Wednesday, November 14, 2012

විවෘත ආර්ථිකය පැමිණෙන්නට පෙර ලංකාව හෙවත් 70 දශකයේ ලංකාව

අදත් පින්තූර ටිකක් තමයි පෙන්නන්න වෙන්නේ. වැඩ අධික නිසා දීර්ඝ ලිපියකට අතගහන්න අදත් හැකියාවක් නැති නිසා. මොනවත්ම නැතුව තියෙන එකේ ඒකත් නරක නැහැනේ. මේ පින්තූර වලින් පෙන්වන්නේ 70 දශකයේ එහෙමත් නැත්නම් විවෘත ආර්ථිකය වැලද ගැනීමට පෙර ලංකාව දිස්වුන ආකාරයයි. හැබැයි මීට ප්‍රථ‍මයෙන් වෙබ් අඩවි එකක හෝ කිහිපයක මෙම පින්තූර තිබුනා විය යුතුයි. මෙම පින්තූර වලින් අපේ රට මීට දශක තුනකට පෙර තිබුන ආකාරය පිළිබදව යම් චිත්‍රයක් මවාවි. අදට වඩා සරළ බවක් එදා තිබුනා වගේම අදට වඩා නාගරිකකරණයේ අඩුබවකුත් පෙනෙන බව දැනේවි.

මේවා ගත්ත ඡායාරූපශිල්පිය පිළිබදව දන්නේ නැහැ. කොහොමවුනත් ඔහුට අපගේ ස්තූතිය හිමිවිය යුතුයි අද අපි දකින ලංකාවට වඩා වෙනස් පරිසරයක් ඇති ඉතාම පැහැදිලි හා වටිනා සේයාරූ එම දශකයේ අන්තිම හරියේ ඉපදුන අපිට හා මතුපරපුරට දැකගන්නට සැලැස්වීම පිළිබදව.



























මෙම පැරණි පින්තූර වල ප්‍රමාණය කිසිම පරිගණක මෘදුකාංගයකින් වෙනස් කිරීම නොකළ යුතුයයි සිතූ නිසා වෙනසක් කළේ නැහැ.අවශ්‍ය නම් මේවා මත click කරල නියම ප්‍රමාණයට විශාලනය වූ පින්තූර බලා ගත හැකියි...

22 comments:

  1. පුදුම තරම් වටිනවා. නාගරිකරණය ගොලියකරණය වැනි පුස් අල්ලනන්නට පෙර පැවති මේ ඡායාරෑප එකතුව. ලංකාවට ඇවිත් තියෙන්නේ මතුපිටින් පටවන ලද ගොලියකරණයකින් ගොඩනඟනන ලද දේ බව මේ පිංතුර පෙන්නනවා. මේවා එක්ක සංසන්දනය කරන්න වර්තමාන පිංතුර ටිකකුත් දැම්මා නම් අගෙයි.

    කොළඹ තාමත් ලස්සනයි... නමුත් අපට ඒ දේවල් පෙන්නැත්තේ විවෘත ආර්ථිකයේ මහිමය නිසායි. ඒවා විසින් වඩා දමා ඇති පදික මං මාවත් හා කඩ පෙලවල් නොවෙන්න අපි වෙනස් වෙලා තියෙන්නේ ටිකයි.

    මේ දේවල් මතක් කරනවාට ස්තුතියි දිනේෂ් අයියේ.

    ReplyDelete
  2. අර තැඹිලි කරත්තයක් නවත්තං ඉන්නේ ටවුන්හෝල් එකේ නේද...... පිස්සු හැදෙනවා.. හි හි..

