවා තමයි...

      Delete
  4. අර ඩාන්සිං ෆ්ලෝ එකේ නටන එවුවංට නැටුං ‍තෙල් ටිකක් වැඩියෙං දුන්නනං වැඩියෙන් විදුලිය නිපදවාගන්න පුලුවං වෙයි. :D

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් හිතන්නේ ඒ project එක අපේ රටටත් නරකම නැහැ..

      Delete
  5. නියම ම ලිපියක් දිනේෂ්. . . අපිත් මෙහේ සස්ටේනබල් කන්ස්ට්‍රක්ෂන් කියන විෂය ගැන හරිම උනන්දුයි මොකද දැන් ගොඩක් අය ඒ ව්‍යාපෘති වලට වැඩි නැඹුරුවක් දක්වනවා. ඉතාම වටින ලිපියක් . .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔව් ලෝකයේ ගොඩක් රටවල් දැන් මේ වගේ ව්‍යාපෘති වලට නැඹුරුවක් තිබෙනවා.හැබැයි රහසින් පරිසර දූෂනය කිහිප ගුණයකින් සිදු කරනවා. ඒ ගැනත් ලිපියක් ඉදිරියේදී ලියන්නම්...

      Delete
  6. මට නම් වැඩියෙන්ම හිත ගියේ පරිසර හිතකාමී හරිත වර්ණ වහලයට.

    ReplyDelete
    Replies
    1. ස්වභාවිකත්වයත් තාක්‍ෂනයත් මුසුවූ අවස්ථාවක් තමයි එය...

      Delete
  7. man hamadama me dewal asawen balanawa dinesh..
    godak sathutui..digatama liyanna..

    ReplyDelete
  8. මේවා ගැන මෙලෝ දෙයක් දැන ගන හිටියේ නැ.. බොහොම ස්තුතියි.

    ReplyDelete
  9. මා 2003 වර්ෂයේදී පමණ වැලිඔය ප්‍රදේශයේ සේවය කරද්දී එවැනි අති දුෂ්කර ප්‍රදේශයක, කොටි තර්ජන මැද්දේ ජීවත්වුණ, අ.පො.ස. උසස් පෙළ සමත් තරුණයකු, විදුලිය නිපදවීමේ ක්‍රමයකට පේටන්ට් බලපත්‍රයක් ගැනීමට උත්සාහ කළා. ඔබ කියන අර නැටුම් ශාලාවේ පොළොවේ න්‍යායම තමයි ඔහුත් කර තිබුනේ. ඔහුගේ සැලැස්ම අනුව ලංකාවේ සියලුම පාලම් වලට ඒ උපක්‍රමය යෙදිය හැකියි. පාලම මතින් වාහන යනවිට ඇතිවන තෙරපීමෙන් තමයි විදුලිය නිපදවන්නේ. ඔහු කිව්වා කැළණි පාලම වැනි පාලමකින් ඇති විශාල විදුලියක් නිපදවිය හැකි බව. ඒ ගණනය කිරීමද ඔහු අත තිබුනා. (අවශ්‍ය සියලුම කාර්මික චිත්‍ර හා අනිකුත් පිරිවිතර ඔහු සකස්කර තිබුනා)අපි ඔහුව උනන්දුකර මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමුකලා පේටන්ට් බලපත්‍රය ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු කිරීමට. නමුත් ඔහුට ලැබී තිබුනේ අධෛර්යයට පත්වන සුළු පිළිතුරු. ඉන්පසු මට ඒ ප්‍රදේශයෙන් එන්න වුනා. ඔහු දිනක් ඒ සම්පූර්ණ ක්‍රියාවලිය අපට විස්තර කළා. ඔහු කිව්වා එසේ කිරීම කෙනෙකුට ඒ නිර්මාණය කොපි කිරීමට ඉඩ දීමක් බවත් හමුදාව ගැන විශ්වාසය තබා ඒ විස්තරය කරන බවත්. ඔහුට කුමක්වීද යන්න මම නොදනිමි. නමුත් මගේ හිතේ දැන් වරදකාරී හැඟීමක් තියනවා ඔහුට තවත් උදව් කරන්න තිබුනා නේද කියා. මොකද ඒ ප්‍රදේශයේ සමහරු ඔහු පිස්සකු ලෙසයි සැලකුවේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඉතාමත් සිත් ගන්නා සුළුයි. එවන් අළුත් විදියට සිතන අය අප අතරේ ඕනෑකරම් ඉන්නවා. මෙම පුද්ගලයාට අප තවත් ප්‍රශංසා කළ යුතුයි මෙවන් දෙයක් තමන් සොයා ගත් බව පැවසීම ගැනත් මොකද ‍බොහෝදෙනෙක් සොයා ගත්තත් නොකියන්න ඉඩ තිබෙනවා මේ වගේ පොදු නොවන සොයා ගැනීම් නිසා තමන් පිස්සෙකු ලෙස හංවඩු ගැසෙයි යන බිය නිසත්. මම නම් පුදුමවෙන්නේ නැහැ ලංකාවේ මේ වගේ සොයා ගැනීම් වලට මෙහෙම දෙයක් වුනා කියන එක ගැන. කොතරම් පර්යේෂන මේ ‍විදියට තනි තනි පුද්ගලයන් අතින් වගේම විශ්වවිද්‍යාල පද්දති ඇසුරෙනුත් සිදුකෙරෙනවාද? ඇමරිකාව, ජපානය වගේ රටක නම් ඉතාම ඉක්මනින් ඒවා වාණිජමය වශයෙන් නිදපවෙලා ඉතාම සේවයක් ඉටු කිරීමට ව්‍යාප්ත වුනත් ලංකාවේ ඒවා තමන්ගේ ආචාර්ය උපාධිය හෝ වෙනයම් උසස්වීමකට අදාල පර්යේෂන පත්‍රිකා පමණයි....