    මේ ළඟදි දවසක් දෙල්කද පැත්තෙන් ජයවර්ධනපුර කැම්පස් එක පහු කරලා පොඩි පාරක ටික දුරක් ගියා... එක පාරටම අවුරුදු 30ක් විතර පස්සට ගියා වගේ දර්ශනයක් පෙනුනා.. වින්කලේක බසියිකලයක් හදන සීයා කෙනෙක් සහ කරුවල ගුහාවක් වගේ සිල්ලර කඩයක් තිබ්බා... කඩේ ඉස්සරහා ආච්චි කෙනෙක් නිකටට අත තියන් බලන් ඉන්නවා.. එළියෙන් කෙහෙල් කැනක් එක්ක ටිපි ටිප් පැකට් වගයක් එල්ලෙනවා...මට පොඩි කාලේ අපේ ගෙවල් ළඟ තිබ්බ කඩේ මතක් උනා..

    අපේ ගෙවල් පැත්තේ උනත් එක ටවුමේ එක පැත්තක් අලුත් වෙද්දි ( කඩවල් වීදුරු දාලා, ටයිල් කරලා, ඒසී කරලා, නියෝන් බෝඩ් දාලා ) තව පැත්තක් තාමත් පරණ විදියටම තියෙනවා...

    ReplyDelete
  3. වටිනා පින්තුර වගයක් සහෝ!

    ReplyDelete
  4. මරුනේ, නියමයි. අපි ඉතිං ආයෙ කවද ඔය විදියට දකින්නද. ඔය පහළින් තියෙන්න වගේ කඩමණ්ඩියක් දැන් ගම් පළාත්වලවත් නෑ, ඒවත් පුදුම විදියට නාගරීකරණය වෙල.

    ReplyDelete
  5. මේවා ඊ නිව්ස් එකේ මීට කලින් පලකරලා තිබුන එකක්.සඳරුවන්ට ලංකාවෙ සංචාරය කරපු විදේශිකයෙක් දුන්නා කියලයි දාල තිබුනෙ.මට මතක හැටියට හැට ගනන් වල අන්තිම කාලෙ මේ.

    ReplyDelete
  6. සුපිරිම පිංතූර ටිකක් මාර වටිනවා මේක.

    ReplyDelete
  7. තව අවුරුදු 20කින් විතර කොළඹ ෆොටෝස් බලන්කොට දැන් තියෙන තත්වෙත් සහමුලින් ම වෙනස් වෙලා තියෙයි.. අපිටත් යාන්තම් මතක ඔය අතීතය සිහි වුණා.. තාම හැබැයි ඔය විදියේ කඩමන්ඩි හොයා ගන්න පුළුවන් නේද ගොඩක් පැති වල..

    ReplyDelete
  8. ඒ කාලෙ පාරවල් ලස්සනට තියෙනව, අද වගේ ත්‍රීවීල් කටු නැති හින්ද.

    ReplyDelete
  9. ලස්සන පිංතූර ටිකක්. දැං උනත් නගරබද නැතුවට ගම්වල ඔය වගේ කඩමන්ඩි තියෙන්න පුලුවං.

    ReplyDelete
  10. ඡායාරූප මය වශෙයෙන් සැහෙන්න වටිනවා , මට නම් ඇති විශේෂ ලස්සනක් නැ . 70 දශකයේ සාමාන්‍ය තත්වයක් . ගෝටා ලොක්කගේ වැඩ ටිකෙන් පස්සෙ නම් ඔන්න කොළඹ ඇත්තටම ලස්සන වේගන එනවා .

    ReplyDelete
  11. එදයි අදයි කියල වැඩි වෙනසක් නැහැ වගේ.........

    ReplyDelete
  12. මාස කීපයකට ඉස්සෙල්ල මේ පින්තූර ටික ලංකා ඊ නිව්ස් හි තිබුන මතකයි.බොහොවිට 60 දශකයේ අග භාගයේ ගනිපු ඒවා වියයුතුයි.
    ලංකාවට වර්ණ පින්තූර එන්න කලින් මේ විදේශිකයා ගත්ත පිංතූර
    ටික තවම කිසි වෙනසක් නැතිව ලස්සනට තියෙනවනෙ.