      Delete
  10. සිත් ඇදගන්න සුළු ලිපියක් අයියා.ඇත්තටම මේවා හුඟක් ප්‍රයෝජනවත් ක්රමනේ.ලංකාවට මේවා භාවිත කරන්න බැරිද?.

    ReplyDelete
    Replies
    1. මම හිතනවා මේ දැන් ටිකකට ඉස්සර දුන් කමෙන්ටුවේ ඒ පිළිතුර තිබේය කියා...

      Delete
  11. මාර ක්‍රම ටිකක්...
    ලංකාවටනං මේවා එන්න සෑහෙන කාලයක් යයි....
    බොහොම ස්තූතියි මේ වගේ දෙයක් අපිත් එක්ක බෙදාගත්තට දිනේෂ් අයියේ!!!!!!!

    ReplyDelete
  12. මේ කටු නැති ස්ටේප්ලරය නම් ලංකාවෙ කියනවා..
    හරිත ගොඩනැගිලි ගැන කතා කලාම මතක් වුනේ කොහුවල තියන ICC ගොඩනැගිලි ආයතනයේ ප්‍රධාන කාර්යාලය.ඒකත් මේ වගේ අපූරු අදහසකට අනුව තමා නිර්මාණය වෙලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හැකියාවක් ලැබුනොත් මා සේවය කරන ස්ථානයටත් අඩුම තරමෙන් මේ ආකාරයේ එක් ස්ටේප්ලරයක් වත් ඇනවුම් කර බලන්න ඕන...

      Delete
  13. හරි අපූරුයි දිනේශ්.. සමහර ඒවනම් මේකෙන්මයි දැක්කෙ.. මගෙ හිත් ගත්තෙ අර බයිසිකල් වැඩෙයි, නටන වැඩෙයි තමා.. ඒවා ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල්නෙ.. ඇත්තටම ඔය නයිට් ක්ලබ් ගානෙ ගිහින් බීලා නටන උන් එක රැයකට කොච්චර ශක්තියක් මුදා හරිනවා ඇත්ද.. ඒවා මෙහෙම ප්‍රයෝජනයට ගන්න හිතන එක හරි වටිනවා..