    ඒ ශාන්ත සුන්දර අතීතය කොපමණ මිහිරිද,ඒ කාලය අතින් අල්ලා
    ලංකර ගන්නට තරම් ආසයි.

    ReplyDelete
  13. පින්තුර ටික නම් හරි වටිනවා . මේ පින්තුර වල තියෙන දේවල් නම් අදත් ලොකු වෙනසක් නැහැ . ටවුන් හෝල් එක ළඟ තාම ඔහොම තමයි.සිංගප්පුරු ගුවන් යානා නම් බොහෝ විට පාලමට ගහනව .තායි නම් මහ රෑට බස් වලින් අරන් එන්නේ ගොඩක් වෙලාවට . සැහෙන්න සැපයි යක්කු ගස් යන වෙලාවට .කොටින්ම බැංකොක් වලින් නග්ගද්දීත් කොනකම ගේට්ටුවකින් බස් වලටත් දාලා හෙන දුකක් .ඒ හින්දා ළමයි අරන් තනියම එද්දී හොඳම නැහැ .

    රථ වාහන පොලිසියේ අස්සයෝ ටික තවම ඉන්නවද . මට මතකයි පොඩි කාලේ කොටුවේ උන් හිටියා .

    නියම වෙනස් කම් තමයි ඔරුවල වානේ , පොහොර කම්හල , ටයර් සංස්ථාව වගේ ඒවා දාන්න තිබ්බ නම් .

    70 පසුව ලොකු වෙනසක් වුනානේ


    වෙනස් වුන දේවල් ගැන ලිපියක් ලියමුද දිනේෂ් .

    ReplyDelete
    Replies
    1. අස්සයෝ පිට ඉඳන් යෝර්ක් වීදියේ කහ ඉර ගාව තවම ඉන්නවා ට්‍රැෆික් රාළහාමිලා. ළඟදී ටී.වී. ප්‍රෝග්‍රෑම් එකකුත් ගියා මේ ගැන. සංචාරකයෝ මාර විදියට ෆොටෝ ගන්නවා ඒ අයව.

      Delete
  14. මේ සමහර පින්තූර ගොඩක් වටිනව තමයි. ඒත් වර්ණ ඡායාරූප නිසා මං හිතන්නෙ එක්කො 70 දශකයේ අග භාගයේ හෝ ඊටත් පසුව විය හැකියි.

    ReplyDelete
  15. පින්තූර ටික දැක්කහමනම් පිස්සු හැදෙනවා. බොහොම ස්තූතියි

    ReplyDelete
  16. ඉස්සර කොළඹ කොච්චර පිරිසිදු ද //පේන හැටියට

    ReplyDelete
  17. මම 1977-78 කාලෙදී 6 ශ්‍රී 7 ශ්‍රී කාර් දැකල තියෙනවා. ඒ වෙද්දී තිබුනේ පර්ජෝ 304 වාහන තමයි වැඩිපුරම. කොරොල්ලා කාර් තිබුනා වගේ මතකයි.

    ReplyDelete
  18. 70 වෙදි මම නම් හයේ පන්තියෙ තරම.(වයස ගනන් බලන්න එපා) ඒ නිසා විවුර්ත ආර්තිකයෙ වෙනස හා ආනිසන්ස මම හොන්දට දැකල තියෙනවා. ඒවා වින්දින්න බැරි වුන ඔයාල ගැන දුක හිතෙනව.විවුර්ත ආර්තිකය ලන්කාව උඩුයටිකුරු කෙරුවා.

    ReplyDelete
  19. 70 දශකයේ මේ ඡායාරූප වල නියම හිමිකරුවා කවුද කියලා දීර්ඝ පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදියට අවසානයේ මවිසින් සොයාගත්තා...පහත ලින්කුවෙන් ඒ ගැන කියවලා බලන්න.
    http://siragekamare.blogspot.com.au/2014/03/70.html

    ReplyDelete