    අර කටු නැති ස්ටේපලර් එකක් නම් මාත් එක පාරක් දැක්කා.. කොල ටිකෙන්ම පොඉන් එකක් වගේ ඇබරිලා හිර කරලා අල්ල ගන්නවා.. හැබැයි ඒක ගැලෙව්වට පස්සෙ කොල ටිකේ ගනන් දෙයක් නෑ.. නැවත නැවත ස්ටේප්ලර් කරන්නනම් බෑ ඒ ක්‍රමේට.

    ෆෝන එක චාර්ජ් කරන ක්‍රමෙත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ මේ වගේ නිර්මාණ අපේ ‍රටට ආගන්තුක වුනත් වෙන රටවල බහුල ලෙස භාවිතා වෙනවා ඇති.

      Delete
  14. හරවත් ලිපියක්.ස්තුතියි අපි නොදන්න කරුණු ඔබ දන්නා කරුණු වලින් අපව දැනුවත් කළාට.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  15. 5. The objective is to arrange your passions as carefully as possible with your online
    promotion company. The race is becoming even more challenging
    with the passing of each day. The only thing that cannot be "fixed" later is
    your blog and post titles. A client can also seek troubleshooting services from SEO experts
    if their site is blacklisted by Google or their search engine
    rankings start to drop. Enough said. Pages
    and articles are very different, as far as Joomla is concerned.
    There are many tools online to help you research relevant keywords, such as the Google Adwords Keyword Tool.
    The businesses have understood the need to take SEO services for attaining good search engine
    placement. Over the years, web promotion has made a mark in the industry and has helped
    numerous entrepreneurs to build large business return through web.
    Those who work on introduced SEO power suite, they
    choose best SEO tools among various tools available in the market.
    The concepts make use of the current social networking sites,
    which are very popular among the online audience.
    Advertise by Selling Branded Products. Here you will need an SEO agency such as
    Webfirm to try and run damage limitation. These professionals follow ethical SEO
    strategy and effectively implement it that finally increases
    your website visibility. Here are some examples of
    things that were once good moves that can now get you into trouble.
    Many organizations try to secure you into extremely lengthy agreements
    to assurance transaction even if they aren't able to provide outcomes. When a person enters a keyword into the search box of a particular search engine such as Google, there will be scores of results showing out which are a result of a search engine algorithm devised by that particular search engine. Such companies know the best about industry and market trends. Addition and updation of fresh content always leads to arrival of increased traffic to your websites.

    Here is my weblog :: directvelo.com

    ReplyDelete
  16. එල සිරා ගින්දර පට්ට ආර්ටිකල් එක

    ReplyDelete
  17. එහෙම දේවල් තියෙන බව දැන ගත්තෙ මේ ලිපියෙන්.

    ReplyDelete
  18. අර ස්විච් එකේ පාට වෙනස් වෙනවා වෙනුවට බල්බ් එක පුපුරලා යන විදිහක් හැදුවා නම් විදුලිය එදා ඉදලා පිරිමහන්න ගනියි නේද? කොහොම වුනත් දිනේෂ් මේ අලුත් ම තොරතුරු අපට දෙන එකට නම් අනිවාර්යෙන්ම ස්තුති කරන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. Quality of Goods and services ඉහලින් බලන බටහිර සමාජයේ ඒ වගේ දරුණු අවසානයක් තම නිෂ්පාදනයෙන් බලාපොරොත්තුවෙන්න බැරි වුනත් අඩුම තරමින් කාල සීමාවෙන් සීමාවට විදුලි බුබුලේ ආලෝකය මන්දාලෝක වෙලා පැය අටකට පස්සේ විදුලි බුබුල ස්ව්‍යංක්‍රීයව අඩුම තරමින් පැය භාගයක් වත් ක්‍රියාවිරහිත වෙන්න වගේ හැදුවොත් හොදයි කියලා යෝජනා කරන්න පුළුවන්...

      Delete
  19. It's enormous that you are getting thoughts from this paragraph as well as from our dialogue made at this time.

    my web site; bar code printer

    ReplyDelete
  20. Why users still use to read news papers when in this technological globe everything is accessible on web?


    Feel free to surf to my blog post: cheapest vps

    ReplyDelete
  21. Hi there, I check your blogs like every week. Your writing style
    is witty, keep it up!

    Visit my site :: bacode rental

    ReplyDelete